25 June 2017

‘‘ උෟට පරක්කු නම් විනාඩි 15ක් කලින් නැගිටලා යන්න කියපං‘‘ - නිර්භීත රියදුරෙක් VIP රථ පෙලකට ඉගැන්වූ පාඩම | VIDEO

අන් අයට බාධා වෙමින් ගමන් කරන ප්‍ර‍භූ රථ පිළිබඳ පුවත් විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.

මෙයද එවැනිම සිදූවමකි.

පහත වීඩියෝවේ දැක්වෙන පරිදි BENZ 300 කාණ්ඩයට අයත් රථයක් සහ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොලඹ නගරයේදී අනෙක් රථ වලට බාධා වන අකාරයෙන් ගමන් කරනවා.

මෙම බෙන්ස් රථයට ආරක්ෂාව සපයමින් ඒ පිටුපස ගමන් කරන පොලිස් නිලධාරින් දෙදෙනා අනෙක් රථ වලට ගමන් කිරීමට නොහැකි වන සේ මාර්ගයේ ගමන් කරන ආකාරයද දක්නට ලැබෙනවා.

මෙහිදී එක අවස්ථාවකදී මෙම පොලිස් නිලධාරින් ගිලන් රථයක්ද නවත්වමින් මෙම බෙන්ස් රථයට මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ලබාදෙනවා.

මෙම සිදුවීම දුටු පිටුපසින් පැමිණි රථයක රියදුරෙකු විසින් මෙම පොලිස් නිලධාරීන්ගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අතර විටෙක එම රියදුරා “ඌට පරක්කු නම් කලින් නැගිටලා යන්න කියපිය,තොපි හැමදාම ඔහොමයි පාරේ යන්නේ යනුවෙන් ” එම පොලිස් නිලධාරීන්ට බැන වදිනවා.

සමාජ ජාලා වෙබ් අඩවි තුළ මෙම වීඩියෝව හුවමාරු වෙමින් තිබෙන අතර, මෙසේ කළ පුද්ගලයාට ඔවුන්ගේ ප්‍ර‍ශංසාවද හිමිව තිබුණා.

එම වීඩියෝව නැරඹිය හැකියි..


No comments:

Post a Comment