16 July 2017

පැරාලිම්පික් දිනූ දිනේෂ් පැරා ලෝක මලල ශූරතාවලියද දිනයි

 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පැරා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්ම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්විය.

දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කමට හිමි කම් කී අතර තරඟයේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං (මීටර්60.36) හිමිකර ගත්තේය.

2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති  පැරාලිම්පික් තරඟාවලියේදීද දිනේෂ් ප්‍රියන්ත ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේය.

දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන අතර ක්‍රියාන්විතයකදී ඔහුගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන්  ඔහු ටී46 කාණ්ඩයේ( දණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි ) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟ වලට එක්වෙයි.

No comments:

Post a Comment