24 April 2017

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි



රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි. තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දි පැවසුවේය.

ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේ ය.

ස්මාට් තාක්ෂණයෙන් එන නවතම අත් ඔරලෝසු පෙළ



හුවාවි සමාගම මේ වනවිට ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් උපාංග වෙතින්, ස්මාට්වොච් නිෂ්පාදනය වෙතද යොමුවී සිටිනා බව රහසක් නොවේ. කෙසේ නමුත් වඩාත් දැරිය හැකි මිලකට ඉහළ ගුණාත්මක භාවයක සහ ඉහළ ශක්‍යතා මට්ටමක ස්මාට්ෆෝන්/ටැබ් නිෂ්පාදනය කරනා හුවාවි වෙතින් පිරිනැමෙනා ස්මාට්වොච් උපාංග තුළද එම ලක්ෂණය දැකීමට හැක. හුවාවි මගින් හඳුන්වාදීමට නියමිත Huawei Watch 2 උපාංගය, ඔවුන්ගේ වෙළෙඳ නාමය කෙරෙහි ඇති විශ්වාසනීයත්වය තවත් මට්ටමකින් ඉහළට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය හැක.


මෙම නවතම Huawei Watch 2 උපාංගය ක්‍රියාත්මක වන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී එළිදු‍ටු Android Wear 2.0 මෙහෙයුම් පද්ධතිය මතින් වේ. මෙහි 390x390 පික්සල් ප්‍රමාණයේ අඟල් 1.2 ක වෘත්තාකාර AMOLED තිරයක් තිබෙනා අතර, එහි විශ්කම්භය මිලිමීටර 45 ක් වේ. මෙය බලගැන්වෙන්නේ Qualcomm Snapdragon Wear 2100 quad-core 1.1GHz ප්‍රොසෙසරයකිනි.

මෙහි ‍රැම් මතකය මෙගා බයිට් 768 ක් වන අතර, ගිගා බයිට් 4 ක අභ්‍යන්තර මතකයක් ස්ථාපිතව ඇත. මෙහි බැටරිය 420mAh ප්‍රමාණයේ වන අතර, ‍රැහැන් රහිත ආරෝපණ තාක්ෂණයෙන් යුක්ත වේ. මෙහි  Heart-rate sensor, 3-axis gyroscope, 3-axis compass, barometerයන සංවේදකයන් පද්ධතියක් තිබේ. එසේම මෙම උපාංගයට ජල ප්‍රතිරෝධී සහ දුහුවිල්ලෙන් හානි නොවනා බව සහතික කෙරෙනා IP68 ප්‍රමිති සහතිකයද සඳහා ලැබී තිබේ.

මෙය ක්ලැසික් සහ ස්පෝට්ස් ලෙසින් සංස්කරණයන් දෙකකින් වෙළෙඳපොළට පැමිණෙනු ඇත. 2 4 5 6 7

කොළඹ නගරයෙන් යාචකයන් ඉවත් කෙරේ



කොළඹ නගරය සංවර්ධනය කර නගා සිටුවීමේදි එහි වෙසෙන යාචකයන්, ගවයන් හා සුනඛයන් මාස 03ක් ඇතුළත ඉවත් කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහනුවරදි පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (23දා) මහනුවරදි පැවැති මහනුවර ලෝක උරුම නගරය සංවර්ධනය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනේදිය.

“ගවයන් ඉවත් කිරීමේදී යම් නීති ප්‍රශ්නයක් පැන නැගුණා. එමනිසා ගවයන් ඉවත් කරගන්නා ලෙස දැන්වීම් මගින් ප්‍රදර්ශනය කළා. නිශ්චිත කාලයක් තුළ ගවයන් ඉවත් කර නොගන්නේනම් නීත්‍යනුකූල ලෙස ගවයන් අල්ලා ගව බිම්වලට මුදාහරිනවා”යනුවෙන් ඇමතිවරයා කියා සිටියේය.

මේ වනවිට කැස්බෑව ප්‍රදේශය පුරා ගවයන් ඉවත් කර අවසන් බවත්, ඉදිරි මාස තුන ඇතුළත කොළඹ නගරයේමහා මාර්ගවල වෙසෙන ගවයන් අල්ලා ඉවත් කරන බවත් අමාත්‍යවරයා එහිදී කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “කොළඹ ප්‍රදේශය පුරා යාචකයන් වර්ග දෙකක් ඉන්නවා.ඒ ස්ථිරසාරව නගරය තුළ බොහෝසේ දුක්ඛිතව ගෙවන යාචකයන් 600 ක් පමණ හා පිටතින් පැමිණ උදේ සිට සවස දක්වා සිටින යාචකයන්. මුල් යාචකයන් මෙන් පස් ගුණයක් ඔවුන් සිටිනවා. පූර්ණකාලීන යාචකයන් මේ වසර තුළ ඉවත් කිරීම සිදුකරනවා. එලෙසම අර්ධකාලීන රැකියාවක් ලෙස කොළඹ සිටින යාචකයන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා.

සුනඛයන් සම්බන්ධ ගැටලුව විශාල ගැටලුවක්. කොළඹ නගරය හා අවට ප්‍රදේශය තුළ සුනඛයන් 16,000 ක් පමණ ඉන්නවා.සුනඛයන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවලින් ඉල්ලා සිටින්නෙ, මේ සුනඛ ගැටලුව පාලනය කිරීමට මේ වනවිට කාලය උදාවෙලයි තියෙන්නේ. ඒ සදහා ඒ අදාළ අංශ යොමු විය යුතුයි” යනුවෙන්ද කියා සිටියේය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරියක්



ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

ඒ එම අධිකාරියේ හිටපු සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සිය පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.

නීතිවේදී උපාධිධාරිනියක වන මරිනි ද ලිවේරා මහත්මිය මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හිමිකර ගෙන ඇති අතර, එමෙන්ම ඇය ව්‍යවස්ථා නීතිය හා මානව හිමිකම් නීතිය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකද වෙයි.

තවද ඇය 'Speech and Drama of Trinity College London'හි බලපත්‍රලාභී ගුරුවරියක වන අතර, 'London Academy of Dramatic Art, UK' වෙතින් මහජන ඇමතීම සඳහා වන රන් පදක්කමක්ද හිමිකර ගෙන තිබේ.

ඇය ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ කමිටුව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කමිටුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කිරීම සඳහා වූ කමිටුව යන කමිටුවල සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කර ඇති අතර, ඒ අනුව ඇය මේ වනවිට ජාතික කාන්තා කමිටුවෙහි සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටියි.

අරාබියේ වඩාත් සෞඛ්‍යසම්පන්න රට ලෙබනනයි !



අරාබි කලාපය තුළ වඩාත් සෞඛ්‍යසම්පන්න රට වශයෙන් ලෙබනනය තේරී ඇත.

ලෝක ප්‍රසිද්ධ බ්ලූම්බර්ග් සඟරාව විසින් සිදු ලෝකයේ වඩාත් සෞඛ්‍යසම්පන්න රටවල් තෝරා ගැනීමේ සමීක්ෂණයේදී ලෙබනනය අරාබි කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රාජ්‍ය බවට පත්ව ඇත.

ලෙබනනයේ ජනතාව සිය දෛනික ආහාරවේල් සඳහා ඔලිව් තෙල් , ලෙමන් යුෂ ,සහ සුදුලූණු වැනි ද්‍රව්‍ය ඉතා බහුල වශයෙන් යොදා ගැනීම හේතුවෙන් එරට මෙලෙස වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන බව බ්ලූම්බර්ග් වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව අරාබි කලාපය තුළ වඩාත් සෞඛ්‍යසම්පන්න රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට කටාර් රාජ්‍යයද,තෙවැනි ස්ථානය බහරේනයද , සිව්වැනි ස්ථානය එකස්ත් අරාබි එමීර් රාජ්‍ය විසින්ද ,පස්වැනි ස්ථානයට ඕමානය තේරී පත් ඇති බව බ්ලූම්බර්ග් සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ලෝකයේ රටවල් 163 ක් අතුරින් වඩාත් සෞඛ්‍යසම්පන්න ලෙසින් සිටින රාජ්‍යය වශයෙන් ඉතාලිය තේරීපත්ව ඇත.ඉන්පසු පිළිවෙළින් අයිස්ලනත්ය ,ස්වට්ස්ර්ලන්තය , සිංගප්පූරැව ,ඕස්ට්‍රේලියාව ,ස්පාඤ්ඤය ,ජපානය ,ස්වීඩනය ,ඊශ්‍රායලය ,ලක්සම්බර්ගය තේරී පත්ව සිටිති.

අරාබි කලාපය තුළ ප්‍රථම ලැයිස්තුවට පත්ව ඇති ලෙබනනය එම රටවල් 163 න් 32 වැනි ස්ථානයේ පසුවෙති.

අරාබි කලාපයේ රටවල් අතුරින් ලෙබනනය හැම විටම සෞඛ්‍ය සේවා සදහා විශේෂ ස්ථානයක් ලබා දෙන අතර එරට මිලියන 8ක් වූ ජනගහනය සදහා වෛද්‍ය විද්‍යාල 9ක් පිහිටුවා තිබේ.එසේම සෑම වසරකම සර්වාංග වෛද්‍ය උපාධිධාරීන්  350 දෙනෙකු එරට සෞඛ්‍ය සේවා වෙත යොමු කෙරේ.ඉන් එරට පුරවැසියන් 350 දෙනෙකුටම සර්වාංග වෛද්‍යවරැන් සිටිති.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි

පළමු හා දෙවන ශ්‍රේණි සඳහාත් ඉංග්‍රීසි පෙළපොතක්



 පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සඳහාද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ඒ තුළින් පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ඒ සඳහා අවධානය යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

දැනට පාසල්වල ඉංග්‍රීසි භාෂා පෙළපොත් ලබාදීම 3 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් සිදුකෙරේ.

මීට අමතරව ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවීණතාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් සැලසුම් කරන ලෙසද අමාත්‍යවරයා තීරණය කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඛනිජ තෙල් සේවකයින් වර්ජනයේ/ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු රථවාහන පෝලිම්

චීන වරාය තෙල් ටැංකි 99 ක්‌ ඉන්දීය ඔයිල් සමාගමට (IOC) පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිති මේ වන විට වැඩ වර්ජනයක නිරතවනවා.



එම වෘත්තීය සමිති කැඳවුම්කරු ඩී. ඡේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේ  අද  තම සාමාජිකයන් සේවයට වාර්තා කළත් තෙල් බෙදාහැරීමේ කිසිදු කටයුත්තක නිරත නොවන බවයි.

ඒ අනුව ඉන්ධන ඛෙදා හැරීම දැඩි අර්බුධයකට පත්වනු ඇති බවද ඒ මහතා සදහන් කළා.

ත්‍රීකුණාමලය වරායේ මෙම තෙල් ටැංකි 99 ප්‍රයෝජනයට ගතහැකි හොඳ මට්‌ටමේ පවතින බව ඉංජිනේරුවන් විසින් සිදුකළ නිරීක්‍ෂණයකදී තහවුරු කර තිඛෙනවා.

මේ වන විට රජය සතුව පවතින කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල ගබඩා කළ හැකි තෙල් ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 04 ක්‌ වුවත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි තුළ තෙල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 10 ක්‌ ගබඩා කිරීමේ හැකියාව පවතින බවයි රාජකරුණා මහතා පැවසුවේ.

මේ වන විට ත්‍රිකුණාමලය ටැංකි කිහිපයක්‌ ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදී ඇතත් ඒවා නිසියාකාරව ලබා දී නැහැ.

ඛණිජ තෙල් සංස්‌ථාව වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට පෙර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් මෙයට ස්‌ථිර විසඳුමක්‌ ලබාගැනීමට නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිඛෙනවා.
එහෙත් මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන ලිරවුම්හල් ඉදිරිපිට දැඩි රථවාහන පෝලිම් දැකගත හැකියි.

මීතොටමුල්ල නිවාස හානිවල සම්පූර්ණ වටිනාකම රජයෙන් ජනතාවට



මීතොටමුල්ල ඛේදවාචකයෙන් විනාශයට පත්වූ නිවාසවල සම්පූර්ණ වටිනාකම රජය විසින් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා.

ඊයේ (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මීතොටමුල්ල විපතට පත් ජනතා නියෝජිත පිරිසක් හමුවෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ එම ප්‍රදේශයේ කුලී පදනම මත ජීවත්වන ජනතාවටද සහන දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඒ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ , දේපල පූර්ණ හානි, අර්ධ හානි, අවදානමට ලක්විය හැකි සහ කුලී නිවාස වල ජනතාව 150 ක අධික පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවට පැමිණවීමට පියවර ගැනීමෙන් පසුවයි.ප්‍රධාන වශයෙන්ම මේ වන විට සහන ලබා දීමේදී ජනතාවට ඇති වී තිබෙන ප්‍රායෝගික ගැටළු ඔවුන් සමග සාකච්ඡා වට ලක් කරන ලද අතර අවසානයේදී  පොදුවේ පහත සදහන් ඉල්ලීම් වලට එකගතා පලවුණා.

    පූර්ණ හානි, අර්ධ හානි සහ අවධානමට ලක්විය හැකි කලාපයන්හි නිවාස සහිත වූවන්ට තම ඉඩමට හා නිවසට යන දෙකටම වන්දි ලබා දීම.
    ඔප්පු නොමැති ,එහෙත් මෙම හානි පවතින නිවාස අයිති ජනතාවට සාධාරණ තක්සෙරුවක් සිදු කර වන්දි මුදලක් ලබා දීම.
    මෙම කලාපයේ සිටින කුලී නිවැසියන්ට යම්කිසි සාධාරණ වන්දි මුදලක් ද ලබා දීම.
    මෙම ප්‍රදේශයේ ස්වයං රැකියා වල සහ ව්‍යාපාර කටයුතු වල නියුතුවූන්ට මෙන්ම වාහන වලට සිදුවූ අලාභ ද තක්සේරුව සිදු කිරීම.
    රජය විසින් ලබා දෙන වන්දි මුදල ලබා ගන්නවාද? නැතිනම් නිවාසයක් ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම නිවැසියන්ටම ලබා දීම.
    මෙම සියළුම තක්සේරු කටයුතු හා වන්දි ලබා දීම මාස 03 ක් ඇතුලත සිදුකර අවසන් කිරීම.

මෙම එකගතා සදහා රජය මගින් . ඒ ආකාරයෙන්ම සුභදායි සහ ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

මිතොටමුල්ලේ ජනතාව අලුත් යෝජනාවට එකඟ වෙයි



මීතොටමුල්ලේ විපතට පත් කිසිඳු පුද්ගලයෙකු බලහත්කාරයෙන් කිසිඳු ස්ථානයක පදිංචි නොකරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා.

විපතට පත් ඇතැම් පවුල්වලට ඉකුත්දා නව නිවාස ලබාදුන්නා. තවත් පිරිසක් තාවකාලිකව කොළොන්නාව වී ගබඩාවේ ඉදි කෙරෙන නිවාසවල පදිංචි කරවීමටයි සැලසුම් කර ඇත්තේ. එහෙත් බොහෝ අය ඊට අකමැත්ත පල කරනවා.

මෙම තාවකාලික නිවාස ලබාගතහොත් තමන්ට ස්ථීර නිවසක් නොලැබී යනු ඇති බවටයි ඔවුන් සැක පළ කරන්නේ.

මේ සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් විමසීමක් කළ අතර එහි ලේකම් එස්.එස් මියනවල පැවසුවේ සාලාව පිපිරීමේ සිද්ධියේදීද ජනතාව මෙවැනි මතයක කටයුතු කළ බවයි.

රජය තාවකාලික ස්ථාන සකසා දුන්නද ආපදාවලට ලක්වූ මධ්‍යම පාන්තික සහ ඉහළ පාන්තික ජනතාව මෙම විසඳුම්වලට අකමැති බවද ඔහු පැවසුවා.

ඒ හේතුවෙන් රජය රුපියල් පනස්දහසක දීමනාවක් ලබා දීමට තීරණය කළ බවත් බොහෝ දෙනා ඊට කැමැත්ත පළ කර ඇති බවත් පැවසුවා.

රුපියල් පනස් දහසේ මාසික දීමනාව ලබාගෙන මීතොටමුල්ලෙන් ඉවත් වීමට ද ඇතැම් පිරිස් අකමැත්ත පල කරනවා.

මෙම දීමනාව ලබාදීමට යෝජනා වී ඇත්තේ මාස 03 ක් සඳහායි.

මාස 03ක කුලී මුදල් පමණක් ලබාදී නිවාස ලබාගත නොහැකි බව අකමැත්ත පල කරන්නන්ගේ තර්කය වී තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට ස්ථීර නව නිවාස හෝ සිය දේපලවලට ප‍්‍රමාණවත් වන්දියක් ලබාදෙන ලෙසයි.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ එහි ලේකම් එස්.එස් මියනවල පැවසුවේ වන්දි ලබාදීම සඳහා අවශ්‍ය තක්සේරු කිරීම් මේ වනවිටත් සිදු කෙරෙන බවයි.

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන තාක්ෂණික කණ්ඩායමේ අවසන් වාර්තාව ද ලබන සතියේ අපේක්ෂා කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම වැනි ව්‍යසනයක් යළි ඇති නොවීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ එමගින් අපේක්ෂා කරන බවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

සයිබර් අපරාධ වළක්වන්න බ්‍රිතාන්‍ය හදපු අලූත් වෙබ් අඩවිය මෙන්න



බ්‍රිතාන්‍යයේ අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය (NCA) නිකුත්කළ වාර්තාවක් මගින් පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්වන මාර්ග පිළිබඳව විස්තරාත්මක පැහැදිලී කිරීමක් ඉදිරිපත්කර තිබෙනවා.

බොහෝ දෙනෙක් අන්තර්ජාල ක්‍රීඩා වෙනස් කිරීමේ වෙබ් අඩවි හෝ එවැනි උපදෙස් සාකච්ඡා කෙරෙන අන්තර්ජාල සංසද ඔස්සේ අන්තර්ජාල ක්‍රීඩා වෙනස් කිරීම පිළිබඳ තොරතුරු ලබාගන්නා බවත්, ආදර්ශමත් පුද්ගල ප්‍රතිරූප සහ උපදේශකයන් මගින් එම පුද්ගලයන් සයිබර් අපරාධවලට යොමුවීමෙන් මුදවා ගත හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරනවා.

පරිගණක සම්බන්ධ අපරාධ සඳහා අත්අඩංගුවට පත් පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් සහ එවැනි වැරදිකරුවන් පිළිබඳව කෙරුණු විමර්ෂණවලින් හෙළිවූ තොරතුරු පදනම්ව අදාල වාර්තාව නිකුත්කර තිබෙනවා.

අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය වැඩිදුරටත් පවසන්නේ අන්තර්ජාල ආක්‍රමණ නැතහොත් හැක් කිරීමේ අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගනු ලැබූ පිරිස් සමඟ ඇසුරු කිරීමෙන් මෙම තොරතුරු ලබාගත් බවයි.

මෙසේ සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ බොහෝ දෙනෙක් නව යෞවන වියේ පසුවන්නන් වන අතර ඔවුන් සොරකම් කිරීම, වංචාව හෝ අන්තර්ජාලය ඔස්සේ ලිංගික හිරිහැර කිරීම වැනි දේ අරමුණු කරගත් අය නොවන බව හෙළිවී තිබෙනවා.

සම්මුඛ සාකච්ඡාවලට කැඳවූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය අවුරුදු 17 ක් වන අතර එය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 37 සහ මූල්‍ය අපරාධ වලට චෝදනා ලැබූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 39 ට වඩා බෙහෙවින් අඩු බව වාර්තාව හෙළිකරයි.

එසේ සයිබර් අපරාධකරුවන් බවට පත්වන්නන් අතර වයස අවුරුදු 12 ක් පමණවන ළමුන් ද සිටින නමුත් ඔවුන් මුල්‍යමය වාසි තකා පෙළඹෙන්නන් නොවන බව සඳහන්.

NCA වාර්තාව මගින් අවධාරණය කර ඇති ප්‍රමුඛතම කරුණ වන්නේ අන්තර්ජාලය නව අපරාධකරුවන් විශේෂයක් සමාජයට හඳුන්වා දී ඇති බවයි.

සැබෑ ලෝකයේදී අපරාධයක් කිරීමට නොසිතන බාල සහ නව යෞවන වියේ පසුවන තරුණයන් අන්තර්ජාලයට පිවිස වෙනත් පුද්ගලයන්ගේ දත්ත සොරකම් කිරීම, වෙබ් අඩවි විනාශ කර දැමීම, දත්ත ගබඩා අවුල් කර දැමීම සහ නීතිවිරෝධී භාවිතය මගින් විවිධ පුද්ගලයන්ට අලාබ සහ හානි සිදුකරන බව ඒ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

මුලු ලෝකයටම ආදර්ශයක් දෙමින් ලෝක ධනවතෙකුගේ දරුවන්ට සෙල්ෆෝන් තහනමක්



ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් සිය දරුවන් හට වයස අවුරුදු 14 වන තෙක් ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන බිල් ගේට්ස් සිය දරුවන්ට වයස අවුරුදු 14න් පසුව ස්මාට් ජංගම දුරකතයනක් භාවිත කිරීමට අවස්ථාව දුන්නද දුරකථන සමග දරුවන්ට ගත කළ යුතු කාලය පිළිබඳව සීමාවක්ද පනවා ඇති බව සදහන්.

බිල් ගේට්ස් බ්‍රිතාන්‍ය පුවත්පතක් සමහ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම රාත්‍රී කෑම මේසයේදී සහ නින්දට යෑමට පෙර ජංගම දුරකථන භාවිතයද බිල් ගේට්ස් විසින් තහනම් කර තිබීම විශේෂත්වයක්.

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ වන ගේට් වසය අවුරුදු 20, 17 හා 14 යන වයස්හි පසුවන දරුවන් තිදෙනෙකුගේ පියෙක්.

එංගලන්තයේ මිරර් පුවත් පත සමග සමමුඛ සාකච්ඡාවකට එක්වෙන විට ගේට්ස් පැළඳ සිටි ඔරලෝසුව ඩොලර් 10ක වටිනාමකින් යුත් කැසියෝ ඔරලෝසුවක් වූ බවද එම පුවත්පත පෙන්වා දෙනවා.

වාහනයක ගැටී පණ අදිමින් අවසන් වතාවට පැටවුන්ගේ කුස පුරවපු අම්මාගේ සංවේදී කතාව | VIDEO



වාහන අනතුරු නිසා ජීවිත අහිමිවන ගණන දිනෙන් දින ඉහළ යනවා. මිනිස් ජීවිත වගේම සත්තුන්ගේ ජීවිතවලටත් වාහන නිසා අවධානම වැඩිවෙලා.

පැටවු 8 දෙනෙක් හිටිය සුනඛ මවක් වාහන අනතුරකට ලක්වුණා. අහල පහළ හිටිය උදවිය ඇස්වත් ඇරල නැති මේ පැටවු වෙනුවෙන් ඉදිරිපත් වුණා. බැල්ල මිය යන්න කලින් අමාරුවෙන් පැටවුන්ට කිරි දෙනවා දැකපු කාරුණික මිනිස්සු වහාම ක්‍රියාත්මක වුණා.

පැටවු හදාගනන් අයත් ඉදිරිපත් වුණා. තව අය කිරිපිටි, සල්ලි වගේ දේවල් දෙන්න ඉදිරිපත් වුණා. දැන් මේ පැටවු ආරක්ෂිතයි. ආදරණීය අම්මා පැටවුන්ට පිහිටවෙලා තමයි තමන්ගේ අන්තිම හුස්ම හෙලුවෙ. මවු සෙනෙහස ජීවි හැම සතෙකුටම උතුම් දෙයක්.

Malka Ranasinghe, udaya wijesinghe තරුණයින් දෙදෙනාගේ කැපවීම නිසා මව අහිමිවූ පුංචි පැටවුන් 8 දෙනාගේ ජීවිත මෙලෙස සුරක්ෂිත කිරීමට හැකි වී තිබෙනවා.

එම වීඩියෝව මෙතනින්

කිකිළිගේ වැඩේ බාරගත් පුද්ගලයෙක් කුකුළු පැටවුන් 09කට ජීවය ලබාදුන් හැටි මෙන්න | VIDEO



බිත්තර 10 ක් රැක කුකුල් පැටවුන් 09 දෙනෙකුට ජීවය ලබාදුන් පුද්ගලයෙකු පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශ ජාතික කලාකරුවකු වන මොහු එරට කෞතුකාගාරයක් තුල මෙම බිත්තර රැකීම සිදුකර තිබෙනවා.

44 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය මාර්තු 29 වනදා සිට ඒ සදහාම වෙන්වූ විශේෂ පුටුවක් ආධාර කරගනිමින් මෙම බිත්තර රැකීම සිදුකර ඇත.

එම ක්‍රියාවලියෙන් පසු පසුගිය 19 වනදා මෙම බිත්තරවලින් කුකුල් පැටවුන් 09 දෙනෙකු බිහිවී ඇති බව සදහන්.

බිත්තර රැකීමේ නිරත ව සිටි කාලය ඇතුළත ඔහු එම අසුනෙන් නැගී සිට ඇත්තේ දිනකට විනාඩි 30 ක කාලයකට පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයාගේ බිත්තර රැකීමෙන් පසු බිහිවූ කුකුල් පැටවුන් නව දෙනා ගොවිපොළක් වෙත යොමුකර තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.




සරසවි සිසුවියගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ ආචාර්යවරයාට වෙච්ච දේ | VIDEO



ඉන්දියාවේ නාග්පූර් විශ්ව විද්‍යාලයේ පැවති විභාගයක් අතර තුර සිසුවියක් සිදු කළ වංචාවක් ශාලා පරීක්ෂකවරයෙකුට හසු වී තිබෙනවා.

එවැනි වංචාවක් හසු වූ විට විභාග තහනමක් හෝ ප්‍රථිපල නිකුත් කිරීම අත්හිටුවීම වැනි දඬුවම් ලබා දීම සාමාන්‍ය නීතියයි.

නමුත් මේ සිසුවියට ඒ අවස්ථාවේ කිසිදු දඬුවමක් ලබා දී නැහැ. ඇයට සමාව දෙන බවද පවසා තිබෙනවා.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සිතූ මේ පරීක්ෂක සමාව දීම සඳහා ලිංගික අල්ලස් අවශ්‍ය බව පවසා ඇත.

මේ අමුතු ඉල්ලීමෙන් බියට පත් සිසුවිය වහාම මේ බව තම මිතුරියන්ට දැනුම් දී ඇති අතර මිතුරියන් මේ බව ඔවුන්ගේ ශිව සේනා සංවිධානය එක්ක පවසනවා.

ඉන් පස්සේ ශිව සේනා සංවිධානය මේ විශ්ව විද්‍යාලයට ඇවිත් මේ ආචාර්යවරයාට හොඳටම පහරදීලා මුහුණට කළු තීන්ත ප්‍රහාරයකුත් එල්ල කරලා තියෙනවා.

එහිදී ආචාර්යවරයා එම සිසුවියට අයතු යෝජනාවක් කළ බව පිළිඅරගෙන.

එම සිදුවීම පහතින්.