31 May 2017

මහින්ද හා විරසකවූ හැටි ෆොන්සේකා හෙළිකරයි



මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ යුධ හමුදාපතිවරයා වශයෙන් සේවය කළ සමය හා ඔහු සමග විරසකවීමට හේතුව සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අනාවරණයක් සිදුකර තිඛෙනවා. මේ එම සම්පූර්ණ අනාවරණයයි.

දේශපාලනය පැත්තෙන් කතා කරන්නෙ ඇමැතිතුමා කියලා. සාමාන්‍ය රජයේ සේවකයෝ ෆීල්ඞ් මාර්ෂල්තුමා කියනවා. ඒ වචන දෙකෙන් තමයි දැන් මාව ආමන්ත්‍රණය කරන්නෙ. ඒ දෙකෙන් කොයි ආකාරයෙන් ඇමතුවත් මට ප්‍රශ්නයක් නැහැ.

■  ඔබතුමා අවුරුදු තිහක යුද්ධය දිනුවෙ කොහොමද?

එල්ටීටීඊය පටන් ගත්තු දවසේ ඉඳලම අපි හමුදාවෙ හිටියා. එයාලගෙ සටන් ක්‍රම,හැසිරීම, කරපු කියපු දේවල් වගේම ඒ කාලය පුරාම යුද හමුදාවේ තිබුණු දුර්වලකම් පිළිබඳව අවබෝධයක් තිබුණා. ඊට අමතරව සටන් ක්‍රම, අවි ආයුධ, යුද හමුදා පිළිවෙත් ගැන පළපුරුද්ද අප ලබලා තිබුණා. මේ ටික එකට සංකලනය කළාම යමෙකුට පුළුවන් වෙන්න ඕනේ, යම්කිසි සටනක් මෙහෙයවලා සතුරාව පරාජය කිරීමට සැලැස්මක් හදාගන්න. පොතෙන් උගන්නන්නෙ මූලධර්ම සහ මූලික සම්මත ක්‍රම. නමුත් ත්‍රස්තවාදීන් එක්ක කටයුතු කරද්දී ඒ ක්‍රමවලින් බැහැර වෙන්නෙ කොහොමද,ත්‍රස්තවාදියාගේ දුර්වලකම් හඳුනා ගන්නෙ කොහොමද කියන දේ හදාගන්න ඕනෙ. මට කලින් හිටපු ජ්‍යේෂ්ඨ අයට එයාලා හිටපු එක එක රෙජිමේන්තු හරහා මට ලැබුණු අත්දැකීම් එයාලට ලැබුණෙත් නැහැ. මම හිටපු සිංහ රෙජිමේන්තුවෙන් මට ඒ වාසිය ලැබුණා. අපි කොළඹ සැප පහසු තනතුරුවල වැඩිකල් හිටියෙ නැහැ. හමුදාපති වෙන්න කලින් මං කොළඹ වැඩ කරලා තියෙන්නෙ අවුරුදු හතරක වගේ කාලයක්. අනිත් සියලුම කාලය මං හිටියෙ මෙහෙයුම් ප්‍රදේශවල. ඒ නිසාම සැලසුම් කිරීම සහ සටන් ක්‍රම වෙනස් කිරීම මං හරියට කළා. මං යටතේ හිටපු හැමෝම මං කරපු ඒ වෙනස්කම් පිළිගත්තා. පිට කෙනෙක් ඇවිත් කියනවට වඩා සටනේම ඉඳපු කෙනෙක් කියද්දි සෙබළුන්ගෙ හිතේ ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟුණා. දේශපාලනඥයෙක් ඔය දේ කිව්වා නම් කවදාවත් පිළිගන්නෙ නැහැ. ඒක තමයි හමුදාවල හැටි. මං කරපු වෙනස්කම් ඒ අය පිළිගත්තා. ඒවාට පුරුදු පුහුණු කළා. අවශ්‍ය සම්පත් ලබා දුන්නා. එහෙම කියලා හිටපු රජයෙන් නවීන අවි ආයුධ මොනවත්ම ලැබුණෙ නැහැ. මං බාරගනිද්දි තිබුණු අවි ආයුධ, යුද්ධ ටැංකි, කාලතුවක්කු ඒවමයි තිබුණෙ. නමුත් මම හමුදාවේ බලය වැඩිකර ගත්තා. මං බාරගනිද්දි හමුදාවට එක්ලක්ෂ තිස් දෙදහක අවශ්‍යතාව තිබුණා. නමුත් හිටියෙ එක්ලක්ෂ දාසය දාහයි. ඒ තිස් දෙදහවත් පුරවාගන්න බැරි වුණා. අවුරුද්දකට බැඳුණෙ හාරදාහයි. නමුත් මාසෙකට හාරදාහ ගානෙ බඳවා ගන්නට මට හැකියාව ලැබුණා. ඒ කටයුත්තෙදි යම්කිසි ධෛර්යයක් රටේ ජනතාවත් දුන්නා. ඒ හැමදේමත් එක්ක මට යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවන්න ලැබුණා. අවුරුදු දෙකයි මාස නවයක්ම යුද්ධයේ ඉඳගෙන විශාල කැප කිරීමක් කරන්න වුණා. ඒවායේ ප්‍රතිඵල ලැබුණා.

■  මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, ෆොන්සේකා කියන මේ සාධක තුනම යුද ජයග්‍රහණයට හේතු වුණේ නැද්ද?

මහින්ද කියන සාධකය ජනාධිපති විදියට අලුත් දෙයක් කළේ නැහැනෙ. කලින් හිටපු ජනාධිපතිවරු කරපු දේම තමයි කළේ. වෙනසකට කළේ මාව හමුදාපති කරගත්තු එක. එයා ජනාධිපති වෙන්න කලින් අපි හිතවත්ව හිටියා. එයාට හිතවත්තු නැති කාලේ, එයා විපක්ෂ නායකයා කාලෙත් මම එයා එක්ක හිතවත්ව හිටියා. ඒ පසුබිම මත එයා මාව හමුදාපති කරන්න හිතන්න ඇති. මං එයාගෙ විශ්වාසය කවදාවත් කඩ කළේ නැහැ. එයා අපට අමුතු නියෝගයක් දුන්නෙ නෑ. සටන් ක්‍රම ඉගෙන්නුව නෑ. අවි ආයුධ අමුතුවෙන් දුන්නෙ නෑ. මං හමුදාපති වෙන්න කලිනුත් යුද හමුදාවට වර්ෂයකට බිලියන 82ක් වෙන් වුණා. මං යුද්ධ කරන කාලෙත්, තිබුණු හමුදාවට තව අසූපන් දහසක් එකතු කරගෙනත්, ඒ බිලියන අසූ දෙකෙන්ම හමුදාව නඩත්තු කළා. එයත් නියෝග දුන්නා. ජේ.ආර්. මහත්තයත් නියෝග දීලා තිබුණා. ප්‍රේමදාස මහත්තයත් දුන්නා. චන්ද්‍රිකා මහත්මියත් නියෝග දුන්නා. එතුමියගෙ කාලයේ තමයි හමුදාවට වැඩිපුර අවි ආයුධ එහෙම ආවෙ. මහින්ද රාජපක්ෂ නවීන අවියක්වත් ගත්තෙ නෑ. මං බාරගනිද්දි යුද ටැංකි අසූවක් තිබුණා. යුද්ධය ඉවර වෙද්දි ඒවා තිහකට බැහැලා තිබුණා. ඒ පරණ යුද ටැංකි නඩත්තු කරගන්න අමතර කොටස් ගන්නවත් සල්ලි දුන්නෙ නෑ.

ගෝඨාභයගෙන් තිබුණු වාසිය වුණේ මං කියන දේවල් අයියා නිසා ගිහින් මහින්ද රාජපක්ෂට කිව්වා. ගෝඨාභයට කලින් හිටපු ආරක්ෂක ලේකම්ලට තිබුණු ප්‍රශ්නයක් එයාට අයියත් එක්ක තිබුණෙ නැහැ. මං නිර්දේශ කරපු කිසිම දෙයක් කවදාවත් ප්‍රතික්ෂේප කළේ නැහැ. මගේ හැටි දන්න නිසා එයා කිසිම දේශපාලන ඇඟිලි ගැහීමක් හමුදාවට කළේ නැහැ. එක අවස්ථාවක දී පමණක් ගෝඨාභය රාජපක්ෂගෙ බිරිඳ,මේසන්ලා හතර දෙනෙක් ඉල්ලුවා, බෙලිඅත්තෙ එයාලගෙ කෝකියට ගෙයක් හදන්න. මම ගෝඨාභය රාජපක්ෂට කිව්වා “ඔයාගෙ බිරිඳ මෙහෙම ඉල්ලීමක් කරනවා. මට ඒක කරන්න බෑ” කියලා. ඒ ඇරෙන්න මට කිසිම ඇඟිලි ගැහීමක් කවදාවත් කළේ නැහැ.

■  යුද ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් තමයි, තරුණ ජෙනරාල්වරු රාශියක් එකවර පත්කිරීම. මේ තීරණය ගත්තෙ කොහොමද?

හමුදාවෙ ගොඩක් ප්‍රශ්න තිබුණා. ජ්‍යේෂ්ඨත්වයට හැමදේම දෙද්දි, ඒ මිනිස්සු කකුල් වන වනා හිටියා. මොකද වැඩ නොකළත් ජ්‍යේෂ්ඨත්වයට තනතුරු ලැබෙනවා. ජ්‍යේෂ්ඨත්වයට පිට පත්වීමක් වත් දෙන්න හිටපු හමුදා ප්‍රධානීන් මැලි වුණා. මේක අපේ හමුදාවෙ තිබුණු විශාල පසුබෑමක්. ගෝඨාභය රාජපක්ෂට මං මුලින්ම කිව්වා, යුද්ධය දිනන්න නම් යම් යම් වෙනස්කම් කරන්න ඕනෙ කියලා. ඒ වෙලාවෙ මට කිව්වෙ,ඔයාට ඕනෙ දෙයක් කරලා හමුදාව සුද්ද කරන්න කියලා. හැබැයි යුද්දෙ දිනුවට පස්සෙ මට සුද්ද කරන්න දුන්නෙ නැහැ. මං එළවපු අය සේරම ගෙන්නලා උසස්වීම් දුන්නා. වැඩ කරපු අයව ගෙදර යැව්වා. වැඬේ කරගන්න ඕන හින්දා ඒ වෙලාවෙ එහෙම කිව්වා. හැබැයි මම දේශපාලනයට ගියපු හැටියෙ, මං එළවලා පැත්තක දාලා හිටපු අයව ගෙනත් උසස් වීම් දුන්නා. හමුදාපති කළා. හමුදාවෙ දෙවැනියා කළා. හමුදා මූලස්ථානයේ තිබ්බා. මහන්සි වෙලා වැඩ කරපු තිස් පහක් විතර ගෙදර යැව්වා. ඔය අතරෙ ගෝඨාභයට හිතවත් කේලම් කියපු පිරිසකුත් හිටියා. තමන්ගෙ ළඟින්ම ඉන්න අයට වඩා පහළින් ඉන්න අයව ළං කරගෙන කල්ලි හදන එක ගෝඨාභයට හමුදාවෙ ඉන්න කාලයේ ඉඳලම තිබුණු දුර්වලකමක්. එහෙම කරන්න ගිහින් තමයි සිංහ රෙජිමේන්තුවෙ සෙබළු එළව එළවා ගැහුවෙ. මාසයක් හැංගිලා හිටියා. සේනාංකාධිපතිවරු පත්කරද්දි මං සියල්ල සම්පූර්ණ සෙබළු නෙවෙයි දැම්මෙ. මං කියන දේ තේරුම් ගන්න, කියන දේ කරබාගෙන කරන පිරිසක් තමයි මං පත් කළේ. ඒ හැමෝගෙම පත්වීම් ගෝඨාභය අනුමත කළා. අද පොත් ලිය ලියා එක එක දේ කළාට එදා කියන දේ කරපු මිනිස්සු.

■  යුද්ධය සම්බන්ධව කමල් ගුණරත්න මහත්මයා ලියපු පොතේ ප්‍රභාකරන්ගෙ මරණය සම්බන්ධව ලියවිලා තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නෙ?

මොකක්ද ඔය පොත. මම කියවලා නෑ.

■  ප්‍රභාකරන් මැරුණයි කියලා ඔබතුමාට කෝල් කරලා කිව්වම ඔබතුමා බැන්නයි කියන කතාව?

ඔය වගේ යුද්ධය පැවති මොහොත ඇතුළත හතර පස් දෙනෙක්ම මට ඒ කතාව කියලා තියෙනවා. ඔය පුද්ගලයම එක වතාවක් කිව්වා ඇම්බියුලන්ස් එකක් කඩාගෙන යද්දී අපේ අය වෙඩි තිබ්බා ප්‍රභාකරන් මැරුණයි කියලා. ඒ නිසා එයා කියන හැම වචනයක්ම පිළිගන්න මම සූදානමින් හිටියෙ නැහැ. කියනවා නම් සාධක ඕනෙ. කියපු හැටියෙ මම කිව්වා “තමුසෙ කොහොමද කියන්නෙ ප්‍රභාකරන් මැරුණයි කියලා. කියන්න හේතු මොනවද කියලා මට හරියට චෙක් කරලා කියන්න” කියලා. බොඩි එක තියෙනවා අපේ අය කියනවා කියලා කීවත් මම එතැනට කරුණව යැව්වා. කරුණා ඒ ප්‍රභාකරන් කියලා හඳුනාගත්තා. තව තැනක තිබුණු සිරුරු කිහිපයකින් කරුණා ප්‍රභාකරන්ගෙ පුතා හඳුනාගත්තා. ඒත් මම ඒ දෙන්නවම විශ්වාස නොකර යුද හමුදා රෝහලේ වෛද්‍යවරු දමලා ඩී.එන්.ඒ. ටෙස්ට් එකක් කළා. ඊටත් පස්සෙ තමයි මම පිළිගත්තෙ. කවුරු හෝ කියන දෙයක් පිළිඅරගෙන මාධ්‍යයට දීලා, අවසානයේ පැය විසිහතරකට පස්සෙ ප්‍රභාකරන් තව තැනකින් මතු වුණොත්, එතනදිත් ලැජ්ජාවට පත්වෙන්නෙත් මම. එතනදි මම වැඩ කළේ වෘත්තීමය ක්‍රමයට අනුව.

Fonseka02

■  ඔබ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සමඟ කිරියි පැණියි වගේ හිටියා. මේ විරසකය ඇති වුණේ කොහොමද?

මම හැමදාම ඉතාම අවංකව භක්තියෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් හමුදාවෙ හිටපු මටත් වඩා කනිෂ්ඨ පුද්ගලයෙක්. නමුත් ආරක්ෂක ලේකම් පදවියට ආවම මම ඔහුට සර් කියලත් කතා කළා. පළමු දවසෙ සර් කිව්වම ඔහු මට සර් කියන්න එපා කියලා කිව්වා. ඒත් ඔහු ඒ පුටුවෙ ඉන්නා තුරු, මම නිල ඇඳුම අඳිනතුරු ඔහුට සර් කියලා කතා කළා. ඒ වගේ සියයට සියයක් අවංකව රාජකාරිය කළේ. හැබැයි යුද්ධය අවසාන වේගෙන එද්දි මේ අය මගේ කකුලෙන් අදින්න පටන් ගත්තා. යුද්ධයේ අවසානයේ අන්තිම මොහොතෙ, ත්‍රස්තවාදීන් කිලෝමීටර දහය දහය වගේ සීමාවකට කොටු කරලා තියෙද්දි, ගෝඨාභය මට කියනවා, “සරත් ඔයා දැන් අවුරුදු දෙකක් විතර මේක මහන්සිවෙලා කළානෙ, දැන් වව්නියාවෙ ඉන්න ජගත් ජයසූරියට ඕක බාරදෙන්න”කියලා. යුද්ධය අවසාන මොහොතෙත් අනිත් පැත්ත ගහන්න පුළුවන් කියන එක එයාට තේරුණේ නැහැ. ඉතින් මට ටිකක් විවේක ගන්න කියනවා. එදා මට ගෝඨාභය වෙනස් වෙලා නැහැ කියන එක තේරුණා. කොහොම හරි සටන ඉවර වුණා. මැයි 18 හවස අපට උසස්වීම් දුන්නා. 19 උදේ පාර්ලිමේන්තුවෙ කතා කරනවා. ඒ වෙද්දිත් සටන යනවා. මම පාර්ලිමේන්තුවෙ ඉඳලා එද්දි ප්‍රභාකරන් මැරුණා කියන ආරංචිය ආවෙ. මැයි 18 හවස ගෝඨාභය මාව බදාගෙන ඉම්බා. “කොහොමද සරත් මේක කළේ”කියන සතුට ඔහු තුළ තිබුණා. 20 වෙනිදා ගුවන් හමුදාව කටුනායක දී මේ ජයග්‍රහණය සැමරුවා. නාවික හමුදාව ත්‍රිකුණාමලයේ පෙළපාලි ගිහින් මේ ජයග්‍රහණය සැමරුවා. මම යුද හමුදා මූලස්ථානයේ පාබල සෙබළු හැම රෙජිමේන්තුවෙන්ම ගෙනල්ලා පෙළපාලියක් ගියා. ඉන්පසුව මාධ්‍ය හමුවක් කැඳෙව්වා. එතනට මම යන්න යද්දි ගෝඨාභය කතා කරලා ඒ මාධ්‍ය හමුව අවලංගු කරලා. මම එහෙම කළේ ඇයි කියලා ඇහුවම, පස්සෙ අපි හැමෝම එකතු වෙලා කරමුකො කිව්වා. මම දැනගත්තා මෙයා දැන් ඉන්නෙ අර පරණ මානසිකත්වයෙන් කියලා. මාත් එක්ක අනිවාර්යයෙන් ගැටුමක් එනවයි කියන එක මම දැනගත්තා. දැන් රූපවාහිනී වැඩසටහන් ඉවරයක් නැතිව යනවා. සති දෙකකට විතර පස්සෙ මට කියනවා හමුදාව බාරදෙන්න කියලා. “තවම බාර දෙන්න බෑ. මගේ මිනිස්සු තවම ගස් යට, බෝක්කු යට, කැලෑ අස්සෙ, පඳුරු යට ඉන්නෙ” කියලා මම කිව්වා. ඒ අයගෙ පහසුකම් හදලා දෙනකන් මට මාස හයක් විතර දෙන්න කියලා මම කිව්වා. මාස එකහමාරකින් ආයෙමත් කිව්වා ආපහු බාරදෙන්න කියලා. ඉතින් මම බාර දුන්නා. යුද්ධය ඉවර වෙන්න මාස දෙකකට විතර කලින් සී.ඩී.එස්. පනත පුදුම හදිසියකින් පාර්ලිමේන්තුවට දමලා සම්මත කළා. ඒ කාලයේ ඉඳලම මාව එතනට දාන අදහස ඔළුවෙ තිබිලා තියෙනවා. ඉස්සර තිබුණෙ ත්‍රිවිධ හමුදාවෙ සම්පූර්ණ මෙහෙයුම් කරන්නෙ සී.ඩී.එස්. මේ පනතෙ සී.ඩී.එස්. තියෙන්නෙ ආරක්ෂක ලේකම් කියන දේ කරන්න විතරයි. මෙහෙයුම් වගකීමක් ඇත්තෙම නැහැ. මාව ඕකට දාන්න තමයි මෙයා දුවගෙන ආවෙ. මාව එතැනට දැම්මම මම කතා කරලා ඇහුවා මේ පනතෙ විදියට මට වැඩක් නැහැ. ඇයි මේකට මෙහෙයුම් වගකීම් නැත්තෙ කියලා. ඕනම රටක සී.ඩී.එස්. කියන්නෙ මෙහෙයුම් වගකීම් තියෙන ප්‍රධානියා. අනිත් හමුදාපතිවරුන් සාකච්ඡාවකට කැඳවලා ගෝඨාභය කියනවා, සී.ඩී.එස්.ට මෙහෙයුම් බලතල දෙන එක භයානකයි කියලා. එදා මම තීරණය කළා මට මේ අයත් එක්ක ඉන්න බැහැයි කියලා. ඒ මානසිකත්වයත් එක්ක මම අයින් වුණා.

■  ඔබතුමා ගැන රාජපක්ෂලාට බියක් තිබුණද?

එයාලගෙ හිතේ බයක් තිබිලා තියෙනවා. සරත් ෆොන්සේකා කියන පුද්ගලයා ජනප්‍රිය වෙනවා කියන බයත් එක්ක මගේ කේන්දරයත් බලලා තියෙනවා. ඒ බැසිල් රාජපක්ෂ. මට එයාලට විරුද්ධව කුමන්ත්‍රණ කර කර ඉඳීමේ අවශ්‍යතාවක් නැහැ.

■  2010 ඔබ පොදු අපේක්ෂකයා වෙන්නෙ කොහොමද?

මම ඇති වුණු තත්ත්වයත් එක්ක අයින් වුණා. ඒ එක්කම මුළු රටේම මිනිසුන් අතරෙ මතවාදයක් ඇති වෙනවා, කරපු වැඬේ වැරැදියි කියලා. මාව අයින් කරන්න ඕනෙ නිසාමයි කරන්නාගොඩවත් ඇරියෙ. දේශපාලනයට මට කවුරුත් කතා කළේ නැහැ. ඔය අතරෙ නොවැම්බර් 11 වෙනිදා ආරක්ෂක කවුන්සිලයෙන් පස්සෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා කිව්වා දවල් කෑමෙන් පස්සෙ මට ටිකක් කතා කරන්න ඕනෙ කියලා. මම අරලියගහ මන්දිරයේ නැවතුණා. අනිත් අය ගියා. පැය දෙකක් කතා කළා. මට කරන කෙනෙහිලි ගැන සේරම මම එයාට කිව්වා. මේ වැඩත් එක්ක මට ඔබතුමා එක්ක වැඩ කරන්න බැහැයි කියලා මම කිව්වා. මම හිතුවා එතනදි එයා සාධාරණව කතා කරයි කියලා. මට ඇහුම්කන් දෙයි කියලා. නමුත් එතනදි සාධාරණීයකරණය කරන්න හැදුවෙ එයා කරන වැඩ. ඔබතුමා එක්ක කතා කිරීමෙන් වැඩක් නෑ. මම යනවයි කියලා නැඟිට්ටා. දොර ගාවට ඇවිත් මගේ පිටට තට්ටු කරලා කියනවා, “මගේ ගාව ඉඳලා ගිය සේරම ආපහු ආවා. ඔයාටත් එන්න හිතුණොත් එන්න”කියලා.

“ඔබතුමා අවුරුදු තුනක් ගියත් මාව තේරුම් අරගෙන නෑ. මම ආපහු ඔබතුමා ළඟට එන්නෙ නෑ, හිඟාකන්න වුණත්” කියලා සැලියුට් එකක් ගහලා මම ගියා. මම කාර්යාලයට ඇවිත් අස්වීමේ ලිපිය හැදුවා. 12 වෙනිදා උදේ ජනාධිපති කාර්යාලයට ලිපිය යැව්වා. මගේ අස්වීම ගැන මගේ බිරිඳ දැනගත්තෙත් රූපවාහිනියෙන්. ඒ වෙද්දි කවුරුත් මගේ තීරණය දැනගෙන හිටියෙ නෑ. එළියට ආවට පස්සෙ එජාපයත් ජවිපෙත් මට කතා කළා. පස්සෙ ඒ නායකයන් දෙපාරක් හමුවෙලා සාකච්ඡා කළා. එතනදි අවසාන තීරණයකට ආවා.

■  ඔබතුමා හමුදාවෙන් යන්න බලපෑ ප්‍රධාන හේතුව?

මං මහින්ද රාජපක්ෂගෙ වැඩවලට විරුද්ධව නැඟී සිටියා. ඒ නිසයි මං හමුදාවෙන් ගියේ. ඒ අවස්ථාවෙ යුද්ධය දිනපු ආණ්ඩුවේ නායකයා කියලා මහින්ද රාජපක්ෂට ලොකු අවස්ථාවක් තිබුණා. ඒ වාතාවරණය අනුව කවුරුත් නාමයෝජනා දෙන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා එයාලා මගෙන් ඉල්ලීමක් කරලා බලන්න හිතන්න ඇති. ඒ ඇරෙන්න කිසි කෙනෙක් මට ඔවැනි යෝජනා ගේන්න තරම් කවුරුත් ළං වෙලා හිටියෙ නෑ. මට එක එක යෝජනා ගේන්නවත්, මගෙ පෞද්ගලික ජීවිතය ගැන හොයන්නවත් කවුරුත් මට ළං වෙලා හිටියෙ නැහැ.

■  ඔබතුමා එදා පැරදුණාද. නැත්නම් කියපු විදියට කම්පියුටර් ජිල්මාට් එකක් වුණාද?

කම්පියුටර් ජිල්මාට් එකක් වුණයි කියලා මම හිතන්නෙ නැහැ. දිස්ත්‍රික්ක හයක ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල අයව රෑ 12 වෙද්දි ගහලා එළෙව්වා. අවි අරගෙන ඇවිත් ගම්පහ මර්වින් සිල්වා සහ මැරයො, කුරුණෑගල, මාතලේ,  නුවර, රත්නපුර, අනුරාධපුර ඒ වගේ අක්‍රමිකතා කරලා ප්‍රතිඵල වෙනස් කළා. අදටත් මැතිවරණ කොමසාරිස් ජනතාව ඉන්න තැනකට එන්නෙ නැහැ. හැංගිලානෙ ජීවත් වෙන්නෙ. එදා ඔහුගෙ ඔළුවටත් පිස්තෝලෙ අල්ලලා, ඔහුගෙ ගෙවල්වලට දරුවන්ගෙ ගෙවල්වලට, ඔහුගෙ කාර්යාලයට ගිහින් බලපෑම් කළා. ඔහු මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන  තැන ඉදිරියෙන් සහ පසුපසින් හමුදා නිලධාරීන් ගමන් කරනවා. එහෙම අයිතියක් තියෙනවද. නියෝජිතයන් ගහලා එළෙව්වා. එයාලා අත්සන් නොකරපු ප්‍රතිඵල ලේඛනයක් තමයි අවසානයෙ ඉදිරිපත් කළේ. ලක්ෂ දහඅටක පරතරයක් එයාට ගන්න පුළුවන් නම් ඒක ලෝක පුදුමයක්. එදා මගේ මැතිවරණ වේදිකාවට ගලපු ජන ගඟට අනුව මම දිනන එකේ කිසිම සැකයක් නැහැ. තිබුණු මැතිවරණ හැම එකකින්ම හිටපු පාලකයා පරාදයි. 2005 ත් පරාදයි. 2010 ත් පරාදයි. මේ පාර විදේශ බලපෑම් තිබුණු නිසා, විදේශීය නිරීක්ෂකයො හිටපු නිසා මොනවත් කරන්න බැරි වුණා. නැත්නම් මෙවරත් ඔහු දිනනවා.

■  ඔබ එදා මැතිවරණයෙන් පස්සෙ, සිනමන් ලේක්සයිඞ් හෝටලයේ උදේ ඉන්න වෙලාවෙ, හමුදාව එතන වටකරද්දි මේ දේශපාලනය ගැන මොකද හිතුණෙ?

එදා හමුදාවෙ මානවඩු කියන පුද්ගලයා, 57 වන සේනාංකයට අණ දෙන්න දැම්මෙ මම. එක මොහොතක ත්‍රස්තවාදීන්ගෙන් එක ප්‍රති ප්‍රහාරයයි ආවෙ, හමුදාව කිලෝමීටර තුනක් විතර පස්සට ආවා. එදා මේ මිනිහා ඇවිත් අඬලා කිව්වා ඒක කරන්න බැහැ කියලා. ඉතින් මම එයාව ඒ තනතුරෙන් අයින් කළා. ඒ වෙනුවට මම එතැනට ජගත් ඩයස්ව දැම්මා. ඒ වෙලාවෙ අසමත් වුණු නිලධාරීන් රාජපක්ෂලා ළංකර ගත්තා. ආයුධයක් නැතිව ඉන්න මිනිහෙක්ව හමුදාවෙ ඉන්න ඕනෙම නිවටයෙකුට වට කරන්න පුළුවන්. හමුදාවෙ හිටපු නියම සිංහ මානසිකත්වයක් තිබුණු කෙනෙක් ඒ වගේ වැඩ කරන්න එන්නෙ නැහැ. මානවඩු ආවම මගේ හිතට බයක් ආවෙ නැහැ. මං දන්නවා මෙතන ඉන්නෙ නොම්මර එකේ නිවටයෙක් කියලා. ඒ සෙබළුන් සමහරු සැලියුට් කරා. සමහරු භක්තියෙන් ඔළුව නැව්වා. ප්‍රතිඵලය වෙනස් කරලා කියලා අපි දැනගෙන හිටියත් ඒ වෙද්දි ඒ වෙනුවෙන් සටන් කරන්න ශක්තියක් විපක්ෂයට තිබුණෙ නැහැ. එදා විරුද්ධ පක්ෂය ගොඩක් දුර්වලව හිටියෙ. ඒ වෙද්දි නියෝග දීලා තිබුණා ප්‍රතිඵල නිකුත් කරලා විනාඩි පහකින් වගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි කියලා. මම ගෙදර ගියා. ප්‍රතිඵල නිකුත් කරලා විනාඩි පහකින් ආරක්ෂාවට හිටිය අය යන්න ගියා. මමයි මගේ ගෙදර අයයි විතරයි එදා ගෙදර හිටියෙ. වෙන කෙනෙක් නම් ගිහින් හැංගෙනවා. මම හැංගුණේ නැහැ. හමුදාවෙන් දුන්නු පිස්තෝලයයි පතරොම් දහයකුයි තිබුණා. ඒ විතරයි මගේ ආරක්ෂාවට තිබුණෙ. එන දේකට මුහුණ දෙනවයි කියලා හිටියා. ගෝඨාභයලා, මහින්ද රාජපක්ෂලා බලය තියෙන වෙලාවට මොළය විකෘති වෙලා දැඟලුවට ඔය මිනිස්සු නිර්භීත මිනිස්සු නෙවෙයි කියලා මම දන්නවා. ඒ නිසා මට බයක් ආවෙ නැහැ.

■  පස්සෙ ඔබතුමාව ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා. එදා මොකද හිතුණෙ?

මැතිවරණයට එද්දි පැරදුනොත් මේ මේ දේවල් වෙයි කියලා මම දැනගෙන හිටියා. මගේ දරුවන්ට, පවුලට හිරිහැර කරයි කියන එක මම බලාපොරොත්තු වුණා. 12 වෙනිදා මගේ අස්වීමේ ලිපිය දෙන්න කලින් ශිරන්ති රාජපක්ෂ මගේ බිරිඳට එන්න කියලා, ඒ දෙන්නා පැය දෙකක් සාකච්ඡා කළා. අන්තිමට මගේ බිරිඳ කියලා තිබුණා,මට කියන්න බෑ සී.ඩී.එස්.ට කරන්නෙ මොනවද කියලා එයා තීරණය කරාවි කියලා. එයාලා ඒ දවස්වල ගොඩක් හිතවත්ව හිටියා. ඒ වෙලාවෙ ශිරන්ති රාජපක්ෂ කියලා තිබුණා, ගෝඨාභය අයින් කරලා එතැනට මාව දාන්න කියලා මහින්ද රාජපක්ෂට කියනවා කියලා. එහෙමත් කියලා අන්තිමට කිව්වලු, මහින්ද රාජපක්ෂ කියන්නෙ සතෙක් වගේ මිනිහෙක් ඔයාලා පරිස්සම් වෙන්න කියලා.

■  ඔබතුමා හිරේ ඉඳිද්දි මේ හඬ සිරගත කළ නොහැක කියලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා. අද ඔබට ඒ ගැන මොනවද හිතෙන්නෙ?

ඒ වෙලාවෙ මට එජාපයෙනුත් නාමයෝජනා දෙන්න සූදානම් වුණා. එයාලා කිව්වෙ කැලණියෙන් ඉල්ලන්න කියලා. මම හිරේ. මගේ බිරිඳට තමයි මැතිවරණ ව්‍යාපාරය කරන්න වෙන්නෙ. කැලණිය කියන්නෙ මර්වින් සිල්වා කියන දාමරිකයා හැසිරෙන තැනක්. ඒ අවස්ථාවෙ මගේ බිරිඳට ගිහින් කැලණියෙ දේශපාලනයක් කරන්න බැහැ. ඒක එජාපය දැනුවත් කරලා කොළඹින් දෙනවා නම් ඉල්ලනවා කියලා මම කිව්වා. කොළඹින් බෑ කිව්වා. ජවිපෙ ආරාධනා කළා. එළියෙ අර්ජුන රණතුංග සහ ටිරාන් අලස් හිටියා. ඒ අය තමයි ජවිපෙත් එක්ක සාකච්ඡා කළේ. මට සාකච්ඡාවට එන්න අවස්ථාවක් නැහැ. මම ඇතුළෙ. නමුත් ඒ එකඟතාව මත අපි හදිසි තීරණයක් ගත්තා. ඒ තීරණය නිවැරැදිමයි මම කියන්නෙ නැහැ. නමුත් ඒ තීරණයට අනුව අපි ඒ වෙලාවෙ කැප කිරීමක් කළා. 2010 මම ගත්තු ඒ තීරණය වෙලාවෙ හැටියට නිවැරැදියි කියලා හිතනවා.

■  ඔබතුමා හිරෙන් එළියට ආවට පසුව එදා හිටිය දේශපාලකයන් ඔබෙන් ඈත් වුණාද?

හිරෙන් එළියට ආවට පස්සෙ එජාපයත් එක්ක දේශපාලනය කරනවද නැද්ද කියන විකල්පය මට තිබුණා. එජාපයේ හිටපු තිස්ස අත්තනායක ආදීන් අනවශ්‍ය ප්‍රකාශත් කළා. අගමැතිතුමා දෙතුන් වතාවක් මාව බලන්න ආවා. නමුත් එජාපය මා වෙනුවෙන් එවැනි විශාල කැප කිරීමක් කළයි කියලා හිතන්න බෑ. එළියට ආවට පස්සෙ මට තිබුණෙ මහින්ද රාජපක්ෂට විරුද්ධව සටන ගෙන යාමේ අවශ්‍යතාව. එළියට ඇවිත් ඩබල් කැබ් එකක් උඩට නැගලා මම කිව්වෙ 2015 ට කලින් මහින්ද රාජපක්ෂව ගෙදර යවනවයි කියලා. බොහෝ පිරිස් මම පිස්සු දොඩවනවයි කිව්වා. එජාපයට කිව්වා නම් ඒ සටන මට ඕනෙ විදියට ගෙනයන්න බැරි වෙනවා. ඒ කාලයෙ දි තමයි මම පක්ෂයක් පිහිටුවා ගන්නෙ. එතන දි නොයෙක් නොයෙක් මතභේද ඇවිත් සමහරු මගෙන් ඈත් වුණා. මට අවශ්‍ය විදියට නිදහසේ ඒ සටන ගෙනියන්න තමයි මම පක්ෂයක් බිහි කළේ. එතන දි මගේ මතය ප්‍රකාශ කරලා වැඩ කළ හැකි ක්‍රමවේදයක් ආවා. මම රට පුරාම ගියා. හුඟක් ශ්‍රමය වැය වුණා. නමුත් ඒ අභියෝගය මම භාර ගත්තා.

■  2012 දී විතර මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො පොදු අපේක්ෂකයකුගෙ කතිකාව ගොඩනගද්දි ඔබතුමා එතැනට සහභාගි වෙන්නෙ, මොන අරමුණකින්ද?

මට ඒ සඳහා ආරාධනා කළා. මහින්ද රාජපක්ෂගෙ බලවේගයට විරුද්ධව යම්කිසි මතයක් ගොඩනැගෙද්දි මං එතැනට ගියා.

■  එතන දි පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහත්මයගෙ නම යෝජනා වෙනවා?

ඒ නමත් යෝජනා වුණා. නමුත් මම ඒක අනුමත කළේ නැහැ. මගෙත් යම්කිසි මතවාදයක් තිබුණා. ඒ මතවාදයේ ඉන්න ඕනෙ නිසා මම ඒකට අකැමැති වුණා. එතුමගෙ විතරක් නෙවෙයි තවත් නම් කිහිපයක්ම ආවා. නොයෙක් හේතු නිසා මම ඒවාට කැමැත්ත දුන්නෙ නැහැ.

■  දයාසිරි ජයසේකර මහත්මයා ජයග්‍රහණය කරපු වයඹ පළාත් සභා මැතිවරණයෙ දි ඔබතුමාගෙ පක්ෂයත් ජයග්‍රහණය කරලා සෑහෙන ප්‍රගතියකට ආවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

අපි ඡන්ද ගත්තා තිස්පන් දාහක්. මන්ත්‍රීවරු දෙන්නෙක් තේරුණා. නමුත් ඊට වඩා අපට ඡන්ද ලැබෙන ප්‍රවණතාවක් එතැන තිබුණා. අනිවාර්යයෙන් හැටඅට දහසක්වත් ගන්න ප්‍රතිචාර තිබුණෙ. නමුත් දයාසිරි ජයසේකර ආණ්ඩුවට ගියාම අපට එකතු වෙලා හිටිය එජාපයේ පිරිස එතැනට ගියා. ඒ වෙලාවෙ ජනතාව හිතුවෙ අලුත් පක්ෂයකට යනවට වඩා යමක් කමක් කරගන්න මෙතනින් පුළුවන් කියලා. ඇරත් මහ ඇමැති නාමයෝජනාව දුන්නෙත් දයාසිරිට. එතැනින් ඡන්ද 25,000 ක් විතර අපට නැති වුණා.

Fonseka03

■  හරේන් ප්‍රනාන්දු මහත්මයා තරග කළ ඌව පළාත් සභා මැතිවරණයෙ දි ඔබතුමාගෙ පසුබෑමට හේතුව මොකක් කියලද ඔබ හිතන්නෙ?

එතන දි ඡන්ද ගණන් කිරීම පිළිබඳව දිගටම විශාල සැකයක් තිබුණා. ඒක සාධාරණව සිදු වුණේ නැහැ. බැසිල් රාජපක්ෂ එතැනදිත් අපව ඉලක්ක කරලා තිබුණා. ඒ අතින් අපට ඡන්ද යම්කිසි ප්‍රමාණයක් අහිමි කළා. හරේන් ප්‍රනාන්දු ආවට පස්සෙ කලකිරීමෙන් පැත්තකට වෙලා හිටිය එජාපයේ අය එජාපයට ඡන්දය දුන්නා.

■  2015 දි පොදු අපේක්ෂකයා නම් කිරීමේ දී ඔබතුමා කොහොමද එතැනට සම්බන්ධ වුණේ?

ඒ සාකච්ඡාවල දී මම හිටියෙ නැහැ. මුලින් අපිත් එක්ක සාකච්ඡා කරලා තිබුණෙ එජාපයේ නායකයා ඉල්ලනවයි කියලා. ඒ සඳහා අපි එකඟතාවට ඇවිත් හිටියා. ඉන්පසුව මොනම හෝ හේතුවකින් එජාපයේ නායකයා මේ යෝජනාව අයින් කරගෙන තිබුණා. ඉන්පසුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ නම යෝජනා වෙන්නෙ. ඒ යෝජනාවට අපේ සම්බන්ධයක් නැහැ. ඒ දෙගොල්ලො තීරණයකට ඇවිත් අපට දැනුම් දුන්නා. අපේ අදහස් ලිඛිතව ඉදිරිපත් කළා. ඒවාට එකඟ වුණා. ඒ නිසා අපි ඒ අදහසට එකඟ වුණා.

■  ඔබ පොදු අපේක්ෂකයා දිනවීමට විශාල කැප කිරීමක් කළා. මේක ආවෙ ඔබතුමා තුළ තිබුණු රාජපක්ෂ විරෝධය නිසාද?

නැහැ. අපි වැඩකට බැස්සොතින් ඒක උපරිමව කරනවා. යම් දෙයකට එකඟ වුණාම යටින් කකුල් ඇදිලි, බාදක හෙළීම් මගේ ළඟ නැහැ. මගේ පක්ෂයම විශාල කැප කිරීමක් කළා. මම අත්පත්‍රිකා ලක්ෂ විස්සක් බෙදුවා. මැතිවරණ වේදිකාවල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු සැලසුම් කළා.

■  එදා ජනවාරි 08 ජයග්‍රහණය පිළිබඳව ඔබට සතුටුයිද?

ඔව් අනිවාර්යයෙන්ම. ඒ සතුට මේ රටේ හැමෝම භුක්ති විඳිනවනෙ. ඒ සතුටේ ප්‍රතිඵල මේ රටේ හැමෝටම ලැබුණනෙ.

■  ඒ ජයග්‍රහණයෙන් පසුව, ඔබතුමාට එදා එරෙහි වුණු මානවඩුලටවත් රාජපක්ෂලටවත් කතා කරල මොනවත් කිව්වෙ නැද්ද?

මට ඒ වගේ මිනිස්සුත් එක්ක කතා බහ කිරීමත් පිළිකුලක්. මට ඒ ඡන්දය වෙලාවෙ එක එක අය පණිවිඩ අරගෙන ආවා. මිලියන දාහක් දෙන්නම්, පොල් අක්කර සීයක් දෙන්නම්, වාහන දෙන්නම්, නඩු සේරම ඉවත් කරන්නම් ඔය විදිහේ පණිවිඩ ආවා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. කවදාවත් ඒ අයත් එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. නමුත් තවම අපේ සටන ඉවර නැහැ. මේ සටනෙ අවසානය දකින්න නම් ඒ මිනිස්සුන්ට කරපු වැරැදිවලට නීත්‍යනුකූලව දඬුවම් කරන්න ඕනෙ.

■  දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳව ඔබතුමාගෙ අදහස මොකක්ද?

දින සියයේ වැඩපිළිවෙළ හොඳයි. නමුත් දින සියයකින් රටක හුඟක් දේවල් කරන්න අමාරුයි. පරිපාලනය සහ දේශපාලනය වෙනස් කරන්න අමාරුයි. නමුත් කඩිනම් සහන දීමටයි එහෙම කළේ.

■  එතන දි සිද්ධ වුණු දහනව වන සංශෝධනය පිළිබඳව මොකද හිතෙන්නෙ?

මිනිසුන්ට පොරොන්දුවක් විදියට දීලා තිබෙුණා දින සියයක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියලා. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් හැමදාමත් බලයේ ඉන්න කෑදරව හිටපු පුද්ගලයන්ටයි වැදුණෙ.

■  ඉන් පසුව එළඹෙන මහ මැතිවරණයෙ දි එජාපයෙන් ආරාධනා කරද්දිත් ඔබ වෙනම ඉල්ලන්න තීරණය කරන්නෙ ඇයි?

ඒ මැතිවරණයෙ දි නැවතත් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලැබුණා. ඔහු වටා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ විශාල පිරිසක් එකතු වෙලා ඔහුව අගමැති කර ගැනීමේ යෝජනාව ආවා. එජාපයේ නායකයා සහ කරු ජයසූරිය මහතා එකතුව පැවති සාකච්ඡාවෙ දි මට කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන්න යෝජනා වුණා. තනිවම ඉල්ලද්දි අවදානමක් තියෙන බවත් මං දැනගෙන හිටියා. නමුත් මට අවශ්‍ය වුණේ එක තැනකට හිර නොවී රට පුරා පණිවිඩය අරගෙන යන්න. ඒ නිසා වෙනම අපේක්ෂකයො දමලා වෙනම මැතිවරණය කළා.

■  එදා ලැබුණු ප්‍රතිඵලය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ඒ ප්‍රතිඵලයෙ දි අපි පුදුම වෙන්නෙ නැහැ. නමුත් කනගාටු වෙනවා, එක අතකින් ඒ ප්‍රතිඵලයෙ දෙපැත්තක් තියෙනවා. ඒ ප්‍රතිඵලය අනුව අපට අදාළ ආසන ආවා නම් එජාපය ජයග්‍රහණය කළ සමහර ආසන ජයග්‍රහණ මහින්දට යන්න තිබුණා. ගම්පහ,කොළඹ අපේ ඡන්ද අයින් වුණා නම් එජාපයට මේ ඡන්ද ප්‍රමාණය ලැබෙන්නෙ නැහැ. සමහර වෙලාවට බෝනස් සීට් මහින්දට යන්න තිබුණා.

■  ඉන්පසුව ඔබතුමාට එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වෙනවා. ඒක වෙන්නෙ කොහොමද?

මට එජාපයේ සභාපතිතුමා තමයි ආරාධනා කළේ, එකතු වෙලා වැඩ කරමු කියලා. සම්මේලනයකුත් තියලා, ඉන් පසුව තමයි මේ තීරණයට එන්නෙ. ආරාධනාවෙන් පස්සෙ කතා බහ කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත්තා.

■  ඉන් පසුව ඔබ පාර්ලිමේන්තුවෙ දි රනිල් වික්‍රමසිංහ මහත්මයගෙ ඉත්තෙක් වගේ හැසිරෙනවයි කියලා චෝදනා කරනවා. මොකක්ද මේ?

අවස්ථා දෙකක දි අගමැතිතුමා මට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දෙනවා. (යුද හමුදා ගෙනාව ප්‍රශ්නය සහ රණවිරුවන් සිරගත කිරීම කියන ප්‍රශ්නයෙ දි) ආර්ථික විද්‍යාව ගැන කතා කරද්දි මම කතා කරන්නෙ නැහැ. මට අදාළ ක්ෂේත්‍රය ගැන කතා කරද්දි මම කතා කරන එක හරි.

■  ඔබතුමාට ලැබුණු අමාත්‍යාංශයේ කාර්යභාරය මොකක්ද?

විශේෂම කාර්යභාරය විශේෂ ව්‍යාපෘති කරන එක. අපට පළාත් දීලා තියෙනවා. අපේ අමාත්‍යාංශය යටිතල පහසුකම් දියුණු කිරීම වැනි දේට අදාළ නැහැ. ප්‍රාදේශීය සංවර්ධනය කිව්වට ඒ පැත්ත අනෙකුත් රේඛීය අමාත්‍යාංශ මඟින් කෙරෙනවා.

■  සොරුන්ට දඬුවම් දීම පිළිබඳව අද තත්ත්වය මොකක්ද?

සොරුන්ට දඬුවම් දෙන්න අපි ජනතාවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව තමයි මිනිස්සු අපට ඡන්දෙ දීමට ප්‍රධාන හේතුව. එතන දි අපි අද වෙනකොටත් අසාර්ථකයි. ඒ කාලයේ අපේ නීති ක්ෂේත්‍රය දූෂිත වුණා. එදා අපි නිවැරැදි කරගත්තෙ නැහැ. යහපාලනයේ තියෙන නිදහස නිසා ඒක නිවැරැදි කිරීමේදීත් ප්‍රශ්න තියෙනවා. ඒ නිදහසත් දූෂිතයො උපරිමව භුක්ති විඳිනවා. ඒක විශාලම ප්‍රශ්නයක්. පොලීසිය,අධිකරණය මෙහෙවන්නත් යහපාලනය යන්නෙ නැහැ. ඒකත් දූෂිතයන්ට රුකුලක්. අධිකරණ ඇමැති ආදීන් හැමදාමත් ඒක කළා. ඉදිරියටත් කරාවි. බාධක ගොඩක් තියෙනවා. අවසානයේ කෙසේ හෝ ඒ වගකීම අපට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ අංශයෙන් ආණ්ඩුව අසාර්ථකයි. ඒක තමයි යථාර්ථය.

■  ඔබතුමාට නීතිය හා සාමය සම්බන්ධ අමාත්‍යාංශයක් දෙන්නට යද්දි සමහරු පක්ෂය දමලා යනවා වගේ කතා කිව්වා. එහෙම දෙන්න හදපු අමාත්‍යාංශවලට මොකද වුණේ?

අමාත්‍යාංශයක් ගැන නෙවෙයි එතැන කතා කළේ ක්‍රමවේදයක් ගැන. මේ සේවාවන් කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් ඒවා නැවැත්වීමේ ක්‍රමවේදයක්. එවැනි ක්‍රමවේදයක් හදද්දි සමහර දේශීය අමාත්‍යාංශ උදව් කරගන්න වෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවෙ පොලීසියේ සහයෝගය අවශ්‍ය වෙනවා. එවැනි යාන්ත්‍රණයක් හදන්න ප්‍රමාද විය යුතු නැහැ. ප්‍රමාද වුණොත් අනිසි බලවේගයන්ට මුහුණ දෙන්නට වෙයි.

■  මෑතක දී සිදු වුණු කැබිනට් සංශෝධනය ගැන ඔබට සතුටුයිද?

එක එක අයගෙ මත තියෙනවා. රවී කරුණානායක සහ මංගල සමරවීර හුවමාරුව මම නම් හිතන්නෙ නෑ අවශ්‍යයයි කියලා. ඒවා ගැන තීරණ ගත යුත්තේ අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. මම නෙවෙයිනෙ.

■ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ඔබතුමාට විරුද්ධව චෝදනා එල්ල වෙනවා?

ඒවා කරපු අය මං ප්‍රසිද්ධියෙම කිව්වා. ගෝඨාභය රාජපක්ෂ, කපිල හෙන්දවිතාරණ. බුද්ධි අංශයේ අයව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නම් නෙවෙයි. ඒවා නීත්‍යනුකූලද නැද්ද කියන එක ගැන මට හමුදා නිලධාරීන්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මේ දෙන්නගෙ බලපෑම් නිසා පොලීසියත් අක්‍රිය වෙලා හිටියා.

■  අද සමාජයේ මතයක් තියෙනවා හමුදා නිලධාරීන් හිරේ දමනවා කියලා. වරදක් කළොත් හමුදාවෙ කියලා නෑ නේද, දඬුවම් ලැබිය යුතුයි නේද?

වරදක් කරලා තියෙනවා නම්, හමුදාවේ හිඳීම වරදකින් නිදහස් වීමට හේතුවක් නෙවෙයි. හමුදාවෙ අයත් රටේ නීතියට යටයි.

■  ඔබට ලැබුණු ෆීල්ඞ් මාර්ෂල් තනතුර ගැන මතයක් තියෙනවා. රටවල් දෙකක් අතර යුද්ධයක් තිබිලා ජයග්‍රහණය කළොත් මිසක, රටක් ඇතුළෙ සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කළාට මේ ෆීල්ඞ් මාර්ෂල් තනතුරක් ලබා දෙන්න බැහැයි කියලා. මොකක්ද මේකෙ ඇත්ත?

හමුදාවක වගකීම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය රැකීම. අපි කරන්නෙ ඒ රාජකාරිය. ඒක රට ඇතුළින් වගේම පිටිනුත් එන්න පුළුවන්. ඒක සම්පූර්ණ වැරැදි මතයක්. මෙහෙ තිබුණු සටන රටවල් දෙකක් අතර තිබුණු සටනට වඩා භයානකයි.

■  නැවත වතාවක් මේ බෙදුම්වාදය මතුවෙන්න ඉඩක් තියෙනවද?

දැන් තියෙන වාතාවරණය උඩ එහෙම දෙයක් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. නමුත් බෙදුම්වාදී මානසිකත්වයේ ඉන්න දේශපාලකයන් දෙපැත්තේම ඉන්නවා. මහින්ද රාජපක්ෂ ආදීන් තනිකරම බෙදුම්වාදීන්. උතුරෙත් එවැනි බෙදුම්වාදීන් ඉන්නවා. බෙදුම්වාදය ඇති කළෙත් දේශපාලනඥයො. ඒ අය ඒ මතම නැසුණා. ඇති කරපු කෙනත් ඒකෙන්ම විනාශ වුණා.

■  ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස මොකක්ද?

ඒක අපි පිළිඅරගෙන තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි පිළිඅරගෙන තියෙනවා. ජනාධිපතිගෙ බලය අඩු කරන එක සිදුවිය යුතුයි කියන එක මගේ පෞද්ගලික මතය.

■  2020 මේ රටේ නායකයා කවුරු වෙයිද?

ජනතාව තීරණය කරයි. ඔය දකින හීන අනුව ඒවා සිද්ධ වෙන්නෙ නැහැ.

■  ඔබතුමාට නැද්ද මේ රටේ නායකයා වීමේ අදහසක්?

මගේ තිබුණු අරමුණු වෙනස්. නායකයා වීම නෙවෙයි මගේ අවශ්‍යතාව වුණේ. රට හදන්න අවශ්‍යතාව. දේශපාලනය බේරා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. සුන්දර විනයගරුක හොඳ සංවර්ධනයකින් යුතු රටක් වෙනවා දකින්න කැමැතියි. ඒක කවුරු හරි කරනවා නම් මට ප්‍රශ්නයක් නැහැ.

■  ඒක කරන්න නම් 2020 ගෝඨාභය ගේන්න ඕනෙ කියලා මතයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ගෝඨාභය ගෙනැවිත් ඇවිදින මං තීරු හැදුවට, හමුදාව හොයාගෙන අතන මෙතන වැලි ගෝනි ගැහුවට, ඇළවල් සුද්ධ කළාට රටක් හදනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. එයා රටට ආදරෙන් රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක් නෙවෙයිනෙ. යුද්ධයට එයාව අවශ්‍ය වෙලාවෙ හමුදාවත් අමතක කරලා රටත් අමතක කරලා ගිහින් හිටපු කෙනෙක්. අපේ රටේ මිනිස්සු එච්චරටම මෝඩද? ඒ වගේ කෙනෙක් රටේ නායකයා කරගන්න. එහෙම නම් මේ රටට අනාගතයකුත් නෑ. එහෙනම් අපේ රටේ මිනිස්සුන්ට හැමදාම ඔය දැන් ඉන්නවා වගේම ඉන්නත් පුළුවන්, ඉඳලා හිටලා සුදු වෑන්වල යන්නත් පුළුවන්.

(Sathhanda)

ආපදාවන්ට මුහුණ දීමට රජය සූදානමක් නෑ – කැෆේ



හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජයේ පෙර සූදානමක්‌ නොමැති වීම හේතුවෙන් ජීවිත දේපළ සහ සම්පත් වෙනුවෙන් දැවැන්ත වන්දියක්‌ ගෙවීමට සිදු වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයකින් එසේ පවසන ඒ මහතා තවදුරටත් පවසන්නේ වසර ගණනාවක්‌ තිස්‌සේ අපේ රට දිගින් දිගටම ස්‌වභාවික ව්‍යසනයන් රැසකට මුහුණ දෙනවා. දැන් එය වාර්ෂික අංගයන් බවට පත්වෙලා. ව්‍යසනයක්‌ වූ විට අපි ඒ සඳහා ආධාර හා උපකාරය බලා සිටින තත්ත්වයට පත්වෙලා. පසුගිය වසරේදී මෙන්ම වර්තමානයේත් ඒ තත්ත්වය දුටුවා. අවාසනාවකට මේ වසරේත් ජීවිත දේපළ රැසක්‌ අහිමිවූවා. ආපදා සැලසුම් නොමැති වීම ෙ€දවාචකයක්‌. දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුම් හදිසි අවස්‌ථාවකදී අත්‍යවශ්‍ය වෙනවා.

2016 මෙවැනිම අර්බුදයකට මුහුණ දුන් අවස්‌ථාවේ අපි ආපදා කළමනාකරණ පිළිබඳ සාකච්ඡා කළා. මුදල් වෙන්කළ යුතු බව කිව්වා. මහා පරිමාණ ආපදාවකදී ජනතාවගේ සීනි, තේ කොළ, හාල් එකතු කරලා අර්බුද ජයගන්න බෑ.

ඒ නිසාම පසුගිය වසරේ වතුරට බැහැපු තරුණයෝම මේ වසරේත් ඒ දෙයම සිදු කරනවා. ආපදා කළමනාකරණ වැඩසටහන්, මුදා ගැනීම්, සහන පුනරුත්ථාපන සඳහා සම්පත් සහිත වැඩ පිළිවෙළක්‌ නොමැති පිරිස්‌ 2016/2017 වසරේ දැනට බිලියන 2 ක වාහන මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා. සියලුම පක්‌ෂ මේවාට වගකිවයුතුයි. දේශපාලනඥයන් ස්‌වභාවික ආපදාවෙන්ද දේශපාලන වාසි ගන්න හදනවා. නිරිත දිග මෝසම පැය 24 ක්‌ තුළ රටේ දිස්‌ත්‍රික්‌ක 14 ක්‌ විනාශ කළා. ඉන්දියාව, චීනය අපේ උපකාරයට ආවා. අපිට විදේශ රටවලින් සහනාධාර හැටියට සහල්, බිස්‌කට්‌, කූඩාරම් ගන්න වෙලා. අවුරුද්දක්‌ ගියත් අපිට ජලය පිරිසිදු කර ගන්න ක්‍රමයක්‌ සකසා ගන්න බැරි වුණා. ඉදිරියට ඇතිවන රෝග ව්‍යසනයට මුහුණ දීමට අපේ සූදානමක්‌ නෑ. ඉන්දියාවේ අයි. එන්. එස්‌. ශාදුල් නැව මැයි 28 ලංකාවට ටොන් 40 ක සහන ගෙනාවා. ඉන්දීය වෛද්‍ය සහ මුදාගැනීමේ කණ්‌ඩායම් නිසා සහනයක්‌ ලැබුණා. ගියවරට වඩා හමුදාව මෙහෙයුමට අවශ්‍ය උපකරණ සම්පත් ඒ අයට ලබා දී තිබුණේ නෑ.

ළමයි 300ක් යොදාගෙන නිල් චිත්‍රපටි 800ක් හදලා


ළමුන් ලිංගිකව අපයෝජනය කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගලයෙකුට තිස් වසරක සිරදඬුවමක් නියම වෙයි.

ස්ටීව් චේස් නමැති මොහු විසින් වසර 2014 දී නිර්මාණය කරන ලද මෙය ළමා අපචාර සඳහා ක්‍රියාත්මක වූ ලොව විශාලතම වෙබ් අඩවිය බවට සැළකේ.

ඡායාරූප සහ වීඩියෝ පට 50,000කට අධික ප්‍රමාණයක් අඩංගු වූ මෙම වෙබ් අඩවිය නිර්මාණය කර වසරක අවෑමෙන් තහනමට ලක්විය.

ඒ වනවිට 150,000කට අධික පිරිසක් එම වෙබ් අඩවිය භාවිත කරමින් සිට තිබේ.

‘Playpen’ නමින් හැඳින්වුණු මෙම වෙබ් අඩවිය වසා දැමීමත් සමඟ අපචාරයට ලක්වෙමින් සිටි ළමුන් 300 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවූ බව එක්සත් ජනපද බුද්ධි සේවාව පවසයි.

මෙම වෙබ් අඩවිය යොදා ගනිමින් ළමා අපචාරයන් දැක්වෙන ඡායාරූප බෙදාහැරීම සිදුකළ හෝ ළමුන් අපචාරයට ලක්කළ පුද්ගලයන් 800කට අධික පිරිසක් ලොව නන් දෙසින් අත්අඩංගුවට පත් විය.

ආපදා සමග වසංගත රෝග අවධානම දැඩිවෙයි



වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වයත් සමඟ ජලය මඟින් බෝවන  රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය  අමාත්‍යාංශය නිවේදනය කරනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වැසිකිලි වලවල් ඉතිරීමෙන් සහ පසෙහි ඇති කුණු කසල සේදී යාමෙන් පානීය ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති බවයි.

රක්ත අතීසාරය, පාචනය සහ මී උණ වැනි ජලයෙන් බෝ වන රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

මෙම තත්ත්වය හමුවේ ජලය මඟින් බෝ වන රෝග පැතිර යාම වළක්වා ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකම උණු කර නිවා ගත් පිරිසිදු ජලය හෝ බෝතල් කරන ලද ජලය බීමට ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලීමක් කරනවා.

නල ජලය වුවද බීමට හා ආහාර පිරිසිදු කිරීම, සකස් කිරීමට හෝ ආහාර පිසීම සඳහා යොදා ගන්නේ නම් උණු කර නිවාගැනීම වඩාත් සුදුසු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ගං වතුරට යට වු ළිං නැවත භාවිතයට පෙර පිරිසිදු කර ක්ලෝරීන් යොදා විෂබීජ නාශනය කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය  උපදෙස් හා ක්ලොරීන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගත හැකි බව සඳහන්.

වැසිකිලි ජලයෙන් යට වී ඇත්නම් උස් බිමක පිහිටි වැසිකිලි පමණක් භාවිත කිරීමට හැකි සෑම විටම උත්සාහ ගන්නා ලෙසත් වැසිකිලි යාමෙන් පසු සෑම විටම සබන් යොදා අත් සෝදන ලෙසද වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලීමක් කළා.

මව් කුසින් බිහිවී, ටික වේලාවකින් පසු ඇවිද ගිය බිළිඳා | VIDEO



ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල බිළිඳා ඉපදී සුළු වෙලාවකට පසු හෙදියකගේ ආධාරයෙන් මෙලෙස ඇවිද ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එම අවස්ථාව පහතින්....


මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු



දෙවැනි වරටත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සම්මේලනයේ මුල් පුටුව මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට හිමි විය. ඒ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සම්මේලනයේ  (30) පැවති නිළවරණයේදී වැඩි ඡන්ද 47 කින් ජයග්‍රහණය කරමිනි.

එහිදී සභාපති තනතුර වෙනුවෙන පාලිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ එහි හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාය‍

කොළඹ ජාතික පුස්තකාළ ශ්‍රවණාගාරයේදී පැවති නිළවරණයේදි ලංකා ලයන්ස් සංගමය නියෝජනය කළ පාලිත ප්‍රනාන්දු මහතාට ඡන්ද 79 ක් ලැබෙද්දී, ගම්පහ දිස්ත්‍රික් සංගමය නියෝ්ජනය කල හිටපු සභාපති වූ සුගත් තිලකරත්න මහතාට හිමි වූයේ ඡන්ද 32 කි.

සම්මේලනයේ ලේකම් තනතුර සඳහා ප්‍රේමා පින්නවල මහතා නිතරගයෙන් තේරි පත් විය.

මේ අතර එච්.ඒ උපාලි මහතා මෙහිදී සහකාර භාණ්ඩාගාරික ධුරයට පත් වූයේ සම්පත් ජයසේන මහතා ඡන්ද 65-44 ක් ලෙස පරාජයට පත් කරමිනි.

ලාල් චන්ද්‍රකුමාර (68), ජී.එල්.එස්.පෙරේරා (67), එච්.ඩබ්.නිමලසිරි (66), අනිල් වීරසිංහ (61), ඒ.එච්.එම්. අක්මාල් (53), නයන්ති කුමාරි චන්ද්‍රසේන, අයිරාංගනී රුහුණුසිංහ (44) මෙහිදී උප සභාපති තනතුර වෙනුවෙන් තේරී පත් වූහ.

අද දිනයේදී මලල ක්‍රීඩා සම්මේලනයේ තනතුරු 3 ක් (සභාපති-1, උපසභාපතිවරු-7, සහකාර ලේකම්-1) සඳහා ඡන්ද විමසීම්  පැවැත්වූ අතර ඉතිරි තනතුරු සියල්ල සඳහා නියෝජිතයන් තේරී පත් වූයේ නිතරඟයෙනි.

ලබන වසරේ සිට සමාගම් ලියාපදිංචිය Online ක්‍රමයට


අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට සමගම් හිමිකරුවන්ට ලබන වසරේ සිට අවස්ථාව ලැබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඔන්ලයින් (On line ) ක්‍රමය හරහා සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එලඹෙමිනි. මෙම අවබෝධතා ගිවිසුමට (30දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.

මෙම අවබෝධතා ගිවිසුමට සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් ඩී.එන්.ආර්. සිරිවර්ධන හා කේපීඑම්ජී ආයතනය වෙනුවෙන් සී.පී ජයතිලක යන මහත්වරුන් විසින් අත්සන් තැබූහ.












තවත් මාධ්‍යවේදියකුගේ නික්ම යෑම - සුනිල් මිහිඳුකුල සමුගනී



මේ යුගය මින්සුන්ට විපත් පිට විපත් පැමිණෙන සමයක්.

ඊයේ උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ප්‍රතිකාර ලබාමින් සිටි සුනිල් මිහිඳුකුල මහතා මිය ගොස් ඇති බව දැනගන්නට ලැබෙනවා.

 ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන අතර සිනමා විචාරකයෙක් ද වනවා.

එමෙන්ම ඔහු ලේක් හවුස් ආයතනයේ හිටපු කට්‍රුවරයෙක්ද වනවා.

මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් ඉගැන්ය්ම අවසන් කල ඔහු මුලින්ම සකුරා නම් සඟරාවට ඔහුගේ ප්‍රථම සිනමා විචාරය ලියනවා, ඒ 1978 දී.

ඔහු සරසවියේ ප්‍රධාන කර්තෘ වීමට පෙර පුවත්පත් 5ක සේවය කර ඇති බව සඳහන් වෙනවා.

ඔහුගේ වසර 30ක මාධ්‍ය ජීවිතය තුල ඔහු සිනමා විචාර පොත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබෙනවා.

කෞෂල්‍යා ප්‍රනාන්දුගෙන් මොරටුව සරසවි සිසුන්ට අපූරු නාට්‍ය අත්දැකීමක්



කෟෂල්‍යා ප්‍රනාන්දු අමුතු වැඩකට අතගහල කියල අපිට ආරංචියක් ආවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වන " පුරවර රඟමඩල" නාට්‍ය උළෙල මේ වසරේදීත් පැවැත්වුණා.

මෙය පවත්වන්නේ මොරටුවේ වාස්තු විද්‍යා අංශයේ නගර හා ග්‍රාම නිර්මාණ අංශයේ සිසුන් විසින්.

මෙහි රංග දක්වපු අපූරු නාට්‍ය නිර්මාණයක් ගැන හැමෝගෙම කතාබහට ලක්වුණා.

සම්පුර්ණ නාට්‍ය ක්‍රමයෙන් සම්පුර්ණයෙන්ම බැහැරවෙලා සංකේත ( Simbolic ) මගින් නාට්‍ය පුරාම වේදිකාව සරසන ආකාරය ඇස අදහගන්නත් බැරි තරම්.

මේ නාට්‍යය අතරතුරේදී වේදිකා සැරසිලි මාරු වෙන්නේ ක්ෂණයක් තරම් පුංචි කාල පරාසයකින්.

මෙහි නාට්‍ය රංග දක්වන සිසුන්ට මුලික පුහුණුව ලබා දුන්නේ කෟෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය විසින් කියලයි දැනගන්න ලැබෙන්නේ.

මේ නාට්‍යයේ ආරම්භයේ ගෝනියක් ඇතුලේ සිටින දැරිවියකගෙන් සිදුවෙනවා, එහිදී ගෝනිය ලෙස අප අවට සමාජය ඔවුන් පෙන්නුම් කරනවා.

මෙම නාට්‍යයේ දෙබස් කෙතරම් ප්‍රේක්ෂකයාට සමීපද යන්න එය නරඹා අවසන් වීමේදී හිතට දැනෙන බව ප්‍රේක්ෂකයන් පවසනවා.

මෙය නාට්‍ය කලාවට අලුත් වෙනසක් සිදුකරාවියයි විචාරකයන් මත පලකරනවා.

AM

ජනපති නියමයෙන් මැති ඇමති වාහන සිහිනය බොඳ කරයි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යාශ සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

(30) පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

කැබිනට් රැස්වීම අද(30) උදෑසන 09.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අතර මෙහිදී දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

විශ්ව විද්‍යාල දියුණු කරනවා - ඇමති කිරිඇල්ල



වත්මන් රජය ඉදිරියේදී විශ්ව විද්‍යාලවල දියුණුව හා ශිෂ්‍යයන්ගේ පහසුකම් පිලිබඳ නිරන්තර විමසිල්ලෙන් පසු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සරසවි මැඳුර කඩිනම් සරසවි නේවාසිකාගාර ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ ඉදිවන කොළඹ විශ්ව විද්‍යාලයේ පිටිපන නේවාසිකාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින්.

මේ සඳහා රජය රුපියල් මිලියන 488ක් ආයෝජනය කිරීමට නියමිතයි.

29 May 2017

ෆෝන් එකේ තියෙන වීඩියෝ ලීක් කරගන්නේ නැතුව ස්ථිරවම Delete කරන්නේ මෙහෙමයි | VIDEO



පසුගිය දිනවල අහන්න දකින්න ලැබුණ  ඒවත් එක්ක ඔබටත් යම් චකිතයක් ඇති වුණා නේද, තමන්ගේ Phone එකේ තියෙන වීඩියෝ, photos එහෙමත් ලීක් වෙයි කියලා.

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ වීඩියෝ, ෆොටෝ, delete කරාම ආයෙත් කාටවත් ගන්න බැහැ කියලනේ. හැබැයි එහෙම delete කරන ඒවා යළි Recover කරන්න පුළුවන්. ඒවාට ක්‍රම සහ විධි තියෙනවා.

මේ කියන්න යන්නේ බොරුවට ලෙඩ දාගන්නේ නැතුව තමන්ම පරිස්සම් වෙන හැටි ගැන.

දුරකතනයෙන් delete කරන දේවල් recover කරන්න පුළුවන් වගේම recover කරන්න බැරි වෙන්න ෆෝන් එකේ තියෙන දේවල් delete කරන්නත් ක්‍රම තියෙනවා.

බොරුවට මොකටද අඬුව තියෙද්දී අත පුච්ච ගන්නේ.

android භාවිතා වන දුරකතනවල දේවල් ස්ථිරවම delete කරන්නේ මෙහෙමයි.


 Apple දුරකථනවල දේවල් ස්ථිරවම delete කරන්නේ මෙහෙමයි. 




ඇමති මාරුවෙන් කෝටි 10ක අමතර බරක්

 යහපාලන රජය පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 10ක පමණ වැය කිරිමට සිදුවන බව වාර්තා වෙයි. අලුතෙන් අමාත්‍යාංශ පිහිටුවීම, කාර්යාල පහසුකම් සැලසීම, කාර්යාල උපකරණ ගැනීම, සේවයක් බඳවා ගැනීම, වාහන සැපයිම, ඉන්ධන පහසුකම් සැපයීම, නව ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි නිල කාමර සැකසීම පිළිගැනීමේ උත්සව ආදිය සඳහා මෙම මුදල් වැය කිරීමට නියමිතය.

මේ අතර අලුතෙන් අමාත්‍යාංශයක වැඩ බාර ගැනිමේ උත්සවයට එක්වූ 600ක් පමණ පිරිසකට දිවා ආහාරය සැපයීමටත්, ඔහුගේ නිල කාමරය නවිකරණය කිරීම සඳහාත් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වැය කර තිබේ.

ඇමති මාරුවෙන් පසුව පැවැති මෙම උත්සවයට කැඳවා ඇත්තේ එම ඇමතිවරයා නියෝජනය කරන ආසනයේ පාක්ෂිකයන් හා හිතවතුන්ය.
ඉරිදා ලංකාදීප ඇසුරෙනි

දිවයින වටා පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප‍්‍රදේශ රැසකට තද වැසි සහ සුළං



අද (29) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩි වශයෙන් වැසි ඇද හැලෙනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටයි.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කිරීම ඊට හේතුවී තිබෙනවා.

එහි බලපෑමත් සමඟ දිවයින හරහා අහස වලාකුළින් බරව පවතින අතර වැසි හා සුළං තත්වයන් ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප‍්‍රකාශ කළේ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වය ද ඉහළ යා හැකි බවයි.

මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 15ක පුද්ගලයින් හාරලක්ෂ හැටහතර දහස් 477 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 158ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 108 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

මේ අතර දිස්ත‍්‍රික්ක 07කට පැනවූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත‍්‍රික්ක 07යි.

වැසි ඇති වූ වහාම නායයාම් අවදානම් සහිත ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙසටයි ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ අතර විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය අඛණ්ඩව තවදුරටත් මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.

අවදානමට ලක්ව ඇතැයි පැවසුණු බොල්ගොඩ ගඟේ පනාපිටිය වේල්ල මේ වනවිට සම්පූර්ණයෙන්ම ස්ථාවර තත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ජලය උපරිම මට්ටමේ තිබුණ ද ඒ පිළිබඳ බියවිමට අවශ්‍ය නොවන බවයි ජනතාවට දැනුවත් කෙරුණේ.

ඊයේ පස්වරුවේද මෙම වේල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශයේ යුද හමුදා මෙහෙයුම් සිදු කෙරුණා.

ඉදිරියේ දී තවදුරටත් වැසි ඇද හැළුණහොත් ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවයි යුද හමුදාව කියා සිටියේ.

ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ භට පිරිස් දැනටමත් එම ස්ථානයේ සිටින බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මහා ජලකඳට හසුවුණු ඔබේ වාහනය නැවත පණගන්වන්න කලින් දැනගතයුතු වැදගත්ම දේ මෙන්න



රටේ මේ වන විට පවතින්නේ ව්‍යසනකාරී අපදා තත්වයක්.

ඔබේ වහනයත් මහා ගංවතුරට හසු වෙන්න ඇති. එත් දැන් වෙනදා වගේ වාහනේ පණ ගන්වන්න බැරි වෙලා ඇති.

හැබැයි ඔන්න අපි ඔබේ අක්‍රිය වුණු වාහනේ ලෙඩ අඩුවෙන් ගොඩ දාගන්න හැටි කියන්න යන්නේ.

ඔබටත් වාහනයක් එහෙම තියනවද ?

ගංවතුරට අහුවෙලාද ?

ස්ටාර්ට් කරන්නද හදන්නෙ ?

ඊට කළින් කියවන්න මේ ටික.

කිසිම වාහනයක් වතුරට අහු වෙලා නම් ස්ටාට් කරන්න එපා. ගොඩ වෙදකම් කරන්න යන්න එපා. බැට්‍රි එක ගලවල තියන්න.

ගංවතුරට අහු වුනා කියල ලොකු අවුලක් වෙන්නෙ නෑ ස්ටාට් නොකරන තාක්. වාහනේ වතුරකට දාන්න කලින් එයා ෆිල්ටර් ලෙවෙල් එක ගැන අවධානය යොමු කරන්න.

වතුරෙ ධාවනය කලා නම් පසුව අනිවාර්යයෙන් ඩිෆරන්සල් ගියර් ඔයිල් පරීක්ෂාවක් කර ගන්න. ලොකු ලොරි ටොයෝට කෝස්ටර් වගේ ඒවගෙ එයාර් ෆිල්ටර් එක යට තියෙන්නේ.

ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න

උපුටා ගැනීම Kavidu Gamage

තවත් හෙලිකොප්ටරයක් ගාල්ල – බද්දේගම දී කඩා වැටෙයි | PHOTO



අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17. වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා.

මාධ්‍ය කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ඒ බව තහවුරු කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට වාර්තා වී ඇති පරිදි අනතුරෙන් යානයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.





මූලික ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුවට බැරිවෙලා : කුමාර් ගුණරත්නම්

ආණ්ඩුව ගෙන යන ව්‍යවස්ථා සංශො‍්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද? විධායක ජනපති ධූරය. අහෝසි කිරීමට ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ගන්නා ස්ථාවරය කුමක්ද?පෙරටුගාමී පක්ෂය ඉටුකරමින් ඉන්නේ රාජපක්ෂවාදීන්ගේ අවශ්‍යතාවද? පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පුවත් පතකට මෙසේ පිළිතුරු දෙයි.

* ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් ගැන ඔබේ විග්‍රහය මොකක්ද?

රටේ දේශපාලනික තත්ත්වය ලොකු අර්බුදයක තියෙන්නෙ. මේ අර්බුදය ප්‍රකාශයට පත්වෙන පැති ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල පාර්ශ්ව‍යත් අගමැති රනිල් පාර්ශ්වයත් අතර පැහැදිලි බෙදීමක් තියෙනවා. මේ බෙදීමත් සමඟ ඇතිවන ගැටුම විවිධ තලයන්ගෙන් පේන්න තියෙනවා. මේ හවුල් ආණ්ඩුව බලයට පත්වෙලා දැන් වසර දෙකකට වැඩියි. මේක යහපාලනය වුණාට රටේ මූලික ප්‍රශ්නවලට උත්තරදීගන්න බැරිවෙලා. රැකියා දසලක්ෂය, වොක්ස්වැගන් කර්මාන්තශාලා ව්‍යාපෘතිය අසාර්ථකයි. අධ්‍යාපනය විකිණීම ඇරෙන්න වෙන තත්ත්වයක් නැහැ.

* ඔබ එහෙම කිව්වත් රටතුළ මූලිකව, ප්‍රජාතන්ත්‍රවාදයත්, රැකියා උත්පාදක වැඩසටහනුත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා?

ශිෂ්‍යයො, වෛද්‍යවරු, වෘත්තීය සමිති සියලුදෙනා ඒකාබද්ධව සටන්කරන තත්ත්වයට පත්වෙලා. සෞඛ්‍ය ප්‍රශ්නය එන්න එන්නම වැඩිවෙනවා. තෙල් ටැංකි බදුදීම,විශ්‍රාම වැටුප් ප්‍රශ්නය EPF, ETF එකට අත තැබීම වගේ ප්‍රශ්න කරළියට එනකොට ආණ්ඩුව මර්දනය මුදාහරිනවා. තමන්ට බදු ගහනවට, අධ්‍යාපනය විකුණනවට, ඉන්දියාව වැනි රටවල් සමඟ අසාධාරණ ගිවිසුම් අත්සන්කිරීමට එරෙහිව උද්ඝෝෂණය කරද්දී උසාවි නියෝග අරගන්නවා, කඳුළුගෑස් ගහනවා. ජල ප්‍රහාර එල්ලකරනවා. ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටිලා.

* මේ ආණ්ඩුව එන්නෙ පැවති මර්දනකාරී වටපිටාවක ප්‍රතිඵලයක් හැටියට. ඔවුන් යහපාලනය ගේනවා. ඒ අනුව සමාජ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙනවා. මේ ප්‍රතිසංස්කරණවලට යන්න ඉඩ නොදී ගැටුම්කාරී තත්ත්වයන් රටේ නිර්මාණය කිරීම සාධාරණද?

අපි 2015 ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා හැටියට, දුමින්ද නාගමුව සහෝදරයා ඉදිරිපත් කරල රටේ ජනතාවට කිව්වෙ මුහුණු මාරුවකින් මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නෙ නැහැ කියල. පැවති රාජපක්ෂ පාලනය පැහැදිලිවම ප්‍රජාන්ත්‍ර විරෝධීයි. ඒක අත්තනෝමතිකයි. ව්‍යවස්ථාමය ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරමින් තිබුණා. සුදු වෑන් සංස්කෘතිය, පුද්ගලයින් අතුරුදහන් කිරීම ඒ කාලෙ තිබුණා. ඒ නිසා ඒ පාලනය පරාජය කළ යුතුව තිබුණා. ඒක ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. මේ ආණ්ඩුව එන්නෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මහා ‍ ඝෝෂාවත් එක්ක. ඒත් අද වෙනකොට විධායක ජනාධිපති ක්‍රමය එහෙමම තියෙනවා.

* එහෙම වෙලා තියෙන්නෙ විවිධ දේශපාලන බලවේග රටතුළ විවිධ මතවාද පතුරවමින් ප්‍රතිසංස්කරණ කාරණාවලට ඉඩ නොදීම නිසා නේද?

නැහැ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි කාරණයක් වෙන්කොට අරගෙන ඊට අදාළ දේශපාලන න්‍යාය පත්‍රයක් සකස් කළොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.

* විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි කාරණයකදී, ආණ්ඩුව ජනමත විචාරණයකට ගියොත් ඔබේ පක්ෂයේ මතය මොකක්ද?

අපි ඒක ඉදිරිපත් තත්ත්වය තුළ බලමු. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන කාරණය එක්ක එකතු වෙච්ච අනෙකුත් කාරණා ගැනත් බැලිය යුතුයි. අනුමාන ප්‍රශ්නවලට දැන්ම අපි පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. J.R. ජයවර්ධන ඒකාධිපති ව්‍යවස්ථාවක් ගොඩ නැඟූවෙම, මේ අපි දැන් කියන විවෘත ආර්ථිකය, නව ලිබරල් ආර්ථිකය හදුන්වා දෙන්න. මේ ආර්ථික ප්‍රතිපත්තිම ඉස්සරහට යන තත්ත්වයක් ඇතුළේ, විධායක බලය නැතුව ඒක පවත්වාගෙන යන්න බැහැ.

* මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඔබේ විග්‍රහය මොක්ද?

මේ ව්‍යවස්ථාවෙන් රටේ මූලික ප්‍රශ්න විසඳාගන්න අවස්ථාව ලැබිල නැහැ. එක පැත්තකින් ව්‍යවස්ථා වෙනසකින් රටේ ප්‍රශ්න විසඳන්නත් බැහැ. මොකද? මේ රටේ තියෙන ප්‍රශ්න බොහොමයක් ව්‍යවස්ථාවක් නිසා ආපු ප්‍රශ්න නෙවෙයි. සමාජ ආර්ථික ක්‍රමයේ අවශ්‍යතාව සඳහා තමයි මේ ව්‍යවස්ථාව ගොඩනඟල තියෙන්නෙ. මේ සමාජ ආර්ථික ක්‍රමය, මේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙම්ම තියෙද්දී, ජනතා විරෝධී දේශපාලන ක්‍රමය මෙහෙම්ම තියෙද්දී ව්‍යවස්ථාවෙ වගන්ති වෙනස් කරල ජනතාවට සහනයක් වෙන්නෙ නැහැ. ෆෙඩරල්ද, ඒකීයද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. මේ සමාජ ආර්ථික ක්‍රමයෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

* මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න නම් ඔබ යෝජනා කරන්නෙ මොන වගේ වැඩපිළිවෙළක්ද?

