02 June 2017

ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ


ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.

‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

‘එහෙනම්…?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.

එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ,  සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.

යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු  අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ  නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

| තිලක් සේනාසිංහ

මැරුණ කෙනෙක්ට පණ දෙන විදිහ දැකලා තියනවද? | VIDEO


මැරුණ කෙනෙක්ට පණ දෙන විදිහ දැකලා තියනවද...?


දකුණේ මිනිසුන් ගංවතුරෙන් අවතැන් වෙද්දි උතුරු පළාතේ මිනිසුන් නියගයෙන් පීඩාවට පත් වෙයි

නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 130,243 ක සාමාජිකයන් 440,531 පිරිසක් පීඩාවට පත්ව ඇති බව එම දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. යාපනය, මුලතිවු සහ වවුනියාව යන දිස්ත‍්‍රික්කවලට මේ නියං තත්ත්වය දැඩිව බලපා ඇති අතර, ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 670ක ජනතාව මෙසේ පීඩා විඳියි.

යාපනය දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් එක්ලක්ෂ විසි එක් දහසකට අධික සංඛ්‍යාවක් ද, මුලතිවු දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් තිස්හතර දහසක් පමණ ද වවුනියාව දිස්ත‍්‍රික්කයේ අසූ පන්දහසකට අධික පිරිසක් ද මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නියඟයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ජලය බෙදාහැරීම කරන බවත් උතුරු පළාතට ඉදිරි සති කිහිපය තුළ හෝ ප‍්‍රමාණවත් තරම් වර්ෂාව නොලැබුණහොත් ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින ගණන ඉහළ යා හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.

Airtel Movie Box සමග ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුපැහැදිලි සිංහල සිනමා සිත්තම් අත්විඳින්න

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දිවයින පුරා විසිරී සිටින ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන් වෙනුවෙන් Airtel Movie Box’ නමින් සිනමා ද්වාරයක් (Movie portal) හඳුන්වා දීමට එයාටෙල් ලංකා සමාගම කටයුතු කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් හා සුපැහැදිලි ලෙස ජනප‍්‍රිය සිංහල චිත‍්‍රපට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෑතකදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එයාටෙල් සන්නාම තානාපතිනිය වන ජනප‍්‍රිය නිළි පූජා උමාශංකර් විසින් මෙම සේවාව නිල වශයෙන් දියත් කරන ලදි.

ශ‍්‍රී ලංකාවේ විශාලතම සිංහල සිනමා එකතුවක් වන Airtel Movie Box’ (එයාටෙල් මූවි බොක්ස්) හි සිංහල චිත‍්‍රපට 500 කට අධික සංඛ්‍යාවක් උසස්ම ප‍්‍රමිතියෙන් යුතුව ඇතුළත් කර ඇති අතර දිවයින පුරා වෙසෙන එයාටෙල් ග‍්‍රාහකයන්ට එම චිත‍්‍රපට ඩිජිටල් ක‍්‍රමයට නැරඹිය හැකි වේ. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගයේ නොමැකෙන සටහන් තැබූ චිත‍්‍රපට මෙන්ම නූතන සිංහල චිත‍්‍රපට රැසක්ද මීට අයත් වන අතර පාරිභෝගිකයන් කැමති දිනයක, කැමති වෙලාවක තම ස්මාර්ට් දුරකථනය ඔස්සේ මේවා රසවිඳිය හැක.

තරුණ පරපුර වැඩිවැඩියෙන් එයාටෙල් ජාලය සමග එක්වෙමින් සිටින අවධියක ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවන් පිරිනැමීමේ උත්සාහයේ එක් පියවරක් ලෙස ඉවෝක් ඉන්ටර්නැෂනල් (Evoke International) සමාගම සමග අත්වැල් බැඳගනිමින් මෙම සේවාව දියත් කිරීමට එයාටෙල් ලංකා සමාගම පියවර ගෙන තිබේ.

එමෙන්ම දේශීය කුසලතා දියුණු කිරීමට සෑම විටම උත්සාහ කරන එයාටෙල් සමාගම රටේ ජනතාවට සහ ප‍්‍රජාවට නිර්මාණශීලීත්වය ඔස්සේ ඉදිරි පියවර තැබීම සඳහා අත්වැලක් වෙමින් සිටී.

‘‘පාරිභෝගිකයන්ගේ විශ්වාසය හා ආදරය දිගටම පවත්වාගැනීමට නම් ඔවුන්ට විශිෂ්ට මට්ටමේ සේවාවන් සැලසීම අත්‍යවශ්‍යයි. එම නිසා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් හා ජීවන රටාවන් හොඳින් හඳුනාගෙන, ඔවුන්ට ගැළපෙන සේවාවන් ලබාදීමට එයාටෙල් සමාගම සෑම විටම කටයුතු කරනවා. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන් ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් පවතින මෙවැනි යුගයක එම වෙනස්කම් නිවැරදිව ග‍්‍රහණය කරගෙන ඊට අනුගත වීම ඉතාමත් වැදගත්.

දුරකථන සේවා සමාගමක් ලෙස ජනතාව හා සමීපව සම්බන්ධ වෙමින් රටේ දියුණුවට උරදීම සඳහා අපට අවස්ථාව ලැබෙනවා. රටේ තාරුණ්‍යයේ යහපත වෙනුවෙන් දිගින් දිගටම අධ්‍යාපනයේ සිට විනෝදාස්වාදය දක්වා විවිධ අංශවල ආයෝජනය කරමින් නව සේවාවන් හඳුන්වා දීම අපගේ ඉලක්කයයි.” එයාටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඬේ මහතා පැවසී ය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ඉවෝක් ඉන්ටර්නැෂනල්හි ප‍්‍රධාන විධායක නිලධාරී ළහිරු වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට උසස්ම තලයේ සේවාවක් ලබාදෙමින් වෙළඳපොළ තුළ ඉදිරියට ඒම සඳහා දරන උත්සාහයේ එක් පියවරක් ලෙස එයාටෙල් සමාගම සමග අත්වැල් බැඳගෙනි. Airtel Movie Box’ සේවාව පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට තමන් පියවර ගත් බවයි.

දිනකට රු. 10 ක් වැනි සුළු මුදලකට එයාටෙල් ග‍්‍රාහකයන්ට මෙම Airtel Movie Box සේවාව ලබාගත හැක. අනවශ්‍ය මාසික ගාස්තු වලින් තොරව භාවිතා කරනු ලබන දිනට පමණක් ගාස්තු අයකිරීම සිදුවේ. Airtel Movie Box ්චචී භාවිතාකර චිත‍්‍රපට නරඹන දිනට අදාලව පමණක් ගාස්තු අයකෙරෙන අතර අනවශ්‍ය මාසික ගාස්තු නොමැත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පරීක්ෂණ වාර්තාවලට අනුව 40% ක් වැඩිපුර වේගවත් එයාටෙල් 3G සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව චිත‍්‍රපට රස විඳීමේ අවස්ථාව හිමිවනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්ට මෙම සේවාව ඇප් එකක් මගින් ලබාගත හැකි අතර සෙසු පාරිභෝගිකයන්ට www.videounlimited.lk වෙත පිවිසීම මගින් Airtel Movie Box’ සේවාව අත්විඳිය හැකි වේ. ගාස්තු ගෙවීම සිදුකළ යුත්තේ නරඹන ප‍්‍රමාණය අනුව නිසා මාසිකව ගාස්තු ගෙවීමකින් තොරව දෛනික ගාස්තු ක‍්‍රමයට ඕනෑම කෙනෙකුට මෙම සේවාව ලබාගත හැක.

‘වින්දන‘ App එක ඔස්සේ ලබාගත හැකි Airtel Movie Box’ සේවාව රටේ විනෝදාස්වාද ක්ෂේත‍්‍රයට නව වටිනාකම් එක්කරන සේවාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම අලූත් චිත‍්‍රපට දැකගැනීමට සිනමාහල් වෙත යාම වෙනුවට තම දුරකථන මගින්ම ඒවා නැරඹිය හැකි නිසා පාරිභෝගිකයන් අතරත් මෙය බෙහෙවින් ජනප‍්‍රිය වේවි කියා මා සිතනවා. රටේ සිනමා ක්ෂේත‍්‍රයට යහපත සලසන මෙවැනි සේවාවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් මා එයාටෙල් ලංකා සමාගමට සහ ඉවෝක් ඉන්ටර්නැෂනල් සමාගමට මගේ ස්තූතිය පළකර සිටිනවා. රටේ සිනමා ක්ෂේත‍්‍රයේ වටිනා නිර්මාණ මෙසේ වැඩිවැඩියෙන් ජනතාව වෙත සමීප කිරීමට හැකි සේවාවන් නිර්මාණය වනු දැකීම මට විශාල සතුටක්.” සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ හා රංගන ශිල්පී චන්න පෙරේරා මහතා පැවසී ය.

සුනාමියට පසු වැඩිම ජීවිත හානිය මෙවර ගංවතුරින් බව වාර්තාවෙයි


සුනාමි ව්‍යසනයෙන් පසු ස්‌වාභාවික ව්‍යසනයකදී මෙරට වැඩිම ජීවිත හානියක්‌ සිදුවූයේ මෙවර ගංවතුර උවදුරින් බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර තිබේ.මෙම ගංවතුර උවදුරින් ඊයේ දහවල් වනවිට දෙසිය තුන්දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර තවත් අනුහය දෙනෙකු අතුරුදන්ව ඇත.

වැඩිම මරණ සංඛ්‍යාවක්‌ වාර්තාවූ සුනාමි ව්‍යසනයේදී පුද්ගලයින් තිස්‌දහසක්‌ මියගොස්‌ තවත් පුද්ගලයින් පන්දහස්‌ හාරසියයක්‌ පමණ අතුරුදන්වූ බව සඳහන් කළ ප්‍රදීප් කොඩිප්පිලි මහතා තෙවනුව එසේම මරණ සංඛ්‍යාවක්‌ වූ අරණායක සාමසර කන්ද නායයැමේදී පුද්ගලයින් විසිහතක්‌ මියගොස්‌ තවත් පුද්ගලයින් සියයක්‌ පමණ අතුරුදන් වූ බව කියා සිටියේය.

එක දුම්පානයකින් මිනිස් ශරීරයට ඇතුල් වන විස ප්‍රමාණය දැකලා තියණවද? | VIDEO



එක දුම්පානයකින් මිනිස් ශරීරයට ඇතුල් වන විස ප්‍රමාණය දැකලා තියණවද?- වීඩියෝ


ෆුට් බෝල් පිටියකටත් වඩා ලොකු ලොව විශාලතම ගුවන් යානය එළිදකී | PHOTOS & VIDEO


ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන පෝල් ඇලන් ලොව විශාලතම ගුවන් යානය නිරාවරණය කළේය.

රොකට් රැගෙන යාමට නිර්මාණය කොට ඇති මෙම යානය එන්ජින් 6කින් සමන්විත වන අතර එහි තටු අතර දිගු ප්‍රමාණය අඩි 385කි.

එය ෆුට්බෝල් පිටියකට වඩා විශාලය.

මෙම ව්‍යාපෘතියට ඩොලර් මිලියන 300 වැයවන බව 2011 දී වාර්තා විය.

පෝල් ඇලන්ගේ aerospace සමාගම මෙම යානය නිර්මාණය කොට තිබේ.

මෙම යානයට ආසන්න වශයෙන් රාත්තල් ලක්ෂ 5ක් බරක් රැගෙන යා හැකිය.























විනාශ වූ නිවසකට ලක්ෂ 25 ක වන්දියක්

අයහපත් කාලගුණික තත්ත්වය මත විනාශයට පත් නිවාස සඳහා මේ වන විට රජය විසින් රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට යටත්ව වන්දියක් ලබා දීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ජලය බැස ගිය ස්ථානවල මේ වන විටත් අදාළ නිලධාරින් තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදුව ඇති හානිය සඳහා බැංකු මාර්ගයෙන් පහසුකම් සැළසීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට රජය ආපදා තත්ත්වය වෙනුවෙන් විශේෂ අරමුදල් ලෙස රුපියල් මිලියන 126 ක මුදලක් වියදම් කර ඇති අවස්ථාවක වුවද සමහර දේශපාලඥයින් ආපදා තත්ත්වය පවා තම වාසියට යොදා ගනිමින් කටයුතු කරන බව ද ලක්ෂ්මන් යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පිසු ආහාර බෙදා අවසන් වෙන විට සතියක කාලයක් පුරා වියළි සලාක බෙදා දෙන බවත් එය ප්‍රාදේශිය ලේකම්වරයාගේ ඉල්ලීම මත දික් කර ගැනීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

සයිටම් තීන්දුවට එරෙහි පෙත්සම සලකා බැලීම 22

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට. ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම මේ මස 22 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (1) තීන්දු කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , ඊවා වනසුන්දර සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.

අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස වටහා ගනිමින් සහ අර්ථ දක්වමින් මෙම නඩු තීන්දුව ප‍්‍රකාශ කර ඇති බවට තීන්දු කර ,අභියාචනාධිකරණය හමුවේ සයිටම් සිසුවිය විසින් ගොනු කළ රිට් පෙත්සමද නිෂ්ප‍්‍රභ කරන ලෙසද වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ සිය අභියාචනයේ සඳහන් කර ඇත.

නිල් චිත්‍රපටි නිළියක් ඌරෙකු සමඟ මුහුදු වෙරළේ කළ හදියක්


ඇමරිකාවේ සුරූපී නිල් චිත්‍රපට නිළියක් වන වෙරෝනිකා රොඩ්‍රිගෝ මේ දිනවල බහමාස් දූපත්වල සංචාරයක නිරත වනවා.

එම සංචාරය අතරතුර ඇය ඉතා හොදින් වැඩුනු ඌරන් කිහිප දෙනෙකු සමඟ මුහුදු වෙරලේ විනෝද වන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජජාල තුල වේගයෙන් සංසරනය වනු දැකගත හැක.

ශ්‍රී ලංකාවේදී නම් ඌරා යනු ඉතා අපිරිසිදු සතෙකු වන අතර බොහෝ දෙනෙකු ඌරුමස් කෑමට නම් දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

නමුත් විදේශ රටවල් බොහෝමයක ඌරා යනු සුරතල් සතෙක්.

වෙරෝනිකා සහ ඌරන් විනෝදයෙන් සිටින අයුරු සහ ඇය විශාල ඩොල්ෆින් මත්සයෙකු සමඟ සිටින ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

1 2 3 4 5

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර නෑ

ආපදා තත්ත්වයන් පිළිබඳ නිසියාකාරයෙන් පෙර දැනුම්දීම් සිදුකිරීමට මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව නවීන තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර නොමැති බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.

රටවල් රැසක් මේ වන විට නවීණ තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් නිවැරදි කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා  බව හෙතෙම පෙන්වාදෙයි.


 මෙරට කාලගුණ විදයා දෙපාර්තමේන්තුව නවීණ යන්ත්‍ර සූත්‍ර මඟින් යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියා සිටියේය.

ආපදාවෙන් පවුල් 18000 ක පුද්ගලයින් 69,000 ක් ආරක්ෂිත තැන්වල

ගං වතුර, නායයාම් ඇතුළු ආපදාවන්ට ලක්වීම හේතුවෙන් පවුල්  18,000කට පමණ අයත් පුද්ගලයින් 69,000ක් පමණ ආරක්ෂිත ස්ථානවල තවදුරටත් රැඳී සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ රත්නපුර දිස්ත්‍රීක්කයේ වැඩිම ආරක්ෂිත ස්ථාන සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර එය 203ක් වන බවයි.

රත්නපුර, මාතර, කළුතර ඇතුළු දිස්ත්‍රීක්ක 15කට අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම් එල්ලවිය.

ඒ හේතුවෙන් නිවාස 11,000ක් පමණ පූර්ණ හෝ අර්ධ හානිවලට ලක්ව තිබේ.

ආපදාවන්ට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් 206 දෙනෙකු මියගොස් තවත් 92 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියි.