05 May 2017

ලක්ෂ 18 ක පාසල් නිල ඇඳුම් අතුරුදන් වෙලා

දුෂ්කර පාසල්වල සිසුසිසුවියන්ට අතිරේක නිල ඇඳුම් බෙදාදීමට ආරක්ෂිතව ගබඩාකර තිබූ රුපියල් දහඅටලක්ෂයක වටිනාකමකින් යුතු නිල ඇඳුම් කට්ටල 3000ක් හදිසියේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

හදිසියේ අතුරුදන්වූ නිලඇඳුම් තොගය සඳහා සුදුරෙදි මීටර් හයදහසක් වැයවී ඇති බවත්, එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් දහ අටලක්ෂයක් බවත් ලිපියේ සඳහන් කර තිබේ. අනුරාධපුර කලාපයේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමෙන් අනතුරුව ඉතිරි වූ රෙදි අනුරාධපුර අධ්‍යාපන කලාපයේ දුෂ්කර ප්‍රදේශවල සිසුසිසුවියන්ට අතිරේක පාසල් නිල ඇඳුම් කට්ටලයක් ලෙස බෙදාදීමට නියමිතව තිබූ බව ලිපියෙන් පෙන්වාදී තිබිණි.

පසුගිය 2016 පෙබරවාරි මාසයේදී අනුරාධපුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ පිහිටි නැගෙනහිර නුවරගම් පළාත් කොට්ඨාසයට අයත් ගබඩාවක ගබඩාකර තිබූ සුදුරෙදි තොගය කලාප අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත ලොරි රථයකින් ඉවත් කරගෙන ගොස් ඇති බවත්, මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන්නේ නම් නිවැරදි සාක්ෂිකරුවන් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බත්ව එහි සඳහන්ය.

No comments:

Post a Comment