සමාජවාදය ගොඩනැඟීමෙන් තොරව මේ ප්‍රශ්නය විසදන්න බැහැ. අපිත් කාලයක් හිටපු ජ.වි.පෙ සහ සමහර වාමාංශික කණ්ඩායම් සමාජවාදය ගැන කතා කරන්න අපහසු යුගයක් කියල තියෙනවා. නමුත් අපි පැහැදිලිව කොන්දේසි විරහිතව කියනවා රටේ ප්‍රශ්නවලට සමාජවාදය හැරෙන්න වෙන උත්තරයක් නැහැ. පසුගිය කාලෙ බටහිර රටවල තියපු මැතිවරණවලින් පවා සමාජවාදී අදහස් ඉදිරියට ආවා.

* ඔය ඔබ කියන සමාජවාදී ක්‍රමයට යන්න රටේ මිනිස්සු එකඟ නැති බව පහුගිය ඡන්දවලින් පෙන්නුම් කෙරෙනවා නේද?

මේ ක්‍රමය හොඳද? මේ ක්‍රමයෙ කම්කරුවන්ට, ගොවියන්ට හොඳ නැහැ. මේ ක්‍රමයෙ ජීවත්වෙන්න පුළුවන්ද?

* ලංකාවෙ දැවැන්ත කම්කරු නායකයො හිටියා. සමාජවාදී නායකයො හිටියා. මේ කිසිවෙකුට සමාජවාදී ආණ්ඩුවක් හදන්න බැරිවුණා. දැන් පුළුවන්ද?

ඉතිහාසයේ ගොඩනැගුණු දේශපාලන පක්ෂ, සමාජ ව්‍යාපාර හා ඒවායේ ක්‍රියාධරයන් හා නායකයන්ගේ දේශපාලන වැඩපිළිවෙළ අසාර්ථක වීම කියන කාරණය විතරක් පදනම් කරගෙන අනාගතයේදී වඩා සාධාරණ යුක්තිගරුක සමාජයක් ගොඩනඟන්න බැහැ කියන තර්කයේ මම නැහැ. මේ ක්‍රමය තුළ සමාජය යන්නෙ ම්ලේච්ඡත්වයට. දරුවන් එක්ක ඉන්න තිබුණු නිදහස නැහැ. දරුවන්ට සෙල්ලම් කරන්න තිබුණු කාලය නැහැ. එක රැකියාවකින් අපේ මූලික අවශ්‍යතා ටික තෘප්තිමත් කරගන්න බැහැ. මේ නිසා අපේ පීඩනය වැඩිවෙලා. මිනිස්කම් සහෝදරත්වය නැතිවෙලා. එහෙනම් අපි මොකද කරන්නෙ. අපි වෙන සංවර්ධනයක් හොයන්න ඕන.

* ලෝකයෙ බොහෝ රටවල් දියුණු වුණේ ඔය කියන සමාජවාදී ක්‍රමයෙන් ම නොවෙයි?

ලෝකයේ බටහිර රටවල් 2008 ඉඳන් මහා දැවැන්ත ආර්ථික අවපාතයකට යමින් ඉන්නෙ. ඒ නිසා තමයි ඇමරිකාවෙ ට්‍රම්ප් ජාතිකවාදී ප්‍රවණතාවක් ගන්නෙ. ප්‍රංශයත් එහෙමයි. මේ කාලෙ ඇමරිකාවෙ අර්බුදය නිසා ඔවුන්ට ට්‍රම්ප් කෙනෙක් අවශ්‍යවෙලා තියෙනවා. මේ අර්බුදය ග්‍රීසියේ, පෘතෘගාලයේ, ස්පාඤ්ඤයේ, අයර්ලන්තයේ, ඉතාලියෙත් අපි දැක්ක.

* චීනය සේද මාවත ඔස්සේ ලෝකයටම ආර්ථිකය නිදහස් කරනවා. විවෘත ආර්ථිකයක් එක්ක නේද චීනය ගමන් කරන්නේ?

චීනය තවදුරටත් සමාජවාදී රාජ්‍යයක් හැටියට අපි පිළිගන්නෙ නැහැ. ඔවුන් පැහැදිලිවම ධනේශ්වර මාවතක ගමන් කරමින් ඉන්නෙ. චීනයෙ අපි කියපු අර්බුද ගොඩාක් තියෙනවා. චීනයට ආයෝජකයො වැඩියෙන් යන්නෙ ඇයි? රතු හමුදාවෙන්ම ලාභය සුරක්ෂිත කරල දෙනවා. එහෙ අරගල, වැඩවර්ජන නැහැ. රතු හමුදාව සියල්ල කොන්ට්‍රෝල් කරල දෙනවා.ඒක අන්ත ප්‍රතිගාමී තත්ත්වයක්. ආර්ථික අවපාතයක් එක්ක ලෝකය පුරා යුද්ධ, කව්ද මේ යුද්ධ මෙහෙයවන්නෙ. එක පැත්තකින් ඇමරිකාව, අනෙක් පැත්තෙන් චීනය, රුසියාව.

* ලෝකයම ගෝලීයකරණයට මුහුණදෙමින් සිටින්නෙ, අපිට පුළුවන්ද සමාජවාදී රාජ්‍යයක් ගොඩනඟමින් ඉදිරියට යන්න?

අපි මේ කියන්නෙ හුදකලා රාජ්‍යයක් ගොඩනඟන අදහසක් නෙවෙයි. මේ අද සිදුවන ගෝලීය කරණයෙන් වෙන්නෙ, බලවත් ප්‍රාග්ධනය ඇති රාජ්‍යයන් දුර්වල ප්‍රාග්ධනය ඇති රටවල් යටපත් කරමින්, යුද්ධ ඇතිකරමින්, පාලනයන් වෙනස් කරමින් තමන්ගේ ලාභ පොදි – කඳු ගොඩ ගසාගන්න කරන වියරු තරගයක්. අපි ගෝලීය කරණයට එකඟයි. ඒක මුළු ලෝකයම සමාජ වාදය දිසාවට යන එකක්.

* නිදහස් අධ්‍යාපනය අනතුරේ කියල ඔබේ පක්ෂය මතයක් ගොඩනඟමින් ඉන්නවා. ඔබ මොන පදනමකින්ද එහෙම කියන්නෙ?

අධ්‍යාපනය වෙළෙඳ පොළේ විකුණන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරනවට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.

* ඉතිං දැනුත් අධ්‍යාපනය විකිණෙනවනෙ. පෞද්ගලික පන්ති, විවිධ පාඨමාලා හරහා අධ්‍යාපනය විකුණනවා?

අධ්‍යාපනය විකුණුවාම අහිමිවෙන්නෙ කාටද? ඔබ වැනි මාධ්‍යවේදීන්ගෙ, ගොවියගෙ, කම්කරුවගෙ, ධීවරයන්ගෙ දරුවට කෝටි ගණනන් වියදම් කරල අධ්‍යාපනය දෙන්න මේ අපට බැහැ. දැනටමත් ඔවුන් දෙකේ තුනේ පන්තිවල ඉඳන්ම අධ්‍යාපනයට වියදම් කරනවා. විවිධ වෙස් මුහුණු මාරුකරගෙන ආවට, 1977 අධ්‍යාපනය විකුණන්න ආපුගමන් මඟ තමයි මේ යමින් තියෙන්නෙ. 1981 ධවල පත්‍රිකා ගෙනාව විරෝධතා ආව ඒක හකුලගත්තා.

* ඔබේ විරුද්ධත්වය තියෙන්නෙ මාලඹේට විතරයි. ඒත් පෞද්ගලික අංශය සමස්ත අධ්‍යාපනයම ආක්‍රමණය කරමින් ඉන්නෙ?

මේ අරගලය ඒ දක්වාම විහිදෙනවා. සමහර ප්‍රශ්න තියෙනව සමාජ අවධානය වැඩිපුර දිනාගත්තු. මේකට සමස්ත ජනතාවම විරුද්ධයි. සමහර අයට වෙන වෙන දේශපාලන උවමනා ඇති. මේ හරහා ඉෂ්ට කරගන්න. අපි ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ. අපි ඉන්නෙ නෝ සයිටම් කියන තැන නෙවෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලම එපා කියන තැන. ආණ්ඩුව අධ්‍යාපනයට 6%ක් වෙන්කරනව කිව්වනෙ. මේ 6% වෙන්කරනව නම් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම දියුණු කරන්න පුළුවන්. එහෙම වුණාම සමත් හැමෝටම රජ්‍ය විශ්වවිද්‍යාල වරම් දෙන්න පුළුවන්.

* මාලඹේ පටන් ගන්නා අවධියේදී අද විරුද්ධවෙලා ඉන්න අය විරෝධතාවක් දැක්වූවේ නැහැ?

ඔබ හැන්සාඩ් එක බැලුවොත් දකියි. පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ එකම මන්ත්‍රීවරයා අජිත් කුමාර සහෝදරයා මීට විරෝධය දැක්වූ අාකාරය. ඒ වගේම අධ්‍යාපනය විකිණීම ගැන වූ හැම අරගලයකම අපි හිටියා. හැබැයි විවිධ පාර්ශ්ව ඒ අරගලවලට එකතුවීම හා‍ නොවීම එක්ක අවශ්‍ය දිශාවට අරගලය ගියේ නැහැ.

* ඔබ සමඟ මේ අරගලයට සම්බන්ධ වී ඉන්න වෛද්‍ය සංගමය එදා ලොකු විරෝධයක් දැක්වූයේ නැහැ?

ඔවුන්ගේ හ‍‍‍ඬේ තීව්‍රරතාවයේ වෙනස්කම් තිබුණා. නමුත් ඔවුන් සයිටම් එකට විරුද්ධ මතයේ හැමදාම හිටියා. මේ වෙලාවෙ ඔවුන් නිශ්චිතවම මේ අරගලයේ ප්‍රධාන කොටස්කරුවන් වෙලා.

* ඔබ ඒකාබද්ධ විපක්ෂයෙ කොන්ත්‍රාත්තුවක් මේ කරන්නෙ කියල හිතෙනවා?

මේ තත්ත්වය ඒකාබද්ධය හෝ වෙනත් දේශපාලන කණ්ඩායම් තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රය සාධනය කිරීමේලා පාවිච්චි කිරීමේ ඉඩකඩ තියෙනවා. ඒක කොයි වෙලාවෙත් තියෙනවා. බලයට පත්වුණු ආණ්ඩුව පෙරළා බලයට එන්න ඉන්න කණ්ඩායම් කරන දෙයක්.

* හැබැයි ඔබ රාජපක්ෂවරුන්ගෙ අනුදැනුමෙන් තමයි 2015 ලංකාවට එන්නෙ කියල චෝදනාවක් තියෙනවා?

චෝදනා ගොඩක් තියෙනවා. ඔබ දන්නවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මාව පැහැරගෙන ගිහින් ඝාතනය කරන්න උත්සාහ කළා. අහම්බෙන් වගේ දිවි ගැලවුණා. විවිධ අවස්ථාවල මම ලංකාවට එන්න ඉල්ලුවා. මට අවස්ථාව දුන්නෙ නැහැ. 2015 මගේ ඉල්ලීමට අවස්ථාව දුන්නා. මාසයකට ලංකාවට එන්න. අපි දන්නව මේ බල මාරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඉබේ පහළ වෙනවා. ඒ අවකාශය තමයි අපි ප්‍රයෝජනයට ගත්තේ.

* දැන් ඔබේ හා පක්ෂයේ ක්‍රියා පිළිවෙත හරහා පෙනෙන්නට තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ අරමුණ සඳහා ඔබේ සහාය ලැබෙන බවක් කියල කිව්වොත්?

අපේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. ජනතාවාදීයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට, පෞද්ගලීකරණ හා නිෂ්පාදනය බිඳවැටීමේ ප්‍රතිපත්තිවලට ද අධිරාජ්‍යවාදීන්ට රට විකුණනවාට අපි විරුද්ධයි. ඒක කව්රු කළත් එකයි. එදා රාජපක්ෂ වරුන්ටත්අපි විරුද්ධ වුණා.

* ඔබ ජ.වි.පෙන් ඉවත්වෙන්නේ ඇයි?

ජ.වි.පෙ ගොඩ නැගුණු අරමුණක් තියෙනවා. ලංකාවෙ සමාජවාදය නිර්මාණය කිරීම පක්ෂයේ අරමුණ විය යුතුයි. ඒකෙන් පක්ෂය අයින්වෙලා ජනාධිපතිවරු පත්කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගන්නා පක්ෂයක් බවට පත්වෙද්දි අපි එතනින් අයින් වුණා. අපිට ස්වයං විවේචනයක් තියෙනවා. අපි ඒක කරමින් තමයි ජ.වි.පෙන් අයින් වුණේ.

* සමාජවාදී නැඹුරුවක් ඇති පක්ෂ වෙන්වෙන්ව ඉන්නතාක් මේ රටේ ජනතාව සමාජවාදයක් ගැන විශ්වාසය ති‍යයිද?

වමේ ව්‍යාපාරය බෙදී වෙන්වී යාම හරහා සමාජවාදය ගැන විශ්වාසය බිඳවැටෙනවා. සාමූහිකත්වය ගැන සමාජයට කියන මේ අය තුළ සාමූහිකත්වයක් නැද්ද? කියන ගැටලුව ජනතාව තුළ ඇතිවිය හැකියි. ඇත්ත වාමාංශික ව්‍යාපාර එක්ක ඒකාබද්ධතාව ඇතිකරගන්න අපි උත්සාහ කරමින් ඉන්නවා.

* ඔබටත් ද්විත්ව පුරවැසි චෝදනාවක් එල්ල වෙනවා නේද?

පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් මට තිබුණා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මගේ ජීවිතය බේරාගැනීම සඳහා එදා ජ.වි.පෙ ගත්තු තීරණයකට අනුව මම සහ මගේ බිරිඳ දරුවන් විදේශගත වී ඕස්ට්‍රේලියානු පුරවැසිබව ලබාගත්තා. ඒ නිසා මගේ මුල් පුරවැසි බව අහිමිවුණා. අලුත් ආණ්ඩුව ආවට පස්සෙ මම මෙහෙ පුරවැසිබව ඉල්ලුවා. නමුත් මට ඒක දුන්නේ නැහැ. ඒ කාලයේ මම නීති ගැටලුවලට මුහුණදුන්නා. මේ ආණ්ඩු තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවයි තීන්දු ගන්නේ.

* පුරවැසිභාවය සම්බන්ධ දැන් තත්ත්වය මොකක්ද?

මම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් ඉවත් කරන්න කියන ඉල්ලීම කරල තියෙන්නෙ. මාව එහෙත් නිදහස් කළ යුතුයි. ඊට සම්බන්ධ සියලු ලියකියවිලි මම බාරදීලයි තියෙන්නෙ. මේක දැන් රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනුවක් බවට පත්වෙලා.

* සරත් ෆොන්සේකා ඇමතිවරයා කියනවා අද ඔබ ජීවත්වෙන්නෙ ඔහු නිසා බව?

සරත් ෆොන්සේකා මහතා භාරයේ තිබිච්ච හමුදා කඳවුරක මියයාමට නියමිත ලයිස්තුවේ තුවාල සහිතව මම හිටියෙ. එක්වරම මාව නිදහස් කරන්න කියල කොළඹට ගෙනාවා. ඒකට හේතු වෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ට බන්දුල දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් ආරිය බුලේගොඩ මහතා සම්බන්ධ වීමයි. ඒ යන්නේ ජීවත්ව ඉන්න කවුරු හෝ ඉන්නවා නම් ඔවුන්ව නිදහස් කර ගැනීමටයි. එතනදි බුලේගොඩ මහතා ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. කෙසේ හෝ ඒ ලයිස්තුවෙ ඒ වෙනකොට ජීවත්ව සිටියේ මම විතරයි. ඒ නිසා මාව වහාම කොළඹට ගේනවා. ආරක්ෂක ලේකම් සේපාල ආටිගල මහතා නිකුත් කළ ලිපියකට අනුව බුලේගොඩ මහතාට මාව බලන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසුව තමයි මා නිදහස් වෙන්නේ. එවැනි නිල තත්ත්වයක් තුළයි මගේ ජීවිතය ලැබෙන්නේ. ඔහුගේ ප්‍රකාශය අසත්‍යයක්.

විනාශයට පත්වූ විභාග සහතිකපත් දිනකින්


ජලගැලීම නිසා විනාශයට පත්වී තිබෙනා සියලුම විභාග සහතිකපත් එක් දින සේවාව යටතේ නැවත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

අදාළ ආපදා තත්ත්වය මත විභාග සහතික විනාශ වී තිබෙන බවට ග්‍රාම නිලධාරීවරයා විසින් ලබාදෙන සහතිකය මත විභාග සහතික නොමිලේම නිකුත් කිරීමටත් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.

රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපවල සියලූම පාසල් හෙටත් වැසේ

පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපවල සියලූම පාසල් හෙට දිනයේ වසා දැමීමට සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ විශාල පිරිසක් පීඩාවට පත්වීම සහ ආපදාවට පත්වුවන් පාසල්වල ද රඳවා තැබීම හේතුවෙන්.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයායි මේබව සඳහන් කළේ.

එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාතේ ආපදාවට පත් ප්‍රදේශවල පාසැල් ද තවදුරටත් වසා තැබෙන බවයි පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ.

මරණ 164 – අතුරුදන්වීම් 104



දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව. 104ක් දක්වාත් තුවාල ලැබූවන් 85 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙ.ව. 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම මේ හේතුවෙන් පවුල් 128586කට අයත් පුද්ගයන් 471542ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 4266ක් හා පූර්ණ හානි 412ක්ද වාර්තා වෙයි.

වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 53කි.

පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 41545කට අයත් පුද්ගලයින් 131775ක් අවතැන්ව සිටිති.

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.

මෙවර බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL) සඳහා තරග වදින Khulna Titans කණ්ඩායම සමග වසර 2ක කාලයක් සඳහා මහේලව යොදා ගැනීමට නියමිතව ඇත්තේ.

ඉකුත් IPL තරගාවලියේදි මහේල පුහුණුකරුවෙකු වශයෙන් දැක්වූ දක්ෂතා ඔහු මෙසේ තෝරා ගැනීමට හේතු වූ බව කණ්ඩායම් කලමනාකාරිත්වය විසින් පවසා තිබෙනවා.

තරගාවලිය නොවැම්බර් මස ආරම්භ වීමට නියමිත අතර දෙස් විදෙස් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීමටද නියමිතයි.

27 May 2017

අනුන්ගේ ලිංගික ජීවිත ප්‍රසිද්ධ කරන අයට දඬුවම්

මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතය පුද්ගලික දෙයක් විදියට සැලකුවේ. ඒ වගේම ඒ පුද්ගලිකත්වය කිසිම දවසක අදාළ දෙන්නගෙන් පිට කව්රුවත් දැනගත්තේ නැහැ.

එත් මේ වෙද්දී සමාජ මාධ්‍ය ජාල එක්ක මේ සිද්ධිය ටිකක් වෙනස් විදියට සිදු වෙනවා.

අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම මේ වෙද්දී මහා වසංගතයක් වෙන තරමට උග්‍ර වෙලා.

පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබුණා.

අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත්, ඉන්පසු ප්‍රසිද්ධ ක්‍රීඩා තරුවකගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක කිරීමත් සමඟ මේ පිළිබඳව විශාල කතිකාවක් සමාජයේ ගොඩනැගිලා.


කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

මේ අසහ්‍ය ප්‍රකාශන  සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර  එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

එමෙන්ම  1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර  මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

ආසියානු යොවුන් දැල්පන්දු පරාජය පිළිබඳව කළමනාකාරිනියගේ වාර්තාව මෙම සතියේදී එළියට

 ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ දිනා සිටි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්වීම පිළිබඳව දින දින චෝදනා රාශියක් එල්ල වෙමින් පවතී. මේ අතර කණ්ඩායම සමග දකුණු කොරියාවට ගිය කණ්ඩායම් කළමනාකාරිනියගේ වාර්තාව ලැබුණු පසු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා දැල්පන්දු සංගමයෙන් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බවද 'අද' ට වාර්තා වේ.

තරගාවලිය නිමාවී දින 10ක් ඇතුළත අදාළ සංචාරයට නම්කළ කළමනාකාරිනියගේ නිල වාර්තාව ලබාදිය යුතු අතර ඒ අනුව එම වාර්තාව මෙම සතිය තුළදී ක්‍රීඩා අමාත්‍යාංශයට හා දැල්පන්දු සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙළිවේ. අප අදාළ වාර්තාව ලබාදීම සම්බන්ධයෙන් පමණක් සංචාරයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ ලයානි රේණුකා කුරුප්පු මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර එහිදී ඇය පවසා සිටියේ තමාගේ වාර්තාව මෙම සතිය තුළදී ලබාදීමට පියවර ගන්නා බව පමණක් මාධ්‍යයට පැවසිය හැකි බවයි.

කෙසේ වෙතත් දැල්පන්දු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනුයේ තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට හා අපකීර්තියට පත්කළ නිලධාරීන්ට හා ක්‍රීඩිකාවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවය. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී තිබෙනුයේ කළමනාකාරිනියගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති හෙයිනි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරිනියක ලෙස සහභාගීවූ කුමාරිහාමි මහත්මිය පිටු 21 කින් යුත් වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ද එහි  තරගාවලියේ පරාජයට බලපෑ හේතු කාරණා රැසක් අඩංගු කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වන අතර නායකත්වය ලබා නොදීම හේතුකරගෙන එවැනි ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබුණු බව වාර්තා විය. ඊට හොඳම නිදසුන වනුයේ තරගාවලියට පිටත්ව යාමට පෙර ක්‍රීඩිකාවන් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් පිරිසකට පවසා ඇත්තේ තරගාවලිය ජයගතහොත් නායිකාවට ලකුණු වැටෙන හෙයින් වුවමනාවෙන්ම තරගාවලිය පරාජයට පත් විය යුතු බවයි.

මේ පිළිබඳව කණ්ඩායම් නායිකාව හා සංචාරයට සහභාගී වූ වෙනත් පාර්ශ්ව නිල ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක ඊට පියවර ගැනීම කළමනාකාරිනියගේ වාර්තාව ලැබෙන තෙක් ප්‍රමාද කර තිබේ.

මෙම තරගාවලියේදී ආරම්භක තරගයෙන්ම ශ්‍රී ලංකාව තායිලන්තයට පරාජයට පත්වූ අතර සිංගප්පූරුව හා හොංකොං යන රටවලට පරාජයට වී සිවුවැනි ස්ථානය දක්වා  පල්ලම් බැස්සේය. ශ්‍රී ලංකාවට ජයගත හැකිවූයේ මූලික වටයේ පාකිස්තානු, මාලදිවයින හා හොංකොං තරග පමණි.



බලශක්තියෙන් සුරක්ෂිතවීමේ ස්ථීර සාර වැඩපිළිවෙළකට ඔස්ට්‍රේලියා සහාය

බලශක්ති අර්බුදයට මුහුණදෙමින් බලශක්තියෙන් සුරක්ෂිතවීම සඳහා ස්ථීර සාර වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියාඅගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව (25) දා පෙරවරුවේ ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඔස්ට්‍රේලියා ආයෝජකයින් සූදානමින් සිටින බව පැවසූ ඔස්ට්‍රේලියා අගමැතිවරයා ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවට ද සහතික විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ මැණුම් කටයුතු සහ තොරතුරු රැස් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික සහය ලබාදිය හැකි බව ද පැවසූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික හා පර්යේෂණ දැනුම ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ මානව සම්පත පුහුණු කිරීම සඳහා සහය ලබාදීමටද එකඟතාවය පළ කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් වැළැක්වීමට ශ්‍රී ලංකා රජය ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ ඔස්ට්‍රේලියා අගමැතිවරයා එම සහය අඛණ්ඩවම අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ මැල්කම් ටර්න්බුල් මහතා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බවට සහතික විය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියා සහය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා ඔස්ට්‍රේලියා ජාතික විද්‍යා තාක්ෂණ සංවිධානයේ සහය ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

එම නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ සංවිධානය කර තිබු විශේෂ පිළිගැනීමේ උත්සවයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අග්‍රාණ්ඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග්‍රාණ්ඩුකාරතුමා හා මැතිනිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

ආචාර වෙඩිමුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ෂවත් අයුරින් මේ පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි. එමෙන්ම දෙරටේ ජාතික ධජ වලින් අග්‍රාණ්ඩුකාර නිල නිවාස පරිශ්‍රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජාතික සංහිඳියාව සඳහා තම රජය කැපවී සිටින බවත් ඒ තුළින් ජනතාවට සෞභාග්‍ය උදකරදීමට අපේක්ෂා කරන බවත්ය.

දශක හතක් පුරා පැවති ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම රාජ්‍ය සංචාරය සඳහා තමා වෙත ආරාධනා කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියා රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක් විය.


2017 මුල් කාර්තුවේ 16,000ක් දඩ කාලා

රථ වාහන ධාවනයේදි ජංගම දුරකථන භාවිතා කිරීම නිසා 2017 වසරේ මුල් මාස තුන ඇතුලත පුද්ගලයින් 16,099ක් එරෙහිව දඩ නියම ඇති බව zawya.com වෙබ් අඩවිය වාර්තා කළේය.

පසුගිය වසරේ (2016) මුල් මාස තුන ඇතුලත පුද්ගලයින් 16,393 දඩ නියම කර ඇති අතර පසුගිය වසර තුල දඩ නියම කල මුළු සංඛයාව 60,364ක් වේ.

“ජංගම දුරකථනය භාවිතා කරමින් රථ වාහන ධාවනය කරද්දි මොලය ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා. හදිසි අවස්ථාවකදි රියදුරාට මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි වෙනවා, මාරක රිය අනතුරු වැඩි වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ ඒක.’’ ඩුබායි රථ වාහන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ, සයිෆ් මුහයිර් අල්-මස්රුයි ප්‍රකාශ කළේය.

2017 ජුලි 01 දින සිට රිය ධාවනයේදි ජංගම දුරකථන භාවිතය, රූපලාවන්‍ය කටයුතු කිරීම සඳහා දඩ මුදල ඩිරාම් 200 සිටඩිරාම් 800 දක්වා වැඩි කරනු ලබනඅතරblack point හතරක් හිමි වේ.

බොහෝ රියදුරන් රියධාවනයේදී ෆේස්බුක් භාවිතය, විඩියෝ නැරඹීම නිසා මාර්ග නීති උල්ලංඝනය කිරීම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර අධිවේගී මාර්ග වල විශාල වාහන තදබදයක්ද ඇතිවී තිබෙන බව රථවාහන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජංගම දුරකථනය භාවිතා කර යම් දෙයක් සිදු කිරීමට අවශ්‍ය නම් වාහානය නතර කර අවශ්‍ය දේ කිරීමෙන් පසු නැවත ගමන ආරම්භ කරන ලෙසත්, අවදානම් ක්‍රියාවලින් වලකින ලෙස ඩුබායි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)

රයිගම් ටෙලි සම්මාන උළෙල ජාතියේ මහා මංගල්‍යක් බවට පත් වී තිබෙනවා

රයිගම් ටෙලි සම්මාන උළෙල ගෞරවණීයත්වයට හා විශ්වාසයට පත්වෙමින් දැන් ජාතියේ මහා මංගල්ලයක් බවට පත් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉකුත් දා (19) කිංස්බරි හෝටල් සංකීර්ණයේ පැවැති දහතුන් වැනි වරටත් සංවිධාන කරන රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල- 2016 සම්මානලාභීන්ගේ නිදේශ නාමාවලිය එළි දැක්වීමේ සැඳෑවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"රයිගම් සමූහ ව්‍යාපාරයේ සියලුම නිෂ්පාදන සඳහා අපේ වෙළෙඳපොළේ තිබෙන්නේ විශාල කීර්ති නාමයක්. ආචාර්ය රවි ලියනගේ ඇතුළු පිරිස, විද්වත් විනිසුරු මඩුල්ල නායකත්වය ලබා දෙමින් 13 වෙනි වරටත් සංවිධාන කරන මේ සම්මාන උළෙල පිළිබඳ කාගේත් තිබෙන්නේ විශාල විශ්වාසයක්. අපක්ෂපාතී තීන්දු තීරණ දෙමින් සම්මාන උළෙලක් පවත්වනවා පමණක් නොව මෙරට සම්මාන උළෙලවල්වලින් මෙවැනි ආකාරයට සම්මානලාභීන්ගේ නිර්දේශ නාමාවලිය ඉදිරිපත් කිරීමේ සම්මාන රාත්‍රියක් පවත්වන එකම සම්මාන උළෙලත් රයිගම් ටෙලි සම්මාන උළෙල පමණක් බව කිව යුතුයි.

ඒ නිසා මේ පුංචි තිරයේ දක්ෂයන් අතරින් දක්ෂයෝ අද සොයන එක ලේසි පහසු කටයුත්තක් නොවන බව අපි කවුරුත් පිළිගන්නා කරුණක්. මම ජනමාධ්‍ය ඇමැති වු පසු සරසවි සම්මාන හා ජනාධිපති සම්මාන උළෙලවල් පවත්වන්න කටයුතු කළා. ඒ සම්මාන උළෙලවල් දෙකෙහිම සංවිධාන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අපට තේරෙනවා මෙවැනි සම්මාන උළෙලක් පවත්වන්න තිබෙන අසීරුතාව."

මෙවර සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන ප්‍රතිභා ප්‍රභා සම්මානය නිළි රැජිණ මාලනි ෆොන්සේකා මහත්මියට ලබාදීමට කටයුතු කර තිබේ. විශේෂ ප්‍රණාම සම්මාන සංගීතඥ රෝහණ බැද්දගේ, මාධ්‍යවේදි ආචාර්ය ආරියදාස පීරිස් මහත්වරුන්ට මෙවර ප්‍රදානය කරනු ලබයි. මෙහි දී මාධ්‍ය විශිෂ්ටතා හා ටෙලි නාට්‍ය විශිෂ්ටතා අංශ සඳහා සම්මාන තිස් හතක් ද ඒ සඳහා නිර්දේශ නාම එකසිය තිස් හතක් වේ.

අවසානයේ සම්මාන සැඳෑවේ දී ජූරියේ සම්මාන දහයක්, රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන විස්සක්, ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන දහනවයක්, ජනප්‍රිය සම්මාන තුනක් ප්‍රණාම සම්මාන තුනක්, විශේෂ සම්මාන එකක් සමඟ සම්මාන පනස් හයක් ප්‍රදානය කෙරේ.

කිංඩම් රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ හා විනිසුරු මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


බෝ නොවන රෝග පාලනයට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සැසිවාරයට සහභාගි වී සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා එම සමුළුව පසුගිය 23 වැනි දා ඇමැතීය.

මේ සමුළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වීය. එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා දේශන දෙකක් පවත්වන ලදී. එක් දේශනයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැත්වූ අතර අනෙක් දේශනය සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා සහ ලතින් අමෙරිකා රටවල් වෙනුවෙන් පැවැත්වීය. සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද ඇමැතිය රාජිත සේනාරත්න මහතාය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"ධරණීය සංවර්ධනය ළඟා කරගැනීමට ජනතාව ද ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් කළ යුතුයි. එය ප්‍රවර්ධනය කළ යුතුයි. ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. සෞඛ්‍ය සේවාව නංවාලීමට ලක් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.24ක් වැය කරනවා. වසර 30ක යුද්ධයක් පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය අභියෝගයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාස්තිය හා දූෂණය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ ප්‍රාථමික මෙන්ම ද්විතීයික සත්කාරක සේවා වැඩි තිබෙනවා. මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන්නා. නැවත එය හිස එසවීමට ඉඩ ලබා දුන්නේ නෑ. බෝනොවන රෝග පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ඩෙංගු HINI වෛරස් රෝග පාලනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. ජාත්‍යන්තර සහයෝගය ද අවශ්‍යයි. නිසි කළමනාකාරීත්වය ද වැදගත් වෙනවා. රෝගීභාවය දුප්පත්වීම සඳහා බලපාන එක් ලක්ෂණයක්. එම නිසා ලක් රජය නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාවෙන් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම, පිළිකා ඖෂධ මිල අඩු කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා. එමඟින් ජනතාවට සිදු වන වැය බර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි. දුම්කොළ සඳහා බදු වැඩි කළ එකම ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එය ස්ථිර අධිෂ්ඨානයෙන් සිදු කළ යුතු වැඩපිළිවෙළක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරීම, සියයට 80ක රූපමය අවවාද, දුම්කොළ සඳහා සියයට 90ක බදු පැනවීම, සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීම සහ දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීම ලක් රජය ගත් පියවර අතර වෙනවා. මේ පියවර හේතුවෙන් රජයේ බදු ආදායම ද අඩු වුණා.

බෝනොවන රෝග පාලනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. හඳුනා නොගත් වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හඳුනා ගත් ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා."

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් පැවැත්වූ දේශනයේ දී එම රටවල් මුහුණ ‍දී සිටින සංක්‍රමණික සෞඛ්‍ය ගැටලු පිළිබඳ කරුණු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. මේ සමුළුව පසුගිය 22 වැනි දා ආරම්භ වූ අතර 31 වැනි දා දිනෙන් අවසන් වේ.


