31 March 2017

ලෝකයේ විශාලතම බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි



ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර තිබේ.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් (Tung-Lai Margue) මහතා පසුගිය දා (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසීය.

ඔහු කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකෙසෙමින් පවතින බවයි.

මීට අමතරව ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

2014 වසරේ සිට 2020 දක්වා වන කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් යුරෝපා ආයෝජන බැංකුව මගින් යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව අවධාරණය කළ තානාපතිවරයා පෙන්වා දුන්නේ ඊට අමතරව නව ආයෝජන අවස්ථා ලබා දීමට ද අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.

යුරෝපා ආයෝජන බැංකුවේ නව උපසභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් (Andrew McDowell) මහතා ඇතුළු දූත පිරිස දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමන් ඊට අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කළ අතර ඊයේ පස්වරුවේ ඔවුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුණ ගැසිණි.

මුදල් අමාත්‍යාංශයේ පැවැති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ පරිසරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සහ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘති සඳහා සිය වැඩි දායකත්වය ලබා දෙන බවයි.

මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ යුරෝපා ආයෝජන බැංකුව මෙරට සංවර්ධන කටයුතු සඳහා සහය දැක් වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව ලත් සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. එසේ ම යුරෝපයට පමණක් සීමා නොවූ මෙවැනි මූල්‍ය ආයතන
ශ්‍රී ලංකාව වැනි රටක් සමඟ අත්වැල් බැඳ ගැනීම මෙරට අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න මාස 06 ක් ගවයින්ගේ ලේ බොන මිනිස්සු | PHOTO



ලොකු බඩක් තියන මහත ශරීරයකට අපි කවුරුත් කැමති නෑනේ. හැබැයි මේ කියන්න යන්නේ ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති ගෝත්‍රිකයන් පිරිසක් ගැන.

ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක තමයි මේ අය ජීවත් වෙන්නේ. මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.

ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ. මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.

මාස 6 යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා. මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.
3EBB91F400000578-4360060-image-m-32_1490785728362 3EBB92A800000578-4360060-image-a-15_1490785471337 3EBB92C400000578-4360060-image-m-9_1490785256910 3EBB92D500000578-4360060-image-a-20_1490785541718 3EBB92F800000578-4360060-image-a-27_1490785625858 3EBB94C500000578-4360060-image-a-17_1490785490390 3EBB921B00000578-4360060-image-a-10_1490785270127 3EBB923200000578-4360060-image-a-13_1490785393405 3EBB924900000578-4360060-image-a-6_1490785222556 3EBB929000000578-4360060-image-m-26_1490785615813 3EBB935200000578-4360060-image-a-19_1490785505236

ලියාපදිංචි උනොත් විතරයි අපි වගකියන්නේ


රැකියා සදහා විදෙස් ගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගන්නේ නම් රජය එම ශ්‍රමිකයින් පිළිබදව සියලූ වගකීම් දරන බව එම කාර්යාංශය පවසනවා.

එසේ නොමැතිව අදාළ රටවලදී පීඩාවන් සිදුවුවහොත් ඊට මැදිහත් වීමක් කළ නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

පසුගිය දිනවල විදෙස් රටවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවන් රැසක් කාර්යාංශයේ ලියාපදිංචි නොවුණු අය බවටයි වාර්තා වන්නේ.

සිංගිමලේ උමඟ ඇතුළේ කරපු මහා ජාවාරමක් හෙළිවූ හැටි



හැටන් සිංගිමලේ දුම්රිය උමඟ තුළ ඇති වැහිළිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සුදානම් කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) රාත්‍රී හැටන් පොලිසිය කළ විශේෂ සෝදිසියකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දීර්ඝ කාලයක සිට එම උමං මාර්ගය තුල වැහි ළිහිණි කූඩු කඩා අලෙවි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එම කූඩුවල තිබු බිත්තර සහ කුඩා පැටවුන් දුම්රිය මාර්ගයට දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තිරසර ලංකා ජාතික මංගල්‍යය අද කොලඹදී ඇරඹෙයි


 වස විස නැති රටක් තුන් අවුරුදු සැළැස්මට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය අද කොලඹදී ආරම්භ වනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී .

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජය නොවන සංවිධාන, සමූපකාර සමිති, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සිසුන්, ගොවිජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පුද්ගලයන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එසේම මෙම පස්දින වැඩසටහන තුළදී විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර තිඛෙනවා.

ඊට අමතරව මෙහිදී වස විස නැති ගොවිතැන දිරිමත් කිරීමේ අරමුණින් වස විස නැති ගොවිතැනේ අස්වැන්න සහන මිලට පාර්භෝගික ජනතාවට අලෙවි කිරීමේ පොලක් පැවැත්වෙන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අඛේගුණවර්ධන මහතා සදහන් කළා. එසේම වස විස නැති ගොවිතැනට අත හිත දීම සදහා කෘෂිකාර්මික උපකරණ සහ බෝග ප්‍රදර්ශනයක් මෙන්ම අලෙවිසැල්ද මෙහිදී විවෘත වන බවයි ඒ මහතා කියා සිටියේ.

සුදු ඇඳුමට ආයුබෝවන්



පාසල් සිසුන්ට සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පෙරේදා (29දා) කොළඹදී පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සිසුන් තුළ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමට මෙම පියවර ගන්නා බවයි.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,

''ලෝකයේ සුදු ඇඳුම්'' පමණක් අඳින පාසල් තියෙන්නෙ ලංකාවෙ විතරයි. මේ පිළිබඳවත් අලුතින් හිතල වෙනස්කම් කරන්න ඕන. පාට 04ක් හෝ  05ක් හඳුන්වාදීලා පාසල්වලට තමන් කැමති වර්ණයෙන් යුතු ඇඳුම් තෝරාගැනීමේ සැලසුම් සකස් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා විශේෂ කණ්ඩායම් මගින් නිර්දේශ ලබාගන්නවා. මේකට හේතුව තමයි සුදු ඇඳුම් ඉක්මනට කිළිටි වෙන නිසා ළමයි  ක්‍රීඩාවට පවා යන්න කැමති වෙන්නේ නෑ. ළමයි ඒ ඇඳුම් ඉතාම පිරිසුදු මට්ටමින් තියාගන්න බලනවා. මේවා පාට වෙනස් කිරීම පොඩි දෙයක් වුණාට මෙමගින් පවා ක්‍රීඩාවට උත්තේජනයක් ලැබෙන බවයි අපි විශ්වාස කරන්නේ. වෙනස් කරන්න ඕන දේවල් කාලානුරූපීව හිතල වෙනස් කරන්න ඕන'' යනුවෙන් පැවසීය.

තාජුඩීන් ඝාතනය දා මහින්ගේ ආරක්ෂක සේනාංකයේ ලේඛන ඉවත් කරලා



රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළ දින හා ආසන්න දින කීපයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂක සේනාංකය මගින් පවත්වාගෙන ගිය දෛනික ආරක්‌ෂක රාජකාරී සටහන් ලේඛනයේ කොළ කඩා හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අනාවරණවී තිඛෙනවා.

ඒ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.

එම ලේඛනය භාරව ක්‍රියා කළ යුද හමුදා නිලධාරීන් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‌ෂක සේනාංකය මගින් දෛනික ආරක්‌ෂක රාජකාරි සටහන් පවත්වා ගෙන ගිය අදාළ ප්‍රශ්න ගත ලේඛනයේ වර්ෂ 2012 මැයි 10 දා සිට එම 22 දා දක්‌වා සටහන් යොදා තිබූ කොළ කඩා හෝ කපා ඉවත් කර එහි පිටතට නොපෙනෙන ලෙස විනිවිද පෙනෙන සෙලෝටේප් පටියක්‌ දිග් අතට අලවා එහි දෙපස තිබෙන කොළ දෙක එකට අලවා තිබීම සැකයට භාජන වන කරුණක්‌ වන බැවින් එම ලේඛනය බාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවසුවා.
පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හිටපු ජනාධිපති ආරක්‌ෂක සේනාංකයට අනුයුක්‌තව සිටි යුද හමුදා නිලධාරීන්ගෙන් හා සෙසු නිලධාරීන්ගෙන් ලබා ගත් ප්‍රකාශයන්ගෙන් අනාවරණය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කරනු පිණිස තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද මෙම කාල වකවානුව තුළ ලේඛනයේ සඳහන් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරී පිළිබඳව විමසා යුද හමුදාව සහ නාවික හමුදාව මගින් මගින් වාර්තා කැඳවා ඇති බවද පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක්‌ ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද දන්වා සිටියා.
ඝාතනයට ලක්‌වූ තාජුඩීන් අවසන් වරට ගමන් ගත් මෝටර් රථය ලුහුබැඳ පැමිණි පුද්ගලයා අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් දන්වා තිඛෙනවා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර අනුර සේනානායක ලබන 05 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.

ඇමෙරිකානු ජනපතිවරණයේදී රුසියානු අතපෙවීමක් සිදුවීද?



පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාවලිය වෙත අතපෙවීමට රුසියාව උත්සාහ කර ඇති බව සෙනට් මණ්ඩල සභිකයෙකු පවසයි.

එම මැතිවරණය කෙරෙහි රුසියානු බලපෑමක් වීද යන්න පිළිබඳව බ්‍රහස්පතින්දා විවෘත වූ ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ බුද්ධි කමිටු සාමාජිකයෙකු මෙම අනාවරණය කළේය.

මේ අතර, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන්ද එලැඹෙන සතියේදී මෙම කමිටුව ඉදිරියේ සාක්ෂි සැපයීමට නියමිතව තිබේ.

හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට හානි කරමින්, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීමට රුසියාව උත්සාහ කළ බව මීට පෙර ඇමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කළේය.

කෙසේ වෙතත්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව, යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් මහතා විසින් ඊයේ (30දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

ඒ 2009 වසරේ අවසන් යුද සමයේදී එලිලන් ඇතුළු 12 දෙනෙකු පිරිස 58 වැනි සේනාංකය හරහා ආරක්ෂක හමුදාවට බාර වූ බවත් නමුත් එම පිරිස අතුරුදන්ව ඇතිබව කියමින් එලිලන්ගේ බිරිඳ වූ වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිදරන් මහත්මිය විසින් මුලතිව් අධිකරණයේදී ගොනුකර තිබූ හබයාස්කෝපුස් නඩු වාරයේදී ඇය විසින් මෙම ඉල්ලීම කර සිටියාය.

මෙම නඩු වාරය වෙනුවෙන් පෙනී සිටි 58වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා මුලතිව් අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ යුද සමයේදී එලෙස කියන අයුරින් යුද හමුදාව වෙත බාරවූවන් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත්, අවසන් යුද සමයේදී 58වැනි සේනාංකය භාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවත්ය.

අනතුරුව ආනන්දි ශෂිධරන්ගේ නීතිඥ පාර්ශ්වයෙන් අදාළ එවකට සිටි සේනංකාධිපති වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවිය යුතු යැයි අධිකරණයෙන් ඉල්ලීමක් කොට සිටියේය.

පසුව අදාළ ඉල්ලීමට  බහුතර විරෝධයක් මතුවූ හෙයින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙසේ බහුතර විරෝධයක් එල්ල වන හෙයින් තමාට ශවේන්ද්‍ර සිල්වා මහතාට නොතීසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ එළඹෙන නඩු විභාගයේදී තීරණය කිරීමට පියවර ගන්නා බවටයි.

ඒ අනුව අදාළ නඩුව අප්‍රේල් 27වැනිදා දක්වා කල්තැබීමටදමහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැම්සුන්ග් නවතම දුරකතනය වෙළඳපොළට


 සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ නවතම ඡංගම දුරකතනය වන සැම්සුන්ග් ගැලැක්සි එස් 8 හා එස් 8 ප්ලස් අප්‍රේල් 28දා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. එස් 8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර එස් 8 ප්ලස් හි තරය අඟල් 6.2කි.

දුරකතන දෙකේම තිරය එච්.ඩී. තාක්ෂණයෙන් නිපදවා තිබේ. පසුපස කැමරාව මෙගා පිස්කල් 12කින් යුක්ත වන අතර ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8කි.

ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් මෙය නිරමාණය කර තිබේ. අභ්‍යන්තර මතක ධාරිතාව ගෙගා බයිට් 64කි. එය ගෙගා බයිට් 256ක් දක්වා වර්ධනය කර ගැනීමට අවස්ථාව තිබේ.
 මීට අමතරව තවත් සුවිශේෂී පහසුකම්වලින් දුරකතනය සමන්විත වෙයි.

රිවිර කතෘට පහරදීමේ සිද්ධියට හමුදා මේජර් රිමාන්ඩ්



රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත මහතා ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද(31) නියෝග කළේය.

මේජර් බුලත්වත්ත මහතා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට පළමු සැකකරු බවත් ඔහු මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

කණ්ඩායමේ සැලැස්මක් නැතුව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න බෑ – කුමාර් සංගක්කාර



ක‍්‍රිකට් යනු ඕනෑම එකොළොස් දෙනෙකුට ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාවක් නොවන බව හිටපු ක‍්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු සඳහන් කළේ තරගයක් ජය ගැනීමට නම් හොඳම ක‍්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව ක‍්‍රීඩා කළ යුතු බවයි.

වත්මන් කණ්ඩායමේ පසුබෑමට ද මෙය හේතුවක් විය හැකි බවටයි කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත්තේ.

වත්මන් දේශීය ක‍්‍රිකට් සැකැස්ම අනුව දක්ෂයන් තෝරා ගැනීම අපහසු බවත්, එම සැකැස්ම නිවරැදි විය යුතු බවත් ඔහු පවසනවා.

තරග පරාජය ක‍්‍රීඩා ලෝලීන් කණ්ඩායමෙන් ඈත් කිරීමට ප‍්‍රබල සාධකයක්.

දක්ෂතාව අතින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරියෙන් සිටිය ද ඔවුන් තරගවල දී දක්ෂතා දක්වන ආකාරය අනුව ජය පරාජය තීරණය වන බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

ඊයේ පැවති උත්සවයක දී ක‍්‍රීඩා ලෝලියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර මෙම අදහස් පල කළා.

30 March 2017

අසබ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ | PHOTO



 ඉන්දියානු රජ විසින් නිල් චිත්‍රපට ඇතුලත් වෙබ් අඩවි 857 ක් තහනම් කිරීමට හා ඒවා block කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහෙත් තවමත් proxy ආධාරයෙන් මේ වා තුලට යාමට  හැකියාව ඇති බවත් ඉදිරියේදී ඒවා සඳහාද ක්‍රියාමාර්ග ගන්නා බවත්.ඉන්දියානු සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක NN කාවුල් පවසනවා.






ඇෆ්ගනිස්ථාන - බ. ඉන්දීය කොදෙව් පළමු වරට ගැටෙයි

 
 
ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප්‍රථම වරට එක්දින සහ පන්දු වාර 20යි 20 තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම තරඟාවලිය ලබන ජුනි පළමු සතියේ ආරම්භ කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව දෙරට අතර පන්දු වාර 20යි 20 තරඟ තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.

හැරීගේ තාත්තා චාල්ස් නෙමෙයි : එංගලන්තය කැළඹෙයි



හොලිවුඩ් සුරූපී නිළි මෙගාන් මාක්ල් ගේ අත ගන්නට සැරසෙන්නේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු බව දැන් රහසක් නොවෙයි. පසුගිය සතියේ හැරී කුමරු සහ මෙගාන්, ජැමෙයිකාවට පිටත්ව ගියා. ඒ, ඔවුන් දෙදෙනාගේ මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීමටයි.

මේ අතරතුර බ්‍රිතාන්‍ය පුවත්පත් කිහිපයක් හැරී කුමරු වෙත පමණක් දැඩි අවධානයක් යොමුකර තිබුණා. දශක කිහිපයක් තිස්සේ යටපත් වෙමින් නැවතත් මතුවෙමින් තිබෙන එක්තරා අසම්මත පුවතක් යළි සිහිපත් කරමිනුයි ඔවුන් මේ අවධානය එල්ල කළේ.

හැරීගේ සැබෑ පියා පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තමයි ඔවුන් මතු කළේ. කවුරුත් දන්නේ හැරීගේ පියා චාර්ල්ස් කුමරුන් බවයි. නමුත් චාර්ල්ස් සහ ඩයනා යුග දිවිය ගත කළ මුල් කාලයේදී අඬදබර හටගත් බවත්, එම කාලයේදී ඩයනා සහ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරියකු වන ජේම්ස් හෙවිට් අතර සබඳකමක් පැවතුණු බවත් මේ පුවත්පත්වලින් ප්‍රකාශ කෙරුණා.

මේ ගැන අදහස් දක්වන ජේම්ස් හෙවිට් පවසන්නේ මෙවැනි ආරංචි ගොතමින් පුවත්පත් උත්සාහ කරන්නේ තම පුවත්පත්වල අලෙවිය වැඩි කර ගැනීමට බවයි. මෙවැනි අසත්‍ය පුවත් නිසා වඩාත් පීඩාවට පත්වන්නේ අහිංසක හැරී බවත් ඔහු පවසනවා. මෙගාන් මාක්ල් නම් මේ ආරංචියට කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉස්කෝලේ Staff Room එකේ කම් සැප විඳි ගුරුවරිය මාට්ටු | VIDEO


 පහුගිය කාලය තුළ පාසල් සම්බන්ධයෙන් අපේ රටේ විවිධ සිද්ධීන් අසන්නට දකින්නට ලැබුණි. ඊට ආසන්නම සිද්ධියක් වූ මහනාම විද්‍යාලයේ සිසුන් යසෝදරා විද්‍යාලයට  පැන නටපු නාඩගම තවමත් සමාජයේ කතා බහට ලක්වෙමින් තිබේ.

දැන් මේ කියන්න යන්නෙත් පාසලක සිදුවූයේ යැයි කියන සිද්ධියකි. කෙසේ නමුත් එය අපේ රටේ සිදුවූවක් නොවන අතර අපේ අල්ලපු රටේ සිදුවූවකි.

ඉන්දියාවේ ප්‍රසිද්ධ පාසලක සිදුවූ අශිලාචාර සිද්ධියක් හේතුවෙන් දෙමාපියන් මෙම පාසලට සිසුන් එවන ඒකත් නතර කර ඇති බව වාර්තා වේ. ඕනෑම පාසලක ගුරුවරුන්ට ඉහළ ගරුත්වයක් තිබෙන අතර මෙම කියන පාසලේ ගුරුවරියක් ඒ ගරුත්වය විනාශ කරගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ පාසලේ අධ්‍යක්ෂක සමඟ පාසල තුළ කම් සැප විදීම නිසාවෙනි.

පාසලේ staff room එකට වෙලා මේ ගුරුවරිය සහ අධ්‍යක්ෂක කරපු වැඩේ CCTV කැමරාවේ සටහන් වෙලා. මේ දෙන්නට මෙතැන කැමරාවක් තියෙනවා කියලා මතක් වෙලා තියෙන්නෙත් පස්සේ.

කොහොමහරි දැන් මේ දෙන්නාගේම වැඩ තහනම් කරලා. පාසලත් වැහෙන තත්ත්වයට පත්ව තිබෙන බවත් සඳහන්.


ඇමති මාසික වැටුප මහපොළ ශිෂ්‍යත්වයට බැරකළ ඇමතිවරයා කවුද ? | VIDEO



ඇමතිවරයෙක් වශයෙන් ලැබූ වැටුප මාසිකව භාරකාර අරමුදලට බැර කරමින් ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කල බව ලලිත් ඇතුලත්මුදලි ගරු අමාත්‍යතුමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් ශමිලා පෙරේරා මහත්මිය පවසනවා.

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් එතුමිය මහපොළ ශිෂ්‍යත්වය වැඩසටහන පිළිබඳව ප්‍රකාශ කලා.

තමාගේ නම කිසිම අවස්ථාවක නාමකරණයන් සඳහා යොදාගැනීමට අකමැති වූවාසේම පවුලේ උදවියට නිලතල ලබාදීමට දැඩිසේ විරුද්ධ වූ ඇතුලත්මුදලි අමාත්‍යවරයා මහපොළ ශිෂ්‍යත්වය ගොඩනැගුවේ කිසිදු දේශපාලනඥකුට දේශපාලනික උවමනාවන් මත වෙනස් කිරීමට නොහැකි වන පරිදිය.එය ස්වාධින ක්‍රියාවලියක් ලෙස නිර්මාණය කිරීමට ඔහු කටයුතු කළේය.

එය අදටත් එසේමය තමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කල මෙම උදාරතර වැඩපිළිවෙල තුලින් රටේ බොහෝ සිසු පිරිසකට උස්ස අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුල්‍යම උපකාරය ඇතුලත්මුදලි අමාත්‍යතුමාගේ සංකල්පයෙන් අරම්භාවිය. අද බිහි වී සිටින අවස්ථාවාදී දේශපාලනඥයින්ට ඇතුලත්මුදලි මැතිතුමාගේ උදාරතර සංකල්පයන් තුලින් ශ්‍රේෂ්ඨ දේශපාලනඥයා කවරෙක්ද යන්න මැනවින් හදුනාගත හැකිය.

අධිවේගී බුගාටි රථයෙන් ඩුබායි පොලිසිය ගිනස් පොතට යයි | PHOTO


නවතම අධිවේගී බුගාටි රථයක් ඩුබායි පොලීසිය සතු කර ගැනීමට සමත් වී ඇත.මේ රථයට පැයට කිලෝ මීටර් 407 ක වේගයකින් ධාවනය කළ හැකි අතර අශ්වබල 1000කින් සමන්විත වනවා.

ඩුබායි සංචාරක පොලිස් බළඇණිය මෙම බුගාටි වේරෝන් රථය  ඔවුන් සතු කර ගැනීමත් සමඟ ගිනස් වාර්තා පොතට ඇතුළත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට ඩුබායි පොලිසිය විසින් ලම්බෝගිනි, BMW i8, නිසාන් GTR වැනි අධිවේගී රථ භාවිතා කරනු ලබනවා.












අවුරුදු මාසයේ ආපනශාලා, හෝටල් සහ කඩ පරික්ෂා කරන්න : ඇමති රාජිත



සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් / හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අලුත් අවුරුදු සමයේ ජනතාවට ගුණාත්මක සහ පිරිසිදු ආහාර ලබාදීම මෙහි අරමුණයි.

මෙම වැඩපිළිවෙලේදී පිටකොටුව ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවල ඇති තොග ගබඩා පරීක්ෂා කිරීමට නියමිත අතර දුර ගමන් බස් නැවතුම්පොළ ආපන ශාලා ද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මැයි මස 2 වනදා සිට වෙසක් සහ පොසොන් උත්සව සමය වෙනුවෙන් ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කරන ලෙසට ද අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ආහාර සුරක්ෂිතතා සතියේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරණ ස්ථාන වසා දැමීමටයි තීරණය වී ඇත්තේ.

විශේෂයෙන් දුම්වැටි / අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වැටලීම් අඛණ්ඩව සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහිදී කියාසිටියේ දිවයින පුරා දුම්වැටිවලින් තොර නගර 27 ක් ක්‍රියාත්මක කරන බවයි.

