03 April 2017

හමුදා පරිපාලනයට යුද අපරාධ චුදිතයකු පත් කළ බවට ශ්‍රී ලංකාවට චෝදනා



යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන යුද සෙන්පතියකු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහලම පරිපාලන නිලධාරියා ලෙස පත් කිරීම යුක්තිය පතා සිටින දස දහස් සංඛ්‍යාත යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරක් ලෙසින් හෙලා දකින මුල් පෙලේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් රජය එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී ඇති පොරොන්දු ගර්හාවට ලක් කර ඇතැයි හෙලා දැක තිබේ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ විධායක ජනරාල් ධුරයට 30 බ්‍රහස්පතින්දා පත් කරන ලද්දේ යුද වැදුනු නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලින් ආරක්ෂා කිරීමට කැප වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කුරුණෑගලදී සහතික වී දිනකට පසුය.

“ජිනීවාහි මානව හිමිකම් මණ්ඩලය අවසන් වී දින කීපයක් යත්ම මේ පත්වීම කිරීම සාහසික ක්‍රියාවක් වන අතර ආණ්ඩුව වගවීම හෝ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතල කොට නොසලකන බව මේ පත්වීමෙන් පෙන්නුම් කෙරෙයි,” යනුවෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නිවේදනයක් නිකුත් කරන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “මේ පුද්ගලයා අඩුම වශයෙන් ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පිළිතුරු දීමේ වගකීමෙන් බැඳෙන අයකු බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ කොමසාරිස් නවී පිල්ලේ පවසා තිබුනි,” යි ඇය වැඩි දුරටත් කියා සිටියාය.

පූර්ව සෝදිසිය

නිලතල වලට පත් කරනු ලබන රජයේ සහ ආරක්ෂක අංශ වල නිලධාරීන් පුර්ව සෝදිසියකට භාජන කරන බව  ශ්‍රී ලංකා ආණ්ඩුව ද හවුල් වී ජිනීවාහිදී සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ යෝජනා දෙකින්ම එකඟ වී තිබෙන බව ITJP සිහිපත් කර දෙයි.

“මෙය වින්දිතයන් ට පමණක් නොව, පූර්ව සෝදිසි වැඩ පිළිවෙලක් දියත් කරන බවට ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ ජාත්‍යන්තර ප්‍රජාවටත් කරන ලද අවමානයකි,” යි යැස්මින් සූකා පවසන්නීය. “අපරාධකරුවන් බවට චෝදනා ලබන පුද්ගලයන්ට දිගටම වරදාන දීම  සිදු කරන ආණ්ඩුවක් විදේශ වලට නිලධාරීන් යවද්දී යුද අපරාධ හා සම්බන්ධ වීමේ චෝදනා සම්බන්ධයෙන් පුර්ව සෝදිසියක් කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම විශ්වාස කළ නොහැකි නිසා එක්සත් ජාතීන් විසින් කළ යුත්තේ ශ්‍රී ලංකාවෙන් එවන සාම සාධක හමුදා භට පිරිස් යොදා ගැනීම අත් හිටුවීමයි.”

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දෙමළ ජනඝාතක අවසාන අදියරේදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අණ යටතේ පැවති කුප්‍රකට බලඇණියක්  ලෙස ITJP  විසින් හෙලා දැක ඇති 58 වැනි සේනාංකය විසින් සිදු කරන ලද යුද අපරාධ ගනයේ ලා සැලකෙන “සුදු කොඩි භාරවීම” ඇතුළු ප්‍රධාන සිදුවීම් කිහිපයක් එම සංවිධානය විසින්  මාර්තු 31 දා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වන්නි හමුදා ප්‍රහාර නිසා පීඩාවට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පැවරුණු නඩුවක් අධිකරණය විසින් ඉවත දමන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසින් පත් කර යවන ලද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් සහතික කෙරුණු රැකවරණය ලද නිසාය.

යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් වරයාට එරෙහි චෝදනා නිසා 2012 දී ඔහු සාමසාධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ඉහලම උපදේශක මණ්ඩලයකින් ඉවත් කරන ලද බවද ITJP සිහිපත් කර දෙයි.

වර්තමාන විධායක ජනරාල් වරයා ඉන් අනතුරුව තානාපති නිලයකට පත් කර යවනු ලැබූ දකුණු අප්‍රිකාව විසින් ඔහු භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහුට එරෙහි චෝදනා ගණනාවක් අඩංගු නෛතික ලිපි ගොනුවක් එරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් භාර දීමෙන් අනතුරුව බව ITJP වැඩිදුරටත් පවසයි.

radiogagana

ඇවන්ගාඩ් අධ්‍යක්ෂගේ ගිණුමට රු. ලක්ෂ 355ක් ආ හැටි සොයයි



ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද (03) දන්වා තිබේ.

දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී රුපියල් ලක්ෂ 355ක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එය ලබාගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොණු කර ඇත.

ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු මහතා එම නඩුවේ පළමු සැකකරු ලෙසද නම් කර සිටියි.

මේ අතර නඩු විභාගය අගෝස්තු 28 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කර තිබේ.

ජෝන් සීනා ගහගත්ත තැනම කසාදෙත් කරගනී | VIDEO


 ජෝන් සීනා කිවුවහම ලොවම හඳුනන චරිතයක් පසුගිය දා පැවති වෙස්ල්මේනියා තරඟයේදී අපූරු සිදුවීමක් වූවා. හැමදාමත් ඉතිං රෙස්ලින් වලල්ලේ සිදුවෙන්නේ ගහ මරාගන්න දේවල්නේ හැබැයි ඊයේ දිනයේ ජෝන් සීනා තම පෙම්වතිය වන නිකී බෙලාට තමන්ව විවාහ කර ගන්නා ලෙස යෝජනාවක් කරනු ලැබුවා.

ඇය එක් සැනින් එය පිළිගත් අතර එය සහෘර්ද රෙස්ලින් ප්‍රේක්ෂකයන්ට ඉමහත් සතුටට කරුණක් වූවා.



මහින්ද ආණ්ඩුවේ රහසක් පාඨලී හෙළි කරයි



හම්බන්තොට වරාය පිළිබඳව විධිමත් ආර්ථික ඇගයිමක් සිදු නොවුණ බවත් රටේ අනාගතය තීරණය වන මෙම කාරණය ණය බරින් මදක් නිදහස් වීමට ගනු ලබන උපක්‍රමයක් ලෙස භාවිත නොකළ යුතු බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, කොළඹ දකුණු වරාය, වරාය නගරය හා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය විදේශීය කළමණාකාරිත්වයට පැවැරීමට තීරණය කර තිබුණ බවත් ඔහු මෙහිදී හෙළි කර තිබේ. 

නව රජයද ඒ මාර්ගයේ නොයා යුත් බව "හම්බන්තොට වරාය හා මගේ නිර්දේශය" නමින් සිය ට්විටර් ගිණුමට ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

හම්බන්තොට වරාය චීනයට පැවැරීමට අදාළව ගිවිසුම සකස්කරන කමිටුවෙන්ද අමාත්‍යවරයා පසුගියදා ඉවත්විය. 

රජයේ වෛද්‍යවරු 7 වැනිදා වැඩ වර්ජනයක



රජයේ වෛද්‍යවරුන් එළඹෙන 7 වන දා දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කළේ.

ඒ අනුව එළඹෙන 7 වන දා උදෑසන 8 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි.

5 වැනිදා පක්ෂ දෙකක් විරුවන් සමරයි


 අප්‍රේල් 05 වැනි දිනට යෙදී තිබෙන 46 වැනි අප්‍රේල් විරු සැමරුම පක්ෂ දෙකක් ස්ථාන 06කදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. 1971 අරගලයේදී දිවි පිදූවන් සිහිකිරීම සඳහා පැවැත්වෙන අප්‍රේල් විරු සැමරුම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සැමරීමට සැලසුම් කර ඇත. ‍

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සැමරුම මොනරාගල මාතලේ හා ගාල්ල නගරවලදීත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සැමරුම අවිස්සාවේල්ල, කුරුණෑගල, තංගල්ල ප්‍රදේශවලදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

චන්දිමාල් සහ කුසල් විස්සයි විස්සෙන් විසිවෙයි


 එහි නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගයි. ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ ශෙහාන් ජයසූරිය ද විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

ආබාධ හේතුවෙන් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියට සහභාගි වන්නේ නැහැ.

ශාරීරික යෝග්‍යතාව අනූව කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියට එක්වීම තීරණයවනු ඇති බවයි ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

ඔහු සහභාගි නොවන්නේ නම් ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි විස්සයි විස්ස සංචිතයට කැඳවීමට නියමිතයි.
ඔස්ටේ‍්‍රලියාව සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට එක්වූ කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ සචිත් පතිරණට මෙවර තරගාවලියේදී සිය ස්ථාන අහිමිවී තිබෙනවා.

ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වීමට නියමිතයි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට සාම විනිසුරු පදවි



ත්‍රිවිධ හමුදාවල තෝරා ගත් නිලධාරීන් ඇතුළු 100 දෙනෙකු සදහා සාම විනිසුරු පදවි පිරිනැමීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කටයුතු කර තිබේ. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් මෙම වැඩසටහන අනිද්දා (05දා) අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙය ගෞරවණිය තනතුරක් හුදෙක් සමාජ සේවා සඳහා පමණක් ලබා දෙයි. මහජනතාවගේ දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරිම ජනතාවගේ නීතිමය ලිය කියවිලි සහතික කිරිම, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සදහා අදාළ අංශවලට සහාය දීම ,සමාජ විෂමතා වැළැක්වීම සදහා සහාය දැක්වීම ආදී කටයුතු සදහා සාම විනිසුරුවරුන් කටයුතු කරයි. සාමවිනිසුරුවන්ට සිය සේවය සඳහා ගාස්තු අය කිරීමක් සිදු කළ නොහැකිය.

බලශක්ති ප්‍රතිපත්ති කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට



සකස්කර තිබෙන ශ්‍රී ලංකා ජාතික බලශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික කෙටුම්පතට. මහජන අදහස් ලබාගෙන මාස දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

මේ මස 30 වැනිදා දක්වා ජනතාවගෙන් මෙම කෙටුම්පතට ජනතා අදහස් ලබාගන්නා බවත්, මෙම කෙටුම්පත ප්‍රධාන කරුණු 10කින් සමන්විත බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

අමාත්‍යාංශ ලේකම්, නො.72 , ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ 07 ලිපිනයට ජනතා අදහස් ලබාදිය හැකිය.

සිවිල් සමාජය ජාලගතවීම සහ අපේ අරමුණ - රංජිත් හේනායකආරච්චි



ලංකා දේශපාලනයට සිවිල් සමාජයේ බලපෑම වැඩිම වැඩි කොටසක් කරනු ලැබුවේ 2015 ජනවාරි බල පෙරළිය සඳහායි. සිවිල් සමාජ සංවිධාන, පුද්ගලයින් සහ ආයතන ආදිය ජාතික හා ජාත්යින්තර තලයේ දිගු කලක් තිස්සේ අප්ර.තිහත ධෛර්යකින් නොකඩවා කර ගෙන ගිය සාමකාමී අරගලයක අවසාන ප්ර්ථිපලය ලෙස එය හා ආත්වැල් බැද ගන්නා දේශපාලන බලවේගයන් එදා බලපෙරළිය සිදු කරනු ලැබීය. එම දිගු අරගලය තුල විවිධ සමාජ කණ්ඩායම් සහ සංවිධාන, අත්දැකීම්වලින් පරිපූර්ණ සහ නවක කණ්ඩායම් මෙන්ම පුද්ගලයන්ට එකට එක්වීමට ඉඩක් එදා බලවේගයන් විසින්ම සාදා තිබුණි.

එදා රාජපක්ෂ රෙජීමයට විරුද්ධව එක්වූ සිවිල් කණ්ඩායම් එකම මතයක් දැරූ කණ්ඩායම්ද? නැත. එක කණ්ඩායමක් පරිසර විනාශය ගැන වැඩකළ අතර අනෙක වෘත්තීය අයිතීන් ගැන වැඩ කරනු ලැබීය. තවෙකක් රාජ්යය ක්රිමය පෙරළා දැමිය යුතු යැයි කියූ අතර තවෙකක් ප්රණජාතන්ත්රජවාදී අයිතීන් සඳහා පෙනී සිටිනු ලැබීය. තවෙකක් නීතිය මත පාලනය ගැන කතා කළ අතර තවෙකක් ස්ත්රී න් යටපත් කිරීම සහ ලිංගික සූරාකෑම ගැන කථා කළහ. කළාව සහ සංස්කෘතිය, සාහිත්යර ආදී මෙකී නොකී කණ්ඩායම් එතුල එක්වී සිටියහ. විද්වතුන් මෙන්ම කම්කරු බලවේග විශ්වවිද්යායල ආචාර්යවරු මෙන්ම ශිෂ්යය බලවේග එදා එහි එක්ව සිටියහ. මිනී මැරීම, බලය අපයෝජනය, දූෂනය, බලහත්කාරය ආදී දුර්ගුණයන්ට හිමිකම් කියූ එදා පැවති රාජපක්ෂ කල්ලියේ රෙජීමයට මේ සියලුදෙනා විරුද්ධ විය. එහිදී මගේ මතය ඔබ දරණවාද යන්න මවිසින් ප්රූශ්න නොකළ අතර ඔබෙත් මගෙත් සමානකම සෙවූයේ අපට පොදු ගුණාකාරය වූ මිනිස් අයිතීන් වෙනුවෙන් ප්ර්ජාතන්ත්රනවාදී අයිතීන් වෙනුවෙන් යටපත් කිරීමට එරෙහිවීම වෙනුවෙන්, අසාධාරණයට බලහත්කාරයට එරෙහිවීම වෙනුවෙන් ඔබත් මමත් එකට එක්ව සිටියහ. එදා අපට අප අතර ඇති පරස්පරයන් වැදගත් නොවුණි. අපි අපේ පොදු උවමනාව සඳහා අවම එකගතාවයට එක්වීමු. එසේ නම් එදා අපේ උවමනාව සඳහා සිවිල් සමාජයකට සැබෑ අරුතින් එක්ව වැඩ කර ඇත්තෙමු. නමුත් එය ඉන්පසු අවදියේත් පැවතුණිද? එසේ නොවුනානම් ඒ කුමන කාරණා හේතු සාධක කරගෙනද? ආදිය අද අප ඉදිරියේ ඇති ප්රනශ්නයි. අප සිවිල් සමාජය ලෙස හදුන්වන්නේ විවිධ සමාජ කාරණා මුල්කරගෙන ප්රඅජාතන්ත්රිවාදී එකතූන් ලෙස එකට එක්වන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සහ පුද්ගලයන්ය. රටතුල තවත් ජන කණ්ඩායමක් හෝ පිරිසක් නැතිනම් වෙනත් මතයක් දරණ කොටස් මත තම ආධිපත්යල පැටවීමට, යටපත් කිරීමට එක්වන බලවේගයන් අපි සිවිල් සමාජය ලෙස හදුනා නොගනිමු ( ජාතිවාදී බලවේග, ෆැසිස්ට්වාදී බලවේග වැනි). සමාජ ක්රියයාදාමයක් සඳහා පෙනී සිටින පුද්ගලයන් සහ සංධානයන් විශේෂයෙන් ඔවුන් විසින්ම ඔවුන් සංවිධාන ගතවී සහ ක්රිේයාත්මක වන අය මෙහිදී වැදගත්ය.

පසුගිය පනස් වසක කාලය තුල රාජ්ය නොවන සංවිධානයන්හි විශාල නැගීමක් සිදුවී ඇත. 1960 දී සංවිධාන 1200 ක් පමණ වූ එය 1990 වන විට 22000 දක්වාත් 2014 වන විට 67 000 ක් ඉක්මවා වර්ධනය වී ඇත. මේ තත්වය ඇති වීමට මූලිකවම බලපාන්නේ රාජ්ය නොවන සංවිධානවලට ජාත්ය2න්තර සංවිධානයන්හි ( එක්සත් ජාතීණ්ගේ මණ්ඩලය, ජාත්යාන්තර කම්කරු සංවිධානය වැනි ILO) තම මත ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ජර්මනියේ 2014 වන විට සමාජ සංවිධාන හය ලක්ෂ දාසය දාහක් ක්රිවයාත්මක වන අතර ඒවායේ මිලියන 17.5 ක් ස්වේච්ඡාවෙන් ක්රිමයාත්මක වේ.

‘සිවිල් සමාජය' යන හැදින්වීම මෙසේ ක්රිවයාත්මක වන කණ්ඩායම් සහ සමාජ ක්රි.යාදාමයට යෙදීම සිදුවන්නේ ඉතා ඈත කාලයක සිටයි. එකල SocietasCivilis' යන්න ආදර්ශමත් සමාජයක් වෙනුවෙන් පාවිච්චි වූ හැදින්වීමයි. 19 වන සියවස මුලදී ඇමරිකා එක්සත් ජනපද වල සංචාරයක යෙදුණු ප්රංාශ රදලයෙකු වන Alexis De Tocqueville එවකට ඇමරිකන් සමාජය තුල ක්රිසයාශීලීව පැවති විශාල ප්රවමාණයක් සමාජ සංවිධානයන්හි විවිධත්වය සහ ඒවා තුලින් සමාජයේ සාමකාමී පැවැත්මට, ප්රිශ්න නිරාකරණය කර ගැනීමට, ඒවා තුල ඇති ප්රතජාතන්ත්රිවාදී බව සහ ස්වයං සංවිධානගතවීම තුළ ඇති වැදගත්කම දැක පුදුමයට පත්විය. ‍Tocqueville එදා සමාජය විග්රාහකරමින් ‘සිවිල් සමාජය යන යෙදුම යොදා ගනු ලැබුවේ උද්යෝගීමත් පුරවැසියන් විසින් තමන්ම සංවිධාන ගතවූ සමාජ සංවිධාන, එහිදී රාජ්යයට හෝ වෙළඳපොළ ආධිපත්යනට ප්රවතිවිරෝධයකින් තොරව හිස නොනමන මෙම බලවේග හැදින්වීම සඳහායි. එදා සිට සමාජයේ ස්වයං සංවිධානය වීමේ හැකියාව සහ එහි ඇති ප්රහජාතාන්ත්‍රික ලක්ෂණ හදුනාගැනීම සිවිල් සමාජය ලෙස හැදින්වේ. සංවාදයක් තුලින් මතයක් ගොඩ නගා ගැනීම නැතිනම් සාකච්ඡාවක් තුලින් යම් එකගතාවයට ඒම සිවිල් සමාජ ක්රිදයාදාමය ලෙස හැදින්වේ. එමෙන්ම සිවිල් සමාජය ප්රටජාතන්ත්ර වාදී සමාජයක සාධාරණ සහ සාමාකාමී බවක් පවත්වා ගැනීමට අවශ්යය ආරක්ෂකයා නැත්නම් එක්කෝ බලාගන්නා තැනැත්තා ලෙස විවේචනාත්මක අවධානයක් දේශපාලන බලය, ආර්ථිකය සහ සමාජ කළමණාකාරණය දෙස යොමාගෙන සිටිනු ලබයි. මේ කාරණයේදී කාන්තා, පරිසර, ජනවාර්ගික අයිතීන්, න්යිෂ්ඨික විරොධීන්, දූෂණ විරෝධී ආදී සමාජ සංවිධාන මෙම සිවිල් සමාජ දාමයේ කොටස්ය. ඒවාගේම ඒකාධිපති හෝ ඒකාධිපති නැම්මක් ඇති රාජ්ය‍න් තුලදී සිවිල් සමාජය සහ විරෝධාකල්ප දේශපාලන බලවේග අතර සම්බන්ධයක් පවතී. ජනවාරි 08ට ප්රිථම ලංකාව, මියන්මාරයේ අවුන් සන් සුකී සමග එක්වූ බලවේග, පිලිපීනයේ මාකෝස් පෙරළීමට එක්වූ දේශපාලන බලවේග ආදිය මේවාට උදාහරණයි. එමෙන්ම මෙවැනි ඒකාධිපතිවාදී රාජ්යීන් තුල මෙවැනි බලවේග සමග පුද්ගලයින් මතුවීමද සමහර තැන්වලදී ඔවුන් එවැනි බලවේග වල සංකේත බවට පත්වීමද සිදුවන අතර එතුලම සිවිල් සමාජ නායකයන් මේ ක්රිීයාවන් තුලම මතුවීමක් සිදුවිය.

ප්රජචන්ඩත්වයෙන් තොරව නැතිනම් ‘සිවිල්' ලෙස එකිනෙකා සමග ක්රිලයාත්මක වීම සිවිල් සමාජයේ තවත් වැදගත් සාධකයකි. එනම් පරස්පර විරෝධී නැතිනම් ගැටුම් සහිත මාතෘකාවන් හෝ වැඩසටහන් පිළිබඳව දෙපාර්ශවයටම වැදගත් කමක් සහ ගෞරවයක් දී ප්රෝචන්ඩබවින් තොරව සැමට එකගවිය හැකි නම්යනතාවයේ විසදුමකට පිවිසීමට මග පාදා ගැනීමයි.

මෙ තුල සිදුවන වැදගත්ම කාරණය වන්නේ මෙම හැසිරීම විසින් ප්රඩජාතන්ත්රඑවාදීව ක්රියත්මකවීම ඉගෙන ගැනීම එතුලම සිදුකරවීමයි. එනම් බැරෑරුම් ප්ර ශ්නයන්හිදී නම්යරශීලී භාවයෙන් විසදුම් සොයා ගැනීම තුලින් ප්රලජාතන්ත්ර වාදී සමාජ ක්රිියාදාමයට පුහුණුවක් එතුළ ඉබේම ක්රිායත්මක වන නිසා එය ප්රමජාතන්ත්ර වාදී සමාජයක් පවත්වා ගැනීමට ආධර කරන බැවිනි. සමාජයේ සිවිල්බව ප්රුජාතන්ත්රබවාදය වටහා ගැනීමට එහි එකිනෙකා ඉවසීමට හුරුවීම, වගකීම් දැරීමට හුරුවීම සහ විශ්වාසය ගොඩ නගා ගැනීමට හුරුවීම සිවිල් සමාජය යන්නෙන් හදුනා ගැනේ.

සිවිල් සමාජ ක්රි.යාදාමය සහ ඔවුන්ගේ අරමුණු

සිවිල් සමාජයක් යන්න හැදින්වෙන්නේ ස්වේච්ඡා සංවිධානයන් රාජ්යන නොවන සංවිධානයන් ලාභ නොලබන සංවිධානයන් සංගම් ආදිය ගොනුවීම තුලයි. මේවා සමාජ බලවේගයන් ලෙස එකට ගොනුවනු නිතර දැකිය හැකිය. මෙම සමාජ බලවේගයන් වෙනම සංවිධාන බවට පත් නොවෙති. නමුත් මෙම සමාජ බලවේගයන් තනි සංවිධාන ව්යුංහයක් ලෙස ගොඩ නැගෙති. එසේ නමුත් මෙසේ බිහිවන සමාජ බලවේගයන් සමාජ යහපත වෙනුවෙන් ක්රිගයාත්මක වන අතර සමාජ තුල සංවාද තුලින් මතයක් ගොඩ නැගීම, විරෝධය පෑම් සහ එවැනි සමාජය තුල ක්රිමයාත්මක වන ක්රිසයාකාරකම්වල නිරත වේ. උදාහරණයක් ලෙස මිනිස් අයිතීන් උල්ලංඝනයට එරෙහිව, පරිසර විනාශයට එරෙහිව මෙන්ම ස්වභාවික විනාශයන් ආදිය පිළිබඳව සමාජය දැනුවත් කරන අතර උපකාරක බලවේග ලෙසද ක්රිියාත්මක වේ.

සිවිල් සමාජය එහි ස්වභාවයෙන්ම යමක් සඳහා ක්රිසයාත්මක වීම මත නැතිනම් ක්රිායාත්මක බව මධ්යය ලක්ෂණය කරගත් ඉදිරිපත් කිරීමක් නැතිනම් සිතා බැලීමක් ලෙස හදුනාගැනේ. එසේම ස්වරූපයෙන්ම සිවිල් සමාජය ධනාත්මකව හදුනාගන්නා අතර ප්රයජාතන්ත්රමවාදී සාධාරණ සමාජයක් ගොඩ නගා ගැනීම අරමුණු කර ගත් එකක් ලෙස හදුනාගනු ලබයි. මේ සඳහා ලෝකය පුරා අවශ්යස තරම් උදාහරණ තිබේ. නැගෙනහිර යුරෝපයේ මෙන්ම ලතින් ඇමරිකාවේ හමුදා ආඥාදායකයන්ට එරෙහිව නැගුණ බලවේග ඒවායින් කොටසකි. ලංකාවේ ජනවාරි 08 වෙනිදා සිදුවන්නේ ද එයයි. එනිසා සිවිල් සමාජය යන ඉදිරිපත් කිරීම, එම වැඩ පිළිවෙල, විශේෂයෙන් ආසියා අප්රිිකා සහ ලතින් ඇමරිකා ඒකාධිපති හෝ ප්රවජාතන්ත්රර විරෝධී රාජ්යඩන් විසින් සමාජයෙන් ඉවත් කළ යුතු උවරදු ලෙස, යක්ෂයින් ලෙස හංවඩු ගසති. මාධ්යෝ මගින් ඔවුනට එරෙහි නිරන්තර සටනක් දියත් කරති. ලාංකික අපටද මෙය හුරුය. ඩොලර් කපුටන් රට පාවාදෙන්නන් එල්ටීටීඊ මාෆියාව ආදී මෙකී නොකී හංවඩු ගැසීම ලංකාව තුලද සිදුවේ.

සිවිල් සමාජමය ක්රිංයාදාමය සෑම විටම ප්රීචන්ඩත්වයෙන් තොරව නම්යලශීලීව ප්රෆශ්න නිරාකරණය කර ගැනීම මුල්කර ගනී. ඒවාගේම සිවිල් සමාජය මෙහි පිළිඹිබුවක් වනවා මෙන්ම එම දේශපාලනය අන්මත ඉවසීම සහ නම්යකශීලී බව මුල්කර ගත් එකකි. සිවිල් සමාජමය ක්රිනයාකාරකයන් සහ ක්රිනයාදාමයන් මුල්කරගත් එකකි. එහිදී එය පවුල්වාදීබවින් පුද්ගලික ව්යාරපාරවලින් හෝ රාජ්යන ආයතනගත වීමෙන් තොරව පැවතිය යුතුය. එනම් ආර්ථිකව වාසි, රාජ්යව සහ පුද්ගලිකත්වය මුල්කර ගැනීමෙන් තොරව, සමාජ ව්යාතපාර, සංවිධාන, රාජ්ය නොවන සංවිධාන සමාජ ජාලා ආදිය ලෙස පිහිටා සිටිය යුතුය.

දේශපාලනයට සහභාගි වන ඒ වෙනුවෙන් නිරන්තර වැඩ කරන කණ්ඩායම් පමණක් නොව මෙසේ දේශපාලනයට සහභාගි නොවන පුද්ගලයන් සහ කණ්ඩායම් මෙම ක්රියයාදාමයට සම්බන්ධ කර ගැනීම, නැත්නම් ඔවුනට සහභාගීත්වයට ඉඩ සැලසීම, සිවිල් සමාජ සම්බන්ධකම් ගොඩ නගා ගැනීමේදී ඉතා වැදගත්ය.