13 June 2017

ටියුෂන් ගුරන් හා පාසල් වෑන් රියදුරන් ළමුන්ට හානිකර බව හෙලිවෙයි

අතිරේක පන්ති ගුරුවරුන් හා පාසල් වෑන් රථ රියදුරන් අතින් පාසල් සිසුන් බහල වශයෙන් දූෂණයන්ට ලක්වන බව හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව කියා සිටියේ පෞද්ගලික අතිරේක පංති ගුරුවරුන් හා පංති පාලකයන් සඳහා මහනුවර පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති වැඩමුලුවක් අමතමින්.

මේ දක්වා සිදුකර ඇති විමර්ෂනවලදී එවන් අතවරයන්ට පත් පාසල් සිසුන් 22,000 ක් පිළිබද තොරතුරු ලැබී ඇති බවද මෙහිදී අනාවරණ කෙරුණා. මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා පල කළ අදහස්.

විවිධ පුද්ගලයන්ගෙන් දරුවන් දූෂණය වෙනවා. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියෑදුරකු අතින් දරුවන් 37 දෙනකු දූෂණය වූ සිද්ධියක්‌ අනාවරණය වී තිබෙනවා.

ටියුෂන් ගුරුවරුන්ගෙන් සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවන් දූෂණය වූ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය මගින් පාසල් සිසුන් විනාශ කරනවා. මත්කුඩු පමණක්‌ නොව ටොපි, චොක්‌ලට්‌ ආදිය ලබා දෙමින් දරුවන් මත්කරමින් දූෂණය කිරීම් හා මනස විකෘති කිරීම් සිදුවෙනවා. පෞද්ගලික පංති පවත්වන ගුරුවරුන්, පාසල් ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද තම දරුවන් ගැන උනන්දු විය යුතුය.

මෙවැනි අපරාධ, දූෂණ හා දරුවන් නොමග යෑවීම් සම්බන්ධයෙන් පොලිසිය ද උනන්දුවක්‌ දැක්‌වීම ගැන සතුටු විය හැකියි.
ටියුෂන් පංති නිසා අපේ තරුණ ළමුන් හොඳටම නරක්‌වෙලා. උතුම් වෘත්තියක්‌ වූ ගුරු සේවයේ යෙදී සිටින ටියුෂන් ගුරුවරුන් ගුරු ගෞරවය ආරක්‍ෂා වන ආකාරයට ක්‍රියා නොකළහොත් අනාගත දරු පරපුර විනාශ වී යනු ඇති.

මුදල් හම්බ කිරීමේ ගිජුකම නිසා විවිධ පුද්ගලයන් හා සංවිධාන නොයෙකුත් උපක්‍රම ක්‍රියාත්මක කරනවා. පාසල් යන දරුවාගේ සිට ඉහළ පංතිවල ඉගෙන ගන්නා තරුණ ළමුන් දක්‌වා දූෂණ අපරාධවලටත් විෂ මත්ද්‍රව්‍ය භාවිතයටත් යොමුකරන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කරනවා. විවිධ දූෂණයන්ට දරුවන් ගොදුරුවුණු අවස්‌ථාවන් සම්බන්ධ ලියුම් 22,000 ත් පමණ ලැබී තිබෙනවා.

No comments:

Post a Comment