12 July 2017

ඩෙංගු තුරන් කරන්න ජාතික වැඩසටහනක්

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය තුරන් කිරීම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් එක්ව ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.

සෞඛ්‍ය අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය , ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම දුරකතන සේවා සමාගම් ආදී පෞද්ගලික ආයතන කිහිපයක් ද වැඩපිළිවෙළට එකතු වී තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා රැසක් ද ඊට සහයෝගය දක්වන අතර හෙට උදේ 9.00 සිට දවල් 11.00 දක්වා පැයක දෙකක කාලයක් ඩෙංගු තුරන්කිරීම ගැන මහජනයා දැනුම්වත් කිරීමේ විකාශය කිරීමට නියමිතව තිබේ.

‘අපිම අරඹමු – ඩෙංගු දුරලමු‘ තේමාව යටතේ මෙම වැඩසටහන සිදු කෙරෙයි.

No comments:

Post a Comment