01 June 2017

විදේශ ඇමැති රවි කරුණානායක අගමැතිගේ දකුණු අතට ලුණු ඇඹුල් ඇතිව දෙයි!

ජායාරූපය: අගමැති වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම සමඟ.

සඳුදා ලංකාදීප පුවත්පත සමඟ කරන ලද සම්මුඛ සාකච්ජාවකදී මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කර විදේශ ඇමැති ධුරයට පත් කළ එජාප පතාකයකු වන රවි කරුණානායක අගමැති වික්‍රමසිංහගේ දකුණූ අත වැනි සංවර්ධන කටයුතු ඇමැති මලික් සමරවික්‍රමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. මලික් සමරවික්‍රමගේ නම සඳහන් නොකරන නමුත් ඔහු ව්‍යංගයෙන් පහර ගසන්නේ මලික් සමරවික්‍රමට බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

මධ්‍යම බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ද මලික් සමරවික්‍රමට චෝදනා එල්ල වී තිබේ. මෙම සාකච්ජාවෙහිදි කරුණානායක එම ප්‍රශ්ණය අගමැතිගේ ප්‍රශ්ණයක් බව නොකියා කියයි.

මලික් සමරවික්‍රම එජාපය විපක්ෂයේ සිටියදී කිසිදු ක්‍රියාකාරිත්වයක් නොපෙන්වූ නමුත් රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකු ලෙස සැළකේ. මේ අතර මෙම වාර්තාව පළ වු දිනම අගමැති වික්‍රමසිංහ පුද්ගලික් ගමනක් ලෙස දෙසතියක් ඇමෙරිකාවට යන බව ඩේලි මිරර් පුවත්පත් වාර්තා කර තිබේ්‍ග මෙවැනි ගමනක වික්‍රමසිංහ යෙදෙන බව කලින් යොදා ගෙන තිබූ බවට වාර්තා වි ානාතිබුන අතර  ජල ගැල්මක් නිසා රට මහත් විපතකට මුහුන දි සිටින අවස්ථාවක දෙසතියක විවේකයක් සඳහා රට හැර යාම පුදුමය දනවන බව පැවසේ.

එම සම්මුඛ සාකච්ජාවෙන් උපුටා ගත් කොටස් පහත පළවේ. එහි වරහන් තුළ නිල් අකුරින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා බ්‍රීෆ් සටහන්ය.

ප්‍රශ්නය:- මුදල් ඇමැතිට හිටි හැටියෙම මොකද මේ වුණේ?

පිළිතුර:- ඒක අහන්න ඕන පත් කරන බලධාරින්ගෙන්නේ. (බලධාරියා රනිල් වික්‍රමසිංහය) අපට තියෙන්නේ අපට බාර දෙන වගකීම හරිහැටි ඉටු කිරීමයි. වැටී තිබුණු ආර්ථිකයක් බාර දුන්නා. ඒ වැටී තිබූ ආර්ථිකය නගාසිටුවීමට කටයුතු කළා. ආර්ථිකය හොඳ තත්ත්වයට පත් කළා. සිදුව තිබෙන වෙනස සමස්ත රටේ අයත් ජාත්‍යන්තර ලෝකයේ අයත් පිළිගනීවි. කොහොම වුවත් ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන පත් කරන බලධාරීන් මිස මම නෙමෙයි.

ප්‍රශ්නය:- ඔච්චර වැඩක් කරපු මුදල් ඇමැතිව අයින් කරන්න ඕන වුනේ කාටද?

පිළිතුර:- ඕනම පක්ෂයක ඊර්ෂයාවෙන් පෙළෙන පුද්ගලයන් ඉන්නවා. මගේ පක්ෂයේ නායකයා අපව ආරක්ෂා කරන්න සෑම වෙලාවකම කටයුතු කළා. දුෂ්ඨයන්ගෙන් මාව ආරක්ෂා කරන්න මේ අවස්ථාවෙත් එතුමා පුදුම සටනක් දුන්නා. පක්ෂයක් විනාශ කරන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇති. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තිබෙන ඊර්ෂ්‍යාවට රටට අහිතකර දේවල් නොවිය යුතුයි.

ප්‍රශ්නය:- ඔබ කියන විධිය අනුව හැඟෙන්නේ මොකක් හෝ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ගැනයි. ඔය කුමන්ත්‍රණය තිබුණේ කොහේ ද?

පිළිතුර:- අපි දූෂණය අඩු කළේ නැහැ. නැති කළා. අපි එහෙම කළාම හැම එකටම ඇඟිලි ගහන ඇමැතිවරයෙකුට රිදෙන්න ඇති. ඒ රිදීමට පලිගන්න හිතන්න ඇති. අපට අමාරු අභියෝගයක් තිබ්බා.

ප්‍රශ්නය:- ඔබ ඔය ඇඟිල්ල දිගු කරන්නේ ඔබේ පක්ෂයේම කෙනෙකුට ද? නැති නම් ආණ්ඩුවේ අනෙක් කොටස්කාර පක්ෂයේ අයකුට ද?

පිළිතුර:- මගේ පක්ෂයේ එක් පුද්ගලයකුට. ජාතික ලැයිස්තුවෙන් ආපු මේ පුද්ගලයාට (මලික් සමරවික්‍රම ආවේ ජාතික ලැයිස්තුවෙනි) ජනතාව ගැන රට ගැන හැඟීමක් නෑ. මේ පුද්ගලයා ජනතාවගේ දුක දන්නේ නෑ. වැඩිකල් යන්න කලින් මේ අයගේ සැබෑ තත්ත්වය රටට හෙළිදරව් කරනවා. අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. ඒත් මගේ පක්ෂයට රටට ඊට වඩා ආදරයක් මට තිබෙනවා. ඒ නිසා පටු දේශපාලන රාමුවක වැඩ කරන්න මම අකැමැතියි. එහෙත් රට සහ ජාතිය වෙනුවෙන් සැබෑ තත්ත්වය පෙන්නන්න ඕන. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් වෙස්මුහුණු දාගෙන නටන මේ ඇමැතිවරයා පෙනීඉන්නේ අගමැති ආරක්ෂා කරන ස්වරූපයෙන්. හැබැයි වෙන්නේ තිබෙන විශ්වාසයත් නැත්තටම නැති වීමයි. ජනතාවගේ ඡන්දයෙන් ගන්න බැරි මේ වගේ පුද්ගලයන් රට ඉදිරියට ගෙනයාමේදී ප්‍රශ්නයක් වෙනවා. මම දේශපාලනයෙන් ජීවත් වෙන්නේ නැහැ. සාක්ෂි තියාගෙනයි මම කතා කරන්නේ. මේ වගේ අය කවුද කියා හෙළිවුණාම ජනතාව ඇත්ත වටහා ගනීවි.

ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව වුණේ ඔබේ කාලයේ. ඔබේ නමත් තැන තැන කියවෙනවා. පිරිසිදුව කටයුතු කළා කියන්නේ කොහොමද?
පිළිතුර:- මේක මගේ විෂය පථයේ තිබ්බ එකක්ද? (මධ්‍යම බැංකුව රනිල් වික්‍රමසිංහ තමා අත තබා ගත්තේ සියළු සම්ප්‍රධායයන් බිඳ එය මුදල් අමාතයාංශයෙන් ඉවත් කරමිනි)  එහෙම නැති එකක් මගේ පිට පටවන්නේ ඇයි? අනෙක් අයගේ පව් කරගහන්න වුණාට කමක් නැහැ. මට හානි වුණාට මගේ අගමැති ආරක්ෂා කිරීම මගේ වගකීමක්. කොමිසම ඉදිරියේ ඇත්ත සියල්ල හෙළිවෙනවා. වෙස් මූණු බැඳගෙන සිටි අය කවුද කියා හෙළිවෙනවා. ඔය අය තමයි නිවාඞ් කබ්රාල්ලා එක්ක දැඟලුවේ. වැරැද්ද වුණු බව මේ අය කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුව පත් වුණාට රජයේ නිලධාරින් වෙනස් වුණේ නැහැ. අද ඉන්න මහ බැංකු අධිපති එදා සිටියේ රාජපක්ෂ කණ්ඩායමේ. මේ අය වැඩ කළේ මෛත්‍රි ජනපති පරාජය කරන්න. එහෙම අය අදත් මහ බැංකුවේ ඉන්නවා. අපි එළියට යනවා. මේවා රටේ වෙන පුදුම වැඩ.

ප්‍රශ්නය:- ඇමැති සංශෝධනයත් එක්ක ආණ්ඩුවත් අර්බුදයට යයිද?
 
පිළිතුර:- ඒ මොකටද? මම, මංගල ඇතුළු සියලු දෙනා පක්ෂයත් ආණ්ඩුවත් රකින්න වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරි මැතිවරණ දිනන වැඩ පිළිවෙළකුත් හදනවා.

කාලගුණ විපර්යාස බලපෑමට එරෙහිව එක්වෙමු - ගුටාරෙස්

 කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑමට එරෙහිව සටන්කිරීම සඳහා ලෝකය එක්සත්ව කටයුතු කිරීම අතිශයින්ම අත්‍යවශ්‍ය කටයුත්තක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරෙස් පවසයි.

නිව්යෝක් නුවරදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා සිටියේ 2015 පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියෙහි අවශ්‍යතාව සම්බන්ධයෙන් කිසියම්ම හෝ රාජ්‍යයක් කුකුසකින් කටයුතු කරන්නේ නම්, සෙසු රාජ්‍යයන් විසින් මෙහි අවසන් ඉලක්කය දක්වා එක්සත්ව කටයුතු කිරීමට අධිඨන් කරගැනීමට කාලය පැමිණ ඇති බවයි.

මේ සම්බන්ධ කතාබහ යළි ඇති වූ‍යේ, G7 කණ්ඩායමේ ධනවත් රාජ්‍යයන් විසින් මෙම සම්මුතියට එකඟත්වය දක්වන බවට යළි ප්‍රතිඥා දෙනවිට, ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඊට ප්‍රතිඥා නොදෙන වටපිටාවකය.

එහිදී, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය ඉක්මණින් ලැබෙන තුරු හෙතෙම ගුටාරෙස් බලා සිටියි.

කෙසේ වෙතත්, මීට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ගෝලීය උෂ්ණත්වය චීනය විසින් නිර්මාණය කළ සම්පූර්ණ රැවටීමක් පමණක් බවයි. එමෙන්ම, පැරිස් සම්මුතියෙන් ඉවත්වන බවටද ඇමෙරිකානු ජනාධිපතිවරයා බලපෑම් කර තිබුණි.

එනමුදු, මීට මාස පහකට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස තේරීපත් වීමෙන් පසුව ගුටේරෙස් විසින් කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් සිය ප්‍රථම හා ප්‍රබලතම ප්‍රකාශය සිදුකරමින් පැරිස් සම්මුතිය වෙනුවෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන් ඇතුළු සියලු රාජ්‍යයන් එක්රාශී කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

ලොවක් ආදරය කළ බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන් මියයයි? | PHOTO


ලොවක් ආදරය කළ සුපිරි තරුවක් වූ ශාරුක් ඛාන් මිය ගොස් ඇති බවට පුවතක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එම වාර්තා අනූව සදහන් කර තිබුණේ පැරිස් ගුවන් අනතුරකට ලක්වීමෙන් සුපිරි නළු ශාරුක් මියගොස් ඇති බවයි.

එම පුවතත් සමග ඔහුට ආදරය කරන රසිකයින් දුක් වුණා.එහෙත් මෙම පුවත අසත්‍ය එකක් බවට අනාවරණය වුණා.පුවත අසත්‍ය බවට තහවුරු කරගෙන තිබුණේ පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය ඔස්සේයි.

මෙම අසත්‍ය සිදුවීම මුලින්ම වාර්තා කර ඇත්තේ පැරිස් වෙබ් අඩවියකින්. මෙම වෙබ් අඩවියට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙන්නේ  ගුවන් යානයේ සේවා සපයන සමාගම මගින්. ඒ නිසා මෙය සත්‍ය එකක් බවට බොහෝ දෙනෙක් විශ්වාස කර තිබෙනවා. මේ අතර ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ ශාරුක් ඛාන් රූගත කිරීම් සිදුකෙරෙන ස්ථානයකදී අනතුරකට ලක්වූ බවටද වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වනතෙක් අනාවරණ වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

රජිනිකාන්ත් දේශපාලනයට පැමිණීම ස්ථිරයි

 සුපිරු දකුණු ඉන්දිය නළු රජිනිකාන්ත් දේශපාලයට පැමිණීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි.

ඔහු දේශපාලනයට පැමිණීමට නියමිත බව පසුගිය සමයේ ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේය. එය තහවුරු කරමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂයේ සහාය ඇතිව පිහිටුවා ගන්නා නව පක්ෂයකින් ඔහු දේශපාලනයට පැමිණෙනු ඇති බවයි.

මෙම නව පක්ෂයේ සැලැස්ම පිළිබඳව බැංගලෝරයේ ඒජන්සියක් විසින් සැලසුම් සකස් කරමින් තිබෙන අතර ඔහු සිය දේශපාලනය කටයුතු තමිල්නාඩුවෙන් ආරම්භ කිරීමට නියමිතය.

66 හැවිරිදි රජනිකාන්ත් මීට ඉහතදී පවසා තිබුණේ දෙවියන් කැමතිනම් තමන් හෙට හෝ දේශපාලනය පිවිසෙන බවයි.

දකුණු ඉන්දියාවේ කොංග්‍රස්, ඩී.එම්.කේ. හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. යන පක්ෂවල පළපුරුදු දේශපාලන චරිත කිහිපයක් සමග එක්ව ඔහු සිය දේශපාලන ගමන  ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයන් කිහිපදෙනෙකුම නව පක්ෂය පිළිබඳව රජිනිකාන්තට උපදෙස් ලබාදෙමින් සිටින අතර ඔහු 2019 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක් සභා (පාර්ලිමේන්තු) මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

තමන් දේශපාලයට පැමිණීමේදී දූෂිත පුද්ගලයන් සමග ගනුදෙනු නොකරන බවත් රජිනකාන්ත් පවසා තිබුණි.

ගංවතුර වළක්වාගන්න තිබෙන සැලැස්ම දශක 5ක් පරණයි : ජනාධිපති

 ‘‘ තමන්ට ලැබෙන මනාප ගැන බලාගෙන මහජන නියෝජිතයන් තීන්දු තීරණ ගන්නවා. රජයක් ගෙන එන සංවර්ධන යෝජනා ක්‍රමවලට විරුද්ධ වෙනවා. ගංවතුර වළක්වා ගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්ක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්තන්න. දේශපාලන බේදයකින් තොරව මේ සංවර්ධන වැඩවලට එකතු වෙන්න“ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (01)  පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දන්වමින් ජනාධිපතිවරයා මේබව පවසා  සිටියේය.

ඉදිරි ගංවතුරකදී ගාල්ල දිස්ත්‍රික්කයට හානි සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේදී  අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය.

"මේ ව්‍යාපෘති වාර්තාව සකස් කර තියෙන්නේ 1969 දී. එහි දැක්වෙනවා ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට ඇතිවන වර්ෂාවන් ගැන. මේ වර්ෂාව ඇතිවුණාම සිදුවන හානිය දැක්වෙනවා. මේ හානිය වළක්වාගන්න කරන්න ඕන වැඩ මොනවා ද කියලත් එහි දක්වා තිබෙනවා. සල්ලි වියදම් කරලා විදේශීය විශේෂඥයන් ගෙන්වලා අපේ ඉංජිනේරුවන් ද තම අත්දැකීම් ඔවුන් සමග බෙදාහදාගෙන සකස් කළ මේ වාර්තාවේ සඳහන් කාර්යයන් ඉටුකරන්න පත්වූ රජයන් රැසක් කටයුතු කළත් අද වනතුරු මේවා ක්‍රියාත්ක කරන්න බැරිවුණා.

එසේ සිද්ධවෙන්නේ අපේ දේශපාලකයන්ගේ වරදින්. තමන්ට ලැබෙන ඡන්ද, තමන්ගේ මනාප, තමන්ට සමීප අයගේ අදහස් නිසා මේ පොදු සංවර්ධන ව්‍යාපෘතිවලට අපේ මහජන නියෝජිතයන් විරුද්ධ වෙනවා. අවසානයේ සිදුවන්නේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොහැකි වීමයි. ඉතින් ස්වාභාවික ආපදා වළක්වාගන්නේ කොහොම ද ? අන්තිමේදී මිනිසුන් මියගියාම, ඔවුන් විපතට පත්වෙලා උන්හිටිතැන් අහිමි වුණාම කඳුළු වගුරුවනවා. මේ අවස්ථාවේදී වත් සිදුවිය හැකි විනාශය තේරුම් ගන්න.

මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මෙයින් වැළකී සිටීමට නම් මේ ව්‍යාපෘති දේශපාලන භේද නොතකා සාමූහිකව එකතුවෙලා ක්‍රියාත්ක කරන්න ඕන. අපි රජයක් හැටියට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. විදේශ ආධාර ලැබෙනවා. මේවාටත් උදවු ගන්න පුළුවන්. මේ වාර්තා නිකමට හදපු දේවල් නොවෙයි.අඩුම තරමේ මේ වාර්තා සකස් කිරීම 1966 වසරේදීවත් පටන් ගන්න ඇති. දේශපාලකයන්ගේත් පොදු මහජනතාවගේත් ආධාර ලැබුණොත් අනාගතයේදී මේවා වළක්වාගත හැකියි. රත්නපුර දිස්ත්‍රික්කයේ සිට මේ ව්‍යාපෘති ක්‍රියාත්ක කරන්න අපි කටයුතු කරමු. “

පළමු වසරට ළමුත් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය



2018 වසර සඳහා පාසල්වලට පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය (31දා) නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය. එම අයඳුම්පත්‍රය පහතින් භාගත කළ හැක.




අයදුම්පත්‍රය මෙතනින්...

කාලගුණයෙන් ඉදිරි වැස්ස ගැන අනතුරු අඟවයි



දිස්ත‍්‍රික්ක කිහිපයකට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර තත්ත්වය මේ වනවිට ක‍්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් මෙන්ම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ද තවමත් අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි.

ඉදිරි දින කිහිපයේ ද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 203ක්. පුද්ගලයින් 96 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.

දිස්ත‍්‍රික්ක 15ක පුද්ගලයින් හයලක්ෂ තිස්දහස් අසූ දෙදෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ. පවුල් දහනව දහස් දහනවයකට අයත් පුද්ගලයින් හැත්තෑ තුන්දහස් පන්සිය 61 දෙනෙකු සහන කඳවුරුවල රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.

ප්‍රේක්ෂකයා ගැන බෙහෙවින් සැලකිලිමත් වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්


විසිවැනි සියවසේදී ලොව බිහිවූ විශිෂ්ටයන් අතරට ජර්මානු නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ද අයත් ය. බ්‍රෙෂ්ට් කවියකු ලෙස ද ප්‍රකට විණි. සම්පූර්ණ නම ඉයුජින් බර්තෝල්ද් ෆ්‍රෙඩ්රිඩ් බ්‍රෙෂ්ට් වුව ද ඔහු ප්‍රකට වූයේ බරටෝල්ට් බ්‍රෙෂ්ට් යනුවෙනි. ළමා වියේදී බොහෝ අය ඔහු ඇමතුවේ ඉයුජින් යන නමිනි.

පළමු ලෝක යුද්ධය සමයේ නව යොවුන් වියේ සිටි බ්‍රෙෂ්ට්ට යුද හමුදාවට එක්වීමට බලවත් ආසාවක් ඇති විය. එසේ වුව ද යුද්ධයෙන් සිය පාසල් මිතුරන් එකිනෙකා අහිමි වන අයුරු දුටු ඔහු කෙරෙන් එකී ආසාව පහව ගියේ ය.

බ්‍රෙෂ්ට්ගේ පියාට අවශ්‍ය වූයේ ඔහු වෛද්‍යවරයකු කිරීමට ය. ඒ සඳහා ඔහු මියුනිච් සරසවියට ඇතුළත් කෙරිණි. එහිදී සිදුවූයේ අනෙකකි. බ්‍රෙෂ්ට් ඇදී ගියේ නාට්‍යවේදය හැදෑරීම දෙසට ය. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඉඳහිට දේශනවලට සහභාගි වූ ඔහු ආතර් කුෂර් නම් ආචාර්යවරයාගේ මඟ පෙන්වීම යටතේ නාට්‍යවේදය හැදෑරීය. බ්‍රෙෂ්ට්ගේ පළමු කවිය ප්‍රකාශයට පත්වූයේ 1914 දී ය. ඒ වනවිට ඔහු 16 හැවිරිදි වියේ පසුවිණි. ඔහු පුවත්පතකට ලියූ පළමු ලිපිය පළ වූයේ බර්ට් බ්‍රෙෂ්ට් යන නමිනි. ඔහු සිය පළමු නාට්‍ය ‘බාල්’ රචනා කර නිම කළේ 1918 දී ය. එය අරමුණක් නැති තාරුණ්‍ය පිළිබඳව ‘බාල්’ වේදිකාගත වූයේ 1923 දී ය. බ්‍රෙෂ්ට් ගේ දෙවැනි නාට්‍ය ‘ඩ්‍රම්ස් ඉන් ද නයිට්’ 1919 දී රචනා කළ අතර පළමු නාට්‍යයට පෙර එනම්, 1922 දී වේදිකාගත විය. එවක ප්‍රකට නාට්‍ය රචකයකු මෙන් ම නවකතාකරුවකු ද වූ උයන් ෆියුට්වැන්ගර් 1919 දී හඳුනාගැනීමත් සමඟ එක්ව නිර්මාණකරණයේ යෙදීමට ඔවුන් දෙදෙනා අතර 1924 දී එකඟතාවක් ද ඇති විණි.

වර්ෂ 1923 දී බ්‍රෙෂ්ට්, ‘මිස්චීරියස් ඔෆ් අ බාබර් ෂොප්’ නම් චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ය. එවක එය සාර්ථක වූයේ නැත. එසේ වුව ද පසුකාලීනව එය ජර්මානු සිනමා ඉතිහාසයේ බිහි වූ වඩාත් වැදගත් සිනමා නිර්මාණ කිහිපය අතරට ඇතුළත් විය. පළමු ලෝක යුද්ධයේ අත්දැකීම්වලින් කම්පිතව සිටි බ්‍රෙෂ්ට් යුද්ධය සහ මනුෂ්‍යත්වය තේමා කොට ගනිමින් ‘මෑන්’ ඊක්වල්ස් මෑන්’ නාට්‍ය රචනා කළේ 1926 දී ය. ඉන් පසු ‘ද ත්‍රී පෙනි’, ‘රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද සිටි ඔෆ් වහාගොනි’ වැනි ඔපෙරා නිර්මාණයේදී ඔහුට කර්ට් වේල්, කැස්පර් දෝහා වැනි නිර්මාණකරුවන්ගේ ද දායකත්වය ලැබිණි. ‘ත්‍රී පෙනි’ ඔපෙරාව භාෂා 18 කට පරිවර්තනය විය. වසර 1933 වනවිට එය යුරෝපය පුරා දස දහස් වතාවක් වේදිකාගත වී තිබිණි. වර්ෂ 1937 – 1939 වකවානුවේ ඔහු, ‘ලයිෆ්’ ඔෆ් ගැලීලියෝ’ නාට්‍ය රචනා කළේ ඉතාලියානු දාර්ශනික හා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ ජීවිතයේ අවසන් වසර කිහිපය ඇසුරිනි. එම ඓතිහාසික නාට්‍යය 1940 ගණන්වල මැද භාගයේ වේදිකාගත විය. බ්‍රෙෂ්ට්ගේ එකම හොලිවුඩ් තිර පිටපත ‘හැංග්මන් ඕල් සෝ’ මයි’ ය. එය රෙජන්හාඩ් හේම්රිච්ගේ මරණය ඇසුරු කොට ගත් නිර්මාණයකි. හේඩ්රිච් ප්‍රකටව සිටියේ ‘ප්‍රාග්’ හි අළුගෝසුවා’ ලෙස ය. බ්‍රෙෂ්ට්, ‘ද කොකේෂියන් චෝක් සර්කල්’ ලීවේ 1944 දී වුව ද වේදිකාගත වූයේ 1944 දී ය. බ්‍රෙෂ්ට් සහ මාග්‍රට් ස්ටෙෆින් එක්ව වර්ෂ 1939 දී රචනා කළ ‘මදර් කරේජ් ඇන්ඩ් හා චිල්රන්’ විසි වැනි සියවසේදී නිර්මාණය වූ විශිෂ්ටම වේදිකා නාට්‍ය බව ඇතැම් විචාරකයන්ගේ අදහස ය‍. බ්‍රෙෂ්ට්ගේ මරණයෙන් වසර කිහිපයකට පසු එය සිනමාවට ද නැඟිණි.

බ්‍රෙෂ්ට් සිය ප්‍රේක්ෂාගාරය ගැන බෙහෙවින් සැලැකිලිමත් වූ නිර්මාණකරුවෙකි‍. නාට්‍යයක සෑම චරිතයක් ගැන ම වෙන් වෙන් වශයෙන් ප්‍රේක්ෂකයා දරන අදහස දැන ගැනීමට ඔහු වගබලා ගත්තේ ය.

බ්‍රෙෂ්ට්ගේ පළමු බිරිඳ මැරියන් සොෆ් ය. ඇය ඔස්ට්‍රියානු ඔපෙරා ගායිකාවකි. මේ විවාහයෙන් ඔවුන් දෙපළට දියණියක ලැබිණි. ඇය ජර්මානු සිනමා නිළි හැන් හියොබ් ය. සරසවි සමයේදී පෝලා වැන් හොලිෂර් නම් යුවතියක සමඟ බ්‍රෙෂ්ට් ප්‍රේමයෙන් වෙළී සිටියේ ය. ඔවුන් දෙදෙනාට ෆ්‍රෑන්ක් නමින් පුතකු ද ලැබිණි. බ්‍රෙෂ්ට්ගේ දෙවැනි බිරිඳ හෙලන් වේගල් ය. නෙක් සිටී. හෙලන්ගෙන් ඔහුගේ නිර්මාණ කාර්යයන්ට ලැබුණේ නොමඳ සහායකි. ඔවුන් දෙදෙනා එක්ව නාට්‍ය නිෂ්පාදන සමාගමක් ද ඇරැඹීය.

තමන් සිය නිර්මාණ හරියට ම තේරුම් ගත්තේ මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ කියැවූ පසුව බව බ්‍රෙෂ්ට් කියා තිබේ. බ්‍රෙෂ්ට් ජීවිත කාලය පුරා ම මාක්ස්වාදියකු ලෙස කටයුතු කළේ ය.

වර්ෂ 1925 දී බ්‍රෙෂ්ට්ට චාලි චැප්ලින් ගේ The Gold Rush සහ Eisenstein’s Bettle ship potemtein චිත්‍රපට දෙක නැරැඹීමට ලැබිණි. එය ඔහුට‍ විශාල නිර්මාණාත්මක බලපෑමක් ඇති කළේ ය.‍ එවක් පටන් බ්‍රෙෂ්ට් සහ චැප්ලින් අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවේ දී මුණ ගැසී තිබේ. චැප්ලින් ගේ Monsieur verdoux ගැන දෙදෙනා අතර පුළුල් ව සංවාදයට ලක් වූ අතර එය සාර්ථක වීමට බ්‍රෙෂ්ට්ගේ බලපෑම විශාල ලෙස අදාළ විය.

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පත්වීමත් සමඟ 1933 දී බ්‍රෙෂ්ට් රටින් පිට විය. උග්‍ර ෆැසිස්ට් විරෝධියකු වූ ඔහු එහි සිටියේ නම් වධහිංසනයට ලක්වීමට නිසැකවම ඉඩ තිබිණි. රටින් පිටවූ පසු පැරිසියේද මඳ කලක් ගත කළ බ්‍රෙෂ්ට් පවුල ඉන් පසු මාධ්‍ය මිතුරකු මෙන් ම ලේඛකයකු වූ කරීන් වයික්ලිස්ගේ ඇරියුමෙන් ඩෙන්මාර්කයට ගියහ. වසර ගණනාවක් ම ඔවුන් ජීවත්වූයේ එහි ය.

මේ වකවානුවේදී බ්‍රෙෂ්ට් කෝපන්හේගන්, පැරිසිය, මොස්කව්, ලන්ඩන්, නිව්යෝර්ක් වැනි නගර ගණනාවකම චාරිකා කළේ විවිධ කාර්යයන්ට දායකත්වය ලබාදෙමිනි. හිට්ලර් ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුහු නැවකින් පලා ගියහ. මෙවර ඔවුන් නතර වූයේ පින්ලන්තයේ හෙල්සින්කි නුවර ය. එහි සිටි දෙවසරක කාලය තුළ ඔහු ‘පුන්තිලා’ නාට්‍ය රචනා කළේ ය.

සීතල යුද සමයේදී හොලිවුඩය විසින් බ්‍රෙෂ්ට් සහ තවත් නිර්මාණකරුවන් 40 කට පමණ තහංචි පැනවිණි. ඔවුන්ගේ නිර්මාණ අසාදු ලේඛනගත කළ බව සඳහන් විය. ඇමෙරිකානු නොවන ක්‍රියාකාරකම් කමිටුවට ඔවුන් කැඳවුණේ ප්‍රශ්න කිරීමට ය. බ්‍රෙෂ්ට් ඇතුළු 19 දෙනකු එහි පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ ද පසුව නීති උපදෙස් මත ඔහු එහි පෙනී සිටියේ ය. තමා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු නොවන බව එහිදී ඔහු තහවුරු කළේ ය.

නැ‍ඟෙනහිර බර්ලිනයේ ගත කළ ජීවිතයේ අවසන් සමයේදී ඔහු අතින් රචනා වූයේ නාට්‍ය අතළොස්සකි. ඒ කිසිවක් ඉන් පෙර නිර්මාණ තරම් සාර්ථක නොවී ය. එසේ වුව ද ඔහුගේ විශිෂ්ට කාව්‍ය නිර්මාණයක් වන Buckow Elegies ලියැවුණේ මේ වකවානුවේදී ය.

1956 අගෝස්තු 14 වැනිදා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජීවිතයෙන් සමුගත්තේ හෘදයාබාධයකිනි. මෙතෙක් අප්‍රකාශිත ඔහුගේ ලේඛන හා වෛද්‍ය වාර්තා අධ්‍යයනය කළ ස්ටෙපාන් පාර්කර් පවසන පරිදි බ්‍රෙෂ්ට්ට ළමා වියේ දී රූමැටික උණ වැලැඳී තිබේ. ඔහුගේ හදවත රෝගී වීමට බලපෑවේ එයයි.

සුරූපී මාධ්‍යවේදිනියක් බලහත්කාරයෙන් සිප ගත් ක්‍රීඩකයාට ලැබුණු අපූරු දඩුවම | VIDEO



වාර්තාකාරිනියකට හිරිහැර වන අයුරින් ඇයව සිප ගැනීමට කටයුතු කළ ක්‍රීඩකයෙකුට ප්‍රංශ විවෘත තරගාවලිය තහනම් කිරීමට තරගාවලියේ සංවිධායකයන් කටයුතු කර තිබේ.

මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන ප්‍රංශ විවෘත තරගාවලියට එක්ව සිටින 21 හැවැරිදි මැක්සිම් හමෝයූ නැමති ක්‍රීඩකයෙකුට මෙම තහනම පනවා තිබේ.

තරගාවලියේ පරාජය පිළිබඳව මැක්සිම්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගනිමින් සිටි මාලි තෝමස් නැමැති වාර්තාකාරිනියක් මෙසේ සිප ගැනීමට කටයුතු කරයි.

සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ප්‍රංශ විවෘත තරගාවලියේ සංවිධායකන් පැවැසුවේ ඔහුගේ හැසිරීම නොගැළපෙන බවයි.

වාර්තාකාරිනියද පසුව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ වැඩසටහන සජීවීව විකාශය නොවුණානම් තමන් ක්‍රීඩකයාට පහරදීමට කටයුතු කරන බවයි.


දිස්‌ත්‍රික්‌ක 15 ක හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 203 ට නගී



දිස්‌ත්‍රික්‌ක 15 කට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඇතිවූ ගංවතුර, නායයැම් සහ වෙනත් අනතුරු හේතුවෙන් ඊයේ (31 වැනිදා) වනවිට පුද්ගලයන් දෙසීය තුන්දෙනකු මියගොස්‌ තවත් පුද්ගලයන් අනූහය දෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා 'දිවයින' ට පැවසීය.

එසේම පුද්ගලයන් හැටතුන් දෙනකු තුවාල ලබා ඇතැයිද හෙතෙම කියා සිsටියේය.මෙම ස්‌වභාවික උවදුරින් ඊයේ වනවිට පවුල් එක්‌ලක්‍ෂ හැට හතර දහසකට අයත් පුද්ගලයන් හය ලක්‍ෂ තිස්‌ එක්‌දහස්‌ තුන්සිය හතළිස්‌ හය දෙනකු පීඩාවට පත්ව ඇති බව සඳහන් කළ හෙතෙම මෙම අනතුරු හේතුවෙන් නිවාස එක්‌දහස්‌ පන්සිය අටක්‌ සම්පූර්ණයෙන්ම ද තවත් නිවාස හත්දහස්‌ හයසිය දාහතක්‌ (7617) අර්ධ වශයෙන් ද හානි වී ඇති බව පැවසීය.

පීඩාවට පත්ව සිටින පිරිසෙන් පවුල් දහනවදහස්‌ අටසිය හැත්තෑ හයකට (19876) අයත් පුද්ගලයන් හැත්තෑහත්දහස්‌ හයසිය හතළිස්‌ තුන්දෙනකු ආරක්‍ෂිත ස්‌ථාන තුන්සිය හැට තුනක්‌ වෙත යොමු කර ඇතැයිද කොඩිප්පිලි මහතා කියා සිටියේය.

පැවැති ගංවතුර තත්ත්වය කෙමෙන් කෙමෙන් අඩුවී ගෙන යන බවත් කළු ගඟ, ගිංගඟ හා නිල්වලා ගංගාවන්හි පහළ නිම්නයේ පමණක්‌ තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්‌ පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවහන හා ගංවතුර පාලන අංශයේ අධ්‍යක්‍ෂ ජානකී මීගස්‌තැන්න මහත්මිය "දිවයින" ට පැවසුවාය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් ට අනුව ඉදිරි දින 10 තුළ තෙත් කලාපයට මිලිමීටර් 60 අඩු වර්ෂාපතනයක්‌ ලැබීමට නියමිතව ඇති බැවින් ඉදිරියේදී ගංවතුර තත්ත්වය බැස යනු ඇතැයිද ඇය කීවාය.

ගංවතුරින් හානි වූ ඇළ වේලි ජලාශ ප්‍රතිසංස්‌කරණය ඉතා කඩිනමින් ආරම්භ කර ඇති බවත් නිල්වලා ගඟේ ජලයෙන් යට වූ පොම්පාගාර තුනෙන් දෙකක්‌ ඊයේ (31 වැනිදා) වනවිට ප්‍රතිසංස්‌කරණය කර පොම්ප කිරීම ආරම්භ කළ බවත් මීගස්‌තැන්න මහත්මිය කියා සිsටියාය.

ගංවතුර රැඳී ඇති ප්‍රදේශවල ඇළවේලි කපා ජලය බැස යැමට ඉඩ ලබාදීම සිදු කරන බවත් එම කටයුතු ඊයේ ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය විසිහතර තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 83.2 ක්‌ ලෙස නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව පළාත්වලටත් බස්‌නාහිර පළාතේ සහ ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙහි මද වැසි ඇති වූ බවත් සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැසි සහිත තත්ත්වය කෙමෙන් පහව යනු ඇතැයි ද කීය.

කෙසේ වෙතත් අද (01 වැනිදා) පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්‌වා සහ මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්‌වා මුහුදු ප්‍රදේශවල සුළං පැයට කිලෝ මීටර් 70 දක්‌වා වැඩි විය හැකි බවත් එම නිසා මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්‌වභාවයක්‌ ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙයින් ධීවර ප්‍රජාව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් දිවයින හරහා හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ක්‌ පමණ වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයිs.

මේ අතර විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම ආපදා හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් හය ලක්‍ෂ විසිපන්දහසකට විදුලි සම්බන්ධතා ඇනහිsටි බවයි. ඉන් බහුතරයක්‌ විදුලි සම්බන්ධතා ලබාදීමට අමාත්‍යාංශය මේ වනවිට ක්‍රියා කර ඇති බවත් තවත් එක්‌ලක්‍ෂ හැත්තෑ හත්දහස්‌ හත්සිය හැත්තෑ පස්‌ දෙනකුට විදුලිය ලබාදීමට තිබෙන බවත් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඉදිරි පැය 24 තුළ වර්ෂාව අඛණ්‌ඩව පැවැතියහොත් රත්නපුරය, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයන්හි නාය යැම් සහ කණ්‌ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතිනු ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියා සිටී.

ජල ගැලීම් හේතුවෙන් යම් යම් පිවිසුම් මාර්ග වසා තිබූ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම හැර අනෙකුත් සියලුම පිවිසුම් මාර්ග ඊයේ වනවිට විවෘත කළ බව අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා කියා සිsටියේය.

මේ අතර ගාල්ල තොනේගොඩ කන්ද නාය යැමේ අවදානමක්‌ ඇති බැවින් එම ප්‍රදේශයේ සිsටි පවුල් අනූ හතරක්‌ ඉන් ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

ඕමත්ත ජනපද කනිටු විදුහල වෙත පිවිසිය හැකි පොලේගොඩ තැන්නහේන මාර්ගය මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී බිඳී ගොස්‌ ඇති බවත් ඉඩම් හිමියන්ගේ අකැමැත්ත නිසා විකල්ප මාර්ග සකසා ගැනීමට නොහැකි වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. මෙම ස්‌ථානයට ප්‍රවිෂ්ට විය හැකි අවදානම් සහිත විකල්ප මාර්ගයක්‌ භාවිත කළ හමුදා ලොරි රථයක්‌ පෙරළී ගොස්‌ ඇතැයිද ඔවුහු පවසති.

මේ අතර පීඩාවට පත් ජනතාවට සහන රැගත් පාකිස්‌තාන නාවික හමුදාවට අයත් නෞකාවක්‌ ඊයේ මෙරටට සේන්දු වී ඇති අතර කාර්ය මණ්‌ඩල සාමාජිකයන් 40 ක්‌ සහ නාවිකයන් 241 ක්‌ එහි පැමිණ තිබේ.

අංගොඩ ලොක්කා අත්අඩංගුවට පත්වීමත් ප්ලෑන් එකක්!

අංගොඩ ලොක්කා සහ ලඩියා අත්අඩංගුවට පත්වීම ද සැළැස්මක් වීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.



සති අන්ත පුවත්පතක මේ සම්බන්ධයෙන්  පළ වූ තොරතුරුවලින් කියවුණේ  මෙය මධුෂ්ගේ සැලැස්මක්  විය හැකි බවයි.

එම තොරතුරු මෙසේයි.



ශිවෂංකර් ‍පොට්ටු අම්මාන් කොළඹ ප්‍රහාර සඳහා කළු කොටි සාමාජිකයන් එව්වේ එක් සාමාජිකයකු අත්අඩංගුවට පත් වුවහොත් අනිකා අසු නොවන අන්දමට සැලසුම් සකස් කරමිනි.

ප්‍රහාරය සිදුවන තුරුත් ප්‍රහාරයෙන් පසුවත් ප්‍රහාරයට එක්වන එක් අයකුට අනිකා හඳුනාගන්නට ‍පොට්ටු අම්මාන් ඉඩ තැබුවේ ද නැත. ප්‍රහාරයන් සියල්ල වන්නියේ සිට සැලසුම් කළේත් මෙහෙයවූයේත් ‍පොට්ටු අම්මාන් නිසා කොටි ඔත්තු සේවාවේ මෙහෙයුම් රැසක් සාර්ථක වූයේය.
මේ දිනවල ඩුබායිවල සිටින මාකඳුරේ මධුෂ් ද සිය ඩුබායිහි සිට පාතාල මෙහෙයුම් සිදු කරන්නේ ඉහත කී ‍පොට්ටු අම්මාන්ගේ ක්‍රමයටය.

මධුෂ් අංගොඩ ලොක්කා යොදවා කඩුවෙල පාතාල නායක සමයං ඝාතනය කළේත් මෙම ‍පොට්ටු අම්මාන් ක්‍රමයටමය.

“උඹලා කවදාවත් මාට්ටු වෙන්නේ නැහැ. මම මාස්ටර් ගේමක් ගහන්නේ.” මේ මධුෂ් කඩුවෙල සමයං ඝාතනයට පෙර සිය කණ්ඩායමට කී කතාවය.

නමුත් ඒ හීන සියල්ල කනපිට කැරකුණේ ප්‍රහාරයේ ප්‍රධාන සෙබළුන් දෙදෙනා වූ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේ දී කොටුවීමත් සමගය.

දකුණු ඉන්දියාවේ සිට චෙන්නායිවලින් ඩුබායි බලා යාමට ගිය අංගොඩ ලොක්කා හා ලඩියා කොටුවන මෙහෙයුමක් මධුෂ්ගේ සැලැස්මක් ද යන්න ගැන මේ වනවිට සැක පහළ වී ඇත.
මධුෂ්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ තමාට අභියෝගයක් වූ කඩුවෙල සමයං සටන් බිමෙන් ඉවත් කිරීමය.

එයින් පසුව තමාගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ බෝට්ටු යොදාගෙන ලොක්කා සහ ලඩියා ඉන්දියාවට ගෙන්වා ගන්නට හැකි වූ මේ දෙදෙනා ආරක්ෂිතව ඩුබායිවලට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි මේ වනවිට ප්‍රශ්නයක් වී ඇත්තේය. මධුෂ් මොවුන්ව ඩුබායිවලට ගෙන්වාගෙන වියදම් කළ යුතු නිසා මධුෂ් විසින්ම අතරමං කළා ද යන්න පාතාල මර්දන කණ්ඩායම්වලට ද සැකයක් මතු වී ඇත්තේය.

මොවුන්ට ඉන්දියාවේ දී ඉන්දියානු හොර ගුවන්ගමන් බලපත්‍ර සකස් කළ ද, දෙමළ කතා කළ නොහැකි නිසා ශ්‍රී ලංකාවෙන් හැදූ හොර පාස්‍පෝට් මගින් ඩුබායි බලා යෑමට උත්සාහ කර තිබුණේය.
අංගොඩ ලොක්කා මීට පෙර තම සගයන්ට හා ‍පොලිස් නිලධාරීන්ට කතාකර තමන් ඉන්දුනීසියාවේ සිටින බව අහඟවා තිබුණේ ද ඉන්දියාවේ සිට බවට දැන් සැක පහළ වී ඇත. අංගොඩ ලොක්කා හා ලඩියා යළි මෙරටට පැමිණ තම සගයන්ට නායකත්වය දෙන්නට උත්සාහ කළේත් සමයංගේ තැන ගන්නට ඌරුජුවා හා කළු සාගර තම විරුද්ධවාදීන් ඝාතනය කරන්නට වීමත් සමගය.

තමන්ට භාර වෙන්නට මගක් නොවුණ තැන ඩුබායි බලා යාමට උත්සාහ ගනිද්දී අංගොඩ ලොක්කා කොටුවන්නේය.

ඉන්දියානු බලධාරීන් සමග ඇති කරගත් එකඟතාව මත අංගොඩ ලොක්කා හා ලඩියා තවත් සති කිහිපයකින් මෙරටට ගෙන ඒමට පුළුවන්කම ලැබි තිබේ. අංගොඩ ලොක්කා යළි මෙරටට පැමිණීම හරහා කඩුවෙල පාතාල කිරුළ ගන්නට යන සමයංගේ ගෝලයන්ට අභියෝගයක් ද විය හැකිය. රඟදක්වන්නට සැරසුණ පාතාලයේ සටන් නාඩගම යළි මේ හරහා ද්විත්ව නාඩගමක් විය හැක්කේය.

පාතාල ලොව ලෙයට ලෙයින් පළිගන්නා සටනේ දරුණුම අවස්ථාවේ දී අංගොඩ ලොක්කා සමයංව හිරගෙදර දී ඝාතනය කරන්නටත් උත්සාහ කළේය.

බන්ධනාගාර බස් රථයක් මෙන් බස් රථයක් වර්ණගන්වා දෙසැම්බර් 31 දා රාත්‍රියේ දී අවුරුදු උදාවන අතරේ බන්ධනාගාරයට කඩාවැදී සමයං ඇතුළු කල්ලිය ඝාතනය කිරීමේ සැලසුමක් ද මෙම කල්ලිය සතු විය. අවසානයේ එම සැලසුම වෙනස් කර කළුතර එතනමඩල දී සමයං ඝාතනය කරන්නට අංගොඩ ලොක්කා සැලසුම් සකස් කරන්නේය.

පාතාල ලෝකයේ අරංචි මාර්ගවලින් අනාවරණය වී තිබුණේ අංගොඩ ලොක්කා තමාට හිසරදයක් වූ සමයං ඇතුළු කල්ලිය අහවර කර ආයුධත් සමග ‍පොලිසියට භාරවන්නට සැලසුම් කර තිබුණු බවය.

මෙකී ප්‍රහාරයේ වෙඩි වැදී බන්ධනාගාර ජේලර්වරයකු හා නියාමකයකු මියගොස් නියාමකවරයකුගේ පාදයක් කපන්නට සිදුවීමත් සමග ප්‍රහාරයෙන් පසු එක්වරම ‍පොලිසියට භාරවෙන අරමුණ පසෙකට දමා ඇති වග කියවෙන්නේය. ඒ මෙකී සිද්ධිය නිසා බන්ධනාගාරයට ගියහොත් අංගොඩ ලොක්කාගේ කල්ලියට විසුමක් නොවන වග තේරුණු නිසා විය හැකිය.

සමයං ඇතුළු හත් දෙනකු වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ පිරිස පලාගිය වෑන් රථය මොරගහහේන ‍පොලිස් වසමෙන් හමුවීමෙන් පසුව ලබාගත් වෑන් රථයේ වූ ඇඟිලි සලකුණු විසිහතක් අතුරින් අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු ද මතුවී තිබිණි.

මේ අයුරින් පාතාල ලොව කැලඹවූ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා අංගොඩ, කැලණිමුල්‍ලේ පදිංචි තිස්දෙහැවිරිදි අයෙකි. උසස් පෙළ විභාගයෙන් පසු බන්ධනාගාර නියාමකයකු වන්නට සුදුසුකම් ලබා රැකියාව ලබා ගන්නට සතියකට පෙර අංගොඩ මෝචා නමැති ප්‍රදේශයට කරදරයක් වූ පාතාල ප්‍රබලයා අවසන් ගමන් යවා පාතාලයට රිංගන්නේය.

අංගොඩ මෝචා පාතාලයට මෙන්ම හෙරොයින් ජාවාරමටද පණ දෙමින් අංගොඩ පෙරළියක් කළ පාතාලයකු ලෙස ප්‍රකටව සිටි අතර මෝචාට එරෙහිව කරළියට එන ලොක්කා ඉතාලි චමින්ද, රත්තරන් චීටි යන කණ්ඩායම සමග එක්වී ඝාතනය කරන්නේ බැරිම තැනදීය.

ඒ සමගම බන්ධනාගාරයට නිලධාරියකු ලෙස යන්නට සිටි ලොක්කා අංගොඩ ලොක්කා ලෙස කරළියට පැමිණ සිරගත වන්නේ අපරාධකරුවකු ලෙස බන්ධනාගාරයේදි අපරාධ විද්‍යාව හදාරන්නටය.

අරුණ උදයන්ත හෙවත් සමයං ද අපරාධකරුවෙක් ලෙස කරළියට එන්නේ සුළු වරදකට සිරදඬුවම් ලබා සිරගතවී සිරගෙදරදී විවිධ අපරාධකරුවන් ඇසුරේ කල්ගත කළ නිසාය.

අංගොඩ මෝචාගෙන් තමාගේ ළඟම මිතුරා වූ රත්තරන්ගේ අයියා වූ ඉතාලි චමින්දට කරදර වන්නට වූ නිසා ලොක්කා රත්තරන් ඇතුළු කණ්ඩායම මෝචාව මරා  දමන්නේ අභියෝගයක් කර මතට ගෙනය. එවකට අංගොඩ මෝචාට පාතාලයට පණදුන් ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ද ලැබුණේය. නීතිය ක්‍රියාත්මක වූයේද මෝචාගේ පැත්තට සහාය ලැබෙන අයුරින්ය.

අංගොඩ මෝචාගේ අතිජාත මිත්‍රයා වූ මෝල් අසංක මෝචාගේ මරණයෙන් උරණවී ලොක්කාගේ කණ්ඩායමට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේය.

මෝචාගේ ඝාතනයෙන් පසු කරළියට එන අංගොඩ ලොක්කාට එරෙහිව මෝල් අසංකත් රණා‍ලේ සමයනුත් එක්ව යුද ප්‍රකාශ කරන අතරේ අපරාධ විද්‍යාව බන්ධනාගාරයේ අපරාධකරුවන් අතරෙන් හදාරා සමයං මෝල් අසංකවත් පරයා ඉහළට එන්නේ පිරිස් බලය නිසාය.

ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම පිළිබඳව 2011 ජනවාරි 18 දා අංගොඩ ලොක්කාව රහස් ‍පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය. ඉන් පසුව සිරගත වී යළිත් කරළියට එන ලොක්කාට මුල්‍ලේරියාවේදී මල්පුර ශාන්ත නමැත්තාගේ ඝාතනයට කොටුවන්නේ 2014 අපේ‍රල් 17දාය. 2014 මැයි 06 දා යළිත් ඇපමත සිටියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අංගොඩ ලොක්කා කොටු වන්නේ වෙනත් අපරාධයකටය.

අංගොඩ ලොක්කා අන්තිමට අවි ආයුධ සමග කොටුවන්නේ 2015 මැයි 26 දාය. පැලවත්ත සුරාබදු ඒකකයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳ ලද ඔත්තුවකට අංගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් කරද්දී දෙමහල් නිවසක උඩ තට්ටුවේ බෑගයක් රැගෙන සැකකටයුතු පුද්ගලයකු ගමන් ගන්නා අයුරු දැක පරීක්ෂා කෙරේ. ඒ පුද්ගලයා අංගොඩ ලොක්කාය. බෑගයේ ටී-56 අවියක් හා මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකි. මත්ද්‍රව්‍ය සොයා පැමිණි සුරාබදු නිලධාරීන් අවසානයේ ලොක්කාව අවි ආයුධ සමග අල්ලා මුල්‍ලේරියාව ‍පොලිසියට භාර දෙන්නේය.

අංගොඩ ලොක්කා වටා එක්වන කණ්ඩායම් නඩත්තු වන්නේ අංගොඩ, මුල්‍ලේරියාව, හංවැල්ල ප්‍රදේශවල පස් හා වැලි ජාවාරම්වල නිරතවූවන්ගෙන් ලැබෙන සහායෙනි. පස් කපන ජාවාරම පිළිබඳ ඇතිවූ ආරවුලක් මත අංගොඩ රනිල්ව හිරගෙදර සිට කොන්ත්‍රාත්තුවක් දී මරා දැමූ බවට ලොක්කාට වරදක් පැටවිණි.

ලොක්කා අතේ වූ අංගොඩ, මුල්‍ලේරියාව ප්‍රදේශවල බලයත්, බාල්දි ප්‍රියන්ත සතුවූ අතුරුගිරියේ බලයත් ගන්නට සමයං වලිකන්නේ මේ අතරය. සමයංට වුවමනා කරන්නේ කඩුවෙල සිට අවිස්සාවේල්ලට පැවති තම බලය අංගොඩ, මුල්‍ලේරියාව, අතුරුගිරිය දක්වා ව්‍යාප්ත කරන්නටය.

එවකට නවගමුව ‍පොලිසියේ සිටි නිලධාරින්ගේද සහාය සමයංට ලැබුණු නිසා මීට පෙර හිටපු ‍පොලිස් ලොක්කන්ද අවැඩක් නොවන්නට සමයං වග බලාගත්තේය. තම ප්‍රතිවාදියා වූ බාල්දි ප්‍රියන්තත්, එම කල්ලියේ දෙවැනියා වූ ලඩියාත් මඟුල් ගෙදරක ගොස් එන අතරේ හඹාගොස් වෙඩි තියන්නේ අතුරුගිරිය ‍පොලිස් වසමට ඇතුල්වූ පසුවය.

ඒ සමයං තමාට සහාය පළකරන ‍පොලිස් ලොක්කාගේ බල ප්‍රදේශයේ අපරාධයක් වුවහොත් ‍පොලිස් ලොක්කාට මාරුවීම ලැබිමට ඉඩ ඇති නිසා ඔහුගේ පුටුව රැකදෙන්නට යෙදූ උපක්‍රමයක්ය.

වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පසුව බාල්දි ප්‍රියන්ත තවදුරටත් සමයංගේ කල්ලියෙන් විසුමක් නැති නිසා ඔස්ට්‍රේයාවට පැන යන්නේ ලඩියා ඉතුරු කරය.

ප්‍රියන්ත වෙනුවට තනිවම සටනක් කළ අංගොඩ ලොක්කා පසුපස හඹායන සමයංට ලොක්කා වෙනුවට ලොක්කාගේ මහ ගෝලයා මෙන් සිටි රත්තරන්ව අංගොඩදීත්, බණ්ඩාව අතුරුගිරියේ කොණ්ඩා කපන තැනකදීත් අහවර කරන්නේය.

අතුරුගිරිය අල්විස්වත්තේ සිටි සමයංගේ සගයන්ගේ සහාය ඇතිව බංඩා මරන්නේ කොණඩා කපන තැනින් ලද ඔත්තුවකටය. අවසානයේ එකී කොණ්ඩා කැපූ තැන හිමිකාරියද අත්අඩංගුවට ගැනෙන අතර එම කොණ්ඩා කපන තැනට බංඩාගේ හිතුමිතුරෝ ගිනි තැබූහ.

මෙකී ඝාතනවලට පැමිණි වෙඩික්කරුවා වූ සමයං කල්ලියේ ආමි අසංක (අමිල) හා මද්දාව පිස්තෝලයක් සමග මිරිහාන විශේෂ ඒකයෙන් අල්ලා ගත්තේ පසුගිය සතියේය.

බංඩාගේ හා රත්තරන්ගේ ඝාතනවලින් පසුව හිරගෙදර සිට සමයං අමතා ‘අඩෝ පුළුවන්නම් මාව මරපන්, කෙළින් ඇවිල්ලා හැප්පියන්, වටේ ඉන්න අහිංසකයෝ මරන්න එපා” යැයි සමයංට අභියෝග කර ඇත්තේද අංගොඩ ලොක්කාය. පාතාල කල්ලිවලින් බුද්ධි අංශ හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව අංගොඩ ලොක්කා සමයංට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ අභියෝගයක්ද දෙමින්ය.

ලොක්කාගේ කල්ලියේ පෙතියාගොඩ සංඛ හා රෙටුඹ අමිල යොදවා යුද හමුදා නිල ඇඳුම් අන්දවා ප්‍රහාරයක් සැලසුම් කළ ද සංක නිල ඇඳුම්ද සමගින් මුල්‍ලේරියාවේදී මිරිහාන ඒකකයට අසුවන්නේය.

අවසානයේ මතෛක් පාතාල ඝාතන රැල්‍ලේ නොසිතූ අයුරින් චිකාගෝ ක්‍රමයේ ප්‍රහාරයක් එල්ල කරමින් ලොක්කා තම සටන කෙළවර කරයි.

මෙයට පෙර චමී නමැති හිටපු හමුදා සෙබළා යොදවා කඩුවෙල උසාවියේදී සමයංට වෙඩි තැබූ මොහොතේ සමයං තුවාල ලබා බේරෙන්නේ ප්‍රහාරයට ලොක්කා යැවූ මයික්‍රෝ පිස්තෝලය හිරවීමෙනි. එහෙත් මෙවර ප්‍රහාරය ටී. 56 තුවක්කු හයකට වඩා යොදා ප්‍රහාරය සඳහාත් පුහුණුව ලත් පැනගිය සෙබළුන් යොදා ගත් වග කියන්නේ සමයංගේ පණ හයිය බව පාතාලයන්ද දන්නා නිසාය.

සමයංගේ පණ ‍පොඩ්ඩක් හෝ ඉතිරි වුවහොත් යළිත් සරණක් නොවන වග දන්නා නිසාම ලොක්කා ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන්ම ප්‍රහාරය අතරේ බන්ධනාගාර බස් රථයට නැග සමයංග් මුහුණ රැලිවනතුරු වෙඩි තබා සමයංගේ සිරුර ඇදගෙන විත් වෛරයේ තරම පෙන්වන්නටය. ප්‍රහාරය සැලසුම් කළ අයුරෙන්ම එය ක්‍රියාත්මක විය.

අංගොඩ ලොක්කා සමයංට එරෙහිව යුද ප්‍රකාශ කර සිටියදී බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව යන දිනයේ ලොක්කාව රැගෙන යාමට ආ අය අතරේ අතුරුගිරියේ බණ්ඩා සහ බත්තරමුල්‍ලේ බන්ටි ද සිටියෝය.

අතුරුගිරියේ ලඩියාගේ උපන්දිනය වෙනුවෙන් අතුරුගිරිය හෝටලයක ඩී. ජේ. කණ්ඩායම් හතරක් යොදා පැවැත් වූ සාදයට ලොක්කා ඇතුළු සියලුදෙනා පැමිණියහ. නළු නිළියන්ද එක් වූ මෙම සාදයේදී ඔටුන්නක හැඩයට සෑදූ උපන් දින කේක් එකක් ලඩියා වෙනුවෙන්ම සකසා තිබුණේය.

අතුරුගිරියේ කල්ලියේ විශේෂත්වය වූයේ හෙරොයින්, ගංජා පානය කරන පිරිස් යහමගට ගැනීමටත්, එවැනි පුරුදුවලට යොමු වූවන් ඉවත් කිරීමත්ය.

ජයටම පැවතුණ ලඩියාගේ සාදය ගැන හිරගෙදර සිටි සමයං දැනගෙන වියරු වැටුණේය. “මුන් කොහොමද මම ඉන්දැද්දී කේක් කපන්නේ” යැයි තම සගයන්ට දැන්වූ සමයං එහි වාඩුව ගන්නට අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කරන්නට සැලසුම් කළේ ය.

අතුරුගිරියේ මහජන බැංකු උඩුමහ‍ලේ ඇති රූපලාවණ්‍යාගාරයක මුහුණ පේෂල් කරන්නට ගිය බංඩාව සමයං කල්ලියේ ආමි අමිල හෙවත් ගොත් අසංක පැමිණ ජනවාරි 17 දා ඝාතනය කර යන්නේ ඒ වාඩුව ගන්නටය.

අනිල් බංඩාර නොහොත් බංඩාගේ මරණයෙන් අතුරුගිරියේ තරුණ කණ්ඩායම් සමයං කල්ලියට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේය. කාගේත් මිතුරා ලෙස සිටි බංඩාගේ මරණය නිසා සතියක් පුරා එම සාමාජිකයෝ හඬා වැටුණහ.

බංඩා ඝාතනය කර දවස් දෙකකින් කඩුවෙල හෝටලයකදී සමයංගේ කල්ලිය ලඩියාගේ උපන්දින පාටිය මෙන් පාටියක් දැම්මේය. සමයං බන්ධනාගාරයේ සිට තම ත්‍රී.ජී. දුරකථනයෙන් කඩුවෙල හෝටලයේ බංඩා ඝාතනය කර සමරන පාටිය නරඹා තිබුණේය.

අතුරුගිරියේ බාල්දි ප්‍රියන්ත හා ලඩියාට අරංගලදී 2015 දෙසැම්බර් 17 දා වෙඩි තබා ඝාතනය කරන්නට සමයං සැලසුම් කළද එය ව්‍යර්ථ වන්නේ දෙදෙනා තුවාල ලබා බේරුණ නිසාය. සමයංගෙන් බේරෙන්නට බැරි තැන බාල්දි ප්‍රියන්ත ඔස්ට්‍රේලියාවට පැනගත් පසු ඔහුගේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ අතුරුගිරියේ ලඩියාය.

මෙම කල්ලියේ දකුණු අත මෙන් වූ බංඩාගේ මරණය සමයං අවසන් ගමන යවන සැලසුම ඉක්මන් කරන්නට හේතු විය.

අංගොඩ ලොක්කාගේ ළඟම සාමාජිකයකු වූ සුරංග හෙවත් රත්තරන්ව ජනවාරි 05 දා වෙඩි තබා ඝාතනය කර තිබුණේද සමයංගේ කල්ලියේ ගොත අසංකගේ මෙහෙයවීමෙන්ය. අංගොඩ ලොක්කාවද දිගින් දිගටම මරන්නට ගත් උත්සාහයන් වැරදුණ තැන ලොක්කා එළියට ගන්නට රත්තරන්ට වෙඩි තබන සමයං තව සතියකින් උඹටත් ගහනවා යැයි ලොක්කාටද දුරකථනයට කතා කර අනතුරු හැඟෙව්වේය.

මේ නිසා ලොක්කාගේ කල්ලිය සමයංට කලින් ඉස්සරවීමට සැලසුම් කළේ ය.
මෙයට මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය එකතු වන්නේද ලොක්කාට තිබූ ආකාරයේම පළියක් ගන්නටය.

මාකඳුරේ මධුෂ්ගේ හිතවත් කණ්ඩායමක් වූ අංගොඩ ලොක්කාගේ කල්ලිය සමයංව මීට පෙර මරන්නට උත්සාහ කළේ කඩුවෙල උසාවියේදීය.ඒ 2015 සැප්තැම්බර් 23 දාය. චමින්ද සඳමාල් එදිරිසුරිය හෙවත් චමී නමැති සමයංට එරෙහිව හිරගෙදරදී සටනක් කළ අයකු මෙයට යොදා ගත්තේය. මොහු කලින් යුද හමුදාවේ සිටි රටේ නමගිය ජාතික පාපැදි ශූරයකු ද විය.

චමියාට කඩුවෙල උසාවියේ දී සමයං ඝාතනය කරන්නට මාකඳුරේ මධුෂ්ගේ ළඟම සාමාජිකයා වූ කඹුරුපිටියේ හර්ෂ උදව් කළ බව සමයං දැන ගන්නේ ප්‍රහාරයෙන් තුවාල ලබා බේරුණ පසුවය.හිරගෙදරදී එකට සිටි කඹුරුපිටියේ හර්ෂ හා සමයං උරණ වන්නේ සමයංගේ කීමට කඩුවෙල චරා ඝාතනය කරන්නට කළ කොන්ත්‍රාත් ඝාතනයට ‍පොරොන්දු වූ මුදල සමයං ගෙවීම පැහැර හැරි නිසාය. මාකඳුරේ මධුෂ්ගේ ළඟම සාමාජිකයා වූ හර්ෂ එයින් උරණ වී සමයංව හිරගෙදරදී දණගස්වා තිබුණේය.

සමයං මේ සිද්ධි දෙකටම පළිගන්නට හර්ෂව 2016 මාර්තු 03 දා රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරන්නේය. හර්ෂගේ ඝාතනයෙන් මාකඳුරේ මධුෂ් වියරු වැටී සිටියේ ය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයට මාකඳුරේ මධුෂ් සමග ගිය සගයා ලෙස චෝදනා එල්ල වූයේ ද හර්ෂටය.

අවසානයේ හර්ෂගේ ඝාතනයේ පළිය ගන්නට මධුෂ් කරළියට එන්නේ අංගොඩ ලොක්කා කල්ලිය රත්තරන්ගේ වාඩු ගන්නටත්, අතුරුගිරියේ ලඩියාගේ කල්ලිය බංඩාගේ ඝාතනයේ පළිය ගන්නටත් සූදානම් වෙද්දීය.

උපුටාගැනීම

ක්‍රිකට් මහ ගෙදර අදින් ඇරඹෙන ශූරයන්ගේ කුසලානයේ ඔබ නොදත් ඉතිහාසය මෙන්න | PHOTOS



ICC ශුරයන්ගේ කුසලානය එක්දින තරඟාවලියකදී දෙවැනි වන්නේ ලෝක කුසලනයකට පමණයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කෙරෙන්නේ 8 වන වරටයි.

1998 දී ප්‍රථම වරට ඇරඹෙන මෙම තරඟාවලිය හඳුන්වන්නේ (knockout trophy) පිලුමලුන් පිටු දැකීමේ තරඟාවලියක් ලෙසයි. 2002දී එය ශූරයන්ගේ කුසලානය ලෙස නම් කරා.

බංගලාදේශය, කෙන්යාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව තරඟාවලි සත්කාරකත්වය එක්වරක් ලබා ඇති අතර දෙවරක්ම මෙම තරඟාවලියේ සත්කාරක තත්වය දරා ඇත්තේ එංගලන්තයයි.

එක්දින තරඟාවලිය ලෙස පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය සඳහා රටවල් 13කින් මෙවර රටවල් 7ක් පමණක් සුදුසුකම් ලබා තිබෙනවා.

කාණ්ඩ 2කින් පැවැත්වෙන තරඟාවලියේ වසර දෙකෙන් දෙකට පැවැත්වනු ලැබූ තරඟාවලිය 2009 වසරේ සිට වසර හතරෙන් හතර පැවැත්වීමට තීරණය කරනවා.

අපි දැන් අවධානය යොමු කරන්නේ ශූරයන්ගේ කුසලානයේ ඉතිහාසය පිළිබඳවයි.

1998 දී වර්ෂයේදී බංගලාදේශයේදී පැවැත්වෙන පළමු තරඟාවලියේ ජයග්‍රාහකයා වන්නේ දකුණු අප්‍රිකාවයි. ඒ බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

2000 වසරේදී කෙන්යාව සත්කාරකත්වය දරණ ලබන අතර අවසන් තරඟය නවසීලන්තය හා ඉන්දීයාව අතර පැවැත්වෙනවා. ඉන් නවසීලන්තය ජය ගැනීමට සමත් වනවා.

ශ්‍රී ලංකාව 2002 වසරේදී සත්කාරකත්වය හොඹවන අතර අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව හා ඉන්දීයාවයි. එම වසරේදී කණ්ඩායම් දෙකට සම ශූරත්වය හිමි වනවා.

2004 වසරේ දී එංගලන්තයේ පැවැත්වෙන තරඟාවලියේ ජයග්‍රාහකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්.

2006 වසරේ සත්කාරකත්වය ඉන්දීයාව දරණ අතර එම වසරේ ශූරතාව හිමි වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමටයි.
එහිදී ඔවුන් අතින් පරාජය වන්නේ 2004 වසරේ ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

2009 වසරේ දකුණු අප්‍රිකාව සත්කාරකත්වය හිමි වන අතර එම වසරේ ද ශූරතාව දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. එම වසරේ අනුශූරයන් වූයේ නවසිලන්ත කණ්ඩායමයි.

2013 වසරේ දී එංගලන්තය හා වේල්සය එක්ව ශූරයන්ගේ කුසලානයට සත්කාරකත්වය දරණ එම වසරේ ශූරයන් බවට පත්වීමට ඉන්දීයාව සමත් වනවා. එම වසරේ ඔවුන් අතින් පරාජයට පත්වන්නේ සත්කාරකත්වය දරණ ලබන එංගලන්ත කණ්ඩායමයි.

තුන්වන වරටත් මෙවර සත්කාරකත්වය දරණ ලබන එංගලන්තය මේ වන විට තරඟාවලියට සියල්ල සුදානම් කර තිබෙනවා.

ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය ආසන 23500ක් ද, බර්මින්හැම් හී එම්බැස්ට්මන් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකාගාර ආසන 15300කැ ආසන පහසුකම් තිබෙනවා.

කාර්ඩිෆ් හී සොෆියා ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකාගාරය  15643 ආසන පහසුකම් ලෙස මෙවර තරඟ සඳහා වෙන් කර තිබෙනවා.

සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙවරත් A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර 2004 වසරේ හා 2009 වසරේ අනුශූරයන් වීමෙන් පමණක් සැහිමකට පත්වුණු එංගලන්ත කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ ඉයන් මෝර්ගන් විසින්.
තරඟාවලියේ A කාණ්ඩයෙන් තරඟවදින ඕස්ට්‍රේලියා කණ්ඩායම 2006 හා 2009 වසරේ දී ශුරයන් වීමට සමත් වන අතර මෙවර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ස්ටීව් ස්මිත්.

එම කාණ්ඩයෙන් තරඟවදින තවත් කණ්ඩායමක් වන්නේ බංගලාදේශ කණ්ඩායමයි. කෙසේ වෙතත් ඔවුන් ශූරයන්ගේ කුසලානයේ කාණ්ඩ මට්ටමින් ඔබ්බට යාමට හැකිවී නැහැ. මෂ්රෆි මොටාසා බංගලාදේශ කණ්ඩායමට මෙවර නායකත්වය දරනු ලබනවා.

A කාණ්ඩයේ අවසන් රට ලෙස මෙවර ශූරයන්ගේ කුසලානයට තරඟවදින නවසිලන්ත කණ්ඩායම 2000 වසරේ පැවති තරඟාවලිය හා 2009 දී අනුශූරයන් වීමට සමත් වනවා. කෙන් විලියම්සන් මෙවර නවසිලන්ත කණ්ඩායමට නායකත්වය හොඹ වනවා.

B කාණ්ඩයෙන් මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දීයාව, පකිස්ථානය හා දකුණු අප්‍රිකාව තරඟවදිනවා.

පකිස්ථානය මෙතෙක් අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලබා නොමැති අතර සෆ්රාස් අහමඩ් මෙවර පකිස්ථානයේ නායකත්වය දරනු ලබනවා.

දකුණු අප්‍රිකාවද මෙතෙක් අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලබා නොමැති අතර මෙවර එම කණ්ඩායමේ නායකත්වය පැෆ් ඩුප් ලෙසිට හිමිව තිබෙනවා.

ඉන්දීයාව මෙවර මෙහෙයවනු ලබන්නේ විරාත් කෝලි වන අතර ඔවුන් 2013 වසරේ ශූරයන් බවට පත්වන අතර 2002 වසරේදී ශ්‍රී ලංකාව සමඟ සම ශූරයන් බවට පත්වනවා.

ශ්‍රී ලංකාවත් B කාණ්ඩයෙන් තරඟවදින අතර මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්. ශ්‍රී ලංකාව මිට පෙර 2002 වසරේදී ඉන්දීයාව සමඟ සම ශූරතාව හිමිකම් කීමට සමත් වනවා.








ශෂී විරවංශගේ නැති වුණු දෙයක් උසාවියෙන් සොයා ගනී


අස්ථානගත වී ඇතැයි කියු ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරුගේ භාරයේ පවතින බවට (31) අනාවරණ වී තිබෙනවා.

ඒ ව්‍යාජ ලේඛණ උපයෝගී කර ගනිමින් අවිධිමත්ව සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කිරීමට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.

මෙහිදී ශෂී වීරවංශ වෙත චෝදනා කියවා දුන් අතර එහිදී ඇය ප්‍රකාශකර ඇත්තේ අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවයි. මේ හේතුවෙන් නඩුව විභාග කිරීමටයි තීරණය වී ඇත්තේ.

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබුනේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් පමණක් විමසීමෙන් පසුව බවට ද මෙහිදී අනාවරණ වුනා.

ඒ පිලිබඳ අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරුගෙන් විමසා නොමැති බවටයි හෙළිවුයේ.

පසුගිය බ්‍රහස්පතින්දා නඩුව කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම්දී තිබුනේ අධිකරණය භාරයට ගත් ශෂී  වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවටයි.

නඩු විභාගය සඳහා අදාළ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රෙජිස්ට්‍රාර්වරයාගෙන් විමසු අවස්ථාවේදී ප්‍රකාශකර තිබුනේ එය අස්ථානගත වී ඇති බවටයි.

මෙවැනි සිද්ධීන් හේතුවෙන් අධිකරණයේ කීර්ති නාමයට හානිවන අතර ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා අවවාද කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

සිද්ධියට අදාළ නඩුව ලබන 22 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

විපතට පත් ජනතාව වෙනුවෙන් ප්‍රධාන පක්ෂවල මැති ඇමති වැටුප දන් දීමේ තීරණයක්



පවතින ආපදා තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් මැති ඇමති, දීමනාව පරිත්‍යාග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ සන්ධානය නියෝජනය කරන සියලු මැති, ඇමතිවරුන්ගේ ජුනි මස දීමනාව විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සියලු මැති,ඇමතිවරුන්ගේ දීමනාව දැනටමත් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට බැර කෙරෙන අතර එම අරමුදලෙන් විපතට පත් ජනතාව සඳහා මුදල් පරිත්‍යාග ලබාදීමට සිය පක්ෂය සූදානම් බවයි.