02 July 2017

රුසියානු කවි උල්පත පුෂ්කින්

රුසියානුවන්ගෙන් ඔබ කැමැතිම පලතුර කුමක්දැයි ඇසූ විට වැඩි දෙනෙකුගේ පිළිතුර ඇපල් ය. එමෙන් ම ඔබ කැමැතිම කවියා කවුරුන් දැයි ඇසුවහොත් ඔවුන් වැඩි දෙනාගේ පිළිතුර ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ය. රුසියාවේ ජාතික කවියා ලෙස මෙන්ම නූතන රුසියානු සාහිත්‍යයේ පීතෘවරයා ලෙස ගෞරවයට පාත්‍රවන්නේ ද ඇලෙක්සැන්ඩර් සර්ජිවිඩ් පුෂ්කින් ය. ඔහුගේ කළු ජාතික සම්භවය හේතුවෙන් නූතන රුසියානු සාහිතයයේ කළු පීතෘවරයා ලෙස ද ඔහු හැඳින්වේ. ඉතියෝපියාවේ ද ඔහුගේ අලංකාර මූර්තියක් තිබේ. එහි සඳහන් වන්නේ ‘අපේ කවියා’ වශයෙනි. පුෂ්කින්ගේ මුත්තා වන ඒබ්‍රම් පෙට්‍රොවිඩ් ගැනිබාල් අප්‍රිකානු වහලෙකි. රුසියාවේ මහා පීටර් රජුට ත්‍යාගයක් වශයෙන් එවනු ලැබූ මිනිසෙකි. පසුකලෙක මහා පීටර් රජු යටතේ ජෙනරාල් වරයකු ලෙස ද පත්වන ගැනිබාල් වංශවතකු මෙන් බුහුමන් ලැබී ය. අද එරිතියාව යනුවෙන් හැඳින්වෙන අප්‍රිකානු රාජ්‍යයේ ලොගොන් නම් ගම්මානයේ ඔහු උපත ලැබූවකු බව එක් මතයකි. වඩාත් පිළිගත හැකි අනෙක් මතය වන්නේ ඔහු අද කැමරුන් යනුවෙන් හැඳින්වෙන රාජ්‍යයේ ලොගොන් - බිර්නි ප්‍රදේශයේදී උපත ලැබූවකු බව ය. පුෂ්කින් සිය අප්‍රිකානු සම්භවය ගැන ආඩම්බර වූවාක් මෙන් ම Peter the Great’s Negro මැයෙන් මුත්තුණුවන් පිළිබඳ පොතක් ද ලියා තිබේ. මුත්තනුවන් මෙන් ම පුෂ්කින් ද වංශවතෙකි.

පුෂ්කින් වහා කුපිත වන ස්වභාවයේ මිනිසෙකි. එමෙන් ම නියම සෙල්ලක්කාරයෙකි. ඔහු සිය ආදර්ශ පාඨය කොටගත් බව පෙනෙන ඔහුගේ ම කියමනක් තිබිණි.‍ Live by the pen, die by the sword නම් එම කියමනටම ගැළපෙන අන්දමේ ජීවිතයක් මෙන් ම මරණයක්ද ඔහුට උරුම විය. තාරුණ්‍යයේදීම ඔහු ජීවිතයෙන් සමුගත්තේ ද ද්වන්ද සටනකිනි. පුෂ්කින් තුළ ද්වන්ද සටන් සඳහා පැවැතියේ සිතාගත නොහැකි අන්දමේ නැඹුරුවකි. ස්වකීය ගරුත්වය ඉහළින් සැලකූ ඔහු නිතර නිතර ද්වන්ද සටන්වලට පැටලිණි. සිය කෙටි ජීවිත කාලය තුළ අවස්ථා 29 කදීම ඔහු ද්වන්ද සටන් සඳහා අභියෝග කර තිබේ. වාසනාවකට ඉන් බොහොමයක් මිතුරන්ගේ මැදිහත්වීමෙන් වළක්වා ගැනීමට හැකි විය. ඔහු ද්වන්ද සටනක් සඳහා පළමු අභියෝගය කර ඇත්තේ පාසල් සමයේදී ය. දොළොස් හැවිරිදි විය තෙක් නිවසේ දීම පෞද්ගලික ගුරුවරුන් ගෙන් අධ්‍යාපනය ලැබූ පුෂ්කින් අනතුරුව අලුතෙන් ඇරැඹ‍ූ ‘ලයිසියම් පාසලට’ අලුතෙන් කෙරිණි. එහිදී ද ඔහු දීප්තිමත් ශිෂ්‍යයකු නොවී ය. එහෙත් කවි ලිවීමෙහි දක්ෂයකු විය. පුෂ්කින්ගේ පළමු කවිය ප්‍රකාශයට පත් වූයේ ඔහු 15 හැවිරිදි ශිෂ්‍යයකුව සිටියදී ය. ඉන් පළවූ කවීත්වය කරාම්සින් බතියුජකොව් වැනි ප්‍රවීණයන්ගේ නොමඳ අගැයීමට ලක්විණි.

අධ්‍යාපනය හමාර කළ පුෂ්කින් වෘත්තීය ජීවිතය අරඹන්නේ සිවිල් සේවකයකු වශයෙනි. රජයේ සේවකයකු ලෙස ඔහු තමන් වෙත පැවරුණ කාර්යයන් පැහැර හැරිය ද වැටුප් ගෙවන දිනයේ නොවැරදීම කාර්යාලයේ දැකිය හැකි විය. රුසියානු දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බව විශ්වාස කළ ඔහු The Green Lamp නම් සංගමයේ ක්‍රියාකාරියකු ද වූයේ ය‍. මේ වකවානුවේ ඔහු අතින් දේශපාලනික තේමාවන් ගෙන් යුතු කවි රචනා විය.‍ එය ආණ්ඩුවේ උදහසට කාරණයක් වූ අතර කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන්නකු ලෙස සලකා ඔහු අත්අඩංගුවට ද ගැනිණි. ඉන්පසු දකුණු රුසියාවට පිටුවහල් කළේ ය.

පුෂ්කින්, බයිරන්ගේ කවීත්වයට වශීවූයේ එහිදී ය. බයිරන්ගේ ආභාසය ඔහු අතින් රොමාන්තික නිර්මාණ බිහිවීමට ද හේතු විය. 1824 දී පිටුවහල් ජීවිතය අවසන් වූව ද නැවතත් 1826 දක්වා පිටුවහල් කිරීමට ලක්විය. ඉන් සඳහන් වූයේ අධිරාජ්‍යයාගේ සමාවක් මත ය.

වර්ෂ 1830 දී, එවක රුසියාවේ විසූ රූමත්ම කාන්තාව ලෙස ප්‍රකට වූ නතාලියා ගොන්ඩරේවා විවාහ කරගැනීමට පුෂ්කින් වාසනාවන්ත විය. ඔවුන් මධුසමය ගත කළ අවදිය රුසියාවේ පිටිසර ප්‍රදේශවල කොලරා වසංගතය පැතිරුණු කාලයයි. පුෂ්කින් යුවළ ද නිරෝධායනයට ලක්වූ අතර පුෂ්කින් සිය පළමු ප්‍රසිද්ධ ගද්‍ය නිර්මාණය වන The tales of Belkin රචනා කළේ ඒ වකවානුවේදී ය.

පුෂ්කින් මිථ්‍යා විශ්වාස ගැන ද යම් පිළිගැනීමක් තිබූ අයෙකි. ඊට බලපෑ ‍හේතූන් ද ඔහුට තිබූ බව සිතිය හැකි ය. පුෂ්කින්ට සමීප සම්බන්ධයක් තිබූ ‘දෙසැම්බර්වාදී’ ව්‍යාපාරයේ නායකයන් 1825 දෙසැම්බරයේදී අල්ලා ගන්නා ලද අතර මරා දමනු ලැබීය. එවර පුෂ්කින් ගැලවුණේ අනූනවයෙනි. විප්ලවවාදීන්ගේ හමුවක් ශාන්ත පීටස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණි. පුෂ්කින් ද ඊට සහභාගිවීමට පිටත් විය. අතරමඟදී සාවකු මාර්ගය හරහා පැන දිව්වේ ය. රුසියානුවන් එය අසුබ ලකුණක් ලෙස සැලකූහ. ඊළඟට ඔහුට හමුවුණේ පූජකයෙකි. එය ද අසුබ ලෙස සැලකිණි. තවත් දුරක් යනවිට ඔහු සමඟ ගමන් ගත් සේවකයා උණ රෝගය උත්සන්න වී මහමඟ ඇද වැටිණි. එවර ඔහු ආපසු හැරිණි. එදින රාත්‍රියේ පුෂ්කින් සිහිනයෙන් දුටුවේ ඔහුගේ දත් 5 ක් හැලී ඇති අයුරු ය. පසුදින ඔහුට දැන ගැනීමට ලැබුණේ විප්ලවවාදී නායකයන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන එල්ලා මරා දමනු ලැබූ බව ය.

වර්ෂ 1830 ගණන්වල මුල් අවදියේදී පුෂ්කින්ගේ සාහිත්‍ය නිර්මාණ විශාල ලෙස අවධානයට ලක්විය. මේ අවදියේ ඔහුට නිකොලායි ගොගොල් ද හමුවිණි. ඒ ගොගොල්ගේ නිර්මාණ ජීවිතයේ ආරම්භක සමයයි. ගොගොල්ගේ ‘යුක්රේනියානු කතා’ එළිදැක්වීමට පුෂ්කින්ගේ උපකාරය ද ලැබිණි. ගොගොල්ගේ විශිෂ්ට කෙටිකතා ගණනාවක් පළමුව පළවූයේ ද පුෂ්කින් සංස්කරණය කළ The Contemporary සඟරාවේය.

ඔහු විසින් අනුරාගී අත්දැකීම් හෝ කාරණා ඇතුළත් පෞද්ගලික සටහන් එකතුවක් ද පවත්වා ගෙන ගොස් තිබේ. The Secret Journal (1836 – 37) ඒ ඔස්සේ ලියැවී ඇති බව පිළිගැනීම ය.

පුෂ්කින් තියුණු මතක ශක්තියක් තිබූ අයකු ද වේ. සිව් හැවිරිදි වියේ පටන් සිය ජීවන තතු ඔහුට මතක තිබිණි. ඒ ඇතැම් සිද්ධීන් ඔහු වරින්වර සිහිපත් කළේ ය.

වර්ෂ 1912 - 1914 වකවානුවේ ප්‍රකාශයට පත්වූ පුෂ්කින් ගේ නාට්‍ය එකතුව අද වනවිට සොයා ගැනීමට අපහසු ය. එහි පෙරවදන ලියා ඇත්තේ ව්ලදිමීර් ලෙනින් විසිනි. ප්‍රකාශකයා ලෙස සඳහන් වන්නේ Sytin නම් ආරූඪ නාමයයි. (ඔහුගේ දියණිය හෙලන් ය) රුසියානු සාහිත්‍යයේ වඩාත් අධ්‍යාපනයන්ට හා පර්යේෂණයන්ට ලක්ව ඇත්තේ පුෂ්කින්ගේ නිර්මාණය.

මිහයිල් ලෙර්මන්තොව් සහ පුෂ්කින් යන දෙදෙනාම 1830 ගණන්වලදී ශාන්ත පීටස්බර්ග් නුවර ජීවත් විය. ඔවුන් හමුවී ඇති බවට සාධක තිබේ. එහෙත් වැඩිදුර විස්තර හෙළිදරවු වී නැත.

ද්වන්ද සටන්වලට දැඩි නැඹුරුතාවක් තිබූ මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ ජීවිතය අවසන් වූයේ ද ද්වන්ද සටනකිනි. එය මඟ හැරවීමට ඔහුගේ සමීපතමයෝ අසමත් වූහ. සටනට හේතුව ඔහුගේ රූමත් බිරිඳ පොලඹවා ගැනීමට ජෝර්ජ් චාල්ස් ඩී ඇන්තස් නම් හමුදා නිලධාරියා ප්‍රයත්න දැරූ බවට මතු වූ සැකයයි. පුෂ්කින් සටනට පෙලඹුණේ තම ගරුත්වය රැකගැනීමට මෙන් ම සිය බිරිය නිසා ය. ඒ ඇන්තස් විවාහ වී සිටියේ ද ගොන්ඩරෝවාගේ සොයුරිය සමඟය. ඇය ද රූමත් ය. කෙසේ වුව ද ඔහු ගොන්ඩරෝවා සමඟ සම්බන්ධයක් ගොඩනඟාගෙන ඇතැයි පැතිරෙන්නට විය. පුෂ්කින් සටනට අභියෝග කළේ ය. පළමුව එය වළක්වා ගැනීමට හැකි විය. දෙවන වර නොහැකි විය. සටන ඇති විය. ද්වන්ද සටනකදී දෙදෙනා අතර පියවර 25 – 30 පරතරයක් තිබිය යුතු බවට පිළිගැනුණ ද මේ සටන සිදුවුණේ පියවර 10 ක පරතරයක් ඇතිවය. ඇන්තස් ඉක්මන් විය. පුෂ්කින් ගේ උදර ප්‍රදේශයට දරුණු ලෙස තුවාල සිදුවූ අතර දෙදිනකට පසු ඔහු අවසන් හුස්ම හෙළුවේ කිසිවකු ගැන හෝ වෛරයක් නැති අයකු විලසිනි. ඔහුගේ වර්ජනය අධිරාජයා විසින් සිතා මතා සැලසුම් කළ එකක් බවට ද සැකයක් පවතී. පුෂ්කින් සටනට ඇද ගැනීමට ඔවුන් බිරිය පිළිබඳ ප්‍රවාදයක් නිර්මාණය කළා ද විය හැකි ය. කෙසේ වුව ද පුෂ්කින්ගේ අභාවයෙන් පසු නිකොලස් සාර් රජු ඔහුගේ පවුලට සහන සැලසූ අතර ඇන්තස් ගේ හමුදා නිලය අහිමි කර ඔහු රුසියාවෙන් පිටුවහල් කළේ ය.

පුෂ්කින්ගේ දියණිය මරියා ගාර්ටුගේ ද අතිශය රූමත් යුවතියක ව‍ූවාය. ඇය ඉතා ඥානවන්ත මෙන් ම රූමත් යුවතියක වූ බව ලියෝ තෝල්ස්තෝයි ද පවසා තිබේ. තෝල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’ චරිතයට පසුබිම් වූයේ පුෂ්කින් ගේ දියණිය මරියා බව සැලකේ.


| ධම්මික සෙනෙවිරත්න


සරණාගතයෝ ලක්ෂ 5 ක් ආපසු ගම්බිම්වලට

සිරියානු යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවී, අසල්වැසි රටවලට පලා ගොස් සරණාගතයන් ලෙස, සරණාගත කඳවුරුවල ජීවත් වුණු සිරියානු සිවිල් වැසියන් ලක්ෂ 5 ක පිරිසක් මෙම වසරේ යළි ඔවුන්ගේ නිජබිම් බලා පැමිණ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනයයි. යුද ගැටුම් හේතුවෙන් සිරියාවේ සිවිල් වැසියන් 4,40,000 කට උන්හිටිතැන් අහිමිව තිබුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. සිරියානු යුද්ධය හටගත්තේ 2011 වසරේදීය.

යළි පැමිණෙන පිරිස ඇලෙප්පෝ, හාමා, හොම්ස් සහ ඩමැස්කස් යන පළාත්වල පදිංචිකරුවන් යැයි ද පැවැසෙයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව ලබා දීමට සිරියානු රජය කටයුතු කරන බව ද වාර්තා වේ.

(බී.බී.සී.)

හෘදයාබාධයකට හේතු

අද වන විට හෘදයාබාධ, හෘදය වස්තුවේ බිඳ වැටීම්, හෘදය වස්තුව අක්‍රිය වීම් සමාජගත වන්නේ තව දුරටත් නුහුරු නුපුරුදු මාතෘකා ලෙස නොවේ. එනම් ලොකු, කුඩා සැමටම කිසිඳු වයස් භේදයකින් තොරව ක්ෂණිකව මෙවන් තත්ත්වයකට ගොදුරු විය හැකි නිසාවෙනි. ජාන මගින් සේම වැරැදි ජීවන රටා, වැරැදි පෝෂණය හේතුවෙන් හෘදය වස්තුවේ බිඳ වැටීම් සිදු විය හැකිය.

හෘදය වස්තුව බිඳ වැටීම සඳහා බලපාන කරුණු-

01) ඔබ නිරන්තරයෙන් දුම්පානය කිරීම

02) ඔබේ ශරීරයේ ඇති අධික මේදය

03) අධි රුධිර පීඩනය

04) ශරීරයට නිසි ව්‍යායාමයක් නොමැති වීම

05) අධික තරබාරුව

06) දියවැඩියාව

07) වයස

08) ඔබගේ ලිංගිකත්වය ( gender)

09) ජානවලට ඇති ආර

10) වර්ගය (including race)

මෙම තත්ත්ව ආදියෙන් වැළකීමෙන් ඔබට බොහෝ දුරට මනා හෘදය වස්තුවක් පවත්වා ගැනීමට හැකිය.

- ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන- මාධවී ධර්මරත්න

නියමුවන් රහිත ටැක්සි සේවයක්

ඉදිරි වසර පහක කාලය ඇතුලතදී නියමුවන් රහිත කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර් භාවිතා කරමින් මගී ප්‍රවාහන සේවයක් ආරම්භ කරන බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රකාශ කල බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

වසර පහකින් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන මුලික යෝග්‍යතා පරීක්ෂණ කටයුතුමෙම වසරේ (2017) අවසාන කාර්තුවේදි ආරම්භ කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ මඟි ගුවන්යානා නිෂ්පාදනය කරනු ලබන ජර්මන් සමාගමක් වන වෝලෝකොප්ටර් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් එමිරේට්ස් රජය අත්සන් කල බව වාර්තා වේ.

නියමුවන් රහිත හෙලිකොප්ටර් මගී ප්‍රවාහන සේවයක් හඳුන්වා දීම 2030 වර්ෂය වනවිටඩුබායි ප්‍රවාහන ක්ෂේත්‍රය 25%කින් ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩසටහනේ එක් සමාරම්භක අවස්ථාවක් බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)

අයි.එස්. ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

රත්මලාන  ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි.

 එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි  ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.

මාලිංගට සුසන්තිකාට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වුණා - බුකිය රත් කරපු රංජන්ගේ කතාව

ලසිත් මාලිංග, සුසන්තිකා ජයසිංහ වැනි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුව මගින් අසාධාරණයක් සිදුවූ බවට හැගෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

සිය ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරන්නේ. එසේම කිසිම රටක අමාත්‍යවරු, දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන් බවත් ඔහු සඳහන් කළේ.

“අපේ රට ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, සමහර චරිතවලට අපේ සමාජයෙන්, අපේ ආණ්ඩුවෙන් අපේ රටින් අසාධාරණයක් වුණා කියා සිතනවා. සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංගට අසාධාරණයක් වුණා. මේ චරිත අපේ රට ලෝකයට ගෙන ගිය චරිත. මම ලංකාවේ ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබිලා තියෙනවා.නමුත් එයාපෝට් එකෙන් වෙනත් රටකට ගියාම මාව මෙලෝ කෙනෙක් දන්නේ නෑ.

අපේ රට ලෝකයට ගෙන ගිය චරිත වලට ගෞරවයෙන් ආදරයෙන් කතා කරන්න ඕන. මම සියලු පාර්ශ්වලට කතා කළා. ලසිත් මාලිංග ලෝකෙ පුරා ජනප්‍රිය පුද්ගලයෙක්. සනත් ජයසූරිය, අර්ජුණ රණතුංග, සුසන්තිකා, අරවින්ද ද සිල්වා ලෝක පුරා ජනප්‍රිය පුද්ගලයන්.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිට වඩා ගෞරව කළ යුතුයි. පුවත්පත්වලින් ගහ ගන්න සියලු දෙනා අපේ යාලුවෝ. දෙපැත්තේ සිට වාද විවාද කර ගන්න එක ලෝකයට යනවා. මම හිතන්නේ නෑ ලෝකේ කිසිම රටක ඇමතිවරයෙක් හෝ දේශපාලකයෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ක හැප්පෙනවා කියලා. ඒක හොඳ මදි කියන එකයි මගේ මතය.

පසුගිය කාලයේදීත්  ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළා. මේකත් එක්තරා විදියකට මානසික පීඩනයක් දීලා කෙනෙක්ව මරණ ලෙසට මම දකිනවා. කෙනෙක්ව මරුවත් එකයි. ඔහුට පීඩනයක් දුන්නත් එකයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.



ක්‍රිකට් ක්‍රිඩාවට මතුව ඇති තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි

ක්‍රිකට් ක්‍රිඩාවට වර්තමානයේ මතුව ඇති තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුව වගකිව යුතු බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ක්‍රිකට් ක්‍රිඩාව නංවාලීම සඳහා තමන්ට ආරාධනා කළ හොත් ඕනෑම අවස්ථාවක ඊට සහයෝගය ලබාදීමට තමා සූදානම් බවය.

කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රශ්න විසදන්න ශක්තිමත් අඩිතාලමක් අත්‍යාවශ්‍යයි

මෙරට පවතින ප්‍රශ්න විසදීම සඳහා ශක්තිමත් අඩිතාලමක් අත්‍යවශ්‍ය  බව ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා.

පෑලියගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පලකලා.

මේ අතර නිසි පරිදි මෙරට අධ්‍යාපන ආයතන ගොඩනැගුවහොත් මෙරටට විදේශ විනිමය පැමිණෙන ප්‍රධාන මාර්ගයක් බවට අධ්‍යාපනය පත් කර ගත හැකි වනු ඇති බව සමාජ  සවිබල ගැන්වීම් සුබ සාධන හා කඳුරට සංවර්ධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

හගුරන්කෙත ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



සයිටම් නිසා සිසුවකු අතුරුදන් ?

රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසර සිසුවකු පැහැරගෙන ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉසුරු චින්තක සිසුවා මැද්දේ වත්ත නේවාසිකාගාර අසලදී පැහැර ගෙන ඇති බවයි.

සයිටම් අරගල සිද්ධිය මුල්කරගනිමින් ආණ්ඩුව දිගින් දිගටම මර්ධනය කැඳවමින් තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.