කුණු යනු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ප්‍රශ්නයක් නොවේ. එය සමස්ත ලෝකයටම පොදු වූ ප්‍රශ්නයක්. කසළවලදී නොදිරන කසළ යනු පාරිසරික වශයෙන් දැවැන්ත ප්‍රශ්නයක්. එහිදී ප්ලාස්ටික්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.
ලෝකය පුරා වසරකට නිපදවන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් පමණ බව වාර්තා වෙනවා. මෙය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක්ම දූෂණය කිරීමට ප්‍රමාණවත්.
කෙසේ වෙතත් මෙම ගැටලුව සඳහා වෙනස්ම ආකාරයක විසඳුමක් ලබාදීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. ඔවුන් ප්ලාස්ටික් ආහාරයට ගත හැකි පනුවෙක් හඳුනාගනිමිනි.
ස්පාඤ්ඤයේ කැන්ටබ්‍රියා විශ්වවිද්‍යාලයේ සංවර්ධන ජීවි විද්‍යාඥවරියක මෙම සංකල්පය මුලින්ම හඳුනාගෙන ඇති අතර, පසුව එය ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරුවන් පිරිසක් දියුණු කර තිබෙනවා.
මී වදවල ඉටි ආහාරයට ගන්නා පනු විශේෂයක් ප්ලාස්ටික් බෑගයක දමා තිබියදී එහි ස්ථාන කිහිපයක සැලකිය යුතු ප්‍රමාණයක සිදුරු තිබී ඇතිව තිබේ.
මේ පිළිබඳව දිගින් දිගටම කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් අනුව මෙම පනුවන් 100ක් රාත්‍රිය පුරාවටම පොලිතීන් මිලිග්‍රෑම් 92ක් ආහාරයට ගෙන තිබුණා. ඒ අනුව පනුවන් 100කට මාසයකට ග්‍රෑම් 5.5ක ප්ලාස්ටික් බෑගයක් ආහාරයට ගත් හැකි බව ගණන් බලා තිබේ.
No comments:
Post a Comment