16 July 2017

ඩෙංගු රෝගීන්ට විශේෂ උපදෙස්

පළමු රුධිර පරීක්ෂණය:- උණ වැළඳී පැය 48 තුළ පූර්ණ රුධිර පරීක්ෂණය (FBC) කරගත යුතුය. එහි ප්‍රතිඵල සටහන රජයේ රෝහලක වෛද්‍යවරයකු වෙත පෙන්වා උපදෙස් ගත යුතුවේ.

සංකූලතා මතුවීම:- පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙයි. සාමාන්‍ය වශයෙන් දින 3ත් 6ත් අතර සංකූලතා මතුවේ.

ඩෙංගු රෝගීන්ට ආහාර:- ආහාර රුචිය ඇතිනම් සැහැල්ලු ආහාරයක් ගැනීම වැදගත් වේ. ඛනිජ වර්ග සහිත දියර (කැඳ, තැඹිලි, ජීවනි) භාවිතය වැදගත්ය. ඇපල් යුෂ පානය කිරීමේ විශේෂ වැදගත්කමක් නැත.

පසු රුධිර පරීක්ෂා:- උණ සුව වූ පසුවද රුධිර පරීක්ෂණයක් කිරීම වැදගත්ය.

ඩෙංගු මදුරුවා: දෂ්ට කිරීම:- උදෑසන සහ සවස් කල බහුලව සිදුවෙයි.

රෝහල්ගත වීම:- රුධිර පට්ටිකා ප්‍රමාණය ලක්ෂයට වඩා අඩු වූ අවස්ථාවේ රෝහල් ගතවිය යුතුය.

ඖෂධ ලබාගැනීම:- පට්ටිකා ප්‍රමාණය අවදානම් ලෙස පහත වැටී නැති රෝගීන්ට තම නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැක. උණ සහ ශරීර වේදනාව සඳහා පැරසිටමෝල් පමණක් ලබාගත යුතුය. වෙනත් වේදනා නාශක හෝ ප්‍රතිජීවක හිතු මතේ ලබාගැනීම අවදානම්ය.

උපදෙස්:- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

No comments:

Post a Comment