08 April 2017

ඉන්ස්ටර්ග්‍රෑම් එකට දාන සෙල්‍ෆි ෆොටෝවලින් සිදුවන භයානක ප්‍රථිපල ගැන දැනුවත්ද? නැත්නම් කියවන්න



ඉන්ස්ටර්ග්‍රෑම් ඇප් එක අද බොහෝ දෙනෙක් අතර භාවිත වන සමාජ ජාල මාධ්‍යයක් බවට පත්වී තිබෙනවා.

නව ප්‍රවණතාවයක් මෙන්ම සුලබ දසුනක් වන සෙල්ෆි ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම්හි දැක්වීමට සැලැස්වීම මගින් මිනිස් චිත්තවේග ඉන් නිරූපණය වන අතර එය පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ල කළ හැකි මට්ටමක පවතින බව සොයාගෙන තිබෙනවා.

සෙල්ෆියක් යනු හුදෙක් ඡායාරූපයක් ම පමණක් නොවන බවයි පරීක්ෂණයක් මගින් පෙන්වා දෙන්නේ.

ශෝකය, හුදකලාව, කෝපය ආදී හැඟීම් දැනවෙන ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද ඔවුන් සොයාගෙන තිබෙනවා.

ඒ නිසාම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම වෙනුවට පවතින ප්‍රශ්න තවතවත් අවුල් සහගත තත්ත්වයන්ට පත් වී ඇති බවද එම පරීක්ෂණයන් මගින් තහවුරු වී තිබෙනවා.

මීට පෙර මෙබදු තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වූයේ මුහුණුපොත මගින් වුවත් දැන් එය ඉන්ස්ටර්ග්‍රෑම් මගින් දක්නට ලැබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් සෙල්ෆි ඡායාරූපවල ගුණදොස් විචාරමින් මිතුරු මිතුරියන් කමෙන්ට් කිරීම සහ ලයික් කිරීම මගින් සෙල්ෆි ඡායාරූප වැඩි වශයෙන් ගැනීමට පෙළඹවීමක් ද ඇති කරනු දක්නට ලැබෙනවා.

තවද මෙමගින් අදාළ සෙල්ෆියේ හිමිකරු ඉමහත් සතුටට පත්වන අතර ඔහුගේ හෝ ඇයගේ සිනහවට සෙල්ෆිය හේතුවක් වන බවද ඔවුන් සොයාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් තරුණ පුජාව ඇතුළු ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන්නන් දැඩි පරිස්සමින් එය භාවිත කළ යුතු බවයි අදාළ පරීක්ෂණය සිදු කළ විදෙස් විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්ස්ටර්ග්‍රෑම් සිය නවතම විශේෂාංගය හඳුන්වා දී තිබෙනවා.

ඒ මෙතෙක් කලක් ඇපල් ජංගම දුරකථනවලට සහ මෑත කාලයේ නිකුත් කළ ජංගම දුරකථනවලට ලබාදී තිබූ ඉන්ස්ටර්ග්‍රෑම් ලයිව් විශේෂාංගය මේ වන විට සියලුම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වෙත ලබාදී දී තිබෙනවා.

එය ඔබේ ජංගම දුරකථනයට මෙතෙක් සක්‍රීය වී නැත්නම් ඉන්ස්ටර්ග්‍රෑම් ඇප් එක අදම නවතම සංස්කරණයට යාවත්කාලීන කරන ගන්න.

No comments:

Post a Comment