24 July 2017

ජනතාවගෙන් හොරා කෑ යහපාලනයෙන් සුරකින රාජපක්ෂලාගේ දේපල මෙන්න

මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනවලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ මුදල් විශුද්ධිකරණයෙන් (කළු සල්ලි ජාවාරමින්) අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇත.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම දේපළ පිළිබඳව අනාවරණය වන අතර එම මූලික විමර්ශනයෙන් පසු මෙහි පූර්ණ විමර්ශ කටයුතු සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දෙන ලදී.

පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළවල සවිස්තර සාරාංශයකි.

    FCID 64/15

විමර්ශනයට අදාල පුද්ගලයා :- බැසිල් රාජපක්ෂ

විස්තරය :- අංක 28 ඒ. බ්‍රවුන්ස් හිල් මාතර අක්කර 1 රූඩ් 1ක විශාලත්වයෙන් යුතු ඉඩම

වටිනාකම :- රුපියල් ලක්ෂ 560 කි.

විස්තරය :- අංක 111/3 ගඟබඩ පාර, මහවත්ත, මල්වාන ලිපිනයේ අක්කර 16ක පොල් ඉම හා නවීන නිවස

වටිනාකම :- රුපියල් ලක්ෂ 1900 කි.

විස්තරය :- ඔරුතොට ගම්පහ, අක්කර 01යි රූඩ් 02යි පර්චස් 13.83 ක ඉඩම

වටිනාකම :- රුපිලයල් ලක්ෂ 1500 කි.

    FCID 17/15

විමර්ශනයට අදාල පුද්ගලයා :- යෝෂිත රාජපක්ෂ.

විස්තරය :- අංක 173/2 මිහිදු මාවත, දෙහිවල, දකුණ යන ස්ථානයේ පර්චස් 27.6ක ඉඩම කොටසක් මිලදී ගැනීම. (මෙහි මහල් 04ක විශාල නිවසක් ඉදිකර ඇත.

වටිනාකම :- රුපියල් 490.2. (ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තක්සේරු ලබාගෙන නැත)

විස්තරය :- සිරිබෝපු කැලය. (හම්බන්තොට) ඔප්පු අංක 4129 ඉම් ප්‍රමාණය හෙක්ටයාර් 0.05 (CSN නාලිකාව නමින් මේ දේපල ඇත. )

වටිනාකම :- රුපියල් ලක්ෂ 16 කි.

විස්තරය :- සිරිබෝපුර කැලය. (හම්බන්තොට) නමින් ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය හෙක්. 0.05 (CSN නාලිකාව නමින් ඇති දේපලකි)

වටිනාකම :- රුපියල් ලක්ෂ 16 කි.

විස්තරය :- සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4132 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.051. (CSN නාලිකාව නමින් ඇති දේපලකි)

වටිනාකම :- රුපියල් ලක්ෂ 16 කි.

විස්තරය :- ඕබී රථය (ජංගම විකාශන රථය CSN නාලිකවා ) අංක 236/01 කොබ්බෑකඩුව මාවත.

වියදම රුපියල් ලක්ෂ 800 කි.

විස්තරය :- බත්තරමුල්ල ලිපිනයේ පිහිටි CSN නාලිකාව පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරිම (මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 33ක බදු බදනම මත 1998 අංක 23 දරණ රාජපක්ෂ පදනම වෙත පවරා දුන් ඉඩමකි.

වටිනාකම :- රුපියල් ලක්ෂ 2000 (මේ මුදල් ප්‍රමාණය පවසන ලද්දේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද අතර තක්සේරු වාර්තාවෙනි)

විස්තරය :- අංක පීවී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත

වටිනාකම රුපියල් ලක්ෂ 2350 කි.

විස්තරය :- නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් බී.එස්.ඩී.පී. පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ අංක 219/01 ඒ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල

වටිනාකම :- රුපියල් ලක්ෂ 1380 කි.

    FCID 138/15

විමර්ශනයට අදාල පුද්ගලයා :- පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

විස්තරය :- 2013.02.02 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16ක් විටිනා ඉඩම

වටිනාකම :- රුපියල් ලක්ෂ 16 කි.

2014.08.11 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති රුපියල් ලක්ෂ 20ක් වටිනා ඉඩම

වටිනාකම රුපියල් ලක්ෂ 20 කි.

2014.01.06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම

වටිනාකම :- ලක්ෂ 17 කි.

2014.01.04 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි රුපියල් ලක්ෂ 24ක් වටිනා ඉඩම.

2014.02.02 වන දින මිලදී නෙ ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොටඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29බීනමැති රුපියල් ලක්ෂ 150ක් වටිනා ඉඩම.

2014.01.06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම.

2014.01.06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම.

2013.06.13 වන දින මලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් ලක්ෂ 16ක් වටිනා ඉඩම.

2014.06.13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාදේශීය කෙම් කොටඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමෙ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි රුපියල් ලක්ෂ 04ක් වටිනා ඉඩම.

කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම.

සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240ක් තැන්පත් කිරීම.

වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය.

ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය.

කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140ක් ආයෝජනය.

රුපියල් ලක්ෂ 1000ක් වටිනා හොස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම.

ෂැංගිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන්රුපියල් ලක්ෂ 1575ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ටෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තිබී තහනම් කර ඇත.

    FCID 82/15

විමර්ශනයට අදාල පුද්ගලයා :- චම්පික කරුණාරත්න.

විස්තරය :- ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 07ක් හා රන් භාණ්ඩ.

වටිනාකම :- රුපියල් ලක්ෂ 50කි.

මෙයට රාජපක්ෂවරුන් විසින් සීසෙල්ෂ් රාජ්‍යය, ස්වාසිලන්තය සහ උගන්ඩාවේ සඟවන ලද කළු සල්ලි, යුක් රේනයේ ත්‍රස්තවාදීන්ට උදයංග කුලතුංග හරහා අවි ජාවාරම් සිදුකිරීමෙන් උපයා ගත් කළු සල්ලි, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇවන්ගාඩ් අවිජාවාරම හරහා උපයාගත් කළු සල්ලි, ව්‍යාපාරිකයින්ගෙන් කාර්තුක්‍රමයට එකතු කළ කප්පම් මුදල්, ව්‍යාපෘති මඟින් සහ ටෙන්ඩර් මඟින් උපයාගත් කොමිස් මුදල් මෙයට ඇතුළත් නොවේ. ඒවා පිළිබඳවද මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් පසුවන බවට වාර්තාවේ.

ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශනවලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.

එහෙත් එම කාරණාවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වත්මන් යහපාලන ආණ්ඩුය මන්දගාමී ස්වභාවයකින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. වත්මන ආණ්ඩුව පැවති ආණ්ඩුවේ හොරුන් ආරක්ෂා කමින් අළුත් හොරකම්වල යෙදෙමින් සිටින බවට මේ වනවිට සමාජයෙන්ද දැඩි ලෙස වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් තිබේ.

තනිකඩයින්ට සැබෑ රසය දෙන බෝනික්කන්

ඕනෑම පිරිමියෙක් කැමති තමන්ගේ දුක සැප බෙදාගන්න පුළුවන් සහකාරියක් තමන්ට ළඟ සිටිනවට.

ඒ දෙයට වයස බලනොපාන බව ඕනෑම කෙනෙක් දන්න දෙයක්.මේ වනවිට තමන්ගේ සහකාරිය ලෙස රබර්වලින් සැකසු සරාගී බෝනික්කන් වෙත අවධානය යොමුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මේ වනවිට ජපානය තුල අවුරුද්දකට මෙවැනි බෝනික්කන්ගේ අලෙවිය 2000 ඉක්මවා ඇති අතර එම සංඛයාව සෑම අවුරුද්දකම ඉහල යමින් පවතින බවයි සඳහන් වන්නේ.

මෙම බෝනික්කන් දැන්වන විට කෘතීම බුද්ධියක් සමඟින් නිපදවීමට ජපානය සමත් වී තිබෙනවා. ජපානයේ මේ බෝනික්කන් භාවිතා කරන බොහෝ පිරිමින් පවසන්නේ මේ බොනික්කන් සැබෑ කාන්තාවන් මෙන් මුදල් වෙනුවෙන් ඔවුන්ට වංචා නොකරන බවයි.

ඡායාරූප කිහිපයක් පහතින්.







හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබෙනවා.

ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්නව පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හෂාන් තිලකරත්න යනු ක්‍රිකට් තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් පන්දුවට පහදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකි.



ලකුණු දමාගැනිල්ලක්

රටේ ලොකු මහත්තයට සෙත් පතන්න මහනුවර පැත්තෙ ලොකුම මන්දිරේක ලොකු දානමය පිංකමක් පැවැත්වුණා.... ඒකට ලොකු මහත්තය වගේම උන්නැහේගෙ පවුලේ අයත් සහභාගි වුණා.

මේ මහා පිංකම සංවිධානය කිරීම භාරවෙලා තිබුණෙ ඉර හඳ තාරකා ගැන හොඳට දන්න මධ්‍යම පළාතෙ උස්ස නිලයක් දරන නෝනා කෙනෙකුටලු. ඉතින් වැඩේ පටන් අරන් ජයට කරගෙන යනකොට මේක තමුන් කළා වගේ පෙන්නන්න ලෑස්තිවෙලා තවත් ලොක්කෙක් දෙන්නෙක් එතැනට ආවලු...

පසුගිය ඡන්දෙ කාලේ දැන් ඉන්න රටේ ලොකු මහත්තයට උදව් නොකළ අය මෙහෙම ඇවිල්ල මේකට ඔලුව දාන එක ගැන එතන හිටපු සමහර මැති ඇමැතින්ට මාරෙට කේන්ති ගියාලු...

රටේ ලොකු මහත්තයගෙ පිංකමේදි මේ කේන්තිය පිට කරන්න හොඳ නැති නිසා අපි මේකට හොඳ වැඩක් කරන්නම් කියල උන්නැහේල දෙතුන් දෙනෙක් පිටවෙලා ගියාලු... හෙට අනිද්ද මේ වැඩේ ප්‍රසිද්ධ තැනකදි පත්තු කරවන්න එයාලා සූදානමින්ලු ගියේ...

සත්ව හිංසනයට එරෙහි උද්ඝෝෂණය අද

සත්ව හිංසනයට එරෙහිව දැනට අප රටේ ක්‍රියාත්මක වන නීති කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් සත්ව හිමිකම් සහ සුභසාධනය අරමුණු කරගත් සවිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කෙරෙන සාමකාමී උද්ඝෝෂණයක් අද (24) පස්වරු 03.00 ට කොළඹ 02 පළාත් සභා සහ පාලන අමාත්‍යංශය ඉදිරියේ දී පැවැත්වේ.

සත්ව අවිහිංසා සහ සත්ව හිමිකම් සංවිධාන කිහිපයක් එකමුතුව සිදුකෙරන මෙම උද්ඝෝෂණයට එක්වීමට කැමති සත්ව අවිහිංසාව සහ සත්වහිමිකම් අගයන සියළුම‍ දෙනා හට අද (24) පස්වරු 02.30ට කොළඹ 02 හයිඩ්පාර්ක් වෙත රැස් වෙන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.

මෙම කණ්ඩායම එතැන්සිට පෙළපාලියකින් අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට නියමතයි.

දුම්පානය 46%කින් අඩුවෙලා

රජය විසින් සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදාත්මක ප්‍රදර්ශනය 80%ක් දක්වා වැඩි කිරීමෙන් පසුව මෙරට දුම්පානය 46%කින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනතාව සෞඛ්‍ය සම්පන්න දිවියකට මිස මකර කටට යැවීමට කටයුතු කිරීමට මේ රජය සුදානම් නොවන බවත් දුම්කොළ සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට රජය කටයුතු කරන්නේ ජනතා සුවසෙතට මිස ජනතා‍වට අයහපත් කිරීමට නොවන බවත් ඇමැතිවරයා පවසයි.

ජනතා අවබෝධය සැම විටම වැදගත් බවත් ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන සියලු කරුණු ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීම හා ජනතාවගේ යහපත වෙනුවෙන් තීරණ ගැනීමද රජය සතු වගකීමක් බව ඇමැතිවරයා කීය.


මම කරපු දෙයක් ගමට කරගත්තෙ චණ්ඩිකමින්

- අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම
ඔබ පහුගිය කාලයේ කිව්ව දේවල් එක්ක, හැසිරුණු විදිහත් එක්ක දැනුණා ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ කියලා. ඇත්තටම එහෙමද?

අපි විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ඉඳලම හිටියේ කලකිරීමෙන්. ඒ කලකිරීම නිසා තමයි අපි හැට දෙලක්ෂයක ඡන්දයක් අරගෙන යහපාලන රජය පිහිටුව ගත්තේ. එහෙම පිහිටුව ගත්තට වැඩක් නෑ. මොකද තවම අර පරණ රාජ්‍ය නිලධාරින් ඒ තැන්වල ඉන්නවා. ඔවුන්ගේ ආකල්ප වෙනස්වෙලා නෑ තවම. ඒ නිසා ඒ රෝලම තමයි තවම දුවන්නේ. පාට වෙනස් වුණා විතරයි. අපිට වැඩිපුර එන්නේ රාජ්‍ය නිලධාරින්ගේ නොකරන වැඩ ගැන පැමිණිලි. ඒ නිසා ආණ්ඩුව ගැන නෙමෙයි මේ කරන වැඩ ගැන මට කලකිරීමක් තියෙනවා.

ඔච්චර අමාරුවෙන් ආණ්ඩුවක් අරගෙන මෙහෙම වෙන එක ගැන කතා කරද්දි ලැජ්ජ හිතෙන්නේ නැද්ද?
මම ලැජ්ජ වෙන්න ඕනේ නෑ. මහජනතාව මට ඡන්දය දීලා පත්කළේ ඇත්‍ත කතා කරන්න. ඒ නිසා මගේ වගකීම තමයි රටට ඇත්‍ත පෙන්නන එක. මොකද රටේ ප්‍රශ්න විසඳන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා අගමැති කෙනෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයකුත් තියෙනවා. අපි ඉන්නේ ඊට පල්ලෙහායින්නේ. දැන් බලන්න උදේට අපේ ගෙවල්වලට මිනිස්සු එනවා. අපිට ඒ ෆයිල් කරගහගෙන ඇමතිවරු පස්සේ දුවන්න වෙලා තියෙන්නේ. අමාත්‍යංශයකට ගියහම පැය ගාණක් වාඩි වෙලා බලන් ඉන්න ඕන. මේවා නිසයි අපි කලකිරිලා ඉන්නේ.

මේ වෙන දේවල් දැක්කම පපුව පුපුරුවගෙන මැරෙන්න හිතෙනවා

කොහොමද එහෙම කියන්නේ මේක ඔබලගේ ආණ්ඩුවනේ?

මේක අපේ ආණ්ඩුවක් නෙමෙයිනේ. මේ ජාතික ආණ්ඩුවක්. අපේ ආණ්ඩුවක් කියන්නේ යූඇන්පී ආණ්ඩුවක්. ඒත් මේ ජාතික ආණ්ඩුව බිහිකරන්න අගමැතිතුමා කැමති වුණේ රට ගැන හිතලා. ප්‍රශ්න ගොඩක් තිබ්බා ඒවා වලට විසඳුම් හොයන්නයි දෙගොල්ලොම එකතුවෙලා කරන්න හැදුවේ. ඒත් දැන් එකතු වීමක් නෑ කවුරුත්.

දැන් ඔබට ප්‍රශ්න ඇතිවෙලා තියෙන අමාත්‍යංශ බාරව ඉන්නේ ඔබේම පක්ෂයේ අය. ඇයි ඒ අයටවත් බැරිද මේවට පිළිතුරු හොයන්න?

මෙහෙමනේ ඒවා තනියම තීන්දු කරන්න බෑ. බලන්න යහපාලන රජය හදාගත්තේ සියලු ජාතීන් එකතුවෙලා රට නිදහස් සාමකාමී රටක් හදාගන්න. දැන් බලන්න ඒත් අපේ අය පක්ෂ අල්ලා ගත්තා. ජනාධිපතිතුමා ශ්‍රිලනිපයේ සභාපති වුණා. එතනම වැඩේ වැරදුනා. දැන් මේ අයට ඕනේ තමන්ගේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්න. ඒ නිසා මේ අයට අරමුණක් නෑ. අරමුණ තියෙන්න ඕන රට හරි තැනට ගේන්න. එහෙම නැතුව දේශපාලන හෙංචයියන්ට රට පාලනය කරන්න දෙන්න නරකයි. මේ නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.

ඒ කියන්නේ මේ ආණ්ඩුව හෙංචයියන්ට තැන දෙන ආණ්ඩුවක්ද?

නෑ දැන් බලන්නකෝ ඔයාම. මාධ්‍යවේදියෙක් හැටියට ඔයාලනේ මේවා රටට හෙළිකරන්නේ. පෙන්නන දේවල් බලන්නකෝ පොඩ්ඩක්. රටේ වෙන දේවල්නේ මේ පෙන්නන්නේ.

ඔබට එතකොට පක්ෂය එක්ක කලකිරීමක් නැද්ද?

පක්ෂය සම්බන්ධව මට කිසිම කලකිරීමක් නෑ. පාක්ෂිකයන්ගෙන් මට ලොකු ගරැත්වයක් තියෙනවා. පක්ෂය කියන්නේ පාක්ෂිකයෝ. නායකයෝ අද ආවා හෙට ගියා. ඒ අය කරපු හොඳ කියනවා. ප්‍රේමදාස මහත්‍තයලා, සේනානායක මහත්‍තයලා, ගාමිණි මහත්තයලා, ඇතුලත් මුදලි මහත්තයලා කරපු හොඳ හැමෝම කියනවා. අදත් කියනවා එක්සත් ජාතික පක්ෂයේ එහෙම නායකයෝ ඉන්න ඕන කියලා. ඒ මිනිස්සුන්ට කරපු වැඩ නිසා.

උප ඇමැති හැටියට ඇමැතිතුමාගෙ ඔලුව අතගාල වැඩකර ගන්නෙ

 යූඇන්පී එකට එහෙම නායකයෝ අද නැද්ද?

එතන මිනිස්සුන්ගේ වැරැද්ද. අද ඉන්නේ ඡන්ද දායකයෝ නෙමෙයි අන්ධ දායකයෝ. තමන්ට වාසියක් වෙනවා නම් කිසිම සොයා බැලීමක් නැතුව පස්සෙන් යනවා. අද මිනිස්සු බලන්නේ පෙනුමයි මුදලුයි. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු තෝරගන්න ඕනේ බාර්කාරයෝ, කැසිනෝකාරයෝ, කුඩුකාරයෝ නෙමෙයි. තමන්ට වැඩක් කරන මිනිහෙක්ව. නැත්‍තන් වෙන්නේ උගේ බඩ වඩාගන්න එක.

පක්ෂය සම්බන්ධයෙන් ඔබට කලකිරීමක් නැතිවුණාට පසුපෙළ මන්ත්‍රීවරු ඉන්නේ කලකිරීමෙන් කියලා පත්තරවල යනවනේ?
පසුපෙළ මන්ත්‍රීවරු බලන්නේ ඉදිරිපෙළට එන්න. ඒ අය හදන්නේ තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරලා ඉදිරියට එන්න. ඒත් එහෙම දේවල් කරන්න ප්‍රතිපාදන නැත්තන් කලකිරීමක් නේන්නම් එන්නේ. කොටින්ම කිව්වොත් අමාත්‍යංශයේ ඇමැතිකෙනෙක්වත් හම්බෙන්න බැරිනම් මොකක්ද වැඩේ කියන්නකෝ.

මංගල ඇමතිවරයා දැන් දුක්ගන්නාරාළ වෙලා. ඒක හොඳයිද?

ඇත්තටම ඒක හොඳයි. ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන පීඩනය කියන්න අහන්න කෙනෙක් ඉන්න එක. මංගල මහත්තයා ඒ දුක අහනවා වගේ රටේ ප්‍රශ්නවලටත් දුක අහන්න කෙනෙක් ඉන්න ඕන. පහුගිය දවසක මහා ගංවතුර ව්‍යසනයක් වුණා. දැන් ඒ මිනිස්සුන්ගේ දුක අහන්න කෙනෙක් නෑ. මගේ වියදමින් මම ගෙවල් කුලියට අරගෙන පදිංචි කරලා තියෙනවා. මේවා ගැන ජනාධිපතිතුමයි, අගමැතිතුමයි හොයලා බලන්න ඕන.

ඔබ පහුගිය දවසක කිව්වා එළිපිටම මේ ඇමැතිකමෙන් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා. ඇත්තද?


හැමදේම කරන්න බෑ කරන්න පුළුවන් ටික කරනවා. මම නියෝජ්‍ය ඇමැතිකෙනෙක් හැටියට ඇමැතිතුමාගේ ඔළුව අත ගාලා කරගන්න පුළුවන් වැඩ ටික මම කරගත්තා.

අද ඉන්නෙ ඡන්ද දායකයො නෙවේ අන්ධ දායකයො

ආණ්ඩුව පටන්ගත්ත දවසේ ඉඳලා ආණ්ඩුවට ආපු ප්‍රශ්න ගොඩක් අනාගත්තා. ඇයි ඒ?

මොකක්ද කියන්න. එක අනාගත්‍ත ප්‍රශ්නයක් කියන්න මට.

දැන් ඔබම කියන්නේ ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් නෑ කියලා?

ඉතිං ඇත්තනේ. ඇත්‍ත කියන එක ඔයාට ප්‍රශ්නයක්ද? ඔයාලා මාධ්‍යනේ ඇවිත් බලන්නකෝ.

සයිටම් ප්‍රශ්නයත් අනාගත්තා නේද?
අනාගන්න දෙයක් නෑනේ. මහින්ද මහත්තයයි මේක ඇනුවේ. කළලය වැඩුවේ එයානේ. දැන් කියනවා අපිට මරා දාන්නලු. එයයි තාත්තා. අනික රජයේ වෛද්‍යවරු වර්ජනය කරන්නේ ඔවුන්ගේ වෘත්තීය රැකගන්න නෙමෙයි. එහෙම බැලුවොත් ඔය රජයේ රෝහල්වල කොච්චර මිනිස්සු එයාලගේ වැරදි වලින් නැතිවෙනවද? ඊට පස්සේ පොලිසියත් එයාලගේ පැත්තේ සෞඛ්‍යයත් එයාලගේ පැත්තේ. වැඩිය දැඟලුවොත් මිනිය දෙන්නෙත් නෑ.

පිං කැටවලට සීල් තියෙලා නැති ප්‍රශ්න දාගත්තා කියලා හිතෙන්නේ නැද්ද?

අපි කරපුවා නෙමෙයි. ස්වාමින් වහන්සේලම අකිල ඇමතිතුමාගෙන් ඉල්ලපු දෙයක්. දැන් රාජපක්ෂ කණ්ඩායම ඒක අල්ලගෙන ආණ්ඩුවට ගහනවා. මේවා මේ ප්ලෑන් කරපුවා. අනික මේවා හැම ආණ්ඩුවෙම කරපු දේවල් අපි කරාමයි වැරදි.

ශ්‍රීලංකා එකේ 18ක් ආණ්ඩුවෙන් යනවා කියලා තියෙනවා. මෙහෙම ගියොත් ආණ්ඩුවට වැඩිදුර යන්න බැරි වෙයි නේද?

අනේ ඔය අය ගියත් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට නේ. බලන්නකෝ ගියහම මොකද වෙන්නේ කියලා. කොහොමද මහින්ද රාජපක්ෂ මහත්තයා රට පාලනය කළේ? සල්ලි වලින්නේ. ඇති තරම් ගසාකන්න දීලා ෆයිල් එක කිහිල්ලේ ගහගන්නවා ඊට පස්සේ කියනවා ෆයිල් එක මගේ ළඟ කියලා.

ගංවතුර වෙලාවෙ විමල් වීරවංශත් හුඟක් උදව් කළා

ඔබ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට උද්ඝෝෂණය කළා. සටන් කළා. හිරේ ගියා. ඒ කරපු දේවල ප්‍රතිඵල මේ ආණ්ඩුවෙන් තියෙනවද?


පාලිත තෙවරප්පෙරැම කරපු දේවල්වල ප්‍රතිඵල නැති වුණාට මම කරපු දේවල් මට හොඳයි. මම 2002 ඡන්දය ඉල්ලලා සභාපති වුණා. ඊට පස්සේ රාජිතලා, මහින්ද සමරසිංහලා පක්ෂය දාලා යනකොට මම තනියම කොළ කොඩිය අරගෙන ගිහින් පක්ෂයට පළාත් සභා මන්ත්‍රීකම අරගෙන දුන්නා වැඩි ඡන්ද අරගෙන. ඊට පස්සේ රාජපක්ෂලා මාව හිර කළා. මිනිස්සු අන්තිමට මාව එළියට ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට. ගියපාර අතේ සතපහක් නැතුව ඡන්දය දින්නා. ඒ නිසා මට රටෙන් ලැබෙන්න ඕන දේවල් ජනතාව ලබාදිලා තියෙනවා.

ඔච්චර උදව් කරපු මහින්ද සමරසිංහ ඇමැතිවරයව නයාට අඳුකොළ වෙලා තියෙන්නේ ඇයි?

නෑ... නෑ... දැන් රණ්ඩු වෙන්නේ නෑ. අපි දැන් කතා කරනවා. සුහදව ඉන්නවා. ගංවතුර වෙලාවේ උදව් ඉල්ලුවා මට පාන් පිටි කිලෝ 400ක් ගෙදරට එවලා තිබ්බා.

ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න. හොරු ගැන කතා කරපු රන්ජන් ඇමතිතුමාට ගෙදර යන්න වෙලා තියෙනවා වගෙයි. මොකද මේ වෙන්නේ?


සම්පූර්ණ වැරදි. රන්ජන්ට යුතුකමක් තියෙනවා රටේ මිනිස්සුන්ට ඇත්ත කියන්න. රන්ජන්ව ගත්තේ මෛත්‍රීපාල මහත්තයවත්, රනිල් මහත්තයවත් නෙමෙයි රටේ මිනිස්සු. ඒ නිසා රන්ජන්ට අයිතිවාසිකමක් තියෙනවා ඇත්‍ත කියන්න.

ඔය චණ්ඩි පාට් දාලා කරන වැඩ නිසා මිනිස්සුන්ගෙන් කැපෙන්න පුළුවන් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මතක තියාගන්න මම එංගලන්තයට ගිහින් ඉල්ලුවත් දිනනවා. ඕන ඔට්ටුවක් දානවා. මිනිස්සු මට ආදරෙයි. පුළුවන් නම් මට ඔයාලා අභියෝග කරන්න. මම ලංකාවේ ඕනම දිස්ත්‍රික්කයකින් දිනනවා.

මම දේශපාලනයෙන් අයින් වෙනවා

ඔච්චර දිනනවා කියලා විශ්වාසයෙන් ඉන්න ඔබ දේශපාලනයෙන් අයින් වෙන්න හදනවා කියන්නේ ඇත්‍තද?

මේක මේ උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. මේක බාලගිරි දෝෂය වගේ. වැඩක් කරන්න ගියහම යන්න ඕන හැමතැනම. මම මේ ළඟදි ඩෙංගු මර්දන වැඩකට ඇළ වේලි කපන්න හැදුවා. බෑ කරගන්න. වටේ යන්න වෙලා. ඇයි ආයතන එකට එක සම්බන්ධවෙලා වැඩ කරන්න බැරි. ඒ නිසා මෙහෙම දේශපාලනය කරලා වැඩක් නෑ.

ආසන්නම හේතුව මොකක්ද දේශපාලනයෙන් අයින් වෙන්න?


අනේ වැඩක් නෑ අනේ. මොන කරුමයක්ද මේක. මේක දරාගන්න බෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්නවත් බැරි තරම් වැඩි වෙලා. මොන කරුමයක්ද අනේ මේක.

ඔබ දේශපාලනයෙන් අයින් වුණොත් ගමේ මිනිසුන්ට මොකද වෙන්නේ?

මේ මිනිස්සුන්ට මම හිටියත් වැඩක් නෑ. කරපු දෙයක් ගමට කරගත්තේ චණ්ඩිකමින්. එහෙම මොකටද දේශපාලනය කරලා.

පහුගිය දවස්වල තෙවරප්පෙරුම වතුරෙන් බැහැලා වැඩකරනවා දැක්කා. ඒත් හුදෙකලා වෙලා වගේ වැඩ කළේ. මොකද ඒ?

මම හැමතිස්සෙම හුදෙකලා වෙච්ච මිනිහෙක්. ප්‍රශ්න විසඳන්න ගියහම හැමදාම හුදෙකලා වුණා මම. ඔයාට මම කරන දේ කරන්න බැරි වුණාම වෛර කරනවා. ඔන්න ඊට පස්සේ හුදෙකලා වෙනවා.

එංගලන්තෙ ඡන්දෙ ඉල්ලුවත් මම දිනනව

ඒ කියන්නේ පාලිත තෙවරප්පෙරුමව සමහර අයට ඇලජික්ද?

මම දන්නවා එක්තරා රාජ්‍ය ඇමති කෙනෙක් ජනාධිපතිතුමා එක්ක බැනලා තිබ්බා මට. දේශපාලකයෝ ඉන්නේ බත්පැකට් බෙදන්නයි මිනී කරගහන්නයි නෙමෙයි කියලා. එහෙම කිව්ව එයා කොළඹ ගංවතුර වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙහෙල් ගෙඩිය ගානේ බෙදාගෙන ගියා. අපි කළොත් වැරදියි. එයා සුදු රෙදි ඇඳන් ගිහින් කෙහෙල් ගෙඩි බෙදුවම හරි.

ඇත්තද ගංවතුර වෙලාවේ විමල් වීරවංශ එක්ක වැඩකළා කියන්නේ?

අනිවාර්යෙන්. ඉස්සෙල්ලම මට කතා කළෙ විමල්. විමල් කතා කරලා මට ලේකම් කෙනෙක් සම්බන්ධ කළා. ව්‍යාපාරිකයෙක් සම්බන්ධ කළා. එයා මට හාල් එව්වා. එතුමා විතරක් නෙමෙයි මට ගොඩක් දෙනෙක් කතා කළා. උදව් කළා. ඒවගේම ඒ වෙලාවේ රාජ්‍ය ආයතන වලින් අකටයුතුකම් රුසකුත් සිද්ධ වුණා.

මෙහෙම වෙනකොට දුක හිතෙන්නේ නැද්ද?

දුක නෙමෙයි මේ වෙනදේවල් දැක්කම පපුව පුපුරවගෙන මැරෙන්න හිතෙනවා. ඒ තරම් කලකිරිලා තියෙන්නේ.
  
ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ

ඩෙංගු ලෙඩේට ගෙදරදීම බෙහෙත්



ඩෙංගු මාරකය දැන් වසංගතයක් බවට පත්ව හමාරය. පෙර කිසිදා වාර්තා නොවූ අන්දමේ ඩෙංගු ආසාදිතයන් ප්‍රමාණයක් පසුගිය සති 27ක කාලය තුළ වාර්තා වී තිබේ. ලංකාවේ පළමු වතාවට රෝග මර්දනය සඳහා හදිසි නීතිය වසංගතයක් සඳහා පැනවීමට කටයුතු කර තිබේ. වසංගත රෝග අංශයට අනුව මේ වනවිට ඩෙංගු රෝගීන් 97125ක් හඳුනාගන තිබේ.

කොළඹින් රෝගීන් 21282ක්ද කළුතරින් 5386ක්ද ගම්පහින් 14386ක්ද ජූලි මැද වනවිට වාර්තා වී ඇත. ඩෙංගු මේ තරම් භයානක ලෙස පැතිර ගියද බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සොයාගත් සාර්ථක පිළියමක් මේ වනතෙක් අපේ රට වෙත ළඟාවී නැත. මේ නිසාම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඒ සඳහා පිළියමක් ඇත්දැයි සොයන්නට අපි උත්සාහ කළෙමු. එහිදී අපට උපදෙස් සැපැයූ බොහෝ දේශීය වෛද්‍යවරුන් කීවේ ඕනෑම ආගන්තුක උණ රෝගයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර දේශීය ක්‍රමවේදය තුළ පවතින බවය. විශේෂයෙන්ම ලංකාවේ සොයාගැනීමක් වන කාලයක් තිස්සේ ආන්දෝලනාත්මක කතාබහකට ලක්ව ඇති පැපොල් කොළ යුෂ පිළිබඳ තිත්ත ඇත්තද මෙහිදී හෙළිදරව් විය.

වෛද්‍ය සනත් හෙට්ටිගේ 2016 පෙබරවාරි 05 වැනිදා ජනාධිපති සම්මානයෙන් පුද ලැබුවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ නව සොයාගැනීමක් වෙනුවෙනි. ඒ සොයාගැනීම වූයේ පැපොල් යුෂවලින් පෙති, කරල් සහ සිරප් නිපදවීමය.
ඒ සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහුට හිමිය. මේ සොයාගැනීම ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ ෆ්ලෝරිඩා සරසවි ඇතුළු 20කට වැඩි පරීක්ෂණ ගණනාවක් ලෝකය පුරා මේ සම්බන්ධයෙන් සිදුකර තිබේ. පැපොල් යුෂවල ධනාත්මක සුව කිරීමේ හැකියාව මෙන්ම එහි අතුරු ආබාධ රහිත ඉක්මන් ක්‍රියාකාරීත්වය තහවුරු කර තිබේ.
වෛද්‍ය සනත් හෙට්ටිගේ අපට අදහස් දක්වා සිටියේ තමන් 2008 පමණ ඈත කාලයේ සිට පැපොල් යුෂවල බලපෑම ගැන සොයාබැලූ බවයි.
මගේ සේවා කාර්ය මණ්ඩලය වගේම මමත් පැපොල් යුෂ භාවිත කරලා ඒ මගින් රුධිර පට්ටිකා මෙන් සුදු රුධිරාණු වර්ධනයට ආධාර වන ආකාරය සොයාගත්හ. මීයන්ගෙන් සියයට සියයක් යහපත් ප්‍රතිඵල ආවා. මේ ගැන පර්යේෂණ ගණනාවක් ඉදිරිපත් කරලා සායනික පරීක්ෂණයකට අවසර ඉල්ලුවා. නමුත් ලැබුණේ නෑ. ඒ අතර මැලේසියාවේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය මේ ගැන හොයලා ඔවුන් නිර්දේශ කරලා තියෙනවා පැපොල් යුෂ සිරප් භාවිතා කරන්න කියලා. ඒ මදිවට ඒ අය ඒවා නිපදවන හැටි වීඩියෝවකුත් නිෂ්පාදනය කරලා You tube එකට දාලා තියෙනවා. මේ තමා ලෝකයේ මුල්වරට රජයේ වෛද්‍ය ආයතනයකින් ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් අවස්ථාව.
පැපොල් යුෂ බෙහෙත හදාගන්න පහසුයි. ඒ මගින් රුධිර පට්ටිකා සුදු රුධිරාණු ප්‍රමාණය ඉහළ දමන අතරම රෝගය සුවවීමේ කාලය ඉක්මන් කරනවා. මේ නිසා රෝහල් ගතව සිටින කාලය එක් දිනයකින් අඩුකරගන්නත් පුළුවන්. පැපොල් යුෂ පෙති, කරල්, සිරප් මම නිපදවලා තියෙනවා. ඒක ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ ඖෂධය අමතර ආහාරයක් හැටියට හෝ භාවිතා කරනවා නම් මේ තරම් ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරෙන එකක් නෑ.
සමහරු බොරු මිත්‍යා පතුරවලා තියෙනවා. රතු රුධිරානු ඉදිමෙනවා කියනවා. අක්මාව ඉදිමෙනවා කියනවා. පට්ටිකා ගණන ඉහළ යනවා විතරයි ලෙඩේ යටයනවා විතරයි කියනවා. ඔය කියන අය එහෙම කියන්නේ මොන පර්යේෂණ කරලාද? ඊළඟට අපි අනුමැතිය අවසරය ඉල්ලුවාම කියනවා මේක ශාකසාරයක් ඒ නිසා ආයුර්වේදයට අයිතියි ආයුර්වේද වට්ටෝරැවල එය ඖෂධයක් හැටියට තියෙනවාද කියලා පෙන්නන්න කියලා. ඒ අතර ලෝකේ අනෙක් රටවල් මේ අතිරේක ඖෂධය භාවිතා කරලා ඩෙංගුවලින් ජීවිත බේරාගන්නවා. අපි මහාචාර්ය ඒකකයක ආධාරයෙන් පැපොල් යුෂවල ධනාත්මක බලපෑම සනාථ කරලා තියෙන්නේ. ඒ නිසා පැපොල් යුෂ භාවිත කිරීමෙන් රැධිර පට්ටිකා මගින් සුදු රුධිරාණු ප්‍රමාණයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට ගේන්න පුළුවනි. ඒ වගේම රෝගයෙන් පීඩා විඳින කාලයත් රෝහලේ ගතකරන කාලයත් අඩුවෙනවා. ශරීරය තුළ දියර එක්රැස් වීමත් රක්තපාත පත්ත්වයට ඇවිත් මාරාන්තික මට්ටමට එන එකත් වළක්වා ගන්න පුළුවනි. වෛද්‍ය සනත් හෙට්ටිගේ බ්‍රිතාන්‍යය වෛද්‍ය ජර්නලයට ඉදිරිපත් කර ඇති පැපොල් යුෂ නිපදවා ගන්නා ක්‍රමය මෙන්න.
පැපොල් යුෂ හදාගන්නා හැටි
මේ සඳහා ලබාගත යුත්තේ ගෙඩි, මල් දරන, හොඳ නිරෝගී පැපොල් ගසක හොඳින් මාංශලව හැදුණු පත්‍රයි. හොඳින් ගලායන ජලය භාවිතා කර මේවා පිරිසුදු කරගත යුතුයි. ඊළඟට නැටි අහු නොවන පරිදි (පත්‍රයේ කුඩා නාරටි වරදක් නැත) කුඩාවට කපාගත යුතුයි. ඊළඟට ලී වංගෙඩියක ආධාරයෙන් ග්‍රෑම් 50ක් පමණ හොඳින් තලා ගත යුතුයි. හොඳින් උතුරා නිවාගත් ජලය මිලි ලීටර් 50ක් පමණ එක්කර සීනි සුළු ප්‍රමාණයක්ද දමා හොඳින් තලපයක් වනසේ විනාඩි 15ක් පමණ තලාගත යුතුයි. ඉන්පසු තලපය හොඳින් මිශ්‍රකර විනාඩි 30ක් පමණ තැබිය යුතුයි. ඉන්පසු අත් හොඳින් පිරිසුදු කර මේ පල්පය මිරිකා යුෂ ලබාගත යුතුයි. මේ යුෂ අධි ශීතකරණයක පැය 24ක් වගේ කාලයක් තියාගන්නට පුළුවනි. වැඩිහිටියන්ට මිලිලීටර් 30ක් කෑමට පෙර දවසට 3 වරක් ගන්න පුළුවනි. දරුවන්ට මිලිලීටර් 5-10 අතර හොඳයි. තිත්ත රස යන්න වතුර පොදක් තොලගාන්න පුළුවනි.
මතක තබාගත යුතු කරුණු
වෛද්‍ය සනත් හෙට්ටිගේට අනුව මතක තබා ගත යුතු වැදගත් කාරණය තමා හිතුමතේ පැපොල් යුෂ බොන්න එපා කියන එක. උණ හන්දි ඇඟපත රුදාව ආදිය හැදුනාම පළමුව වෛද්‍යවරයෙක් ළඟට යා යුතුයි. විශේෂයෙන්ම දින 3කට වැඩි නම් රෝහලකට යා යුතුයි. ඊළඟට ඩෙංගු ප්‍රතිදේහ පවතීද යන්න සඳහා කරන NS1 පරීක්ෂණය කරගත යුතුයි. ඩෙංගු බව වැටහුණාම වහාම රෝහලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. ඒ අතර පැපොල් යුෂ ආධාරක ප්‍රතිකාරය ආරම්භ කරන්න පුළුවන්. ලෙඩේ හොඳට හොඳ වෙනතුරු එය නවත්වන්න හොඳ නෑ.
| සුගත් පී. කුලතුංගආරච්චි

මඟීන් 1000ක් දිනකට බස් ගමනින් ඉවතට

දිනකට 1000කට අධික මඟී පිරිසක් බස් ගමනාගමනයෙන් ඉවත්ව යන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ තත්ත්වය නිසා මඟී බස් රථ කර්මාන්තය විශාල අර්බුදයකට ලක් ව ඇති බවද ගැමුණු විජේරත්න මහතා පවසයි. මඟී ප්‍රවාහන සේවා බස් රථ සඳහා 58%ක ඉල්ලුමක් පැවතුණු අතර මේ වන විට එම ඉල්ලුම 42%ක් දක්වා පහත වැටී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මේ ප්‍රතිශතය 35%ක් දක්වා පහත වැටුණහොත් බස් රථ ධාවනයෙන් පාඩු සිදුවන හෙයින් බස් හිමියන් එම කර්මාන්තයෙන් ඉවත් වීමට ඉඩ තිබෙන බවද ඒ මහතා කීය.

රාජ්‍ය ප්‍රවාහන සේවාව දශක ගණනාවක් තිස්සේ පාඩු ලබමින් පවත්වාගෙන යන බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට කොළඹ නගරයට බස්නාහිර ප්‍රධාන නගරවල සිට ධාවනය වූ වායු සමීකරණය කළ සුඛෝපභෝගී බස් රථ බොහොමයක් නැවතී ඇති බවද කීය.

විශේෂයෙන්ම කැස්බෑව, අවිස්සාවේල්ල, ගම්පහ, නිට්ටඹුව,

මොරටුව සිට කොළඹ දක්වා එක් බස් රථයක්වත් ධාවනය නොවන බවද කීය.

මේ ආකාරයට ඉදිරියේදී සාමාන්‍ය ප්‍රවාහන සේවා බස් රථ පවා නැවතීමට ඉඩ ඇති බවත් මේ වන විටත් කොළඹ නගරයේ ධාවනය වූ අංක 115 , අංක 173, අංක 198 වැන බස් රථ සේවාවන් නැවතී ඇතැයිද මේ අනතුර බොහෝ දෙනාගේ ඇසට නොවැටී ඇතැයිද ඔහු පැවසීය.

පසුගිය වසර දෙක තුළදී පමණක් මෙරටට යතුරු පැදි 711018ක් හා ත්‍රි රොද රථ 186488ක් පැමිණ ඇති බව මෝටර් රථ ප්‍රවාහන දොපර්තමේන්තු සංඛ්‍යා ලේඛන මෙන්ම මහ බැංකු වාර්තාද පෙන්වා දී ඇත. මොරටුව සිට කොළඹ දක්වා එක් බස් රථයක්වත් ධාවනය නොවන බවද කීය.

මේ ආකාරයට ඉදිරියේදී සාමාන්‍ය ප්‍රවාහන සේවා බස් රථ පවා නැවතීමට ඉඩ ඇති බවත් මේ වන විටත් කොළඹ නගරයේ ධාවනය වූ අංක 115 , අංක 173, අංක 198 වැන බස් රථ සේවාවන් නැවතී ඇතැයිද මේ අනතුර බොහෝ දෙනාගේ ඇසට නොවැටී ඇතැයිද ඔහු පැවසීය.

පසුගිය වසර දෙක තුළදී පමණක් මෙරටට යතුරු පැදි 711018ක් හා ත්‍රි රොද රථ 186488ක් පැමිණ ඇති බව මෝටර් රථ ප්‍රවාහන දොපර්තමේන්තු සංඛ්‍යා ලේඛන මෙන්ම මහ බැංකු වාර්තාද පෙන්වා දී ඇත.


ඊශ්‍රායල පලස්තීන දරුණු ගැටුම්

ජෙරුසිලමේ පැරැණි නගරයේ ආරක්ෂාව තර කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට එරෙහි වෙමින්, පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇවිළිණි.

එම ගැටුම් හේතුවෙන් පලස්තීනුවෝ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ඇනුමක් හේතුවෙන් තුවාල ලැබූ ඊශ්‍රායල වැසියන් තිදෙනකු ද ජීවිතක්ෂයට පත්වුණැයි පසුව වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර ගණනාවකට පසු හටගත් ප්‍රචණ්ඩකාරී ඊශ්‍රායල පලස්තීන ගැටුම මෙය කියාය.
ප්‍රචණ්ඩකාරීව  හැසිරුණු පලස්තීනුවන් කිහිප දෙනකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. ප්‍රචණ්ඩකාරීන් විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න සිදුවිය.

ගැටුමට මුල් වූයේ අක්සා නමැති පල්ලියේ ආරක්ෂාව තර කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගැනීමත් සමඟය. එය පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස්ගේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)

එතුමාට විරුද්ධ පැමිණිල්ල පවුලෙන්මලු

ආණ්ඩුවෙ ඉන්න ඉතාම ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ගැන අල්ලස් දූෂණ කස්ටියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලය කියලා එක කතාවයි...

මෙතන තියන වැදගත්ම කතන්දරේ තමයි ඒ පැමිණිල්ල කරල තියෙන්නෙ උන්නැහේගෙ පවුලෙ ඉතාම සමීප කෙනෙක් නිසයි...

ඇමැතිතුමාට තියන දේපොළ වස්තුව ගැනත් පැමිණිල්ලෙ සඳහන් වෙලාලු... ඒ දේපොළ ගෙවල් දොරවල් විතරක් නොවෙ බී.ඇම්.ඩබ්ලිව් වර්ගයේ වාහන වලිනුත් සමන්විතලු.

ඉතින් පවුලෙම කෙනෙක් මේ නිර්මල හදවතක් තියන ඈත පළාතකින් පත්වෙච්ච ඇමැතිතුමාට විරුද්ධව පැමිණිල්ල දාලා තියෙන්නෙ පවුලෙ අයට ලැබෙන්න තියන දේපොළ වෙනත් කෙනකුට දෙනවය කියන චෝදනාව අනුවලු.

මේ වාසනාව තියෙන කෙනා වෛද්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් කියලයි තතුදත් අය කියන්නෙ. ගෙවල් කිහිපයක් විතරක් නෙවේ පවුලෙ කෙනෙක් ඉල්ලපු වාහනේකුත් මේ විදියට උන්නැහේ දන් දීලලු... ඉතින් මේක ඉවසාගෙන ඉන්න බැරිම තැනලු පවුලෙ කස්ටිය නීති මාර්ගෙට ගියේ...

පුටු පාටිය නියෝජනය කරන මේ බලවතාගෙන් තෑගි ලබන්න වාසනාව ලැබූ කෙනා හිටපු ලොකු තැනගෙන් ළඟ නෑයෙක්ලු...

ඉතින් දැන් හැමෝම බලන් ඉන්නෙ පවුලෙ කස්ටියගෙ පැමිණිල්ලට වෙන්නෙ මොකද්ද කියලලු... මොනව වුණත් සටන අතාරින්නෙ නැහැ කියලා එයාලා කියන බවටත් ආරංචියි.