08 June 2017

සීනි මිල 10 කින් ඉහල යන විට – ටී, ප්ලේන්ටී මිලත් ඉහලට

සීනි සඳහා නව බදු පැනවීමත් සමග සීනි මිල ඉහළ යෑමට අමතරව කිරි තේ සහ ප්ලේන්ටි, රසකැවිලි මිල ඉහළ යෑමද සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මේ වනවිට සීනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට පත්ව තිබෙන බවත්, එහෙත් මෙම ද්‍රව්‍ය සඳහා පාලන මිලක් නොමැති බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේය.

මේ හේතුවෙන් වෙළෙඳ සැල් හිමියන් විසින් තමන්ට අභිමත ආකාරයට සීනි අලෙවි කරමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

ආනයනික සීනි සඳහා රුපියල් 10ක බද්දක් පැනවීමට සාපේක්ෂව සීනි කිලෝවක් සඳහා වහාම පාලන මිලක් නියම කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍යවරයාගේ මෙම බද්ද හේතුවෙන් සමස්ත සීනි පරිභෝජනය කරන පිරිස් අපහසුතාවන්ට පත්වන බවද රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment