22 June 2017

බුකියේ පත්තුවූ අනුර කුමාරගේ පුතුගේ විවාහය

ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුතු කසුන්ගේ විවාහය සම්බන්ධ ඡායාරූප පෙළක් පසුගියදා මුල්වරට පළවූයේ ජවිපෙ හිටපු සාමාජිකයෙකුට අයත් වෙබ් අඩවියකය. එය පසුව අන්තර්ජාලයේ බොහෝ තැන් වල පළවූ අතර කථාබහටද ලක් විය.

මේවායේ කසුන් සම්බන්ධයෙන් විවිධ විස්තර පළවූ අතර ඔහු පුද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම අනුර කුමාරගේ දේශපාලනයට පටහැනි බව එක් අදහසක් විය. කසුන් අනුර කුමාර මහතාගේ රියදුරා ලෙස වසර 3 ක් පමණ කටයුතු කළබවත් පසුව මහින්ද පාලන සමයේ මිහින් ලංකා ආයතනයේ රැකියාවකට ගිය බවත් මිහින් ලංකා අහෝසි කළ පසුව එයාර් ලංකා වෙත මාරුවූ බවත් එහිදී හමුවූ ලීසා සමග මෙසේ යුග දිවියට එලැඹ ඇති බවත් එම විස්තර වලින් කියැවිණි.

ඔහුගේ අධ්‍යාපනය හා රැකියා ලබාගැනීමේ දේශපාලනික හේතු දක්වමින් මේ ගැන විවිධ කතා පැතිර ගොස් තිබේ. කෙසේ වෙතත් කසුන් දිසානායක නමැති මෙම පුත්‍රයා අනුර කුමාරගේ පුතු බවට නම් කළත් සත්‍ය ලෙසම අනුර කුමාරට දාව උපන්නෙකු නොවන බවත් ඔහුගේ බිරියගේ පෙර විවාහයේ පුතෙකු බවත් මෙම කථාබහේදී හෙළි කර තිබුණි. අනුරගේ බිරියද අනුරට ළÛම ඥාති සම්බන්ධයක් ඇති අයෙකු බවද හෙළි කර තිබේ.

තවත් තැනක කියැවුනේ කසුන්ද අනුරගේ අඩිපාරේ යමින් ජවිපෙ පූර්ණකාලීනව කටයුතු කර ඇති අයෙකු බවයි.

මෙම හෙළිදරව් කිරීම් කවරක් අසත්‍යද කවරක් සත්‍යදැයි කිසිවෙකු පැහැදිලි කිරීම් සිදු කර නැත. එනමුත් සිය පුද්ගලික ජීවිත පිළිබඳ තොරතුරු හැමවිටම රහසක් වශයෙන් තබාගන්නා ජවිපෙ සාමාජිකයන්ගේ එම රහස්‍යභාවය නූතන සමාජ මාධ්‍ය ක්‍රියාවලිය තුළ අභියෝගයට ලක්ව ඇති බව පෙනෙන්ට තිබේ.

මේ වනවිට කසුන් හා සම්බන්ධ ෆෙස්බුක් පිටුවද අක්‍රීය කර තිබේ.




ගොසිප් ලංකා

'පෝයට බාර් වැසීමෙන් මත්පැන් භාවිතය වැඩිවෙනවා' අමාත්‍ය මංගල සමරවීර

පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අද (21දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බීර වලට වැඩිම බදු ලංකාවේ  

ස්ප්‍රීතු සඳහා අය කරන බදු වලට වැඩි බදු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව බීර වලට අයකරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. 

පාර්ලිමේන්තුවේදි අද විවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවත් ස්ප්‍රීතු සඳහා අයකරන බඳු සංශෝධනය කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

සුරාබදු ආඥා පනත යටතේ ඉදරිපත්වූ නිවේදනයක් පිළිබඳව මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැති අතර එම නිවේදනය පාර්ලිමේන්තුවේදී සම්මත විය.



යෝගා තුළින් ලෝකය ඉන්දියාවට සමීප වෙලා - මෝදි

 යෝගා අභ්‍යාස යනු නොමිලේ ලැබෙන රක්ෂණාවරණයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

අගමැතිවරයා මෙසේ පවසා සිටියේ ජූනි 21 දිනට යෙදුණු ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ලක්නව් නගරයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති යෝගා වැඩසටහනකට සහභාගී වෙමිනි.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මෝදි පවසා සිටියේ ඉන්දියානු සම්ප්‍රදායන් හෝ සංස්කෘතීන් නොහඳුනන මෙන්ම, හිංදි භාෂාව කතා නොකරන ලෝකයේ බොහෝ රටවල ජනතාව පවා මේ වනවිට යෝගා අභ්‍යාස තුළින් ඉන්දියාවට සමීප වෙමින් සිටින බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට වසර තුනකට පෙර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෑම වසරකම ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනයක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, මෙම යෝජනාවට ලෝකයේ බොහෝ රටවලින් යහපත් ප්‍රතිචාර හිමිව තිබුණි.

ඒ අනුව, මෙවර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාව පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය වූ අතර, මෙම වැඩසටහන් සඳහා ජනතාව විශාල ලෙස පැමිණීම නිසා දිල්ලියේ ඇතැම් මාර්ග වසා දැමීමට පවා සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

අගමැති මෝදි යෝගා අභ්‍යාස සඳහා කැපවූවෙකු ලෙස සැලකෙන අතර, ඔහු දිනපතාම යෝගා සඳහා කාලයක් වෙන්කර ගන්නා බවද කියැවෙයි. එමෙන්ම, වර්තමානය වනවිට ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල පවා යෝග අභ්‍යාස හා භාවනා ක්‍රම කෙරෙහි වැඩි නැඹුරුවක් දැකිය හැකිය.

ක්‍රීඩා ඇමතිව විවේචනය කිරීම නිසා මාලිංගට විනය පරීක්ෂණයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මනෙහි සිටින ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අද (22දා) ක්‍රිකට් ආයතනයට පැමිණෙන ලෙස ක්‍රිකට් බලධාරීන් දන්වා ඇතැයි 'අද' ට වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව විවේචනය කරමින් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම පිළිබඳව කරුණු විමසීමට මෙලෙස ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇතැයි අනාවරණය වේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්හි කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයෙක් නොවන හෙයින් ඔහුට අවවාද කර මෙම ගැටුම සමථයකට පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

කුවේණියගේ ශාපයෙන් ගොඩ ඒමට දගලන ජාතිකවාදී පිරිමි

සිංහල ජාතිකවාදීන් හා ඒ මත යැපෙමින් බඩගෝස්තරය සාදාගන්නා ජාතිකවාදී සංවිධාන රටේ කුමක් හෝ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් සිටී. ලෝකයේ සියලුම පැරණි රාජ්‍යයන් තුළ ජාතිකවාදයට එක්තරා ආකාරයක ඉඩකඩක් විවරව පවතී. ශීලාචාර රාජ්‍යයන් විවිධ නීති හා සම්ප්‍රදායන් ගෙන ඒමෙන් ජාතිකවාදය මත බිහිවිය හැකි අන්ත මූලධර්මවාදී පීඩනයන් සමාජය මත පතිත වීම වළක්වා තිබේ. ලංකාවේ ව්‍යවස්ථාව තුළත් අනෙකුත් භාවිතාවන නීතීන් තුළත් ජාතිය, ආගම, කුලය හා අනෙකුත් වෙනස්කම් මත පදනම් වූ අසංතුලිතතාවය වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහි නීතී රීති තිබේ. එසේ තිබුණද අළුයට ගිණි පුපුර මෙන් ජාතිකවාදී බලවේග ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළත්, සමාජය තුළත් විටින් විට පැන නගී. මීට දශක ගණනාවකට පෙර ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් වූයේ ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රභූ පන්තියේ දේශපාලන නායකයින්, උගත් භික්ෂූන්වහන්සේලා, කතෝලික පූජකවරු හා මුස්ලිම් පූජකවරුන්ය. මන්ද එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් තුන තුළම ජාතිකවාදයට ඉඩකඩක් තිබුණි. එය දේශපාලනික හා ආර්ථික ජයග්‍රහණ උදෙසා මූලෝපායික න්‍යායක් ලෙස සැමදාම භාවිතා කෙරුණි. නමුත් අද ජාතිකවාදී ව්‍යාපාරයේ තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස් වේ. අද මාධ්‍ය වලින් අපි දකින රටේ ක්‍රියාකාරී ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් ( සියලුම වර්ගයේ) 80% කටත් වඩා ලුම්පන්වරුය. ඔවුන් අතාර්කිකය, කලහාකාරීය, මුදලට ගිජුය, ප්‍රසිද්ධියට මහත් ගිජුය. එසේම ජාතිකවාදී ව්‍යාපාරික ක්‍රියාකාරිකයෙකු සදහා තිබිය යුතු විනයක් ඔවුන් සතුව නැත. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර එක් ප්‍රධාන තර්කයක් පිළිබද සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.

සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට ආකර්ෂණය වූ බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් හා එම මතයට සමපාත වන්නන් තුළ ඔවුන් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර ප්‍රධාන තර්කයක් වනුයේ සිංහල ජාතිකත්වය පිළිබද මහා වංශයේ සදහන් කරනු ලබන කතන්දරය අමු බොරුවක් බවයි. සිංහල ජාතිකවාදීන්ට මහා වංශය, නයාට අදු කොළ වාගේය.

මන්දයත් හින්දු ජනප්‍රවාදවල පැවත එන රාම රාවණා කතන්දරය සිංහල ජාතිකවාදීන් තුළ මහත් ආශ්වාදයක් ගෙන එයි. එනම් දඩු මොණරයෙන් ගමන් යන ඉන්දියාවට එරෙහිව සටන් කළ ප්‍රේමවෘත්තයක්ද සහිත රාවණා ප්‍රවාදය ජාතිකවාදීන් උත්කර්ෂයට පත්කරන්නක් වේ. කොටින්ම අද බයිසිකල් වින්කලයක්වත් ගොඩනගා ගත නොහැකි ජාතිකවාදියෙකුට රාවණාගේ දඩු මොණරය ගැන කීමෙන් පහසුවෙන් පොරක් විය හැක.

නමුත් මහා වංශය සිංහල ජාතිකත්වය ආරම්භය පිළිබද ඉදිරිපත් කරනු ලබන විජය, කුවේණි කතන්දරය මෙන්ම සිංහයෙකු හා රමණයෙන් බිහිවන විජය පෙළපත පිළිබද කතන්දරය ප්‍රතික්ෂේප කරන අතර, එය මහා වංශයේ ලියා තිබුණද ජාතිකවාදීන් ඉවෙන් මෙන් එහි ඇති අපකීර්තිය හදුනාගෙන තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ප්‍රමුඛ ඔහුගේ පිරිවර ශ්‍රී ලංකාවට ගොඩබසිනුයේ මල්වතු ගගට උතුරින් විල්පත්තු ඝණ වනාන්තරය මැද අදද දැකිය හැකි තම්බපණ්නිය නම් වූ ස්ථානයටයි. (එහිදී කුවේණිය යක්ෂ ගෝත්‍රිකයෙකු බව මහා වංශයේ කියයි.) කුවේණිය කපු කටිමින් සිටී. වසර 2500 කට පෙර ලංකාවේ මුල් ජනපදිකයින් කපු කටිමින් සිටියේ නම් ඔවුන් සංස්කෘතික ජාතියකි. එනම් ඔවුන් ඇදුම් ඇද නිරුවත වසාගෙන සිට තිබේ. එසේම ඔවුන් යක්ෂ ගෝත්‍රිකයින් ලෙස සිංහල මහා වංශ කතුවරයා කියනුයේ ඔවුන් මල්වතු ගගට උතුරින් ජීවත් වූ අය නිසා කිව හැකිය. එසේම විජය කුමාරයා පැමිණෙන විට ඔහු හා සන්නිවේදනය කිරීමට කුවේණිය සතුව ඉන්දියානු භාෂාවක් තිබී ඇත. එය විජය කුමාරයාත් භාවිතා කරන භාෂාවක් විය යුතුය. මාගේ තක්සේරුව නම් එය බොහෝ විට පාලි හෝ ද්‍රවිඩ හෝ සංස්කෘත යන භාෂා තුනෙන් එකක් විය හැකිය. එසේනම් ඉන්දියානු විජය ලංකාවට පැමිණීමට පෙර දකුණු ඉන්දියානු සංස්කෘතිය සහිත මිනිසුන් මෙහි වාසය කර තිබේ.

සිංහයාගෙන් පැවත එන යැයි කියන විජය හොදින් ඇද ඉන්දියානු භාෂාවක් කතා කරනු ලබන සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය රවටාගෙන හෝ පැහැරගෙන ( මා විශ්වාස කිරීමට කැමැත්තේ රවටාගෙන යනුවෙනි ) මල්වතු ගගෙන් දකුණේ තැනිතලා ප්‍රදේශයට පලා ගියේය. එය අප අද විශ්වාස කරනු ලබන මහා වංශයේ ප්‍රකාශ කරනු ලබන සිංහල ජාතියේ ආරම්භයයි. එනම් සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය උතුරු ඉන්දියානු පිටුවහලෙකු වූ විජය විසින් පැහැරගෙන විත් ආරම්භකරනු ලබන නව රාජ්‍යයයි. එය ආරම්භකරනු ලැබුවේ මල්වතු ගගෙන් දකුණේ අද අපි අනුරාධපුරය යැයි කියනු ලබන ප්‍රදේශයේය.

නමුත් ජාතියේ අපකීර්තිය ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයින් ( රෙදි අදින ) විසින් මරා දැමීමට නියමිතව සිටි විජයට ජීවිතය දුන්, තම ප්‍රේමය පුද කළ කුවේණිය පාවා දී නැවත එලවා දැමු මහා පිරිමියෙක් යැයි සිංහල ජාතිකත්වය ඇතිවීම පිළිබද කතන්දරය පිළිගැනීමට ජාතිකවාදීන්ගේ ඇති මැලි බවයි. එම නිසාම ලිඛිතව ලියා ඇති මහා වංශයට වඩා ප්‍රවාදයක් වූ රාවණා කතාව විශ්වාස කිරීමට ජාතිකවාදී නායකයින් හා එම ජනතාව අතර දැඩි ගිජුකමක් ඇත. එනම් තමන්ට ප්‍රේමය හා ජීවිතය පුද කළ ගැහැණියක් පාවා දී අවසනාවන්ත ඉරණමකට ලක්කළ පිරිමියෙකුගෙන් තම වර්ගයා බෝ වූවා යැයි කීමට ඇති දැඩි භීතියයි, අපකීර්තියයි. අපට කුඩා කළ සිට උගන්වන පරිදි කුවේණිය තම ගෝත්‍රිකයින් අතින් මරුණුවට පත්වීමට පෙර තම දරු දෙදෙනා වූ ජීවන්ත හා දිසාලා ආරක්ෂා කර වනයට පලවා හැර ශාප කලා යැයි කියයි. එම ශාපය හා අපකීර්තිය ජාතිකවාදීන්ට නයාට අදු කොළ මෙනි. නමුත් මේ මහා පුරුශයෝ හැන්දෑවට ගෙදර ගිය විට බත් තම්බා දෙනු ලබන්නේ කු‍වේණියගේ පරපුරේ අද ජීවත්වන ගැහැණුන්ය. ඔවුන්ද එදා කු‍‍වේණි වින්දාක් මෙන් දහසකුත් දුක් දෝමනස්නයන් මේ මහා කළු සිංහලයින්ගෙන් විදී. සිංහල ජාතිකත්වය හා එම ජාතික ව්‍යාපාරය සමාජයෙත්, ගෙදරත් දකින, හමුවන, ඇසුරුකරන කුවේණිලා මගහැර යාමට ඔවුන්ට මහා වංශය වෙනුවට රාවණා ප්‍රලාපය උගන්වයි. එසේ නොවුනහොත් සිංහල ජාතිකවාදීන් ප්‍රථමයෙන් බැට ගන්නේ ගෙදර සිටිනා කු‍වේණි පරපුරේ ගැහැණුන්ගෙන්ය. ( කුවේණිලාගෙන්ය )

ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුළු ජාතිය ගැන උඩ පැන පැන පරසක්වල ගසන බොහෝ ජාතිකවාදීන් අපේ කාලයේ කුවේණිලාගේ දරුවන් වූ ජීවන්තලාය, දිසාලාය. එය නොපිළිගන්නා ඔවුන් තමන්ගේ ආශාව රාවණා ෆැන්ටසිය තුළ දියකර රට ගිනි තැබීමට අර අදී. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුත්තේ ශීලාචාර රාජ්‍යයන් සියල්ලේම ශීලාචාර මිනිසුන් බාධක මැද්දේ වුවද බහු ජාතික, බහු වාර්ගික ආකල්ප පවත්වාගෙන යනුයේ සාමය මිල කළ නොහැකි නිසාය. සාමය හා ජීවිතයට වඩා කිසිවක් වටින්නේ නැත.

| තුෂාර වන්නිආරච්චි

පේරාදෙණිය සරසවියේ ලක්ෂ 320ක් වංචා කළැයි සීඅයිඩීයට පැමිණිල්ලක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් රාජ්‍යය බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමක් පියවා එහි තිබූ රුපියල් ලක්ෂ 320ක මුදලක් ලබාගෙන සැඟවී සිටින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍යය මුල්‍යය අධිකාරිවරයකුට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඊයේ (21) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ මුදල වැඩි පොළී අනුපාතයක් යටතේ වෙනත් බැංකුවක තැන්පත් කරන බව පවසමින් මෙම නියෝජ්‍යය මූල්‍යය අධිකාරීවරයා පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අත්සන ද ලබා ගනිමින් මෙම මුදල් මෙයට දින පහකට පෙර ලබාගනෙ තිබෙන බව වාර්තාවෙයි.

මුදල් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍යය නියෝජ්‍යය ලේඛකාධිකාරීවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගෙන තිබෙන බව ද දැනගන්නට තිබේ.

මුදල් නිදහස් කර ගැනීමෙන් පසු අදාළ නිලධාරීයා විශ්වවිද්‍යාලයට නොපැමිණ මඟහැර සිටින බවත් මේ සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කළ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් අදාළ නියෝජ්‍යය මූල්‍යය අධිකාරීවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

"ක්‍රිඩකයන්ට ඔහුන්ගේ නිදහස ලබා දෙන්න. මම මාලිංගට කැමති මාලිගේ කට නිසයි" මහේල | VIDEO


ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සිය ශරීර යෝග්‍යතාවය වර්ධණය කර ගත යුතු යැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සිදු කල ප්‍රකාශයක් මේ දිනවල මහත් ආන්දෝළනයකට තුඩු දි තිබෙනවා.

දයාසිරිගේ ප්‍රකාශයෙන් පසු ආන්ජලො මැතිවුස් සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමට තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පල කල අතර ඔහු කියා සිටියේ ලෝකය කෙතරම් කුරිරු වුවත් තමන් සිය ගමන යායුතු බවයි.

ඉන්පසුව දනුෂ්ක ගුණතිලකද තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන ඡායාරූප පළ කලා.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංගද විද්‍යුත් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය දැඩිව විවේචනය කල අතර හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන ද සිය නිළ ට්විටර් ගිණුමෙන් මේ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා.



එහිදි මහේල කියා තිබෙන්නෙ අයි.සී.සී තරගාවලියක් පැරදුනු සැනින් ක්‍රීඩකයන් විවේචනය කිරීම නොකල යුත්තක් බවයි . එමගින් ක්‍රීඩකයන්ට සි‍ය නිදහස අහිමි වන බවත් , නිදහස් පරිසරයක ක්‍රීඩා කිරීමට ඉඩ හැරීමෙන් පමනක් ක්‍රීඩකයන් ලැදියාවෙන් ක්‍රිඩා කරන බව මහේල පෙන්වා දෙනවා.

ලසිත් මාලිංග සිදු කළ ආන්දෝළනාත්මක ප්‍රකාශයද සිය නිළ ට්වීටර් ගිණුමේ පළ කොට ඇති මහේල ඊට පෙර වදනක් ලෙස එක්කොට තිබෙන්නෙ "මම මොහුට කැමති මෙන්න මේ නිසයි" යනුවෙනි.

දයාසිරි ජයසේකර ක්‍රිඩා ඇමතිගේ ඍජු විවේච්නයට ලක් වූ කණ්ඩායමේ වත්මන් නායක ආන්ජලෝ මැතිවුස්ට නායකත්වය ලබා දීමේ මෙහෙයුමේ පෙරගමන් කරුවා තමන් බවද මහේල ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා තිබුනෙ මින් පෙරයි . ඒ අනුව මහේල සිය සගයා සහ කන්ඩායම ආරක්ෂා කිරීමට පෙරට පැමින ඇති බව ක්‍රිඩා විචාරකයන්ගේ මතයයි.

මහේලගේ ප්‍රකාශයන් අඩංගු ට්විටර් පණිවිඩ පහතින්



චීනයේ බලු මස් කන යූලීන් තහනමකින් තොරව මෙවරත්

 ලෝකය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ චීනයේ යූලීන් සුනඛ මස් අනුභව කිරීමේ උත්සවය කිසිදු තහනමකින් තොරව සුපුරුදු පරිදි මෙවරද ආරම්භ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

සතුන් කෙරෙහි කෘරත්වය විදහා දක්වන මෙම උත්සවය වෙත එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් මෙම වසරේ සිට එය තහනම් කෙරෙන බවට විවිධ වාර්තා පළ වුවත්, චීනයේ ගුවාන්ග්ෂි පළාතේදී සුපුරුදු පරිදි මෙය ආරම්භ වී තිබේ.

විශේෂයෙන්ම සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වසර ආරම්භයේදීම පවසා සිටියේ මෙම වසරේ සිට යූලීන් උත්සවය පැවැත්වෙන කාල සීමාවේදී පාරිභෝගිකයන්ට සුනඛ මස් ලබා නොදෙන ලෙස චීන රජය විසින් වෙළෙන්ඳන් දැනුවත් කර ඇති බවය.

කෙසේ වෙතත්, මෙම පළාතේ සුනඛ මස් වෙළෙඳාමේ යෙදෙන වෙළෙන්ඳන් පවසා ඇත්තේ ඔවුන්ට රජයෙන් එවැනි කිසිදු තහනමක් පැනවී නොමැති බවකි. එමෙන්ම, පසුගිය මැයි 15 වැනිදා නගර බලධාරීන් එවැනි තහනමක් නොමැති බව අවධාරණය කළ බවද වෙළෙන්ඳෝ පවසති.

විවිධ පාර්ශ්ව විසින් මතු කරන විවිධ තර්ක හමුවේ අවසානයේදී මෙම වසර තුළද අහිංසක සුනඛයන් දස දහස් ගණනින් මිනිසුන්ගේ කුස පිරවීම සඳහා මරණයට කැප වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, යූලීන් නගරයේ වෙළෙඳ සැල්වල පුළුස්සා එල්ලා තැබූ සුනඛයන්ගේ ශරීර සුපුරුදු පරිදිම ප්‍රදර්ශනයේ පවතින බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මෙවර මෙම උත්සවය හේතුවෙන්ම නගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේදී මෙම වෙළෙඳ සැල් වෙත කඩා වැදුණු ක්‍රියාධරයන් මෙම සුනඛයන් බේරාගැනීමට යාමේදී වෙළෙඳ සැල් හිමියන් හා ඔවුන් අතර ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වීම වැළැක්වීම මෙන්ම, චීන රජය විසින් හිතාමතාම මෙම උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව වක්‍රාකාරයෙන් සැපයීමද මෙම ක්‍රියාකලාපය තුළ පිළිබිඹු වන බවද සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසති.

කෙසේ වෙතත්, මෙම යූලීන් නගරය චීනය තුළ සුනඛ මස් අනුභවය සඳහා ඓතිහාසික පසුබිමක් පවතින නගරයක් නොවේ. මීට වසර 10කට පමණ පෙර මෙම නගරයට අලුතින් හඳුන්වාදුන් යූලීන් උත්සවය සමග එය ජාතික හා අන්තර්ජාතික වශයෙන් සුනඛ මස් අනුභවය සඳහා ප්‍රචලිත කෙරුණු වෙළෙඳ ප්‍රවර්ධනයක ගොදුරක් බවට පත්වූ නගරයකි.

එනමුදු, අද වනවිට මෙම සුනඛ මස් වෙළෙන්ඳන් මෙන්ම, ඒවා අනුභව කරන චීන ජාතිකයන් පවසන්නේ ගවයන්, ඌරන් හා කුකුළන්ට වඩා සුනඛයන් වඩාත් මානුෂීය ආකාරයකට ඝාතනය කරන බැවින් ඔවුන්ගේ මස් අනුභවය ගැටලුවක් හෝ හිංසනයක් නොවන බවකි.

ඔවුන් එසේ සුනඛ මාංශවලට ගිජුව ප්‍රකාශ නිකුත් කළත්, මිනිසාගේ ළඟම හිතවතා ලෙස සැලකෙන සුනඛයන් අමානුෂික ලෙස ඝාතනයට ලක්වන මෙම ම්ලේච්ඡ උත්සවය මනුෂ්‍යත්වයට නොගැළපෙන්නක් බව පවසන්නෝ අති මහත්ය.

ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයි

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගැණෙන නව මදුරු විශේෂයේ එක් මදුරුවෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

දැනටමත් එම මදුරු විශේෂයේ පර්යේෂණ මට්ටමේ කටයුතු සාධනීය බවයි එහි පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ පැවසුවේ.

මෙම මදුරුවා කුමණ අවස්ථාවකදීවත් මිනිසුන්ට දෂ්ඨ නොකරන අතර මල්පැණි මෙම මදුරුවාගේ ආහාරය වනු ඇති බවත් සඳහන් කෙරුණා. ඒ අනුව මෙම මදුරුවා ඔවුන්ගේ ජීවිත කාලය පුරා ඉතා කාර්යක්ෂමව ඩෙංගු කීටයන් විනාශ කරනු ඇති බවයි සඳහන් කෙරුණේ.

මෙම මදුරු විශේෂය දැනටමත් විවිධ ප‍්‍රදේශවලට මුදා හැර ඇති බව ද ඒ අනුව එහි නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද ප‍්‍රකාශ කෙරුණා.

මෙම මදුරු විශේෂය ඩෙංගු කීටයින් විනාශ කිරීම සඳහා යොදා ගැණුන ද ඩෙංගු කීට ගහණය අවම කර ගැනීම සඳහා විධිමත් ලෙස කසල බැහැර කිරීම වැදගත් බව ද පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මෙහි දී සඳහන් කළා.

පාලිත තෙවරප්පෙරුම ගංවතුරේ වැඩ කිරීම ගැන ජනපති ඉදිරියේ විවේචන - මෙන්න පාලිත කෙසෙල් ගෙඩියෙන් දුන්න උත්තරේ



නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය ආපදා ඇතිවූ සමයේදී ක්‍රියා කළ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා ඉදිරියේ විවේචනය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන්  පාලිත තෙවරප්පෙරුම මෙවැනි අදහසක් මාධ්‍යවෙත ඉදිරිපත් කර තිබෙනවා.

"මේ පක්ෂයේ ඉන්න මහලොකු කෙරුමෝ පක්ෂය දාලා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙනකොට යූඑන්පී එකට බලුකපුටෙක්වත් හිටියේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් මම තමයි පක්ෂය ආරක්ෂා කරගත්තේ.ජනාධිපතිතුමා ඉස්සරහා එක රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවේ අයගේ තියෙන්න ඕන වගකීම මිනී උස්සන එකයි බඩු බෙදන  එකයි විතරක් ‍නෙවෙයි කියලා.  හැබැයි ඒ ඇමැතිවරයම කොළඹට ගංවතුර ආපු වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙසෙල් ගෙඩියක් බෙදුවා."


බිලියන 5ක් ලාභ ලැබූ පර්පචුවල් ට්‍රෙෂරීස් ආදායම් බදු ගෙවා නෑ

 අනෙකුත් ප්‍රාථමික ගැනුම්කරුවන් අතරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වූ රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ සුරේෂ් ප්‍රසන්න සේදර මහතා  (21දා) හෙළි කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන ඇති රුපියල් කෝටි 504ක් වූ වැඩිම ලාභය ප්‍රතිශතයක් ලෙස බැලීමේදී සියයට 80.4ක් බවද බැඳුම්කර වෙළෙඳ පොළේ ප්‍රාථමික ගැනුම්කරුවන් 16දෙනෙකුගේ මූල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් සුරේෂ් ප්‍රසන්න සේදර මහතා පෙන්වා දුන්නේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ සුරේෂ් ප්‍රසන්න සේදර මහතා සාක්‍ෂි දෙමින් මෙම තොරතුරු හෙළිකළේය.

සුරේෂ් ප්‍රසන්න සේදර මහතා, බැඳුම්කර වෙළෙඳ පොළේ ප්‍රාථමික ගැනුම්කරුවන් 16දෙනෙකුගේ මූල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් හා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් එම මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී ප්‍රාථමික ගැනුම්කරුවන් 16දෙනෙකුගේ මූල්‍ය වාර්තාවල රහසිගත මූල්‍ය තොරතුරු අඩංගු හෙයින් අදාළ ආයතනවල නම් මකා දැමීමෙන් පසු ඒවායේ පිටපත් ලබාදිය හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේය.

ම්ලේච්ච පොලිස් ප්‍රහාරයට එරෙහිව වෛද්‍යවරු වැඩ වරති

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් ඊයේ (22) පැවති සිසු පෙලපාලිය අතරු තුර එම සිසුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආණ්ඩුව සිදු කළ ම්ලේච්ච ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ඇතුළු වෛද්‍ය සංගම් රැසක් අද (22) පෙරවරු 8.00සිට  පැය 24ක වැඩ වර්ජනයක් ආර්ම්භ කර තිබේ.

වැඩ වර්ජනය පැවැතියද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද වෛද්‍යවරු පවසති.

උක්ත පොලිස් ප්‍රහාරයෙන් සිසු සිසුවියෝ 90කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගත කර සිටිති.

විදේශ ගමන් බලපත්‍රය රුපියල් 100 ට

ජල ගැල්ම හෝ නායයාම හේතුවෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ පුද්ගලයෙකු, අලුතින් විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අනුව ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතු අධිභාරයෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

තවද 2017 ජනවාරි 01 දිනෙන් පසුව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති, එහෙත් මෙතෙක් විදේශ ගත වී නොමැති පුද්ගලයෙකුගෙන් ඒ සඳහා රුපියල් 100/-ක සහන මුදලක් අය කිරීමෙන් පමණක් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටත් මෙම සහනය 2017 අගෝස්තු 30 දක්වා ක්‍රියාත්මක කිරීමත් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ විදේශ ගමන් බලපත්‍රයක වලංගු කාලසීමාව ඉකුත්වීමට පෙර අස්ථාන ගත වී හෝ විනාශ වී හෝ ඇත්නම් නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 10,000/-ක අධිභාරයක් ගෙවිය යුතු වේ.

මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් සිද්ධීන් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි ‍වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා වී ඇති බැවින් රජය විසින් මෙම පියවර ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.


ම්ලේච්ච පොලිස් ප්‍රහාරයෙන් සිසු සිසුවියන් 81කට තුවාලයි | VIDEO

වෛද්‍ය උපාධිය මුදලට විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම හෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ මිලේච්ච පොලිස් ප්‍රහාරයෙන් සිසු සිසුවියන් 81ක් දෙනෙකු තුවාලලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.

දින 500කට අධික කාලයක් සත්‍යග්‍රහයක නිරතවෙමින් සහ දින 150කට වැඩි කාලයක් පන්ති වර්ජනයක නිරවෙමින් සිටින දිවයින පුරා වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ගේ ඉල්ම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් සාධාරණ විසඳුමක් ලබා නොදුන් බැවින් ඔවුන්  (21) දින පාගමණකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ එම අමාත්‍යාංශය වටලෑමට කටයුතු කළේ ය.