07 June 2017

වයාග්‍රා විස්මිත පෙත්තේ ඇත්ත නැත්ත

ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි.

මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.

වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.

දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා  ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.

ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත!

හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ.

අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා.

සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.

ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine – TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol – Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat – Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.

තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි.

වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු.

උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

අයි.එස්. වහලියක වුණු නාදියාගේ කඳුළු කතාව

උතුරු ඉරාකයේදී, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී, දූෂණයට ලක් වී, ලිංගික වහලියක් ලෙස විකුණා දැමීමෙන් පසු, පණ බේරාගෙන ඉරාකයෙන් පලාගොස්, පසුව එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක බවට ද පත්වුණු යසීදි ගෝත්‍රික යුවතිය නාදියා මුරාද් වසර 3 කට පසු යළි සිය මවුරට වන ඉරාකය බලා පැමිණියාය.

නාදියාගේ යළි පැමිණීම ඉතා හැඟීම්බර සිදුවීමක් වුණු අතර, එය විදෙස් පුවත් සේවා අතරේ ද කැපී පෙනෙන පුවතක් බවට පත් විය. ඇයට ඉරාක රජයෙන් ද විශේෂ අනුග්‍රහයක් හිමිවන බව වාර්තා වේ. ඇයට උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.

නාදියා මුරාද් උපත ලැබුවේ 1993 වසරේදීය. ඇය අදවනවිට ඇගේ යදීසි ගෝත්‍රික කතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව ක්‍රියාකාරිනියකි. නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද ඇගේ නම යෝජනා විය. ඒ, පසුගිය 2016 වසරේදීය.

පසුගිය  සැප්තැම්බරයේ නාදියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස පත් වූවාය. ලොව පුරා විසිරී සිටින යසීදි සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින ‘යස්ඩා’ සංවිධානයේ සහාය ද නොඅඩුව නාදියාට හිමිවෙයි.

අයි.එස්. ත්‍රස්තවාදීන් නාදියා මුරාද්ගේ ගමට කඩා වැදී ගමේ සටි පිරිස මරා නාදියා පැහැරගෙන ගියේ 2014 අගෝස්තුවේය. නාදියා පමණක් නොව, යසීදි කාන්තාවෝ රැසක් එම අවස්ථාවේ පටන් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියන් බවට පත්විය.

අද වනවිටත් යසිදි පමණක් නොව, අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලබන තරුණියන් ලිංගික වහලියන් ලෙස ජීවත් වන බව පැවැසෙයි. ඉරාක හමුදා අවස්ථා කිහිපයකදී එවැනි තරුණියන් බේරා ගත් බව ද වාර්තා විය.

(රොයිටර්)

කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ.



මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇත.

මහින්ද රාජපක්ෂ රජය යටතේද මාර්ග සංවර්ධන අධිකාරියේ රක්ෂණ ආවරණ ලබාදීමේදී සිදුවූ කොමිස් මුදල් වංචාවක් ගැන එවක අමාත්‍ය නිර්මල කොතලාවල විසින් පැමිණිලි කල පසුව මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ලැබෙන කොමිස් මුදල් මාර්ග සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශය වෙත බැර කිරීමට උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ සුභ සාධක අංශය වෙත රක්ෂණ තැරැව්කරුවෙකුට ලැබෙන හිමිකම් අංකය පවා ලබාදී තිබිණ.



කාන්තා හිංසනය වෙනුවෙන් කාන්තාවන් 120 ක් නිරුවතින් පාරට | PHOTO


ආජන්ටිනාවේ 100 කට වැඩි කාන්තාවන් පිරිසක් නිරුවතින්  උද්ඝෝණයක් ආරම්භ කළ  පුවතක් වාර්තා වුණා.

මෙම උපවාසය ආජන්ටිනා අගනුවර වන බුවනොස් අයරීස් හී ජනාධිපති මන්දිරිය ඉදිරිපිට  පැවැත් වුණි.

කාන්තා හිංසනය වැළැක්වීමේ අරමුණෙන් මෙම උද්ඝෝණය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට සෑම පැය 25 කට සැරයක් කාන්තා හිංසනය හේතුවෙන් එක් කාන්තාවක්  මිය යන බව මොවුන් පව‍සනවා.

මෙය මාරාන්තික උපවාසයක් බවද පවසා ඇති අතර, මොවුන්ගේ මීළග උපවාසය ජුනි 03 වනදා නැවත ආරම්භ කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, මහලු කාන්තාවන්ද වීරෝධතාවට මෙලෙස එක්ව සිටි ඇති අතර කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටින බව ඇතැම් කාන්තාවන් ප්‍රකාශ කර ඇත.

මොවුන්ගේ සංවිධානය Artistic Force of Communicative Shock (FACC) වන අතර 120 දෙනෙකු නිරුවතින් මෙම විරෝධතාවට සහභාගී වී ඇත්තේ අවධානය වැඩි කර ගැනීමටයි. එරට විදෙස් මාධ්‍ය වල සහ සමාජ වෙබ් අඩවි වලද මෙම සිද්ධිය බොහෝ කැළඹීමකටද ලක්ව තිබුණා.























මොකක්ද මේ කටාර් අර්බුදය?

තෙල් සහ වායුවලින් පෝෂිත කුඩා ගල්ෆ් කලාපීය රාජ්‍යයක් වන කටාරය ‘හුදෙකලා’ කිීමට ගල්ෆ් කලාපීය සෙසු බලවත් රටවල් මේ වනවිට පියවර ගෙන ඇත. ඒ, ත්‍රස්ත සංවිධානවලට අනුග්‍රහය දක්වනවා යැයි කටාර් රාජ්‍යයට චෝදනා නගමිනි.

මෙය හිටිහැටියේ ඇති වූ තත්ත්වයක් නොවෙයි. කටාර් රාජ්‍යය සහ අසල්වැසි ගල්ෆ් රටවල් අතරේ වසර ගණනාවක් තිස්සේ මත ගැටුම් පැවැතිණි. වාද විවාද පැවැතිණි. ගල්ෆ් කලාපීය බලවතා සෞදිය, කටාරයට නිරන්තරයෙන් ප්‍රශ්න මතු කළේය. වසර ගණනාවක් තිස්සේ සෞදිය සහ කටාරය අතර සීතල යුද්ධයක් පැවැතිණි.



කටාරය හුදෙකලා කිරීමට සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටයුතු කිරීමත් සමඟ කටාරයට එහි බලපෑම දැනෙන්න පටන් ගෙන ඇත. කටාරයේ වෙළෙඳසැල්වල භාණ්ඩ හිඟයක්, ආහාර හිඟයක් නිර්මාණය වෙමින් පවතී. කටාරයට ලැබෙන ආහාර ද්‍රව්‍යවලින් සියයට 40 ක් ලැබෙන්නේ සෞදියේ සිට දේශසීමා හරහාය. මේ වනවිට එම දේශසීමා මුළුමනින්ම වසා දමා තිබේ. ගුවන් මගින් හෝ මුහුදු මාර්ග ඔස්සේ ද කටාරයට කිසිදු භාණ්ඩයක් පැමිණෙන්නේ නැත.

2022 වසරේ දී ලෝක කුසලාන පා පන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතය. මෙම අර්බුදය උත්සන්න වන විට, කටාරය ඒ සඳහා ලහිලහියේ සූදානම් වෙමින් සිටියේය. ක්‍රීඩාංගන 8 ක් ඉදි කරමින් සිටියේය. සෞදි කටාර් දේශසීමා වසා දැමීමෙන් එම ඉදිකිරීම් කටයුතු මේ වනවිට නැවැතී ඇත. ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබීමෙනි. මේ හේතුව නිසා, 2022 ලෝක කුසලාන පා පන්දු තරගාවලියට ද මෙයින් බාධා එල්ල වී ඇත.

කටාර් රාජ්‍ය ගුවන් සේවය තහනම් කිරීමත් සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් පමණක් නොව, මුළු ලොවටම බලපෑමක් වන තෙල්  මිල සම්බන්ධයෙන් ද අර්බුදයක් නිර්මාණය වී ඇත. තෙල් මිල මේ වනවිට ඉහළ යමින් පවතින බව ද වාර්තා වේ.



සෙසු ගල්ෆ් කලාපීය රටවල් මෙන් නොව, කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සැමවිටම වෙනස් ස්වරූපයක් ගෙන තිබුණි. එම ප්‍රතිපත්ති සෙසු ගල්ෆ් කලාපීය රටවල් අතර මත ගැටුම් නිර්මාණය කිරීමට සමත් වී තිබුණ ද කටාරය සහ සෙසු ගල්ෆ් රටවල් සමඟ නොහොඳ නෝක්කඩු නිර්මාණය වී, කටාරය හුදෙකලා කිරීමට මඟ පාදා දුන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

පළමු වැන්න කලාපීය ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට කටාර් රජයේ සහාය හිමිවිය. ගල්ෆ් රටවල් රැසක තහනමට ලක්ව ඇති ‘මුස්ලිම් සහෝදරත්වය’ දේශපාලන කණ්ඩායමට පවා කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවෙයි. දෙවැනි කාරණාව, කටාරය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසන ඉරානය සමඟත් සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන සෞදි අරාබිය සමඟත් සමසමව සබඳතා පැවැත්වීමය. සෞදිය මෙයට එක හෙළා විරෝධය පළ කර සිටී.

මෙම කරුණු දෙක පසුගිය මාසයේ ඉතා උණුසුම් අයුරින් කරළියට පැමිණියේය. ඒ, කටාර් වෙබ් අඩවියක පළ වුණු කටාර් රජය සම්බන්ධ පුවතක් මුල්කොට ගනිමිනි. එම පුවතෙහි සදහන් වූයේ කටාර් එමීර්වරයා දැඩි ලෙස ඇමෙරිකාව විවේචනය කිරීමකි. පුවතට අනුව කටාර් එමීර්වරයා ඇමෙරිකාවට දොස් පැවැරුවේ ඇමෙරිකාව ඉරානයට කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙනි. ඒ වනවිට ඉරානය ගල්ෆ් කලාපීය ස්ථාවරත්වයට හානියක් යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් නොව ජනපති ට්‍රම්ප් ද පවසා තිබුණි.

වෙබ් අඩවියේ වූ පුවත සත්‍යයක් නොවන බවත්, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවත්, එය පරිගණක හැකර්වරුන් පිරිසක් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් කටාර් රජය එක හෙළා පැවැසීය. හැකර්වරුන්ගෙන් කටාර් පුවත් වෙබ් අඩවිවලට එල්ල වුණු එම ප්‍රහාර සම්බන්ධයෙන් කටාර් ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කළ අතර ඇමෙරිකාව කියා සිටියේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ සහාය ද කටාර් බලධාරීන්ට ලබා දුන් බවය. සෞදිය සහ සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාරයට එරෙහිව නැගී සිටියේ මෙම අවස්ථාවේදීය. කටාරය කියා සිටියේ තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල වෙන බවය.



කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට සෞදිය තීරණය කරද්දී, ඊජිප්තුව ද එක පයින් කටාරය කපා හැරියේය. ඒ, මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂය වත්මන් ඊජිප්තු රජයට ‘හිසරදයක්’ වුණු බැවිනි. අද වනවිට මෙම පක්ෂය ඊජිප්තුවේ තහනම් කර ඇත්තේ එය ත්‍රස්ත සංවිධානයක් ලෙස ‘හංවඩු’ ගසා දමාය. පක්ෂයේ නායකයන් සැමටම පාහේ මරණ දඬුවම ලබා දී ඇත.

සෞදි අරාබියට සහ ඊජිප්තුවට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය කටාරයේ පිහිටා ඇති ඔවුන්ගේ තානාපති නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආපසු ගෙන්වා ඇත. ඊට අමතරව, එම රටවල කටාර් තානාපති නිලධාරීන්ට රටින් පිටවෙන්නැයි සති තුනක කාලයක් ලබා දී තිබේ. සෞදිය, එක්සත් අරාබි එමීරය සහ බහරේනය ඔවුන්ගේ රට වැසියන්ට කටාර් යෑම පවා තහනම් කළේය. සෞදිය ගත් තීරණයට සහාය දැක්වීමක් ලෙස යේමනය සහ ලිබියාව ද කටාර් රාජ්‍යය සමඟ සම්බන්ධකම් අත්හිටුවා දැමීමට තීරණය කළේය. ඊට අමතරව, ආසියාවට අයත් මාලදිවයින පවා තීරණය කළේ කටාර් රාජ්‍යය සමඟ පවතින සබඳතා නවතා දැමීමටය.

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවැයි චෝදනා එල්ල වුවත් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට එරෙහි සටනේදී ඇමෙරිකාව සමඟ සමීපව කටයුතු කරන ගල්ෆ් කලාපීය රාජ්‍යයක් ලෙස ද කටාර් හැඳින්විය හැකිය. ජිහාද් සංවිධාන (අල් කයිඩා සහ අයි.එස්. වැනි) සඳහා කටාරය මුදල් ආධාර ලබා දෙනවා යැයි ඉරාකයේ ෂියා නායකයින් අවස්ථා ගණනාවකදී කටාර් රජයට චෝදනා කර තිබුණ ද කටාර් රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි. තවත් ප්‍රසිද්ධ රහසක් නම්, සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් වදින කැරැලිකාර කණ්ඩායම්වලට අවි ආයුද දී ශක්තිමත් කරන ගල්ෆ් කලාපීය රටවල් දෙක කටාර් සහ සෞදි අරාබියයි. අල් කයිඩා සංවිධානයේම කොටසක් වන ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වනවා යැයි කටාරයට දිගින් දිගටම චෝදනා එල්ල වන අතර, කටාරය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මීට අමතරව ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය, ඔවුන්ගේ ජාත්‍යන්තර ශාඛා කාර්යාලය පිහිටුවා ඇත්තේ ද කටාරයේ දෝහා නුවරය. මෙම කාර්යාලය පිහිටුවනු ලැබුවේ 2013 වසරේදීය. ඒ, කටාර් රජයේ අනුග්‍රහය මැදය. ජාත්‍යන්තරය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණ ඇතිව යැයි කියමින් මෙම කාර්යාලය පිහිටුවනු ලැබුණි. තලේබාන් සංවිධානය ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගැනීම සිදු කරන්නේ මෙම කාර්යාලය හරහා යැයි ද පැවැසෙයි.

පසුගිය වසර පුරාවට දස දහස් ගණනින් පිරිස් කටාරයට පැමිණෙන්න වූයේ රැකියා අපේක්ෂාවෙනි. 2003 වෙද්දී, එම පිරිස ද ඇතුළත්ව කටාර් රාජ්‍යයේ ජනගහනය 7,00,000 සිට මිලියන 2.7 තෙක් ඉහළ ගියේය. කටාරයට තහනම් පැනැවූ ඊජිප්තුව පවසන්නේ ඔවුන්ගේ වැසියන් 1,80,000 ක් කටාර් රාජ්‍යයේ වාසය කරන බවය. එයින් බොහෝ දෙනා ඉන්ජිනෙරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයන් සහ ඉදිකිරීම් සේවකයන් යැයි ද පැවැසෙයි.

පිලිපීන ජාතික ශ්‍රමිකයන් 2,00,000 ක පිරිසක් කටාරයේ සේවය කරන බව පැවැසෙයි. කටාර් අර්බුදය විසඳෙන තුරු කටාරයට ශ්‍රමිකයන් යැවීම නැවැත්වීමට තීරණය කළේ යැයි පිලිපීන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

| ලුසිත ජයමාන්න

ලෝකයේ හොඳම හමුදාවේ මීහරක්ද සිටිය හැකියි : අමාත්‍ය මංගල සමරවීර


සාමසාධක කටයුතු සඳහා පිටත්කර යවන ලෝකයේ පිළිගත් විශිෂ්ට හමුදාවක් ශ්‍රී ලංකාවේ සිටියද, එම ලෝකයේ හොඳම හමුදාවේ මීහරක්ද සිටියහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

හමුදා නිල ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටියද වැරදි කළ අයට සමාවක් නොදිය යුතු බවත්, රටේ සහ සමස්ත හමුදාවේ කීර්තිනාමය රැකගත හැකිවන්නේ එසේ කිරීමෙන් පමණක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

හමුදාවේ සියලුදෙනාට දඬුවම් ලබා නොදෙන බව පැවසූ සරමවීර මහතා වැරදි කළ අයට පමණක් දඬුවම් ලබාදෙන බව කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග එක්ව මෙරට ස්වෛරීභාවයට හානිවන කිසිවක් සිදුකර නැතැයිද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට ඉදිරි සංවර්ධනය වෙනුවෙන් යම් යම් යෝජනා සඳහා එකඟ වූ බවත්, එහිදී රටට අහිතකර කිසිදු කොන්දේසියකට යටත් නොවූ බවත් මංගල සමරවීර මහතා කීවේය.

මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත්, ජිනීවා යෝජනාවල නිර්දේශ මොනවාදැයි කියවා බලන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
වත්මන් රජය රටේ ස්වෛරීභාවය හෝ හමුදාව පාවා නොදෙන බවත්, අතීතයේදී සිදුකර ඇති ආකාරයට හමුදාවේ සිටින වැරදි කළ අයට පමණක් දඬුවම් ලබාදීම අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

සිගරැට්ටුවෙන් මනෝවිකාර

දුම්බීම භින්නෝන්මාදය නමැති මානසික වියවුල් තත්ත්වයක් වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන පර්යේෂක, දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බව නිර්දේශ කර තිබේ.

භින්නෝන්මාදය (schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇතිවන උමතුව වශයෙන් විස්තර කළ හැක.

ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම්පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඉතා අඩු වයස්කාර දුම්බොන්නන් මේ තත්ත්වයට වැඩියෙන් ගොදුරැ වන බවයි.

එම පර්යේෂක කණ්ඩායම විසින් සිදුකරන ලද පර්යේෂක 61ක් අනුසාරයෙන් ලැන්සට් සයිකෑට්රික් සඟරාවේ පළකරන ලද විශ්ලේෂණයේ දැක්වෙන්නේ සිගරුට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොළයට තුළ වෙනස්කම් සිදුකිරීමට සමත් බවයි.
සිය පරීක්ෂණයෙන් මුලික කරුණු ඉදිරිපත් වුවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවය. කිංග්ස් කොලේජ් පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.

දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝවිකාරයට හේතුවන බව බොහෝ කාලයක සිට විශ්වාස කළ කරුණකි.

නමුත් භින්නෝන්මාදය ඇති රෝගීන් දුම්පානය කරන්නේ සිය මනස තුළ පවතින ශෝකී ස්වභාවය සහ මනස තුළින් ඇසෙන බවට ඔවුන් විශ්වාස කරන කටහඬවලින් මිදීමට වන බවයි මින් පෙර විශ්වාස කෙරුණේ.

කිංග්ස් කොලේජ් පර්යේෂණ කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීය පනස් පහක් (14555) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදාගෙන ඇති අතර එයින් ලද ප්‍රතිඵල පහතින් දැක්වේ.

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ඒකාධිපතියෙකු ලෙස බැඳුම්කර කොල්ලය සිදුකරලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් තීන්දු තීරණ ගනු ලැබුවේ තනි කැමැත්තට බවත් ඔහු සෙසු නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදහස්‌ විමසා එකඟත්වයකට පැමිණ තීරණ නොගත් බවත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ සාමාජික මනෝරානී රාමනාදන් මහත්මිය ඊයේ (06) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පැවසුවාය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත් මුල් මාස කීපය තුළ මෙම තත්ත්වය නොවෙනස්‌ව පැවැති බවත් ඒ වන විට මුදල් මණ්‌ඩලයේ සිටියේ සාමාජිකයන් පස්‌දෙනාගෙන් තුන්දෙනෙක්‌ පමණක්‌ බවත් රාමනාදන් මහත්මිය කීවාය.

පසුව මුදල් මණ්‌ඩලයේ පුරප්පාඩු වී තිබූ ඉතිරි සාමාජිකයන් සම්පූර්ණ කරනු ලැබුවද ඒ වනතෙක්‌ම මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ප්‍රධාන භූමිකාව උසුලනු ලැබුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් යෑයි ද රාමනාදන් මහත්මිය කොමිසමට කීවාය.

තමා මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලයේ සාමාජිකයකු ලෙස ඉකුත් වසර 09 ක පමණ කාලසීමාවේ හිටපු අධිපතිවරුන් වන නිවාඩ් කබ්රාල්, අර්ජුන මහේන්ද්‍රන් සහ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි යන මහත්වරුන් යටතේ සේවය කර ඇති බව රාමනාදන් මහත්මිය කියා සිටියාය. අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවට වැදගත් වන තීරණ ගැනීමේදී ක්‍රියා කළ ආකාරය සෙසු දෙදෙනාටම වඩා වෙනස්‌ බව පැවසූ ඇය අනිත් අධිපතිවරුන් විසින් තීන්දු තීරණ ගනු ලැබුවේ සුහදව මුදල් මණ්‌ඩලයේ සියලු සාමාජිකයන් සමඟ සාකච්ඡා කොට එකඟතාවකට පැමිණීමෙන් බවත් වැඩිදුරටත් පැවසුවාය.

2015-02-23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවක්‌ සිදුකිරීමට කිසිදු තීරණයක්‌ නොගත් බව ද එසේම මේ දක්‌වා කිසිම අවස්‌ථාවක භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම නැවැත්වීමට මුදල් මණ්‌ඩලය විසින් තීරණයක්‌ ගෙන නැති බව ද කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාමනාදන් මහත්මිය කීවාය.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එම්. එස්‌. සමරතුංග මහතා මුදල් මණ්‌ඩලය තුළ ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ නොවන බව ද 2015.02.27 දින බැඳුම්කර නිකුතුව ගැන මහජන කතාබහක්‌ ඇති වූ බව තමා දැනගත් නමුත් ඒ ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට තමා හෝ සමරතුංග මහතා හෝ යෝජනාවක්‌ නොකළ බව ද ඇය කියා සිටියාය.

රාමනාදන් මහත්මියගේ සාක්‍ෂිය ඊයේ කොමිසම හමුවේ මෙහෙයවනු ලැබුවේ කොමිසමේ පරීක්‍ෂණ කටයුතුවලට සහාය වන නීතිඥ කණ්‌ඩායම් නායක ජනාධිපති නීතිඥ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා විසිනි.

කොමිසම අද (07 දා) උදේ 9.45 ට රැස්‌ වේ.

-දිවයින-

අනේ අපොයි මෙහෙමත් ලොක්කෝ

මහා ගංවතුරෙන් රටම විනාශ වුණේ පහුගිය දවසේ. විනාශයෙන් වැඩිම බලපෑම වුණේ රත්නපුරටයි කළුතරටයි කියලා තමයි කියන්නේ. මේ නිසා මිනිස්සු අසරණ වුණා නෙමෙයි ජීවිතයෙන් වන්දිත් ගෙවන්න වුණා. මේ නිසා රටම හිටියෙ ඇඬූ කඳුළින්.

ඔහොම තත්ත්වයක ඉන්නකොට පහුගිය දවසේ එක්තරා දවසක කොළඹයි, කළුතරයි තාප්පවල පෝස්ටරයක් වදින්න ගත්තලු. ඒ ෆොටෝ එකේ හිටියේ ආණ්ඩුවේ නිල හඬක්ලු. කට කපලා හිනාවෙලා ඉන්න ‍ෆොටෝ එක ළඟින් තියෙනවලු චිරං ජයතු කියලා. යටින් තියෙනවලු ජන්ම දිනයට විෂ් කොරලා.

 මේ පෝස්ටරේ හැමතැනම අලවලලු. හැබැයි ගහලා තිබිලා තියෙන්නේ ඔය ඇමැති තැනගේ ගෝලයෙක්ලු.
මේ ගැන ඇමැති තැනත් නොදැන හිටියයි කියලා ආරංචිය. කොහොම වුණත් මේක දැක්ක දැක්ක අය අනේ අපොයි මෙහෙමත් ඇමැතිවරු කියාගෙනලු ගියේ. වැඩේ ඇමැති තැන දැනගන්නකොටත් රටම ඒ වැඩෙන් ගිනි අරගෙන ඉවරලු.

Deshaya

ලංකාවේ දිගම උමං මාර්ගයට කොරියාවෙන් බිලියන 30 ක්

 මහනුවර ඉදිකිරීමට නියමිත උමං මාර්ගය සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාදීමට කොරියානු රජය එකඟ වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව කොරියානු රජයේ උපායමාර්ග හා මූල්‍ය අමාත්‍යාංශය උමං මාර්ගය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් (රුපියල් බිලියන 30.9ක්) ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇත.

අවුරුදු 40ක ආපසු ගෙවීමේ පදනම යටතේ 0.15% ක සහන පොලී අනුපාතිකයක් යටතේ  කොරියානු එක්සිම් බැංකුව හරහා මෙම ණය ශ්‍රී ලංකාවට ලැබිමට  නියමිතය.

කිලෝමීටර් 5.5ක දුරකින් යුත් උමං හතරකින් සමන්විත මෙම මාර්ගය සුදුහුම්පොල සිට තැන්නේකුඹුර දක්වා බෝගම්බර හා අම්පිටිය හරහා ඉදිවෙයි. එය ඉදිවිමෙන් පසුව මෙම උමං මාර්ගය ශ්‍රී ලංකාවේ පවතින දිගම උමං මාර්ගය බවටත් පත්වෙනු ඇත.

මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දායකත්වය  ලබාදෙයි.  මහනුවර පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා  උමං මාර්ගය ඉදිවෙයි.උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව මහනුවර වැව රවුම මාර්ගයට පැමිණීමෙන් තොරව වෙනත් පළාත්වලට පිවිසීමේ අවස්ථාව ලැබෙයි.

මේ වන විට සුදුහුමුපොල සිට තැන්නේකුඹුර දක්වා ගමන් කිරීමට සාමන්‍යයෙන් පැය දෙකක කාලයක් ගත වුවත් නව මාර්ගය ඉදිකිරීමෙනන් පසුව එම ගමන විනාඩි 30කට වඩා අඩුකාලයකින් ගමන් කිරීමේ අවසථාව ලැබෙයි.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 40ක් පිරෙන අවස්ථාවක මෙම ණය ලැබිමද සුවිශේෂී වෙයි.

සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පිලිතුරු ලිපියක්


ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අද ප්‍රතිචාර පල කර තිඛෙනවා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. මේ එම ලිපියයි.

සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් නොගෙවීම පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධවයි

මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතා ප‍්‍රදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොලාහක මුදල් ප‍්‍රදානයක් ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා  ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳව ද කණගාටු වෙමි.

ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින්  සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි

08 වන ෙඡ්දය යටතේ ”ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”.

09 වන ෙඡ්දය යටතේ ”තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”. බවට සඳහන්ව ඇත.

මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වන මහළෙහි 08 වන කාමරය ද ඇයට වෙන්කර ලබාදුණි.

සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මළල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒවන විට පැවති මළළ ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මළල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නැත.

2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සළකා එම කාල සීමාවට අදාළ වැටුප්  ගෙවීමට ද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසි පරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට,ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවන්විතව ඉල්ලා සිටිමි.

සෝමරත්න විදානපතිරණ

වැඩබලන ලේකම්

ක‍්‍රීඩා අමාත්‍යාංශය

දඹගහඋල්පත කසළ ගොඩක සුනඛ හිස් 2000ක් | PHOTO


දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් දඹගහඋල්පත ප්‍රදේශයට කුණු කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් ඒ අවට ගම්මාන කිහිපයක පදිංචිකරුවෝ මාදුරුඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල විජයබාපුර ප්‍රදේශයෙන් අවහිර කරමින් (05දා) උද්ඝෝෂණයක නිරත වූහ.

ප්‍රාදේශීය සභාව මගින් බැහැර කරන අපද්‍රව්‍ය හා කුණු කසළ නිසා ජලය අපවිත්‍රවී දැඩි දුර්ගන්ධයක් හමා ඒම, වන අලි තර්ජන වැඩිවීම ඇතුළු පාරිසරික බලපෑම් රැසක් එල්ලවීමෙන් දිමුතුගම, බමුණුකොටුව හා රත්මල්තැත්න යන ගම්මානවල පවුල් 850ක සාමාජිකයෝ 4000කට වැඩි පිරිසක් පීඩාවිඳින බව උද්ඝෝෂකයෝ එහිදී පවසා සිටියහ. 

දඹගහඋල්පත ප්‍රදේශයේ මියගිය සුනඛයන්ගේ හිස්කබල් 2000ක් පමණ තිබෙන අතර ඒවාද ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් වලින් ගෙනවිත් බැහැර කිරීමෙන් මස් කඩවල බලු මස් අලෙවි කරන්නේදැයි සැකයක්ද මතුවී ඇති  බව ඔවුහු පෙන්වා දුන්හ.

උද්ඝෝෂකයින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම පාරිසරික ගැටලුව පිළිබඳව වසර කිහිපයකට පෙර බලධාරීන් දැනුවත් කළද ඊට විසඳුමක් නොමැති නිසා ඊයේ (05දාට) යෙදුණු පරිසර දිනය මුල්කරගෙන හෝ මෙම ගැටලුව ස්ථිර පිළියම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. 

අනතුරුව උද්ඝෝෂණය පැවති ස්ථානයට අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් පී. එම්.පොඩිමැණිකේ මහත්මියද පැමිණියහ. 

එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මෙම ගැටලුවට ඉතා ඉක්මනින් පියවරක් ගන්නා බව පොරොන්දුවීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.

මේ පිළිබඳව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ හා ජනාධිපති පුද්ගලික ලේකම් මහින්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ එම පාරිසරික ගැටලුවට විසඳුමක් ලෙස කුණු බැහැර කිරීමට මහවැලි අධිකාරියෙන් සභාවට විකල්ප ඉඩමක් වෙන්කර ස්ථිර විසඳුමක් ලබාදෙන බවයි. 

මනම්පිටිය - නිමල් ජයරත්න
IMG_20170605_093629 IMG_20170605_093657