15 May 2017

මැයි 17 අන්තරයෙන් කොළඹට තවත් පාගමනක්



අධ්‍යාපනය විකිණීමට ගෙනයන වැඩපිළිවෙළ නතර කර දමා පාසල් නඩත්තුවට දෙමාපියන්ගෙන් මුදල් අය කරගැනීම වහා නවතා දමන ලෙස ඉල්ලා මේ මස 17 වන දින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ක්‍රියාකාරික කමිටුවත් මේ සඳහා සහයෝගය දක්වන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරේ.

මේ අනුව සයිටම් ආයතනය වසා දමා පාසල් නඩත්තුවට දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම නවතා දමන ලෙසත් රාජ්‍ය ආයතන විකිණීම, කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතා දමන ලෙසටත් මෙහිදී ආණ්ඩුවට බලකරන බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ගීතාගේ පෙත්සම විභාග වන තෙක් මන්ත්‍රී ධූරය අහෝසි කළ තීන්දුවට වාරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් අද යලි දීර්ඝ කෙරුණා.

ඒ අද පෙත්සම කැදවූ අවස්ථාවේදීයි.

ඒ අනුව පෙත්සම් විභාගය ලබන ඔක්තෝම්බර් 04 වනදා සිට විභාගයට ගැනීමට නියමිතයි.

ද්විත්ව පුරවැසිභාවය මුල් කරගනිමින් ඉදිරිපත්වූ පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් පසුවයි මන්ත්‍රීවරියට එරෙහිව අභියාචනාධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කෙරුණේ.

ඉන් පසු ඇය විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

රජයට සහය දෙනවාද නැද්ද ? සිවිල් සංවිධාන 49ක් අද අවසන් තීරණයක් ගනී

තවදුරටත් රජයට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම සඳහා ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක්‌ අද විශේෂ සාකච්ජාවක නිරතවීමට නියමිතව තිඛෙනවා.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු මෙම සංවිධාන 49 මෙම සාකච්ජාවට එක්වීමට නියමිතයි.

රජය පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂිතයන්ට දඬුවම් දීම, දූෂණයෙන් තොරව ආණ්‌ඩුව පවත්වාගෙන යැම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී කරුණු ඉටුකිරීමට ආණ්‌ඩුව මෙතෙක්‌ අපොහොසත් වී ඇති බැවින් මේ පිළිබඳව අද දිනයේ සාකච්ඡා කර තීරණයක්‌ ගැනීමටයි නියමිතව ඇත්තේ.

මෙම සාකච්ඡාව පිටකෝට්‌ටේ පිහිටි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාර මූලස්‌ථානයේදී පැවැත්වීමට නියමිතයි.

පෞද්ගලික වෛද්‍ය ආයතන ගැන රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට. ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ඉදිරියේ දී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන්හි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම සඳහා වන කෙටුම්පත් සම්පාදනය මේ වන විට අවසන්ව ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ස්වාධීන ආයතනයක් විසින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලය ලංකාව තුළ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කොට ඇත්තේ වසර 100කටත් පෙර බවත් රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ස්ථීරව කටයුතු කරන අතර ම වඩාත් හොඳින් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බවයි.

යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපි 7400ක්

යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හෝ මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.

අතුරුදන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාවේ සිදුකරගෙන යන අඛණ්ඩ විරෝධතාවට එක්වෙමින් ආනන්දන් මහතා මේ අදහස් පලකර සිටියේය.

“වව්නියාව දිස්ත්‍රීක්කයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් දින 80කටත් අධික කාලයක් විරෝධතාවේ නිරත වෙනවා“ “දෙමළ ජනතාවගේ පිහිටෙන් බලයට පැමිණි මේ ජාතික ආණ්ඩුව අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. එය ඉතා කණගාටුදායක වගේම රිදුම්දෙන කරුණක්. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන්නැයි බලකරලා 7400ක පිරිසක් වෙන් වෙන් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි බාර දී තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන සම්මත කරගත් පසුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. අතුරුදන් වූවන් ජීවතුන් අතරද නැතිද යන ප්‍රශ්නයට රජය පිළිතුරු දෙන්න ඕනෑ“ යැයි ආනන්දන් මහතා කීවේය.

ගෝල්ෆේස් ආපු ඔළුගෙඩිවලට ජනපති ඡන්ද පෙට්ටි පෙන්නයි

දේශපාලන රැළියකට සහභාගීවන ජන ප‍්‍රමාණය අනුව මැතිවරණයක ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තීරණයකට. එළඹිය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “ආණ්ඩුවට විරුද්ධව අදහස් දරන අය ඉතාම පහත් විදිහටයි විවේචන කරන්නේ. මැයි දිනයට ගෝල්ෆේස් එකට ආපු ඔළුගෙඩි සංඛ්‍යාවෙන් සමහරු හිතුවා පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මගේ රැස්වීම්වලට වඩා අතිවිශාල ජනතාවක් හිටියේ කාගේ රැස්වීම්වලටද කියලා කියන්න ඕනෙ නැහැනේ. හැබැයි ඡන්ද ප්‍රතිඵලය කුමක්ද?. ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන්නේ මේ රටේ ජන සංයුතිය, ආගමික පසුබිම, සංස්කෘතික තත්ත්වයන්, ජනවාර්ගික ප්‍රශ්න ආදී මේ සියල්ල අනුවයි. ඒක නිසා පිට්ටනියකට සෙනග ගෙනල්ලා ආණ්ඩුවක් හදන්න හිතනවා නම් ඒක ලොකු විහිළුවක්.” යනුවෙනි.

ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය විධිමත් වැඩපිළවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කළා.

සයිබර් ප්‍රහාරයෙන් බේරෙන්න කළ යුතු දේ මෙන්න

ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කර තබාගත යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක පැතිරුණු මෙම පරිගණක වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව ඇතුළු රටවල පරිගණක භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙනත් පරිගණක වෛරස මෙන් නොව මෙම සයිබර් ප්‍රහාරය හරහා පරිගණක භාවිත කරන්නන්ගෙන් කප්පම් ඉල්ලීමක් ද සිදුවන බව පවසති.

මෙම වෛරසය ශ්‍රී ලංකාවේ පරිගණකයකට මෙතෙක් ඇතුළුවී ඇතැයි වාර්තා නොවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසී ය.

එසේම මෙම වෛරසයෙන් බේරීම සඳහා නොදන්නා ඊමේල් පණිවිඩ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් නිරන්තරයෙන් තම පරිගණකවල ප්‍රති වෛරස් මෘදුකාංග (Anti virus software) යාවත්කාලීන (Update) කර තබාගැනීම සුදුසු බවද ඒ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම තමන්ගේ පරිගණකවල ඇති දත්ත පිටතින් ගබඩා කර තබා ගත හැකි උපකරණයක වෙනම ගබඩාකොට තබාගැනීම යෝග්‍ය බවත් එවැනි උපකරණ පරිගණකයට සම්බන්ධ නොකර වෙනම ගබඩා කර තැබීමෙන් මෙම වෛරසයට ගොදුරුවීමෙන් වැළකිය හැකි බවත් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

මීට මාස තුන හතරකට පෙරදී ලොව පුරා රටවලට කිසියම් ඊමේල් පණිවිඩයක් සමග ඇටෑච්මන්ට් එකක් ලෙස (ඇමිණුම් ලිපි ගොනුවක් පීඩීඑෆ් හෝ වර්ඩ් ආකාරයෙන් පැමිණිය හැකි මෙම රැන්සම්වෙයාර් වෛරසය විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් පරිගණකයට මෙම වෛරසය ඇතුළුවී එමගින් පරිගණකයේ සියලුම දත්ත ගොනුවලට ක්ෂණයෙන් අගුලු වැටීම සිදුවේ.

එම අගුලු හැරගන්නට උපදෙස් සපයමින් නිශ්චිත කාලයක් ලබාදී පණිවිඩයක්ද ඉන් පසු දිස්වන අතර එම කාලය තුළදී ඇමරිකානු ඩොලර් 300 ක් කප්පම් ලෙස bitcoin ක්‍රමයට ගෙවන්නේ නම් අවශ්‍ය මුරපදය ලබාදෙන බවට තර්ජනාත්මක උපදෙසක් ද ලැබේ. මෙම වෛරසය ලොව පුරා වින්ඩොස් වර්ගයේ මෙහෙයුම් පද්ධති ඇති පරිගණක වලට පමණක් බලපා ඇති බවට තොරතුරු වාර්තාවේ.

මෙම වෛරසයෙන් පරිගණක මුදවා ගැනීමට මේ වනවිටත් ප්‍රතිවෛරස මෘදුකාංග සමාගම් කටයුතු සම්පාදනය කරමින් සිටී.

ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි



ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිකළ එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොං හිදී රහසිගතව නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කරයි.

එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ පිලිපීන ජාතිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය ආරක්‍ෂිත රටවල් බව සලකමින්, මෙම දෙපිරිසට ම දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බවත් එම තීරණය "හේතු සහගත නොවන" බවත් ඔවුන්ගේ නීතිවේදියෙක් පැවසීය.

මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට දින 14ක කාලයක් පවතී.

මේ අතරතුර තමන්ට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස මොවුන් කැනඩා රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ.වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්

සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ මෙම පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම විස්තර කළ නොහැකි ඛේදවාචකයක් බව, ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් මීට පෙර පවසා තිබුණි.

වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව ප්‍රකාශකර තිබුණේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් එක්සත් ජනපදයෙන් පළා ගියේය.

ස්නෝඩන් ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද සිනමා කෘතිය එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

ලංකාවේ සරාගීම නීතිඥවරිය මෙන්න | PHOTO




නීති උපාධිධාරිණියක් ලෙස කටයුතු කරන 22 හැවිරිදි Meliza Leitch සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
 
ඒ ඇගේ සරාගී බව හේතුවෙන් පළ කරන ලද ඡායාරුප එකතුවත් සමගයි.

ඇය නීති උපාධියේ පාඨමාලා ගාස්තුව ගෙවිම මුදල් සොයාගන ඇත්තේ සමාජශාලාවක මත්පැන් අලෙවි කිරීමෙන් බවයි වාර්තා වන්නේ.

ඇගේ ඡායාරූප පෙළක් පහතින් බලන්න.






























ඩෙංගු මදුරු ගහනය වැඩි වෙයි

දිනෙන් දින දිවයින පුරා ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඩෙංගු රෝගය වැළදුණු රෝගීන් වාර්තාවීමේ ඉහළයෑමක් ද පෙන්නුම් කරන බව එම සංගමය පෙන්වා දෙයි.

ඩෙංගු රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ ද ඒ සඳහා ජනතාව ක්‍රියාත්මක නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

සුන්දර ඇබර්ඩින් දියඇල්ලට සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේන සුන්දර ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට පියවර ගැනීමට අඹගමුව ප්‍රාදේශිය සභාව තීරණය කර තිබෙනවා.

එහි ලේකම් එස්. සරවනබවන් මහතා පැවසුවේ ඇළදෝනා දියඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධිරාජ්‍යවාදින් විසින් පසුව එය ඇබර්ඩින් දියඇල්ල වශයෙන් නම් කර ඇති බවයි.

ඇබර්ඩින් දියඇල්ල උසින් අඩි තුන්සිය විස්සක් (320) පමණ වේ.

කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාව වැඩි වන අවස්ථාවල එහි ජලය දියඇලි දෙකක් සේ පහළට ගලා බසිනු ලබනවා.

ඇබර්ඩින් දියඇල්ලට ඉහළින් තවත් කුඩා දියඇලි තුනක් ගලා බැසිම නිසා එහි සුන්දරත්වය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

මෙසේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් දැනට අඹගමුව ප්‍රාදේශිය සභාව විසින් දියඇල්ල පහළට ගලා බසින ස්ථානයේම  නැරඹීමේ මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා.

ඉදිරියෙදි මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශයේ අනුග්‍රහය මත නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය හරහා එම දියඇල්ලට යෑමට ඇති මාර්ග දුෂ්කරතා සංවර්ධනය කර එම දියඇල්ලට නුදුරින් සනිපාරක‍ෂක පද්ධතියක්ද ඉදිකිරිමට පියවර ගෙන ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා අප සමඟ කියා සිටියේ.

මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනෙන් අනතුරුව ලක්ෂපාන දියඇල්ලද සංචාරක ප්‍රවර්ධන ව්‍යපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට නියමිත බවද වාර්තා වනවා.


අතුරුදහන්වූවන්ගේ ඥාතීන් 80 වන දිනටත් උපවාසයේ

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (14) 80 වැනි දිනටත් වවුනියාව තැපැල් කාර්යාලය ඉඳීරිපිට උපවාසයට එක්ව සිටියා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට පසුගිය සමයේ තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, එහිදි උපවාසය දින හතරක කාලයක් පැවැත්වු අවස්ථාවේදි රජය ලබාදුන් පොරොන්දුවක් මත උපවාසය අත්හළ බවයි.

එහිදි රජය විසින් තමන් අරලියගහ මන්දිරය වෙත කැඳවා රැස්වීමක් පවත්වා අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් සතිදෙකක කාලයක් තුළ ලබාදෙන බවට පෙබරවාරි මස 09 වැනිදා පැවසුවද, අදාළ පොරොන්දුව මෙතෙක් ඉටු නොවු බැවින් තමන් නැවතත් උපවාසයක් ආරම්භ කළ බවයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ විපක්ෂනායකවරයා පැමිණ නිසි විසදුමක් ලබාදෙන තෙක් තමන් මෙවර උපවාසය පවත්වන බවත්, එලෙස නොවුණහොත් තමන් මියයන තෙක් උපවාසය පවත්වන බවයි උපවාසකරුවන් පවසනවා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් උපවාසය වෙනුවෙන් සහභාගි වී සිටියා.

මෙසීගේ 'මිනිස් පිටපතක්'



ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී ලොව පුරා බාල මහලු කා අතරත් ජනප්‍රිය තරුවකි.

මෙසී ගේ හැඩරුවට අතිශය සමාන රුවක් හිමි තරුණයෙකු පිළිබඳ ඉරානයෙන් වාර්තා වේ.

ඉරානයේ හැමඩන් නගරයේ වෙසෙන බොහෝ දෙනෙකු රේසා පරස්ටෙෂ් සමග හිඳ ඡායාරූපයක් ගැනීමට කැමැත්තක් දක්වති.

ඡායාරූපයක් ගැනීම සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් සති අන්තයේ ඔහුට පොලිසියේ සහාය පැතීමට පවා සිදු විය.

කලබලකාරී වාතාවරණය පාලනය කර ගැනීම සඳහා රේසා ගේ මෝටර් රථය සිය භාරයේ තබා ගැනීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

මේ සියල්ලට මුල් වූයේ අංක 10 මුද්‍රිත බාසිලෝනා ටී ෂර්ටයක් ඇඳ රේසා මීට මාස කිහිපයකට පෙර ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුවය.

මෙසී නිසා තරුවක් වූ රේසා 


විසි පස් හැවිරිදි රේසා ආර්ජන්ටිනා පාපන්දු තරුව අනුකරණය කරමින් සිය කොණ්ඩය සහ රැවුල සකස් කිරීමට හුරු විය.

"දැන් මිනිස්සු මට සලකන්නේ ඉරානේ මෙසීට වගෙයි. මෙසී කරන හැම දෙයක්ම මම අනුකරණය කරනවා දකින්න ඔවුන්ට අවශ්‍යයි. මාව කොහෙදි හරි දැක්කම මිනිස්සු පුදුම වෙනවා" යනුවෙන් රේසා AFP පුවත් සේවය වෙත පැවසීය.

"මාව දැක්කම ඔවුන්ට සතුටක් දැනීම ගැන මම සන්තෝස වෙනවා. ඒ සතුට මට ශක්තියක් ලබා දෙනවා"

මාධ්‍ය ආයතන වෙත සම්මුඛ සාකච්ඡා ලබා දීම සඳහා ඔහුගේ කාලය සම්පුර්ණයෙන් වෙන් වී ඇති අතර ඔහු මේ වන විටත් නිරූපන ක්ෂේත්‍රයේ ගිවිසුම් කිහිපයකට අත්සන් තබා අවසන්.

වඩාත් හොඳින් මෙසී අනුකරණය කිරීම සඳහා තමන් පාපන්දුවෙන් පෑ හැකි විශේෂ දස්කම් පුහුණු වෙමින් සිටින බවත් රේසා පරස්ටෙෂ් වැඩිදුරටත් කියා සිටී.

BBC