13 June 2017

ඥානසාර හිමි සගවා සිටි ඇමතිවරයා ගැන තිස්ස විතාරණ හෙළිකරයි


අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා බවට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද චෝදනා එල්ල කළා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මාධ්‍යවල මෙම හිමි නම සඟවා සිටින්නේ ප්‍රබල දේශපාලඥයෙක් බව විවිධ ප්‍රකාශ නිකුත් වුවත් කවුරුන්දැයි හෙළි නොකළ බැවින් තමන් මෙම අනාවරණය සිදුකරන බවයි තිස්ස විතාරණ මහතා කියා සිටියේ.

ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර පැහැදිලි සබදතාවයක් පවතින බවටද මෙහිදී චෝදනා එල්ල කෙරුණා.

එසේම ඥානසාර හිමියන් ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කර ඇති බවයි අනාවරණ කෙරුණේ.

එමෙන්ම වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන හැඩිගල්ලේ විමලසාර හිමි ද බොදුබල සේනාවට සම්බන්ධවී සිටි බව තිස්ස විතාරණ මහතා අනාවරණ කරනවා.

No comments:

Post a Comment