30 June 2017

නිල් චිත්‍රපට නිලියක් දෙමාපියන්ගෙන් ඉල්ලන ආන්දෝලනාත්මක ඉල්ලීම


ලොවපුරා ඇති වී තිබෙන තාක්ෂණිය දියුණුවත් සමඟ කුඩා දරුවන්ට නිල් චිත්‍රපට නැරඹීම සඳහා ඇති ප්‍රවේශය සහ ඉඩකඩ ඉහළයි. බොහෝ දරුවන් ලිංගිකත්වය යනු කුමක්ද යන්න ඉගෙනගන්නේ නිල් චිත්‍රපට බැලිමෙන්.

වයස අවුරුදු 10 – 18 අතරේ පසුවන දරුවන් සිටින මවක් හෝ පියෙකු නම් ඔබ ඔබේ දරුවා නිල් චිත්‍රපට නරඹා වැරදි ආදර්ශයන් ලබාගන්නා තෙක් නොසිට සිය දරුවන්ට ඒ පිළිබඳව පැහැදිලි කරදීම වැදගත්.

නිල් චිත්‍රපට යනු හුදෙක්ම රංගනයක් පමනයි. සැබෑ ලෝකයේදී එම ක්‍රියාවලිය සපුරා වෙනස්.

මේ පිළිබඳව අවධානය යොමුකල ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක් වන මොනික් ඇලෙක්සැන්ඩර් විසින් දෙමාපියන් දැනුවත් කරන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත්කර තිබේ.

වර්තමාන තාක්ෂණයත් සමඟ දරුවන් නිල් චිත්‍රපට නැරඹීම නතර කිරීම අපහසු දෙයක් නොව කල නොහැකි දෙයක්. අවශ්‍ය වනුයේ ඔවුන්ට නිසි අවබෝධය ලබාදීමයි. ඒ සඳහා බුද්ධිමත්ව ඔබේ කාලය කැප කරන්න.

Twitter video is loading

මැතිවරණ ගැන තීන්දු ගන්න අධිකරණ පද්ධතියක් ඇති කල යුතුයි : පැෆරල් සංවිධානය


මෙරට මැතිවරණ ක්‍රියාවලිය ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට විශේෂිත වූ අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය පවතින බැවින් එය තහවුරු වන පරිදි එම ආයතන ක්‍රියාත්මක කළ යුතු බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ වත්මන් රජය මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උල්ලංඝණය කරමින් සිටින බවයි.

සෙක්ස් කරනව ලයිව් පෙන්නල පැය භාගෙන් 10000ක් හොයන ලංකාවේ කපල් මෙන්න

සිය බිරිඳ හෝ පෙම්වතිය සමඟ සිදුකරන ලිංගික සංසර්ගය ෆේස්බුක්, Watsapp හෝ ස්කයිප් තාක්ෂණයන් හරහා සජිවීව ලෝකයේ අදාළ සේවය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකුට පෙන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වී තිබේ.

දැනට මෙම සේවාව සැපයීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ සාමාජිකයින් 18 දෙනෙකු (ජෝඩූ) එම තැරැව්කරු සමඟ ලියාපදිංචි වී ඇති බවටද අනාවරණය වී තිබේ.

පැය බාගයක කාලයක් මෙලෙස එක් ලිංගික දර්ශණයක් සජීවීව විකාශය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 30 – 50 (රුපියල් 4500 – 7500) අතර මුදලක් අය කෙරෙන අතර තැරැව්කරු විසින් කොමිස් මුදලක් ලබාගෙන පාර්ශ්වයන් සම්බන්ධකරනු ලබයි. එලෙස සම්බන්ධ කිරීමෙන් පසුව තැරැව්කරුගේ සහයෝගයකින් තොරව අදාළ පාර්ශවයන් ද්විත්වය සෘජුව ගණුදෙනු කරන බවත් වෙස්ටර්න් යූනියන් වැනි මාධ්‍යයන් හරහා මුදල් මෙරටට ගෙන්වා ගන්නා බවටද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම සේවය සපයන පුද්ගලයින් ආසන්න වශයෙන් මසකට ලක්ෂයක පමණ ආදායමක් උපයන බවත් සමහරක් රටවල මෙය ඉතා සුලභව සිදුවෙමින් පවතින බවත් වාර්තා වී ඇත.

වයස්ගත යුරෝපානු ජාතිකයින් දකුණු ආසියාතික රටවල කාන්තාවන්ගේ සමේ පැහැයට රුචිකත්වය දැක්වීම නිසා මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර අදාළ මුදල් ගෙවීම් සහ සේවා සැපයීම් ඉතාම රහසිගතව සහ විශ්වාසනීයත්වයකින් යුතුව සිදුවීම නිසා මෙය ක්‍රමිකව වර්ධනය වෙමින් තිබේ.

අදාළ සේවාව සපයන අවස්ථාවේදී විශේෂිත මුහුණු ආවරණ පැළදීමට අවකාශය ලබා දෙන නිසා බොහෝ දෙනෙකු මේ සඳහා පෙළඹී ඇත.

ලිංගික දර්ශණ පටිගත කිරීම සහ ලගතබා ගැනීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව බරපතල වරදක් වන අතර මෙවන් ජාවාරම් හසුවුවහොත් දැඩි දඩුවම් හිමිවනු ඇත.

ලොවට ඇති බරපතලම අනතුර අභ්‍යවකාශයේ සිට එන ග්‍රාහකයි

 අද දවසේ මිනිසා මුහුණදී සිටින බරපතලම අභියෝගය හා අනතුර අභ්‍යවකාශයේ සිට පැමිණෙන හඳුනා නොගත් ග්‍රාහක බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

වර්තමාන ලෝකය මුහුණදෙන යුද්ධ, ත්‍රස්තවාදී තර්ජන, සතුරු රාජ්‍ය ආදී විවිධ අභියෝග සම්බන්ධයෙන් මාධ්‍ය තුළ හා ජනසමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුවද, ඒ සියලු අභියෝග හා අනතුරු මෙම දැවැන්ත අභියෝගය හමුවේ සුළු සිද්ධීන් පමණක් බවද සඳහන් වේ.

අදට (30දා) යෙදෙන ජාත්‍යන්තර ග්‍රාහක දිනය(International Asteroid Day) වෙනුවෙන් අදහස් දක්වන යුරෝපා අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (ESOC)ප්‍රධානී රොල්ෆ් ඩෙන්සින්ග් පවසන්නේ, 'ඉතාම ආසන්නතම දිනකදී හෝ පසුවට හෝ අප ජීවත්වන පෘථිවිය කුඩා හෝ විශාල ග්‍රාහක ඝට්ඨනයකට මුහුණදෙනු ඇති' බවයි.

පසුගිය වර්ෂ බිලියන 4.5ක කාලය තුළදී පෘථිවිය අවස්ථා කිහිපයකදීම ග්‍රාහක බලපෑම්වලට ලක්ව ඇති අතර, පෘථිවි තලයෙන් ඩයිනෝසරයන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමටද ග්‍රාහක ඝට්ඨනයක් හේතු වූ බවට විවිධ අදහස් හා පර්යේෂණ දත්ත විද්‍යාඥයන් මතුකර තිබුණි.

තාරකා භෞතික විද්‍යාඥයන්ට අනුව අභ්‍යවකාශයේ රැඳුණු බොහෝ ග්‍රාහක ප්‍රමාණයෙන් කිලෝ මීටරයක් පමණ වුවද, මේ වනවිට මීටර් 140ක පමණ කුඩා ප්‍රමාණයේ ග්‍රාහකයක් වුවද පෘථිවිය හා ඝට්ඨනය වීමෙන් ඇති කළ හැකි හානිය වචනයෙන් විස්තර කළ නොහැකි එකක් බවද සඳහන් වේ.

එමෙන්ම, ලෝකය මීළඟ ග්‍රාහක ඝට්ඨනයට මුහුණදෙන අවස්ථාව හෝ දිනය ගැන කිසිවෙකු නොදන්නා බවද පෙන්වා දෙන විද්‍යාඥයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙසේ ග්‍රාහක පෘථිවිය කරා පැමිණීමේ අනාවැකි පළ කිරීම හා ඒවාට බාධා කිරීම සඳහා පිළියම් සෙවීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් ලෙස ඔවුන්ද දැඩි පීඩනයකින් යුතුව කටයුතු කරමින් සිටින බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ESOCප්‍රධානී රොල්ෆ් පවසා සිටියේ, "එය අප ජීවත්ව සිටින කාලයේදී සිදු නොවිය හැකි වුවත්, ග්‍රාහකයක් පෘථිවිය හා ගට්ඨනය වන දිනයේදී සිදුවන විනාශය අප මුහුණදෙමින් සිටින සියලු අභියෝගවලට වඩා ප්‍රබල වේවි. එසේ වන්නේ මෙවැනි අනතුරක් පිටුදැකීම සඳහා අපට දැනට ගතහැකි ආරක්ෂක පියවර ඉතාමත්ම සීමිත වන නිසයි.

අපට පිටස්තර ග්‍රාහකවලින් පෘථිවිය ආරක්ෂා කරගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් හෝ ආරක්ෂණ සැලැස්මක් තවම නැහැ. ඒ සඳහා අපි කොහෙත්ම සූදානම් නැහැ. විද්‍යා ප්‍රබන්ධවල සඳහන් වූ ආකාරයට ලේසර් කිරණක් මගින් පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකය දවා හලු කිරීම හෝ එහි ගමන් මාර්ගය වෙනස් කිරීම හෝ ගැන අපි කතා කළත්, මුලින්ම අප කරා පැමිණෙන අවදානම හඳුනාගැනීමටවත් අප සමත් විය යුතුයි." යනුවෙනි.

අයි.එස්. ඉස්ලාම් රාජ්‍යය බිඳ වැටේ

මොසූල් නුවර කේන්ද්‍ර කොට ගනිමින් දයේෂ් හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පිහිටුවා ගත් ‘ඉස්ලාමීය රාජ්‍යය’ බිඳ වැටී ඇති බවත්, අයි.එස්. ත්‍රස්තයන්ගේ අවසානය සනිටුහන් කළ බවත්, ඉරාක අගමැති හෙයිඩර් අල් අබාදී ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය.

අයි.එස්. නායක අල් බැග්ඩෑඩි ප්‍රමුඛ සටන්කාමීන්, ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවා ගෙන තිබුණේ මොසූල් නුවර ‘අල් නූරි’ මුස්ලිම් දේවස්ථානය ද එක් කර ගනිමිනි. මේ වනවිට ඉරාක හමුදා, ඔවුන්ට සහාය දක්වන සෙසු සටන්කාමීන් ද සමඟ එක් වී, මෙම දේවස්ථානය අත්පත් කර ගෙන සිටින බව පැවැසෙයි.

‘සටන් අවසන් නැහැ. අපි දයේෂ් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දමන තුරු සටන් කරනවා. පණ පිටින් අල්ලා ගන්න පුළුවන් අය අල්ලා ගන්නවා. අවි බිම නොදමන අයට කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ.’ යැයි අගමැති හෙයිඩර් අල් අබාදී ත්‍රස්තයින්ට අනතුරු ඇඟවීමක් ද කළේය.

මොසූල් නුවර මේ අයුරින් මුදා ගැනීමට ඉරාක හමුදාව සහ රජය සමත්වීම විශාල ජයග්‍රහණයක් යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මොසූල් නුවර අයි.එස්. හෙවත් දයේෂ් ග්‍රහණයට පත් වූයේ 2014 වසරේදීය.

(ප්‍රෙස් ටීවී)

හෙලිකොප්ටර් නැවැත්වීමේ අංගණයන් ඇතුළු නවීන් යුධ අවි වලින් පිරි සුපිරි යුධ නෞකාවක් රුසියාවෙන් ලංකාවට | PHOTO


හෙලිකොප්ටර් නැවැත්වීමේ අංගණයක්, සැටලයිට් පහසුකම් මෙන්ම නවීන යුද අවි වලින් සමන්විත,රුසියාවේ නිෂ්පාදනය කරන ගෙපාර්ඩ් 5.1 නවීන යුද නෞකාව ලබාගැනීමට ශ්‍රී ලංකාව රුසියාව සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව රුසියාවේ ස්පුටිනික් පුවත් සේවය පවසනවා.

මෙසේ මිලට ගැනීමට සූදානම් වන්නේ ගෙපාර්ඩ් 5.1නැමති නවීන යුද නෞකා කිහිපයකුයි.

මේ පිළිබඳව අදහස් දක්වන රුසියානු ෆෙඩරල් සේවයේ ආරක්ෂක –  තාක්ෂණික සහයෝගයේ මාධ්‍ය ප්‍රකාශිකා මාරියා වොලොබෙයාවා සඳහන් කරන්නේ රාජ්‍යකින් රාජ්‍යයට එකඟත්වය යටතේ ගෙපාර්ඩ් නෞකා ශ්‍රීලංකාවට ලබාදීමට නියමිත බවයි.

මේ පිළිබඳව ශ්‍රි ලංකා රජය හා රුසියානු රජයේ අදාළ අංශ සමග සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් ඒ සඳහා රුසියාවේ මුදල් අමාත්‍යාංශයද එක්ව තිබෙන බවත් ඇය  වැඩිදුරටත් සඳහන් කරන්නීය.


 

ත්‍රීවිල් ගමන් පරිස්සමින් - ඇමෙරිකානුවන්ට උපදෙස්

 ශ්‍රී ලංකාව තුළ කුලී ත්‍රිරෝද රථ භාවිතයේදී ඉතා පරිස්සමින් කටයුතු කරන ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට වාසය කරන සහ සංචාරය සඳහා පැමිණෙන ඇමෙරිකානුවන්ට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ ප්‍රදේශයේ කුලී රථ සේවයේ යෙදෙන ඇතැම් රියදුරන් මගී කාන්තාවන්ව අයුතු ලෙස අතපතගෑම් සිදුකරන බව පවසමින්, තම රට වැසියන්ට පෞද්ගලික ආරක්ෂාව සලසා ගැනීම සඳහා උපදෙස් මාලාවක් ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය 26දා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙවැනි තත්ත්ව ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස සිය රටවැසියන්ට උපදෙස් දෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මහමඟදී හෝ නිවසේදී අපරාධකරුවන්ගේ ගොදුරක් වීමෙන් වළකින ලෙසත් කියා ඇත. ඒ අනුව, මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද තානාපති කාර්යාලය කියයි.
  •     කොළඹ ඇතුළතදී කාන්තාවන් තනිවම ත්‍රීරෝද රථයකින් ගමන් කිරීමෙන් වළකින්න.
  •     ඔබට තනිවම ගමන් කිරීමට සිදුවුවහොත් (විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී) සාමන්‍ය කුලී ත්‍රිරෝද රියක් නොව ඔබේ ගමන්මග නිරීක්ෂණය කෙරෙන සමාගමක් මගින් ඇණවුම් කරනලද කුලී රියක් පාවිච්චි කරන ලෙසත්, එම අදාළ ගමන පිළිබඳව පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් දැනුම්වත් කරන්න.
  •     කුලී රථයට ඇතුල් වීමට පෙර රියැදුරාගේ සහ වාහනයේ අංකයේ පින්තූරයක් ලෙස ලබාගන්න.
  •     මෙවැනි බොහෝ සිදුවීම් ගමනාන්තයේදී වාර්තා වී ඇති බැවින් සංචාරයක් අවසානයේදී විශේෂ සෝදිසියකින් පසුවිය යුතු අතර, කුලී ත්‍රිරෝද රථය තුළ ගත කරන කාලය අවම කරගත යුතුය.
  •     ගමන් මළු වැනි දෙයක් යොදා ගනිමින් රියැදුරා සහ මගියා අතර පරතරයක් තබාගන්න.
  •     යමක් සිදුවුවහොත් බලය පාවිච්චි කිරීමට පසුබට නොවන්න. අනතුරක් වේනම් කෑ ගසන්න. දැඩිව කටයුතු කරන්න. ආත්මාරක්ෂාව සඳහා පෙරළා පහර දෙන්න. එවැනි පියවරකදී සිද්ධිය කෙරෙහි සෙසු ජනයාගේ අවධානය යොමුවනවා සේම, ප්‍රහාරකයා තිගැස්මකට පත්වීමද සිදුවෙයි.
  •     හදිසි ඇමතුමක් ලබාදීමට හැකි ලෙස ඔබේ වටපිටාව මෙන්ම, ඔබ සිටින ස්ථානය පිළිබඳ අවධානයෙන් ඉන්න.
  •     වටිනා රන් ආභරණ සහ විශාල මුදල් ප්‍රමාණයක් තමා සන්තකයේ ඇති බව පෙනෙන්නට සැලැස්වීම තමන් අපරාධකරුවකුගේ ගොදුරක් වීමට ඇති ඉඩකඩ වැඩි කරන්නකි.
  •     නිවසේ සිටින විට දොරගුළු ලා සිටින්න.
  •     එසේම, සිය ජංගම දුරකථනය අවශ්‍ය මොහොතක වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැටරි බලය සහිත බව සහතික කරගන්න. එසේ නැත්නම් අතිරේක අමතර බැටරි චාජරයක් ළඟ තබාගන්න. එමෙන්ම, හදිසියකදී සම්බන්ධ කරගත යුතු සමීපතමයන්ගේ අංක දුරකථනයට ඇතුළත් කර තබාගන්න.
ආරක්ෂාවට අදාළ පණිවුඩ ලබා ගැනීම සහ අවදානමකට ලක් වූ පුද්ගලයා සිටින තැන සොයා ගනු ලැබීම පහසු කිරීම සඳහා 'The Smart Traveler Enrollment Program' (STEP) වැඩ සටහනට ඇතුළත් වෙන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ජනරජයේ වෙසෙන සිය රටවැසියන්ට මෙහිදී උපදෙස් ලබාදී තිබේ. STEP යනු විදේශගත ඇමෙරිකානු පුරවැසියන්ට ඔවුන්ගේ සංචාර පිළිබඳව ළඟම පිහිටි සිය තානාපති කාර්යාලය සම්බන්ධ කෙරෙන ගාස්තු අය නොකෙරන වැඩසටහනකි.

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව ඉලක්කම්වලින් ලියන්න පුළුල් තිරයත් මදි වේවි

තමා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පාලනය යටතේ ඔහුගේ බෑනාගේ සමාගමත් සමඟ සිදුකළ ගනුදෙනු කිහිපයකින් සිදුවූ ක්ෂණික අලාභය පමණක් බවත් එකී ගනුදෙනුවලින් දිගින් දිගටම වසර 30ක් පුරා සිදුවන අලාභය ගණනය කළා නම් ඒ ඉලක්කම් ගණන ලියන්නට පුළුල් තිරයද ඉඩ මදි වනු ඇති බවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිගණක අංශයේ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත ද අල්විස්  (28) මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු පෙරදින සාක්‍ෂි දුන් වසන්ත ද අල්විස් මහතාගෙන් එකී සාක්‍ෂියේදී සඳහන් කරන ලද කරුණු සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීම ඊයේ දිනය පුරාම සිදුවිය.

ඉහත පිළිතුර වසන්තද අල්විස් මහතා ඔහුට ලබා දුන්නේ පෙර දිනයේදී තමා විසින් පෙන්වා දෙන ලද තරම් විශාල අලාභයක් එම ගනුදෙනුවලින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව නැති බවට කරන ලද යෝජනාව ප්‍රතික්‍ෂේප කරමිනි.

කොමිසම එහි සභාපති ජේ‍ෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි  ප්‍රධානත්වයෙන් හා එහි සෙසු සාමාජික කොමසාරිස්වරුන් දෙදෙනා වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ අයගෙන් සමන්විත වේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මෙහෙයවීමෙන් සාක්‍ෂි දුන් වසන්ත ද අල්විස් මහතා හරස් ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේද කියා සිටියා.

"මා මෙම කොමිසම හමුවට පැමිණ මෙම තොරතුරු අනාවරණය කරන්නේ ඔබතුමා මෙන් කාගෙන්වත් ලබාගන්නා ගාස්තුවක් වෙනුවෙන් නොවේ. මා මගේ රට වෙනුවෙන්. රටට මෙම දූෂිත ගනුදෙනුවලින් සිදුවූ බරපතළ හානිය පියවා ගැනීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම තොරතුරු ඉතාමත්ම ප්‍රයෝජනවත් වන නිසයි ඉදිරිපත් කළේ.

මා කුමන අවදානමකට වුවත් මුහුණ දීමට සූදානම් නිසයි මෙලෙස විශ්වසවන්තවම ගරු කොමිසම හමුවේ මේවා හෙළිකරන්නේ. මෙම ගරු විනිශ්චයකාර තුමන්ලා ගැන තිබෙන අසීමිත විශ්වාසය නිසයි මා තීරණය කළේ කොමිසම හමුවේ නිර්භයව මේ කරුණු ප්‍රකාශ කළ යුතුයි කියා."

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා:-

ඔබ පෙන්වා දෙන්නේ එම ගනුදෙනුවල ගණන් හිලව්වල "වෙනස"යි එය අලාභය නොවෙයි.
සාක්‍ෂිකරු: වෙනස තමයි අලාභය වෙන්නේ. වෙනසක් නැත්නම් අලාභයක් නැහැ. මේ වෙනස තුළින් තමයි මෙතරම් බරපතළ මූල්‍ය විනාශයක් සිදුව ඇති බව පෙනෙන්නේ.

සභාපති විනිසුරු: එය එකක් හැටියට හෙවත් අලාභයක් හැටියට තමයි ලංකා සෙට්ල්ස් සිස්ටම් වලින් දක්වා ඇත්තේ.

දිගින් දිගටම නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ යෝජනා ප්‍රතික්‍ෂේප කරමින් වසන්ත ද අල්විස් මහතා මෙම ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකර ඇත්තේ ඉතා සූක්‍ෂ්ම ලෙස සැලසුම්කොට එකම රටාවකට ඒවා සිදුවීමෙන්ම තහවුරු වන බවද ප්‍රකාශ කළේ.

කොමිසම ඊයේ (29) යළි රැස් විය.

මහාචාර්යවරු හා වෘත්තිකයින් පමණක් සිටින පක්ෂයක්


විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් පමණක් සැදුම්ලත් ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ජූලි මස 04 වැනිදා එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

පක්ෂයේ සියලුම නිලතල මෙම කණ්ඩායම්වලට හිමිව තිබෙන අතර, එම පක්ෂයේ ප්‍රධාන අරමුණු වී තිබෙන්නේ ජනතා සුභසාධනය සිදු කරමින් දේශපාලනයේ නිරත වීම සහ ජනතාව නිවැරදි දේශපාලන ප්‍රවේශයකට යොමු කිරීම බව එම පක්ෂයේ විධායක සභාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස ජූලි 04 වැනිදා එළිදක්වන මෙම පක්ෂයේ නායකත්වය මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි මහතා විසින් හොබවනු ලබයි.





සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු කරන්නේ නැහැ : ඇන්ජලෝ මැත්ව්ස්

 සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු නොකරන බවත්, තරගාවලිය 5-0ක් ලෙස ජයගත හැකිනම්, එය ධනාත්මක සාධකයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැත්ව්ස් පැවසීය.

ශ්‍රී ලංකාව හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගය පිළිබඳව අද (29දා) පැවති මාධ්‍ය සාකච්චාවේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්,

"අපි සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු කරන්නේ නැහැ. අපිට මෙම තරගාවලිය 5-0ක් ලෙස ජයගත හැකිනම් එය ධනාත්මක සාධකයක් වේවි. අපි අපේක්ෂා කරනවා එය සිදුකිරීමට. ඒ වගේම සිම්බාබ්වේට එරෙහිව හොඳ තරගයක් ලබාදෙන්නත් අපි සූදානම්. නමුත් ගාල්ල ක්‍රීඩාංගණයේ 2000 වසරෙන් පසු එක්දින තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ඒ කෙරෙහි අවධානය යොමුවෙලා තිබෙනවා.

සංචිතයට ඇතුලත්ව සිටින අකිල ධනංජය මේ අවස්ථාවේ ඉතා හොඳින් පන්දු යවනවා. අපි ඔහුව සිම්බාබ්වේ තරගාවලියේදී යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංචිතයේ ඉන්න අමිල අපොන්සු හා ලක්‍ෂාන් සඳකැන්ද ඉතා හොඳ යවන්නන්.

අපි පිතිකරණය සම්බන්ධයෙන් ලොකු අත්හදා බැලීම්වලට යන්නේ නැහැ. ධනුෂ්ක හා දික්වැල්ල අද තරගය ආරම්භ කරන අතර, මමත් උපුල් තරංගත් මැදපෙළ ශක්තිමත් කරන්න ක්‍රීඩා කරනවා. ඊට අමතරව අපිට ඉන්නවා ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග හා අසේල ගුණරත්න. කපුගෙදර හා කුසල් ජනිත් ආබාධයකට ලක්වෙලා තිබෙනවා. කුසල්ට සමස්ත තරගාවලියම අහිමිව තිබෙනවා. ඔහුට සති 8ත් - 12ත් අතර කාලයක් විවේක ගන්න වේවි. අපි ඔහුව ඉන්දියානු සංචාරය සඳහා එක්කර ගන්නවා.

ඒ වගේම අපේ වේගපන්දු යවන්නන්ගේ කාර්යභාරය හා ඔවුන්ව භාවිතා කිරීම කළමනාකරණය කළ යුතුව තිබෙනවා. පන්දු රැකීම ගැන කථා කළොත්, තනි තනි ක්‍රීඩකයා විසින් වර්ධනය කරගත යුතු කරුණක්. අපි පන්දු රැකීමට වැඩි අවධානයක් යොමු කළා. කිසිම ක්‍රීඩකයෙක් හිතා මතා උඩපන්දු අතාරින්නේ නැහැ. අවාසනාවකට අපි ඒ වැරැද්ද තවමත් කරනවා.

තෝරාගෙන ඉන්න ක්‍රීඩකයන් 14 දෙනාටම ඕනෑම අවස්ථාවක ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙනවා. වනිදුට ක්‍රීඩා කරන්න අවස්ථාව දෙනවද කියන එක තේරීම් කමිටුව තීරණය කරාවි. වනිදු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු හෝ ළහිරු මධුසංක යන ක්‍රීඩකයන් දෙදෙනාටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙනවා."

ඩෙංගු රෝගීන් ගණනයත් අත්හැරලා


 ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ගණනය කිරීම පවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු වැලඳුණු රෝගීන් 75,000කට ආසන්න ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. මීට අමතරව 205කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙන බවද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකයේ නිල වෙබ් අඩවිය හරහා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය දෛනිකව වාර්තා කරනු ලබයි.

එහෙත් මේ මාසයේ 23 වැනිදායින් එම නිල වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමද අත්හැර තිබෙන අතර, දැනට පවතින දත්ත ඇතුළත් කිරීමට අනුව ඩෙංගු රෝගීන් 69,380ක් වාර්තා වී ඇත.









29 June 2017

හොංකොං නිදහස් සැමරුමට ජිංපිං ප්‍රථම වරට එරටට එයි

 හොංකොං වෙත නිදහස හිමිවීම හෙවත් එහි පාලනය මහා බ්‍රිතාන්‍ය විසින් යළි චීනයට භාරදීමේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනපති ෂී ජිංපිං අද (29දා) හොංකොං දේශයේ සංචාරයකට එක්ව තිබේ.

2012 වසරේදී චීනයේ නායකයා බවට පත්වීමෙන් පසුව ඔහු හොංකොං වෙත සංචාරයක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වීමද විශෙෂත්වයකි.

විශේෂයෙන්ම, හොංකොං රාජ්‍යයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පවතින දේශපාලන මතභේද පසුගිය කාලය පුරාවට දැකගත හැකි වූ අතර, එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන සී.වයි.ලියුන්ග් බලයෙන් පහ කරන ලෙස රට පුරා උද්ඝෝෂණ මාලාවක්ද පැවැත්විණි.

කෙසේ වෙතත්, මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම වෙනුවෙන් එරට විශේෂ උත්සව හා සැණකෙළි සංවිධානය කර ඇති බවද විදෙස් වාර්තා පවසයි. නමුත්, මේ උත්සවය අතරතුර බීජිං පාලනයට විරෝධය පෑ උද්ඝෝෂණ කිහිපයක් පැවති බවද සඳහන් වෙයි.

ඒ අනුව, චීන ජනාධිපතිවරයා හොංකොං වෙත ගොඩබසින අවස්ථාව වනවිට උද්ඝෝෂණවලට සම්බන්ධ වූ ක්‍රියාධරයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්ව තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

මෙවැනි පසුබිමක චීන ජනාධිපතිවරයා දින තුනක සංචාරයක් සඳහා සිය බිරිඳ වන පෙන්ග් ලියූන්ග් ද සමග හොංකොං වෙත ළඟා වූයේ එරට ප්‍රධාන ගුවන් තොටුපොළ වන චේක් ලැප් කොක් ගුවන් තොටුපොළෙනි.

හොංකොං වෙත ගොඩබැසීමෙන් පසුව අදහස් දැක්වූ චීන ජනපති ජිංපිං කියා සිටියේ හෙංකොං රාජ්‍ය සෑමවිටම තම හදවතේ රැඳී ඇති බවයි.

ලොවක් මවිත කල සරාගී යුවතිය

ලෝරී හූ නම් තායිලන්ත කාන්තාවක් පිළිබද කතා පුවතක් අන්තර්ජාලයේ කතා බහට ලක් වෙනවා.

මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන ඇගේ සැබැ වයස අවුරුදු 41ක්.

නමුත් පෙනුමෙන් ඇගේ වයස අවුරුදු විසි පහකට වඩා වැඩියැයි කිව නොහැකියි.

කෙසේ නමුත් ලෝරි හූ පවසා තිබුනේ ඇගේ තරුණ පෙනුමට හේතුව නිර්මාංශ අහාර රටාව සහ ජලය වැඩිපුර පානය කිරීම බවයි.

ගැබ් ගෙල පිළිකා මඩින්න නව එන්නතක්



ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා නව එන්නතක් හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත මෙලෙස ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීම ජුලි මස 03 වනදා සිදු කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් 1000ට ආසන්න සංඛ්‍යාවක් ගැබ් ගෙල පිළිකා තත්ත්වයන්ට ගොදුරු වන අතර ඊට හේතු කාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වලක්වන එච්.වී.පී එන්නත ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ එක් ක්‍රමවේදයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා පාසල් එන්නත් කරන වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගැබ්ගෙල පිළිකා මෙරටින් තුරන් කිරීම එහි අරමුණ වී තිබේ.

උමා ඔය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

උමා ඔය ව්‍යාපෘතියට විරෝධය දක්වමින් බණ්ඩාරවලදි ජනතාව පැවැත්වූ විරෝධතාවට තමන්ද එකඟ බව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. හැටන් හයිලන්ඩේස් දෙමළ විද්‍යාලයට වසර එකසිය විසිපහක් සපිරීම හා එම විද්‍යාලයේ වාර්ෂික තෑගි ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය. මෙම උත්සවය හැටන් ඩී.කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණි.

"උමාඔය ව්‍යපෘතිය නිසා ජනතාවට සිදුවී හිරිහැර හේතුවෙන් බණ්ඩාරවෙල විශාල උද්ඝෝෂණයක් තිබුණා. ඒ ව්‍යාපෘතිය ආරම්භ කළ පසුගිය ආණ්ඩුව ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කර දේශපාලන තීරණ ගත් නිසා තමයි මෙම තත්ත්වය මතුවී තියෙන්නේ.

ඒවගේම ඒ ආණ්ඩුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඉරාන රජයෙන් අපිට උහුලන්න බැරි විශාල ණයක් ගත්තා. නමුත් ඉංජිනේරුවරුන් කියපු විදියට ව්‍යාපෘතිය නෙවෙයි පටන් ගත්තේ. මම ජනාධිපති ධුරයට පත්වූ පසු එම ව්‍යපෘතියේ කටයුතු නවතා දැමීටම ඇති හැකියාව පිළිබඳව සොයා බැලුවා.

නමුත් ඒ වන විට එම ව්‍යපෘතියේ වැඩකටයුතුවලින් තුනෙන් දෙකක වැඩ අවසන්. ඒ වගේම විශාල ණයක් අරන් තිබුණ නිසා විශාල ප්‍රශ්න තිබුණත් එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. මේ නිසා එම ප්‍රදේශවල ජනතාවට කරදර රැසකට මුහුණපාන්න සිදුවී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය සතියේ විශේෂඥයන් පිරිසක් මම කැඳවූවා. එහිදී ජර්මන් විශේෂඥයෙකු දවස් තුනකට කලින් පර්යේෂණ කරන්න උමාඔයට යැවුවා. මෙවැනි කැණීමි කටයුතු පිළිබඳ හොඳම ඉංජිනේරුවන් සිටින්නේ නොර්වේ වලයි. මම ඒ රටින් විශේෂ කළ  විශේෂ ඉල්ලීමක් අනුව ඒ රටෙන් විශේෂඥයන් පිරිසක් එනවා මේ ගැන බලන්න.

ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා විදේශීය විශේෂඥයන්ගේ උදවු උපකාර ලබාගෙන ජනතාවගේ පීඩාව නැති කරන්න. බණ්ඩාරවෙල ජනතාවගේ උද්ඝෝෂණයට මමත් එකඟයි. මමත් ඒ ජනතාවගේ පැත්තේ. කවුද මේ වැරද්ද කළේ කියලා හොයනවා. මේ වගේ විනාශයක් වෙද්දි වැරද්ද කරපු අය නිහඬව ඉන්නවා.

ඉංජිනේරුවරු දුන්න උපදෙස් පිළිපදින්නේ නැතිව දේශපාල නීතින්දු අරන්  කෝටි ගණන් වංචා කරපු අය දැන් නිහඬව ඉන්නවා. මෙම ව්‍යපෘතියේ ඇස්තමේන්තු පවා හැදුවේ වැරදි විදියට බව මම පෞද්ගලිකව දන්න කාරණයක්. ඒ විදියට ඇස්තමේන්තු හදලා කෝටි ගණන් සාක්කුවල දාගත්ත අය ඉන්නවා. මම ඒ අය ගැන පරීක්‍ෂණ පවත්වනවා. මේ කාරණය ඔබට අදාළ නැති වුණත් මේ රටේ ජනතාව දැනගත යුතුයි" යැයිද පවසා සිටියේය.

මාලි වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් පාරට

ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට එල්ලවන චෝදනා සහ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් විරෝධතාවයක් දැක්වීමට කටයුතු සූදානම් කර ඇත. එළඹෙන 2 වැනිදා උදෑසන විහාරමහාදේවී උද්‍යානයට පැමිණෙන ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සැමට ආරාධනා කර සිටියි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාවට සහ දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ගෙන යනු ලබන අදූරදර්ශී ක්‍රියාකලාපයට විරෝධය පෑමක් ලෙසට මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

GMOA අවසන් නිවේදනය රජයට දන්වයි

සයිටම් ආයතනය ජනසතු කර එම ආයතනයේ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබාදීමට කමිටුවක් පත්කරන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද (29දා) උදෑසන රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගනු ලැබ ඇත.

මෙම තීරණ වලට රජය නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමක් නොකරනවා නම් එයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමටත් ජනතාව පෙළ ගැස්වීමටත් තම සංගමයට හැකියාව තිබෙන බවද මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

සෙල්ෆියක් ගන්න ගිය තරුණයෙක්ට සුපිරි නිළියක් කරපු කැත වැඩක් පත්තු වුණු හැටි | PHOTO

නිල් චිත්‍රපට නිළියක් විදිහට ජනප්‍රිය මියා කලීෆා සිදුකළ පහරදීමක් ගැන මාධ්‍ය වාර්තා කරනවා.

තරුණයෙකු විසින් කලීෆාගේ අවසරයකින් තොරව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඇය වෙත ලංවූ අවස්ථාවේදීයි මේ පහරදීම සිදුව තිබෙන්නේ.

ඇගේ පහරකෑමට ලක්ව ඇත්තේ ටෙක්සාස්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා විසින් ඔහුගේ ඡායාරූපයක් ට්විටර් ගිණුමක් මගින් පලකර ඇති අතර එය අන්තර්ජාලයේ වැඩිකතාබහක් ඇතිකර තිබෙනවා.

සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘ | VIDEO

පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘ මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැන කියැවෙන සංකීර්ණ අර්ථයක් තියන ගීයක් බව දන්නෙ ටික දෙනයි. 1962දී ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ නමැති වේදිකා නාට්‍යයේ තමා එම ගීය ගායනය වන්නේ.

මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳ කාලයක් යනතුරුත් දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක්ය කියා සමාජය විසින් කොන් කළ ඇය එම අභියෝගය ජයගන්නට උපායක් කල්පණා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ භාර හාර වෙන අතරේ සැමියාගේ මල්ලී සමග ඇය කතරගම ගොස් භාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ යායුතු නිසා සැමියාට එයට එක්වන්නට බැරිවෙනවා. වෙළෙන්දෙකුවූ සැමියාගේ මල්ලී සමග කතරගම ගිය ගමනේදී මෙම කාන්තාව ඔහු සමග අනියම් ඇසුරක් පවත්වනවා. කතරගම ගොස් ටික කලකින් ඇගේ සියලු දොම්නස් දුරුකර දරුවෙකු බිහිකරන්නට ඇය සමත් වනවා.

සමාජයෙන් ඇයට ලැබුණු ගැරහුම් නැතිවී ඇය ජයගන්නවා.
සැමියාගේ මල්ලීත් සැමියාට යම් යම් සමාන හැඩහුරුකම් ඇති නිසා දරුවාගේ ජානමය ලක්ෂණත් වැඩි වෙනසකට ලක්වන්නේ නැහැ.ඇත්තටම දරුවා සැමියාගේ මල්ලීට දාව ඉපදුණත් සැමියා සිතන්නේ ඒ දරුවා තමාගේ බවයි.
නමුත් මේ රහස මේ දෙදෙනා අතර පමණක් තිබෙන දෙයක්.
කතාවෙ හැටියට මේ දරුවාට තාත්තලා දෙන්නගේම සැලකුම් ලැබෙනවා.
මෙම අවුලට පැටලුණ කාන්තාව ගැන මූදු පුත්තු නාට්‍යයේ විස්තර වෙනවා.

මේ නාට්‍යයේ දරුවා ලද කාන්තාවට රඟපෑවෙ නාට්‍යයේ නිෂ්පාදිකාවද වුණ සෝමලතා සුබසිංහයි. සැමියා හා මල්ලීට රඟපෑවේ නිහාල් ප්‍රනාන්දු හා සිරිල් වික්‍රමගේයි.ගර්ෂියා ලෝකාගේ යෙර්මා නාට්‍යයේ අනුවර්තනයක් ලෙස ගුණසේන ගලප්පත්ති මෙම නාට්‍යය නිර්මාණය කළා.
මුහුදු පතුල යට ඉඳලා ගීතයේ අන්තිම කොටසේ දරුවාගේ පියවරුන් දෙදෙනාගේ සැලකිලි ගැන දැක්වෙන්නේ මේ විදිහටයි.
//වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
//ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා//

සැමියාගේ දරුවෙකු නොවුණත් ඔහුගේ රුව දරුවාට ලැබීම ගැන ඇය පවසන්නේ මේ විදිහටයි.
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//
මෙම කතාව සරල අර්ථයෙන් සැලකුවොත් කාන්තාව කරන්නේ හරි දෙයක් නෙමේ. ඇය නරක ගැහැණියක් වැනි අදහස් සමහරුන්ට මතුවන නමුත් නාට්‍යය මුළුමණින් නැරඹීමෙන් පසු ඇගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නට අවශ්‍ය හේතු ගොඩක් අපට පෙන්වා දෙනවා.

මාස ගණන් පවුලෙන් දුරස්වී සිටින මුහුදු රස්සාව කරන සැමියෙකු ලද කාන්තාවක විඳින දුක් ගැහැට, ඇගේ ආශාවන් සඵල නොවීමේ සංකීර්ණ මනෝභාවයන් මෙන්ම සමාජ පීඩනය හමුවේ උපායශීලී ලෙස ඒවා ජයගැනීමට ඇය යොමුවීම මෙම කතාවෙන් කියා දෙනවා.

ඇය ඇගේ අභිමතාර්ථ ජයගත් ආකාරය ගීතයේ මුල් පදපේලි වලින් ප්‍රකාශ වෙනවා.
//මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා

ගීතයේ වීඩියෝවක් පහතින්


උමා ඔය ගැන හොයන්න කමිටුවක් – ජනතාවගෙන් විරෝධතා රැළියක්


මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ මහ කළු හර්තාලයක් අද ආරම්භ කරන බව  උමා ඔය බහු ව්‍යාපෘතියට එරෙහි පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ලක්බිමට පවසනවා.

ප්‍රදේශවාසීන්, විවිධ බහුජන සංවිධාන, සමිති සමාගම්, පරිසර සංවිධාන, නීතිඥ සංගම්, උගතුන්, විද්වතුන් මෙම හර්තාලයට එක්වන බවට සිය ජනතා පෙරමුණ වෙත දැනුම් දී තිබෙන බවයි ඔහු සදහන් කළේ.

මෙහිදී මුළුමනින්ම නගර වැසී යන බවත්, එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන, පාසල් ප්‍රවාහන සේවා සංගම්, පරිසර සංගම් ගණනාවක් මෙයට එක්වෙන බැවින් එම ප්‍රදේශයේ වෙනත් කිසිදු කටයුත්තක් සිදුනොවන බවද සඳහන් කළ ඒ මහතා මෙය පෙරවරු 9.00ට ආරම්භ කර දවස පුරා පවත්වන බවද කියා සිටියා.

උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශයට පත් ප්‍රදේශවාසී ජනතාවට වහා සහන ලබා දීම, ඉදිරි විනාශයන් වහා නතර කිරීම, වැනසූ මහ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වහා ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම මහා කළු හර්තාලය සැලසුම් කර තිඛෙනවා.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට බරපතළ අනතුරකට මුහුණදී තිබෙන බණ්ඩාරවෙල ප්‍රදේශය අවදානම් කලාපයක් බවට පත් කිරිම, නිවාස ඉඩම් වගාබිම් ඇතුළු දේපල හානි වූවන්ට නිසි ලෙස වන්දි ගෙවීම, මෙම ව්‍යාපෘතිය නිසා ඉදිරියට සිදුවීමට නියමිත හානි නැවැත්වීමට කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉටු කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව පැවත්වෙයි.

ඒ මහතා පෙන්වා දෙන අන්දමට මේ වන විට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම දැඩි හානියකට ලක්ව ඇති අතර  පුපුරා විනාශයට ලක්ව ඇති නිවාස ගණන 7000කට වඩා වැඩි බවයි ප්‍රකාශ වන්නේ.ළිං දිය උල්පත්, දියකඳුරු, කුඩා වැව් සහ ඔයවල් 3112ක් සිඳී ගොස් ඇති බවද සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියා. බණ්ඩාරවෙල නගරයේ තට්ටු 4-5-6 මහල් ගොඩනැගිලි අඩි 2-3 ගිලා බැසීම්වලටත් ඇලවීම්වලටත් ලක්ව තිබෙන අතර තවත් අනතුරු  නිර්මාණයවී තිඛෙනවා.

‘විද්‍යා අපයෝජනය කර ඇත්තේ වීඩියෝ කර විකිණීමටයි’ නීතිපති

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිට ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත්, දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට  කර ඒවායේ දර්ශන පටිගත කර   අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ(28) සඳහන් කර සිටියේය.

අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක් ලබා දී විමර්ශන යට ගැසීමේ වෑයමක් තිබුණු බවත් ලිවේරා මහතා සඳහන් කර සිටියේය. ඒ, යාපනයේ විද්‍යා සිසුවිය ඝාතන සිදුවීමේ නඩු විභාගය යාපනය මහාධිකරණයේ දී ඊයේ ආරම්භ වූ අවස්ථාවේදී ය.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී  නඩු විභාගය ඇරැඹිණි.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය (17) පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින්  අධි චෝදනා ගොනු කරනු ලැබ තිබේ.

බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රකාන්ත්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් එලෙස අධි චෝදනා ලැබූ විත්තිකරුවෝය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු සිව් දෙනෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිති.   01, 02, 03,  සහ 06 වන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මහින්ද ජයවර්ධන මහතා ද, 05 වන විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතා ද, 4,7,8 සහ 9 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ එස්.කේදීස්වරන් මහතා ද පෙනී සිටියහ.    නව වැනි විත්තිකරු වෙනුවෙන් රජයේ නීතීඥ විග්නේෂ්වරන් ජෙයන්තා මහතා පෙනී සිටියේය.

නඩුවේ චෝදනා පත්‍රවල යම් යම් සංශෝධනයන් සිදුකළ යුතු බවත් නඩු භාණ්ඩ ලැයිස්තුවේ තවත් භාණ්ඩ පහක් ඇති බවත්  තවත් සාක්ෂි 12ක් එක් කිරීමට අවසර ලැබිය යුතු බවත්  දප්පුල ද ලිවේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේය. ඉන් අනතුරුව සංශෝධනය කළ චෝදනා පත්‍රය සැකකරුවන්ට කියවා දුන් අතර  එම චෝදනා සැකකරුවෝ ප්‍රතික්ෂේප කළහ.

පළමු, දෙවැනි, තෙවැනි, පස්වැනි සහ සයවැනි සැකකරුවන්ට එරෙහිව පැහැරගෙන යාම, අපයෝජනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම යන චෝදනා එල්ල කර ඇති අතර   සිව්වැනි,හත් වැනි, අට වැනි සහ නව වැනි සැකකරුවන්ට එරෙහිව අපරාධයට සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කර තිබිණි.

වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරුණු දක්වමින් මෙසේ ද කීවේය.

ලක් ඉතිහාසයේ ප්‍රථම වරට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත් වන්නේ.  සැලසුම් සහගතව  පැහැරගෙන ගොස්, අපයෝජනය   කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණයි.   මෙය යාපනය  පමණක් නොවෙයි මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක් බවට පත්වුණා.  ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකරනු ලැබුවා.  ඒ අනුව  මෙම අපරාධය සිදු කළ නව දෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි.

මෙම අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සහා දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර  සිදු කළ අපරාධයක්. මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක් තිබුණා. මෙනිසා මේක ජාත්‍යන්තර අපරාධයක් විදිහටත් කියන්න පුළුවන්. මෙය මෙරට කීර්ති නාමයට බලපෑම් එල්ල කරන්නට හැකි සිද්ධියක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුනා.  සිසුවිය   අපයෝජනය කිරීම වීඩියෝ  කර ජාත්‍යන්තර වෙළඳපොළට  විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්‍රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය   සැලසුම් කර තිබෙනවා.

දකුණු ආසියා  රටවල  දැරියන් හා තරුණියන් ලිංගික අප යෝජනයට  කර  ඒවා වීඩියෝ   කරමින් අධික මිළකට අලෙවි කරනවා. මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සහා දරා තිබෙනවා. මෙම ඝාතනයේ 2‍, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය   කර තිබෙනවා.   05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා. අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහාය ව්‍යාර්ථ වුනා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුනා.

ඝාතනයේ 2‍, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණයට  කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය  කර  තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා.

 මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවෙන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා.‘

විද්‍යා සිසුවියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය සාක්කි දෙමින් මෙලෙස කීවාය.

‘මාගේ දියණිය දිනපතා පාසල් යන්නේ ඇගේ යතුරු පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ  මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඇයට වැඩක් තියෙනවා නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාගය රෝගයෙන් පෙලෙනවා. ඔහු ඉන්නෙ ඔත්පලවයි. මෙනිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනයත් නතර කර  වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අපහසුයි.

සිද්ධිය සිදුවූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට. මමයි ඇයව පාරට ඇරලුවේත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය   නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවී යාම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියල මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහිං පාසලේ කවුරුත් නැහැ, පාසලත් වහල කියල දුරකතනයෙන් කියුවා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මායි පුතායි විද්‍යා ව හොයහොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන්  පොලිස් මුරපොල වෙක පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල බාර ගන්න බැහැ කියුවා. අපිට කයිඩ්ස් පොලිසියට ගියා.

ඒ අනුව රෑ 8ට විතර කයිඩ්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ උනත් යයි. ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙලේලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ. පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රීරෝද රථයක් හයර් කරගෙන. රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දි ත්‍රීවිල් රියදුරු කියුවා මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්දියේදී දකිනවා කියලා. එහෙත් අද(සිද්ධීය වූ දින මැයි 13) මා ඇයව දැක්කේ නැහැ. මෙනිසා ඇය අනිවාර්යෙන්ම අතුරුදහන් වෙන්න ඕන ඇයගේ නිවසත් ආලඩි මංසන්දියත් අතරතුරයි. ඒ පැත්තේ සොයා බලන්න කියල කියුවා. රෑ වීමත් වැසි ඇදහැලීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවස කරා පැමිණියා. පසුදින උදෑසන 6.30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තට වී අපි ඇයව සෙව්වා.

මගේ පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියල මහහයියෙන් කෑ ගසනවා ඇසුනා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දි මාත් සිහිසුන් වුනා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මලසිරුර මීටර් 20ක් විතර ඇතින් ඉදලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල් ගත කළා. අනතුරුව කයිඩ්ස් පොලිසියේ නිලදාරින් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගියා.‘‘

 පළමු දින විභාගය අවසන් වූ අතර අද (29) නැවත සාක්ෂි විමසමින් නඩුව කැඳවීමට නියමිතය.

 (උපුටාගැනීම – ලංකාදීප)

නව සයිබර් ප්‍රහාරයේ බලපෑම ශ්‍රී ලංකාවටත්

යුරෝපය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම් එල්ල කර ඇති නව ප්‍රබලතාවයකින් යුත් පරිගණක වෛරසය මෙරට පරිගණකවලටද බලපෑම් එල්ල කළ හැකි බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

මෙය පසුගිය මාසයේදී එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයට සමාන එකක් විය හැකි බවටයි පරිගණක විද්‍යාඥයින් මත පළ කරන්නේග

පරිගණක යාවත්කාලීන කර ගැනීම මගින් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වීම වළක්වා ගත හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියා.

නව සයිබර් ප්‍රහාරයට යුක්රේනයේ රාජ්‍ය බලශක්ති ආයතනය, එරට මහබැංකුව සහ කිවි ගුවන් තොටුපළ ගොදුරු වී තිබෙනවා.

එසේම මෙම ප්‍රහාරයට ගොදුරු වූ අනෙකුත් රටවල් අතරට බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ ඇමරිකාවද අයත් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පෙට්යා වෛරසය රටවල් 64කට බලපෑම් සිදුකරලා

ලොව පුරා සමාගම් රැසකට බලපෑම් කළ පෙට්යා රැන්සම් වෙයාර් පරිගණක වෛරසය දෝෂ සහිත ගණකාධිකරණ මෘදුකාංග යාවත්කාලීන කිරීමක ප්‍රතිඵලයක් විය හැකි බවද පරිගණක ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම, යුක්රේනය භාවිත කළ මෙඩොක් නමැති බදු ගොනු කිරීමේ මෘදුකාංගයක් මෙම වෛරසයේ මූල බීජය විය හැකි බව ෆින්ගර්ස් ආරක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙවැනි මැල්වෙයාර් බොහෝ පරිගණක ජාල තුළට ඊමේල් ඇමුණුමක් ලෙස කාන්දු වන බවත්, බොහෝ පරිශීලකයන් වැරදීමකින් මෙවැනි නාඳුනන ඊමේල් විවෘත කිරීමත් මෙවැනි වෛරස පැතිරීමට හේතුව බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙවර ඇති වූ පෙට්යා පරිගණක වෛරසය මේ වනවිට රාජ්‍යයන් 64ක පරිගණක පද්ධති වෙත බලපෑම් කර ඇති අතර, එසේ බලපෑම් සිදුවූ රාජ්‍යයන් අතර යුක්රේනය, ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටියි.

යුක්රේනයේ බැංකු හා මහා පරිමාණ වෙළෙඳ සැල්, රුසියාවේ ඛනිජ තෙල් දැවැන්තයෙකු වන රොස්නෙෆ්ට්, බ්‍රිතාන්‍යයේ ඩබ්.පී.පී. දැන්වීම් සමාගම සහ ඇමෙරිකාවේ නීති සමාගමක් වන ඩී.එල්.ඒ පයිපර් ආදිය මෙම පරිගණක වෛරසයෙන් බැට කෑ ආයතනයි.

පරිගණක වෛරස් ආරක්ෂණ මෘදුකාංග සමාගමක් වන ඊසෙට් පවසන පරිදි, මෙම පරිගණක වෛරසයේ 80%ක පමණ බලපෑමක් යුක්රේනය වෙතද, 9%ක පමණ බලපෑමක් ජර්මනිය වෙතද, අනෙක් බලපෑම් සෙසු රටවල් වෙතද සිදුව ඇති බව සඳහන් වෙයි.

ක්‍රිකට් කණ්ඩායමෙන් දයාසිරිට පොරොන්දුවක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරග දෙක සඳහා තෝරා ගැණුනු ශ‍්‍රී ලංකා සංචිතයේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

තමන් මෙම සංචිතයට අනුමැතිය ලබා දුන්නේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගන්නා බවට ක‍්‍රිකට් ආයතනය ලබා දුන් පොරොන්දුව මත පමණක් බවයි ඔහු සඳහන් කළේ.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ “ක්‍රීඩකයින්ගේ ෆිට්නස් ගැන අවසන් තීරණයකට ඇවිත් තමයි මම කතා කරන්නේ. ඒ නිසා මම කිව්ව දේ අනුව කටයුතු කළා නම් මේක අත්සන් කරන්න බැහැ. ඒත් මම කණ්ඩායමට අනුමැතිය දුන්නා.. ඒ ඉදිරියේදී ඔවුන්ගේ යෝග්‍යතාව වර්ධනය කර ගන්නා බවට දීපු පොරොන්දුව මතයි. මාධ්‍ය තුළත් මාව විවේචනය කළේ මේක කරේ නැතුව කිව්ව නිසානේ. කොහොම වුනත් සෑහිමකට පත්වෙන්න පුලුවන් යෝග්‍යතාවයක් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ තවම නැහැ. නමුත් ඔවුන් තුළ යෝග්‍යතාව වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙල් තිබෙනවා. ඒ නිසා තවත් මාස 03 ක් ඇතුළත ඒ පිළිබඳව යළි පරීක්ෂා කර ලබනවා. ඒ අනුව ඉදිරි තීරණ ගන්න වෙයි.” යනුවෙනි.

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී හෙට (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර එක්දින තරග 05ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ද.කොරියාවේ රැකියා අවස්ථා ඉහළ දැමීමට සුදානමක්


ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාක් යොන් බුම් මහතා පවසයි.

මෙරටට පැමිණ සිටින දකුණූ කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා (28) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසු මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදා කර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් සිය ස්තූතිය පළ කරන බවයි.

දැනට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 6000ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශ්‍රී  ලාංකිකයින් 26,000ක් පමණ එරට සේවයේ නිරතව සිටින බවද ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

දකුණු කොරියාවේ ගොඩනැඟිල්ලක සිදුවූ ගිනි ගැනීමකදී ශ්‍රී ලාංකික තරුණයෙකු කොරියානු කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිදුවීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දක්ෂතා හා හැකියා පිළිබඳව දකුණු කොරියානු ජනතාව දැඩි ප්‍රසාදයකින් පසුවන බවද පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්

2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ඉරණම විසඳීම සඳහා අවශ්‍ය කරන නිවාස 25,000 ක වැඩකටයුතු ශක්තිමත්ව නිම කර අවසන් කරන බවත් නිවෙසකට අමතරව පරිපූර්ණ ජීවිතයක් ජනතාවට ලබාදීම සඳහා කි‍්‍රයාකරන බවත්  මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව මේ වසරේ ස්ථාන 6ක මධ්‍යම පාන්තික වෘත්තීය නිවාස 5000 ක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කර ඇති බවත් දැනටමත් බොරැල්ල ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයේ වැඩ ඉතා හොඳින් සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව මාලිගාවත්තේ ඉදිකරන ලද නිවාස ඒකක 192 කින් සමන්විත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරිණි.

මෙහි සමස්ථ නිවාස ඒකක ප‍්‍රමාණය 768 ක් වන අතර නිවාස  192  බැගින් ගොඩනැගිලි 4 ක් ඉදිකිරීම සැලසුම් කර ඇති අතර ඉන් නිවාස 384 ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස ලෙස ලබාදීමට නියමිතයි.

ඒ අනුව පළමු නිවාස 192 (28) දින ජනපතිතුමා විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 6270 කි.

කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරිය රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් නොගන්නා රජයට පාඩු කරන්නේ නැති ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන අතර මෙවැනි නිවාස ව්‍යාපෘති සඳහා යොමු වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව නීති

කිරි ආශ්‍රිත නිෂ්පාදන සකස් කර තිබෙන්නේ පිටි කිරිවලින්ද එසේත් නොමැති නම් දියර කිරිවලින්ද යන්න ලේබලයක සඳහන් කළ යුතුය යන්න නීතියක් ගෙන ඒමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් පිටි කිරි භාවිත කරන බවට චෝදනා එල්ල වීම නිසා අදාළ භාණ්ඩයේ ඒ පිළිබඳව ජනතාවට දැනගැනීම සඳහා මෙම නීතිය ගෙන ඒමට නියමිතව ඇත්තේ.

මෙම ක්‍රමය හරහා යෝගට් හා යෝගට් පානයක් ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන සකසා තිබෙන්නේ කුමන ද්‍රව්‍යකින්ද යන්න දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා.

ඇමති රාජිතගෙන් පොලිසියට දොස්

සෞඛ්‍ය අමාත්‍යංශයට සරසවි සිසුන් කඩා වැදුණු අවස්ථාවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ. තමන් සෑහීමට පත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

තමන් දැනුම් දෙන තුරු මේ පිළිබඳ පොලිසිය දැනුවත්ව සිට නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවක දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ද අදහස් දැක්වූවා.

28 June 2017

හැමෝම දන්න ඇපල් අයි ෆොන් වල නොදන්න ඉතිහාසය. පර්පල් - 'ඇපල්' වුන හැටි..!

apple අයි ෆෝන්.. ගැන නොදන්නා කෙනෙක්‌ අද තරුණ පරපුරෙහි නැති තරම්ය. එහෙත් මීට දස වසරකට පෙරාතුව… ඇපල් සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්‌ඩලයේ පිරිස හැරෙන්නට කිසිවෙකු එවන් දෙයක්‌ ගැන අසා තිබුණේවත් නැත. ඔවුන් පමණක්‌ දැන උන් අයි ෆෝන් හි උත්පත්ති කතාවයි මේ.

අයි ෆෝන් එවකට ඇපල් සමාගම තුළද හඳුන්වනු ලැබුවේ -පර්පල්- නමිනි. මේ ව්‍යාපෘතියට -පර්පල්- නම ලැබුණේ ඇපල් සමාගමේ උන් ඉංජිනේරුවරයෙකු සතුව තිබූ දම් පැහැ සෙල්ලම් කැන්ගරුවෙකු නිසාය.

ඇත්තෙන්ම කිවහොත් අයි ෆෝන් උපතට හේතු වූයේ ඇපල් ආයතනයේ සම ආදිකර්තෘ ස්‌ටීව් ජොබ්ස්‌ හා ඇපල් ආයතනයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජොනී අයිව් ගේ විශිෂ්ට අදහස්‌වල එකතුවෙනි. ඔවුන්ගේ අදහසට අනුව අලුත් දුරකථනයක්‌ නිර්මාණය වීමේ ව්‍යාපෘතිය -පර්පල්- නම් විය. පර්පල් ව්‍යාපෘතිය උවමනාවටත් වැඩියෙන් මහන්සි වෙන්නට සිදුවුණු, විස ගන්නට බැරි තරමින් කාර්මික ගැටලු පැනනැඟුණු, අභ්‍යන්තර දේශපාලන ගැටුම් වලින්ද තොර නොවුණු බියකරු සිහිනයක්‌ බඳු විය.

-කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන කාලයක්‌, ළඟා කරගන්නට අසීරු ඉලක්‌කයක්‌ එක්‌ක හිරවුණු අති දක්‌ෂ කණ්‌ඩායමක්‌ වුණා.. ඒ මදිවාට මුළු ආයතනයේම අනාගතය රදා පැවතුණේ මේ ව්‍යාපෘතිය මත කියලා කිව්වාම…- පර්පල් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවෙකු වූ ඇන්ඩි ග්‍රිග්නොව් පැවසීය. -ඒක හරියට තිත්ත හොද්දක්‌ වගේ වුණා..-

පර්පල් ව්‍යාපෘති කණ්‌ඩායමේ මෙහෙයුම යම් දිනක දක්‌ෂ නිර්මාණ ශිල්පියෙකු අතින් අපූරු මාලා නාට්‍යයක්‌ හෝ චිත්‍රපටයක්‌ බවට පත් වනු ඇත.

එසේ නාට්‍යයට නැඟෙනු ඇත්තේ බ්‍රයන් මර්චන්ට්‌ විසින් රචිත අයි ෆෝන්හි ඉතිහාස කතාව පිළිබඳව ලියන ලද -The One Device( The Secret History of the iPhone, ඇසුරින් වනු ඇත. මෙහිදී බ්‍රයන් මර්චන්ට්‌ විසින් අයි ෆෝන් වැඩිදියුණු කිරීම සම්බන්ධව වූ මෙතෙක්‌ කිසිවෙකු විසින් සටහන් කර නොතැබූ අන්දමේ වැදගත් තොරතුරු රැසක්‌ එක්‌ රැස්‌ කොට ඇත.

අයි ෆෝන් මේ වන විට අප අතර වේගයෙන් පැතිරෙමින් වැජඹෙමින් සිටින නමුදු තවමත් අපට දැනෙන්නේ කොහේ හෝ ඉහළ අවකාශයක සිට මේ දැන් අප අතරට පැමිණියාක්‌ මෙනි.

එහි කළු පැහැති මුහුණත හා දිදුලන මතුපිට දකින විට මෙය කවදා කොහේ කවුරුන් විසින් නිමවූවක්‌ද යන්න හිතා ගන්නටවත් සලකුණු ඉතිරි නොකරයි. Pentalobe නම් වූ අති විශේෂ නියනකින් හෝ මෙය විවෘත කරන්නට නොහැකිය.

මෙය අයි ෆෝන්හි භෞතික නිර්මාණයට පමණක්‌ පොදු වූ ලක්‌ෂණයක්‌ නොවේ. ඇපල් සමාගම විසින් නිර්මාණය කරන සියලුම නිෂ්පාදනයන්හි අති විශිෂ්ට බව හා රහසිගත භාවය පිළිබඳ සලකුණකි. අයි ෆෝන් අප ගැන සියල්ල දැන සිටියද අප එය ගැන දන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

උදාහරණයක්‌ ලෙස ගත හොත් අයි ෆෝන් හි ස්‌පර්ශක තිරය විසින් එක වර ඇඟිලි සලකුණු කිහිපයකට සංවේදී වන බහුස්‌පර්ශක තාක්‌ෂණය සහිතය. මෙම බහු ස්‌පර්ශක තාක්‌ෂණය සොයා ගනු ලැබුවේ ඇපල් සමාගමෙන් යෑයි ජොබ්ස්‌ විසින් නිරන්තරව හුවා දැක්‌වුවද එය එසේ නොවන බව බ්‍රයන් මර්චන්ට්‌ පෙන්වා දෙයි.

ඔහු විසින් -The One Device ග්‍රන්ථයේ විස්‌තර කරන පරිද්දෙන් මෙම බහු ස්‌පර්ශක තාක්‌ෂණය 1960 දශකයේදී එංගලන්තයේ Royal Radar Establishment ආයතනයෙන්ද 1970 දශකයේදී CERN ආයතනයෙන්ද භාවිතයට ගෙන ඇත. මෙම බහුස්‌පර්ශක තාක්‌ෂණය වෙනුවෙන් වැඩ කරන ලද්දේ ඔබ කිසිදිනක අසා නැති, එහෙත් අතිදක්‌ෂ ඉංජිනේරුවකු වූ වෙයින් වෙස්‌ටර්මන්ය.

වෙස්‌ටර්මන්ගේ Finger Works නම්වූ ආයතනය 2005 දී ඇපල් සමාගම විසින් ලබා ගත් අතර ඉන්පසු වෙස්‌ටර්මන් මෙන්ම ඔහුගේ ආයතනයද ඇපල් සමාගමේ ටයිටේනියම් තිරය පසුපස වැසී සැඟවී ගියේය. -The One Device ග්‍රන්ථය වෙනුවෙන් වෙස්‌ටර්මන් සමඟ හෝ එම සමාගමේ කිසිදු වත්මන් සේවකයෙකු සමඟ සාකච්ඡාවකට ඇපල් සමාගම විසින් බ්‍රයන් මර්චන්ට්‌ ට අවසර ලබා දුන්නේ නැත.

අයි ෆෝන් නිර්මාණය කර තිබෙන්නේ උපරිම කාර්යක්‌ෂමතාව හා සංයුක්‌ත භාවය සැලකීමට ලක්‌කරමිනි. එහෙත් The One Device හි ඇති පරිදි එය එසේ නොවේ. පොතෙහි පළමු පරිච්ඡේද තුන අයි ෆෝන් නිපදවීම පිළිබඳව විස්‌තර කෙරෙන අතර ඇපල් සමාගම මේ වෙනුවෙන් යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කරමින් බ්‍රයන් මර්චන්ට්‌ ගිය දුෂ්කර සංචාරය ගැනද සඳහන් වෙයි.

බොලීවියානු ටින් ලෝහ ආකර වලද, චිලීන් කාන්තාරයේ ඇති ලිතියම් ආකරයකද, බොහෝ අයි ෆෝන් වල අවසන් නවාතැන වන නයිරෝබියේ විද්යුත් උපකරණ කසළ කන්දකද කළ ගවේෂණාත්මක සංචාරය ගැන මෙයින් අනාවරණය වෙයි.

එසේම අයි ෆෝන්හි අනෙකුත් අංගෝපාංගයන් සඳහා යොදා ගන්නා ලද තාක්‌ෂණයන්හි ආරම්භක කතා මර්චන්ට්‌ විසින් විස්‌තර කරයි. අයි ෆෝන් යනු බොහෝ මිනිසුන්ගේ ශ්‍රමයත් දැනුමත් එක්‌ තැන් කොට සැදූ උපකරණයක්‌ මිස තනි ආයතනයක නිර්මාණයක්‌ නොවන බව මර්චන්ට්‌ කියා සිටියි.

ටියි.
aperata

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩාවැටීම

ශ‍්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග‍්‍ර කඩා වැටීමේ කතාන්තරය, මේ සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක‍්‍රියාත්මක කිරීමට පවා ශ‍්‍රී ලංකා රජය අසමත් වූ බව අවසානයේ ඔප්පු කෙරුණි. අනතුරුව, රටේ බුද්ධ ශාසන ඇමතිවරයා ද වන අධිකරණ ඇමතිවරයා, කිතුණු පල්ලිවලට එල්ල කළ පහරදීම් ගණනාවක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකු කළ ප‍්‍රකාශයකට එරෙහිව එම නීතිඥයවරයාගේ ලෝගුව ගලවන බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කෙළේය. අවසානයේ මේ නාටකය මස්තකප‍්‍රාප්ත වුණේ, අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම පාර්ශ්වයේ සංඝ කාරක සභාව ඉහත සඳහන් භික්ෂුවගේ ක‍්‍රියා කලාපය අළලා මතු වූ චෝදනාවන්හි හරි වැරැුද්ද පිළිබඳ ස්වකීය විනිශ්චය ප‍්‍රකාශයට පත්කරමින්, ඇතැම් පුද්ගලයන්ව නම් කොට හෙළාදකිමින් සහ ඔවුන්ට අනතුරු අඟවමින්, අවශ්‍ය වෙතොත්, ස්වකීය අරමුණු ජය ගැනීම සඳහා ආණ්ඩුවට එරෙහිව ජනතාව බලමුළු ගන්වන බවට ද තර්ජනය කරමිනි.

යුරෝපයේ බුද්ධි ප‍්‍රබෝධ යුගය සේ ගැනෙන කාල පරිච්ඡේදය​ වනාහී, රාජ්‍යයන්හි ලෞකික කටයුතුවලට පූජ්‍ය පක්ෂය විසින් කෙරෙමින් තිබූ අතපෙවීම්වලට එරෙහිව ගෙන ගිය අරගලයකි. එම අරගලයේ විශිෂ්ඨතම ජයග‍්‍රහණයක් වුණේ රාජ්‍යයෙන් පල්ලිය ඉවත් කිරීමයි. 18 වැනි සහ 19 වැනි සියවසේ යුරෝපය ලද ප‍්‍රගතියේ විශාල කොටසක් සමන්විත වන්නේ, සියවස් ගණනාවක් තිස්සේ පැවති පල්ලියේ බල පරාක‍්‍රමයට එරෙහිව ගොඩනැගුණු ප‍්‍රබුද්ධ යුගයේ සාර්ථකත්වයන්ගෙනි.

පල්ලියේ බලධාරීන් ලෞකික කටයුතුවලට ඇඟිලි ගැසීම්වල ඇති මුග්ධත්වය මැනවින් ප‍්‍රකාශයට පත්වුණේ පල්ලිය විසින් ගැලීලියෝව දණ්ඩනයට ලක්කිරීමේදී ය. පෘථුවිය කේන්ද්‍ර කර ගත් පල්ලියේ මතවාදය ප‍්‍රතික්ෂේප කරමින්, ඒ වෙනුවට විද්‍යාව මත පදනම්ව සූර්යා වටා භ‍්‍රමණය වන පෘථුවියක් ගැන ස්වකීය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම, ගැලීලියෝව පල්ලියේ උදහසට ලක්කළ හේතුවයි. මෙහිදී ගැලීලියෝ වැරදිකරු බවට පල්ලිය තීන්දු කළ අතර, අන්ධ භක්තියෙන් එම මතය පිළිගැනීමට සියල්ලන්ට බල කෙරුණි. ඒ බල සබඳතාව අවසානයකට පත්කරමින් නිදහසේ නව යුගයක් උදා කිරීමට සමත් වුණේ ප‍්‍රබුද්ධ යුගයේ අනුහසිනි.

නිදහසේ මූලික සංඝටකය වන්නේ, චින්තනමය කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක විය යුත්තේ විචාරශීලී හේතුවාදය මිස පල්ලිය ඇතුලූ කිසිවෙකුගේ බලාධිකාරයක් නොවිය යුතු බවයි. පාප් වහන්සේ යනු කිසිවක් නොවරදින සුළු මහ බලවතා වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණත්, ලෞකික ලෝකය එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළහ. මේ සියලූ අරගලවල අවසාන සාධනීය ප‍්‍රතිඵලය වුණේ, ලෞකික කාරණා සම්බන්ධයෙන් පල්ලියේ අදහස් උදහස් සහ නිගමන වැදගත් නොවන බව පිළිගැනීමට පල්ලියට සිදුවීමයි.

ප‍්‍රබුද්ධ යුගයේ සාර්ථකත්වයන් තවත් තීව‍්‍ර කෙරුණේ, මුලින් බි‍්‍රතාන්‍යයේ සහ ප‍්‍රංශයේ බිහි වී, පසුව සමස්ත යුරෝපයටත් ඇමරිකාවටත් ව්‍යාප්ත වූ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයන් ය. බලතල බෙදීමේ සිද්ධාන්තය මත පදනම්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ප‍්‍රවර්ධනය වීම, ප‍්‍රබුද්ධ යුගයේ දීර්ඝ අරගල සහ දස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙවූ, නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ අරගලවල ප‍්‍රතිඵලයකි. නිදහස යනු ඕනෑම මිලක් ගෙවා අත්පත් කර ගත යුතු දෙයකැයි මේ මිනිස්සු තරයේ ඇදවූහ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පයේ වර්ධනය තුළින් බිහි වූ එක් මූලධර්මයක් වන්නේ, නීතිය රජ විය යුතු බවයි. රජ කෙනෙකුවත්, පල්ලියවත්, නීතියට ඉහළින් තිබිය යුතු නැත. සමාජ ස්ථාවරත්වය ගොඩනැගුණේ, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අදහස් මත ය. නීතිය පිළිබඳ අවසාන විනිශ්චයකරුවා විය යුත්තේ, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ එක් ප‍්‍රධාන කුළුණක් වන, නීතිය සහ හේතුවාදය මතම පදනම්ව ආරාවුල් නිරාකරණය කරන, අධිකරණ බලාධිකාරයයි.

ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ ප‍්‍රබුද්ධ යුගයේ මෙවැනි අදහස් ය. ඒ අනුව, නිදහස් ස්වෛරී ලංකාවට ලැබුණු ප‍්‍රථම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පය අන්තර්ගත විය. එසේම, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සංකල්පත් ඒ නූතන ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ප‍්‍රධාන කුළුණු වශයෙන් පිළිගැනුණි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇති කරගන්නා තෙක් මේ තත්වය ස්ථාපිතව තිබුණි. එහෙත් 1978 ව්‍යවස්ථාව තුළින් ඉහත කී ප‍්‍රබුද්ධ යුගයේ සංකල්ප බොහොමයක් වෙනත් රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් පසෙක ලන ලදි. මේ අලූත් ව්‍යුහය, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හැඳින්වූ පරිදි, මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍ය නායක ජොන් බෙදෙස් බොකාසා ගේ අදහස් මත පදනම් වූවකි. එහි අවසන් ප‍්‍රතිඵලය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයේ කඩා වැටීමත්, අරාජිකත්වය කරා රට ක‍්‍රමයෙන් පල්ලම් බැසීමත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යය කඩා වැටුණු තරම සහ අරාජිකත්වයේ තරම, මේ ප‍්‍රකාශනය ආරම්භයේ සටහන් කරන ලද, ගිය සතියේ ඇති වු සිදුවීම් තුළින් මනාව නිරූපණය විය.

දැන් අස්ගිරියේ උත්තරීතර සංඝ සභාව, නීතියට ඉහළින් සිටී. අධිකරණයට සහ අධිකරණ ක‍්‍රියාවලියට නියෝග නිකුත් කිරීමට ඊට හැකිය. අත්අඩංගුවට ගත යුත්තේ කවුරුන්ද, නොගත යුත්තේ කවුරුන්ද යන වග කියා දීමටත් ඊට පිළිවන. ඇතැමුන් වැරදිකරුවන් වශයෙන් හඳුන්වමින්, එවැනි පුද්ගලයන්ව යටපත් නොකිරීමට එරෙහිව රාජ්‍යය හෙළාදැකීමටත් ඊට පිළිවන.

මේ සතිය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, නීතියේ ආධිපත්‍යයේ සහ අධිකරණයේ ස්වාධීනත්වයේ අනාගතය සම්බන්ධයෙන් පමණක් නොව, ශ‍්‍රී ලාංකීය ලෞකික රාජ්‍යයේමත් අනාගතය පිළිබඳ ඉතා බියකරු සතියක් සනිටුහන් කෙළේය. මේ ක‍්‍රියාවලියට හවුල් වූ බෞද්ධ පැවිදි නායකයෝ තමන් දේශපේ‍්‍රමයෙන් සජ්ජිතව මේ කටයුතු සිද්ධ කරන්නේ යැයි කියත්. ඇත්ත වශයෙන්ම, මේ වනාහී අතිශය දේශද්‍රෝහී ක‍්‍රියාවකි. එහි ප‍්‍රතිවිපාක වර්තමාන පරම්පරාවට මෙන්ම අනාගතයේ බිහිවන පරම්පරාවන්ට ද භුක්ති විඳීමට සිදුවනු ඇත. මේ සතියේ ශ‍්‍රී ලංකාව දීර්ඝ පියවරක් තැබුවේ, අඳුරු යුගයක් දිසාවටයි.

තමන් කරන ලද මේ ක‍්‍රියාව පිළිබඳව නැවත වරක් බරසාරව සළකා බැලිය යුතු බවට අස්ගිරි පාර්ශ්වයේ සංඝ කාරක සභාවෙන් අපි උදක්ම ඉල්ලා සිටිමු. එසේම රට ඇද වැටෙමින් පවතින මේ යෝධ අවදානම ගැන සිහිබුද්ධිය ඇති සියලූ දෙනා එළැඹුණු සිහියෙන් යුතුව කල්පනා කර බැලිය යුතු බවත් අපි කියා සිටිමු.

*2017 ජුනි 23 වැනි දා ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ මගින් නිකුත් කළ “Sri Lanka/World: Rapid Collapse of the Secular State” නැමැති ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

කටාරයට දැමූ කොන්දේසි හෙළා දකී

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් වන බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, කටාර් රාජ්‍යයට පැනැවූ කොන්දේසි කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඇතැම් කොන්දේසි කටාරයේ ස්වෛරීත්වයට හානිකර බවත් ජර්මන් විදේශ ඇමැති කියයි.

ජර්මන් විදේශ ඇමැති සිග්මා ගේබියල් මෙසේ කියා සිටියේ, බර්ලීන් නුවරදී, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් හමුවුණු අවස්ථාවේදීය.

ඉරානය කටාරයේ මිතුරෙකි. මේ වනවිට කටාරයට ආහාර සහ අවශ්‍ය පහසුකම් සැපැයීම සිදු කරන්නේ ඉරානයයි.

සෞදිය ප්‍රමුඛ සෙසු රටවල් කටාරයට කොන්දේසි ඉදිරිපත් කළේ, කටාරය ඒවාට එකඟ වන්නේ නම්, කටාරය සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කරන කියමිනි. කෙසේ නමුත්, කටාරය එම කොන්දේසිවලට එකඟ නොවිණි.

(ප්‍රෙස් ටීවී)

තමාවම ප්‍රවර්ධනය කරගෙන Google දඩකයි

ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කිරීමේදී තම සමාගම් ජාලයට අයත් වෙළෙඳ පොළ සැසඳුම් සේවා වෙත මුල්තැනක් ලබාදෙමින් සෙවුම් ප්‍රතිඵල ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසම විසින් ඇ.ඩො.බිලියන 2.7ක දඩයක් ගූගල් සමාගම වෙත නියම කර තිබේ.

යුරෝපා කොමිසම විසින් වෙළෙඳ පොළ තත්ත්වයන් විකෘති කිරීමට කටයුතු කළ සමාගමකට එදාමෙදා තුර නියම කරනු ලැබූ ඉහළම දඩ මුදලද මෙය බව කියැවෙයි.

ඒ අනුව, ඉදිරි දින 90ක කාලය තුළ මෙම ක්‍රියාවලිය වහාම නවතා දැමිය යුතු ලෙස ගූගල් සමාගමට අවවාද කර ඇති අතර, එසේ නොකළහොත් ඔවුන්ට තවදුරටත් දඩමුදල්වලට යටත්වීමට සිදුවනු ඇති බවද යුරෝපා කොමිසම අනතුරු අඟවා තිබේ.








ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී.

මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ.

වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම ලෝක සම්මතය ආරක්ෂා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාව තුළ අද “සයිටම් අර්බුදය” ඇතිවීමේ මූලිකම හේතුව මෙම ලෝක සම්මතය බිඳ වැටීමයි. එම බිඳවැටීම තුලින් සිදුවනුයේ රෝගී ජීවිත අනතුරේ වැටීමයි. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති, දෙමවුපියන්, සිවිල් සංවිධාන, ශිෂ්‍ය ප්‍රජාව මෙම ලෝක සම්මතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියි. එහි මුඛ්‍ය පරමාර්ථය රෝගී ජීවිත ආරක්ෂා කර දීමයි.

ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, බහුතර ඇමතිවරුන් පිරිසක්, පක්ෂ විපක්ෂ දේශපාලඥයින් බහුතරයක් මෙම ලෝක සම්මතය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටී. ඒ නිසාම මෙම අර්බුදය රෝගීන්ට අගතියක් නොවන ආකාරයට විසඳීමට උත්සහයක් ගනිමින් සිටී. ඒ සඳහා වෘත්තීය සමිති හා සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

නමුත් මේ සියළු උත්සහයන් බිඳ දැමීම සඳහා වියරු වැටුණු ඇමතිවරයෙක් කටයුතු කරමින් සිටී. ඒ සඳහා ක්‍රමානුකූලව සම්මතය ආරක්ෂා කරන පිරිස අසම්මත ලෙස මර්දනය කරමින් සිටී. ඇමතිබලය සහ ජාවාරම්කරුවන්ගේ මුදල් බලය යොදාගෙන සූක්ෂමව ක්‍රියාත්මක කළ සංවිධානාත්මක වැඩපිළිවෙලක් වියරු ලෙස ක්‍රියාත්මක කරමින් සිටියි.

මේ සියළු ක්‍රියාමාර්ග අනුගමනය කරනුයේ ලෝක සම්මතය බිඳ දමා සයිටම් නීතිගත කර රජයේ මතය, මහජන මතය පරදවා තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීම පැහැදිලිය.

ලෝක සම්මතය ආරක්ෂාකර ගනිමින් රෝගී අයිතිවාසිකම් රැකගැනීමේ අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනටමත් තීරණය කර අවසන්ය. ඒ නිසා ඇමති වියරුව හමුවේ අපි නොනැමෙන බව අපි දැඩිව අවධාරණය කරමු.

සයිටම් විරෝධය පසුපස සිසුන් මුදලට රට යවන ගොඩ වෙද්දු



සයිටම් විරෝධී ව්‍යාපාරය පසුපස සිසුන් විදෙස් රටවල් වෙත යොමුකරන වෛද්‍යවරුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිටින බවට  සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ චෝදනා එල්ල කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධානද මේ අතර වන බවයි.
මේ එහිදී නෙවිල් ප්‍රනාන්දු මහතා පල කළ අදහස්.

අද උදේ මා මුණ ගැසුනේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් වීරවර්ධන මහතායි. ඒ මහතා සමඟ සාකච්ඡා කර මම ලිඛිතව භාර දුන්නා අපේ තත්ත්වය මොකක්ද කියන එක ජනාධිපතිවරයාට දෙන්න කියලා. අපිට විරුද්ධව කටයුතු කරන ජී. එම්. ඕ. එක තුළ සිටිනවා කණ්ඩායමක් ළමයින් පිටරට යවන මම නම් ටික දෙන්නම් සමන්ත ආනන්ද කියලා ඉන්නවා එයාගේ තාත්තා තමයි ජෙම් මුදලාලි සමන්ත ආනන්ද ජී. එම්. ඕ. එකේ නිලධාරියෙක්, තවත් එක්කෙනෙක් ඉන්නවා ප්‍රසන්න රණවීර කියලා ඒ අය ඔක්කොම රුසියාවට ළමයි යවනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා එයාගෙ නම පස්සෙ දෙන්නම් දැන් මගේ ළඟ නැහැ.

මෙඩිකල් කවුන්සිල් එකෙත් වෛද්‍ය සභාවෙත් ඉන්නවා කණ්ඩායමක් මේ ඔක්කොම එකතුවෙලා තමයි මේ සයිටම් එකට විරුද්ධව පෙළපාළි යවන්නේ. ළමයින්ව මුලාවේ දමා ළමයින් එළියට දමා ඔක්කොම උද්ඝෝෂණ කරවන්නේ මේ කණ්ඩායම තමයි. පසුගිය දවස්වල අගමැතිවරයා කිවුවා මේකේ ඒජන්ට්ලා තමයි සල්ලි එකතු කරලා අර දුප්පත් ළමයි පෙළපාළි ගෙනිහින් ‍රිමාන්ඩ් කළාම කෝටියක් දෙනවා එක ළමයකුට. ඒ ළමයි උසිගන්වන්නේ ඒ කට්ටිය. ඒ නිසා ඒ අය වගේම වෛද්‍ය සංගමයේ සිටින මෘගයෝ ටික ආයෙමත් උද්ඝෝෂණ පටන්ගත්තොත් මම හිතන්නේ මහජනයා නිකන් ඉන්නේ නැහැ.

මේ ගොල්ලෝ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් තමයි පටන් ගන්නේ දුප්පත් අම්මලා තාත්තලා කොත්තමල්ලි ටික හාල්‍මැ‍ස්සො ටික ගත්තාම මිරිස්, ලුණු, තේකොළ ගන්න සල්ලිවලින් තමයි මේ ජී. එම්. ඕ. එකේ අයට පඩි ගෙවන්නේ ඒ අයට කාර් දුවන්න සල්ලි දෙන්නේ. ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ආයෙමත් වැඩ වර්ජනය කළොත් මේක අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරලා සියලු දෙනාගේම දේපළ රාජසන්තක කරන්න කියලා. ඒක කෙරුවා 1970 ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අධිකරණ ඇමැති හැටියට ඉන්න කාලයේ වෛද්‍ය සංගමය වැඩ වර්ජනය කරන කොට, අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කළ වහාම හැම දෙනාම වැඩට ආවා. එහෙම නැතුව ආණ්ඩුව මේ යුනියන්වලට ජී. එම්. ඕ. කාරයන්ට රට පාලනය කරන්න දුනහොත්, එදා සෞඛ්‍ය අමාත්‍යාංශය කුඩු පට්ටම් කරයි. ආයෙත් ජනාධිපති කාර්යාලයත් කුඩු පට්ටම් කරයි. ඒ විදියට බලාගෙන ඉන්න බැහැ. ආණ්ඩුවක් නම් හරි විදියට කරන්න ඕන.

රජයේ පාර්ශ්වයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තිබෙනවා ළමයින් බඳවා ගැනීම හා උපාධි ප්‍රදානය තාවකාලිකව නවත්වනවා කියන එකට එකඟ වෙන්න බැහැ. එය ක්‍රමවේදයකින් කරන්න ඕන ගැසට් එකකින් එය කරන්න බැහැ. ඒ නිසා අපි ළමයි බඳවා ගන්න දැනට තාවකාලිකව නවත්වා තිබෙනවා. මේක පෞද්ගලික ආයතනයක් ලෙස ළමයින්ව ගන්න වෙනවා. ලබන මාසේ 05 වැනි දා නඩු තීන්දුවෙන් පස්සෙ අපිට පුළුවන් වෙයි ළමයි බඳවා ගන්න. වැඩවර්ජන කරන්න නොදී තදින්න ඉන්න කියලා ලේකම්වරයාට අපි කිවුවා. ඒක ජනාධිපතිවරයාට දැනුම් දෙන්නම් කිවුවා. කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා කිවුවාට තවම දීලා නැහැ. අපි එයට එකඟ නැහැ. සියයට අනූවක් සයිටම් එකත් එක්ක ඉන්නේ. මේ මෘගයන් පිටුපස්සේ ඒ අය යන්නේ නැහැ ඒකයි ඇත්ත තත්ත්වය. ජී. එම්. ඕ. එක පස්සෙවත් පාරට දුවන ත්‍රස්ත්‍රවාදීන් පස්සෙවත් රටේ ජනතාව යන්නේ නැහැ. සියයට අනූවක් අනුමත කරන්නේ සයිටම් එක නිදහස් අධ්‍යාපනයත් සමඟ යායුතු බවයි. එයයි හරි තත්ත්වය.

Dinamina


බදියුදීන්ගේ අලුත් වැඩෙන් පුල්මුඩේ නැති වෙයි

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශි‍්‍රතව නව ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය. රිෂාඞ් බදියුදීන් සූදානම් වනවා.

ඒ, ඉන්දියානු සමාගමක්ද සමගයි. මෙම ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 96 ක්. අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත‍්‍රාගාරයක් ති‍්‍රකුණාමලය ආශි‍්‍රතව පිහිටුවීමටයි ඉන්දීය සමාගම තීරණය කර ඇත්තේ.

එම සමාගම, ලංකා ඛනිජ වැලි සමාගමේ හා අනෙකුත් මූලාශ‍්‍රවලින් ඉල්මනයිට් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක්, සර්කෝන් මෙටි‍්‍රක් ටොන් අනූ දහසක් සහ මොනසයිට් මෙටි‍්‍රක් ටොන් නවදහස් පන්සියයක් අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම යන්ත‍්‍රාගාරය ති‍්‍රකුණාමලය වරායේ අක්කර 50 ත් 100 ත් අතර භූමි භාගයක ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඊට යාබද අක්කර සියයක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීමටද අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

අදාළ ඉන්දීය සමාගම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2017 වසරේද, දෙවැන්න 2018 දීද ආරම්භ කිරීමටයි සූදානමින් පසුවන්නේ.

ලංකා ඛනිජ වැලි සමාගම, ඛනිජ වැලි කැණීම හා වෙන්කිරීමේ අයිතිය තබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය සඳහා එකගවූ මිළට ඉල්මනයිට්, සර්කෝන් හා මොනසයිට් සැපයීම සිදුකරනු ඇති බවද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා පවසනවා.

ඒවායෙහි මිළ ටෙන්ඩර් කමිටුවක් මගින් තීරණය කරනු ඇති බවටයි පැවසෙන්නේ.

මෙම ව්‍යාපෘතියට අදාළව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක්ද ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් විද්වතුන් පවසන්නේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් වටිනා ඛනිජයන්ගෙන් හෙබි පුල්මුඬේ ඛනිජ වැලි නිධිය රටට අහිමිවීමේ අවදානමක් ඇති බවයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඉල්ලා ඇති ඇතැම් ඛනිජ වර්ගවලින් ඛනිජ තෙල් පවා උත්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ.


ෆේස් බුක්වලින් සිදුවන තවත් අපරාධයක් හෙළිවෙයි

මුහුණු පොත ෆේස් බුක් මඟින් හඳුනාගන්නා ලද පුද්ගලයින් රවටා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගනිමින් මුදල් වංචා කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි 15 කට අධික ප‍්‍රමාණයක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

මෙරටට සංචාරක කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි විදේශීය ජාතිකයින් විසින් ෆේස් බුක් වැනි සමාජ ඡුාලා වෙබ් අඩවි ඔස්සේ හඳුනාගන්නා ලද මෙරට ජනතාව සමඟ මිතුරු ඇසුරක් පවත්වන අතර පසුව ඔවුන් වෙත විවිධ ත්‍යාග එවනු ලබන බවට දන්වා ඔවුන්ගේ ෆේස් බුක් හා ජංගම දුරකථනවලට ලිඛිත පණිවිඩ යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන් අනතුරුව එම ත්‍යාගයන් ලබා ගැනීම සඳහා තැපැල් ගාස්තු, රේගු, රක්ෂණ ගාස්තු හා මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අවශ්‍ය බව පවසා එම මුදල් මෙරට පුද්ගලයින්ගෙන් ලබා ගෙන ත්‍යාග ලබා නොදී මුදල් වංචා සිදු කරනු  ලබන බව පොලීසිය පවසයි.

මෙලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධව විමර්ශන පවත්වා මේ වන විට මෙම අපරාධයට අදාළව නයිජීරියානු හා උගන්ඩා ජාතික සැකකරුවන් 25 කට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම අපරාධයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරනු ලබයි.

විදේස් ජාතිකයන් විසින් මෙලෙස ලක්ෂ 500 ක පමණ මුදලක් ලාංකීකයින් රවටා  ගිණුම්වල තැන්පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පිළට සිංහල බෞද්ධ නායකයෙක් ? – ක්‍රිකට් ලොක්කෝ ඊයේ රාත්‍රීයේ හදිසි සාකච්ඡාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිංහල බෞද්ධ නායකයෙකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස්ව එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේදී විවේක ගන්වා ඒ වෙනුවට සිංහල බෞද්ධ නායකයෙකු පත්කර ගැනීමට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ (26දා) රාත්‍රියේ පවත්වා ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන් හා ක්‍රීඩකයන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව සිංහල බෞද්ධකම පිළිබඳව අවධානය යොමුකිරීම පිළිබඳව ක්‍රීඩා විචාරකයෝ සිය බලවත් කනගාටුව ප්‍රකාශ කරති.

29 දා සිට රේල් පාරේ ගමන් කළොත් අමාරුවේ..

දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුම් මෙම 29 වැනිදා සිට ආරම්භ කරන බව. ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා මාධ්‍යට පැවසීය.

තමාගේ සහ අන් අයගේ ජීවිතවලට හානියක්‌ වන අයුරින් අනතුරුදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත පමුණුවන බවත්, එහිදී ඔවුන්ට රුපියල් තුන් දහසක දඩයකට යටපත් වීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ආරක්‍ෂක අංශ සේවා ස්‌ථාන 26 කට අයත් නිලධාරීන් 500 ක්‌ පමණ යොදවා දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉලක්‌ක කොට මෙම වැටලීම් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට එම අනතුරුදායක තත්ත්වය හා එම වරදේ බරපතළකම පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරගෙන යන බවද ඊට මහජනයාගෙන් විශාල ප්‍රතිචාරයක්‌ ලැබී ඇතැයිද හෙතෙම කීය.

ජංගම දුරකථන භාවිත කරමින් හා සෙල්ෆි ඡායාරූප ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉකුත් දින කීපය තුළ විශාල ලෙස ඉහළ යැම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය පසුගිය 14 වැනි දා සිට බලාත්මක කරනු ලැබීය.