02 July 2017

මාලිංගට සුසන්තිකාට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වුණා - බුකිය රත් කරපු රංජන්ගේ කතාව

ලසිත් මාලිංග, සුසන්තිකා ජයසිංහ වැනි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුව මගින් අසාධාරණයක් සිදුවූ බවට හැගෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

සිය ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරන්නේ. එසේම කිසිම රටක අමාත්‍යවරු, දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන් බවත් ඔහු සඳහන් කළේ.

“අපේ රට ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, සමහර චරිතවලට අපේ සමාජයෙන්, අපේ ආණ්ඩුවෙන් අපේ රටින් අසාධාරණයක් වුණා කියා සිතනවා. සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංගට අසාධාරණයක් වුණා. මේ චරිත අපේ රට ලෝකයට ගෙන ගිය චරිත. මම ලංකාවේ ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබිලා තියෙනවා.නමුත් එයාපෝට් එකෙන් වෙනත් රටකට ගියාම මාව මෙලෝ කෙනෙක් දන්නේ නෑ.

අපේ රට ලෝකයට ගෙන ගිය චරිත වලට ගෞරවයෙන් ආදරයෙන් කතා කරන්න ඕන. මම සියලු පාර්ශ්වලට කතා කළා. ලසිත් මාලිංග ලෝකෙ පුරා ජනප්‍රිය පුද්ගලයෙක්. සනත් ජයසූරිය, අර්ජුණ රණතුංග, සුසන්තිකා, අරවින්ද ද සිල්වා ලෝක පුරා ජනප්‍රිය පුද්ගලයන්.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිට වඩා ගෞරව කළ යුතුයි. පුවත්පත්වලින් ගහ ගන්න සියලු දෙනා අපේ යාලුවෝ. දෙපැත්තේ සිට වාද විවාද කර ගන්න එක ලෝකයට යනවා. මම හිතන්නේ නෑ ලෝකේ කිසිම රටක ඇමතිවරයෙක් හෝ දේශපාලකයෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ක හැප්පෙනවා කියලා. ඒක හොඳ මදි කියන එකයි මගේ මතය.

පසුගිය කාලයේදීත්  ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළා. මේකත් එක්තරා විදියකට මානසික පීඩනයක් දීලා කෙනෙක්ව මරණ ලෙසට මම දකිනවා. කෙනෙක්ව මරුවත් එකයි. ඔහුට පීඩනයක් දුන්නත් එකයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.



No comments:

Post a Comment