පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පීඨයන්හි සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස පත්වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදීය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය (අන්තරේ) සහාය නොමැතිව වෛද්‍ය සිසුන් හුදකලා වූහ. පසුව අන්තරේ සමඟ එක්‌වී අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ස්‌ථාපිත කර අන්තරේ සමඟ එක්‌වී වැඩ කිරීමට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරියෝ කටයුතු කළේය.
වෙද සිසු අරගලය හරහා වෙද සිසුන් 20 කට පමණ 1987 සිටම පක්‌ෂයේ කොක්‌ක ගැසීමට ජවිපෙ සමත්වූ අතර තවත් වෙද සිසුන් 200 කට ආසන්න පිරිසක් අන්තරේට ඉතා හිතවාදීව කටයුතු කළහ. එජාප රජයට එරෙහිව 1988 මාර්තු 07 තීරණාත්මක සටනකට යොමුවීමට ජවිපෙ තීරණය කළ අතර අන්තරේ බල කඳවුර බවට එම කාලයේදී කොළඹ වෛද්‍ය පීඨය පත්ව තිබිණි.
ප්‍රා. සංවිධානය මඟින් 1989 ජූලි 7 ඝාතනය කළ මානව හිමිකම් නීතිඥ චරිත ලංකාපුරගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ තබා තිබූ අවස්‌ථාවේදී එයට අවසන් ගෞරව දක්‌වන ඔහුගේ ගැබිනි බිරිඳ චිත්‍රා සහ ඥාතීන් |
කේරි විද්‍යාලයට යාබද කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් නේවාසිකාගාරය අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ තාවකාලික නවාතැනක් සහ පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක් වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. එහි පළමු මහලේ වෙනුර, හේමන්ත, ත්‍රීමාවිතාන ඇතුළු කිහිපදෙනෙක්‌ම සිටි අතර එහි කාමර තුන හතරක අන්තරේ සහ ජවිපෙ ඕනෑම අයකුට විවෘත විය.
ඝාතනය වූ වෛද්‍ය සිසුන් නැවතී සිටි පුංචි බොරැල්ලේ බ්ලොම් නේවාසිකාගාරය. |
බ්ලොම්හි බහුතර ශිෂ්‍යයන් ද ආගන්තුකයන්ට හැකි අයුරින් සැලකූහ. හදිසි අවස්‌ථාවකදී හමුවූ එවැනි තවත් ස්‌ථානයක් වූයේ මානව හිමිකම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ නීති ශිෂ්‍ය ගැමුණු යසස් සෙනෙවිරත්න සිටි රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නීති ශිෂ්‍ය නේවාසිකාගාරයයි.
වෙද සිසු හඬ පුවත්පත 1987 සැප්තැම්බර් මස ඇරඹූ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනමතයක් රට තුළ ගොඩනැඟීම එහි අරමුණ විය. වෙද සිසු හඬ පුවත්පත සකස් කිරීමට දායක වූ වෙද සිසුන් කිහිපදෙනකුට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඉල්ලීම අනුව ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ සහ මෙම ලේඛකයා එක්‌වී දින කිහිපයක මාධ්‍ය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කළේය. පිටු 12 කින් යුත් වෙද සිසු හඬ පුවත්පත මුද්‍රණය කළේ බංගලා හන්දියේ සහ පාගොඩ මුද්‍රණාලයන්හිදීය.
පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ විරෝධතා රැස්‌වීම් කළුතර සහ මීගමුව පුරහල, මහනුවර බේක්‌හවුස් සහ කොළඹ නව නගර ශාලාව ඇතුළු ස්‌ථාන 13 කදී පැවැත්වූ අතර ඉන් ගණනාවකට ලේඛකයා සහභාගි විය. ගම්පහ වයි. එම්. බී. ඒ. ශාලාවේදී රැස්‌වීම අවසානයේ අස්‌ගිරියේ නිවසකට රැස්‌වී රාත්‍රි පැවැත්වූ සුහද හමුව තවමත් මතකයෙන් බැහැර නොවේ. වෙනුර, කොල්ලුරේ, වසන්ත, අතුල, සුගත් සමඟ අසල්වැසියකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කරුණාදාස සූරියආරච්චි ද එයට එක්‌වී සිටියේය.
වෙද සිසු සටනට ආධාර ලබාගැනීමට සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යය වෛද්‍ය පීඨ ශාලාවේදී වේදිකාගත කළේ ද එකලය. එමඟින් ලක්‌ෂ 5 ක පමණ ලාභයක් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට ලබාගත හැකි විය. නාට්‍යය අවසානයේදී එළිවන තෙක් පැවති සාදයේදී සුගත් අයියා සමඟ මරාසාද් දෙබස් කණ්‌ඩ වෙද සිසුහූ ප්‍රතිරාවය කරමින් සතුටු වූහ. සුගත් අයියා සමඟ බිරිඳ ශිලා අක්‌කා එහි බොහෝ වේලාවක් රැඳී සිටියේ ඔවුන් දිරිමත් කිරීමට මෙනි.
ත්‍රීමාවිතානගේ දේහය කොළඹ සරසවියේ තිබූ කාලය තුළ ලක්‌ෂයකට අධික පිරිසක් අවසන් ගෞරව දැක්‌වීමට පැමිණියහ. එවිට වෛද්‍ය පීඨය දිස් වූයේ සටන් බිමක් ලෙසය. නීතිඥ චරිත ලංකාපුර 1989 ජූලි 07 ඝාතනය වූ අවස්‌ථාවේදී ඔහුගේ දේහය ද අවසන් ගෞරවය සඳහා වෛද්‍ය විද්‍යාලයට ගෙන ආව ද පසුදා පස්‌වරු 2.10 ට ආරක්‌ෂක හමුදා මෙහෙයුමකින් දේහය යළි පවුලේ ඥාතින්ට භාර දෙන ලදී. එම අවස්‌ථාවේදී විපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ දිනේෂ් ගුණවර්ධන, කළුතර තිලක් කරුණාරත්න, අනුරාධපුර ජනක අධිකාරි යන අය ද එහි සිටියේය.
ඝාතනයට ලක්‌වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් 09 දෙනා පිළිබඳ විස්‌තර මෙසේය.
වෙනුර වර්ධිත එදිරිසිංහ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මාරවිල, මදුරන්කුලියේ පදිංචිකරුවෙකි. උපන්නේ 1966 සැප්තැම්බර් 08 ය. තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සොහොයුරෙක් සහ සොහොයුරියකි. පියා වූ දොම්පෙ තිලකරත්න එදිරිසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මව ඥානවතීය. මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මීගමුවේදී මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ කණ්‌ඩායමෙන් ඉහළම ලකුණු ලබාගත්තේ ද උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනි වූයේ ද වෙනුරය. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්‌වා කටයුතු කරන ලදී. 1989 මැයි සිට මියයන තෙක්‌ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේය. බම්බලපිටියේදී පැහැරගෙන ගොස් 1989 සැප්තැම්බර් 21 ඝාතනය ලක්‌විය.
ගම්පහ, වතුරේගම පදිංචි සරත් කොල්ලුරේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චතුර කථිකයෙකි. දක්‌ෂ සංවිධායකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට පත් වූයේ නිලවරණයෙන් සියයට 85 ක් ඡන්ද ලබාගනිමිනි. ත්‍රීමාගේ දේහය වෛද්‍ය පීඨයට ගෙන ඒම සඳහා නායකත්වය දුන්නේ ඔහුය. එම ස්‌ථානයට පැමිණි ආරක්‌ෂක අංශ ප්‍රධානියකු වන මේජර් විජය විමලරත්න සමඟ වාග් සංග්‍රාමයක ද ඔහු පැටලුනේය. වරෙක සරත්ගේ මව ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන සරත්ට භාරවන ලෙසට ආරක්‌ෂක හමුදා දැනුම්දීමක් කර තිබිණි. අන්තරේ මාතලේ දිසා ලේකම් වශයෙන් සිටියදී 1989 නොවැම්බර් 02 මාතලේ, වෑවලදී වෙඩිතබා ඝාතනය කරන ලදී. සරත්ගේ එකල පෙම්වතිය ද වූයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ එක් සොහොයුරකු වූයේ යුධ හමුදා මේජර්වරයකි.
කොළඹ වෛද්‍ය පීඨයේ 83/84 කණ්‌ඩායමේ ශිෂ්‍යයකු වූ අතුල සේනාරත්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 5 ශිෂ්‍යත්වය සමත්වී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සාලිය සහ පණ්‌ඩිතරත්න නමින්ද ඔහු හැඳින්විය. සොයුරු සොහොයුරියන් සිවුදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ අතුල 1962 මාර්තු 18 වැනිදා උපන්නේය. කොළඹ ගෝතමී විදුහලේ ගුරුවරියක වූ මව විමලා වූ අතර පියා දරුවන් කුඩා කාලයේදීම මවගෙන් වෙන්වී තිබිණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය (අන්තරේ) කැඳවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට 1990 මාර්තු දක්‌වා ද 1990 මැයි සිට 1990 අගෝස්‌තු දක්‌වා ද ඔහු කටයුතු කළේය. වෙද සිසුහඬ පුවත්පතේ සංස්‌කාරකවරයෙකි. වසර 1990 මාර්තු මස අතුල අත්අඩංගුවට පත්වූව ද 1990 අප්‍රේල් මස යළිත් පලා ඒමට සමත් විය. මේඝය නැමති ඡායා පිටපත් කරන ලද ප්‍රකාශනය මඟින් බිඳී තිබූ බොහෝ සබඳතා අලුත් කිරීමට අතුල සමත් විය. කැරැල්ලේ පරාජයෙන් පසු අන්තරේ වෙනුවෙන් පුවත්පත් නිවේදන නිකුත් කළේය. කහ උණ සෑදී සිටියදී පවා සම්බන්ධීකරණ රැස්‌වීමක් සඳහා පැමිණි විට පාවාදීමක් මත අතුල යළිත් බොරැල්ලේදී 1990 අගෝස්‌තු 12 අත්අඩංගුවට පත්විය. දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුවියකු වූ ඔහුගේ පෙම්වතිය එහිදී පලායැමට සමත්විය. අත්අඩංගුවට ගත් අතුල සේනාරත්න ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස් බැරැක්‌කයක පිහිටි වධකාගාරයට ගෙනආ අතර එයට පෙර ඔහු පැන යැමට සමත්වූයේ ද මෙම වධකාගාරයෙනි. දෑතට සහ දෙපයට මාංචු දමා එම වධකාගාරයේ සිටි පිරිස 9 දෙනෙකි. ඒ අතර කොලොන්නාවේ විතානගේ, පොලොන්නරුවේ සී. ප.S ධනපාල සිල්වා සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රථම වසර (ජ්‍යෙෂ්ඨ) දඹුල්ලේ පොඩිබණ්‌ඩා ද විය. සැකකරුවන්ට දරුණු ලෙස වධ බන්ධනවලට මුහුණදීමට සිදුවිය. අවසානයේ ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන්වූ අතුල සේනාරත්න සහ පොඩිබණ්‌ඩා ද ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක් ගම්පහදී 1990 සැප්තැම්බර් 17 එකම ටයර් සෑයක අවසන් ගමන් ගොස් තිබිණි. ඒ පිළිබඳව ආරක්‌ෂක අංශවල 11 දෙනකුට පසුව චෝදනා එල්ල විය.
සිසිර කීර්ති ජයවර්ධන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටියේ පදිංචිකරුවකු වූ ඔහුට සොයුරු සොහොයුරියන් තිදෙනෙකි. වසර 1984 දී මුළු දිවයිනේ සිවුවැනි ස්‌ථානයේ වැඩිම ලකුණු ලබා වෛද්‍ය පීඨයට තේරිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. 'වෙද සිසුහඬ' පුවත්පතේ සංස්‌කාරකවරයෙකි. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි ඒකරාශී කිරීමට කටයුතු කළේය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1990 නොවැම්බර් සිට දෙසැම්බර් දක්‌වා අත්අඩංගුවට ගන්නා තෙක් කටයුතු කළේය. වසර 1989 දෙසැම්බර් 17 පස්‌වරු 4.00 ට කොළඹ මහජන පුස්‌තකාලය අසලදී එල්. 200 සුදු වෑන් රථයකින් පැහැරගෙන යන ලදී. පසුව හැව්ලොක් පෙදෙසේ හෙන්රි පේදිරිස් ක්‍රීඩා මණ්‌ඩප වධකාගාරයේ සහ තිඹිරිගස්‌යායේ යටෝරෝ වධකාගාරයේ සතියක කාලයක් රඳවා ගැනීමෙන් අනතුරුව 1989 දෙසැම්බර් 28 ඝාතනයට ලක්‌විය.
පද්මසිරි ත්‍රීමාවිතාන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. අංකුර කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ත්‍රීමාවිතාන උපන්නේ අම්බන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 පෙබරවාරි 29 ය. රොන්නදුව කනිටු විදුහලෙන් ද වේරෙගොඩ විජයබා විද්‍යාලයෙන් ද මූලික අධ්‍යාපනය ලැබීය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අන්තරේ ලේකම් වශයෙන් ද සබරගමු පළාතේ ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ ලේකම් මණ්‌ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ද කටයුතු කරමින් සිටියදී 1988 ඔක්‌තෝබර් 22 රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලය අසලදී තවත් දෙදෙනකු සමඟින් පැහැරගෙන යන ලදී. පසුව ඔක්‌තෝබර් 23 වැල්ලවාය, කොස්‌ලන්ද මාර්ගයේ එල්. ආර්. සී. ඉඩමක තිදෙනාගේම පුළුස්‌සා මරාදමා තිබූ සිරුරු හමුවිය. ත්‍රිමාගේ දේහය කොළඹට ගෙන වෛද්‍ය විද්‍යාලයේ අවසාන ගෞරවය සඳහා තිබූ අතර 1988 ඔක්‌තෝබර් 31 ලක්‌ෂයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කනත්තේදී අවසන් කටයුතු සිදු විය.
සුගත් අශෝක ද සිල්වා කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. ප්‍රියන්ත නමින්ද හැඳින්විය. අන්තරේ මාතර දිසා ලේකම් විය. අත්අඩංගුවට ගෙන සිටියදී පලායැමට උත්සාහ ගැනීමේදී යළිත් අත්අඩංගුවට ගෙන 1989 ඔක්‌තෝබර් මසදී මාතර, වැලිගමදී ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර ගඟේa පාවෙමින් තිබියදී හමුවිය. ගඟ පහළදී ජවිපෙ භූගත සගයන් පිරිසක් විසින් ගොඩගෙන විවෘතකර අවසන් ගෞරව දක්‌වා නාඳුනන සොහොනක මිහිදන් කළේය. වෛද්‍ය පීඨයේ පළමු වසරේ ලීල් සමරනායක 1989 අගෝස්‌තු 17 ඝාතනයට ලක්‌විය.
ගාල්ලේ උපන් රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍ය වසන්ත කුමාර කුලතුංග කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. වෛද්‍ය පීඨයට සරමක් ඇඳගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාය. එසේම රබර් සෙරෙප්පු දෙකක් පැළඳ සායන පන්තිවලට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවා ද ඔහුය. පෞද්ගලික වෙද විදුහලට විරුද්ධව සිසු කම්කරු ඒකාබද්ධ රැස්‌වීම් මාලාව සම්බන්ධීකරණය කළේය. දෙහිවල කටුචිකිස්‌සා නේවාසිකාගාරයේදී පැහැරගෙන 1989 දෙසැම්බර් 11 ඝාතනයට ලක්‌විය.
තමාගේ පළමු පෙම්වතා වූ වසන්ත කුලතුංග තිරශ්චීන ලෙස ඝාතනයට ලක්‌වූ බව ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්‌ෂිකා ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 04 පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඉනෝකාගේ පියා එජාප කෘත්‍යාධිකාරි සභිකයකු සහ ජාතික සේවක සංගමයේ නිර්මාතෘ තිදෙනාගෙන් එක් අයෙක් වූ නීතිඥ ටියුඩර් කීර්තිනන්දය. කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරමින් ජවිපෙ සැකකරුවන් නිදහස් කර ගැනීමේදී ඉන් එක් කණ්‌ඩායමකට රැකවරණය සැලසීමට ද කුලතුංග උදව් කළේය.
කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ කනිෂ්ඨ ශිෂ්‍යයකු වූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම 1966 ඔක්‌තෝබර් 5 උපන්නේය. තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වූ ෆැන්සිස් සහ ඩොරින් යන දෙමාපියන්ගේ දෙවැනි දරුවා වූ නිශාන්තගේ සොහොයුරිය චමිලා වූ අතර සොහොයුරා නිලන්ත විය. ප්‍රාථමික අධ්‍යාපනය මහානාම විදුහලෙන් ලැබූ අතර පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. වසර 1986 අපොස උසස් පෙළට පෙනී සිට කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වූ නිශාන්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනේදී එහි ප්‍රකාශන අංශය සම්බන්ධීකරණය කළේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ ක්‍රියාකාරිකයෙකි. ආරක්‌ෂක අංශ මඟින් 1989 දෙසැම්බර් 31 පෙරවරු 9.20 මහරගම, බෝකුන්දර පාරේ ඇරැව්වල පිහිටි ඔහුගේ නිවසට කඩාවැදුනු අතර එහි සිටි නිශාන්ත සහ ඔහුගේ ඥාතියකු වන පරණමාන අත්අඩංගුවට ගෙන නිවස ඉදිරිපිට දණගස්‌සවා නිවසේ මිදුලේ නතරකර තිබූ කහ පැහැති නවීන පන්නයේ ලාන්සර් රථය ද ආරක්‌ෂක අංශ භාරයට ගන්නා ලදී. මේ අතරතුර ඥාති සොහොයුරා වූ බිම දණගස්‌සවා සිටි පරණමාන අත්අඩංගුවෙන් මිදී පලායැමට සමත්විය.
නිශාන්ත එදිරිවික්‍රමගේ නිවසේදී ආරක්‌ෂක අංශ භාරයට ගත් කහ පැහැති එම මෝටර් රථය සිවුදිනකට පෙර පේරාදෙණිය පශු වෛද්‍ය ශිෂ්‍ය ජනක සෙනෙවිරත්න විසින් ආරක්‌ෂාව සඳහා එම නිවසේ තබාගිය ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න මහතා ඝාතනය කිරීමට බෝම්බ සවිකළ මෝටර් රථය වේ. නිශාන්ත හෝ නිවසේ කිසිවකු මේ බව දැන නොසිටි අතර රථයේ බැටරිය නිරතුරුවම අක්‍රීය වන බැවින් එය දෙදිනක් තෙක් නතර කොට යන බව ජනක විසින් නිශාන්තට පවසා තිබිණි. රථය සමගින් අත්අඩංගුවට ගත් නිශාන්ත තිඹිරිගස්‌යායේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයට ද පසුව හෙන්ද්‍රි ප්‍රේදිරිස් උද්‍යානයේ පිහිටි වධ කඳවුරට ද ගෙන යන ලදී. සතියකට පසු මත්තේගොඩ වධකඳවුරට ගෙන ගිය නිශාන්ත 1990 පෙබරවාරි 16 ඝාතනයට ලක්‌විය.
කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් ගණනාවක්‌ම ආරක්‌ෂක අංශ විසින් එම කාලය තුළ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී. පසුව ඇතැමකු රැඳවුම් කඳවුරුවල මාස ගණනාවක්‌ම රඳවාගෙන සිටියහ. දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයකු වූ සමන් කුමාර විඡේතුංග සීදුවේදී පැහැරගෙන ගොස් තිබිණි. වෛද්‍ය පීඨයේ සිසුන් වූ ගම්පහ රදාවානේ අරුණ මුණසිංහගේ පියා සහ කෝට්‌ටේ අරුණ ජයසේකරගේ පියා අත්අඩංගුවට ගත් ආරක්‌ෂක අංශ පසුව ඔවුන් භාරවීමෙන් පසු පවුලේ සාමාජිකයන් නිදහස් කර තිබිණි.
රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය සිසුන් ඇතුළු ජන සංවිධාන කළ සටන අවසානයේ නිමාවූයේ එය කැලණි සරසවියේ වෛද්‍ය පීඨය බවට පත්වෙමිනි.