24 June 2017

මහා සංඝරත්නය සංඝ කතිකාවතකට සැරැසෙයි

බුද්ධ ශාසනයටත්, භික්ෂුන් වහන්සේටත් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමේ සංඝ කතිකාවතක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය කටයුතු කිරීමට සුදානම් වනවා.

මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහ නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ධර්මපාලාරාමයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ පුද්ගලයන් මෙන්ම සංවිධාන විසින්ද භික්ෂුන් වහන්සේට සිදු කරන තර්ජන හා ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කරමින් එම සංඝ කතිකාවත ඉදිරිපත් කිරීමේ යෝජනාව එහිදී සැලකිල්ලට ගෙන ඇත්තේ.

ඒ අනුව දැනටමත් ඊට සියම් නිකාය, අස්ගිරි හා මල්වතු පාර්ශ්වය, රෝහණ පාර්ශ්වය, අමරපුර සංඝ සභාව ද අනුමැතිය පළකොට ඇතැයි ද සඳහන් වනවා.

ඉදිරි කාලයේදී පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් එම සංඝ කතිකාවත සකස් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment