02 June 2017

විනාශ වූ නිවසකට ලක්ෂ 25 ක වන්දියක්

අයහපත් කාලගුණික තත්ත්වය මත විනාශයට පත් නිවාස සඳහා මේ වන විට රජය විසින් රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට යටත්ව වන්දියක් ලබා දීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ජලය බැස ගිය ස්ථානවල මේ වන විටත් අදාළ නිලධාරින් තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදුව ඇති හානිය සඳහා බැංකු මාර්ගයෙන් පහසුකම් සැළසීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට රජය ආපදා තත්ත්වය වෙනුවෙන් විශේෂ අරමුදල් ලෙස රුපියල් මිලියන 126 ක මුදලක් වියදම් කර ඇති අවස්ථාවක වුවද සමහර දේශපාලඥයින් ආපදා තත්ත්වය පවා තම වාසියට යොදා ගනිමින් කටයුතු කරන බව ද ලක්ෂ්මන් යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පිසු ආහාර බෙදා අවසන් වෙන විට සතියක කාලයක් පුරා වියළි සලාක බෙදා දෙන බවත් එය ප්‍රාදේශිය ලේකම්වරයාගේ ඉල්ලීම මත දික් කර ගැනීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

No comments:

Post a Comment