12 June 2017

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක්

තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැඟිලි සංචාරයක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට තීරණය කිරිම සහ පරිපාලන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තිය සමිති අද(12) මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ

අද(12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ලබන 26 වනදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව චින්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment