07 April 2017

පර්පචුවල් ට්‍රෙෂරීස් මගඩි පිට මගඩි – ණය නොගෙවීමේ ප්‍රමාද ගාස්තු රු. මිලියන 88ක් මහ බැංකුවෙන් ආපසු ගෙවලා



බැඳුම්කර මිලදී ගන්න මහ බැංකුවෙන් රුපියල් බිලියන 12.5ක්, අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5ක්, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකුවලින් රුපියල් බිලියන 8.5ක් ණය අරගෙන.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන 88ක මුදලක් අයකරගත් නමුත් මහ බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා එම මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමුවේ හෙළි කර තිබේ.

මෙය අසාමාන්‍ය තත්වයක් යැයිද අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කර ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ අප්‍රේල් පළමුවැනිදා මහ බැංකුවෙන් රුපියල් බිලියන 11ක මුදලක් ලබාගත්තත් එය අප්‍රේල් 04 වැනිදා තෙක් නොගෙවීම නිසා එම මුදල් පැහැර හැරීම වෙනුවෙන් මහ බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 88ක මුදලක් අයකරගැනීමට තීරණය කර ඇත්තේ අප්‍රේල් 04 වැනිදාට අනුරූපව පොළී ගණනය කිරීමෙනි.

කෙසේ නමුත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මහ බැංකුවේ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මියගේ අනුමැතිය පරිදි එම පොළිය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාතයට අනුව ගණනය කිරීම නිසා එම රුපියල් මිලියන 88ක මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදුවී තිබේ.

මෙම සියලු කටයුතු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවෙන් රුපියල් බිලියන 12.5යි, අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5යි, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා  බැංකුවලින් රුපියල් බිලියන 8.5යි. වශයෙන් රුපියල් බිලියන 21ක ණයක් ලබාගෙන ඇතැයිද මෙය මීට පෙර සිදුනොවු අසාමාන්‍ය දෙයක් යැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමවේ වැඩිදුරටත් හෙළි කර තිබේ.

අවසන් අබුඩාබි බ්ලොග් රචකයාත් අත්අඩංගුවට



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසන් මානව හිමිකම් ක්‍රියාධරයා වූ අහ්මඞ් මන්සූර්, බ්ලොග් ලිවීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ. රෑ මැදියමේ බ්ලොග් රචනයේ නියැළෙමින් සිටින විට ආරක්ෂක හමුදාව ඔහුගේ නිවස වටලා නිවසට කඩා පැන ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමේ වරදටය. තවද අත්අඩංගුවට ගෙන විනිසුරුවරයෙක් ඉදිරියට පැමිණවීමකින් තොරවම ඔහු ව මේ වන විට සිරගත කර තිබේ.

පසුගිය මාර්තු 20 වැනිදා සිදුකරන ලද මෙම අත්අඩංගුවට ගැනීම සඳහා දොළොස් දෙනෙකුගෙන් යුක්ත ආරක්ෂක භටයන් පිරිසක් සහභාගි වී ඇත. අහමඞ්ව අත්අඩංගුවට ගැනීමට පෙර මුලු නිවසම සෝදිසිකර නිවසේ තිබූ සෙසු ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපාංග ද රාජසන්තක කරන ලදී.

අහ්මඞ් ට විධිමත් ලෙස චෝදනා ගොනු කර ඔහු ට විරුද්ධව නඩු පවරා ඇති බව බලධාරීන් සනාථ කර තිබෙන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් සතියකට පසු ය. ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව සයිබර් ක්‍රයිම් හෙවත් සයිබර් අපරාධ සිදුකිරීමයි. මේ වන විට ඔහු ව අබුඩාබි බන්ධනාගාරයේ රඳවා තබාතිබෙන අතර තවම ඔහුට සිය පවුලේ අය සමග සෘජුව කතාබස් කිරීමට පවා අවස්ථාවක් ලබා දී නැත.

අහමඞ් සම්මාන දිනූ බ්ලොග් රචකයෙකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ විශේෂයෙන්ම අබුඩාබි අගනුවර සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දිගින් දිගටම සමාජ ජාල වෙබ් අඩවිවල හඬනැගීමට ඔහු කටයුතු කළේය. එසේම ඇම්නේස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව හිමිකම් තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව වැනි වැදගත් මානව හිමිකම් මෙවලම් සකස් කිරීම සඳහා සක්‍රිය දායකත්වයක් ලබාදුන්නේය. නමුත් බලධාරීන් පවසන්නේ වෛරී කථනය, බොරු ප්‍රචාර සහ තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරයේ ඔහු නියැලුණු බවයි.

අහ්මඞ් මන්සූර් ව නිදහස් කරවා ගැනීම සඳහාත් ඔහුට යුක්තිය ඉටුකරදීම සඳහාත් මේ වන විට ලොව පුරා විසිරී සිටින, හිමිකම් ගරු කරන ජනතාව එක්රොක් වෙමින් සිටිති.

LNW

ඝාතක කණ්ඩායමට ඇප දීමට මහේස්ත්‍රාත්වරියට බලපෑම් කළේ කවුද ?



'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර ලෙස වධහිංසාවට පැමිණවීම පිළිබඳ නඩුව පසුගිය 30 වනදා කැඳවූ අවස්ථාවේදී එදිනට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැර සැකකරුවන්ට ඇප ලබාදීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ඊට හේතුවූයේ තමාව පැහැරගෙන ගොස් පහරදුන් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහභාගී වන මෙන් කීත් නොයාර් මහතාට දිගින් දිගට ම රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා දැනුම්දීම් කළ ද ඔහු ඊට නොපැමිණීමය.

කීත් නොයාර් මහතා දැනට වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තම නඩුවට ඉදිරිපත් නොවීම පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර ලිපියකින් ප්‍රශ්න කළෙමු. පැමිණිලිකරු ඉදිරිපත් නොවීම හේතුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව විසුරුවා හැරීම එකකි. එහෙත් කීත් නොයාර් පැහැරගැනීමේ චෝදනාව එල්ල වූ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව ද සැකකටයුතු බවට පරීක්ෂණ වලින් හෙළිදරව් වී තිබියදී ඔවුන් ඇප මත මුදා හැරීම වෙනමම එකකි. මන්දයත් කීත් නොයාර් නඩුවේ චෝදනා ගොනුකර තිබූ ස්වභාවය අනුවම ඇප ලබාදීම කළ නොහැකි බැවිනි.

මෙම නඩුව විභාග කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අධිකරණ සේවයට පත් කරන්නේ කුප්‍රකට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා විසිනි. එසේම ඇය සරත් එන්. සිල්වාගේ අංක එකේ පුරෝහිතයකු වන සහ රාජපක්ෂ රෙජීමයේ අංක එකේ ගෝලයකු වූ, වැඩ තහනමට ලක්වූ අරවින්ද පෙරේරාගේ සමීපතම හිතවතිය ද වේ. මේවා නඩු විභාගය හා බැඳෙන්නේ කීත් නොයාර් පැහැරගැනීම සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා උක්ත කී රාජ්‍ය බුද්ධි සේවා ඝාතක කල්ලිය යෙදවූයේ රාජපක්ෂ රෙජීමය ම නිසාය.

ලෝචනා අබේවික්‍රම අතිරේක මහේස්ත්‍රාත්වරියට නීතිය පිළිබඳව අවබෝධයක් නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල ඝාතක කල්ලියේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ කීත් නොයාර් මහතාට කෲර ලෙස වධ හිංසා පැමිණවීම පිළිබඳව සහ ගිනි අවි පනත යටතේය. ඇය විසින් චූදිතයින්ට ඇප නියම කෙරුණේ, ගිනි අවි පනත යටතේ චෝදනා ගොනු කළ සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් විසින් ඇප ලබාදිය නොහැකි බව අධිකරණයේ සඳහන් කර සිටියදීත් ය. ගිනි අවි පනත පිළිබඳව නීතියේ ඉතාම පැහැදිලිව සඳහන් ව තිබියදීත් මහේස්ත්‍රාත්වරිය විසින් අත්තනෝමතික ලෙස අදාල ඝාතක කණ්ඩායමේ සැක කරුවන්ට ඇප නියම කරන්නේ ඇයට ඉහළින් පැමිණ ඇති නියෝගයක් අනුවය.

මෙම ඇප නියම කිරීමේ තීරණය වෙනස් කරවා ගැනීම සඳහා ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා දැනට කටයුතු කරන බව වාර්තාවේ. මේ පිළිබඳව විශේෂ සාකච්චාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නීතිපතිවරයා අතර පසුගියදා සිදුකෙරුණු බවට ද වැඩිදුරටත් වාර්තා විය.

මෙම ඝාතක කල්ලි සාමාජිකයින්ට ඇප ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාව අනුව සිදුවූවක් බවට බොහෝ අය සැක පහළ කළද අප වෙත වාර්තා වන්නේ ඝාතක කල්ලිය නිදහස් කරවාගෙන තමුන්ද නිදහස් වීමේ වුවමනාව ඇති හිටපු පාලක කල්ලිය තමන්ගේ සහචරයින් ඊට අදාල තැන්වල ස්ථානගත කරගෙන ඇති බවය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා තම කාලීන දේශපාලනික හැව ඇරීම් වලට අනුව මේ වන රැඳී සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂගේ තුරුළේය.

LNW

එජාප මන්ත්‍රීවරුන්ට රවී තනතුරු බෙදයි


 ඇමති ධුර නොමැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සඳහා තනතුරු ලබාදීමට මුදල් ආමත්‍ය රවි කරුණානායක මහතාවිසින් කටයුතු කරගන යන බව වාර්තා වේ.

ඒ අනුව එවැනි මන්ත්‍රීවරු 40කට පමණ මුදල් ආමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත්වීම් ලබාදීමට රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින බව පැවසේ.

මින් මන්ත්‍රීවරු 15කට පමණ (05) එම පත්වීම් ලිපි ලබා දී ඇති අතර මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනය 06ක් අධීක්ෂණය කිරීමේ බලය ඔවුන්ට පවරා ඇත.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය එම ආයතන 06 වේ.

රේගුව සම්බන්ධයෙන් මැදිහත්වීමේදී අවශ්‍යතාවය මත පමණක් මැදිහත්වන ලෙස ලිඛිතවම දන්වා තිබේ. මෙම මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රයක් ලබාදීමටද මුදල් ඇමතිවරයා එකඟතාවය පළ කර ඇත.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේද මෙසේ විවිධ අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස බොහේ මන්ත්‍රීවරු පත්කළ අතර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් එම පාලනය බිඳ වැටීමටද බෙහෙවින් ඉවහල් විය. විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේ අතර විශේෂ තැනක් ගත්තේ ය.

2021 දී 25 සමරන්න අනුහයේ අයට ලක්ෂ 500 ක්



1996 කියන්නේ අපිට අමතක වෙන්නේ නැති අවුරුද්දක්.

මේ පුංචි ලංකාව ලෝකෙම අලුතින්ම දැන ගත්තා ඒ ක්‍රිකට් වලින්. 1996 මැයි 17 ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ කැන්ගරුවන් එක්ක තිබුණු තරගය අපි දිනුවා.

ඒ නික්ම තරගයක් නෙවේ ලෝක කුසලානයක අවසන් තරගය අපි දිනුවේ. දැන් අපි කුසලානය දිනලා අවුරුදු 21 ක් වෙනවා.

මෙන්න ඒ අය කරන්න යන අලුත්ම දේ තමා මේ.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ.

ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ එය සැමරීමට මෙම ගොඩනැගිල්ල 2021 වර්ෂයේදී වැඩ අවසන්කිරීමට නියමිතය.

ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.

ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි.

මහනුවර රථවාහන තදබදයට තිත – සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා 5.5km ක දිගින් යුතු ද්විත්ව මංතීරු උමං මාර්ගයක්




මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කිලෝමීටර් 5.5 ක දිගින් යුතු ද්විත්ව මංතීරු උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (04) පැවැති කැබිනට් හමුවේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ. මහනුවර දළදා මාළිගය ඉදිරිපිට ඇති මාර්ගය වසාදැමීම හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින  බවට බොහෝ පිරිස් චෝදනා කළ අතර, එයට විසඳුමක් ලෙස මෙම තීරණය ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මහනුවර දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය වසා තැබීමටත් ඒ වෙනුවට කිලෝමීටර් 5.5ක් දිග මෙම උමං මාර්ගය ඉදිකිරීමටත් නියමිතය.

මහනුවර සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා මෙම ද්විත්ව උමං මාර්ගය ඉදිකෙරෙන අතර, නුවරවෙල හංදිය සහ බෝගම්බර ලෙස අන්තර් හුවමාරු දෙකක් ඇතුළත් කර තිබේ.

මෙම උමං මාර්ගය ඉදිකිරීමත් සමග මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාළිගාව සිට තැන්නේකුඹුර දක්වා මාර්ගයන්හි පවතින තදබදයට විසඳුමක් දියහැකි බව රජයේ අපේක්ෂාව වී තිබේ.

ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම්  ඇතුළත්ව අන්තර්ජාතික තත්ත්වයෙන් යුතුව නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම උමං මාර්ගය කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල යටතේ ඉදිකිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

සමාජ ව්‍යාපාර වැරදි ගොඩක් කළාට සමාජවාදය හැදෙන්නේ නෑ – පුබුදු ජයගොඩ




සමාජ ව්‍යාපාර වැරදි ගොඩක් කළාට සමාජවාදය බිහි නොවන බව අවිස්සාවේල්ල නගර ශාලාවේ පැවැති 46 වැනි අපේ‍්‍රල් විරුසමරුවේ ප‍්‍රධාන දේශනය පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ ප‍්‍රකාශ කළේය.

71 අරගලයට බලපෑ හේතු අදත් වෙනස් වී නැති බවත් එදා ජනතාව මුහුණ දුන් පීඩනයට අදත් ජනතාව මුහුණ දෙන බවත් ඔහු පැවසීය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් මෙසේද පැවසීය.

මීට අවුරුදු 46කට පෙර සිදු වුණු අපේ‍්‍රල් අරගලය ගැන වර්ග දෙකක කතා අප අහන්න ලැබෙනවා. එකක් තමයි, අප්‍රේල් අරගලයට සම්බන්ධ වූ අය වීරයන් කරලා, ලොකු ස්මාරක හදලා ඒ ස්මාරක පිටුපස තමන්ගේ ප‍්‍රතිසංස්කරණවාදය, පාවාදීම්, ඞීල් හංගන්න ගන්න උත්සාහය. අනෙක් පැත්තෙන් අපි දකිනවා අරගලය පාවාදීලා පලා ගිය අය තමන්ගේ පාවාදීම සාධාරණිකකරණය කරන්න අපේ‍්‍රල් අරගලය සම්බන්ධයෙන් අවලාද නගන, ඒක අත්වැරැුද්දක්, අහම්බයක් කියලා කියන්න දරන උත්සාහය. මේ දෙකෙන්ම අරගලයටවත්, ඉතිහාසයටවත් සාධාරණයක් වෙන්නේ නෑ. ඒ වගේම වර්තමානයටවත් අනාගතයටවත් සාධාරණයක් ඉටු වෙන්නේ නෑ.

1965 ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන මොහොත වෙද්දී කම්කරුවන්, ග‍්‍රාමීය ගොවීන්, විශේෂයෙන්ම හේන් ගොවීන්, රැුකියාවිරහිත තරුණයන්, ශිෂ්‍යයන් පීඩාවට පත් වෙලා හිටියේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි මාරුවෙන් මාරුවට බලයට ගේනවා හැර ඔවුන්ට වෙන විකල්පයක් ඒ වෙද්දී තිබුණේ නෑ. ඉතාම වේගයෙන් ණය බර ඉහළ යමින් තිබුණා. ලංකාවේ වතුවලින් 35%ක අයිතිය තිබුණේ බි‍්‍රතාන්‍ය සමාගම්වලට. විරැුකියාව ඉහළ ගොස් තිබුණා. සමුපකාර ශාඛාවලින් තුනෙන් එකක් වහලා දාලා තිබුණා. ආර්ථිකය වේගයෙන් අධිරාජ්‍යවාදය එක්ක ගැට ගැහෙමින් තිබුණා. අද වගේම තත්වයක් තමයි එදාත් තිබුණේ.

අද තත්වය මොකක්ද? ඒ අරගලයට අවුරුදු 46ක් ගත වෙන මේ මොහොතේ ධනවාදයේ න්‍යායාචාර්යවරුම කියමින් ඉන්නවා නවලිබරල් ධනවාදය අසාර්ථකයි කියලා. අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩ බවට පත් කරලා එහි වගකීමෙන් රජය ඉවත් වෙමින් ඉන්නවා. ඒක තමයි නව ලිබරල් ප‍්‍රතිපත්තිය. නව ලිබරල් ධනවාදයට විරුද්ධව තමයි ඔවුන් අරගල කළේ. ලංකාවේ මෑත කාලයේ විශාලම ජනතා සහයෝගය ලැබුණු අරගල දෙක අරගෙන බලන්න. එකක් සයිටම් විරෝධී අරගලය. අනෙක් එක ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සටන. මේ අරගල දෙකම ගත්තොත් ඒවා නවලිබරල් ධනවාදයට එරෙහි අරගල. 71 අරගලය අහම්බයක්ය කියලා කියන අයට, මේ අරගලත් ඒ වගේ අහම්බයන් කියලා කියන්න පුළුවන්ද දන්නේ නෑ.
1978 සිට ලංකාවේ ආර්ථිකයේ ප‍්‍රධාන උපාය මාර්ගය විදේශ ආයෝජන. නමුත් දළ ජාතික නිෂ්පාදනයෙන් 0.1%ට වඩා විදේශ ආයෝජන ඉහළ ගිහින් නෑ. 2015 ජනවාරි වෙද්දි සුරැුකුම්පත්වල විදේශිකයන් ආයෝජනය කළ මුදල රුපියල් බිලියන 493ක්. නමුත් 2017 ජනවාරි වෙද්දී ඒකෙන් බිලියන 257ක් ඉවත් කර ගෙන තිබෙනවා. පසුගිය මාසයේ ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයන් ජනාධිපති මන්දරයට කැඳවලා, මේ ප‍්‍රශ්නයට විසඳුම මොකක්ද කියලා ඇහුවා. ආර්ථික විශේෂඥයන් කියලා තියෙන්නේ කිසිම විසඳුමක් නෑ කියලා. මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගිය සතියේ කිව්වා ලංකාවේ ආර්ථිකය රෝහල්ගත වෙලා කියලා.

වමේ ව්‍යාපාරයේ තත්වය මොකක්ද? සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය පිරිහීමට ලක් වෙලා තිබුණා. ඒ පිරිහීමට විරුද්ධවයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුවේ. නමුත් අද ඒ ව්‍යාපාර ප‍්‍රතිසංස්කරණවාදයටත් ලිබරල්වාදයටත් ගිහින්. 1889 හේමාකට් චතුරශ‍්‍රයේ කම්කරුවන්ගේ ලෙයින් රතු වුණු රතු කොඩිය අගමැති මන්දිරයේ ජනාධිපති මන්දිරයේ වළං අල්ලන රෙදි කෑල්ලක් බවට පත් කරමින් ඉන්නවා.

ඉල්ලීම් 21 ව්‍යාපාරයේ ඉල්ලීම් දිහා බලන්න. ඒ සමහර ඉල්ලීම් ආර්ථික ඉල්ලීම් තමයි. නමුත් අදත් ඒ ඉල්ලීම් එහෙමම තියෙනවා. එක ඉල්ලීමක් තමයි දිනක වැටුප රුපියලකින් වැඩි කරන්න කියන එක. අදත් මුදල වෙනස් වෙමින් ඒ ඉල්ලීම ඉදිරිපත් වෙනවා.
තවත් ඉල්ලීමක් තමයි ස්ථිර මාසික වැටුපක් දෙන්න කියන එක. අදත් වතුකම්කරුවන්ගේ ප‍්‍රධානම ඉල්ලීමක් වෙලා තිබෙන්නේ ඒක.

තවත් ඉල්ලීමක් තමයි අර්ථසාධයට, විශ‍්‍රාම වැටුපට බදු ගහන්න එපා කියලා. පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබෙනවා, අර්ථසාධක අරමුදලට ගහපු 10% බද්ද 14% දක්වා වැඩි කරන්න. ඒ විතරක් නොවෙයි, වෘත්තීය සමිතිවලට ගෙවන සමාජික මුදල්වලිනුත් බදු අයකරන්න තීරණය කර තිබෙනවා. ඒ වගේම වැඩිහිටි සුබසාධනය කියලා විශ‍්‍රාම වැටුපක් නැති වෙනත් ආදායමක් නැති අය වෙනුවෙන් රුපියල් 2000ක දීමනාවක් දුන්නා. දැන් තීරණය කරලා තිබෙනවා, ඒකෙනුත් රුපියල් 100ක් කපා ගන්න. රුපියල් 2000 වෙනුවට දෙන්නේ 1900යි. ඒ වගේම පවුලේ දරුවන් ඇතුළු සියලූම දෙනාගේ ආදායම රුපියල් 3000ට අඩු නම් විතරයි ඒක ගෙවන්නේ කියලා තීරණයක් අරගෙන තිබෙනවා. එහෙම අය ඉන්නවා නම් දැන් කුස ගින්නේ මිය ගිහින් ඉන්න ඕන.

71 අරගලකරුවන්ට ධනපති ආණ්ඩුව නැගූ එක් චෝදනාවක් තමයි සමාජවාදය යටතේ අවුරුදු 65ට වැඩි අය මරනවා කියලා. නමුත් ඇත්තටම වැඩිහිටියන් මරන්නේ කවුද? මුදල් ඇමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් කියනවා, වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා, ඒක හරියට පුපුරන්න නියමිත කාලබෝම්බයක් වගේ කියලා. ඒ කියන්නේ ඒක නිශ්ක‍්‍රිය කරන්න ඕන කියලා. ඒකට වැඩිහිටියන් මරන්න ඕන. වැඩිහිටියන් මරන විදිය තමයි මේ යෝජනා කරලා තිබෙන්නේ.

ඉල්ලීම් 21 ව්‍යාපාරයේ තවත් ඉල්ලීමක් තමයි වෘත්තීය සමිතිවල වැඩ කිරීම නිසා සේවයෙන් ඉවත් කිරීම නතර කරන්න කියලා. අදත් ඒ ඉල්ලීම එහෙමම තියෙනවා.

මේ ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවා දෙන්න වමේ ව්‍යාපාරය කටයුතු කළා. රෝහණ විජේවීර සහෝදරයා කියනවා, ඊනියා වම රජගෙදරට බඩ ගෑ විට නව වමේ ව්‍යාපාරයක අවශ්‍යතාව ඇති වුණා, ඒ අවශ්‍යතාව පුරවන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණේ කියලා.

බි‍්‍රතාන්‍යයේ සමීක්ෂණ වාර්තාවකට අනුව ලෝකයේ සිටුවරුන් වේගයෙන් වර්ධනය වෙන නගර අතර දෙවැනි තැන තිබෙන්නේ කොළඹ නගරය. ඩොලර් මිලියන 30ට වැඩි අය මේ වෙද්දී 70ක් කොළඹ ඉන්නවා. තවත් අවුරුදු 10කින් මේ ගණන 182ක් දක්වා වර්ධනය වෙනවා කියලා ඔවුන් කියනවා. ධනය වේගයෙන් එක තැනකට ගොඩ ගැහෙමින් තිබෙනවා. ඉන්දියාවේ හයිඩ‍්‍රාබාද් නගරයේ මිලියනපතියන්ගේ වර්ධනය 150%යි. ඒ නගරයේම තමයි පහුගිය දවසක ගොවීන් මී කුණු කටින් අරගෙන තමන්ට කන්න නෑ, මී කුණු තමයිකන්න වෙන්නේක ියලා උද්ඝෝෂණය කළේ. කොළඹ නගරයේ නිර්ධනීන් ලක්ෂ හතක් පිටමං කරන්න කටයුතු කරමින් ඉන්නවා.

සධාරණ සමාජයක් කියන සටන් පාඨය අද අවලංගුද? නෑ. ඒක අදටත් වළංගුයි. යුක්තිගරුකෙ ද්ශයක් කියන සටන් පාඨය අද අවලංගුද? නෑ. ඒක අදත් වලංගුයි. නිවහල් මිනිසෙක් කියන සටන් පාඨය අද අවලංගුද? නෑ. අදත් ඒක වලංගුයි. එදා සටන් පාඨ අදත් වලංගුයි. එදා සමාජය මුහුණ දීලා තිබුණු තත්වය අදත් වෙනස් වෙලා නෑ.

නමුත් ඒ ආකෘතියේ අඩුපාඩුකම් තිබෙනවා. ව්‍යාපාරය ගොඩනැගුවේ රහසිගතව. ජනතාවගෙන් බහුතරයක් ව්‍යාපාරය ගැන දැන ගත්තේ අරගලයෙන් පස්සේ. ලෙනින් කියනවා, කැරලි ගසා නැගී සිටීමට හේතු තිබුණත් එය පදනම් විය යුත්තේ ජනතාව මත කියලා. 71 කැරලි ගසා නැගී සිටින්න තත්වයක් තිබුණා. නමුත් ඒක පුුළුල් විප්ලවීය බහුජන ව්‍යාපාරයක් මත පදනම් වුණේ නෑ.

අරගලයට තවත් හේතු ගොඩක් තිබුණා. සමහරු කියනවා අරගලය විසින් මර්දනය කැඳවා ගත්තා කියලා. නමුත් මර්දනය තමයි අරගලය ආවේ. බි‍්‍රගේඩියර්වරයෙක් වොෂිංටන් පෝස්ට් පත්තරේට කියලා තිබුණා, මීට කලින් හමුදාව පුහුණු වුණේ පඹයන්ට වෙඩි තියලා. දැන් ඇත්තටම යුද්ධයක් ඇවිත් තියෙනවා කියලා. මේක කියන්නේ අපේ‍්‍රල් නැගිටීමට කලින්. ඒ වගේම මළ සිරුරු මරණ පරීක්ෂණයකින් තොරව අවසන් කටයුතු කරන්න නීති ගෙනාවේ අරගලයට කලින්. සිය ගණනින් තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්තේ අරගලයට කලින්.

අරගල ආකෘතියේ ප‍්‍රශ්නයක් තිබුණත් දණ නැවීම, වරද පිළිගැනීම ඔවුන් ප‍්‍රතික්ෂේප කළා. අරගලය පාවා දුන් කිහිප දෙනෙක් හැර බහුතරයක් කැරලි ගැහුවා කියලා පිළිගත්තත් ඒක වැරැුද්දක් කියලා පිළිගත්තේ නෑ. සම්මුති ගැහුවේ නෑ. නමුත් අද ඉතාම සරල කරුණුවලටත් සම්මුති ගහන තත්වයට පත් වෙලා. ප‍්‍රායෝගික තත්වයන්ට අනුගත වෙනවාට වඩා 71 පරම්පරාවේ අනුරාගය ධනාත්මකයි. ඒකට අපි ආචාර කරනවා.

පොලිසියට පහරදීම තමයි ඔවුන් තෝරා ගෙන තිබුණේ. රජය කියන්නේ පොලිසිද වගේ ප‍්‍රශ්න නැගෙනවා. නමුත් ගුවන් විදුලිය අල්ල ගන්න, රොස්මිඞ් වටලන්න වගේ තීරණත් තිබුණා. කොහොම වුණත් ප‍්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ පොලිසිවලට පහරදීම. ඒකේ ප‍්‍රශ්නයක් තිබෙනවා. නමුත් පොලිස්පතිවරයා එක්ක ගිහින් පීත්තපටි කපලා පොලිසි විවෘත කරනවාට වඩා ඒක ප‍්‍රගතිශීලියි. රජය කියන්නේ අපේ හතුරෙක්, ඒකත් එක්ක සටන් කරන්න ඕන කියන දැක්ම තිබුණා. ඒක ලොකු දැක්මක්.

ඒ විතරක් නොවෙයි. රාජ්‍ය ආයතන අල්ලන එක විතරක් නොවෙයි, තමන්ගේ ජීවිතත් වෙනස් කර ගන්න එක තමයි විප්ලවය කියන්නේ කියලා ඔවුන් විශ්වාස කළා. ඒ සංස්කෘතිය ගැන විශාල ප‍්‍රසාදයක් ගොඩනැගිලා තිබුණේ ඒ නිසා. ප‍්‍රායෝගිකවාදයට වැටිලා, ජනතාව ඉන්න තැනම වැටිලා ඉන්නේ නැතිව පෙරටුගාමී කාර්යභාරයක් තියෙනවා, වේලාසනින් අවදි වෙන්න ඕන කියලා පෙන්නුවා. 71 අරගලය කියන්නේ කියවා අවසන් කළ නොහැකි පාඩම් පොතක්.

කසල තමයි පොහොර වෙලා මල්ගස්වලට, ලොකු වෘක්ෂවලට පොහොර දෙන්නේ. වැරදිවලින් තමයි ඉගෙන ගන්නේ. නමුත් කසල ගොඩ ගැහුවාට පොහොර හැදෙන්නේ නෑ. ව්‍යාපාර වැරදි ගොඩක් කළාට සමාජවාදය හැදෙන්නේ නෑ. ඒ සාකච්ඡාව ගොඩනගන්නයි අපි අපේ‍්‍රල් සමරුව යොදා ගන්නේ.

රු.1,500/-ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් රු. 975/- ට සතොසින්



උදාවන නව අවුරුදු සමයේ දී මහජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා  විසින් දෙන ලද උපදෙස් අනුව රු.1,515/-ක් වටිනා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රු.975කට ලබා දීමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් 10 වන දා  සිට 20 වන දා දක්වා වන කාලය තුළ දිවයින පුරා පිහිටි ලක් සතොස වෙළඳ සැල් හරහා මෙම ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ල පාරිභෝගික ජනතාවට මිල දී ගත හැකි වනු ඇත.

කිරි පිටි, සීනි, සහල් , පරිප්පු, අල, ළූණු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මලු ලක්ෂ 10ක් පමණ මෙම කාලය තුළ පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට රජය අපේක්ෂා කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මහජනතාවගේ ජීවන වියදම් අඩු කර ගැනීමට සහය දැක්වීමක් ලෙස රජය විසින් මෙම පියවර ගෙන ඇත.

රු.1515/-ක් පමණ වටිනා පහත සඳහන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සහන මිලට රු.975/-කට ලක් සතොස හරහා ලබා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව ආහාර මලු ලක්ෂ 10ක් පමණ මෙම අලුත් අවුරුදු කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපේක්ෂා කෙරේ.
  ආහාර ද්‍රව්‍ය ලබා දෙන ප්‍රමාණය දැනට වෙළපොළ මිල රු.
1 පරිප්පු 1kg 160.00
2 අල 500g 70.00
3 ලොකු ළූණු 1kg 100.00
4 හාල්(සුදු හාල්) 2kg 150.00
5 වියළි හාල්මැස්සන් 500g 200.00
6 සීනි 1kg 105.00
7 ටින් මාළු 425g 125.00
8 කෑලි මිරිස් 200g 175.00
9 කඩල 500g 100.00
10 කිරි පිටි (සතොස) 400g 310.00
  වැය වන මුළු මිල   1,495.00
  ඇසුරුම් මිල        20.00
  මුළු වියදම   1,515.00

සෝනි ඡායාරූප සම්මාන උළෙල සඳහා නන්දෙසින් ලැබුණු විශ්මිත ඡායාරූප !



සුප්‍රසිද්ධ සෝනි සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන ඡායාරූප සම්මාන උළෙල සදහා මෙවරද ලොව නන්දෙසින් ඡායාරූප ලැබී ඇති බවට වාර්තා වුණා.

මෙවර සම්මාන උළෙලට ඡායාරූප 220,000 ක් ලැබුණු බවට ඔවුන් ප්‍රකාශ කළා. එම ඡායාරූප 220,000 අතරින් කිහිපයක් ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

උතුරු කොරියාවෙන් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – ඇමරිකා, දකුණු කොරියා යුධ සැළැස්මක් උතුරු කොරියාව අතට



උතුරු කොරියානු ‘හැකර්වරු‘ විසින් OPLAN 5027 නම් යුධ සැලැස්මක් අණාවරණය කරගෙන ඇති බව විදෙස් වාර්තාවක් පෙන්වා දෙයි. උතුරු කොරියාව සමග යුද්ධයක් ඇති වුවහොත් ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියාව එක්ව උතුරු කොරියාවට පහර දෙන අයුරු මෙම සැළැස්මේ අන්ර්ගතව පැවති බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

භට පිරිස් විහිදි යන අයුරු, ප්‍ර‍ධාන උතුරු කොරියානු ඉලක්ක, ඇතුළු යුධ රහස් ගණනාවක් මෙම සැලැස්මේ අන්තර්ගතව තිබූ බවත් සඳහන් වේ. මෙම සයිබර් ප්‍ර‍හාරය මගින් OPLAN 5027 සැළැස්මේ තිබූ රහසිගත තොරතුරු ගණනාවක් උතුරු කොරියාව අතට පත්ව ඇති බව දකුණු කොරියාවද පිළිගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඇමරිකා එක්සත් ජනපදය හා දකුණු කොරියා හමුදා එක්ව පසුගියදා ඒකාබද්ධ යුධ අභ්‍යාසයකද නිරත විණ. මේ එහි ඡායාරූප කිහිපයකි.

මෙන්න ලංකාවට තවත් සම්මානයක් ලෝකයේ තවත් සුපිරි තැනක් හිමිවෙයි




ලංකාවට බොහෝ අවස්ථාවල දී සමීක්ෂණ වාර්තා අතරින් ප්‍රමුඛ ස්ථාන ලැබිලා තියනවා.

හොඳ මෙන්ම නරක පැත්තට ද මේ ප්‍රමුඛස්ථානය ලැබුණු වාර බොහොමයක් දක්නට ලැබෙනවා.

මෑතකදී ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය කරන ලද සමීක්ෂණයකට අනුව අපිට ලැබිලා තිබුණේ හැම රටක් අතරින්ම 03 වන තැන.

නමුත් ඒ හොඳ පැත්තට නම් නෙමේ.

ලෝකයේ ඉතාම නරක ලෙස සේවකයන්ට සලකන රටවල් අතරිනුයි ලංකාව තෙවන ස්ථානය ලබා ගෙන තිබුණේ.

මෙහිදී අපේ රට නිරන්තරයෙන් කම්කරු නීති උල්ලංඝනය කරන කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබෙනවා.

මේ බව පවසා ඇත්තේ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය විසින්.

ජී.එස්.පී ප්ලස් නැවත ලබා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා වෘත්තීය සමිති අයිතීන් උල්ලංඝනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියාවලට එරෙහිව වාරණ නියෝග ගැනීම, ටෙලිකොම් සේවකයින්ගේ මාස දෙකක වැඩ වර්ජනය සමථයකට පත් නොවීම ආදී කම්කරුවන්ට බලපාන්නා කරුණු හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මන්ත්‍රී සූර්වී පළාත් සභාවේ යකා නටයි – BBQ කකුල් සීසීකඩ



පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ අතිශය පහත් හැසිරීමක් පිළිබඳ පසුගිය දා බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී දකින්නට ලැබිණ.

බස්නාහිර පළාත් සභාවේ රැස්වීම් වලට වසර පුරා දිවා ආහාරය සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන සිටින කේටරින් සමාගම විසින් අලුත් අවුරුද්දට පෙර තම සමාගම මගින් බුෆේ දිවා කෑම වේලක් නොමිලේ ලබා දීමට යොදා ගෙන තිබිණ. කේටරින් සමාගම පළාත් සභාවට පැමිණ මනස්කාන්ත අයුරින් එය සංවිධානය කර තිබුණු අතර සියළු දෙනාම එහි ආහාර ගනිමින් සිටියහ.

හදිසියේ එහි කඩා වැදුනේ කට ගොන්නක් බීගත් පළාත් සභා මන්ත්‍රීවරයෙකි ඔහු එහි සිටි සියළු දෙනාට පරුෂ වචනයෙන් බැන වදිමින්, අතට පයට හසුවන හසුවන දෑට පහර දෙමින් වියරුවෙන් කෑගසන ලදී.

බුෆේ කෑම මේසයේ හදමින් තිබූ බාබකිව් උපකරණවලට පහරදී ඒවාද කඩා බිඳ දැමූ අතර එහි තිබූ ආහාරද සීසීකඩ වීසිකරන ලදී. පසුව එහි සිටි සෙසු පිරිස එක්වී මොහු අල්ලා කාමරයකට දමා දොර වසා දැමූ අතර කෑම සංග්‍රයද එතනින් නිමා විය.

මොහු නමින් ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත වන අතර නීතීඥයෙකුද වෙයි. මහජන නියෝජිත ආයතනයක මෙවැනි පුද්ගලයන් කරන මෙවැනි පහත් ක්‍රියා සමිබන්ධයෙන් ඇත්තේ දැඩි පිළිකුලක් වන අතර මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කර සිටියේ ඒ පිළිබඳ කරුණු විමසා පරීක්ෂණයක් සිදු කිරීමට සහ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, ඉදිරියේදී මෙවැනි ක්‍රියා වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවයි.

කුන්ෆු මාස්ටර් ලිංගේන්ද්‍රියෙන් හැමෝටම පේන්න ප්‍රසිද්ධියේම වැඩ පෙන්නා ලෝක වාර්තාවක් තියපු හැටි | VIDEO



ලෝක වාර්තා, ගිනස් වාර්තා පිහිටුවීම දැන් රැල්ලට ගිහිල්ලා තියෙනවා. මොනා හරි දෙයක් කරලා වාර්තාවක් තියන්න තමයි ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ.

තවත් ඒ වගේ වාර්තාවක් චීනයෙන් වාර්තා වනවා. එම වාර්තාවේ විශේෂත්වය වන්නේ ඒ සඳහා පුද්ගලයෙකුගේ රහස් අවයවය යොදා ගැනීම නිසයි.

ඔහු තම ජනනේන්ද්‍රය යොදාගනිමින් ටොන් 12ක් බර මෝටර් රථ 07ක් මීටර් 08ක් දුරට එකවර ඇදගෙන ගොස් තමයි මේ වාර්තාව පිහිටවා ඇත්තේ.

Ye Wei නම් 39 හැවිරිදි ඔහු කුන්ග් ෆු සටන් ගුරුවරයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,
පසුගිය 30 වනදා චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේදී මොහු මෙම වාර්තාව පිහිටුවා ඇත.

මිට පෙර මොහු මෝටර් රථ 05ක් මේ ආකාරයෙන්ම ඇද වාර්තාවක් පිහිටුවා ඇති බව සදහන්.


ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් වෙන අලුත් දේ








ෆේස්බුක් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට facebook ආයතනය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ ක්‍රමවේදය හඳුන්වන්නේ photo-matching technologies ලෙසයි.

ඒ අනුව යම් කිසි පුද්ගලයෙකුගේ අකමැත්තකින් ඔහුගේ හෝ ඇයගේ අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප facebook හරහා හුවමාරු වුවහොත් ඔහුට හෝ ඇයට කඩිනමින් ඒ පිළිබඳව facebook ආයතනයට Report කළ හැකියි.

එහිදී අදාළ කටයුතු සිදුකිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර ඒවා ඉවත් කිරීමට කඩිනම් පියවර ගනු ඇති.

මේ අතර එවැනි අවස්ථාවල අපහසුතාවයට පත්වූ පාර්ශවය පිළිබඳව සලකා බලා අදාළ ඡායාරූප හුවමාරු වන facebook ගිණුම් අත්හිටුවීමද සිදුවිය හැකි බවයි facebook ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දැනට අන්තර්ජාලයට එක්කර ඇති අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ පටද මේ වනවිට facebook ආයතනය විසින් හඳුනාගෙන ඇති අතර අදාළ ක්‍රමවේදයට අනුව එවැනි දෑ facebook ගිණුම් හරහා හුවමාරු කිරීමටද අවසර නොමැති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.