16 July 2017

මොරටු සරසවියේ නිදහසේ සිටි බල්ලන් 23 දෙනෙකු මරා දාලා ? හදවත් කම්පා කළ වීඩියෝවක් අන්තර්ජාලයේ | VIDEO

මිනිසාගේ ළඟම මිතුරා බල්ලා කියලා කියමක් තියෙනවා.ඒ තරමට මිනිස්සුන්ට සමීප සත්ව කොට්ඨාසයක් තමයි බල්ලා.

මනුස්සයෙකුට කොයි තරම් දේවල් කළත් එක වරදක් වුණොත් අමතක වෙනවා කියලත් බල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඒක ජීවිතේ තියෙනකං ඌට මතක තියෙනවා කියලත් කතාවක් තියෙනවා.

අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මොරටුව සරසවියෙන් වාර්තා වුණු සිද්ධියක් නිසා.
මොරටු කැම්පස් එකේ නිදහසේ හිටපු බලලන් අමානුෂික විදිහට අල්ලන්න හදපු සිදුවීමකුයි එහි තිබෙන්නේ.

බෙහෙතක් විඳලා ලොකු වේදනාවකින් හැමතැනම වැටි වැටී ඇඟට පණක් නැතිව බල්ලන් වේදනාවෙන් ලතෝනි දෙනවා.

මේ විදිහට බල්ලන් 23 දෙනෙකු රැගෙන ගොස් තිබෙන අතර ඔවුන් රැගෙන ගියේ කුමන ස්ථානයකටද යන්න කිසිදු තොරතුරුක් නැති බවයි වාර්තා වන්නේ.

මොරටු සරසවියේ සිසුවෙක් අප සමග පැවසුවේ එලෙස රැගෙන ගිය බල්ලන් මේ වනවිට මරාදමා වලදමා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

හදවත් කම්පා කරන මේ සිද්ධිය ගැන සත්ව අයිතීන් සුරැකීමේ බලකාය නම් සංවිධානයක් විසින් හොයලා බලන්න මොරටුව සරසවියට ගියත් මේ වැඩේ කරන්නේ කවුද, මේ සත්තු අරන් යන්නේ කොහෙටද කියන එක එතන ආරක්ෂක අංශයේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ.

කොහොම වුණත් ජපුර, වගේම කලුබෝවිලත් මේ විදිහටම සිද්ධි ඇතිවුණා කියලයි ඔවුන් අපිට කිව්වේ.

මෙම සිද්ධියට විරෝධය පා මොරටු සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ.

මෙම සතුන්ගෙන් කරදරයක් සිදුවනවානම් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂිතව ඔවුන්ට හිංසාවක් නොමැතිව අදාල ස්ථානයකට රැගෙන යාම බලධාරීන් සතු වගකීමක් නොවේද..?

මෙම වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට හදවත් සංවේදී වන්නේ එම සත්වයා විඳින වේදනාව හදවතට දැනෙන නිසාවෙන්.

සතෙකුට මේ විදිහට හිංසා කරන එක කිසිම විදිහකින් අනුමත කරන්න බෑ.

සරසවි සිසුවියක් විසින් අදාල සිද්ධියේ වීඩියෝ පෙලක් මුහුණුපොත හරහා මුදාහැර තිබුණත් එය ඇයටද ඉවත්කිරීමට බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බුදුන් වැඩි පිංබිමක මෙවැනි පව්කාර සිදුවීම් ඇතිවීම කණගාටුවට කරුණක් බවයි සිද්ධිය ගැන අදහස් දක්වමින් සරසවි සිසුන් බොහෝ දෙනෙකු  පැවසු ෙව්.

අදාල සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්..

සත්ව හිංසනයට ඔබත් එරෙහි නම් මෙම විඩීයෝව ශෙයාර් කරන්න.

 

No comments:

Post a Comment