16 April 2017

ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි


ජායාරූපය: හයිටියේ ශ්‍රී ලාංකික සාම භටයින්ට පදක්කම් පැළදවීමේ උත්සවයක්  UN Photo/Logan Abassi.

හයිටි රාජ්‍යයේ එක්සක් ජාතීන්ගේ සාම දූත මෙහෙවරෙහි යොදවා සිටි ශ්‍රී ලාංකික සොල්දුවන් සියයකට වැඩි පිරිසක් එරට අසරණ බවට පත් අඩු වයස් ළමුන් සමඟ විවිධාකාර ලිංගික සංසර්ගයන්හි යෙදී ඇති බව එජා සංවිධානයේ වාර්තාවක් හෙළි කරයි. මේ බව හෙළිවන්නේ ඇසෝසියේටඩ් පුවත් සේවය විසින් ලබා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකිනි.

2004 සහ 2017 අතරතුර එරට රඳවා සිටි 600ක් වූ ශ්‍රී ලාංකික සොල්දාදුවන් අතරින් 134 දෙනෙකු බාල වයස්කාර දරැවන් 09 දෙනෙකෙු යොදා ගනිමින් මෙම ලිංගික සේවන ජාවාරම පවත්වා ගෙන ගොස් තිබේ.

මෙසේ අපයෝජනයට ලක්කරන ලද අංක එක යයි කම් කර ඇති දැරියට ඒ වන විට වසය අවුරුදු දොලසකි. එවිට ඇයගේ පියවුරුවත් වැඩී තිබී නැත.

අංක 09 දරන පිරිමි දරුවා අපයෝජනය කිරීම ඇරඹී ඇත්තේ ඔහුට වසය 15දී ය. ඔහු කියා ඇත්තේ ඔහු සියයක් පමණ ශ්‍රී ලංකික සොල්දාදුවන් සමඟ ලිංගික හැසිරුණූ බවයි. ඒ අනුව දිනකට සාමාන්‍යයෙන් හතර දෙනෙකු බැගිනි.

මෙවැනි වින්දිතයනට සාධාරණය ඉටුවන්නේ කළාතුරකිනි. ඇසෝසියේටඩ් පුවත් සේවය විසින් කරන ලද ගවේශණයෙහි ප්‍රතිපළ පෙන්වන්නේ පසුගිය වසර 12 තුළ එජා සාම හමුදා සහ එජා නිලධාරීන් විසින් කරන ලද මෙවැනි අපයෝජන 2000ක් පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි. එයින් 300ක් දරුවන් අපයෝජනාය කිරීම් ය. එසේ නමුත් සිරගත කරන ලද  අපයෝජකයින් අල්ප ය.

හයිටියේදී ශ්‍රී ලාංකික සොල්දාදුවන් විසින් අපයෝජනය කරන ලද  මාපියන් නොමැති මෙකී දරැවන් ජීවත්ව සිට ඇත්තේ  කඩා වැටුණු ගොඩනැඟිල්ලක ය.

එම දරුවන්ගෙන් සමහරකුට ලිංගිකත්වයට අදාළ සිංහල වචන කතා කිරීමට හැකියාවක් තිබූ අතර පරීක්ෂණය අතර තුර එම දරුවන් සිංහල බසින් වචන හුවමාරු කරගත් බවද වාර්තාවෙහි සඳහන් වෙයි.

ප්‍රථම වරට මෙම දූෂිත අපයෝජන ජාවාරම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉව වැටී ඇත්තේ 2007 දී ශ්‍රී ලාංකික සොල්දාදුවන් සහ හයිටි දරුවන් අතර අසාමාන්‍ය ගනුදෙනුවක් ඇති බව පෙනී යාම මගිනි.

වීඕ 2 නමින් හදුන්වා ඇති දරුවා එජා පරීක්ෂකයින්ට කියා ඇත්තේ වසය 16දී  තමා අඩුම වශයෙන් තෙවරක් ශ්‍රී ලාංකික යුද හමුදා අණදෙන්නකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදුනු බවයි. ඔහු තරබාරු උඩු රැවුලක් තිබූ රන් මුද්දක් පැළදී අයකු බව ඇය පවසා තිබේ. වීඕ 2 නමින් හදුන්වා ඇති දරුවා ශ්‍රී ලංකික සොල්දාදුවන් 11 දෙනෙකු ජායරූප මගින් හදුනා ගෙන තිබේ. ඉන් එක් අයකු කිහිල්ල සහ පපුව අතර උණ්ඩයකින් සිදුවූ දරුණූ තුවාලයක් තිබූ කොප්රල්වරයකු බවද ඇය පවසා ඇත. වසය 14ක් වූ වීඕ 4 නමින් හැදින්වෙන දැරිය තමා දිනපතාම මුදල්, බිස්කට් සහ යූෂ සඳහා ලිංගිකව හැසිරුණූ බවට සාක්ෂි දී තිබේ.

වීඕ 8 නමින් හැදින්වෙන දරුවා ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු සමඟ ලිංගිකව හැසිරී තිබේ. ඉන් බොහෝ දෙනෙකු එම දරුවා ට්‍රක් රථයට ගැනීමට පෙර ඔවුන්ගේ නම් සහ අංක සඳහන්  ටැග් ඉවත් කර තිබේ. අනතුරුව ඔහු සමඟ මුඛ සංසර්ගයේ හෝ දූෂණයේ යෙදුණූ බව ඔහු පවසා තිබේ.

හයිටි නීතිය අනුව වයස 18ට අඩු අය සමඟ ලිංගික හැසිරීම නීතිය අනුව දූෂණයකි. එජා රීතින්ට අනුවද ලිංගික සූරාකෑම වරදකි.  ශ්‍රී ලංකා නීතිය අනුවද ළමා අපයෝජනය බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

එජා වාර්තාව කියන්නේ වින්දිත දරුවන් 19දෙනා විසින් ලිංගික ක්‍රියාවන් පිළිබඳව දෙන ලද සාක්ෂි සම්පූර්ණයෙන් වාර්තාවට ඇතුලත් කිරීමට බැරි තරම් දීර්ඝ බවයි.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයෙන් පසු ශ්‍රී ලාංකික සාම භටයින් 114 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට යවන ලදී. නමුත් ඒ කිසිවකුට විරුද්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව නඩු පවරණ ලද බවත් දැන ගන්නට නැත.

මෙසේ හයිටි දරුවන් ලිංගිකව අපයෝජනය කරන ලද සොල්දාවන් තවත් රටවල් ගණනාවකට අයත් වන බවද වාර්තාව පෙන්වා දෙයි. ඒ අතර පකිස්ථානය, උරුගුවේ, බංගලදේශය, බ්‍රසීලය, නයිජීරියාව යන රටවල්ද වෙයි.

– අන්තර් ජාතික පුවත් සේවා ඇසුරෙනි.

වෙනිසියුලාවේ මදූරෝ පාලනය ආරක්ෂා කරන ජවිපෙ රාජපක්ෂ නොරකින්නේ ඇයි?



ජායාරූපය: මර්දනකාරී මදූරෝ පාලනය රැකගැනීමට වීදි බැස සිටින ජවිපෙ. ( ලංකා ට්රුත් ජායාරූපයකි)

ජනතා විමුක්ති පෙරමුණ වෙනිසිසුලාවේ ජනාධිපති මදූරෝගේ පාලනය රැක ගැනීම පිණිස විදී බැස ඇති බව ඔවුන්ගේ ලංකා ට්රුත් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

දීර්ඝ කාලයක් පවත්නා දරුණූ ආර්ථික දුෂ්කරතා නිසා එරට ජනයා මුදුරෝගේ පාලනයට විරුද්ධව නිතිපතා උද්ඝෝෂණයන්හි නිරත වෙති. මදුරෝ පෙනී සිටින්නේ සමාජවාදී වෙනිසියුලාවක් වෙනුවෙනි.සරළ උදාහරණයක් ගන්නේ නම් 1970-1977 සිරිමාවෝ බණ්ඩාරණායක පාලනය වැනි එකකි. 1971 ජවිපෙ කැරළි ගැසුවේ එවැනි ආණ්ඩුවකට විරුද්ධවය.

මෑත  එරට පැවැති මැතිවරණයෙන් වෙනිසියුලාවේ දක්ෂිනාංශිත විපක්ෂය පාර්ලිමේන්තුවෙහි වැඩි බලය දිනාගත්තේය. එනමුත් ජනාධිපති මදුරෝ පාර්ලිමේන්තුවට සිය අධිකාරය පාවිච්චි කිරීමට ඉඩ නොදෙයි.

එපමණක් නොව මදූරෝ පක්ෂපාතී එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය විපක්ෂයේ පාර්ලිමේන්තු බලය පාලනය කිරීම පිණිස තමන් රටේ පාලනය බාර ගන්නා බවට ප්‍රකාශයක් කළේය. එය සහමුලින්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු බල විභේදනය අහෝසි කිරීමකි.  මුලු මහත් ලතින් ඇමෙරිකාව පුරාම නැගී ආ විරෝධය නිසා ශ්‍රේෂඨාධිකරණයට සිය තිරණය වෙනස් කිරීමට සිදු විය.

මෙය හරියට රාජපක්ෂ බලයෙන් පහවූ අවස්ථාවෙහි එවකට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු මොහාන් පීරිස් තමන් රටේ බලය ගන්නේ යැයි කියූවා වැනිය.

ජවිපෙ වෙනිසියුලාවේ මදූරෝගේ පාලනය ආරක්ෂා කරන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමේ සටන් පාඨය යටතේය. අද වාසුදේව නානායක්කාර රාජපක්ෂට සහාය දෙන්නේ ද එවැනි ස්ථාවරයක සිටිමිනි.

මේ අනුව බලන විට ජවිපෙ විසින් 2015 දී  කළ යුතුව තිබුණේ රාජපක්ෂ රැකගැනීමය. මන්ද යත් වෙනිසියුලාවේ මදූරෝ තවත් රාජපක්ෂ කෙනෙකු වන නිසාය.

මේ වනාහී ජවිපෙ දේශපාලනයේ බංකොළොත්කම පෙන්වන තවත් උදාහරණයකි.

SLB

අවුරුදු දවසේ මහා විනාශයක් කර ජීවිත රැසක් බිළිගත් කුණුකන්ද හැදුණේ මෙහෙමයි | PHOTOS



"මීතොටමුල්ල කුණු කන්ද පිහිටා ඇති පොතුවිල්කුඹුර 2008 වසර දක්වා කොලොන්නාව සහ මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශිය සභා කිහිපයක කුණු දැමීමට භාවිතා වූ කුඩා බිම් කඩකි.

2008 වසරේ දී කොළඹ කුණු එකතු කෙරුණු බ්ලූමැන්ඩල් කුණු කන්ද එතැනින් අහවර කරත්ම එම කුණු මීතොටමුල්ල පොතුවිල්කුඹුරට ගෙනවිත් ගොඩ බාන්න විය.

2009 වසරේදී කොළඹ නගර සභාවට විරුධව ප්‍රදේශවාසීන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ වසර දෙකක් තුළ කුණු දැමීම නතර කරන ලෙසත් අක්කර දෙකකට පමණක් එය සීමා කරන ලෙසත් ය.

මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක STFR/3H/2015 සහ STFR/318/2015 යටතේ එම නඩු දෙක තිබේ. ඒ අනුව අද වන විට එය අක්කර 20ට ආසන්න වෙමින් තිබේ. කුණු කන්ඳේ උස මීටර් 200 ඉක්මවා ඇත.

දිනකට එහි හැලෙන කුණු ප්‍රමාණය ටොන් 800කි. කොලොන්නාව, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශිය සභා සහ නගරසභාවලට අයත්ව ග්‍රාමසේවා වසම් 8ක් මෙකී කුණු කන්ද අවට තිබේ. ඒ සේදවත්ත, වෙලේවත්ත, කොටුවිල, කුරුණිය වත්ත, කිත්තම්පහුව, වෙහෙරගොඩ, වෙන්න වත්ත,සහ හල්මුල්ල ය. මේ ග්‍රාමයන් සියල්ලම කළුපාට වතුරෙන් පසුගිය ගංවතුරේ දී දරුණුවටම යට වූ අතර එහි බොහෝදෙනා අතීශයම දිලිඳු ආර්ථිකයන් හිමි පිරිස් වේ."

මීතොටමුල්ල පොතුවිල්කුඹුර ඉඩම ගොඩකරනු ලබන්නේ 1989 ගංවතුරෙන් පසුව ය. ඊට පසුව 2008 වනතුරා ප්‍රාදේශීය සභා කිහිපයක කුණු එකතු කිරීමට පමණක් භාවිත කළ පොතුවිල්කුඹුර ඉඩම, 2008දී ලංකාවේම කුණු ගොඩබාන තැනක් බවට පත් කළේ අන් කිසිවකුත් නොව, රාජ්‍ය ආරක්ෂක සහ නගර සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

එවකට අමාත්‍යාංශ ලේකම්වරයා හට කොළඹ ලස්සන කිරීමට විශාල ඕනෑකමක් තිබූ අතර, බ්ලූමැන්ඩල් කුණුකන්ද මීතොටමුල්ලට මාරුවන්නේ ද, ඔහුගේ 'ස්මාට් සිටි' සංකල්පයට රුකුලක් වනු පිණිස ය.


2019දී මිරිදිය මතස්‍ය නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට



මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම යටතේ දැනට රට තුළ නිෂ්පාදනය වන මිරිදිය මත්ස්‍ය ප්‍රමාණය 2019 වසර වනවිට දෙගුණයකින් ඉහළ දැමීමට සැලසුම් කර තිබේ.

මේ අනුව දැනට වාර්ෂිකව රටට හිමිවන මිරිදිය මත්ස්‍ය මෙට්‍රික් ටොන් 75,000ක පමාණය 2019 වසරවනවිට මෙට්‍රික්ටොන් 150,000 දක්වා ඉහළ දැමීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සැලසුම් සකස් කර තිබේ.
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය දෙගුණයකින් ඉහළ දැමීමේ සැලසුම අනුව අභිජනන මධස්ථානවල වාර්ෂික මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය ඉහළ දැමීමටත් සැලසුම් කර තිබේ.

මේ අනුව දැනට මිලියන 20ක් ලෙස පවතින වාර්ෂික මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීම 100% කින් ඉහළ දැමීමටත් සැලසුම් කර ඇත.

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ලබන වසරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට රුපියල් මිලියන 5,000ක් වෙන් කරගැනීමට සැලසුම් කර තිබෙන අතර, මේ වසර තුළ වෙන්කළ රුපියල් මිලියන 2800ක ප්‍රමාණය මේ අනුව ලබන වසර තුළදී දෙගුණයකින් ඉහළ යනු ඇත.

මීතොටමුල්ල ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්



මේ වන විට ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ කුණු කන්ද ඉවත්කිරීමට සැලසුම් සකස්කරමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි.

කුණු කන්ද ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන බවත් කුණු කන්ද ඉවත්කිරීම වේගවත්ව සිදුකරන බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම කුණු කන්ද පිළිබඳව කොලොන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ලබාදුන් යෝජනාද කුණු කන්ද ඉවත් කිරීමේ සැලසුම් සඳහා යොදාගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 අගමැතිවරයාගේ නිවේදනය

සිංහල අවුරුද්ද උදාවීමත් සමග නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් එම වැඩ කටයුතු අවසන් වීමට පෙර මේ ඛේදවාචකය සිදු වුණා. ඒ පිළිබඳව රජයේ කණගාටුව ප්‍රකාශ කරනවා.

මේ සිද්ධිය දැනගත් විගස අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරද්දී ඒ වන විටත් සහනදායි සේවා සම්බන්ධීකරණය ක්‍රියාත්මක කර ඒ වැඩකටයුතු ආරම්භ කර තිබුණා. ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය, සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. එමෙන්ම කතානායකතුමාත් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.

එදින නිවාඩු දවසක් වුවත්, ඇති වූ තත්ත්වයට මුහුණදීම සඳහා ස්වදේශ කටයුතු ඇමැතිතුමා නිලධාරීන් ඒකරාශී කරගෙන අවශ්‍ය වැඩකටයුතු සිදු කළා. බිම්මට්ටමේ ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිතුමාත්, හමුදාපතිතුමාත්, එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා සමගත් සාකච්ඡා කළා. මේ පිළිබඳ මූලික වාර්තා අද (15) දින පෙරවරුවේ ලැබුණු විගසම කොළඹ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ රැස් වී විෂය භාර ඇමැතිතුමා සහ නිලධාරීන් ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කළා. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමා, සුසිල් පේ‍ර්මජයන්ත ඇමැතිතුමා, හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිතුමා, මරික්කාර් මන්ත්‍රීතුමා, මුජිබුර් රහුමාන් මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ඇමැතිවරු සියලූ දෙනාම එක් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ජනාධිපතිතුමාත් මේ සියළු පාර්ශව සමග සාකච්ඡා කළා.

විපතින් ජීවිත හානිවූ, තුවාල ලත්, දේපළ අහිමි වූ සියලූ දෙනා වෙනුවෙන් සහන ලබා දීමේ ක්‍රියාමාර්ග ගැන එකඟත්වයකට පැමිණ ඒ සම්බන්ධයෙන් පත් කර ඇති කමිටුව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.

කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දුව කිසිසේත්ම වෙනස් නොකරන බව කිව යුතුයි. ඊට අවශ්‍ය සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසීමට කැමතියි. මේ පිළිබඳව ජනාධිපතිතුමා සමග මා සාකච්ඡා කළ විට ජනාධිපතිතුමා කියා සිටියේ එම කටයුතු වේගවත් කළ යුතු බවයි.

පසුගිය මාස කිහිපය තුළ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමාගේ යෝජනා කිහිපයක් අප පිළිගත්තා. ඒවාත් එම සැලසුම්වලට ඇතුලත් වෙලා තිබෙනවා. මේ කුණු කන්ද ඉවත් කිරීමේ සියල්ල පරිසයට හිත කර සහ නීතියට අනුකඣල ඒවා. කුණු කන්ද ඉවත් කිරීම නිසා කිසිම ප්‍රදේශයේ පරිසයට හානියක් හෝ පරිසර දූෂණයක් සිදු වන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප්‍රධාන ප්‍රශ්නය විසඳීමට රජය ක්‍රියා කරනවා. එය රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිතවලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. සමහර පාර්ශව සටන් පාඨ ඉදිරියට දමමින්, කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක මම නම් අනුමත කරන්නේ නැහැ.

අපට තිබෙන්නේ විශේෂයෙන්ම ජනතාව ගැන බලා සහන ලබලා දීමයි. විශේෂයෙන්ම මේ නිවාස නැති වුණ අයට, ඉවත් කරන අයට අලූත් නිවාස ලබාගැනීමට සාධාරණ වන්දියක් ලබා දිය යුතුයි. ඇත්ත වශයෙන්ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් ඔවුන්ට ලබා දිය යුතුයි. නැත්නම් ඔවුන්ට සිය  ජීවිතය ඉදිරියට ගෙන යාමට අමාරු වෙනවා. මට ඕනෑ සෑම කෙනෙකුම සැහීමකට පත් වන විදිහට එම ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමටයි.

විපතට පත් වූ අය ගලවා ගැනීම සඳහා සිංහල අවුරුදු නිවාඩු කාලයේ සහන සේවා කටයුතු කරගෙන ගිය සියලූ දෙනාටම අපි ස්තූති වෙනවා. සම්පූර්ණ වාර්තා ලැබුණු පසු මේ ගැන සවිස්තර ප්‍රකාශයන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.   

උතුරු කොරියානු ප්‍රශ්නය සාමකාමීව විසඳන්න - ජින්පිං


උතුරු කොරියාවේ සහ සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින්පිං අතර දුරකථන සාකච්ඡාවක් පැවැත් වූ බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

2016 වසරේ සිට සිය මිසයිල සංවර්ධන වැඩසටහන හා න්‍යෂ්ටික වැඩසටහන දිගින් දිගටම සිදුකරගෙන යන තම අකීකරු අසල්වැසියාට තෝන් ලණුව යොදන ලෙස ට්‍රම්ප් මීට පෙරත් අවස්ථා කිහිපයකදීම චීනයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, පසුගිය සතියේදී ගුවන් යානා හාරක නෞකාවක් ප්‍රමුඛ යුද නෞකා බලගණයක් කොරියානු අර්ධද්වීපය වෙත යැවීමට ඇමෙරිකාව කටයුතු කළේය.

"චීනය උතුරු කොරියානු අර්බුදය විසඳුවොත්, ඇමෙරිකාව හා චීනය අතර පවතින වෙළෙඳ ගනුදෙනුව වඩාත් සුබවාදී වේවි යනුවෙන් තමා චීන ජනාධිපතිවරයාට පැවසූ බව" ට්විටර් පණිවුඩයකින් ට්‍රම්ප් පවසා තිබුණි.

"උතුරු කොරියාව ප්‍රශ්නයක් වෙන්නයි උත්සාහ කරන්නෙ. චීනය මේ ප්‍රශ්නය විසඳන්න තීරණය කළොත්, එය සුවිශේෂී කාරණයක් වෙනවා. එසේ නොවුණොත්, ඔවුන් නොමැතිව අපි ඒ ප්‍රශ්නය විසඳනවා" යැයි ඔහු දෙවැනි ට්විටර් පණිවුඩයෙන් පවසා තිබුණි.

මෙහිදී, චීන විදේශ අමාත්‍යාංශය පවසා සිටියේ න්‍යෂ්ටික තර්ජනයක් නොමැති සාමකාමී හා ස්ථාවර කොරියානු අර්ධද්වීපයක් තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකානු නායකයාට ෂී ජින්පිං පැවසූ බවයි.

"මේ ප්‍රශ්නය සාමකාමී අයුරින් විසඳිය යුතු බවට ඇමෙරිකානු නායකයාට උපදෙස් ලබාදුන්නා. ඒ වගේම, කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග දිගින් දිගටම සාකච්ඡා කිරීමට හා සහයෝගයෙන් කටයුතු කිරීමටද චීනය සූදානම් බව පවසා සිටියා." යැයි ජනාධිපතිවරයා උපුටා දක්වමින් එරට විදේශ අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්ව තිබුණි.    

මීතොටමුල්ලේ ඛේදවාචකය – මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහලට



මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින අතර 12 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (15) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී රැස්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වන ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව පවතින බව ද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

—UPdate———————————————————————————

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදු වූ අනතුරෙන් දරුවන් 4 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 7 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තවත් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර යටවූ පිරිස් බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව අප වාර්තාකරු පවසයි.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

කුණු කන්දේ කොටසක් නායයාමෙන් නිවාස 40-50 ට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර හදිසි අනතුරු වළක්වනු පිණිස ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් තීරණය කරන ලදී.

කුමාර් සංගක්කාරට තානාපති තනතුරක්



මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

එම තරගාවලිය ලබන ජූනි මස 01 වැනිදා ආරම්භ වන්වෙන් එංගලන්තයේදීයි.

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස නම් කර තිබෙනවා.

ඔස්ටෙ‍්‍රලියාවේ මයික් හසී, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රෑන්ස් ස්මිත් , පකිස්තානයේ සියිඞ් අෆ්රිඩි, ඉන්දියාවේ හර්බජාන් සිං, එංගලන්තයේ ඉයන් බෙල් සහ බංග්ලාදේශයේ හබිබුල් බෂාර් මෙලෙස සන්නාම තානාපතිවරු ලෙස නම්කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්වන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් අට අතර සිටින කණ්ඩායම්.

ඒ අනූව බංග්ලාදේශය මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වීමට අවස්ථාව හිමිව නැහැ.

තරගාවලියේ දී ඒ ඛාණ්ඩයෙන් ඔස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනවා.
බී කාණ්ඩයෙන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප‍්‍රිකාවයි.

2020 දී මෙරට විදුලියට වෙන දේ



2020 වන විට මෙරට විදුලිබල සැපයුම සියයට 50ක් පුනර්ජනනීය බලශක්ති මඟින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමඟින් රටේ ආර්ථියකට විශාල ඉතිරියක් කර ගත හැකි බවය.

වීරකැටිය කසාගල විහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.