ඩග් බ්‍රේස්වෙල් පැය 100ක් මහජන සේවයට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල්ට පැය 100ක් මහජන සේවයේ යෙදෙන ලෙස නවසීලන්ත අධිකරණයක් නියෝග කර තිබේ. ඒ බීමත්ව රියපැදවීමේ වරදකට ඔහු වරදකරු වීම හේතුවෙනි.

බ්‍රේස්වෙල් වරද පිළිගෙන තිබේ. පැය 100ක මහජන සේවයට අමතරව ඔහුගේ රියදුරු බලපත්‍රයද වසරක කාලයකට අත්හිටුවීමට අධිකරණය නියෝක කර තිබේ.

පසුගිය මාර්තු 18දා ඔහු බීමත්ව රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකණය ලබාදුන් දඩුවමට අමතරව වෙනත් වෙනත් දඩුවමක් ක්‍රියාත්මක නොකරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ආපදා කලමනාකරණයට වැඩ බලන ඇමතිවරයෙක්



අපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වී ඇති බැවින්, එම. තනතුරේ වැඩ බැලීමට නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද පත්කොට තිබෙනවා. ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපාගෙන් නෙත් නිව්ස් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවා.

ආපදාවට ලක්වූවන්ට අවශ්‍ය සියළු කටයතු වැඩ බලන අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් අදාල නිලධාරීන් විසින් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

26 May 2017

උතුරේ පෙරපාසැල් නිල ඇදුමට හමුදා ලාංචන



ජායාරූපය: යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලාංචනය සහිත නිල ඇදුම.

උතුරු පළාතෙහි  ආරක්ෂක  අංශ විසින් පවතවා ගෙන යන  පෙරපාසැල් තුරුවර ගුරුවරියනට ලබා දෙන නිල ඇදුමට දැන් යුද හමුදා සිවිල් ආරක්ෂක බලකායේ ලාංචනයද ඇතුළත් කොට තිබේ.

මේබව පෙන්වන ජායාරූප ග්ලෝබල් ටැමිල් නෙට් නම් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එය කොලඹ සිට පවත්වා ගෙන යන වෙබ් අඩවියකි.

යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පෙරපාසල් 163 ක් කිලිනාච්චි දිස්ත්‍රික්කයේද 97 ක් මුලතිව් දිස්ත්‍රික්කයේද 6 ක් යාපනය දිස්ත්‍රික්කයේද පිහිටුවා ඇතැයි ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම පෙර පාසැල් පළාත් සභාව යටතට ගැනීමට නොහැකි වී ඇත්තේ මුල්‍යමය ප්‍රශ්ණ නිසා බව කියැවේ. එසේ නමුත් යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුවට මෙම පෙර පාසැල් පවත්වා ගෙන යැමට අරමුදල් සපයන්නේ කොළඹ මධ්‍යම ආණ්ඩුවයි.

ලංකාවේ වෙනත් කිසිදු පළාතක යුද හමුදාව විසින් හෝ වෙනත් රජයේ ආයතනයක් විසින් හෝ  මෙළෙස පෙර පාසැල් පවත්වා ගෙන යන්නේ නැත.

මෙම වැඩ සටහන උතුරේ ජන ජිවිතය යුද කරණය කිරිමේ වැයමක් බවට දිගින් දිගටම චෝදනා එල්ල වුවද ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

Sri Lanka Brief

සක්විතිගෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ ඉංග්‍රීසි උගන්වන මීගමුව රෝහලේ දොස්තර



මීට වසර 10 කට පමණ පෙර මීගමුව රෝහලේදී රෝගී තරුණියක දූෂණය කර ජනේලයෙන් තල්ලු කර මරා දැමීමේ සිද්ධියකට වරද කරුවූ වෛද්‍ය සුදර්ශන බාලගේ මේ වනවිට වැලිකඩ සිරගෙදර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳියි.

ඔහු වැලිකඩ සිරකරුවන්ට ඉංග්‍රීසි ටියුෂන් පන්ති පවත්වන ප්‍රධාන ගුරුවරයා බවට පත්ව ඇතැ බවද වාර්තාවේ.

2007 වසරේ ලංකාවේ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ මෙම වෛද්‍යවරයාගේ දූෂණ සිද්ධිය හෙළිදරව් වූයේ රෝහලේ සාත්තු සේවිකාවක ලබාදුන් සාක්ෂියක් නිසාය.
2007 කාලයේ සීමාවාසික පුහුණුවේ යෙදුණ මෙම වෛද්‍යවරයා රෝහලේ රෝගියෙකු ලෙස ඇතුළත්ව සිටි රූමත් ඇඟළුම් සේවිකාවක කිසිවෙකු නොසිටි මීගමුව රෝහල් කාමරයක් ඇතුළේදී දූෂණය කර පසුව රහස එළිවේයැයි සිතා ඇයව ජනේලයෙන් තල්ලූ කර මරා දැමූ බවට චෝදනාවට ලක්වූ අතර ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවමද තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර 15 ක සිර දඬුවමක්ද මීගමුව මහාධිකරණය පවරන ලද්දේ 2014 වසරේදීය.

තරුණිය සිහිනැති කොට ඝන කාඞ්බෝඩ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක කියූවත් තමා එම සිද්ධියට සම්බන්ධ නැති බවට වෛද්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි.

වෛද්‍යවරයාගේ නේවාසික කාමරයට දකුණු පසින් මියගිය කාන්තාවගේ කෙස් රොදක් බිම වැටී තිබීමත් කාඩ්බෝඩ් අත්බෑග් හා ලේපැල්ලම් හමුවීමත් මත සාත්තු සේවිකාවගේ සාක්ෂිය ප්‍රබල විය.

‘මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම  5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006 සිට මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා. මම හෙදියක සමග විවාහ වී සිටියේ. මීගමුව රෝහලේ 6 වෙනි මහලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා.සිද්ධිය දවසේ වෛද්‍ය ශිෂ්‍යයෙක් චමිලා සිතාරා කියන හයිපතයිරොයිඞ් රෝගයෙන් පෙළෙන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා.

විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් ඇය එතන සිටියේ නැහැ. මම නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගිය විට තමයි ඇය ජනේලෙකින් පැන මියගොස් ඇති බව දැනගත්තේ. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍යවරයෙක් අනේ  මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා..‘
ඔහු එදා පවසා තිබුණි.

චූදිත සීමාවාසික වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඞ්බෝඞ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු මීගමුව රෝහලේ පවිත්‍රතා අංශයේ බියට්‍රිස් මහත්මිය ලබාදුන් සාක්ෂිය අවසානයේ අධිකරණයේදී ඔප්පුවී තිබුණි.

නඩුව දිගින් දිගටම 2007 සිට 2014 තෙක් වසර 7 ක් තිස්සේ ඇදී ගිය අතර ඔහුගේ විවාහයද ඒ අතර කෙළවර වී තිබුණි.
මේ වනවිට වැලිකඩ සිරගෙදර චැපල් වාට්ටුවේ කල්ගත කරන 45 හැවිරිදි වෛද්‍යවරයා සිය කාලයෙන් වැඩක් ගන්නා අදහසින් වැලිකඩ සිරගෙදර 30 දෙනෙකුට දිනපතා සවස ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන බව පැවසේ.

ඔහුගෙන් ටියුෂන් ලබාගන්නට පැමිණෙන්නේ මරණ දඬුවම් චෝදනාවන්ට ලක්ව අභියාචනාවේ ඇප අයදුම් කර සිටින පිරිසකි.
මෙම ටියුෂන් පන්තියට තවත් සිරකරුවන් දෙදෙනෙකුද ගුරුවරු ලෙස එක්ව සිටින බව කියැවේ.

මින් ඉහත වැලිකඩ සිරගෙදර ඉංග්‍රීසි පන්ති පැවැත්වූ සක්විති රණසිංහ මේ වනවිට නිදහස ලබා පිටව ගොස් ඇති අතර ඒ වෙනුවට වෛද්‍ය සුදර්ශන ප්‍රධාන ගුරුවරයා ලෙස කටයුතු කරන බව වාර්තාවේ.

ලංකාවේ ජනප්‍රිය පිරිමි රූමතියට ආපු ලිංගික යෝජනා ගැන හෙළිදරව්වක් | PHOTOS



ශ්‍රී ලංකාවේ ද ලිංගික සංක්‍රාන්තියට පත් වූ බෝගො දෙනෙක් සිටිනවා. ඔවුන්ට සමාජයෙන් ඇතිවන ගැටලු ගැන ප්‍රසිද්ධියේ කතා කළ කෙනෙක් තමයි භූමි හරේන්ද්‍ර‍ කියන්නේ. ඇය ඒ නිසාම නිළියක්, ගායිකාවක් තරමටම ජනප්‍රිය වුණා. 

ඇය පසුගිය දිනක විවාහය ගැන සහ පෙම්වතුන් ගැන පවසා තිබෙනවා. මේ ඇය ඒ ගැන කියපු කතාව.

මම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගියේ. මට කවදාවත් පෙම්වතියක් ඉදලා නැහැ. දන්න දවසේ ඉදලා මගේ හිතගියේ පිරිමි ළමයින්ට. පාසලේ හිටියා දක්ෂ ළමයෙක්. මුලින්ම හිත ගියේ එයාට. ඒක ආදරේකට වඩා ආකර්ෂණයක් කිවුවොත් හරි. මම එයාට කිවුවා මම ආදරේ කරනවා කියලා. ඒ යෝජනාව එයා ප්‍ර‍තික්ෂේප කළා. ඒවගේම ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා.

මට දැන් පෙම්වතෙක් ඉනන්වා. අපි ආදරේ කරන්න අරන් මාස 08 ක් විතර ඇති. අපි හොද අවබෝධයක ඉන්නවා. එයා මට ආරේ කරන්නේ මගේ පෞරුෂයට කියලයි කිවුවේ. මේ මගේ තුන්වැනි පෙම්වතා. ප්‍ර‍ථම ප්‍රේමය අහිමි වෙද්දී නම් දුකක් දැණුනා. මමත් ආසයි විවාහ ජීවිතයක් ගත කරන්න. නමුත් ඒකට කාලයක් එයි. මොනා වෙයිද කියන්න දන්නේ නැහැ.

ආදරයට වඩා රාගයට ඇරයුම් ලැබෙනවා. ආදරයට වඩා රාගය දෙන්න, ඕන තරම් අය මගේ ළගට එනවා. කෙළින්ම වගේම ව්‍යංගයෙන් රාගයට ඇරයුම් ලැබෙනවා.

අශෝබන විදියට යෝජනා ගේන අයත් ඉන්නවා. යෝජනා කරන ස්වරූපය අනුව තමයි මමත් කතා කරන්නේ. සමහර අයට මම බනිනවා. සමහර අයට මම යෝජනා ප්‍ර‍තික්ෂේප කරන්නේ කරුණාවෙන්.









හදිසි තත්ත්වයක් යයි සලකා රාජ්‍ය සේවක නිවාඩු අවලංගු කරයි



අධික වර්ෂාව නිසා ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට. තීරණය කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (26) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ආපදා තත්ත්ව ඇති වූ ප්‍රදේශවල දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කරන බව ද ඔවුන් වහාම තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බවද අමාත්‍යවරයා එහිදි කීවේය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබූ රැස්වීමකින් අනතුරුව අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම කරුණු කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආපදා තත්ත්වය හේතුවෙන් සියලු චක්‍රලේඛ අවලංගු වූ බව සලකා කටයුතු කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ද ඕනෑම රාජ්‍ය නිලධාරියකුට සාමාන්‍ය නීති රීතිවලින් බැහැරව ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බව ද අමාත්‍යවරයා එහිදි කීවේය.

ආපදා තත්ත්වයක් හේතුවෙන් යම් නිලධාරියකුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ හෝ ඇයගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව ද අමාත්‍යවරයා එහිදි කීය. ආපදා තත්ත්වලට මුහුණ දී සිටින ප්‍රදේශවල නිලධාරීන්ගේ යම් හිඟයක් ඇති නම් රජයේ ඕනෑම විශ්‍රාමික නිලධාරියකු සේවයේ යොදවා රාජකාරි කටයුතු ඉටු කිරීමට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම ආපදා තත්ත්වය හදිසි ආපදා තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස සලකා ජනතාවට සහන සැලැසීම සඳහා සක්‍රීයව දායක වන ලෙස සියලු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද නිවාඩු අනුමත කිරීමේ බලය අදාළ ආයතන ප්‍රධානීන්ට හිමිවන බව ද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.

ඉදිරි පැය 48දී මහා ගංවතුර අවධානමක්

ඉදිරි පැය 48 තුළදී දිවයිනේ සියලුම ගංඟා අවට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 ඒ අනුව ගංඟා ආශ්‍රිතව පදිංචි සියලුම පවුල්වලට තම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස රජය දැනුම් දෙයි.

ගංවතුර තර්ජනය ඇති සෑම ප්‍ර දේශයකම පාසල් වසා දමා එම ස්ථානයන්හි අවතැන් ජනතාවට ඉඩ ලබා දී ඇත.

තම්ල්නාඩුව කළඹමින් රැජිනිකාන්ත් මහ ඇමති සටනට



දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් එළඹෙන මැතිවරණයේදී නව පක්ෂයකින් තමිල්නාඩු මහ ඇමති ධුරය සඳහා තරඟ කරන බවට වාර්තා වීමත් සමඟ දකුණු ඉන්දීය දේශපාලන වේදිකාව උණුසුම් වී ඇතැයි වාර්තා වේ.

රැජිනිකාන්ත් දේශපාලනයට පිවිසීමට නියමිත බව වාර්තා වීමත් සමඟ එරට TMP පක්ෂයේ ක්‍රියාකාරීන් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. TMP පක්ෂයේ සාමාජිකයින් විසින් රැජිනිකාන්ත්ගේ පඹයකු පුළුස්සා ඔහු දේශපාලනයට පිවිසීම ගැන දැඩි විරෝධයක් පල කර තිබේ. ඉන් ඇතැමෙක් රැජිනිකාන්ත්ගේ නිවෙසට ඇතුළුවීමටද තැත් කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 200 දෙනෙකු යෙදවීමට පියවර ගෙන තිබේ.

රැජිනිකාන්ත් කර්ණාටක ප්‍රාන්තයේ සිට තමිල්නාඩුවට පැමිණි පුද්ගලයෙකු බැවින් තමිල්නාඩු දේශපාලනයට එවැන්නකු අවශ්‍ය නොවන බව විරෝධතාකරුවෝ සඳහන් කරති.

කෙසේ වෙතත් දකුණු ඉන්දීය සිනමාවේත් රැජිනිකාන්ත් ලබා ඇති අධික ජනප්‍රියත්වයත් තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ධුරය පිලිබඳ ඇති වී තිබෙන අර්බුධයත් හේතුවෙන් ඔහුට ඊළග මහඇමති වීමේ අවස්ථාවක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi ට මාස 21 ක සිරදඬුවමක්



ක්‍රීඩා ලෝකයේ ඉතා ඉහළම කීර්තියක් සහිත පාපන්දු ක්‍රීඩකයන් කීප දෙනා අතරට ඇතුළත් වෙන ලියනොල් මෙසීට (Lionel Messi) එරෙහිව පහළ උසාවියක් දී තිබුණ මාස විසි එකක සිර දඬුවමක් ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආර්ජන්ටිනා ජාතික ලියොනල් මෙසී එවැනි සිර දඬුවමකට යටත් කරන ලද්දේ බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට ඇතුළත් නොවන වරදක් සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවන් කෙරෙන පුද්ගලයන්ට පිරිනැමෙන අධිකරණ සහනයක් යටතේ ලියොනල් මෙසීට එරෙහි සිර දඬුවම වසර දෙකක කාලයකට අත්හිටුවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

ඩොලර් හතළිස් ලක්ෂයක් පමණ බදු මුදල් ගෙවනු ලැබීම පැහැර හැර ඇතැයි පවසමින් ලියොනල් මෙසී සහ ඔහුගේ පියා ජෝර්ජ් ට එරෙහිව ඉදිරිපත් කොට තිබුණ පළමු චෝදනා ‘බාසිලෝනා’ නගරයේ උසාවියක් මගින් විභාග කරන ලද අතර ඔවුන් දෙදෙනා එම චෝදනාවට වැරදිකරුවන් වන බව එම අධිකරණයේ තීන්දුව විය.

ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරන ලද්දේ එම පළමු අධිකරණ තීන්දුවයි.