15 May 2017

ගෝල්ෆේස් ආපු ඔළුගෙඩිවලට ජනපති ඡන්ද පෙට්ටි පෙන්නයි

දේශපාලන රැළියකට සහභාගීවන ජන ප‍්‍රමාණය අනුව මැතිවරණයක ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තීරණයකට. එළඹිය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “ආණ්ඩුවට විරුද්ධව අදහස් දරන අය ඉතාම පහත් විදිහටයි විවේචන කරන්නේ. මැයි දිනයට ගෝල්ෆේස් එකට ආපු ඔළුගෙඩි සංඛ්‍යාවෙන් සමහරු හිතුවා පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මගේ රැස්වීම්වලට වඩා අතිවිශාල ජනතාවක් හිටියේ කාගේ රැස්වීම්වලටද කියලා කියන්න ඕනෙ නැහැනේ. හැබැයි ඡන්ද ප්‍රතිඵලය කුමක්ද?. ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ මේ රටේ ජන සංයුතිය, ආගමික පසුබිම, සංස්කෘතික තත්ත්වයන්, ජනවාර්ගික ප්‍රශ්න ආදී මේ සියල්ල අනුවයි. ඒක නිසා පිට්ටනියකට සෙනග ගෙනල්ලා ආණ්ඩුවක් හදන්න හිතනවා නම් ඒක ලොකු විහිළුවක්.” යනුවෙනි.

ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය විධිමත් වැඩපිළවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කළා.

No comments:

Post a Comment