සුමාත්‍රා දිවයිනේ සිටි අත්භූත කුඩා මිනිසා කවුද? ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න | VIDEO



වනගත ප්‍රදේශයක ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් පිරිසකට කුඩා ප්‍රමාණයේ මිනිසෙකු හමුවී තිබෙනවා.

ඒ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ බන්ඩා ආචේ ප්‍රදේශයේදීයි.

යතුරුපැදි දුටු විගස ඔහු වනාන්තරය තුලට දිවගොස් සැඟවෙන බවයි වීඩියෝ දර්ශනවලින් දැක්වෙන්නේ.

ඔහුගේ අතේ හෙල්ලයක් වැනි යමක්ද තිබෙන අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහු පුරාවෘත්තවල සඳහන් වන පරිදි කැලෑවන්වල ජීවත්වූ දුර්ලභ මිනිස් විශේෂයක් වන්නට ඇති බවයි.

යතුරුපැදිකරුවන් මෙම පුද්ගලයා පසුපස හඹා යනමුත් ඔහුව අල්ලාගන්නට නොහැකි වන අතර කැමරාවේ සටහන් වූ වීඩියෝව ඔවුන් මෙලෙස අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.


ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකුණන්න යන බවට කලාකරුවන්ගෙන් චෝදනා



ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකිණීමේ උත්සහායක නිරත වී සිටින බව සමාජවාදී කලා සංගමයේ කලාකරුවෝ පවසති.

ජෝන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන දහසක මුදලක් නැති බව පවසමින් මෙලෙස රඟහල විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

ජනාධිපතිධුරයට පත්වූ විගස ජෝන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුවද මේ වනවිට ආණ්ඩුව රඟහල විකිණීමට සූදානම් වන කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රවීණ රංගනශිල්පී දීපානි සිල්වා මහත්මිය කියයි.

නෙළුම් පොකුණ රඟහලේ නාට්‍ය දර්ශනය කිරීමේ වියදම නාට්‍යකරුවන්ට දැරිය නොහැකි බවත් වසර හතරක තිස්සේ එල්ෆින්ස්ටන් රඟහලා වසා දමා ඇති බවත් නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා පවසයි.

මේ අතර ලුම්බිණි රංග ශාලාවේද අවශ්‍ය පහසුකම් නොමැති බව වාර්තා වේ.

කුමාර් ගුණරත්නම්ට රජයෙන් සහනයක්


පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසිකර ගැනීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්‌කෘතික කටයුතු ඇමැති එස්‌. බී. නාවින්න මහතා පවසයි.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට නම් කුමාර් ගුණරත්නම් මහතා අනිවාර්යයෙන්ම ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය නීත්‍යනුකූලව අහෝසිකරගෙන ඒ බව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දිය යුතුයි. ඉන් අනතුරුවයි කුමාර් ගුණරත්නම් මහතාට පුරවැසිභාවය ලබාදීමට හැකි වන්නේ. නමුත් ගුණරත්නම් මහතා මේ වනතුරුත් තම ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසි කරගෙන නැහැ.

එම නිසා තමාට පැවරී ඇති බලතල අනුව කුමාර් ගුණරත්නම් මහතාට ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය අහෝසිකර ගැනීමට කාලය ලබාදෙන බවද ඇමැතිවරයා පැවැසීය.

අමුතු පරිගණක වෛරසයක් එයි


 ඊමේල් හරහා පරිගණක තුළට වෛරසයක් ඇතුලුවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මාධ්‍යට පවසා සිටියේ එම වෛරසය මගින් පරිගණකයේ පවතින සියලු දත්ත මැකී යාමේ අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් ඊ මේල් හරහා ලැබෙන පණිවුඩ විවෘත කිරීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

නිල් බලකායට මිලියන ගණනක් ගෙව්වේ කොහොමද – නාමල්ගෙන් ප්‍රශ්ණ කරයි



ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන ගණනක මුදලක්‌ ගෙවූ ආකාරය පිළිබඳ කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා බරපතළ වංචා විමර්ශන සඳහා පත්කළ ජනාධිපති කොමිසම වෙත හෙට (31) කැඳවා ඇත.

නිල් බළකායේ තරුණ තරුණියන්ට සහ වෘත්තිකයන් පිරිසකට පුහුණුවීම් ලබාදීම සඳහා මෙම මුදල ගෙවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසම හමුවට හෙට පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස නාමල් රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.

2014 වසරේ නිල් බළකායට සම්බන්ධ වී සිටි තරුණ තරුණියන් සහ නීතිඥවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් 1000 කට ආසන්න පිරිසකට ජාතික තරුණ සේවා සභාවේ විවිධ පුහුණුවීම් ලබා දී තිබේ.

ඒ සඳහා නිල් බළකාය විසින් රුපියල් මිලියන ගණනක මුදලක්‌ ජාතික තරුණ සේවා සභාවට ගෙවා ඇති අතර, එම මුදල් ගෙවූ ආකාරය හෙළි කර ගැනීමට නාමල් රාජපක්‍ෂ මහතාගෙන් සහ ඊට සම්බන්ධ තවත් පිරිසකගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.

29 March 2017

රුපියල තවත් බාල්දු වෙයි



2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කළේය.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 3.2 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 2.8 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 5.5 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.9 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 6.1 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 4.8 කින් ද අවප්‍රමාණය විය.

රජනිකාන්ත්ගෙන් දමිල ජනතාවට ලිපියක්



සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමෙන් පසුව තමින්නාඩු සුපිරි නළු රජනිකාන්ත් ශ්‍රී ලංක දමිල ජනතාව වෙනුවෙන් කෙටි ලිපියක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ නිවැරදි වේලාවක තමා හා ශ්‍රී ලංකා දමිල ජනතාව අතර හමුව සිදුවෙනු ඇති බවයි.

“ මා කෙරෙහි ඔබ දැක්වූ ආදරය මාධ්‍ය හරහා මට දැනගන්න ලැබුණා. ඔබගේ ආදරයට ස්තුති කරන්න මට වචන නෑ.හොඳ දේවල් සිදු වේවි. වේලාව හොඳ වුණාම වේලාව හොඳ වුණාම අපේ හමුව සිදුවේවි. මම ඔබගේ ශුභ සාධනය දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා ”

රජනිකානත් එළැඹෙන 9 දා හා 10 දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණත් තමින්නාඩු දේශපාලඥයින් එයට විරුද්ධ වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට ඔහු කටයුතු කරනු ලැබීය.

මෙලනියා ට්‍රම්ප් අතින් සන්ධ්‍යාට සම්මානයක් | PHOTO



ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමනු  ලබන ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න කාන්තාවට හිමි සම්මානයක් අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හිමිවීමට නියමිතය.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් තෝමස් ඒ ෂැනොනන් මහතා අතින් සන්ධ්‍යා මහත්මියට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.

මෙවර ලෝකය පුරා තෝරාගත් රටවල කාන්තාවන් 13 දෙනෙකු වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමීමට නියමිත අතර, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය , සාමය හා ලිංගික සමානාත්මතාව වෙනුවෙන් කාන්තාවන් කළ සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනැමේ.

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් මෙන්ම අතුරුදන්වූ සිය සැමියා වෙනුවෙන් පෙනීසිටිමින් ඇය කළ මෙහෙය ඇගයීමට සන්ධ්‍යා මහත්මියට මෙම සම්මානය ලබාදීමට නියමිතය.

2007 වසරේදී මෙම සම්මානය පළමු වරට හඳුන්වාදුන් අතර, මේ වනවිට රටවල් 60කට ආසන්න ප්‍රමාණයක කාන්තාවන් 100ක් පමණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ජැන්සිලා මජීඩ් පළමු වරට මෙම සම්මානයෙන් පිදුම් ලැබුවාය. 





(අමෙරිකා වේලාවෙන් අද (29දා) පෙ.ව. 11.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පමණ) සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මෙම සම්මානය හිමිවීමට නියමිතය.)