05 June 2017

නන්දිකඩාල් කලපුවේ මසුන් මැරීමට හේතුව මෙන්න

 නන්දිකඩාල් කලපුව හා වට්ටුවාගල් කලපුවේ විවිධ වර්ගවලට අයත් මසුන් දහස් ගණනක් මරණයට පත්වීමට හේතුව නාරා ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් හෙළිවී තිබේ.

එම ප්‍රදේශයට බලපා තිබෙන වියළි කාලගුණය හේතුවෙන් කලපුව හා මුහුද අතර සම්බන්ධය බිඳී ඇති අතර, මෝය කට වැලි වැටියකින් හරස් වීම හේතුවෙන් කලපුවේ ජලය අඩුවීම, ජලයේ උෂ්ණත්වය ඉහළයාම නිසා එහි ඔක්සිජන් ප්‍රමාණය පහත වැටීම සහ පසුගිය දිනවල එක්වරම ඇදහැළුණු වර්ෂාවකින් අනතුරුව විශාල බැහැර අපද්‍රව්‍ය ප්‍රමාණයක් කලපුවට එක්වීම මේ සඳහා හේතුව වී තිබේ.

නන්දිකඩාල් කලපුවේ මසුන් මරණයට පත්වීම පිළිබඳව නාරා ආයතනයෙන් පරීක්ෂණයක් පවත්වා තොරතුරු වාර්තා කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  මහතා කළ උපදෙස් අනුව මෙම විමර්ශනය කර තිබේ.

නාරා ආයතනයේ පාරිසරික අංශයේ අංශ ප්‍රධානී අස්මි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්  හය දෙනෙකුගෙන් සමන්විත  කණ්ඩායමක් මෙම පරීක්ෂණය සිදුකර තිබේ.

එසේම මසුන් මරණයට පත්වීම අඩු වී ඇතත්, එය තවදුරටත් පාලනය කිරීම සඳහා පියවර රැසක් ගතයුතු බව ධීවර ප්‍රජාව පවසයි. ඒ අනුව කළපුව ගැඹුරු කිරීම, එහි ඇති මඩ තට්ටුව ඉවත් කිරීම හා මෝයකට වැලි වැටිය කපා දමා කලපුව හා මුහුද අතර සම්බන්ධතාව ඇති කිරීම අවශ්‍ය වේ.  මීට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සුනාමි අවධානම ගැන කටකතා බොරු / ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි


අසත්‍ය ප්‍රචාරයන්ට සහ කටකතාවලට නොරැවටෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කිසියම් හදිසි අවධානම් තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබද වහාම ජනතාව දැනුවත් කිරීමට ආපදා කළනාකරණ මධ්‍යාස්ථානය කටයුතු කරන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිළි මහතා සඳහන් කළේ.

සුනාමි අවදානමක් ඇති බවට පැතිරුණු අසත්‍ය කටකතාවක් හේතුවෙන් අද පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේ වෙරළබඩ ජනතාව නොසන්සුන් තත්ත්වයකට පත්ව තිබුණා.

එය සම්පූර්ණ අසත්‍ය බවයි කොඩිප්පිලි මහතා සදහන් කළේ.

එවැනි යම් ප්‍රචාරයක් පිළිබඳව නිවැරදිව දැන ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය අමතන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

යාපනයේ නියඟයෙන් පවුල් 33,000ක් පීඩාවට


යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 33,000කට අයත් පුද්ගලයන් 121,000 දෙනෙකු පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටිනවා.

යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේ යාපනය දිස්ත්‍රික්කයට මේ දිනවල උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

මෙහි දැඩි බලපෑම එල්ල වී ඇත්තේ යාපනය කයිට්ස්, මරදන්කේනි, කරෙයි නගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශයවලටය.

ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් මේ වනවිට එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

සාගල අවතැන් කඳවුරට ගිහිං කොහොමද අහලා – “මේ දෙක විතරයි ඉතුරු” කියලා සරම උස්සල පෙන්නලා | PHOTO


ආපදාවට ලක්ව සිටින ජනතාවගේ සුවදුක් විමසීම සඳහා අමාත්‍ය සාගල රත්නායක මහතා අවතැන් කඳවුරකට පැමිණි අවස්ථාවේදී එහි සිටි ජනතාවගෙන් කොහොමද කියා ඇසුවිට සාගල රත්නායකට සරම උස්සා ”මේ දෙක විතරයි අන්තිමට ඉතුරු උනේ” කියූ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම සිදුවීම පිළිබඳ පොලීසිය තවමත් ප්‍රකාශයක් නිකුත් කර නැති අතර වෙබ් අඩෙවි සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමාජජාල මාධ්‍ය හරහා මෙම පුවත පළ කර තිබේ.


තානාපති සබදතා අත්හිටුවීමට කටාර් රාජ්‍යයෙන් ප්‍රතිචාර


රටවල් කිහිපයක් විසින් තමන් හා තානාපති සබදතා අත්හිටුවීමට ගත් තීරණයට කටාර් රාජ්‍යය ප්‍රතිචාර දක්වා තිබෙනවා. මේ ඊට අදාළව කොලඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයයි.

කටාර් රාජ්‍ය හා සම්බන්ධ වන තම අහස් හා දේශ සීමා වසා දැමීමටද තානාපති සබඳතා සිඳ දැමීමටද සවුදි අරාබිය, එක්සත් එමිර් රාජ්‍ය හා බහ්රෙයින් යන රටවල් තුන ගෙන ඇති තීරණය පිළිබඳ කටාර් රජයේ කණගාටුව එම රටේ විදේශ කටයුතු ආමාතාංශය හරහා සැල කර සිටියි. එම රටවල් මෙම සංව්ගජනක තීරණය ගෙන ඇත්තේ පදනම් විරහිත චෝදනා මුල් කර ගෙන යැයිද කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙය ගැන වැඩි දුර අදහස් දැක්වු කටාර් විදේශ අමාත්‍යාංශය කියා සිටියේිමෙම පියවර අයුක්තිසහගත හා පදනම් විරහිත චෝදනා මත ගොඩනගා ඇති ඒවාය. සෑහෙන කලක පටන් කටාර් රජයට හානි ඇති කීරීමේ යටි අදහසින් යුතුව සිතාමතා කරනු ලබන පෙළඹවීමේ වෑයමක ඉලක්කයක් බවට කටාර් රජය තිබෙන පත්ව අතර මෙය සඳහා අමූලික අසත්‍ය ප්‍රචාර යොදා ගන්නා ලදී’ යනුවෙනි.

කටාර් රජය වනාහී ඨක්‍ක්‍ නම් වන ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ක්‍රියාශීලී සාමාජිකයෙකු වන අතර අනෙකුත් රටවල ස්වෛරීබවට ගරු කරන හා අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන එමෙන්ම ත්‍රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව සටන් කිරීමේ තම වගකීම නිසි ලෙස ඉටු කරමින් සිටින රාජ්‍යයකි.

කටාර් රජයට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමට දියත් කරන ලද අසත්‍ය මාධ්‍ය ව්‍යාපරය -විශේෂයෙන් ගල්ෆ් කලාපයේ- අසාර්ථක වී ඇති බව පැහැදිලි අතර එවන් තත්වයක එම වෑයම් නොකඩවා උත්සන්න වෙමින් තිබෙනුද දැකිය හැකිය.

ගොතන ලද හේතූන් දක්වමින් ඨක්‍ක්‍ සාමාජික රටක් වන කටාර් රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමට මිසරයේද සහය සහිතව මෙම රටවල් තුන ඉදිරිපත් වී තිබීමෙන්ම එය සඳහා සත්‍ය හෝ සාධාරණ හේතූන් ඔවුන්ට නොමැති බව සනාථ වෙයි. මොවුන්ගේ ඉලක්කය පැහැදිලිය: කටාර් රජයට එරෙහිව භාරකාරත්වයක් බලගැන්වීම මෙහි ඉලක්කයයි. මෙය කිසිසේත් පිළිගත නොහැක්කකි. මෙය කටාර් රජයේ ස්වෛරී බව උල්ලංඝනය කිරීමේ වෑයමකි.

උක්ත රටවල් ත්‍රිත්වය විසින් කටාර් රජය සමග ඇති සබඳතා නවතා දැමීමට ගෙන ඇති තීරණයට පාදක වී ඇත්තේ ගොතන ලද අසත්‍ය කරුණු මත පදනම් වුනු මාධ්‍ය ව්‍යාපාරයකි යැයි ද කටාර් රජයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ වුවද උක්ත රටවල මෙම පියවර නිසා කටාර් වැසියන්ගේ සහ එහි වාසය කරන්නන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු බලපෑමක් ඇති වන්නේ නැත යැයිද මෙය තහවුරු කිරීමට තම රජය අවශ්‍ය සියලු පියවර ගන්නා බවද කටාර් දේශයේ සමාජයට හා ආර්ථිකයට හානි ඇති කිරීමට සිදු කරන සියලු වෑයම් තම රජය ව්‍යවර්ථ කරන බවද කටාර් විදෙස් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම තීරණාත්මක සමයෙහි කටාර් රජයට හානි ඇති කිරීම හැර තම රට වැසියන් වෙනුවෙන් කළ හැකි අන් වැදගත් කටයුත්තක් මෙම රටවල් තුනට නොමැත්තා සේය යැයිද කටාර් විදේශ අමාත්‍යාංශය තව දුරටත් සඳහන් කළේය.

කවුරුවත් එන්නෙ නැති හිට්‌ලර්ගෙ හෝටලය


ජර්මානු සමාජවාදී කම්කරු පක්‌ෂය හෙවත් නාසි පක්‌ෂය ගැන අදටත් බොහෝ තැන්වල සඳහන් වෙයි. එයින් පළමුවැන්න ඔවුන්ගේ පරමාදර්ශ වලට අනුව ලෝකය හැඩගස්‌වන්නට ඔවුන්ගේ තිබූ ආශාවය. තුන්වැනි ජර්මානු රාජ්‍යයේ බලය හා සාර්ථකත්වය ලොවට පෙන්වීම සඳහා අති විශාල ගොඩනැඟිලි තැනීම තවත් කාරණයකි. ඔවුන් විසින් තැනූ පාසල්, යුද කඳවුරු, ස්‌මාරක ආදී සියල්ල අති විශාල ඒවා විය. ලොව ලොකුම හෝටලය තැනුනේත් නාසි හමුදාව අතින් වීම පුදුමයට කාරණයක්‌ද නොවේ.

කිසි දිනක හෝටලයක්‌ බවට පත් නොවූ, ලොව ලොකුම හෝටලයෙහි නම ප්‍රොaරා ය. ලෝකයේ කිසිවෙකු මින් පෙර නොදුටු ආකාරයේ අති විශාල වෙරළාසන්න නිවාඩු නිකේතනයක්‌ තනවන්නට හිට්‌ලර්ට උවමනා විය. ඒ අනුව මීට වසර අසූවකට පමණ පෙර බෝල්ටික්‌ මුහුදේ රුගන් නම් ජර්මානු දූපතක ප්‍රොaරා ඉදිවෙන්නට පටන් ගැනිණ. ප්‍රොaරා හි සැලසුම ඇන්දේ ක්‌ලෙමෙන්ස්‌ ක්‌ලොට්‌ස්‌ නම් වූ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ප්‍රධාන නාසි ගෘහනිර්මාණ ශිල්පී ඇල්බට්‌ ස්‌පියර්ගේ අධීක්‌ෂණය යටතේ ප්‍රොaරා හෝටලය ඉදිකරන්නට නාසි හමුදාවෙන් 9000 ක පිරිසක්‌ යොදාගැනිණ.

හිට්‌ලර්ට උවමනා වූ පරිදිම එය අති විශාල නිවාඩු නිකේතනයකි. එහි කාමර ගණන 10,000 කි. ඒ සියලු කාමර ප්‍රමාණයෙන් එක හා සමානය. අමුත්තන් විසි දාහකට පමණ මෙහි නවාතැන් ගත හැකිය. ප්‍රොaරා හෝටලය ගොඩනැඟීමේ එක්‌ යහපත් අරමුණක්‌ද විය. ඒ සාමාන්‍ය සේවකයන්ට දැරිය හැකි මිලකට නිවාඩු ගතකිරීමේ පහසුකම් ලබා දෙන අරමුණින් මෙම හෝටලය ඉදිකිරීමයි.

කාමර දස දහසකින් යුතු මේ අතිවිශාල නිවාඩු නිකේතනය ගොඩනැඟිලි අටක්‌ සහිතව කිලෝමීටර් 4.5 ක්‌ දුරට විහිදී ගියේය. හෝටලය ඉදි වූයේ සුන්දර වෙරළ තීරයට මීටර් එකසිය පනහක දුරිනි. හෝටලයේ හැම කාමරයක්‌ම මුහුදු වෙරළට මුහුණ ලා පිහිටයි. කාමර වලට ඇතුළු වෙන්නට කොරිඩෝව ඇත්තේ ගොඩබිම පසට වෙන්නටය. කාමරවලට අමතරව මේ නිවාඩු නිකේතනයට සිනමා ශාලාවක්‌ද, අමුත්තන් සඳහා වන වරායක්‌ද විසි දහසකට එක වර රැස්‌ විය හැකි ශාලාවක්‌ද ඉදි කෙරුණි.

1936 දී ඇරඹුණු මේ හෝටලයේ ඉදිකිරීම් එයින් වසර තුනකට පසු නවතින්නේ දෙවැනි ලෝක යුද්ධයේ ඇරඹුම හේතුවෙනි. යුද්ධය ඇරඹුමත් සමඟම මේ හෝටලයේ ඉදිකිරීම් කටයුතු කරමින් උන් සියලුම සේවකයින්ව හිට්‌ලර්ගේ යුධ කර්මාන්තශාලාවල සේවය සඳහා මාරු කර යෑවිණ. ඉන් පසුව මෙහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වූ අතර ලෝකයේ ලොකුම හෝටලයේ නවාතැන් ගන්නට කිසි දිනක එකම එක සංචාරකයෙකු හෝ පැමිණ නැත. දෙවැනි ලෝක යුද්ධ කාලය අතරතුර මේ හෝටලය හම්බර්ග් හා උතුරු ජර්මනියේ සිට පැමිණි සරණාගතයින්ට සෙවණ දෙන සරණාගත කඳවුරක්‌ ලෙසින් භාවිත විය. 1945 දී රුසියානු හමුදාව විසින් මෙම දිවයිනේ පාලනය නතු කරගත් අතර ඔවුන් විසින් මෙය හමුදා මූලස්‌ථානයක්‌ ලෙස භාවිත කරනු ලැබිණ. අවුරුදු පහක්‌ තිස්‌සේ ඔවුන් ඒ දිවයිනේ රැඳී සිටි අතර හෝටලයේ ගොඩනැඟිලි අටෙන් පහක්‌ ඔවුන් විසින් ප්‍රයෝජනයට ගන්නා ලදී. රුසියානුවන් සිටි කාලය තුලදී මේ ගොඩනැගිලි වල ප්‍රයෝජනයට ගත හැකි හැම අමුද්‍රව්‍යයක්‌ම ගලවාගෙන ගෙන ගියහ. ඉන් පසුව මේ ගොඩනැඟිල්ල පුපුරුවා දමන්නට රුසියානුවන් සැලසුම් කළද ඔවුන් සතුව ඊට සෑහෙන ඩයිනමයිට්‌ නොතිබුණු බැවින් ඒ උත්සාහය ව්‍යර්ථව ගියේය.

1950 දී යළිත් නැගෙනහිර ජර්මානු හමුදාව පැමිණ රුසියානුවන් විසින් විනාශ කරනු ලැබූ හෝටල් ගොඩනැඟිලි නැවත ගොඩනඟන ලදී. එයින් පසුව ඔවුන් විසින් මේ හෝටල් ගොඩනැඟිලි විවිධ අරමුණු උදෙසා යොදාගත්හ. වරෙක හමුදා කාර්මික පාසලක්‌, තරුණ නේවාසිකාගාරයක්‌, සරණාගත කඳවුරක්‌ ආදී ලෙසින් විවිධ දේ සඳහා යොදාගත් නමුදු සංචාරකයින්ට නවාතැන් දෙන නිවාඩු නිකේතනයක්‌ ලෙසින් නම් එදා මෙදා තුර මෙය භාවිතා වූයේ නැත.

එහෙත් වර්තමානයේ මේ හිට්‌ලර්ගේ හෝටලය නැවතත් අති සුඛෝපභෝගී විශාලතම හෝටලයක්‌ බවට පත්වෙමින් ඇත. ලෝකයේ විශාලතම නිවාඩු නිකේතනයට සංචාරකයෙකු පැමිණෙන්නේ එය ඉදිකොට වසර අසූවකට පසුවය.

| නිම්මි මුදිතා හේරත්

කෝටි ගණනක කිරි පොළවයට වළලයි

රජයේ ‘මිල්කෝ’ සමාගමේ රට පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් එක්රැස් කළ කිරි ලීටර් දෙලක්‍ෂ අසූදහසක් පමණ මැයි මස අවසන් දින තුන තුළ විනාශ කර දමන ලද බවට තොරතුරු අනාවරණය වේ.

එම සමාගම විසින් ගොවීන්ගෙන් එක් කිරි ලීටරයක් මිල දී ගනු ලබන්නේ රුපියල් 65ක් වැනි අවම මිලක් ගෙවීමෙන් වන අතර විනාශ කරන ලද කිරි වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 130ක් ගෙවා තිබේ. සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී මිල්කෝ සමාගම සතු ගබඩා කිරීමේ උපරිම දෛනිකව ධාරිතාවය වන ලක්‍ෂ දෙකක් දක්වා ළඟා වේ.

එවැනි අවස්ථාවල දී අතිරික්ත තොග කොත්මලේ සහ පැල්වත්ත සමාගම්වලට අඩු මිල ගණන් යටතේ හෝ ලබා දීමට පියවර ගැනිණ. එහෙත්, මෙවර එම ක්‍රියාමාර්ගය හෝ අනුගමනය නොකර විනාශ කර තිබේ. මෙයින් වැඩි ම විනාශය සිදු කර ඇත්තේ අඹේවෙල දී වන අතර ලීටර් 6,000ක ධාරිතාවකින් යුත් බවුසර් 20ක කිරි අවම වශයෙන් එහි දී විනාශ කර ඇත.

පොළොන්නරුව ගබඩා කිරීමේ මධ්‍යස්ථානය ලීටර් 70,000යි, දිගන මධ්‍යස්ථානයේ ලීටර් 30,000යි, කොළඹ නාරාහේන්පිට මධ්‍යස්ථානයේ ලීටර් 60,000ක් වශයෙන් කිරි ශීත කර ගබඩා කිරීමේ මධ්‍යස්ථානවලදී අතිරික්ත බව කියමින් විනාශ කර තිබේ.

තමන් යටතේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන බව පෙන්වීමට පශු සම්පත් ඇමතිවරයා ක්‍රියා කරමින්, මිල්කෝ නිලධාරීන්ට දැඩි බලපෑම් කරමින්, ගොවීන්ගෙන් කිරි වැඩි ප‍්‍රමාණයක් එකතු කිරීමට සලස්වා ඇත. එහෙත්, මිල්කෝ ආයතනයේ ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කර දී නොමැති නිසා මෙසේ විනාශ කිරීමට සිදුව තිබේ.

වයස අවුරුදු 05ට අඩු ළදරුවන්ගෙන් 16%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන සහ ඊටත් වඩා ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාව ලක්‍ෂ පනහකට අධික පිරිසක් සිටිය දී මේ තරම් කිරි ප‍්‍රමාණයක් විනාශ කිරීම තවත් කාලීන විශේෂත්වයක් වේ.

මේ ආකාරයට අවසන් වරට කිරි විශාල ප‍්‍රමාණයක් විනාශ කරන ලද්දේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ 2012 වර්ෂයේ දී ය.

වෛද්‍ය සිසුන් 22ක්‌ අමු අමුවේ මරා දැමූ පේරාදෙණි මර්දනය


පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා විශාලතම විශ්වවිද්‍යාලය වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එකල ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ජවිපෙ 2වැනි කැරලිs සමයේ ඉංජිනේරු, වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, විද්‍යා, ශාස්‌ත්‍ර, කෘෂි විද්‍යා යන පීඨ එහි තිබූ අතර වර්තමානයේ සම සෞඛ්‍ය විද්‍යා සහ ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා පීඨයකින්ද සමන්විතය.


විවිධ ගැටලු සහ විරෝධතා අතර 1981දී ආරම්භ වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1987 වන විට සිසුන් 700ක්‌ ඇතුළත් කරගෙන තිබිණි. ජාතික අර්බුදය, ශිෂ්‍ය මර්දනය, නිදහස්‌ අධ්‍යාපන කප්පාදුව, රාජ්‍ය භීෂණය ඇතුළු කාරණා ගණනාවක්‌ හමුවේ සංවේදීවූ මෙම සිසුන්ගෙන් බහුතරයක්‌ ශිෂ්‍ය අරගලයට කොන්දේසි විරහිතව බද්ධ විය. මෙම අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ කොළඹ වෛද්‍ය සිසුන් 9ක්‌ සහ රුහුණු සරසවියේ වෛද්‍ය සිසුන් 2ක්‌ද ඝාතනයට පත්විය. එමෙන්ම පේරාදෙණියේ වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය යන පීඨයන්හි එසේ ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 22කි.

















මෙසේ පූර්ණකාලීනව දායක වූ පේරාදෙණිය වෛද්‍ය, දන්ත සහ පශු පීඨයන්හි සිසු සිසුවියන් සංඛ්‍යාව 87දෙනෙකි. ජවිපෙ 2වැනි කැරලි සමයේ එනම් 1986 සිට 1990 දක්‌වා ශ්‍රී ලංකාවේ කිසිදු සරසවියකින් නිදහස්‌ අධ්‍යාපනය සුරැකීමේ සටනට එවැනි විශාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් බිහිවූයේ නැත. මෙම පිරිස අතර සිසුවියන් සිව්දෙනෙකු ද විය. ඔවුන් නම් වෛද්‍ය පීඨයේ චම්පා සෝමරත්න, දන්ත පීඨයේ රේණුකා සුබසිංහ සහ ප්‍රියදර්ශනී මෙන්ඩිස්‌ වේ. එමෙන්ම කෘෂි විද්‍යා පීඨයේ දීපානි චන්ද්‍රසේකරද මුල් පෙළේ ක්‍රියාකාරිනියක විය. මොවුන්ගෙන් කිහිපදෙනෙක්‌ම වරෙක මාස කිහිපයක්‌ම අත්අඩංගුවේද සිටියහ.

පේරාදෙණිය සරසවියේ 1987 ජවිපෙ අභ්‍යන්තර කමිටුවේ සාමාජිකයන් වූයේ අනිල් ජයරත්න, එස්‌. එම්. නිස්‌මි, චම්පා සෝමරත්න, රේණුකා රත්නායක සහ ජවිපෙ නුවර දිසා ලේකම් විල්සන්ය. කෙහෙල්පන්විල පන්සලේ එහි සමාරම්භක කමිටු රැස්‌වීම පැවැත්විණි. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු, විද්‍යා, ශාස්‌ත්‍ර, කෘෂි විද්‍යා යන පීඨයන්හි ද සිසු සිසුවියන් ගණනාවක්‌ම පූර්ණකාලීනව ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධව සිටි අතර ඉන් මියගිය සංඛ්‍යාව 100 කට අධිකය. රංජිත්, ඉඩමෙගම, නිස්‌මි, උපාලි ගජනායක, නන්දන ගුණතිලක, බණ්‌ඩාර ඇතුළු මින් කිහිපදෙනෙක්‌ම ලේඛකයාගේ වෘත්තීය මිතුරන්ය.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත පීඨයන්හි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අතර ශ්‍යාම් පතිරාජ, වී. පී. ධම්මික, කමල් දේශප්‍රිය, එම්.පී.කේ. කීර්ති, ආර්. චන්ද්‍රසිරි, එදිරිසිංහ, සුනිල්, බී. එස්‌. පෙරේරා, සරත් බණ්‌ඩාර, සතරසිංහ, පී. ගාමිණි, එස්‌. බණ්‌ඩාර, අබේරත්න, සුසන්ත සපුතන්ත්‍රි, කොස්‌තා, කෑගල්ලේ රංජිත් වීරසිංහ, මොල්ලිගොඩ, ප්‍රසන්න වික්‍රමසිංහ, එම්.එස්‌.ආර්. කුරේ, රංජිත් රණවීර, තිලකසිරි වනසිංහ, ප්‍රියදර්ශනී මෙන්ඩිස්‌, සුමිත් වන්නිආරච්චි, ඇතුළු කිහිප දෙනෙක්‌ම පෙරමුණේ සිටියහ. පශු පීඨයේ සිසුවෙකු වූ වෙන්නප්පුවේ පදිංචි මැතිව් ප්‍රනාන්දුගේ දෙමාපියන් සහ සොහොයුරියක්‌ ද අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනයට ලක්‌කරන ලදී. පසු කලෙක මැතිව් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ ලේකම් වශයෙන් ජවිපෙ පාර්ශවය නියෝජනය කළේය. එමෙන්ම වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසු කුලියාපිටියේ ඉඟුරුවත්ත වැවගම ගාමීණි සිසිර කුමාරගේ දෙමාපියන් වූ මුතුනායක (54) සහ දයාවතී ද (50), සොහොයුරන් වූ ප්‍රේමකුමාර (28), සරත් කුමාර (15) යන අය 1989 ජුනි 17 අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනය කරන ලදී.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත වෛද්‍ය පීඨයන්හි ප්‍රථම වසරේ අධ්‍යයන කටයුතු ඒකාබද්ධව සිදු වන අතර පීඨ තුනේ සිසුන් අතරම ඇති සහෝදරාත්මක බැඳියාව දැඩිය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත යන පීඨයන්හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 22කි. ඔවුන් නම් වෛද්‍ය පීඨයේ හැටන් මල්ලිඅප්පුහි ජයශ්‍රී කුලසේකර, ගිණිගත්හේනේ උපාලි ජයසේකර, මාතලේ සුනිල් කුමාර කාරියවසම්, කෑගල්ල මඩවල දේවප්‍රිය සිසිර කුමාර, දඹුල්ල තිත්තවැල්ගොල්ලේ එච්. එම්. පොඩිබණ්‌ඩා, නිකවැරටිය තලාකොලවැව විමල් කුලතුංග, ගිණිගත්හේන සනත් ද සිල්වා, සදලංකාවේ සුනන්ද ජයවර්ධන, වැලිමඩ නිශාන්ත තෙන්නකෝන්, කුලියාපිටිය සඳලංකාවේ උපුල් ප්‍රියශාන්ත ඒකනායක, අම්බලන්ගොඩ එම්.ඩී. ධර්මපාල, කුරුණෑගල ප්‍රභාත් ආරියචන්ද්‍ර, කුරුණෑගල පුත්තලම පාරේ පුලස්‌ති ආදිත්‍ය ජයසේකර, කුරුණෑගල රිµaති සකාබ්, අනුරාධපුර කීරකුලමේ පාලිත සෙනෙවිරත්න, නුවර මුරුතලාවේ ඒ.එස්‌.එල්. අතපත්තු, හැටන් නීල් හේමන්ත ලියනගේ ද දන්ත වෛද්‍ය පීඨයේ ගිණිගත්හේන ධර්මප්‍රිය ජයනන්ද සහ රත්නපුරේ විපුල් පෙරේරා හෙවත් දේවක ද පශු වෛද්‍ය පීඨයේ හබරාදූව අඟුලුගහ ජනක සෙනෙවිරත්න, අම්පාර ඉඟිනියාගල ලක්‌ෂ්මන් රංජිත් අබේරත්න සහ කුලියාපිටියේ නිහාල් ප්‍රේමචන්ද්‍ර ද වේ.



ගුණසේකර මුහන්දිරම්ලාගේ ජයශ්‍රී පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට 1981 කනිෂ්ඨ කණ්‌ඩායම ලෙස ඇතුළත් වූයේ 1981 ඔක්‌තෝබර් 5 දාය. හැටන්, මල්ලිඅප්පු පදිංචි ජයශ්‍රී 1963දී ජනවාරි 7 උපන්නේ දික්‌වැල්ලේ බතීගමය. සොයුරු සොයුරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියාය. හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. නුවරඑළිය දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී ගාමිණි දිසානායකගේ 1977 ආධාරකරුවෙකුවූ පියා ධීවර ව්‍යාපාරිකයෙකුගේ සේවකයෙකි. ජයශ්‍රීගේ මවගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙකු වූයේ තිලකවර්ධන ටෙක්‌ස්‌ටයිල් හිමිකරුය. පේරාදෙණිය වෛද්‍ය පීඨය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනේදී නායකත්වය දුන් ජයශ්‍රී ඒ සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කටයුතුවලදීද තීරණාත්මකව මැදිහත් විය. පත්මසිරි අබේසේකර 1984 ඝාතනය කළ අවස්‌ථාවේ සාක්‌කි දුන් අයෙකි. පල්ලෙකැලේ හමුදා කඳවුරට කඩාවැදී අවි පැහැර ගැනීමේ ප්‍රහාරය 1987 අප්‍රේල් මස 14 ශාන්ත බණ්‌ඩාර විසින් සැලසුම් කළේද ජයශ්‍රීගේ සරසවි කාමරයේදීය. ජවිපෙ 1983 තහනමින් පසු සමාජවාදී ශිෂ්‍ය සංගමය 1986 ජුනි 23 ගම්පහදී පැවැත්වූ ප්‍රථම අධ්‍යාපන කඳවුරට සහභාගිවූ 32 අතර ජයශ්‍රී ද විය. පේරාදෙණිය සරසවියේ සිසුන් පිළිබඳව ජවිපෙ වෙනුවෙන් නිස්‌මිට පෙර වගකීම් දැරූ තැනැත්තාය. පසුව ජාතික තලයේ ක්‍රියාකාරකම්වලට යොමු විය. ගම්පහ කලාප නායකයෙකු වශයෙන් අවසානයේදී කටයුතු කළ ජයශ්‍රී විඡේවීර ඝාතනයෙන් පසු කුරුණෑගල මහව හේනක ගොවියෙකු වශයෙන් කටයුතු කළේය. මිතුරෙකු හමුවීමට කොළඹට 1990 ජනවාරි 21 පැමිණි අවස්‌ථාවකදී ලේක්‌හවුස්‌ ඉදිරිපිට රීගල් සිනමා ශාලාව අසලදී පාවාදීමක්‌ මත අත්අඩංගුවට පත්ව ඝාතනයට පත්විය.

වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාර 1964 පෙබරවාරි 17 උපන් අතර කෑගල්ල මඩවල පදිංචිකරුවෙකි. මව ඉංග්‍රීසි ගුරුවරියෙක්‌ වූ අතර පියා මහා විද්‍යාලයක උප විදුහල්පතිවරයෙකි. සොහොයුරිය විද්‍යා උපාධිධාරියක්‌වූ අතර සොහොයුරා වෛද්‍යවරයෙකි. සිසිර කුමාර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු විය. කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපොස උසස්‌ පෙළ සමත්වීමෙන් පසු වෛද්‍ය පීඨයට ඇතුළත් වන තෙක්‌ ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්‌වෙච්ඡා ගුරුවරයෙකු වශයෙන්ද කලක්‌ සේවය කළේය. පල්ලෙකැලේ 1986 ප්‍රහාරයක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මැගසින්, නුවර බන්ධනාගාරවලද පසුව කුරුඳුවත්ත රේස්‌කෝස්‌ කඳවුරේද රඳවාගෙන සිටි සිසිර කුමාර අවසාන කාලයේ කෑගල්ලේ බහුජන සංවිධානයන්හි ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ අතර දැරණියගලදී 1989 සැප්තැම්බර් 12 අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ පිහිටුවා තිබූ වධකඳවුරට ගෙනයැමෙන් පසු ඝාතනයට ලක්‌විය.

එච්.එම්. පොඩිබණ්‌ඩා දඹුල්ලේ උපන් අතර ඔහුට සොහොයුරන් 6ක්‌ සහ සොහොයුරියක්‌ සිටියේය. පියා පළතුරු අලෙවිකරන සුළු වෙළෙන්දෙක්‌ වූ අතර මව ගෘහණියකි. දඹුල්ල මහා විද්‍යාලයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරුණු ප්‍රථම සහ එකම සිසුවාය. කැරැල්ල පරාජයෙන් පසුවද කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සමඟ එක්‌ව අන්තරේ සහ සංවිධාන යාන්ත්‍රණය යළි පණ ගැන්වීම සඳහා ක්‍රියාකාරීව මැදිහත්වූ අයෙකි. මහනුවර තැන්නකුඹුරේ පිහිටි ආරක්‌ෂිත නිවසකදී 1990 අගෝස්‌තු 12දා පොඩිබණ්‌ඩා අත්අඩංගුවට ගත් අතර ගම්පහ පොලිසියේ තනිකඩ නිළධාරින්ගේ පොලිස්‌ බැරැක්‌කයක පිහිටි ස්‌ථානයකට ගෙන යැමෙන් පසු 1990 සැප්තැම්බර් 17 තවත් සිව් දෙනෙක්‌ සමඟ ඝාතනයට පත්විය.

විමල් කුලතුංග නිකවැරටිය තලාකොලවැව උපන් අතර මූලික අධ්‍යාපනය නිකවැරටිය විද්‍යාලයෙන් ලබා ගම්පහ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් 1986දී පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල් විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ පුංචි අම්මා වූ ශීලාගේ සහ මාමා වූ ලෙව්දෙනි පතිරණැහැලාගේ මහීපාලගේ ගම්පහ නිට්‌ටඹුවේ නිවසේ සිටය. පියා බන්ධනාගාර නියාමකයෙක්‌ වන අතර මව ගෘහණියකි. නුවර කලාපයේ ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ ඔහු 1989 ඔක්‌තෝබර් මහනුවර ලේවැල්ලේ හමුදා මුරපොලට කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පසු ප්‍රදේශය වටලමින් කළ සෝදිසි මෙහෙයුමකදී ආරක්‌ෂක අංශ විසින් නුවර ලේවැල්ලේ සිරිමල්වත්ත අසලදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කච්ෙච්රිය අසල සිංහ රෙජිමේන්තු කඳවුරට ගෙන ආ අතර තිරස්‌චින වධ බන්ධනවලට ලක්‌ කිරීමෙන් පසු ඝාතනයට ලක්‌විය. විමල්ගේ පවුලේ තිදෙනෙකු වූ අතර එකම සොහොයුරා භික්‌ෂුවක්‌ වන අතර වර්තමානයේ පැවිදි ගුරුවරයෙකි. සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයේ කලක්‌ නිරත විය.

උපාලි ජයසේකර පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු වූ අතර නාවලපිටියේ පාරේ ගිණිගත්හේනේ පදිංචිකරුවෙකි. වටවල වසමේ ග්‍රාමසේවා නිලධාරි වූ උපාලිගේ පියා වු ඇඹපීල්ලේ ගමරාලලාගේ ජයසේකර 1931 උපන් අතර ඉංග්‍රීසි ගුරුවරියක්‌වූ මව ගුත්තිල කවිරාඡ් මුදියන්සේලාගේ ඥානවතී වූ අතර 1937 ලක්‌ෂපාන බොරහේන ගමේ උපන්නෙකි. පිරිමි දරුවන් 4කගේ පවුලක තෙවැනියා වූ උපාලි ජයසේකර 1965 අප්‍රේල් 11 උපන් අතර ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. උසස්‌ පෙළ සිටියදී අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව විරෝධය දැක්‌වීම නිසා 1982දී නෝර්ටන් බ්‍රිඡ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තෙදිනක්‌ රඳවා තබා ගන්නා ලදී. සරසවියේදී මුල්කාලයේ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු පසුව නිහඬවී යළිත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනේදී නායකත්වය ගෙන ක්‍රියා කළේය. කලාවට මෙන්ම ක්‍රීඩාවට දක්‌ෂයෙකුවූ උපාලි ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ පළාත් නායකයෙකු සහ ජාතික කම්කරු සටන් මධ්‍යස්‌ථානයේ කලාපීය නායකයෙකු වශයෙන් කටයුතු කළ අතර 1989 නොවැම්බර් 14 නුවරදී ආරක්‌ෂක හමුදා අත්අඩංගුවට පත්විය. උපාලි ඇතුළු තවත් 4 දෙනෙකුගේ සිරුරු නුවර දුම්රියපොළ අසල මහාමාර්ගයේ දමාගොස්‌ තිබිණි. එදින නුවර දිස්‌ත්‍රික්‌කය තුළ ඝාතනයට ලක්‌වූ සිරුරු 32ක්‌ හමුවී තිබිණි. උපාලිගේ සොහොයුරන් වර්තමානයේ ඉංජිනේරු ඇතුළු විධායක වෘත්තීන්හි නිරත වේ.

නිශාන්ත තෙන්නකෝන් වැලිමඩ උපන් අතර පියා විදුහල්පතිවරයෙකි. මව ගුරුවරියකි. තිදෙනෙකු වූ පවුලේ වැඩිමහල් සොහොයුරිය පේරාදෙණියේ කෘෂි උපාධිධාරිනියකි. නැඟණිය හෙදියකි. අධ්‍යාපනය ලැබුවේ වැලිමඩ මහා විද්‍යාලයෙනි. වෛද්‍ය පීඨයට 1986දී ඇතුළත් වූ ඔහු ප්‍රථම වසරේ වෛද්‍ය සිසුවෙකි. සමාජශීලීs ඔහු පොදු ඇසුරට බර සිසුවෙකි. ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ අතර කෑගල්ලේදී අත්අඩංගුවට ගත් අයෙකුගේ පාවාදීමක්‌ මත කොළඹදී 1989 ඔක්‌තෝබර් මස 18 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්‌විය.

පේරාදෙණිය වෛද්‍ය පීඨයට 1981 මාර්තු(ඡේෂ්ඨ) කණ්‌ඩායමේ සාමාජිකයෙකුවූ නීල් හේමන්ත ලියනගේ හැටන් ශාන්ත ක්‌ලෙයාර් ගම්මානයේ පදිංචිකරුවෙකි. හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජයශ්‍රීගේ එකම පන්තියේ මිතුරෙකි. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. වැඩිමහල් සොහොයුරෙක්‌ සහ බාල සොහොයුරියන් 2ක්‌ විය. එම කණ්‌ඩායමේ වෛද්‍ය සිසුන් සමඟ 1987 අවසාන විභාගයෙන් සමත්වූ අතර ඔවුනට 1989 සැප්තැම්බර් 15 සීමාවාසික වෛද්‍ය පත්වීම් හිමිවන විට නීල් හේමන්ත ජිවතුන් අතර නොවීය. පොලිස්‌ වෙඩි ප්‍රහාරයෙන් 1984දී මියගිය දෙවන වසරේ වෛද්‍ය සිසු දෙවන වසරේ පත්මසිරි අබේසේකර සිටි මාකස්‌ නේවාසිකාගාර කාමරයේ සුදත් පතිනිසේකර සමඟ zගඡේ ගසාගෙනz සිටි අයෙකි. නීල් හේමන්තගේ පෙම්වතියද පේරාදෙණියේ වෛද්‍ය ශිෂ්‍යාවක වූ අතර ඇය ආනමඩුවේ පදිංචි හෙයින් නීල් වෛද්‍ය පත්වීම ලැබෙන තෙක්‌ මාරවිල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක සේවය කළේය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් 1988 අවසානය දක්‌වා කටයුතු කළ නීල්, නුවර උඩපේරාදෙණියේ බහුජන සංවිධාන ක්‌ෂේත්‍රයේ පූර්ණකාලීනව කලක්‌ වැඩ කළ අතර පසුව ජවිපෙ කටයුතුවලින් ඉවත්ව සිටියේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරෙකු කෘෂි උපාධිධාරියෙකි.

කල්පිටියේදී 1989 ජුලි 29 ආරක්‌ෂක හමුදා මගින් පැහැරගත් නීල් පසුව හලාවත පොල්වත්තේ වධ කඳවුරකට ගෙන යන ලදී. මාරවිල හන්දිය පසුකර හලාවතට යද්දී අත්හරින ලද ඉස්‌සන් කොටුවක 1989දී අගෝස්‌තු 18 හමුවූ දැවීගිය සිරුරු 3 අතර ඔහුගේ සිරුරද වූ බව විශ්වාස කෙරේ. විපක්‌ෂ ඒකාබද්ධ කමිටුව මෙහෙයවීමෙන් 1992 මාර්තු 16 ආරම්භ වූ කොළඹ කතරගම පාද යාත්‍රාවේදී ඝාතකයන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් විශාල විරෝධතා පුවරුවක්‌ කරේ එල්ලාගත් ඔහුගේ පියා එහි ගමන් කිරීමේදී ලියුම්කරුට හමුවිය. කතරගමින් 1992 අප්‍රේල් 01 නිමාවට පත්වූ එම පාද යාත්‍රාවේ දින 17තුළම නීල් හේමන්තගේ පියා ගමන් කරනු දැකගන්නට ලැබිණි.

මතු සම්බන්ධයි
| ධර්මන් වික්‍රමරත්න

2020 වෙනතුරු තිතට කාලගුණ අනාවැකි බෑ

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වඩාත් නිවැරදි හා තාක්ෂණික කාලගුණ අනාවැකි කීමේ තාක්ෂණය ලබා ගැනීඹට 2020 වසර දක්වා බලා සිටීමට සිදුවී ඇති බව ඉරිදා ලංකාදීපයට වාර්තා වේ.

ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට රේඩාර් පද්ධති දෙකක් ලබාදීමට මේ වනවිටත් එකඟවී ඇති අතර එම පද්ධති දෙකට අවශ්‍ය පහසුකම් ආදිය සලසාගෙන ඒවා ස්ථාපිත කිරීමට තව වසර තුනක් පමණ ගතවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ආර්. ජයසේකර මහතා පැවසීය.

මීට කලකට පෙර විශාල වියදමක් වැය කර දෙණියාය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු අක්‍රීය වූ ඩොප්ලර් රේඩාර් පද්ධතියේ අලුත්වැඩියා කළ යුතු කොටසක්ද මේ වනවිට එය නිෂ්පාදනය කළ විදේශීය සමාගම නැව් මගින් යොමුකර ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එය අලුත්වැඩියා කිරීමට ගතවන කාලය ඔවුන් තවමත් දැන්ම්දී නැතැයි ද සඳහන් කළේය.

කෙසේ වෙතත් පවතින තාක්ෂණය අනුව නිවැරදි අනාවැකි පළ කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කැපවී කටයුතු කරමින් සිටින බවද ඔහු කීය.

ඩයනා උදයංගනී (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)

කෝටි 15කට අධික මුදලක් වැය කරමින් සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කරලා


රුපියල් කෝටි පහළොවකට අධික මුදලක්‌ වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික්‌ (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක්‌ මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. හත්වැනි ශේa්‍රණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇති අතර, මේ වන විට පොත් දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ සිසුන් අතට පත් කර අවසන්ය.

පෞද්ගලික මුද්‍රණාලයකින් පෙළපොත මුද්‍රණය කර ඇති අතර, විශේෂ නිර්දේශයන්ට අනුව මුද්‍රණය නොකරන්නේ නම් වයස අවුරුදු 12 ක දරුවන්ගේ නිරන්තර පරිහරණය සඳහා වන පෙළපොත් මුද්‍රණයට මෙම කඩදාසි නිර්දේශ කළ නොහැකි බව නිගමනය කළ හැකි යෑයි මීට අදාළව ජාතික ප්‍රමිති හා තාක්‌ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි. එම කඩදාසියේ ඇති අන්තර්ගත ඇතැම් සංයෝගයන් ළමයින්ගේ ඇසෙහි, සමෙහි තැවරීම උපද්‍රවකාරී වන බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන්ව ඇත. එමෙන්ම ඇතැම් සංයෝග පෙනහලුවලට, අක්‌මාවට සහ ස්‌නායු පද්ධතියට විෂ විය හැකි යෑයිද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

මෙම සිත්තටික්‌ පෙළපොතේ මුද්‍රණයට අදාළව සිය නිරීක්‌ෂණ ඉදිරිපත් කරන මුදල් ඇමැති රවී කරුණානායක මහතා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව යෝජනා කළ පරිදි ස්‌වාධීන විශේෂඥ කණ්‌ඩායමක්‌ මඟින් ඇමැති මණ්‌ඩලයට සවිස්‌තරාත්මක වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 24 වැනිදා නමින් ඉදිරිපත් කර ඇති එම නිරීක්‌ෂණයන්හි පෙළපොත භාවිත කරන්නේ ළමයින් බැවින් සෞඛ්‍ය, ආරක්‌ෂාව සහ සනීපාරක්‌ෂාව එනම් මෙම කඩදාසිවල අන්තරායකාරී අංශු ගැන තරයේ පරීක්‌ෂා කළ යුතු බවද සඳහන් වෙයි.

තවද පසුගිය වසරේ සැප්තැම්බර් මස දෙවැනිදා නමින් යුතුව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් එස්‌. එස්‌. මුදලිගේ මහතාද අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කර ඇත්තේ පාසල් දරුවන්ගේ සනීපාරක්‌ෂාව සම්බන්ධයෙන් අධ්‍යයනයක්‌ සිදුකර ඇමැති මණ්‌ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන ලෙසය.

මුදල් ඇමැතිවරයා සිය නිරීක්‌ෂණ ඔක්‌තෝබර් මස 24 වැනිදා ඉදිරිපත් කර ඇති අතර, ඊට පසු දිනම ව්‍යාපෘතියට කැබිනට්‌ අනුමැතිය ලැබීමද බරපතළ තත්ත්වයක්‌ බව ඉහත ආරංචි මාර්ග පැවසීය.

කෙසේ වුවද මෙම පෙළපොත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයද එහි අධ්‍යක්‌ෂ රූබන් වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‌ෂණයක්‌ පවත්වන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

-දිවයින-

සතොසේ සහල් ගැන ඇත්තේ වැරදි මතයක්

 පාකිස්ථානයෙන් ගෙන්වන ලද බාස්මතී සහල් විශේෂයක් සම්බන්ධයෙන් ඒවා පරිභෝජනයට නුසුදුසු යැයි පවසමින්, "ප්ලාස්ටික් සහල්" ලෙස පවසමින් වැරදි මතයක් සමාජය තුළ ඇති කිරීමට කිසියම් පිරිසක් සමාජ ජාලා වෙබ් අඩවි තුළින් උත්සාහ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා සතොස සඳහන් කර සිටිති.

මෙම වසරේ (2017) මැයි මස 15 වෙනිදින මෙට්‍රික් ටොන් 20ක ප්‍රමාණයකින් යුතු මෙම බාස්මතී සහල් තොගය පාකිස්ථානයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර, මෙරටට ආනයනය කරනු ලබන අනෙක් සහල් මෙන්ම මෙම සහල් තොගයද නියමිත ක්‍රමවේදයට අනුව තත්ත්ව පරීක්ෂාවට ලක්කර මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා සතොස අලෙවිසැල් වෙත නිකුත්කර තිබේ.

සමාජ ජාලා වෙබ් අඩවි මගින් මෙම සහල් පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය වීමත් සමග එම සහල් ආහාර තාක්ෂණවේදියෙකු මගින් පරීක්ෂණාගාරයක් තුළ පිසීමට ලක්කර ඇති අතර, එහිදීද මෙම සහල් මිනිස් පරිභෝජනයට සුදුසු බවට යළිත් තහවුරු වී තිබේ.

මෙහි  කිසිදු ආකාරයක ප්ලාස්ටික් අංශු මාත්‍රයක් හෝ අන්තර්ගත නොවන බවද එහිදී තහවුරු වී ඇත.

එබැවින් මෙම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, සතොස මගින් අඩු මිලට හොඳම තත්ත්වයේ භාණ්ඩ නිරතුරුව ජනතාවට ලබාදෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කර සිටිති.  

සාලාව ඛේදවාචකයට අදට වසරයි / ප්‍රශ්න තවමත් එතනයි


ස්වාභාවික විපත් මෙන්ම ස්වා භාවික නොවන ඛේදවාචකයන් අතරට මීතොටමුල්ල ඛේද වාචකයත් එක් වෙද්දී සාලාව ඛේදවාචකයට අදට වසරක් පිරේ.පසුගිය වසරේ ජුනි 05 වන දින කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ දැවැන්ත අවි ගබඩාව පුපුරා ගොස් අතිවිශාල ප්‍රදේශයක් හරහා පැතිර ගිය විනාශයෙන් වින්දිතයන් බවට පත් වූ බොහොමයකට අද වන විටත් සාධාරණයක් ඉටු නොවුණු බව ප්‍රදේශවාසීහු පවසති. සියල්ල යථා තත්ත්වයට පත් වන තුරු සාලාව ප්‍රදේශවාසීන් අත්හැර නොයන බවට යුද හමුදාව විසින් කළ ප්‍රකාශයන් ද මේ වන විට අසත්‍යයන් බවට පත්ව තිබෙන්නේ ඔවුන් ද අතරමග ඒ කටයුතු හැර ගොස් බොහෝ කල් ගත වූ බැවිනි. විනාශය සිදු වූ සැණින් යුද හමුදාව ඇතුළු රජය දුන් පොරොන්දු බොහොමයක් අද වන විට සිදුවීමෙන් විපතට පත් ජනතාවට කඩ වූ පොරොන්දු බවට පත්ව තිබේ.

“අපේ ගේ බැකෝ කරන්න වෙනවා කියලා මුලින්ම හමුදාවෙන් කිවුවා. අපි කීවා කමක් නැහැ, අපිට වන්දි එපා, ගේ හදලා දෙන්න කියලා. ඒ අය කීවා බිත්ති සම්පූර්ණයෙන්ම කඩන්න වෙනවා, ඒවා පස්සේ කඩලා හදලා දෙනවා, එතකන් තාවකාලිකව වහල ගහලා දෙන්නම් කියලා. කැඩුණු බිත්ති අතරට සිමෙන්ති දාලා පුරවලා ගේ ඉස්සරහ ටිකට විතරක් උළු දාලා ඒ කොටසේ ෆොටෝ අරන් බාගෙට කඩාපු බිත්තිත් එහෙමම තියෙද්දී කම්ප්ලීට් කියලා ලියලා දීලා ඒ අය ගියා. ගේ හැමතැනම කැඩිලා පුපුරලා නිසා අපි කූඩාරමේ මාස පහක් හිටියා. දුවගේ දරුවාත් තියාගෙන කූඩාරමේ ඉන්න බැරි නිසා පස්සේ සාලේයි කාමර දෙකකුයි ඉන්න පුළුවන් විධියට අපිම හදා ගත්තා. ඒත් වහින දවසට ගේ තෙමෙන්න ගත්තා. ආපහු අපිම වහලත් හැදෙව්වා. තව කාමර තුනයි, කුස්සියයි හදා ගන්න තියෙනවා. ඒත් මේකේ ඉන්නත් අපිට බයයි.” ඒ සාලාව මුරුතගම පදිංචි මානෙල් හඳපාන්ගොඩ මහත්මියයි.

ඔවුන්ගේ නිවසේ බිත්ති බොහෝ තැන්වලින් විනාශව ගොස්ය. එය බැකෝ කළ යුතු බව මුලින් ප්‍රකාශ කළත් පසුව යුද හමුදාව විසින් කැඩුණු බිත්ති සිමෙන්ති පුරවා ගොස්ය. එහෙත් ඒ බිත්ති ද සෑම තැනකම මෙන් පුපුරා ගොස්ය. ගෙබිම ද සෑම තැනම පුපුරා ගැලවී ගොස් ය. වහලේ ලී ද යාන්තමින් මෙන් අටවා උළු තබා ගොස් ඇති බවක් දක්නට ඇත. එතැනින් ඔවුන්ගේ කටයුතු නිමා වී තිබේ.

“පස්සේ කියනවා එයාලා හදන්නේ නෑ, වන්දි අරන් අපි හදාගන්න ඕනෑ කියලා. බලන් ඉඳලා බැරිම තැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහින් වන්දිය ගත්තා. පන්ලක්ෂ හතළිස්දාහක් තිබුණා. තව අතිනුත් වියදම් කරලා තමයි ගෙයින් භාගයක් හදා ගත්තේ. ඒත් අනිත් ටික හදාගන්න විධියක් නැහැ. ගෙයි තිබුණු බඩුවලින් කොටසක් තාමත් කූඩාරමේ. ගේ හදාගන්නකම් ගේ ඇතුළේ ඉන්නත් බයයි. මගේ මහත්තයාත් අංසභාගෙ හැදිලා.” අවි ගබඩාව පුපුරා ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් කෙසේ හෝ දිවි බේරා ගත්තද ඉන් පසු දිනක එක් පුද්ගලයෙකු මිය යන්නේ විනාශ වූ තම ව්‍යාපාරික ස්ථානයේ සුන්බුන් ඉවත් කරමින් සිටිය දී එහි බිත්තියක් ඇඟ මතට කඩා වැටීමකිනි. දැන් විනාශය සිදුව අවසන්ය, බොහෝ කල්ය. එහෙත් ඊට මැදිවූ මිනිසුන්ගේ ජීවිත දැන දැනම තවමත් අවදානමකය. ඒ ගැන සොයා බැලීමට කිසිවෙක් හෝ සියල්ල යථා තත්ත්වයට පත් වන තෙක් අත්නොහරින බවට ප්‍රකාශයන් කළ කිසිවෙක් හෝ අද එහි නැත.

රෝහල පාරේ පදිංචිව සිටි එල්. එම් රේණුකා මහත්මිය පවසන්නේ මෙවන් කතාවකි.

“අපි කලියෙන් අවුරුදු අටක්ම හිටියේ ලෑලි ගේක. පස්සේ මහත්තයා රට ගිහින් එවපු සල්ලියි ලෝන්වලිනුයි මම මේ ගේ හදලා මාස දෙකයි දවස් විසිපහයි වුණේ මේ විනාශය සිද්ධ වුණා. දුව එක්ක හැමදාම කූඩාරමේ ඉන්නත් බැරි නිසා දැන් 8000ක් කුලී ගෙවලා වෙන තැනක ඉන්නවා. ගේ ළඟම මම කඩයක් කළා. ඒ ආදායම් මාර්ගත් ඔක්කෝම නතර වුණා. එකම ලිපිනය තියෙන්නේ කියලා ගෙටයි කඬේටයි දෙකටම වන්දිය ආවේ එක්ලක්ෂ හයදාහයි. ඒකේ වැඩ කුලී විධියට දාලා තිබුණේ 5000යි. මගේ ගේ ඔක්කෝම කැඩිලා. ඒ මුදලින් ගේ හදන්නත් බැහැ. හමුදාවෙන් හැදුවේත් නැහැ. අපිට වුණු අසාධාරණය හැමතැනටම කොච්චර කීවත් විසඳුණේ නැහැ. අපි මානව හිමිකම් එකටත් පැමිණිලි කළා. අපිට හැමදාම මෙහෙම ඉන්නත් බැහැ. එක්කෝ අපිට ගේ හදලා දෙන්න, නැත්නම් සාධාරණ තක්සේරුවක් කරන්න කියලායි මම ඉල්ලන්නේ” පිපිරීමෙන් පසු ඇතැම් නිවාස තිබූ තත්ත්වයට වඩා හොඳින් ඉදි වූ බවත් ඇතැම් අය අන්ත අසරණ බවට පත්ව සිටින බවටත් ප්‍රදේශවාසීහු පවසති. තමන්ට සිදුව තිබෙන අලාභහානීන් පිළිබඳ කරන ලද තක්සේරු සාධාරණ නොවන බවට ඔවුහු චෝදනා කරති. ඒ අතර “සමහර අයට නම් මේකෙන් ස්වීප් ඇදුණා” යැයි පවසන අය ද සාලාවේ සිටිති. කෙසේ නමුත් බොහෝ දෙනා තුළ තම නිවාස සහ දේපොළ වෙනුවෙන් කරන ලද තක්සේරු පිළිබඳ පැහැදීමක් නැත.

“අපේ ගේ සම්පූර්ණෙන්ම පිච්චුණා. ළමයින්ගේ උප්පැන්න සහතිකයක්වත් ඉතිරි වුණේ නෑ. ඔප්පු, ප්ලෑන් මොනවත්ම ඉතිරි වුණේ නෑ. ලොකු පුතා ගිය අගෝස්තුවල උසස් පෙළ ලියන්නයි හිටියේ, එයාගේ එක පොතක්වත් ඉතිරි වුණේ නෑ. මුලින් පොරොන්දු වුණා විශේෂ සේවාවක් ගෙනල්ලා හැඳුනුම්පත්, උප්පැන්න සහතික, ලියකියවිලි හදලා දෙනවා කියලා. ඒ කිසිම දෙයක් වුණේ නෑ. අපි පෞද්ගලිකව ගිහින් පුළුවන් විධියට අවශ්‍යම ඒවා හදා ගත්තා. මම ලෙඩෙක්, මගේ ක්ලිනික් පොත් ඔක්කෝමත් පිච්චුණා. දියවැඩියා, ප්‍රෙෂර් වගේ රෝග තියන අය ඔක්කෝටම එහෙමයි. ඒ අයට කීවා විශේෂ සායනයක් තියනවා කියලා. ඒ කිසිම දෙයක් වුණේ නෑ.” ඒ සාලාව යුද හමුදා කදවුර ඉදිරිපිට නිවසක පදිංචි ජේ.පී නයනා නිලන්ති මහත්මිය යි.

පිපිරීම සිදුවී මාසයකට පසු සීතාවක ප්‍රාදේශීය ලේකම්වරයා අප සමඟ ද පැවසුවේ විනාශ වූ ලියකියවිලි නැවත සකස් කිරීම සදහා පසුගිය වසරේ අගෝස්තු මාසයේ පමණ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි. එහෙත් විනාශයට වසරක් ගතවීමට ආසන්නව ඇතත් එවන් සේවාවක් ද සාලාවේ ක්‍රියාත්මක වූයේ නැත.

“මගේ හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. යුද හමුදා කදවුරේ සේවය කරන පිටත ඉන්න අයට කෑම සැපයුවේත් මම. පිපිරීමෙන් පස්සේත් මාස දෙකක් විතර මම ඒ අයට කෑම දුන්නා. ඒත් පස්සේ අපි උද්ඝෝෂණ කරනවා, කළු කොඩි අදිනවා කියලා කෑම ගන්න එක ඒ අය නතර කළා. රුපියල් 50000 දීමනාව මාස 3ක් ලැබුණා. ඒක මාස 6ක් දක්වා දීර්ඝ කරනවා කියලා රජය කීවත් ඒවා වුණේ නෑ. සාලාව නගරයේ කුලියට වෙළෙඳ ස්ථාන ලබාගෙන ව්‍යාපාර පවත්වාගෙන යන අයට තාවකාලික කඩ 35ක් හදලා දෙනවා කීවා. මුදල් අමාත්‍යාංශයෙන් ඒ වෙනුවෙන් මුදල් පාස් කර තිබුණත් ඒවා සිදු වුණේත් නෑ. මම දැන් හෝටලය ආපහු පටන් අරන් දවස් දෙකයි. කඩ හිමියෝ මේවා අලුතෙන් හදලා දුන්න නිසා දැන් කුලියත් වැඩි කරලා. මාස දහයක්ම ව්‍යාපාරය නතර වෙලායි තිබුණේ. ඒ පාඩුව පියවන්න බැහැ. අඩු තරමේ හදලා දෙනවා කියලා පොරොන්දු වුණු ව්‍යාපාරික ස්ථානයවත් අපට කඩිනමින් හදලා දෙන්න කියලායි අපි ඉල්ලන්නේ” සාලාව යුද හමුදා කදවුර ආසන්නයේ හෝටලයක් පවත්වාගෙන යන සංජීව ජයසූරිය එලෙස පවසන්නේය.
මේ වන විට සාලාව යුද හමුදා කදවුරෙන් බිම් කොටසක් ව්‍යාපාරිකයන් සඳහා ඉදිකිරීමට නියමිත වෙළඳ සංකීර්ණය ඇතුළු සාලාව නව නගර සැලැස්මට වෙන් කර තිබුණ ද එහි ඇති විනාශව ගිය ගොඩනැගිලි මිස තවමත් ඉදිකිරීම් ආරම්භව නැත. යුද හමුදා කඳවුරට අනෙක් පසින් අත්පත් කරගත් කොටසේ කඳවුරේ නව ඉදිකිරීම් මේ වන විට සිදුවෙමින් පවතී.

සාලාව එක්සත් වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ සභාපති එස්.එච්. හේමන්ත සාලාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පත්ව තිබෙන තත්ත්වය මෙලෙස පහදයි.

“සාලාව ව්‍යාපාරික යන්ගේ ජීවනෝපායන් නැතිවෙලා මාස එකොළහකට ආසන්නයි. ඒ අයට ගෙවල්වලට වෙලා ඉන්න සිද්දවුණා. සාලාව නගරයේ ව්‍යාපාරිකයන් 54 දෙනාටම භාණ්ඩ තක්සේරු ලැබුණත් ඒවා කිසිසේත්ම සාධාරණ තක්සේරු නෙමෙයි. තක්සේරුවෙන් අඩක් අමුඅමුවේ කප්පාදු කළා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර නැවත පටන් ගන්න පුළුවන්කමක් නැහැ. මුදල් ඇමතිතුමා කීවා මේ පීඩනයට පත් වුණු මිනිස්සු වෙනුවෙන් නිවැරදිව මේ ක්‍රියාදාමය කර දෙන්න කියලා. ඒ නමුත් රාජ්‍ය නිලධාරීන් එය නිවැරදිව සිදු කළේ නැහැ. ව්‍යාපාරිකයන්ට තවත් හොරු වගේ ගෙවල්වලට වෙලා ඉන්න බැහැ, ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා සති දෙකක් ඇතුළත සාධාරණයක් නොවුණොත් අපි ගරු අධිකරණය දක්වාම යනවා. එතැනිනුත් අපට සාධාරණයක් නොවෙනවා නම් අපි ජිනීවා මානව හිමිකම් දක්වාම යන්න ලෑස්තියි.”
සාලාව පිපිරීමෙන් අසාධාරණයට පත් ජනතාව විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ කරන ලද පැමිණිල්ල විභාගයෙන් පසු දෙසතියක් තුළ අභියාචනා මණ්ඩලයක් පිහිටුවුව ද එය තවම ක්‍රියාත්මක නොවන බව ද හේමන්ත මහතා පවසයි. ව්‍යාපාරිකයන් සඳහා භාණ්ඩ තක්සේරු සිදු කළ ක්‍රමවේදය තොරතුරු පනත හරහා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට සාලාව ව්‍යාපාරික ප්‍රජාව සූදානම්ව සිටින බවත් ඒ මගින් ද තමන්ට සාධාරණයක් නොවේ නම් අධිකරණය හමුවට තම ගැටලු රැගෙන යන බව ඔහු ප්‍රකාශ කරයි.
සාලාව ප්‍රදේශයේ ගැටලු සම්බන්ධව සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රදේශීය ලේකම්වරයා ලෙස පත්ව සිටින අමල් එදිරිසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඔහු වෙත එවැනි ලොකු ගැටලු ඉදිරිපත් නොවූ බවකි. තවත් කොටසක් ගෙවීමට නියමිත වන්දි මුදල් මේ වන විටත් ගෙවීම සිදුවන බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය. විනාශ වූ ලියකියවිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජංගම සේවාව පිළිබඳව සොයා බලන බවද ඔහු ප්‍රකාශ කළේය.

“අපිට මේ කළ දේ මීතොටමුල්ලටත් කරන්න එපා, ඒ අයටත් සාධාරණයක් ඉටු කරන්න” ඒ සාලාවේ බොහෝ දෙනා පැවසූ වදනකි. සාලාවේ මිනිසුන්ට ඇඳිවත පමණක් ඉතිරි කරමින් කුණු කන්දක් නාය ගියේ නැත, පස් කන්දක් නාය ගියේ ද නැත. ඔවුහු බිහිසුණු යුද්ධයකට මැදි වූයේ ද නැත. කෙසේ වූවා දැයි නොදන්නා දැවැන්ත අවි ආයුධ ගබඩාවක පුපුරා යෑමකට ඔවුන් සතු ගේ දොර, ව්‍යාපාර ඇතුළු බොහෝ දේ මැදිව අළු බවට පත් විය. ගැටලුව නම් එම සිදුවීමට වසරකට ආසන්නව තිබුණ ද ඔවුන්ට සැනසීමක් නම් තවම ළගා වී නොතිබීමය, ඔවුන් මැදි වූ අවුල් ජාලාවෙන් තවමත් බැට කමින් සිටීමය.

(ravaya)

සුසන්තිකාට මසකට හැටදහක්‌ ගෙවනවා ඔය හදන්නේ ඕස්ට්‍රේලියා යන්න - ක්‍රීඩා ඇමැති


සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.

සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක්‌ හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක්‌ ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.

එයා ඔය ඔලිම්පික්‌ පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක්‌ බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්‌ටේ්‍රලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්‌. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා.

වර්ෂාව පැවතියහොත් දිස්ත්‍රික්ක 7ක නාය යෑමේ අවදානමක්

 වර්ෂා තත්ත්වය දිගටම පැවැතියහොත් රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳු නායයෑමට ලක්විය හැකි බවත්, පස්කඳු කඩාවැටිය හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මෙම අනතුරු ඇඟවීම හෙට (05දා) දිනය තුළ ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කළේය. මේ නිසා කඳු ආශ්‍රිතව සහ පස් කඳු ආශ්‍රිතව සිටින ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද එම සංවිධානය සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වලටත්, ඌව, නැගෙනහිර පළාත්වලට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍ර‘දේශවලටත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 50ක් දක්වා වූ සමාන්‍ය තද සුළං ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.

ගී ද මෝපසාං මිය ගියේ උන්මත්තකාගාරයකදී


දහනව වැනි සියවසේ ප්‍රංස ජනජීවිතය චිත්තාකර්ෂණීය ලෙස සිය නිර්මාණ ඔස්සේ සිත්තම් කළ ලේඛකයා ගී ද මෝපසාං ය. වසර 43 ක් වැනි කෙටි ජීවිත කාලය තුළ ඔහු කෙටිකතා 300 ක් සහ නවකතා 6 ක් විශ්ව සාහිත්‍යයට දායාද කළේ ය. මෝපසාං කවියකු ද වේ. ඔහුගේ නිර්මාණ වලින් වඩාත් පිළිබිඹු වූයේ යථාර්ථවාදී ලක්ෂණය. යථාර්ථවාදී මෙන් ම ස්වභාවිකවාදී ගුරුකුලය ද නියෝජනය කළ ලේඛකයකු ලෙස ඔහු සැලකේ. චාරිකා සාහිත්‍ය යටතේ වර්ගීකරණය කළ හැකි කෘතීන් 3 ක් ද ඔහු අතින් රචනා විය. මෝපසාංගේ පළමු ප්‍රකාශිත කෙටිකතාව වන බෝල් ඔෆ් හැට් (1880) ඔහුගේ නිර්මාණ ජීවිතයේ අග්‍ර කෘතිය බව පිළිගැනීමය. නූතන කෙටිකතාවේ පිතෘවරයා ලෙස ද ඔහු සැලකේ.

1850 අගෝස්තු 5 වැනිදා ප්‍රංසයේදී උපත ලැබූ හෙන්රි රෙනේ ඇල්බට් ගී ද මෝපසාං මධ්‍යම පාන්තික පවුලක දරුවෙකි. ඔහු 11 හැවිරිදි වියට එළැඹෙනවිට මව සහ පියා නීතියෙන් වෙන්විණි. හෙන්රි සහ ඔහුගේ සොයුරු හර්ව් එවක් පටන් හැදී වැඩුණේ මවගේ සෙවණේ ය. ඇය, ලෝරාල ‘පොයිතවින්’ අසාමාන්‍ය ලෙස පොත - පත කියැවීමට හුරු වී සිටි අයෙකි. ශේක්ස්පියර්ගේ කෘතීන්වලට ඇය වඩාත් ප්‍රිය විය.

මෝපසාං සොහොයුරන් මවත් සමඟ ජීවත් වූයේ සරුසාර පිටිසරබද වෙරළබඩ පළාතකය. එළිමහනේ කෙළි සෙල්ලම් කිරීමට මෙන් ම මාළු බ‍ෑමට ද ගී ද මෝපසාං බෙහෙවින් රුචි කළේ ය. 13 හැවිරිදි වියට පැමිණි කල සිය පුතුන් දෙදෙනා පෞද්ගලික පාසලකට ඇතුළත් කිරීමට ලෝරා පෙලඹිණි. ‍ඔවුන්ට නේවාසිකාගාරයේ නතර වීමට සිදු විය.

17 හැවිරිදි වියට එළැඹි මෝපසාං කණිෂ්ට උසස් පාසලට ඇතුළත් කෙරිණි. මවගේ දැන හැඳුණුම්කම ‍ඔස්සේ ප්‍රංස ලේඛක ගුස්ටාව් ෆ්ලොබෙයා, ගී ද මෝපසාංට හැඳින ගැනීමට ලැබෙන්නේ එහිදී ය. මෝපසාං පාසල් වියේ පටන් ම කාව්‍ය රචනයට හා නාට්‍යකරණයට දක්ෂයෙකි. 18 හැවිරිදි මෝපසාං ප්‍රකට ප්‍රංස කවියකු වූ ඇල්ගර්නන් චාර්ල්ස් ස්වින්බර්ස් මුහුදේ ගිලෙමින් සිටියදී ඔහුගේ දිවි බේරා ගැනීමට සමත්වීම ද විශේෂ කාරණයකි. පැරිස් සරසවියේ නීති ශිෂ්‍යයකු ලෙස උසස් අධ්‍යාපන කටයුතු හමාර කරන්නටත් පෙර ප්‍රංස - ප්‍රසියානු යුද්ධයේ අමිහිරි අත්දැකීම විඳ ගැනීමට මෝපසාංට ද සිදු විය. ස්වේච්ඡා සෙබළකු ලෙස ඔහු යුද බිමට යැවිණි. වසරක් යුද බිමේ සිටි ඔහු ආපසු පැරිසියට පැමිණියේ ය. ඉන් පසු නාවික දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවයට බැඳී දසවසරක් එහි නිරත විය. මේ කාලයේදී ඔහුගේ එකම විනෝද ක්‍රීඩාව වූයේ සති අන්ත දිනවල බෝට්ටු පැදීම හා මාළු බෑමයි.

දිගින් දිගටම ෆ්ලොබෙයාගේ රැකවරණය මෙන් ම මඟ පෙන්වීම මෝපසාංට ලැබීම වාසනාවකි. ෆ්ලොබෙයා ඔහු පුවත්පත් කලාවට සහ සාහිත්‍යයට තවදුරටත් නැඹුරු කළේ ය. ෆ්ලොබෙයාගේ නි‍ෙවසේ දී ඔහුට එමිල් සෝලා මෙන් ම රුසියානු නවකතා කරු ඉවාන් ටර්ගිනිව්ද හමු විණි. ඒ හැරුණු විට තවත් නිර්මාණකරුවන් ගණනාවක් ම ඔහු එහිදී හැඳින ගත්තේ ය. වර්ෂ 1875 දී ඔහු ප්‍රහසනාත්මක නාට්‍යයක් රචනා කරමින් එහි චරිත නිරූපණයේද යෙදිණි. ඊට ෆ්ලොබෙයාගේ ආශිර්වාදය ද හිමි විය.

පුවත්පත් කිහිපයකම සංස්කාරකවරයකු ලෙස අත්දැකීම් ලැබූ මෝපසාං අමතර කාලය යෙදවූයේ කෙටිකතා හා නවකතා ලිවීම වෙනුවෙනි. වර්ෂ 1880 දී ප්‍රකාශයට පත් වූ ඔහුගේ මුල් ම කෙටිකතාව වන Boule de Suif (Ball of fat) විශාල වශයෙන් සාර්ථක විය. මේ කෘතිය පිළිබඳ ෆ්ලොබෙයාගේ හැඳින්වීම වූයේ එය මෝපසාං ගේ ලේඛක ජීවිතයේ අනුමැතිය වශයෙන් පවතිනු ඇති බවයි. එය එසේ ම විය. වර්ෂ 1880 - 1891 වකවානුව මෝපසාංගේ නිර්මාණ ජීවිතයේ සශ්‍රීකම අවදිය ලෙස සැලකේ. පළමු කෘතියෙන් ම අතිවිශාල අවධානයකට ලක්වූ ඔහුගේ සෑම කෘතියක් පාහේ විශාල ඉල්ලුමක් ලද්දේ ය. ඔහු ධනවතකු වීමට එය හේතු විණි. La Maison Tellier නම් ඔහුගේ පළමු කෙටිකතා එකතුව දෙවසරක් තුළ මුද්‍රණ 12 ක් නිකුත් විය. ඔහුගේ පළමු නවකතාව Une Vie (A Woman’s Life) වසරකට අඩු කාල සීමාවක් තුළ පිටපත් 25000ක් අලෙවි විය. දෙවන නවකතාව Bel Ami මාස 4ක් තුළ මුද්‍රණ 37ක් නිකුත් විය. මෝපසාංගේ නිර්මාණ බොහොමයකට පසුබිම් වූයේ ප්‍රංස - ප්‍රසියානු යුද්ධයයි.

පැරිසියේ අයිෆල් කුලුන ඉදි වූ සමයේ ප්‍රංස ජාතිකයන් බොහෝ දෙනා එය අවලස්සන නිර්මාණයක් ලෙස සැලකීය. මෝපසාංට ද එය පෙනුණේ එලෙසම ය. එය දැකීමට නොරිසි වූ බැවින් ඔහු බොහෝ විට දිවා ආහාරය ගැනීමට ගියේ අයිෆල් කුලුන පාමුල පිහිටි අවන්හලට ය. එතැනට කුලුන දර්ශනය නොවීම ඊට හේතුවයි. ඔහු සහ තවත් ලේඛකයන් හා කලාකරුවන් 45 දෙනකු කුලුන ඉදි නොකරන ලෙස ලිපියක් මගින් රජයෙන් ඉල්ලා තිබේ. ගී ද මෝපසාං, ගී ද වොල්මොස්, ජෝෂප් පෘනියර් වැනි නම්වලින් ද ලේඛන කටයුතුවල යෙදී තිබේ. අවාසනාවකට වයස විසි ගණන්වලදී ඔහුට සිෆිලිස් රෝගය වැලඳිණි. එහි එක් රෝග ලක්ෂණයක් ව‍ූයේ උන්මත්තකභාවයයි. මානසිකව ඔහු කිසියම් හුදෙකලාවක ගිලී සිටියේ ය. මේ රෝගී තත්ත්වය ඔහුගේ නිර්මාණ ජීවිතයට ද බලපෑමක් ඇති කළේ ය. ශීඝ්‍රයෙන් එහෙත් අතිදක්ෂ ලෙස ලේඛන කටයුතුවල යෙදුණු ඔහුගේ එම ලේඛන කාර්යයන් මන්දගාමී වී තිබිණි. ඔහු භාවනාවට මෙන් ම චාරිකාවල යෙදීමට ද නැඹුරු වී සිටියේ ය.

වර්ෂ 1880 - 1886 වකවානුවේදී මෝපසාං ජිසෙල් එස්ටොක් නම් යුවතියක සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව දැක්වේ.‍

ජොසපින් නමැති කාන්තාවක සමඟ ද ඔහු ප්‍රේමයෙන් වෙළී සිටියේය. ඇය දරුවන් තිදෙනකුගේ මවක් වූ බව ද ඔවුන්ගේ පියා ලෙස පෙනී සිටියේ මෝපසාං බව ද ඇතැම් මූලාශ්‍රවල සඳහන් ය.

රෝගී තත්ත්වය මත ඇතිවූ උන්මත්තක බව උග්‍ර අතට හැරී සිය දිවි නසා ගැනීමට පවා ඔහු ප්‍රයත්න දරා තිබේ. වර්ෂ 1892 දී ගෙල කපාගෙන දිවි තොරකර ගැනීමට ඔහු වෑයම් කර තිබිණි. අවසානයේදී ඔහු උන්මත්තකාගාරයට යැවීමට තරම් තත්ත්වය දරුණු විය.

පැරිසියේ පිහිටි එම උන්මත්තකාගාරයේදීම 1893 ජූලි 6 වැනිදා ඔහු ජීවිතයෙන් නික්ම ගොස් සිටියේ ය. ඒ වනවිට ඔහු 43 හැවිරිදි වියේ පසුවිණි.

නායයෑම් සහ ගංවතුරට ප‍්‍රධාන හේතුව මධ්‍යම කඳුකරය විනාශ කිරීමයි


නායයෑම් සහ ගංවතුරට ප‍්‍රධාන හේතුව මධ්‍යම කඳුකරය විනාශ කිරීම බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.

(4) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මහතා මේ බව ප්‍රකාශකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම මහතා,

ගංවතුර ආපදාවට දින 08ක් ගතවෙලා තිබෙනවා. ආපදා කළමනාකරණය, පීඩාවට පත්වූ ජනතාව මුහුණ දී තිබෙන තත්ත්වය දිහා බැලූවම මෙය ඉතාම ඛේදවාචක තත්ත්වයක්. කළුතර, ගාල්ල, මාතර රත්නපුර, ප‍්‍රදේශවල සහන කණ්ඩායම් තවත් සති දෙකක පමණ කාලයක් වැඩ කළත් එම ප‍්‍රදේශ යථා තත්ත්වයට ගන්න බැරි තරමට හානි වී ඇති බව සහන කණ්ඩායම් සහ රජයේ නිලධාරීන් පවසා තිබෙනවා. රජයේ සැලසුමකින් තොර දේශපාලන සංදර්ශන නිසා මෙම තත්වය තවත් බරපතළ වෙලා තිබෙනවා.

මෙම නායයෑම් සහ ගංවතුරට ප‍්‍රධාන හේතුව මධ්‍යම කඳුකරය විනාශ කිරීම. සුදු අධිරාජ්‍යවාදීන් කඳුකර ප‍්‍රදේශයේ අඩි 3,000ට, 5,000ට ඉහළ ප‍්‍රදේශ වතු වගා සඳහා යොදා ගත්තා. අපේ රටේ අවුරුදු 2,000ක පමණ කාලයක් තුළ සංවර්ධන කි‍්‍රයාවලිය සිදුවුණේ කඳුකර ප‍්‍රදේශ ආරක්‍ෂා කරමින්. කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලින් ගංගා පටන් ගත් නිසා ජල පෝෂක ආරක්‍ෂා කළා. පහලදී ගඟ හරස් කරලා වැව් බැඳලා තැනිතලාවේ ගොවිතැන් කටයුතු කළා. නමුත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් කඳු කපලා තේ වගා කළා. ඔවුන් තැනිතලා රක්‍ෂිත කලාප ලෙස නම් කළා. සංරක්‍ෂණය කළ යුතු තැන් සංරක්‍ෂණය කළේ නැහැ. 1815න් පස්සේ මෙම විනාශයන් සිදුවීම ආරම්භ වුණා. මෙම විනාශය එකවර ආපසු හරවන්න බැහැ. ඉන් පසු රටේ පාලකයින් විසින්ද කළේ මෙම කඳුකරය විනාශ කිරීමයි. සමාගම් විසින් තමන්ගේ ලාභ වැඩිකර ගැනීමට පරිසරය විනාශ කළා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව, සමාගම් යන පාරේම ගිහින් ජනතාවත් පරිසර හානියට දායක වුණා. නමුත් ජනතාවගෙන් වන හානියට වඩා ආණ්ඩු මගින් සමාගම්වලින් සිදුවන හානිය වැඩියි. ඒ නිසා තමයි අද ආපදා තත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. ප‍්‍රධාන ගංගාවලින් වතුර බහින්නේ නැති තත්වයක් ඇතිවෙලා. දෙගොඩ තලා යන වතුර නැවත බැස යාමට නොහැකිව හිරවෙලා තිබෙන්නේ පාලකයින්ගේ අවිධිමත් සංවර්ධනය නිසයි. ඒ කෙසේ වෙතත් ආපදා වළක්වා ගැනීම සඳහා කළ හැකි කටයුතු ප‍්‍රමාණයක් රජයකට තිබෙනවා. ඒ සඳහා තමයි ආපදා කළමණාකරණ අමාත්‍යාංශයක් තිබෙන්නේ.

එන්න එන්නම අපේ රටට ආපදා හානි වැඩිවෙලා තිබෙනවා. අපේ රට 1956දී, 1969දී, 2003දී, 2005දී 2016දී සහ 2017දී ගංවතුර ආපදාවකට ලක්වුණා. නමුත් පසුගිය දශක එකහමාර දෙක කාලය තුළ ආපදා තත්වය වැඩිවෙලා තිබෙනවා. පරිසර හානිය වැඩිවීම, අවිධිමත් සංවර්ධනය ආපදා වළක්වා ගැනීමට අපොහොසත් වීම නිසා මෙම තත්වය උග‍්‍ර වෙලා. ප‍්‍රධාන කරුණ වන්නේ ආපදා තත්වය පිළිබඳ අනාවැකි කීමයි. එක් පුවත්පතක වාර්තා කොට තිබුණා, නිරිතදිග මෝසම ජීවිත 91ක් බිළි ගනී කියලා. එය නිවැරදි නැහැ. ඇත්තතටම නිරිතදිග මෝසමෙන් වැසි ලැබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ තත්වය පිළිබඳව අනාවැකි කීම හරහා අනතුරු වළක්වා ගන්න ජනතාව එම ප‍්‍රදේශවලින් ඉවත් කරන්න පුළුවන්. දැන් කාලගුණ අනාවැකි කීමත් ශාස්ත‍්‍ර කාරයින්ගේ මට්ටමට වැටිලා. තාක්‍ෂණය භාවිතා කරලා අනාවැකි පළකරන්න පුළුවන්. නමුත් අපේ රට විසින් මිලදී ගත් ඩොප්ලර් රේඩාර් උපකරණය සම්බන්ධයෙන් වංචාවක් සිදුවෙලා. එම උපකරණය තිබුණා නම් ඒ ඒ ප‍්‍රදේශවලට ලැබෙන වැසි ප‍්‍රමාණය පවා නිශ්චිතව කියන්න පුළුවන්කම තිබුණා. නමුත් අපේ රටේ අනාවැකි කීම බරපතළ දුර්වල මට්ටමක තිබෙන්නේ. මේ වනවිටත් 212කට ආසන්න ප‍්‍රමාණයක් මිය ගිහින්. 90කට අධික ප‍්‍රමාණයක් අතුරුදහන්වී බිලියන ගණනක දේපොළ විනාශ වී තිබෙනවා. ඒ නිසා අනාවැකි කීමේ දුර්වලතාවය පිළිබඳ ආණ්ඩුව වගකිව යුතුව තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුවට ආපදා සහන සැලසීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. අපේ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ඇතුළු සාමාජිකයින් රතු තරුව සහන සේවා බළකාය සමඟ වැඩ කළා පමණක් නොව ආණ්ඩුවේ පරිපාලන රැුස්වීම්වලටත් ඇතැම් මන්තී‍්‍රවරුන් සහභාගී වුණා. එහිදී හඳුනාගත්තු දේ තමයි රජයට දීර්ඝ කාලීන ජාතික සැලැස්මක් නොමැතිකම සහ හදිසි සැලැස්මක් නොමැති කම. ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීම්වලටත් ඉතා ලස්සන පොත් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඒවායෙහි කරුණු අවුරුදු ගාණක් පැරණියි. යාවත්කාලීන කරලා නැහැ. ආපදාව වළක්වන්න සැලසුමක් නැහැ. අපි පුංචි කාලයේ මැයි-ජූනි මාස වෙසක් පොසොන් මාසයි. නමුත් අද ආපදා මාස වෙලා. අපි කවුරුත් දන්නවා මැයි ජූනි මාස අධික වර්ෂාවක් ලැබෙන බව. නමුත් ඒ ආපදාවලින් වැළකීමට ආණ්ඩුවට සැලසුමක් නැහැ.

ආණ්ඩුවේ ආපදා කළමණාකරණ ආයතනවලට පණ නැති බව කියන්න ඕනෑ. පරිපාලන සම්බන්ධයෙන් නායකත්වයක් නැහැ. නිලධාරීන් නිදි මරාගෙන වැඩ කළත් නිසි කළමණාකරණයක් එම ආයතනවල දක්නට නැහැ. ඉතාමත් දුර්වල මට්ටමක තිබෙන්නේ. ජනතාව ඉතාම පීඩාකාරී තත්වයකයි පසුවෙන්නේ. හදිසි සහන සේවා තත්වයෙන් ඉදිරියට ගොස් සැලසුම් සහගතව අනාගතයේ ආපදා වැළැක්වීම සඳහා සැලසුම් සකස්කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් දිස්ති‍්‍රක්කවලට ආපදා නියෝජිතයෝ පත්කරලා තිබෙනවා. එහෙම පත්කරපු සමහර ඇමතිවරු ආපදා වැළැක්වීමට පත් කළාද, ආපදා ඇතිකිරීමට පත්කළාද කියලා අපට සැකයක් තිබෙනවා. කෑගල්ලට මැදිහත් වුණු ඇමතිවරයා රැුස්වීම අවසානයේදී කියා තිබුණේ ඉතිරි වී තිබෙන අක්කර 1500ක රක්‍ෂිතයත් සුළු අපනයන බෝග වගා කරන්න ගොවියන්ට බෙදා දෙන්න ඕනෑ කියලා. ඒ නිසා දේශපාලකයින්ට මේ ආපදා වළක්වන්න පුළුවන්කමක් නැහැ. අද මේ ආණ්ඩුව පරිසර විනාශය ගැන කතා කළාට බිබිලේ ඉඩම් අක්කර ගාණක් සුද්ද කරලා උක් වගා කරන්න හදනවා. උමා ඔය විනාශය ගැන කතා කරන්නේ නැතිව මඟ හරිනවා. එතකොට ආණ්ඩුවට පරිසරය විනාශය ගැන අමතකයි.

ඒ වගේම ආණ්ඩුවේ ප‍්‍රතිරක්‍ෂණය ගැනත් මතක් කරන්න ඕනෑ. මෙම රක්‍ෂණය නිසා ආණ්ඩුවට රුපියල් මිලියන 10,000ක පමණ මුදලක් ලැබෙන්න නියමිතයි. දැන් ආණ්ඩුව ජීවිත අහිමිවූවෙකුට ගෙවන්නේ රුපියල් ලක්‍ෂයයි. නමුත් අයවැය යෝජනාවට අනුව රු. ලක්‍ෂ 25ක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ නිසා වහාම එම වන්දි මුදල ලබාදිය යුතු බව අපි ආණ්ඩුවට මතක් කරනවා. ඒ වගේම රු. ලක්‍ෂ 25ට වඩා හාණි වූ නිවාස දේපොළ තිබෙනවා. මෙම සියලූ රක්‍ෂණ මුදල ජනතාවට ලබාදිය නොහැකි වුවත් සාධාණ ලෙස වන්දි ලබාදෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. 2003දී බිංදුවට වැටුණු ජනතාව අද නැවතත් බින්දුවට වැටිලා. ඔවුන්ගේ ජීවිත යථා තත්වයට පත් කරන්න ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතුයි. ඇතැම් රක්‍ෂණ සමාගම්වලින් ජනතාවට සාධාණ වන්දියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට ලැබෙන රක්‍ෂණ ප‍්‍රතිලාභය ඉතිරි කරගන්නේ නැතිව ජනතාවට ලබාදිය යුතුයි. ඒ වගේම මෙවැනි ආපදා වැළැක්වීම සඳහා ජාතික ආයතනයක් හදලා එයට අවශ්‍ය බලත ලබා දිය යුතුයි. ජපානය, ඇමරිකාව, ඉතාලිය, ඉන්දියාව වැනි රටවල දිගු කාලීන වැඩපිළිවෙළවල් මගින් මෙම ආපදා තත්වයන් වළක්වාගෙන තිබෙනවා.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දැක්වූයේ මෙවන් අදහසක් ,

2003 ගං වතුර අවස්ථාවේදී, සුනාමි ව්‍යසනයේදී රතු තරුව සහනසේවා බලකාය මැදිහත් වුණා. එම අවස්ථාවල ප‍්‍රායෝගික අත්දැකීම් සමගයි අපි මේ අවස්ථාවේදී ආපදා සහනවලට මැදිහත් වුණේ. 3,000කට ආසන්න ප‍්‍රමාණයක් රතු තරුව සහනසේවා බලකාය සමඟ එක්වී සිටිනවා. මෙම සහන සේවාවලදී රාජ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් වුණානම් ප‍්‍රමාදය වළක්වා ගන්න තිබුණා. ආණ්ඩුවේ ආයතනවල කි‍්‍රයාකාරිත්වය අවම වූ නිසා මුල් වටයේ ප‍්‍රතිසංස්කරණවලට බාදාදා ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකාය ආණ්ඩුවෙන් පිටස්තර කණ්ඩායමක් විදිහටයි මැදිහත් වුණේ. නමුත් අපි ප‍්‍රායෝගිකව මැදිහත් වෙලා මුල් වටයේදී පීඩාවට පත්වූ අය ගලවා ගැනීම කළා. ඔවුන්ට ආහාර ලබාදීමට කටයුතු කළා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ ති‍්‍රවිධ හමුදාව ඒ සඳහා විශාල උපකාරයක් කළා. ගලවා ගැනීම්වලට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතාම දුෂ්කර, ළඟාවිය නොහැකි ස්ථානවලට පවා යන්න පුළුවන් වුණේ ති‍්‍රවිධ හමුදාවේ සහාය නිසයි. දින දෙකක් පමණ ආහාරයක් නොමැතිව සිරවී සිටි කණ්ඩායම්වලට ආහාර ලබා දෙන්න රතු තරුව සහන කණ්ඩායමට හැකි වුණා. දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි ආණ්ඩුවේ ආයතන සිදුකළේ එම ස්ථානවලට එන අයට කෑම බීම දෙන එකයි. නමුත් එළියට ඒමට නොහැකිව සිරවී සිටි ජනතාවට සහන සැලසීමයි අත්‍යාවශ්‍ය වී තිබුණේ.

ජලය බැස ගිය පසු දෙවන අදියරේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීමටද රජය අසමත් වුණා. පානීය ජලය ලබාදීම සඳහා ළිං ශුද්ධ පවිත‍්‍ර කිරීම විශාල ප‍්‍රශ්නයක් වුණා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජල පොම්ප නැහැ. ජෙනරේටර් නැහැ. පෞද්ගලික මාධ්‍ය ආයතන සහ හිතවතුන්ගෙන් ලැබුණු බඩු බෙදන්න විතරයි ආණ්ඩුව කටයුතු කළේ. ඇතැම් ආණඩුවේ දේශපාලකයින් ජනතාවගෙන් ලැබුණු භාණ්ඩවලට ඔවුන්ගේ ලේබල් ගහලා බෙදුවා. එක් වගකිව යුතු ඇමතිවරයෙක් කෙසෙල් ගෙඩි 5කට තමන්ගේ නම දාන්න තරම් පහත් තත්වයකට වැටුණා. ආණ්ඩුවේ කටයුතු බඩු බෙදීමට සීමා වුණා. නමුත් රතු තරුව ඇතුළු ස්වේච්ඡුා සහන කණ්ඩායම් ළිං, ගෙවල් දොරවල්, ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීමට දැනටත් මැදිහත් වෙමින් ඉන්නවා. ආපදාවට පත්වූවන්ට එම කටයුතු පෞද්ගලිකව කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන්ට සහාය ලබා දිය යුතුව තිබෙනවා. හිනිදුම, මාපලගම සහ රත්නපුරයේ ඇතැම් නගර මුළුමනින්ම ජලයෙන් යටවුණා. එම නගරවල ව්‍යාපාරික ස්ථාන නැවත ආරම්භ කිරීමට නොහැකි තත්වයකයි තිබෙන්නේ. ඒ වගේම පෙර පාසැල්, පාසැල් රෝහල් වැනි ස්ථාන යථා තත්වයට පත් කිරීමට ශ‍්‍රමදාන අවශ්‍ය වෙලා තිබෙනවා. කළුතර, ගාල්ල, මාතර, රත්නපුර දිස්ත‍්‍රික්කවල ඇතැම් පාසැල්වල උපකරණ නැවත භාවිතා කරන්න බැරි තරමට විනාශ වෙලා. ගාල්ලේ විනාශයට පත්වූ පාසැල් 16න් 07ක්්ම රතු තරුව සහන කණ්ඩායම්වලට ශුද්ධ පවිත‍්‍ර කරන්න පුළුවන් වුණා. නමුත් ශ‍්‍රමදානවලට එහා ගිය මැදිහත් වීමක් ආණ්ඩුවෙන් කළ යුතුව තිබෙනවා. රත්නපුරයේ අයගම නගරය සම්පූර්ණයෙන් විනාශ වුණා. රෝහල, පොලීසිය තිබුණු තැන්වල නැහැ. ඒනිසා එම ප‍්‍රදේශ යළි නගා සිටුවීමට රාජ්‍ය යාන්ත‍්‍රණයක් අවශ්‍යයි. නමුත් දැන් තිබෙන රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ එවැනි සැලැස්මක් පේන්න නැහැ.

ආණ්ඩුවේ දේශපාලකයින්ගේ මැදිහත්වීම බඩු බෙදීමෙන් අවසන් වෙලා. ඇතැම් දේශපාලකයින් තමන්ගේ පාක්‍ෂිකයින්ට පමණක් බඩු බෙදනවා. අපි වගකීමෙන් කියනවා, රතු තරුව සහන කණ්ඩායම කිසිම වෙලාවක පාක්‍ෂිකභාවයෙන් වැඩ කරලා නැහැ. මේ වෙනකොට වෛද්‍ය සායන සඳහා මැදිහත්වීමක් ඕනෑ. ඒවා දුර්වල වෙලා තිබෙනවා. නිවාස, පෙර පාසැල්, පාසැල්, ව්‍යාපාරික ස්ථාන යථා තත්වයට පත්කළ යුතුව තිබෙනවා. ඇතැම් පාසැල් සඳුදා දිනයේ ආරම්භ කරන්න බැහැ. උපකරණ හිඟයි.

මේ ව්‍යසනයෙන් ආපදාවට පත්වූවන් වෙනුවෙන් හිතවතුන්ගේ ආධාර ලබාදී තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්, එතෙර අපි සංවිධානය භාණ්ඩ හා මුදල් එකතු කොට තිබෙනවා. ඒ වෙන්වෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මීළඟ අදියර විය යුත්තේ නැවත මෙවන් ව්‍යසනයක් ඇති වීම වැළැක්වීමයි. ඒ සඳහා ස්ථීරව පියවක් ගත යුතුව තිබෙනවා.

ඒ වගේම මේ වනවිට ආපදාවට පත් දිස්ති‍්‍රක්කවල තේ කර්මාන්තය බිඳ වැටිලා. කුඹුරු හානි වෙලා. ජල මාර්ග විනාශයට පත්වෙලා. එම ගොවියන්ට වන්දි දෙන්න සැලසුමක් නැහැ. ආණ්ඩුවේ රක්‍ෂණයෙන් වන්දි ලබා දෙන්නේ ජීවිත හානියට හා නිවාස හානියට පමණයි. නමුත් ඒවා තක්සේරු කරන්නේ කොහොමද කියලා පැහැදිලි නැහැ. ගොවිතැන් හානි වූවන්ට වන්දි ලබාදීම සඳහාත් සැලසුම් සකස් කළ යුතුව තිබෙනවා. නැතිනම් ඔවුන්ටත් සිදුවන්නේ සාමසර, මීතොටමුල්ල, සාලාව ජනතාවට වගේ වගේ උද්ඝෝෂණ කරන ජනතාවක් බිහිවීමයි. ආණ්ඩුව කළ යුත්තේ උද්ඝෝෂණ කරන එක වැරදියි කියනවා වෙනුවට ජනතාව පාරට බහින එක වළක්වන එකයි. ඒ සඳහා සාධාරණ ක‍්‍රමවේදයකට සහන සැලසිය යුතුයි. ඒවගේම අපි කියනවා පක්‍ෂ භේදයකින් තොරව ජනතාවට වන්දි ලබාදිය යුතුයි. මෙය අවතක්සේරු කරන්න එපා කියලත් ආපි ආණ්ඩුවට කියනවා.

ඒවගේම මේ ව්‍යසනයේදී ආගමික නායකයින් විශාල මැදිහත් වීමක් කළා. පහුගිය කාලයේ ඇතැම් කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය හදන්න උත්සාහ කළා. නමුත් පංසල්, පල්ලි ඒකාබද්ධ වෙලා සහන කටයුතුවලට මැදිහත් වුණා. ආගමික සංහිදියාව ඇතිවුණා. ඒ නිසා ජනතාව ප‍්‍රායෝගිකව ඔප්පු කරලා තිබෙනවා එකතු වෙන්න සූදානම් කියලා. එහෙනම් ආණ්ඩුවට ඇයි බැරි? ඇතැම් නිලධාරීන් අපට කියා තිබෙනවා, ආණ්ඩුවේ ඇතැම් තද තීීරණ නිසා මැදිහත් වීමට අපහසුයි කියලා. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ රාජ්‍ය නිලධාරීන්, ජනතාව සම්බන්ධ කරගෙන ඉදිරි කටයුතුවලට මැදිහත් වීමයි.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

මෙම ආපදාව ඇතිවීමට ප‍්‍රධාන ප‍්‍රශ්නය වුණේ ඇතිවූ තත්ත්වය හරිහැටි ජනතාවට වාර්තා නොවීමයි. ඒ වගේම ගංගාවල මෝය කටවල ගොඩනැගිලි ඉදි කරන්න අවසර දුන්න පරිසර ආයතනවල නිලධාරීන්, පරිසර ඇමතිවරු මේ ව්‍යසනයට වග කියන්න ඕනෑ. ඇතැම් ගංගාවල මෝය කටවල්වලින් ජලය පිටවෙන්න හැකියාවක් නැහැ. අධිවේගී මාර්ගය ඉදි කිරීම මේ ගංවතුර තත්වයට ප‍්‍රධාන හේතුවක් නොවේ. අධිවේගය හදන්නත් පෙර මාතර දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශ ජලයෙන් යටවුණා. නමුත් ජීවිත හානියට ආණ්ඩුවට වගකිව යුතුයි. මොකද, ජනතාවට ආපදා තත්වය දැනුම් දීමට ආණ්ඩුවට නොහැකි වුණා. එනිසා ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ ආපදාවට ලක්විය හැකි ජනතාව පූර්ව සූදානම් කිරීම, දැනුවත් කිරීම සහ ආපදාවන් වැළැක්වීමට කටයුතු සිදුකිරීමයි. අනාවැකි කීමේ හැකියාව තිබෙනවා නම් ජීවිත හානි සිදුවීම වළක්වාගන්න පුළුවන්. දේපොළ හොයාගන්න පුළුවන්. නමුත් ජීවිත නැවත ලබාගන්න බැහැ.

අපි පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා තිබෙනවා. එම විවාදයේදී අපි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරනවා, දැනට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොයි තරම් බඩු එකතුවෙලා තියෙනවාද කියලා. මොකද, ආණ්ඩුවේ මැදිහත් වීම ඉතාම අවමයි. ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනාධිපතිවරයාත් සහභාගී වූ රැුස්වීමේදී අපට දැනගන්නට ලැබුණා, ආපදාවකට ලක්වූ පුද්ගලයෙකුට ආණ්ඩුව වෙන්කර තිබුණේ රු. 90ක් තරම් සුළු මුදලක් බව. අපේ රටේ ජනතාව, පුද්ගලික මාධ්‍ය ආයතන භාණ්ඩ බෙදුවේ නැත්නම් ආපදාවට පත් ජනතාව අදත් බඩගින්නේ. ආණ්ඩුවේ වගකීම විය යුත්තේ අනෙකුත් ස්වේච්ඡුා සංවිධාන කරන එක බලාගෙන ඉන්න එක නෙවෙයි.

සුනාමිය අවස්ථාවේදී ආපදා ඇමතිවරයා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ කෙනෙක්. සුනාමියට ලැබුණු බඩු අනුරාධපුරයේ අරගෙන ගිහින් තිබුණා. හිඟුරාන, අක්කරපත්තුව ප‍්‍රදේශවල සුනාමි ගෙවල් 500ක් හදලා තිබුණා. නමුත් ඒ ප‍්‍රදේශවල කවුරුත් පදිංචි වුණේ නැහැ. ඒ වගේ දේවල් මේ අවස්ථාවේදීත් වෙන්න පුළුවන්. පිටරටවලින්, තානාපති කාර්යාලවලින් මේ වනවිට ආධාර ලබාදීමේ සූදානමක් තිබෙනවා. නමුත් එම ආධාර ලැබෙන විට මාස ගණනාවක් ගත වෙනවා. නමුත් ඒ වනවිට විපතට පත් ජනතාව සාමාන්‍ය ජීවිතවලට පැමිණෙනවා. එම ලැබෙන ආධාර විපතට පත්වූවන් අතරම ලැබෙනවාද කියලා සැලකිල්ලෙන් සිටිය යුතුයි. ඒ සඳහා මාධ්‍ය ආයතනවලට වගකීමක් තිබෙනවා.

   

උපුල් තරංගට තරඟ තහනමක්



ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක උපුල් තරංගට ශූරයන්ගේ කුසලානයේ ඉදිරි තරග දෙකක් තහනම් කර තිබේ.

ඒ ඊයේ 03 දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී පන්දු යැවීමට කාලය වැඩි වශයෙන් ලබාගැනීම හේතුවෙන්ය.

ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 යැවීම සඳහා පැය 4 කට වැඩි කාලයක් ලබාගත් බවයි.

ඒ නියමිත කාලය ද ඉක්මවා යමිනි.

උපුල් තරංග විසින් වරද භාරගෙන ඇති අතර ලබාදුන් දඩුවම ද පිළිගෙන තිබේ.

එබැවින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදු නොවන බව සඳහන්ය.

මෙම තහනම හේතුවෙන් ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන ඉදිරි තරග දෙක වන පකිස්ථානයට සහ ඉන්දියාවට එරෙහි තරග උපුල් තරංගට අහිමි වෙයි.

උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

තරංග සඳහන් කළේ පිටියේ පන්දු රැකීමේ නිරතව සිටියදී පන්දුවාර යැවීමේ ප්‍රමාදය පිළිබඳ විනිසුරුවරුන් තමා දැනුවත් කළ බවයි.

පන්දුවාරයක් අවසානයේ ඊළග පන්දුවාරය වෙත යාමේදී මෙම කාලය වැය වීම සිදුවු බව ද ඔහු පෙන්වා දෙයි.

පන්දුවාර 10 ක් අවසානයේදීත් තම කණ්ඩායම පන්දුවාර 12 ක් යැවීමේ කාලය ලබාගෙන තිබු බව තරංග කියාසිටියේය.

අවසන් පන්දුවාර කිහිපයේ එම කාලය කළමණාකරණය කර ගැනීමට නොහැකි වු බව ද ඔහු පෙන්වා දුනි.(03) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ ද උපුල් තරංගය.

ඒ ලකුණු 57 කි.

උපුල් තරංගට පැනවු මෙම තරග තහනමට අමතරව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් සියයට 60 ක දඩයක් ද පැනවෙනු ඇත.

සමාජ ජාල හරහා සංහිඳියාව බිඳින සංවිධානවලට නීතිය දැඩිව


සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවය.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වන්ද්‍යාකරන බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ ආකාරයේ අසත්‍ය ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්වේ.

එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.