26 April 2017

පිතිකරුන්ට අභියෝගයක් වෙමින් මාලිංග මෙවරත් ශූරයන්ගේ කුසලානයට යන බව ICCය ලෝකයටම කියපු හැටි | VIDEO



මේ දවස්වල ක්‍රිකට් පිටිය උණුසුම්. ඒකට එක හේතුවක් IPL තරඟාවලිය. අනෙක් හේතුව ශූරන්යන්ගේ කුසලානය පැවැත්වෙන්න නියමිතයි නිසායි. ඒ එළඹෙන ජුනි මාසයේදී එංගලන්තය හා වේල්සය දී.

ශ්‍රී ලංකාව මේ පාර ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙන්. අපිත් එක්ක අසල්වාසීන් වෙන ඉන්දියාව පකිස්ථානය වගේම පහුගිය ජනවාරියේ අපිව එක්දින තරඟාවලියෙන්ම පරාද කරපු ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඉන්නවා.

ශූරයන්ගේ කුසලානයේ A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාව බංගලාදේශය නවසීලන්තය හා එංගලන්තයයි.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ ශූරයන්ගේ කුසලානයට යන ක්‍රීඩක ලැයිස්තුවේද ලසිත් මාලිංගගේ නම ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත් මාලිංග නැවත ශූරයන්ගේ කුසලාන තරඟාවලියට එක්වීම පිළිබඳව ICC  නිල වෙබ් අඩවියේ වාර්තා කරමින් පෙන්වා දෙන්නේ ඔහුගේ නැවත පැමිණීම පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් විය හැකි බවයි.

මේ අතර ICC ය සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක්ද එක්කර තිබෙනවා.  එහි දැක්වෙන්නේ පසුගිය ශූරයන්ගේ කුසලාන තරඟාවලියකදී නවසීලන්තයට මාලිංග අභියෝගයක් වෙමින් කඩුලු 4 ක් දවාගත් අවස්ථාවයි.


No comments:

Post a Comment