13 June 2017

ටී-ප්ලේන් ටී රුපියල් 5 කින් වැඩි වෙයි

රජය විසින් ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක් පැනවීම හේතුවෙන් මේ මස 8 වැනි දින සිට තේ සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

මෙතෙක් රුපියල් 15ක්ව තිබූ තේ කෝප්පයක් රුපියල් 20කටත් රුපියල් 35ක්ව තිබූ කිරි තේ කෝප්පයක් රුපියල් 40කටත් විකිණීමට තම සංගමය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රජය විසින් මේ වන විට සීනි කිලෝවක් සඳහා රුපියල් 30කට ආසන්න බදු මුදලක් ලබා ගන්න අතර සහල්වලින් මෙරට ස්වයං පෝෂිත කළ නොහැකි වූ රජයට සීනිවලින් රට ස්වයං පෝෂිත කිරීමට කෙසේවත් නොහැකි බව සම්පත් මහතා පෙන්වා දෙනවා.

මේ මිල වැඩි කිරීම පාරිභෝගික ජනතාවට දැරීමට අපහසු බව තමන් දන්නා නමුත් ඉහළ යන බඩු මිල හමුවේ තවදුරටත් මිල වැඩි කර නොසිටියහොත් තම ව්‍යාපාර කඩා වැටීමට ලක් විය හැකි බැවින් මේ තීරණය ගත් බවයි ඒ මහතා කියා සිටියේ.

No comments:

Post a Comment