21 April 2017

පැය 50ක් Kiss කළ ලංකාවේ තරුණිය ඇමරිකාවේදී අළුත්ම මෝටර් රථයක් හිමිකරගත් හැටි | VIDEO



අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකීය තරුණියක් සිප ගැනීමේ තරගයකට එක්ව නවීන මෝටර් රථයක් දිනා ගත් පුවතක් වාර්තා වනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියක් වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිලිනි ජයසූරියයි එම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ.

මේ තරඟය ලොව ප්‍රකට මෝටර් රථ සමාගමක් වන KIA මෝටර්ම රථ සමාගම මගින් පවත්වා ඇති අතර මේ තරඟය වෙලා තියෙන්නේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිපගෙන සිටීමයි.

වැඩිම වේලාවක් එම නවීන මෝටර් රථය සිප ගන්නා පුද්ගලයාට එය ත්‍යාගයක් වශයෙන් ලබා දීමට නියමිතව තිබූ අතර එහි මුල් වටය සදහා තරගකරුවන් විසි දෙනකු ඉදිරිපත්ව තිබෙනවා.

ඉන් හයදෙනෙකු අවසන් වටය සදහා සුදුසුකම් ලැබූ අතර දින දෙකක් පුරා නිදි නොමැතිව ඔවුන් තරග කිරීමෙන් පසුව මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට දිලිනි ජයසූරිය සමත් වුණා.

ඒ වනවිට අඛන්ඩව පැය 50 ක් පුරා දෙතොලම තබා ඇය මෝටර් රථයක් සිප ගෙන තිබෙනවා.

මෙම තරගයේදී සෑම පැයකටම වරක් විනාඩි 10ක විරාමයක් පමණක් තරගකරුවන්ට සහ තරගකාරියන්ට ලබාදෙනු ලැබුවා.

දිලිනි ජයසූරිය ජයග්‍රහණය කළ KIA OPTIMA 2017 මෝටර් රථයේ වටිනාකම අමෙරිකානු ඩොලර් විසි තුන් දහස් එකසිය අටක් වනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 37ක් පමණ වන බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment