14 May 2017

ලෝක මූල්‍ය කාර්ය සාධක බළකායෙන් ඇගැයුමක්


කළු සල්ලි සුදු කිරීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි ගනුදෙනු වැළැක්වීමට ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ ලෝක මූල්‍ය කාර්ය සාධක බළකායේ ඇගැයීමට ලක්වී ඇත.

1989 වසරේදී G - 7 රටවල් එක්වී අන්තර්ජාතික රාජ්‍ය ආයතනයක් ලෙස පිහිටුවනු ලැබු ලෝක මූල්‍ය කාර්ය සාධක බළකායේ සම්මුතීන් තමන් පිළිගන්නා බවට ශ්‍රී ලංකාව 1997 දී ප්‍රකාශ කරන ලදී. ඒ ආසියා හා ශාන්තිකර කලාපයට අයත් මූල්‍ය කාර්යසාධක බළකායට සමගාමීව පිහිටුවා ඇති කලාපීය නිරීක්ෂණ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් ලෙස එක් වෙමින් මේ බව සනාථ කරන ලදී.

එලෙස අන්තර්ජාතික සම්මුතින් පිළිගන්නා ශ්‍රී ලංකාව තවදුරටත් වඩාත් ඉහළ කාර්ය සාධනයක් සහිත රටක් බවට පත්වීමට මේ පිළිබඳව වූ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව ක්‍රියාත්මක කළ යුතු බව ලෝක මූල්‍ය කාර්ය සාධක බළකාය පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment