13 June 2017

අවුරුදු 3300 කටත් ඉස්‌සර ජෙල් ගාලා



ඊජිප්තුවේ අමර්නා ප්‍රදේශයේ පැරණි බිමකින් වසර 3300 කටත් පැරණි මෘත සිරුරු සියයක්‌ පමණ හමු වී ඇත. මෙම මෘතසිරුරු අතරින් 28 ක දිරාපත් නොවුන හිසකෙස්‌ තිබුන අතර ඒවායේ පැහැය අනුව විවිධ ජන කණ්‌ඩායම් මෙහි මිහිදන්ව අතැයි අනුමාන කෙරේ.

මිනිස්‌ හිස කෙස්‌ ගස්‌ 1,50,000 ක්‌ පමණ ඇති අතර හිසකෙස්‌ ගසක කාලය අවු 2-6 වේ. දිනකට කෙස්‌ ගසක්‌ මි. මී. 1/3 ක්‌ පමණ වේ. හිසකෙස්‌ සියල්ල එකම විදිහට නොවැඩෙන අතර සක්‍රීයව වැඩෙන අතර එයින් පසුව වේගය අඩු වේ. හිසකෙස්‌ වැඩෙන වේගය රාත්‍රි කාලයේදී දිවා කාලයට සාපේක්‌ෂව වැඩිය. හිසකෙස්‌ වෙනුවෙන් වර්ණය ලැබෙන්නේ මෙලනින් රසායනයෙන් වෙන අතර මානව වංශ අනුව හිසකෙස්‌ වර්ණ විවිධ වේ. මොන්ගොලයිඩ් මානවයන්ගේ තද දුඹුරු පැහැති හිසකෙස්‌ නෝර්ඩින් ජාතීන්ගේ හිසකෙස්‌ සුදු පැහැති අතර රැලි සහිතය. සිනිඳුය. ඉතාලි ග්‍රීක ජාතිකයන්ගේ දුඹුරු සහ කළු පැහැතිය.

අමර්නා ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද කැණීම් මගින් මෙම මිහිදන් කරන ලද සිරුරු හඳුනා ගත හැකි විය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී ජොලන්ඩා බොස්‌ සඳහන් කරන්නේ මෙම හිසකෙස්‌ සැරසිලි ඉතා අපූරු බවයි. විද්‍යාත්මක අෆනයන් මගින් ඔවුන් මෙම කෙස්‌ වෙනුවෙන් තෙල් ආලේප කරන ලද බැව් හඳුනාගෙන ඇත. මෙම හිසකෙස්‌ අළු, දුඹුරු සහ කළු වැනි විවිධ වර්ණයන්ගෙන් යුක්‌ත වූහ. එයින් පෙනී යන්නේ මෙම හිසකෙස්‌ එක්‌ අයෙකුගේ නොව විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගත් හිස කෙස්‌ බැව් තහවුරුව පෙනෙන බවයි. මෙම මළසිරුරු පැදුරු වැනි දැවටුමක ඔතා මිහිදන් කරන්නට ඇති අතර මේ අයගේ නම, වයස, තරාතිරම ආදි කරුණු තවමත් සනාථ කර ගැනීමට ඔවුන් අපොහොසත්ව සිටිති.

ඒ අනුව ඇය කියා සිටින්නේ හිසකෙස්‌ අලංකාර කිරීම වෙනුවෙන් කාන්තාවන්ගේ තිබුණ උනන්දුව අතීතයේ පටන් පැවැතෙන බවයි. මෙම හිසකෙස්‌ ඉතා හොඳින් තෙල් ගා සකසා තිබුණ නිසා ඒවා ආරක්‌ෂිතව තිබුණු බැව් ජොලන්ඩා බොස්‌ සඳහන් කර සිටී. සමහර විට මෘත සිරුර සැරසීම වෙනුවෙන් මේ අන්දමට හිසකෙස්‌ සැරසිලි ඔවුන් යොදා ගන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ උපකල්පනය වී තිබේ.

එමෙන්ම ඊජිප්තු ජාතිකයන් සාමාන්‍ය ජීවිතයේදීත් තෛල හෙවත් අද අපි ව්‍යවහාර කරන ජෙල් වැනි ද්‍රdවාණයන් යොදාගෙන හිසකෙස්‌ පිළිවෙළට තබා ගැනීමට උනන්දුවක්‌ දක්‌වා ඇත. දිග සහ කෙටි කොණ්‌ඩා වෙනුවෙන් කිසිදු වෙනසක්‌ නොමැතිව මෙම ජෙල් භාවිත කර ඇත. මෘත සිරුරු වෙනුවෙන් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදාගෙන තිබුණත් හිසකෙස්‌ වෙනුවෙන් කිසිදු මැලියම් හෝ සංරක්‌ෂණ ද්‍රව්‍ය යොදාගෙන නොතිබීමත් විශේෂයක්‌ විය.

සමහර මෘතසිරුරුවල පැවැති කෙස්‌ සැරසිලි ගොතා ඒ අගට හැඩ පටි යොදා අලංකාර කරගෙන තිබුණි. ඇතැම් මෘත සිරුරුවල කණ අවට ප්‍රදේශයන් කැරලි කෙස්‌ වලින් සරසා තිබුණි.

අමර්නා වැසියන්ගේ කොණ්‌ඩය සාමාන්‍යයෙන් කෙටිව සකසාගෙන තිබුණ අතර එහි දිග සාමාන්‍යයෙන් සෙ. මි. 20 ක්‌ පමණ වී ඇත. එය උරහිස දක්‌වා වැනි ප්‍රමාණයකින් වූ අතර සුදු පැහැය වෙන විට හෙනා වැනි කෙස්‌ කළු කරන ද්‍රව්‍ය යොදගෙන සුදු බව සඟවාගෙන ඇත.

එමෙන්ම මිහිදන් කරන මෘත සිරුරේ මේ අන්දමින් අලංකාර ලෙස සැරසීමෙන් මතු උපත ලබන විටත් අලංකාර කෙස්‌ කළඹක අයිතිකරුවන් වීමේ අවස්‌ථාව ලබා දීමට බැව් අමර්නා වැසියන්ගේ විශ්වාසය වී ඇත.

| පුන්‍යා චාන්දනී ද සිල්වා

දිවිගලවාගත් මාධ්‍යවේදියෙකු හෙළිකළ බිහිසුණු ඇත්ත


ඇන්තනි ලොයිඩ්, ටයිම්ස්‌ සගරාව වෙනුවෙන් වැඩ කළ බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙකි. ඇන්තනි ලොයිඩ් හා ඔහු සමග එකට වැඩ කළ ඡායාරූප ශිල්පී ජැක්‌ හිල් 2014 මැයි මාසයේදී සිරියාවට ගියේ යුධ තොරතුරු වාර්තාකරණය කිරීම පිණිසය. ඒ ගමනේදී ඇන්තනි ලොයිඩ්ව හා ඡායාරූප ශිල්පී ජැක්‌ හිල්ව ඔත්තුකරුවන් යෑයි සැක කොට සිරියානු සටන්කාමීන් විසින් පැහැරගනු ලැබිණ. බොහෝ විට ඉස්‌ලාමික රාජ්‍යයේ ත්‍රස්‌තවාදීන් විසින් තම ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ මෙසේ පැහැරගත් මාධ්‍යවේදීන් හා සංවිධාන ක්‍රියාකාරීන්ව වධ දී මරණ අයුරු දැක්‌වෙන වීඩියෝ ය.

මේ පිළිබඳව හොදින් දැන සිටි ඇන්තනි ලොයිඩ් හා ජැක්‌ හිල්, මේ උගුලෙන් පැන යැමෙන් මිසක වෙනත් අයුරකින් නම් තමන්ට ජීවිතය පිළිබඳව බලාපොරොත්තු තබා ගත නොහැකි වග දැන උන්හ. එනිසා ඔවුහු මේ ත්‍රස්‌තයින් වෙතින් පැන යන්නට උත්සාහ කළහ. අවාසනාවකට මෙන් ඔවුන්ගේ පළමු පැනයැමේ තැත වැරදී ගියේය.

නැවතත් සිරියානු විමුක්‌තිකාමීන් විසින් අල්ලාගනු ලැබූ ජැක්‌ හිල් හා ඇන්තනි ලොයිඩ්ට පැනයැමට තැත් කිරීමේ වරදට කකුල් වල වළලුකරට වෙඩි තබා එක්‌තැන් කරනු ලැබිණ.

තම දෑස්‌ දෙස බලාගෙනම තමන්ගේ කකුල් වලට වෙඩි තැබූ ත්‍රස්‌තයා ඇන්තනි ලොයිඩ්ට හොදින් මතක තිබිණ. ඒ බිහිසුණු ත්‍රස්‌තවාදියා වූයේ හකීම් අන්සා හෙවත් හකීම් අබු ජමාල්ය. පැන යැමට තැත් කළ වරදට දෙපාවලට වෙඩි තැබුවත් ඇන්තනි ලොයිඩ් හා ජැක්‌ හිල් මියගියේ නැත. එහෙත් මරණයටත් වඩා බියකරු අත්දැකීම් වලට මුහුණ පාන්නට නම් ඔවුන්ට සිදු විය.

තමා මෙන්ම විදේශික මාධ්‍යවේදී ප්‍රාණ ඇපකරුවන්ගේ බෙලි කපා ඝාතනය කරන අයුරු ඒ අසල හිඳ නරඹමින් මරණයේ බිය හොඳින් අත් විදින්නට ඔවුන්ට අවස්‌ථාව සලසනු ලැබිණ. බිහිසුණු හිංසනයන්ට මුහුණ දෙන්නට සිදුවිය.

ඇන්තනි ලොයිඩ් හා ජැක්‌ හිල් දෙවන වතාවටත් පැන යන්නට උත්සාහ කළහ. එවර උත්සාහය සාර්ථක විය. තුර්කියට පැන යන්නට ඔවුන්ට හැකි විය. තුර්කියේදී රෝහල්ගතවී ප්‍රතිකාර ලබා සුවවී නැවතත් තම මව්රට බලා එන්නට ඔවුන්ට හැකි විය.

සිරියාවේදී මරණයේ මුවවිටට ගිය අත්දැකීම නම් ඇන්තනි ලොයිඩ්ට අමතක වූයේ නැත. තම දෙපා වලට වෙඩි තැබූ බිහිසුණු ත්‍රස්‌තයාගේ මුහුණත් ඔහුගේ දෑස්‌ වල වියරු බැල්මත් ඇන්තනි ලොයිඩ්ට හොඳින් මතක තිබිණ.

ඒ ත්‍රස්‌තවාදියාගේ මුහුණ ඇන්තනි ලොයිඩ්ට නැවත දැකගන්නට ලැබුණේ ඊට අවුරුදු දෙකකට පසු 2016 දීය. ඒ සිරියානු යුධ බිමේදී නොවේ. එවකට උන් ඇමරිකානු ජනපති බැරැක්‌ ඔබාමා අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේ නව මිත්‍රපාක්‌ෂිකයින් ගැන කියූ වීඩියෝවේය. ඇන්තනි ලොයිඩ්ව පැහැරගත්, අමානුෂික වද හිංසා දුන් හකීම් අබු ජමාල්ව ඒ වීඩියෝවේ හදුන්වා දී තිබුණේ ඇමරිකානු සහය ඇති සිරියානු කැරලිකරුවන්ගෙන් කෙනෙකු ලෙසටය. ඔබාමාගේ සී අයි ඒ සංවිධානය විසින් මේ කැරලිකරුවන් හඳුන්වන්නේ මැදහත් මතධාරී මුස්‌ලිමුන් ලෙසිනි.

-ඒ මට වෙඩි තියපු හකීම් අන්සාමයි.. මම ඔහුව අන්තිමට දැක්‌කේ 2014 මැයි මාසෙදී.. මගේ අත් දෙක බැඳලා තියෙද්දී ඔහු මගේ වම් කකුලේ වළලුකරට වෙඩි තිබ්බා.. උතුරු සිරියාවේදී ඔහුගේ කල්ලියේ අත්අඩංගුවෙන් පැනලා යන්න උත්සාහ කරපු වරදට තමයි ඔහු මට වෙඩි තිබ්බේ.. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තේ මම සී. අයි. ඒ. ඔත්තුකාරයෙක්‌ කියලා චෝදනා කරමින්.. ඒත් දැන් බලනකොට සී. අයි. ඒ. එක වෙනුවෙන් වැඩ කරන්නේ ඔවුන්මයි.." ඇන්තනි ලොයිඩ් පවසයි.

මෙම බිහිසුණු ත්‍රස්‌තයා බැරැක්‌ ඔබාමාගේ වීඩියෝවට ආවේ කෙසේදැයි යන්න පිළිබඳව කතා කිරීම එක්‌සත් ජනපදයේ මධ්‍යම අණදෙන නිලධාරී විසින් ප්‍රතික්‌ෂේප කළ බව ඇන්තනි ලොයිඩ් පවසයි. එහෙත් හකීම් අන්සාට සහ ඔහුගේ පිරිසට ඇමරිකානු ගුවන් ආධාර නැවත නැවතත් ලැබුණු බව මෙකී නිලධාරියා දැනුවත්ව සිදුවී ඇති බව ඇන්තනි ලොයිඩ් අනාවරණය කරයි.

වසර හතරකට පෙර හකීම් අන්සා විසින් කළ යුධ අපරාධ නිව්යෝක්‌ ටයිම්ස්‌ සගරාව විසින් වාර්තා කොට ඇති අතර, හකීම් අන්සාගේ පසුබිම පිළිබඳව ඔබාමාගේ පරිපාලන ඒකකය හොඳින් දන්නා බවත් ප්‍රතික්‌ෂේප කළ නොහැකි කරුණකි.

ඔබාමාගේ සහය ලැබූ සිරියානු කැරලි කරුවන් දිගු යුධ අපරාධ ලැයිස්‌තුවකට හිමිකම් කියති. ඇමරිකානු ජනමාධ්‍යවේදී ෙ-ම්ස්‌ ෆොලී පැහැර ගැනීමද එයින් එකකි. කැරලිකරුවන් විසින් එසේ පැහැරගත් ෙ-ම්ස්‌ ෆොලීව අයි එස්‌ සංවිධානයට ඇති තම පක්‌ෂපාතිත්වය පෙන්වනු වස්‌ අයි එස්‌ අයි එස්‌ සංවිධානයට බාර දුන්නේද මේ කැරලිකරුවන්මය. පසුව ෙ-ම්ස්‌ ෆොලී නම් මාධ්‍යවේදියාව ගෙල සිඳ ඝාතනය කරන ලදී.

සිරියානු කැරලිකරුවන් විසින් කරන ලද බිහිසුණු යුධ අපරාධ ඇත්තේ එකක්‌ දෙකක්‌ නොවේ. ළමා සොල්දාදුවන් ගෙල සිඳ ඝාතනය කිරීමේ සිට සිවිල් වැසියන් මරා දැමීම දක්‌වා බොහෝ බිහිසුණු අපරාධ සිරියානු කැරලිකරුවන් විසින් සිදු කොට ඇත.

2008 දී ඔබාමා විසින් පාලනය බාරගන්නා අවස්‌ථාවේදී තැනින් තැන විසිර උන් ජිහාඩ්වාදී කල්ලි 2014 වන විට හොඳින් සංවිධානය වූ තිස්‌දාහකට අධික සන්නද්ධ හමුදා බවට සංවර්ධනය වූයේ ඉස්‌ලාමිකයින් කෙරේ වූ ඔබාමාගේ සානුකම්පිත ප්‍රතිපත්තිය නිසාවෙනි.

| නිම්මි මුදිතා හේරත්

ටියුෂන් ගුරන් හා පාසල් වෑන් රියදුරන් ළමුන්ට හානිකර බව හෙලිවෙයි

අතිරේක පන්ති ගුරුවරුන් හා පාසල් වෑන් රථ රියදුරන් අතින් පාසල් සිසුන් බහල වශයෙන් දූෂණයන්ට ලක්වන බව හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව කියා සිටියේ පෞද්ගලික අතිරේක පංති ගුරුවරුන් හා පංති පාලකයන් සඳහා මහනුවර පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති වැඩමුලුවක් අමතමින්.

මේ දක්වා සිදුකර ඇති විමර්ෂනවලදී එවන් අතවරයන්ට පත් පාසල් සිසුන් 22,000 ක් පිළිබද තොරතුරු ලැබී ඇති බවද මෙහිදී අනාවරණ කෙරුණා. මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා පල කළ අදහස්.

විවිධ පුද්ගලයන්ගෙන් දරුවන් දූෂණය වෙනවා. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියෑදුරකු අතින් දරුවන් 37 දෙනකු දූෂණය වූ සිද්ධියක්‌ අනාවරණය වී තිබෙනවා.

ටියුෂන් ගුරුවරුන්ගෙන් සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවන් දූෂණය වූ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය මගින් පාසල් සිසුන් විනාශ කරනවා. මත්කුඩු පමණක්‌ නොව ටොපි, චොක්‌ලට්‌ ආදිය ලබා දෙමින් දරුවන් මත්කරමින් දූෂණය කිරීම් හා මනස විකෘති කිරීම් සිදුවෙනවා. පෞද්ගලික පංති පවත්වන ගුරුවරුන්, පාසල් ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද තම දරුවන් ගැන උනන්දු විය යුතුය.

මෙවැනි අපරාධ, දූෂණ හා දරුවන් නොමග යෑවීම් සම්බන්ධයෙන් පොලිසිය ද උනන්දුවක්‌ දැක්‌වීම ගැන සතුටු විය හැකියි.
ටියුෂන් පංති නිසා අපේ තරුණ ළමුන් හොඳටම නරක්‌වෙලා. උතුම් වෘත්තියක්‌ වූ ගුරු සේවයේ යෙදී සිටින ටියුෂන් ගුරුවරුන් ගුරු ගෞරවය ආරක්‍ෂා වන ආකාරයට ක්‍රියා නොකළහොත් අනාගත දරු පරපුර විනාශ වී යනු ඇති.

මුදල් හම්බ කිරීමේ ගිජුකම නිසා විවිධ පුද්ගලයන් හා සංවිධාන නොයෙකුත් උපක්‍රම ක්‍රියාත්මක කරනවා. පාසල් යන දරුවාගේ සිට ඉහළ පංතිවල ඉගෙන ගන්නා තරුණ ළමුන් දක්‌වා දූෂණ අපරාධවලටත් විෂ මත්ද්‍රව්‍ය භාවිතයටත් යොමුකරන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කරනවා. විවිධ දූෂණයන්ට දරුවන් ගොදුරුවුණු අවස්‌ථාවන් සම්බන්ධ ලියුම් 22,000 ත් පමණ ලැබී තිබෙනවා.

සමරිසි අයට FaceBook එකේ අලුතින්ම හම්බුණු Reaction එක


කාන්තා සහ පිරිමි සමරිසි (Gay & Lesbian) , ද්වීරිසි (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික ප්‍රජාව සැමරීමට ලක් කෙරෙන ජුනි මාසය එළැඹීමත් සමඟ ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජජාල වෙබ් අඩවි ද ඊට සැරසී සිටින්නේ මෙම සැමරුමටම ආවේණික වූ දේදුණු වර්ණවලින් තම වෙබ් අඩවි සමරමින්.

ෆේස්බුක් විසින් මෙතෙක් පැවති Like ,Heart ,Smile ,Wow , Sad  Reactions වෙනුවට ජුනි මාසය සඳහා පමණක් සුවිශේෂී වූ  "සමරිසි" Reaction  එකක් හඳුන්වා දී තිබෙනවා. 1978 වසරේදී ගිල්බර්ට් බේකර් විසින් නිර්මාණය කරන ලද දේදුණු  පැහැති  සමරිසි කොඩිය මෙම "Reaction" එක මගින් පිළිබිඹු වේ.

එම කොඩිය ඔබටත් Reaction එකක් ලෙස ලබාගැනීමට නම් ඔබට ෆේස්බුක් හි නිල සමරිසි පිටුවට ලයික් කිරීමට සිදුවනවා.

https://www.facebook.com/LGBTQ/

ටී-ප්ලේන් ටී රුපියල් 5 කින් වැඩි වෙයි

රජය විසින් ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක් පැනවීම හේතුවෙන් මේ මස 8 වැනි දින සිට තේ සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

මෙතෙක් රුපියල් 15ක්ව තිබූ තේ කෝප්පයක් රුපියල් 20කටත් රුපියල් 35ක්ව තිබූ කිරි තේ කෝප්පයක් රුපියල් 40කටත් විකිණීමට තම සංගමය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රජය විසින් මේ වන විට සීනි කිලෝවක් සඳහා රුපියල් 30කට ආසන්න බදු මුදලක් ලබා ගන්න අතර සහල්වලින් මෙරට ස්වයං පෝෂිත කළ නොහැකි වූ රජයට සීනිවලින් රට ස්වයං පෝෂිත කිරීමට කෙසේවත් නොහැකි බව සම්පත් මහතා පෙන්වා දෙනවා.

මේ මිල වැඩි කිරීම පාරිභෝගික ජනතාවට දැරීමට අපහසු බව තමන් දන්නා නමුත් ඉහළ යන බඩු මිල හමුවේ තවදුරටත් මිල වැඩි කර නොසිටියහොත් තම ව්‍යාපාර කඩා වැටීමට ලක් විය හැකි බැවින් මේ තීරණය ගත් බවයි ඒ මහතා කියා සිටියේ.

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගන්න හදන අයට මේ සතිය තීරණාත්මකයි

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අදාළවන නව නීති වල සියලු විස්තර මෙම සතියේදී ඔස්ට්‍රේලියානු රජය විසින් අනාවරණය කරන බව වාර්තා වනවා.

ඒ අනුව ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා තිබූ වසරක කාලය, වසර 4 ක් දක්වා දීර්ඝ කිරීම, දැඩි ඉංග්‍රීසි පරීක්ෂණය, ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ සැකසුණු නව පරීක්ෂණයක් හඳුන්වා දීම වැනි කරුණු ඇතුළත් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නව පනත් කෙටුම්පත ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් මෙම සතියේදී කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව SBS පුවත් සේවය වාර්තා කරනවා.

අමාත්‍යවරයා මෙම පනත පිළිබඳ කම්කරු පක්ෂයට ද පැහැදිලි කළ බවත් එය සම්මත කරගැනීමට සහය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් වාර්තා වන  දැක්වෙන්නේ.

“වර්තමානයට ඔබින විදියට මෙම වෙනස්කම් රජය විසින් සිදු කරලා තිබෙනවා. ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වනවානම් අනිවාර්යෙන්ම ඔවුන් මේ රටේ වටිනාකම් සහ සංස්කෘතිය, නීතිය  තේරුම් ගත යුතුයි, ඒවාට ගරු කළ යුතුයි.” ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ඊයේ (11/06) කැන්බරා නුවරදී මාධ්‍යවේදීන් හට ප්‍රකාශ කර තිබෙනවා.

ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා තිබූ වසරක කාලය, වසර 4 ක් දක්වා දීර්ඝ කිරීම මෙම වෙනස්කම් හි ප්‍රධාන කරුණයි .

පුරවැසිභාවය ලබා ගැනීමට පෙර තමන් රැකියාවක් සොයා ගැනීම සහ දරුවන්ව පාසල් අධ්‍යාපනයට යොමු කිරීම වැනි අත්‍යවශ්‍ය සාධක සම්පූර්ණ කරගැනීමට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවන රිද්මය අවබෝධ කරගැනීමට ද ප්‍රමාණවත් තරමේ කාලයක් ලබා දීම එහි අරමුණ වන බව රජය පෙන්වා දෙනවා.

පුද්ගලෙයකු හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේදී අදාළ පුද්ගලයා එයට ඇත්තෙන්ම සුදුසුද නැතිද යන්න එම පසුබිම හරහා රජයට දැනගැනීමට හැකිවන බවද අමාත්‍ය Peter Dutton පවසා තිබෙනවා.

අනෙකුත් බටහිර රටවල් සමග සැසඳීමේ  දී පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සිටිය යුතු කාලය වසර 4 ක් වීම ඉතා කෙටි බවද අමාත්‍යවරයා පැහැදිලි කළ බවයි SBS පුවත් සේවය පවසන්නේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් බව මීට මාස කිහිපයකට පෙර අගමැති මැල්කම් ටර්න්බුල් විසින් නිල වශයෙන් ප්‍රකශ කළා.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන චරිතය මැනීමේ පරීක්ෂණවලින් යම් අයෙකු අසමත් වුවහොත් අදාළ පුද්ගලයා හට පුරවැසිභාවය ලබා නොදෙන අතර ඔහු හෝ ඇය යම් අපරාධයකට හෝ සාහසික වරදකට  සම්බන්ධ නම් ඔවුන්ට කිසිසේත්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි නොවනු ඇති බවද අමාත්‍ය Peter Dutton සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට යාමට පෙර මෙම නව පනත් කෙටුම්පත ඔස්ට්‍රේලියානු සෙනට් කමිටුවට වැඩිදුර විමර්ශනය සඳහා යැවීමට නියමිතයි.

මෙම නව පනත සම්මත කරගැනීමට කම්කරු පක්ෂයේ සහය තමන් අපේක්ෂා කරන නමුත් යම් හෙයකින් ඔවුන් මෙයට විරුද්ධ වුවහොත් පනත සම්මත කරගැනීමට ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවකට එළඹීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා ඇතැයි SBS වාර්තා කළා.

ඥානසාර හිමි සගවා සිටි ඇමතිවරයා ගැන තිස්ස විතාරණ හෙළිකරයි


අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා බවට ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද චෝදනා එල්ල කළා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මාධ්‍යවල මෙම හිමි නම සඟවා සිටින්නේ ප්‍රබල දේශපාලඥයෙක් බව විවිධ ප්‍රකාශ නිකුත් වුවත් කවුරුන්දැයි හෙළි නොකළ බැවින් තමන් මෙම අනාවරණය සිදුකරන බවයි තිස්ස විතාරණ මහතා කියා සිටියේ.

ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර පැහැදිලි සබදතාවයක් පවතින බවටද මෙහිදී චෝදනා එල්ල කෙරුණා.

එසේම ඥානසාර හිමියන් ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කර ඇති බවයි අනාවරණ කෙරුණේ.

එමෙන්ම වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන හැඩිගල්ලේ විමලසාර හිමි ද බොදුබල සේනාවට සම්බන්ධවී සිටි බව තිස්ස විතාරණ මහතා අනාවරණ කරනවා.

අවශ්‍ය ප්‍රමාණයට වඩා සියයට 905 ක් වැඩියෙන් බැඳුම්කර නිකුත් කරලා

 2015 පෙබරවාරි 27 වැනිදා වනවිට රජයට අවශ්‍යව තිබූ මුදල් ප්‍රමාණයට වඩා 905% ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳ පොළට ඉදිරිපත් කොට ඇතැයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා ඊයේ (12දා) හෙළි කළේය.

මීට පෙර වසර හයක කාලයක් තුළදී බැඳුම්කර වෙන්දේසි 248ක් පවත්වා ඇතැයිද, ඉන් සමහර අවස්ථාවලදීද රජයට අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් මුදල් ප්‍රමාණ ඉදිරිපත් කොට ඇතත් ඒවා 400% ක ප්‍රමාණයට වඩා ඉහළට ගොස් නැතැයිද වාර්තා අනුසාරයෙන් පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා රුපියල් බිලියන 10.058ක් ගැනීමට මෙම වෙන්දේසියේදී රජය කටයුතු කළද, රජයට ලැබුණේ රුපියල් බිලියන 9.658ක් නිසා මෙම වෙන්දේසිය ආරම්භයේදීම රජයට රුපියල් කෝටි 40ක පාඩුවක් සිදු වූ බවද රජයේ විගණකාධිපති ගාමිණී විරේසිංහ මහතා වැඩිදුරටත්  හෙළි කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) මුදල් මගින් 2015 පෙබරවාරි 27 වැනිදා වනවිට රජයට අවශ්‍යව තිබූ සම්පූර්ණ මුදල් ප්‍රමාණය සොයා ගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන් රජයේ විගණකාධිපතිවරයා සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) මුදල් වෙනත් ඒවායේ ආයෝජනය කිරීමට යෑමෙන් එහි තිබූ මුදල්ද නැති වී ඇතැයි කීය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කොට ඇති මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමෙන් කළ දැනුම්දීමකට අනුව රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ මේ කරුණු හෙළි කළේය.

ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටෙයි – පකිස්තානය අවසන් පූර්ව වටයට

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ (12) රාත්‍රියේ බිඳ වැටුණා.

ඒ, පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක තරගය පරාජයට පත්වීමත් සමඟයි.

ඒ අනුව කඩුලූ 03කින් ශ්‍රී ලංකාව පරාජය කළ පකිස්තානය මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

පකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 73යි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගිය අතර තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා රැස්කර ගත්තේ එක් ලකුණ බැගින් පමණයි.

ලකුණු 237ක ඉලක්කයක් හඹා ගිය පකිස්තාන කණ්ඩායම පන්දුවාර 44යි.

පන්දු 5ක් අවසානයේ කඩුලූ 07ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

පකිස්තාන කණ්ඩායම එක් අවස්ථාවක කඩුලූ 07ක් දැවී ලකුණු 162ක් ලබා අවදානම් තත්වයක ද පසුවුණා.

සප්‍රාස් අහමඩ් හා මොහොමඩ් අමීර් අටවන කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනගමින් පකිස්තානයට ජය මාවත විවර කර දුන්නා.

ලසිත් මාලිංග පකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළද ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ පකිස්තානයට වාසිදායක තත්වයක් උදා වුණා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 60කට කඩුලූ 03ක් දවාගත්තා.

ලසිත් මාලිංග, සුරංග ලක්මාල් හා තිසර පෙරේරා අතරේ එක් කඩුල්ල බැගින් ඛෙදී ගියා. තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න අතින් ගිලිහුණු උඩපන්දු දෙක ශ්‍රී ලංකා පරාජයට දැඩි ලෙස බලපෑ බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්තය සහ පකිස්තානය හෙට පැවැත්වෙනවා.

දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය දීර්ඝ නොකර. සයිටම් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයෙකු සභාපති තනතුරට පත්කිරීමට උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජුනි 30 වැනිදා වනවිට සභාපතිවරයාගේ ධුර කාලය අවසන් වන බවත්, මේ හේතුවෙන් නැවත වතාවක් එම තනතුරට කාලෝ  ෆොන්සේකා මහතාව පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.