03 May 2017

ගීතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට නුසුදුසු බව අධිකරණ තීන්දුවක්

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය අද (03) තීන්දු කළේය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව තීන්දු කළේය.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී නීතිපතිගේ ස්ථාවරය පිළිබඳව කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා සිටි බවත් ,එසේ තිබියදී මන්ත්‍රීවරියක ලෙස පත්වීම හෝ එම තනතුරේ කටයුතු කිරීම සුදුසු නොවන බවය.

ඒ අනුව ඇය මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හිමිකම් වලට යටත් නොවන බවත් ,ද්විත්ව පුරවැසිභාවය ලබා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) වගන්තියට පටහැනි බවද දන්වා සිටියේය.

තවද වගඋත්තරකාරිය ස්විස් පුරවැසිබාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද , ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

අදාළ ලිපිලේඛන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා වගඋත්තරකාර මන්ත්‍රීවරියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැති අතර මෙලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම නීතීවිරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව හෙතෙම අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

SAITM එරෙහි සටනට CTB එක්වෙයි

 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එළැඹෙන 05දා වැඩ වර්ජනයට සහාය දැක්වන බව ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. ඒ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුවත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

බස් කොන්දොස්තරවරු හා රියදුරුවරු මෙන් වෛද්‍යවරු බිහිකළ නොහැකි බවත් රජයේ බලවත් අමාත්‍යවරයෙකු උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයට කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය විරුද්ධ බවත් එම සංගමය සඳහන් කරයි.

මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180න් 141 ශ්‍රී ලංකාවයි : ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්



දූෂණය විරුද්ධව ඉදිරිපෙළේ සටන් කරන මාධ්‍යවේදීන් අද ලොව පුරා මර්දනයට ලක්ව ඇති බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

පැරිස් නුවර පිහිටි රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් ආයතනය විසින් ප්‍රකාශ කර ඇති නමුත් ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව සුළු දියුණුවක් පෙන්නුම් කර ඇති බවත්, සමීක්ෂණයට ලක්වූ රටවල් 180ක් අතරින් ලංකාව 141 වන ස්ථානයේ පසුවන බවත් එම ආයතනය විසින් අදට(03) යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ ඒ රටවල් වල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, නීතිමය රාමුවේ ගුණාත්මක භාවය, මාධ්‍ය නිදහස හා බහුවිධතාව වැනි සාධක පදනම් කොට මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සමරනවාත් සමඟම විශේෂිත වූ නීති දෙකක් සම්පාදනය කෙරෙමින් පවතින බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වාදෙයි.

ප්‍රධාන පාර්ශ්වකරුවන් වන මාධ්‍ය  හා මාධ්‍යවේදීන්ගේ අදහස් විමසුමකින් තොරව මෙම නීතීන් සම්මත වුවහොත් එය මාධ්‍ය නිදහසට බාධකයක් විය හැකි බව එම ආයතනය විසින් සිහිපත් කර තිබේ.

යෝජිත ත්‍රස්ත මර්දන හා මාධ්‍ය නියාමන සාභා පනත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හා සෙසු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන සාකච්ඡාඇති කරන ලෙස ,ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්    ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ISIS ත්‍රස්තයා ලුහුබැඳි FBI නිලධාරිනිය ඔහුව බැඳලා



 ප්‍රමුඛ පෙළේ IS ත්‍රස්තයෙකු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අනියුක්තව සිටි ඇමෙරිකානු FBI බුද්ධි නිලධාරිනියක එම ත්‍රස්තයා සමග විවාහ වූ ආන්දෝලනාත්මක පුවතක් ආනාවරණය වෙයි.

FBI ආයතනයද ගොනාට අන්ඳවා ඇති ඩැනියෙලා ග්‍රීනී නැමති ඇමෙරිකානු කාන්තාව තමා යන එන තැන් වසන් කරමින්, තම නව ස්වාමියාව ඇමෙරිකානු උකුසු ඇසින් ආරක්ෂා කරගැනීමටද කටයුතු කර ඇති බව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ වාර්තාවල සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2014 වසරේදී සිරියාවට ගොස් ඇති මෙම කාන්තාව පිළිබඳ නාටකය ලොවට හෙළි නොකිරීමට ඇමෙරිකාව වගබලාගෙන ඇත්තේ රට පුරා IS ඉස්ලාම් ත්‍රස්තවාදයේ අක්මුල් සොයා රහසිගත මෙහෙයුම් සිදුකරන FBI ආයතනයද ජාතික ආරක්ෂාවේ හිදැසක් ප්‍රකට කිරීම නිසාය. 

කෙසේ වෙතත්, මෙම කාන්තාවට අතිශය වාසිසහගත තීන්දුවක් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබුවේද යන පැනය ඇති වී තිබුණේ සිරියාවේ සිට යළි ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත් මෙම කාන්තාවට සුළු දඬුවමක් පමණක් පණවා තිබූ බැවිනි.

එහිදී, අදාළ FBI නිලධාරිනිය ලුහුබැඳි IS ත්‍රස්තයා ජර්මානු ජාතික රැප් ගායකයෙකු ලෙස කටයුතු කරමින් ත්‍රස්තවාදය වැළඳ ගත්තෙකු බවද විදෙස් වාර්තා පවසයි. ඩෙනිස් කස්පර්ට් නමැති මොහු අන්තර්ජාලය තුළින් ජිහාඩ් අනුගාමිකයන් ඇති කිරීම සඳහා ගෙනගොස් තිබූ ක්‍රියාකාරකම් ඇමෙරිකානු හා ජර්මානු බුද්ධි අංශ විසින් ග්‍රහණය කරගෙන තිබුණි.

ජර්මනියේදී ඩෙසෝ ඩොග් නමැති රැප් නාමයෙන් පෙනී සිටි ඔහු සිරියාවේදී අබු ටල්හා අල්-අල්මානි යන නමින් පෙනී සිට ඇත. ඔහු සිය ගීත තුළින් ඔසාමා බින්ලාඩ්න්ද වීරයෙකු කර ඇති අතර, හිටපු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාටද ඔහුගේ ප්‍රචාරණ වීඩියෝ තුළ මරණීය තර්ජන එල්ල කර ඇති බව අනාවරණය වෙයි.

කෙසේ වෙතත්, 38 හැවිරිදි වියේ පසුවූ FBI නිලධාරිනිය විසින් කස්පර්ට් නමැති මෙම ත්‍රස්තවාදියා සමග සිරියාවේදී විවාහ වී වැඩි කලක් යාමට මත්තෙන්ම තමන් සිදුකර ඇත්තේ වෙනස්කළ නොහැකි අත්වැරැද්දක් බව වටහාගෙන ඇති බව අධිකරණ වාර්තා ගෙනහැර දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, 2014 ජූනි මාසයේදී සිදුවූ විවාහයෙන් පසුව එම වසරේම අගෝස්තු මාසයේදී සිරියාවෙන් පැන යාමට ඇය කටයුතු කර ඇත. කෙසේ වෙතත්, එහිදී ග්‍රීනි ඇමෙරිකානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබුණි. 2014 දෙසැම්බර් මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගත කළ ග්‍රීනි හෙවත්, FBI නිලධාරිනිය 2016 අගෝස්තුවේදී නිදහස ලබා තිබුණි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය මේ වනවිට විදෙස් මාධ්‍ය කලඹා ඇති අතර, ඇමෙරිකානු FBI ආයතනයට මෙන්ම, එරට අධිකරණ දෙපාර්තමේන්තුවටද මෙය කැළලක් වී තිබේ.

Ada

නිරුවතින් එලවළු රාක්කය ලඟ ඉන්නේ කවුද? | VIDEO



අඩ නිරුවත් තරුණයෙකු එළවලු අලෙවිසැලක එම අලෙවිසැලේ එළවලු පින්තාරු කල සිය ශරීරය සමඟ පාරිභෝගිකයින් පුදුම කරවන ආකාරය ඔබට පහත වීඩියෝවෙන් නැරඹිය හැක.

වීඩියෝව

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව කෝටි 5500 ක් : දූෂණ වීරෝධී පෙරමුණ



මෙම බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී ඉහළ යෑම නිසා රජයට රුපියල් මිලියන 55,000  ක පාඩුවක් සිදු වූ බවත්, සේවක අර්ථසාධක අරමුදලටද පාඩු සිදු වූඅතර, ඉන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විශාල ලෙස ලාභ ලැබූ බවත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ දූෂණ වීරෝධී පෙරමුණේ කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මෙම පාඩුවීම්වලට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිව යුතු බවත් පැවසීය.

මෙම බැඳුම්කර වෙන්දේසිය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් 2,474,000ක් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 06 බැගින් පාඩු සිදුවී ඇති බවත්, තමන්ගේ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න මේ සියලු දෙනා බලා සිටින බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වසන්ත සමරසිංහ මහතා මහජන සුභසිද්ධිය උදෙසා ඉදිරිපත් කරනු ලබන ලේඛන ඔප්පු කිරීමේ බාරයට යටත්ව පිළිගන්නා ලෙස පැමිණිල්ල වෙන්වෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම කොමසාරිස්වරු පිළිගත්හ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

'2030 සිට විදුලි වාහන පමණයි 'ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක්

වසර 2030 වන විට තම රටේ අලෙවි වන සියලූම වාහන විදුලියෙන් ධාවනය වන ඒවා පමණක් බවට පත්කරලීමට කටයුතු සිදුකරනු ලබන බව ඉන්දීය බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් ප්‍රකාශ කර සිටී.

“අපි මේ වන විට විශාල වශයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාව තුළ ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනය ඉහළ නංවන්න සැලසුම් සකස් කරනු ලබනවා. අපේ අභිප්‍රාය වන්නේ 2030 වසර වන විට ඉන්දියා තුළ එකදු පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථයක් අලෙවි නොකරන පසුබිමක් සකස් කිරීමයි“, යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඉදිරි වසර තුනක කාලය තුළ දී ඉන්දියාව තුළ විශාල පරිමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථාන හා සේවා පහසුකම් දැවැන්ත ලෙස රටපුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්ය.

තවද ලොව ප්‍රධානතම ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන Tesla හා Nissan සමාගම්, ඉන්දීය වෙළෙඳපොළට පිවිසීම පිළිබඳ සිය සැලසුම් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බවත්, රජයේ ඉදිරි සැලසුම්වල සාර්ථකත්වය මත ලොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදකයින්ට ද ඉන්දීය වෙළෙඳපොළට පිවිසීට ඇති අවස්ථාව විශාල වශයෙන් විවර කරනු ලබන බවත් බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන ආනයනය සඳහා වාර්ෂිකව ඉන්දියාව දරන පිරිවැය පහත හෙළීමත්, වායූ දූෂණය අවම කිරීම, ජනතාවට අඩුම වියදමකින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම වැනි කරුණු හේතු කර ගෙන ඉන්දීය රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බව බලශක්ති අමාත්‍යවරයා අනාවරණය කර සිටියේය.

පාර්ලිමේන්තු සජීවී විකාශයට ලක්ෂ 428ක් ගෙවලා

පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීම වෙනුවෙන් රුපියල් 42,819,498ක මුදලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රූපවාහිනී සංස්ථාවට ගෙවා තිබේ.පාර්ලිමේන්තුවේ තොරතුරු අංශයෙන් ලබාගත් තොරතුරු අනුව මෙලෙස පාර්ලිමේන්තුවේ සජීවී විකාශයන් සඳහා දිනකට රුපියල් 563,040 ක මුදලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ විවාදයන් සහ පාර්ලිමේන්තු කටයුතු සජීවීව විකාශය කළ යුතු බව වත්මන් පාර්ලිමේන්තුවේදී තීරණය වූ අතර, ඒ අනුව 2015 වර්ෂයේ ඔක්තෝබර් 08 වැනිදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව මේ දක්වා අවස්ථා 10කදී සජීවී විකාශයන් වෙනුවෙන් රුපියල් 42,819,498 ක මුදලක්  පාර්ලිමේන්තුව විසින් රූපවාහිනී සංස්ථාවට ගෙවා ඇත.තවද මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු පමණක් විකාශය කිරීම සඳහා පියෝ ටීවී කේබල් රූපවාහිනී සම්බන්ධතාවය තුළ එක් නාළිකාවක් පාර්ලිමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.

පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාව වෙත තවදුරටත් සමීප කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.

දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනයට විවෘත වේ


ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම ලබන බ්‍ර‍හස්පතින්දා (04) වැනිදා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන දෙවිනුවර ප්‍ර‍දීපාගාරය නිර්මාණය 1887 වසරේදී නිර්මාණය කරන ලද්දකි.

ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස් මහතා එහි පුරෝගාමියා වී ඇති අතර බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක මුදලක් ඒ සඳහා වැය වී ඇත.

මහල් 07 කින් සමන්විත මෙම ප්‍ර‍දීපාගාරයෙහි උස මීටර් 49 ක් වන අතර පඩි 196 කින් සමන් විත වෙයි.

එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර ප්‍ර‍දීපාගාර සතරෙන් එකක් සේ සැලකෙයි.

2000 වසරේදී මෙම ප්‍ර‍දීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරු අතර පසුගිය කාලයේදී එය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත නොකෙරුණේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගයන්හි පැවැති ගැටළු හේතුවෙනි.

අලුත් දේශපාලන පක්ෂ ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම සූදානමින්



නව පක්ෂ ලෙස ලියාපදිංචිය සිදුකරන දේශපාලන පක්ෂ පිළිබඳව මෙම මස අවසානයේ අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ ප්‍රශකයෙකු සඳහන් කළේ නව පක්ෂ ලෙස ලියාපදිංචිය සිදුකිරීමට ලැබුණු අයදුම් පත් වලට අනුව ඒ පිළිබඳව වූ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති බවය.

මෙවර ලියාපදිංචිය සඳහා නව පක්ෂ 95ක් අයදුම් පත් යොමු කර තිබූ අතර එම සියළුම පක්ෂ සඳහා සම්මුඛ පරීක්ෂණ පසුගිය සති දෙක තුළ සිදුකර තිබේ.

ඒ අනුව ලියාපදිංචිය සඳහා සුදුසු පක්ෂ තීරණය කිරීම මේ දිනවල සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිය සිදුකිරීමට තෝරාගනු ලැබු පක්ෂ මෙම මස අවසානයේ මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමට නියමිතය.

මේ වන විට දේශපාලන පක්ෂ 64ක්, පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියපදිංචි කර තිබේ.

ලංකාවේ මිලියන 2ක් ඇදුම රෝගය යෙන් පෙළෙන බවට හෙළිවෙයි


මෙරට ජනගහනයෙන් මිලියන දෙකක ජනතාවක් ඇදුම රෝගයෙන් පීඩා විඳින අතර පුද්ගලයන් 1500 ක් රෝගය හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන බව මහනුවර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ඞී. මැදගෙදර මහතා පවසයි.

ඇදුම රෝගය උත්සන්න වන අවස්ථාවලදී පමණක් භාවිත කළ යුතු සැල්බියුටමෝන් ඖෂධය දිනපතා රෝගීන් භාවිත කිරීම නිසා ජීවිත හානි වැඩි වීමක් සිදු වන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

ලෝක ඇදුම දිනය නිමිත්තෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (02) ප‍්‍රකාශ කළේය.

ඇදුම රෝගය පාලනය කර ගැනීම සඳහා ස්ටීරොයිඞ් ඉන්හේලර් භාවිත කිරීම සුදුසු බවත් ඇදුම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් වැඩි පිරිසක් වර්තමානයේදී නාගරික ප‍්‍රදේශවලින් වාර්තා වන බවත් ඒ මහතා කීය.
නාගරික ප‍්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන් අතර ආසාදන රෝග සහ ශ්වසන රෝග ව්‍යාප්ත වීම හේතුවෙන් දරුවන් ඇදුම රෝගයට ගොදුරු වීම ඉහළ ගොස් ඇති බවත් මේ ගැන දෙමාපියන් සැලකිලිමත් විය යුතු බවත් හෙතෙම පැවැසීය.

ඇදුම රෝගයට අවශ්‍ය ප‍්‍රතිකාර සියලූ‍ රජයේ රෝහල්වල පවතින බවත් සායනික ප‍්‍රතිකාරවලට සහභාගි වී නොමිලේ ප‍්‍රතිකාර ලබා ගත හැකි බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

පරිසර දූෂණය, වාතාශ‍්‍රය, දූෂණය යනාදිය ඇදුම රෝගයට හේතුවක් බවත් මේ රෝගය තබාගෙන සාමාන්‍ය ජීවිතයේ කරන ඕනෑම කටයුත්තක් කළ හැකි බවත් ඔහු පැවැසීය.

ලෝකය පුරා ඇදුම රෝගීන් මිලියන 334 කට වඩා වැඩියෙන් සිටින අතර ලොව පුරා දරුවන්ගෙන් සියයට 14 ක් පීඩා විඳින්නේ යැයිද රෝගය උත්සන්න වීම නිසා දෛනිකව මෙරට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගත වන්නේ යැයිද ඔහු කීය.

පීනස, ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග හේතුවෙන්ද ඇදුම ඇති විය හැකි අතර එම රෝග තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් ඇදුම රෝගය වළක්වා ගත හැකි යැයිද ඔහු පැවැසුවේය.

මේ අවස්ථාවට ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති එස්. මුහුන්තන්, ජයවර්ධනපුර රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහත්වරු සහභාගි වූහ.

උ/පෙළ නැවත සමීක්‌ෂණයෙන් 279 කගේ ප්‍රතිඵල වෙනස්‌ වේ



පසුගිය උසස්‌ පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්‌ෂණය සඳහා අයදුම් කළ 58504 දෙනාගෙන් අයදුම්කරුවන් 279 දෙනකුගේ ප්‍රතිඵල වෙනස්‌ වී ඇත.

මෙලෙස වෙනස්‌ වූ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට ඇතුළත් කර තිබේ.

එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ වෙනස්‌ වූ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන්ටද තැපැල් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලුවක්‌ පවතී නම් 011-2785230 හෝ 1911 යන දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක්‌ කෙරේ.