30 April 2017

අතීතයේ තමාට තිබු බලය ගැන SF කියයි



තමාට අවශ්‍යතාවය පැවතීයේ නම් අතීතයේ පැවති බලතල සමඟ එක් රැයකින් කොළඹ වට කර රට බාර ගැනීමේ හැකියාව. තිබු බවත් එවැනි විනය විරෝධි ක්‍රියා සිදුකිරීමේ පුරුද්දක් තමාට නැති බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතා වෙත ආරක්ෂ අංශ තනතුරක් පිරිනැමීමට යන බව පවසමින් ප්‍රකාශයක් කර තිබු බවත් එය ජනාධිපතිවරයා විහිළුවට පවසන ලද්දක් බව දිසානායක මහතා පවසා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා කියා සිටියේ එස්.බි. දිසානාය මහතා ඇමති කෙනෙක් නිසා තමා ගෞරව කරන නමුත් ඔහුගේ සියලු දේ විහිලුවක් බවට පත් කර ගෙන ඇති බවත්ය.

එමෙන්ම පුද්ගලයෙක් ජීවිතයේ එක් වතාවක් හෝ ගැඹුරින් සිතා බලා තටයුතු කළ යුතු බව ද ෆොන්සේකා මහතා මෙහිදී අවධාරණය කර සිටියේ ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න ද තමාගේ තනතුර පිළිබඳ බියෙන් ජීවත් වෙන පැවසු ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටියේ ඔහු ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතෙක් වන බවත් තම නව තනතුරින් ඔවුන්ට පහර වදීද යන බියෙන් පසුවන බවත්ය.

කෙසේ වෙතත් මෙවැනි පුද්ලයින්ගේ ප්‍රකාශ කරන දෙය එතරම් ගණන් නොගත යුතු බව ද ෆොන්සේකා මහතා මෙහිදී අවධාරණය කර සිටියේ ය.

වෘත්තීය සමිති මැදිහත්වීම පාලනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා



රටේ සිදුවන සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීම සඳහා වෘත්තීය සමිති සිදුකරන මැදිහත්වීම පාලනය කිරීම. සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්යි කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නීතියට පටහැනිව කිසිදු ක්‍රිමාර්ගයක් වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බවය.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට යෝජිත නව ඒකකය පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් කබීර් හෂීම් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

එහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න ඇමතිවරු ගැන රාජිත මතක් කරයි



රජය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට පත් නොවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.

ප්‍රිමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ ව්‍යාපාරික සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

“ආණ්ඩුව අගාධයට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට යන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ කට්ටිය අගාධයට යනවා. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන මහින්ද රාජපක්ෂ ආවොත් එයා ගාවට යන්නයි… මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නවා නම් එයාගාව ඉන්නයි. රත්නපුරේට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ සමග මාස ගණනකින් යනවයි කියන… මෙහෙට ඇවිත් ඇමැතිකම් කරන… ඔන්න ඔය වගේ කට්ටියට නම් බොහෝම අමාරුයි. රාජපක්ෂ පවුලේ ලණු කාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමැතිවරුනුත් ගිනි අරගෙන තිබෙනවා.

ඇමැතිවරු වශයෙන් පිටකොන්දක් තිබෙන්න ඕන කැබිනට් මණ්ඩලයේ කථා කරපු දේවල් හරි කියන්න. දැන් ජනාධිපතිතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගේනවා වගන්තියක්…. කැබිනට් එකේ වෙන සියළුම දේවල් මාධ්‍යට ලබාදෙන්න කියලා. ඒ නිසා මම ප්‍රකාශ කරන්නේ කැබිනට් ප්‍රකාශක විදිහට මේ සිදු වුන දේවල්. මම වගකීමෙන් තොරව කථා කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාගෙත් අවබෝධය ඇතිවයි මම ප්‍රකාශ කරන්නේ.”

දුම් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා



දුම්කොළ මිල පාලනය කර ගැනීම සඳහා නැඹුරු කර ගැනීමට අපහසුම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය බව. වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

දුම්කොළ මිල පාලනය කර ගැනීම සම්බන්ධයෙන් බහුතරයක් තර්ක ආර්ථිකය සම්බන්ධ වී ඇති බැවින් මුදල් අමාත්‍යාංශය මෙවන් තත්ත්වයකට පත්ව ඇති බව ද වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙය දුම් බොන්නන් හා නොබොන්නන් අතර හෝ වෛද්‍යවරුන් දුම් බොන්නන් අතර සටනක් නොව මෙය එම කර්මාන්තය සමඟ පවතින ගැටළුවක් බව ද සුමනසේකර මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත් මේ සම්න්ධයෙන් අප කළ විමසීමකදී දුම්වැටි අලෙවි කරන්නන්ගේ සංගමය පවසා සිටින්නේ දුම්වැටි මිල ඉහළ දැමීම හේතුවෙන් කුඩා ව්‍යාපාරිකයින් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවයි.

අනුරාධපුරය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් දක්වා ඉහළට




පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික් උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වාත් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පොදුවේ දිස්ත්‍රික්ක 09ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ඉක්මවා ගොස් තිබේ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගියහොත් යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමියි



යුධ සමයේ ඝාතනයට ලක්වු උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉතා මන්දගාමි අයුරින් සිදුවීම කණගාටුවට කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා.

2005 වසරේ අප්‍රේල් 29 වැනිදා ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි ටි.ශිවකරන් මහතාගේ 12 වන ගුණ සැමරුම් උත්සවය කිලිනොච්චිය භාරති ස්ටාර් ශාලාවේදි ඊයේ (29) පැවැත්වු අවස්ථාවට එක්වෙමින් විග්නේශ්වරන් මහතා මේ බව කියා සිටියා.

විග්නේශ්වරන් මහතා කියා සිටියේ යුධ සමයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන් රැසක් ජිවිතක්ෂයට පත්වු අතර, ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් පවතින අවධානය අඩු බවයි.

අදාළ ඝාතනයන් සිදුකළ පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා දඩුවම් ලබාදිය යුතු බවයි විග්නේශ්වරන් මහතා සඳහන් කළේ.

විග්නේශ්වරන් මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර සංවිධානයන්ගේ මැදිහත්වීම හරහා හෝ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතකයින්ට දඩුවම් ලබාදිය යුතු ඔහු අවධාරණය කර සිටියා.

සැමරුම් වැඩසටහන වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, මාධ්‍ය සංගම් නියෝජිතයින්, කිලිනොච්චිය ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සැමරුම් වැඩසටහනට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු මිසයිල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරය ඉලක්ක කරන බව මුළු ලෝකයටම පෙන්වයි | VIDEO



උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

අමෙරිකානු හා දකුණු කොරියානු බලධාරීන් ඒ පිළිබඳ තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එය කොතරම් දුරකට විහිද යන මිසයිලයක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

මිසයිලය උතුරු කොරියානු පාලන ප‍්‍රදේශයෙන් ඉවතට නොගිය බවටයි අමෙරිකානු හමුදා අංශ පවසා ඇත්තේ.

එහෙත් දකුණු කොරියානු හමුදා අංශ පවසන්නේ අද අලූයම උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ ප‍්‍රදේශයකින් මිසයිලය නිකුත් වී ඇති බවයි.

මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව ද මෙතෙක් නිල වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැහැ.

කෙසේ වෙතත් ඔවුන් මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ කොරියානු කාලපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබියදීයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව බලපෑම් කිරීමට සහය වන්නැයි අමෙරිකාව සෙසු රටවලින් ඉල්ලීමක් කර පැය කිහිපයකින් පසු මෙම මිසයිලය අත්හදා බලා තිබීම ද විශේෂත්වයක්.


කොළඹ යාචකයින්ට ජූනි සිට වැඩවරදින ලකුණු



කොළඹ නගරයේ සිගමනේ යෙදෙන යාචකයින් ලබන ජුනි මාසයේ සිට අම්බලන්ගොඩ – රිදියගම ප්‍රදේශයේ පිහිටි රැදවුම් මධ්‍යස්ථානයට යොමුකිරීමට කටයුතු කරන බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නිහාල් රූපසිංහ කියා සිටියේ මේ වනවිට එම මධ්‍යස්ථානයේ පළමු අදියරේ ඉදිකිරීම් රුපියල් මිලියන 100 ක් වැය කර අවසන් කර ඇති බවයි.

එහි දෙවන අදියර යටතේ එහි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව කොළඹ නගරයේ සහ බස්නාහිර පළාතේ සිටින යාචකයින් ඊට යොමු කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ.

අප්‍රේල් මාසයේ උද්ධමනය ඉහළට



අප්‍රේ‍්‍රල් මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 6.9ක් ලෙස සටහන් වී තිබෙනවා.

මාර්තු මාසයේ එය සියයට 7.3ක් ලෙසයි දැක්වුණේ.

කෙසේ නමුත්, වසරකට පෙර මිල ගණන් හා සසදන විට ආහාරද්‍රව්‍යවල මිල සියයට 8.6කින් ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල් මාසයේ එම මිල ඉහළ යාම සියයට 1.7ක් බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.