25 June 2017

ඇමැති රවිගේ වැඩක් ගැන අනුර කුමාර හෙළි කරයි

හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට මෙතෙක් බලපත්‍රය නොදී සිටින්නේ අර්ජුන් ඇලෝසියස් අම්පාරේ පටන් ගත් මත්පැන් නිෂ්පාදනාගාරයට වාසි සැලසීමට දැයි සාධාරණ සැකයක් මතුව වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

මීට මාස 8කට පෙර ආරම්භ කළ හිඟුරාන සීනි කම්හලේ එතනෝල් නිෂ්පාදනයට තවම බලපත්‍ර ලබා නොදීමට එරෙහිව මැදිහත්ව සිටින්නේ ඇමැති රවී කරුණානායක බවයි ඔහු සඳහන් කළේ.

එලෙස බලපත්‍ර ලබා නොදීම හේතුවෙන් දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටියක් බවයි වාර්තා වන්නේ.

වැවිලි සමාගමක් සතුව පවතින එම සීනි කර්මාන්ත ශාලාවේ උක්වලින් සීනි ඇඹරීමේදී ලැබෙන මොලෑසස් මඟින් එතනෝල් පෙරීමේ ක්‍රියාවලියට බලපත්‍රය නොදීමෙන් දිනකට රුපියල් කෝටියක ආදායමක් අහිමිවන බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික සීනි කම්හලකට බලපත්‍ර ලබාදීමත්, වැවිලි සමාගමට අයත් කම්හලකට බලපත්‍ර ලබා නොදීමත් අතර බරපතළ සැකයක් මතුවන බවයි.

No comments:

Post a Comment