08 June 2017

මහින්ද අදත් නායි! - දේවානම්පියතිස්ස මිහිදු පුතාට බුද්ධාගම දුන්නා | PHOTO


පොසොන් පොහොය දිනය වෙනුවෙන් පා.ම මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ තිබෙන සාවද්‍ය තොරතුරු කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල මේ පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබේ.

එම නිවේදනයට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මිහිදු හිමියන්ට බුද්ධාගම ලබාදුන් බව සහ මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුගේ පුතෙකු බව හැඟියන ආකාරයෙන් භාශාව භාවිත කර තිබේ.

බෞද්ධයින්ගේ වැදගත් පොහෝ දිනයක් වන පොසොන් පොහොය දිනයේදී මධුවිතයෙන් මත්වූ ලේකම්වරු විසින් ලියන ලද පණිවිඩ නිකුත් කිරීම හරහා මහින්ද රාජපක්ෂ මහතා බුද්ධාගමට අගෞරව කර ඇති අතර සිය කීර්තිනාමයද නැතිකරගෙන තිබේ.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කො‌ළඹ නවලෝක රො‌හලේදී අභාවප්‍රාප්ත වුණා.

“සුදු ම පොකුරක්..”, “සඳ රේණු..” වැනි ගීතවලින් ජනප්‍රියතත්වයට පත් ප්‍රින්ස්, 90 දශකදී  ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි තරුවක්.

එන්සෙපලයිටිස් නම් රෝගයට  කලක් තිස්සේ ගොදුරු වී සිටි ඔහු, අවසාන කාලය ගත කලේ සිය නැඟනියගේ සෙවනේයි.

ඔහුගේ අවසන් කටයුත් පිළිබඳව පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසනවා.

හෝමෝසේපියන් තවත් වසර ලක්ෂයක් පැරණිලු


නැගෙනහිර අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් හෝමෝසේපියන් (නූතන) මානවයාගේ විකාශනය අදින් වසර ලක්ෂ දෙකක් නොව, ලක්ෂ තුනකට පමණ පෙර සිදුව ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

උතුරු අප්‍රිකාවෙන් හමුවූ හෝමෝසේපියන් මානව පොසිල කිහිපයක් සමග කලින් පැවති අදහසට වඩා වසර ලක්ෂයකට ඔබ්බෙන් හෙමෝසේපියන් විකාශනය දිවෙන බව විද්‍යාඥයෝ පවසති.

එමෙන්ම, මෙම මානව විකාශනය මහද්වීපය පුරා විහිදී යන බවටද මෙම නවතම සොයා ගැනීමත් සමග හෙළි වී තිබේ.









පර්පෙචුවෙල් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වෙයි

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බව එම සමාගම වෙනුවෙන් ලංසු තැබූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නියෝජිත ජේ.කේ.ඞී.ධර්මපාල ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මේ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (8) සාක්ෂි ලබාදෙමින්.

ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නියෝජිත ජේ.කේ.ඞී.ධර්මපාල ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සිදුවු දිනයේ සිය කාර්යාලයේ ස්ථාවර දුරකතනයෙන් සිදුකළ ඇමතුම්වල හඬ පට ඊයේ කොමිසම හමුවේ වාදනය කෙරුණා.

ඊට අනුව බැඳුම්කර වෙන්දේසිය ආරම්භ වීමෙන් පසු පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සාක්ෂිකරුව අමතා තිබෙනවා.

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් ලංසු තබන ලෙස ඔහු එහිදී ඉල්ලා ඇති අතර, එය විද්‍යුත් තැපෑල හරහා ලිඛිතව යොමුකරන ලෙස සාක්ෂිකරු ඔහුට දන්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, එම තොරතුරු කසුන් පලිසේන යොමුකර ඇත්තේ සාක්ෂිකරුගේ කාර්යාලයීය ජංගම දුරකතනයටයි. එහිදී කොමිසම සඳහන් කළේ මෙම ලංසු තැබීමට අදාළ කරුණු ලිඛිතව යොමු නොකර ලංකා බැංකුව හරහා ලංසු තැබීම සිදුකිරීමට පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම උත්සාහ දරා ඇති බවයි.

ලංකා බැංකුව රුපියල් බිලියන 13 ක එකතුවකින් යුත් ලංසු 03 ක් 12.5% කට වැඩි අනුපාතයකට පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් එදින ලංසු තැබූ බව සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර දිනයේ එම නිකුතුවේදී මහ බැංකුව එකඟ වූ අනුපාතයම ඉදිරිපත් කරමින් ලංසුවක් තබන ලෙසට මහ බැංකු නිලධාරියෙකු ලංකා බැංකුවට පැමිණි බවද සාක්ෂිකරු සඳහන් කළා.

ඔහු තවදුරටත් කියා සිටියේ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු මහ බැංකුවේ නිලධාරීන්ටද ලැබී ඇති බව මෙම සිද්ධියෙන් පෙනී යන බවයි.

මිනිස්සු හිනස්සවන මිස්ටර් බීන්ගේ නොදු‍ටු පැත්තක් ලීක් වෙයි | VIDEO

මිස්ටර් බීන් කියන නම අද ලෝකේ ඕනෑම කෙනෙක් දන්නවා. නම ඇහුවත් හිනා යන තරමට ඔහුගේ චරිතය අද ලෝකයේ ජනප්‍රිය වෙලා.

ඔහු එක් චරිතයකට පණ පොවන්න කලින් ඒ වෙනුවෙන් ඔහුගේ සහායකයින් සමඟ බොහෝ සූදානමක් වනවා.

අපිව සතු‍ටු කරන ඒ චරිත බිහිවන්නෙ එවන් පෙර සූදානමක් ඇතුව. මේ තියෙන්නේ චරිතයකට මිස්ටර් බීන් පෙර සූදානම් වන ආකාරයක්.



රටට දිනා ගෙනා පදක්කම් විකුණන්න බැරි ලෙස නීති ගේනවා

රට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීමට හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන ලෙස නව නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

ආපදා නිසා තේ කර්මාන්තයට විශාල පාඩුවක්

ගං වතුර හා නායයෑම් වලින් තේ කර්මාන්තයට රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් සිදුව ඇති බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි.

ආපදා තත්ත්වයෙන් තේ කර්මාන්ත ශාලා 26කට හානි සිදුව ඇති අතර ඉන් 14ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව තේ කොමසාරිස්වරයා පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් තේ අපනයනයට ද යම් බලපෑමක් එල්ලවන බව තේ ‍ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පැවසුවේය.

ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ කුඩා තේ වතු හිමියන්ට සහන ලබාදීම පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කර ඇති බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසුවේය.

සුසන්තිකාට හමුදාවෙනුත් රු 60000ක් දීලා

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී කෙටිදුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් 60000ක් හා ඉන්ධ දීමනාව වශයෙන් රුපියල් 15000ක් ලබාදීමට අමතරව යුද හමුදාව මගින්ද මාසිකව රුපියල් 60000ක දීමනාවක් ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා (07දා) පාර්ලිමේන්තුවේදී අණාවරණය කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී ඔහු මේ බව සඳහන් කළේය. සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා හමුවීමට පැමිණෙන ලෙස ලිපියකින් දැනුම් දී ඇති බවත් ඔහු පැවැසීය.

එසේම සුසන්තිකා ජයසිංහට පමණකි නොව, ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දක්ෂතා දැක්වූ ශ්‍රියාණි කුලවංශ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මාසිකව දීමනාවක් ලැබෙන ආකාරයේ වැඩසටහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

සීනි මිල 10 කින් ඉහල යන විට – ටී, ප්ලේන්ටී මිලත් ඉහලට

සීනි සඳහා නව බදු පැනවීමත් සමග සීනි මිල ඉහළ යෑමට අමතරව කිරි තේ සහ ප්ලේන්ටි, රසකැවිලි මිල ඉහළ යෑමද සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මේ වනවිට සීනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට පත්ව තිබෙන බවත්, එහෙත් මෙම ද්‍රව්‍ය සඳහා පාලන මිලක් නොමැති බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේය.

මේ හේතුවෙන් වෙළෙඳ සැල් හිමියන් විසින් තමන්ට අභිමත ආකාරයට සීනි අලෙවි කරමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

ආනයනික සීනි සඳහා රුපියල් 10ක බද්දක් පැනවීමට සාපේක්ෂව සීනි කිලෝවක් සඳහා වහාම පාලන මිලක් නියම කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍යවරයාගේ මෙම බද්ද හේතුවෙන් සමස්ත සීනි පරිභෝජනය කරන පිරිස් අපහසුතාවන්ට පත්වන බවද රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.