ඉදිරියේ සිදුවෙතැයි කියන දේශපාලන පෙරැළියක් ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ 3ක් විසින් රහසිගත දේශපාලන මෙහෙයුම් දියත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
මෙම මෙහෙයුම් තුනම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන පක්ෂවල සිටින කලකිරීමට පත්ව ඇති මන්ත්‍රීන් සෙසු පක්ෂවලට දිනාගැනීමේ අරමුණිනි. ශ්‍රී.ල.නි.පය එ.ජා.පය සහ ඒකාබද්ධ විපක්ෂය මෙම මෙහෙයුමේ නිරත වන බවයි ප්‍රකාශ වන්නේ.
පසුගියදා රජයේ නිල තනතුරු දරණ ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 18 දෙනකු තමන් තනතුරු අතහැර ස්වාධීන වන බව ප්‍රකාශ කළේ මෙහි එක් අදියරක් ලෙස බවයි පැවසෙන්නේ.මුලින් එම කණ්ඩායමේ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සිටියත් දැන් එම සංඛ්‍යාව 22ක් බවට පත්ව ඇති අතර එම පිරිස හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ජාවක්ද පවත්වා ඇති බවයි අනාවරණ වන්නේ.
ඒ අතර මෙම ඇමැති පිරිස ශ්‍රී.ල.නි.පය තුළ රඳවාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද අදාළ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් 6 දෙනකු සමඟ පසුගියදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිඛෙනවා. ඒකාබද්ධ විපක්ෂයද මෙම තනතුරු අත්හරින්නන් දිනාගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඊට අමතරව රජයේ සිටින සුළු පක්ෂ දෙකක නායකයන් සමඟද ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් සාකච්ඡා පැවැත්වූ බවයි හෙලිවන්නේ.
ශ්‍රී.ල.නි.පයේ කලකිරී සිටින පිරිස් එ.ජා.පයට සම්බන්ධ කරගැනීම සඳහා ද ඉහළ මට්ටමේ කතාබහක් සිදුවන අතර රජයේ අමාත්‍ය පදවි දරණ ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් දෙදෙනකුද මෙම සාකච්ඡාවලදී එ.ජා.පයට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි සඳහන්.
මේ අතර ජනාධිපතිවරයා මුණගැසුණු එ.ජා.පයේ හා ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ සාමාජිකයන් ගණනාවක් තමන්ගේ දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීමත් සමඟ ඔවුන් හා තිරය පිටුපස පුළුල් රහසිගත සාකච්ඡාවක් පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි. දකුණ වයඹ හා රජරට ප්‍රදේශවල ශ්‍රී.ල.නි.පය සමඟ නැති මන්ත්‍රීන් පිරිසක් සමඟ මෙම අදහස් හුවමාරුව සිදුකරන බවයි හෙලිවන්නේ.
No comments:
Post a Comment