09 June 2017

ත්‍රස්තවාදියා මෙන්ම ත්‍රස්තවාදයේ බළල් අත් ද හඳුනාගත යුතුය

ශ්‍රී ලංකාවට අදාළ ආසන්නතම සිදුවීම් පිළිබඳව සලකා බැලීමේදී ශිෂ්ට සම්පන්න පුරවැසියන් තැතිගන්වන සු`එ ප්‍රවනතාවයක් මෙන්ම සාම්ප්‍රදායික සමාජ නායකත්වයකට මුවාවී සිදුකරන දැවැන්ත මතවාදී බලපෑමක් ද දැකගත හැකි වේ. වැඩිදුර නොගොස්, බැලූ බැල්මටම කිවහැක්කේ මේ ප්‍රවනතා දෙකම ශ්‍රී ලංකාවට මාරාන්තික ප්‍රතිඵල ගෙන ආ හැකි ඒවා බවයි. එක් අතකින් සැලකීමේදී එය පුරෝකථනයකටත් වඩා අනතුරු ඇඟවීමක් ලෙසට තේරුම් ගතයුතුව ඇති තරමටම එම තත්වය ඉතාමත්ම බැරැරුම්ය.

ආගමික අන්තවාදය

මෑත යුගයේදී රටතුළ මතුකිරීමට උත්සාහ කරන ප්‍රවනතාවය වන්නේ මුස්ලිම් ජනවර්ගය හා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රහාරයන්ය. එය මේ දක්වා බිහිසුණු අඩියකට පැමිණ නැතත් නියතවශයෙන්ම එවැනි තත්වයකට පත්වීමට පෙර මර්දනය කළයුතුව ඇති තත්වයක් බව නම් ඉතා පැහැදිළිය. එය සැලකියයුතුව ඇත්තේ අනුකම්පාවකින් තොරව විනාශ කළයුතුව ඇති භයානක සර්පයෙකු ලෙසටය. එය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා බැදී සිටින ආයතන පද්ධතිය හොඳින් තේරුම්ගෙන ඇතිවා වියහැකි වුවත් සාමාන්‍ය පුරවැසියන් ද තේරුම්ගත යුතුව ඇති සත්‍යයක් තිබේ. එනම් පෙර සඳහන් කළ ප්‍රහාරයන් හරහා ඉස්මතු කිරීමට උත්සාහ කරනු ලබන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ අභිලාෂයන් හෝ අපේක්ෂාවන් නොවන බවය. නියතවශයෙන්ම ඒවා පසුපස සිටින්නේ අන්තවාදී ආගමික හා ජාතිවාදි කල්ලි කිහිපයක් පමණකි.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ ගෙවුණු මෑත අතීතය තුළ ජාතිවාදය මෙන්ම ආගම්වාදය පදනම් කරගනිමින් සිදුව ඇති විනාශයන්හි ප්‍රතිඵල අපට ඔරොත්තු නොදෙන තරම්ය. ඒ තුළ විනාශයට පත්වූයේ ජාතික ධනය, මිනිස් ජීවිත පමණක් නොව රටේ වර්තමාන පරපුරට උරුම වියයුතුව තිබූ සහ අනාගත පරපුරට ද අහිමි කරලූ සංවර්ධනයයි. ඒ ගැන මෙනෙහි කිරීමේදී අබ ඇටයක හෝ මොළයක් ඇති කිසිවෙකු නැවත එවැනි විනාශකාරී යුගයකට අත නොවනනු ඇත. අනෙක් අතට එවැනි උත්සාහයක යෙදෙන හැම කෙනෙක්ම ඉතා මැනවින් අවබෝධ කරගත යුතු බරපතළ සත්‍යයක් ද තිබේ. එනම් අප රට තුළ මතුවූ එවැනි අපකීර්තිමත් ගැටුම්කාරී තත්වයන් අවසානයේ අප රට තුළ ම සමහන් කරගැනීමට එදා අපට හැකිවූ නමුත් අනාගතයේදී එය එසේ නොවීමට බොහෝදුරට ඉඩඇති බවය. ලෝක මට්ටමෙන් මේ වනවිට ගොඩනැගෙමින් ඇති ත්‍රස්තවාදී ප්‍රවණතා සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී ඇතිවිය හැකි එවැනි යම් සු`එ සිදුවීමක් පවා ජාත්‍යන්තර වශයෙන් සිදුවන බිහිසුණු අතපෙවීමකට ද කැඳවීමක් වියහැකි බව තේරුම්ගැනීම එහිදී ඉතා වැදගත්ය. එය රාජ්‍ය මට්ටමෙන් හෝ රාජ්‍ය තාන්ත්‍රික ආයතන මට්ටමෙන් සිදුවිය හැකි අතපෙවීම් නොව මේ වනවිට බලවත් රටවලට ද හිසරදයක් වී ඇති ගෝලීය ත්‍රස්තවාදයේ අතු ඉති වීමට බොහෝදුරට ඉඩ තිබේ.

අනෙක් අතට අද වනවිට එවැනි බිහිසුණු අනතුරකට අත වනමින් සිටින්නේ අප රට තුළම සිල්රෙදි පොරවාගෙන සිටින ත්‍රස්තවාදී මානසිකත්වයෙන් යුත් කණ්ඩායම් කිහිපයක් විසින් වන බවද අප තේරුම්ගත යුතුව ඇත. “ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධි ත්‍රස්තවාදයේ නව ආකෘතියක් ” මැයෙන් සටහනක් තබා ඇති ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු විද්වතා මැනවින් පෙන්වා දී ඇති පරිදි ජාතිය හා ආගම ඉදිරියට දමමින් මේ අන්තවාදී කල්ලි කිහිපයක්ම නිරතව සිටින්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලියක ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිර්වචනය කර ඇති ආකාරයට “ඕනෑම ක්‍රියාවක් එහි ස්වභාවය හා සන්දර්භය අනුව ජනතාවක් තැති ගන්වයි නම් හෝ ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ලවා යමක් කරවා ගැනීමට මෙන්ම නොකරවීමට බලකරයි නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පැහැදිළිය.

අන්තවාදය ත්‍රස්තවාදයක් ලෙස
ඒ අනුව මෙකී අන්තවාදීන්ගේ උපාය මාර්ගයන් දෙකම සැලකිය හැක්කේ ත්‍රස්තවාදයක් ලෙසටය. පළමුව ඔවුන් මේ රටේ එක්තරා අගමික කොටසක් භීතියට පත්කරමින් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පහර දෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන විනාශ කිරීම සඳහා තැත් කරයි. එය පෙර සඳහන් කළ ත්‍රස්තවාදයේ එක් අර්ධයකි. එහි අනෙක් අර්ධය වන්නේ එවැනි සිදුවීම් පාලනය කිරීමට හා අදාළ වරදකරුවන්ට නීතියට අනුව දඬුවම් ලබාදීමට රජය මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින රාජ්‍ය ආයතන වලට කරමින් සිටින බලපෑමයි. මේ වනවිට අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති ආන්දෝලනාත්මක භික්ෂු චරිතයක් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඇතැම් පාර්ශවයන් සිදුකරන බලපෑම ද අයත් වන්නේ ඉහත ගණයට ය.

එහිදී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශව මතුකරන ප්‍රධානතම තර්කයක් වන්නේ ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නේ නම් ඒ ආකාරයෙන්ම ජාතිවාදි ප්‍රකාශ සිදුකරන දෙමළ හා මුස්ලිම් දේශපාලන චරිත ද අත්අඩංගුවට ගතයුතුව ඇති බවය. රටේ නීතියට එරෙහිවන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම අදාළ ආයතන වල වගකීමකි. එහි කිසිදු ප්‍රශ්නයක් තිබිය නොහැකිය. එහෙත් ඒ සියලු දෙනාම මේ වග ද හොඳින් තේරුම්ගත යුතුව තිබේ. එනම් කිසියම් මිනීමැරුමක් පිළිබඳව පැහැදිළි සාක්ෂි ඇති මිනීමරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වෙද්දි මිනීමරා ඇත්තේ තමා පමණක් ද යන්න ප්‍රශ්න කරමින් අනෙක් සියලු මිනීමරුවන්ට දඬුවම් දී තමා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට තර්ජනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. අනෙක් අතට ඔවුන් මතුකරන පරිදි ජාතිවාදය හා ආගම්වාදය මතුකරමින් රටේ සාමය කඩකිරීම සඳහා මේ රටේ ඕනෑම ජනවර්ගයකට අයත් දේශපාලනඥයෙකුට චෝදනා ඇත්නම් ඒවා ඉදිරිපත් කළයුත්තේ අවලාද ස්වරූපයෙන් නොව, නිශ්චිත සාක්ෂි මතය. එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව මුළා කරමින් අපරාධ චෝදනාවන්ගෙන් ගැලවී සිටීමට කිසිවෙකුට අවස්ථාවක් දියයුතු නැත.

ඥානසාර උන්නාන්සේ

එමෙන්ම අප දන්නා තරමින් ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම පිළිබඳව ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට මොනතරම් චෝදනා තිබුණ ද මේ මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ එවැනි චෝදනාවකට නොවේ. මේ වනවිට උන්වහන්සේට චෝදනා එල්ල වී ඇත්තේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනාවකට ය. අධිකරණ කටයුතු වලට චේතනාන්විතව බාධාකිරීමේ චෝදනාවකට අදාළවය. ඒ අනුව නීතිය හමුවට ගොස් තම නිර්දෝෂිභාවය තහවුරු කරනු විනා උන්වහන්සේට ඇති වෙනත් විකල්පයක් ද නැත. ඒ සමගම මේ සිදුවීම මුල්කරගනිමින් සත්‍ය වසන්කරමින් ඒ තුළ ද ආගම්වාදය හා ජාතිවාදය වැපිරීමට තැත්කරන උදවියට කිවයුතුව ඇත්තේ ජාතියේ අනාගතය විනාශයට යොමුකරවන මේ ආකාරයේ මහා පාපකර්මයන්ට අත නොතබන ලෙසය.

| සුනිල් ජයසේකර

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ නැවතත් ධනවත් ක්‍රීඩකයන් අතර පෙරමුණට

පසුගිය වර්ෂයේ (2016) ලොව ධනවත් ක්‍රීඩකයන් 100දෙනා පිළිබඳ ඇමරිකානු ෆෝබ්ස් සඟරාව මගින් අනාවරණය කර ඇත. වාර්ෂික වැටුප්, දීමනා සහ වෙළෙඳ දැන්වීම් මගින් ඉපැයූ මුදල් මෙම ගණනය කිරීම සඳහා යොදාගෙන තිබේ.

මෙහි පෙරමුණ පෘතුගාලයේ රොනල්ඩෝ හිමිකර ගෙන ඇති අතර, ඔහුගේ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 93ක් (රුපියල් බිලියන 14.2) කි. දෙවන ස්ථානය ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක ලීබ්‍රෝන් ජේම්ස් හිමිකර ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 86.2 (රුපියල් බිලියන 13.12) කි.

තෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීය. ඔහුගේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 80 (රුපියල් මිලියන 12.9) කි. මෙම ලැයිස්තුවේ සිටින එකම ක්‍රීඩිකාව වන්නේ ඇමෙරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩාකා සෙරීනා විලියම්ස් පමණි. ඇයගේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 27 (රුපියල් බිලියන 04)කි.  

අධ්‍යාපනය අහිමි ළමුන් 50000ක් - සමීක්ෂණයකින් හෙළිවේ

 පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත්, ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නොමැති බවත් රජයේ පාර්ශ්ව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ 'ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය - 2016' වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණයවන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන හැකිය.

එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9ක් හෙවත් 452,661ක් පාසල් නොයති. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ත අදාළ වයස් කාණ්ඩයෙන් සියයට 1.12ක් කිසිදිනක පාසල් ගොස් නැත.

සමීක්ෂණ වාර්තාවට අනුව කිසිදිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත්වන දෙමව්පියන්ගේ දරුවන්ය. එය සංඛ්‍යාත්මකව 40394කි. එනම් කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් සියයට 78.82ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. ඉන් 2329ක් වතු හෙවත් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 4.54ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18කි.

සමීක්ෂණ වාර්තාව අනුව කිසිදා පාසල් නොයන දරුවන්ගෙන් 44,619ක් වයස අවුරුදු 5-11ත් අතර සීමාවේ පසුවන අතර, වයස අවුරුදු 12 - 14 අතර සීමාවේ පසුවන දරුවන් සංඛ්‍යාව 3395ක් වේ. වයස අවුරුදු 15–17ත් අතර කිසිදා පාසල් නොගිය දරුවන් සංඛ්‍යාව 3225ක් බවද එම වාර්තාවේ දැක්වේ. එනම් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 87.07ක් පසුවන්නේ වයස අවුරුදු 5-11ත් අතරය. සියයට 6.63ක් වයස අවුරුදු 12 – 14ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන අතර, සියයට 6.3ක් වයස අවුරුදු 15-17ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව පැහැදිලිය.

සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.

එමෙන්ම පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව පියා වෙනත් විවාහයන්ට යොමුවීම, දරුවන් නිවාසගත වීම, විවිධ අපරාධ හා අපචාරයන්ට දරුවන් යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත්කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු දරුවන් අතරමග පාසල් හැරයෑම කෙරෙහි බලපාන බවද සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

අධ්‍යාපනය ලැබීමට දරුවෙකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද තහවුරු කළ මූලික අයිතිවාසිකමක්ව තිබියදී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට අරාබි රටවල් ගත් තින්දුව මගේ ඉල්ලීමක් – ට්‍රම්ප්

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ඇමෙරිකානු ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය” සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.

ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.

අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ.

විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති. රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය.


’’ගහනවා තුන් හතර දෙනාටම මැරිලා යන්න’’ ඇමති ජෝන් මාධ්‍යවේදියෙකුගේ අම්මට ඇමතුවේ මෙහෙමයි | VIDEO

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවති කෙරවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ සාකච්ඡාවක් අවසානයේදී මාධ්‍යවේදියෙකු විසින් නැගු පැනයකට ප්‍රතිචාර දක්වමින් පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයෙනි.

මාධ්‍යවේදියා: ඇමතිතුමා, දැන් මීට කලිනුත් වත්තල බෝපිටිය ප්‍රදේශයට කුණු  ගෙනත් දැම්මා...එකේදී ඔබතුමාට තමයි චෝදනා එල්ලවෙලා තියෙන්නේ ඒ වෙනුවෙන් කතා කලෙත් නෑ, බැලුවෙත් නෑ  කියලා..

අමාත්‍යවරයා: මම නේන්නම් එතනින් මෙහාට ගෙනාවේ තමුසේ දන්නේ නැද්ද?..ඔය බොරු දාන්න එන්න එපා..ගහනවා තුන් හතර දෙනාටම මැරිලා යන්න..අයිසේ යනෝ ඔයි..අම්මට හු#$@#%..
තමුසේ දන්නේ නැත්නම් අහන්න එපා..ඒකත් නවත්තල දුන්නේ අපි..

මාධ්‍යවේදියා : ඇමතිතුමාට මිනිස්සු කියපු දේවල් අපි කිව්වේ

අමාත්‍යවරයා : මට ඒවා කියන්න එන්නෙපා..මිනිස්සු කියන ඒවා මම දන්නවා..එන්නෙපා මීට පස්සේ මේ ගේට්ටුවෙන් මෙහාට..තමුසෙලා වැරදි දේවල් දාල තිබ්බොත් මම නරක මිනිහා කියන්නෙපා...

 එම වීඩියෝව  බලන්න...

ආසියාවේ කළු වෙළඹගේ පදක්කම විකුණන්න යන කවුරුත් නොසිතූ වටිනාකම මෙන්න

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පසුගිය දිනෙක ඇය දිනාගත් පදක්කම විකුණා දමන බවට පවසා තිබුණා. මේ පිළිබඳව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාද ප්‍රකාශයක් සිදුකර තිබුණු අතර ඔහු විසින් පවසා තිබුණේ එලෙස පදක්කම් විකිණීමට ක්‍රීඩකයින් කටයුතු කරන්නේ නම් තමන් එය අනුමත නොකරන බවයි.

පසුව වාර්තා වුණේ එලෙස පදක්කම් විකිණීම තහනම් කිරීමට නීතියක් අනුමත කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව වන අතර මේ වන විට සුසන්තික ජයසිංහ පවසා ඇත්තේ තමා හිමිකරගත් ඔලිම්පික්‌ පදක්‌කම මිලට ගැනීම සඳහා පිටරටවලින් ඉල්ලීම් රැසක්‌ ලැබෙන අතර එම පදක්‌කම රුපියල් කෝටි විසිපහකට වැඩි මුදලකට විකිණිය හැකි බවයි.

මෙම පදක්‌කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් අපේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බවත් පවසන ඇය මෙම පදක්‌කම මෙපමණ වටිනාකමක්‌ තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද පවසා තිබෙනවා.

ඒ අනුව මෙම පදක්‌කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බවද සුසන්තිකා ජයසිංහ පවසා තිබෙනවා.

සුසන්තිකා මෙම ප්‍රකාශය කළේ එම පදක්‌කම වෙන්දේසි කිරීමට අදහස්‌ කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී ය.

සිංහල සිනමා වංශ කථාව හැඩ කළ මීදෙණිය වලව්වේ පුංචි මැණිකේ

1927 දී රුවන්වැල්ලට නුදුරින් පිහිටි මූදුගමුවේ උපන් අයිරාංගනී වලව් පෙළපතකින් පැවත එන්නියකි. උප්පැන්න සහතිකයේ ඇගේ නම සඳහන් වන්නේ අයිරාංගනී රොක්සානා මීදෙණිය යනුවෙනි. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. අයිරාංගනී රංග කලාවට අවතීර්ණ වන්නේ මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලබමින් සිටියදීය. පාසල් වේදිකාවේ රඟදැක්වුණු ‘පිග්මැලියන්’ නම් වූ ඉංග්‍රීසි නාට්‍යයේ ඇය රඟපෑවාය.

පාසල් සමයේ සිටම රඟපෑමට ඇල්මක් දැක්වූ ඇය වාර්ෂික ප‍්‍රසංගවලදී නාට්‍යයන් සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය. එහෙත් ඇයගේ සහජයෙන් උරුම වූ රඟපෑමේ කුසලතා කලඑළි බැසීමට ඉවහල් වූ පළමු කඩඉම ලෙස පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ වේදීකා නාට්‍යයන්ගෙන් ලැබූ අත්දැකීම්ය. අපට බලපෑම් කළ නොහැකි විශ්වයේ තීරණ සැබවින්ම පුදුම සහගතය. දෛවය විසින් ලියා ඇති කිසියම් ඉරණමක් ඇත්නම් පරිසර සාධක සියල්ල සැකසෙන්නේ එයට හිතවත්වය. එබැවින් ඇයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවීමද අහම්බයක් ලෙස විග‍්‍රහ කිරීම උචිත යැයි නොසිතේ. පළමුවම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයට හමුවන්නේ එංගලන්තයේදීය. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ටික කලක් එංගලන්තයේ පදිංචි වී ඇය නාට්‍ය පිළිබඳ හැදෑරීම් සිදු කරන අතරතුරය. අනතුරුව නැවත ලංකාවට පැමිණි අයිරාංගනී මහත්මිය 'ටයිම්ස් ඔස් සිලෝන්' නම් ජාතික පුවත්පතේ විශේෂාංග ඒකකයට සම්බන්ධ විය.

යා යුතු යැයි උපතේදීම ලියා තිබුණු අද්විතීය සන්ධිස්ථානයට ළඟාවීම සිදු වන්නේ 1956 වසරේදීය. ඒ ශ‍්‍රී ලාංකික සිනමාවේ ආරම්භය යැයි සලකන 'රේඛාව' චිත‍්‍රපටියේ රඟපෑමේ භාග්‍යය උදා වීමයි. එතෙක් ඉන්දියානු අනුකරණයක්ව පැවැති සිනමාව වෙනස් කරමින් ප‍්‍රථම වතාවට කැමරාව එළිමහනට ගෙන ඒමේ සුවිශාල අභියෝගයට අත තැබුවේ සිංහල සිනමාවට මැකී නොයන නාමයක් එක් කළ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'රේඛාව' චිත‍්‍රපටයත් සමඟය. චිත‍්‍රාගාරයක් තුළ සකස් කරන ලද පසුතල ඔස්සේ සිදු කරන ලද සියල්ල තාත්වික හා ජීවමාන අයුරින් ස්වාභාවික පරිසරය තුළ රූපගත කිරීමට ගත් එම තීරණය ආන්දෝලනාත්මක එකක් විය. එවන් සුවිශේෂී පසුබිමක් පදනම කරගනිමින් සිනමා වංශ කතාවට අවතීර්ණ වීමට ලැබීම ඇය ලද වාසනාවකි. දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිදු කළ එම රංගනයේදී ඇගේ සියලු කුසලතාවයන් මනාව ඔපමට්ටම් වූයේ පීරිස් මහතාගේ මග පෙන්වීම නිසා බව ඇගේ විශ්වාසයයි. අවසන, සියල්ලන් පළමුව අසාර්ථක වනු ඇතැයි උපකල්පනය කළ සිහිනය යථාර්ථයක් වූයේ සිනමා වංශ කතාව වෙනස් කළ කඩඉමේ ඇය කොටස්කාරියක් කරමිනි. එසේම ඇය රඟපෑමෙන් දායක වූ බොහෝ චිත‍්‍රපට පීරිස් මහතාගේ වීමද විශේෂත්වයකි. විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ චිත‍්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වී ඇති ඇය පුද්ගලිකව 'රේඛාව', 'සංදේශය', ‘සුදු සෙවණැලි' යන චිත‍්‍රපටවල රඟපෑ චරිතවලට විශේෂ කැමැත්තක් දක්වයි.

සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය නිෂ්පාදනය කළ 'යශෝරාවය' ඇගේ පළමු ටෙලි නාට්‍යයයි. එය අධ්‍යක්ෂණය කළ පරාක‍්‍රම නිරිඇල්ල මහතාගේ ආරාධනයකට අනුව ඊට සම්බන්ධ වන ඇය අනතුරුව සුසිල නිෂ්පාදන ආයතනය මගින් නිෂ්පාදනය කළ දූදරුවෝ, නෑදෑයෝ ආදී දිගු ටෙලි නාට්‍ය සියල්ලටම වාගේ රංගනයෙන් දායක විය. ඇයව සොයා පැමිණියේ බොහෝමයක් කඩඉම්ය. ඒ නිසාම ඇයට ඇත්තේ අමරණීය මතකයන් ගොන්නකි. සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙස සුසිල ආයතනය විසින් නිර්මාණය කළ අතිශයින්ම ජනප‍්‍රිය වූ 'ජීවිතය ලස්සනයි' ටෙලි නාට්‍යයේ රඟපෑමේ අවස්ථාවද ඇයට හිමි වූ බව මෙනෙහි කරන්නේ රසබර අයුරිනි. වර්තමානයේ අතිශයින්ම ජනප‍්‍රියත්වයට පත් ටෙලි නාට්‍ය කිහිපයකම ඇගේ සොඳුරු මුහුණ, ඇගේ නෙත් ඇද ගන්නා සුවිශේෂී රංගනයන් දැක ගැනීමට හැකිය.

විවිධ සම්මාන උලෙළවලදී සම්මානයට පාත‍්‍ර වී ඇති ඇය සම්මාන පිළිබඳ දක්වන ආකල්පයද පැසසිය යුතුය. ඇය පුද්ගලිකව දරන මතය වන්නේ සොඳුරු කලාවට තරගයක් අනවශ්‍ය බවයි. සම්මානයක් ලැබීම සිතට සතුටක් වුවත් තමන්ට අවංකව හදවතින් තෘප්තිමත් විය හැකි සාධාරණයක් රඟපෑ චරිතයට ඉටු කිරීම තරම් ලැබිය හැකි තවත් සම්මානයක් නැති බවයි ඇගේ විශ්වාසය.

ජීවිතයේ දුක සතුට උපේක්ෂාවෙන් භාරගැනීමට සූදානම් ඇය පරිසරය සමඟ ඇති කරගත් පළමු බැඳීමෙන් තවමත් මිදී නැත. පරිසරය හා වන ජීවීන් සංරක්ෂණය කිරීමේ පුරෝගාමී මාවතක යා හැකි උපරිම දුර ඇය පියවර තබමින් සිටී. ඒ ඇය විසින් අරඹන ලද 'රුක් රැකගන්නෝ' සංවිධානය මතිනි. සතුන්ගේ ස්වාභාවික වාසස්ථානයන් වන ගහ-කොළ රැක ගැනීමෙන් සමස්ත ලෝකයේම ජීවය රඳාපවතින බව 'රුක් රැකගන්නෝ' සංවිධානයේ පරමාර්ථයයි. ඒ උතුම් දැක්ම ඇයගේද පැතුමයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය 50කට අධික සංඛ්‍යාවක අපූර්ව චරිත ජීවමාන කළ ඇගේ ජීවිත චරිතය සැබවින්ම ප‍්‍රශංසනීයය. කැමරාව ඉදිරියේ කොතරම් චරිත රඟපෑවත් වඩාත් වැදගත් වන්නේ ඇගේ ජීවිතය රඟපෑමක් නොවීමයි. ඇය ජීවිත ගමනේදී නිවැරදි දේ පමණක් භාරගැනීමටත් වැරදි දේ ප‍්‍රතික්ෂේප කිරීමටත් එඩිතර වූයේ එබැවිණි. .......ඇගේ සුන්දර හිනාව පවසන කතාව අව්‍යාජත්වයේ ප‍්‍රතිමූර්තියක් බඳුය. තවමත් කැමරාව ඇයට සමු දී නැත්තේ ඇගේ ප‍්‍රතිභාව පැරදවිය නොහැකි බැවිණි. සොබාදහමේ ආශිර්වාදයෙන් වාසනාවට උපදින අයිරාංගනී සේරසිංහ මහත්මිය වැනි විශිෂ්ට කලාකරුවන් රටට වාසනාවකි. ශ‍්‍රී ලාංකිකයින් වශයෙන් ඊට ප‍්‍රණාමය පුද කරන අපි, ඇයට තව තවත් දීර්ඝායුෂ ලැබෙමින් ඉදිරියටත් දේශයට අභිමානවත් නිර්මාණයන් දායාද කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි ප‍්‍රාර්ථනා කරමු.

සිමෙන්ති කම්හල අබලි යකඩ වලට විකිණූ හිටපු හමුදාපතිගෙන් ප්‍රශ්න කෙරේ

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණන්  වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.

යුද්ධයෙන් පසුව මෙම කර්මාන්ත ශාලාව අවට  ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති  සමාගමට  නොදන්වා  යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා  අබලි යකඩ වෙනුවට   මෙම වටිනා  යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවටත් ඉන් එම සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභ වී ඇති බවට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණ.