05 June 2017
කවුරුවත් එන්නෙ නැති හිට්‌ලර්ගෙ හෝටලය
ජර්මානු සමාජවාදී කම්කරු පක්‌ෂය හෙවත් නාසි පක්‌ෂය ගැන අදටත් බොහෝ තැන්වල සඳහන් වෙයි. එයින් පළමුවැන්න ඔවුන්ගේ පරමාදර්ශ වලට අනුව ලෝකය හැඩගස්‌වන්නට ඔවුන්ගේ තිබූ ආශාවය. තුන්වැනි ජර්මානු රාජ්‍යයේ බලය හා සාර්ථකත්වය ලොවට පෙන්වීම සඳහා අති විශාල ගොඩනැඟිලි තැනීම තවත් කාරණයකි. ඔවුන් විසින් තැනූ පාසල්, යුද කඳවුරු, ස්‌මාරක ආදී සියල්ල අති විශාල ඒවා විය. ලොව ලොකුම හෝටලය තැනුනේත් නාසි හමුදාව අතින් වීම පුදුමයට කාරණයක්‌ද නොවේ.
කිසි දිනක හෝටලයක් බවට පත් නොවූ, ලොව ලොකුම හෝටලයෙහි නම ප්‍රොaරා ය. ලෝකයේ කිසිවෙකු මින් පෙර නොදුටු ආකාරයේ අති විශාල වෙරළාසන්න නිවාඩු නිකේතනයක් තනවන්නට හිට්‌ලර්ට උවමනා විය. ඒ අනුව මීට වසර අසූවකට පමණ පෙර බෝල්ටික් මුහුදේ රුගන් නම් ජර්මානු දූපතක ප්‍රොaරා ඉදිවෙන්නට පටන් ගැනිණ. ප්‍රොaරා හි සැලසුම ඇන්දේ ක්‌ලෙමෙන්ස් ක්‌ලොට්‌ස් නම් වූ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ප්‍රධාන නාසි ගෘහනිර්මාණ ශිල්පී ඇල්බට් ස්‌පියර්ගේ අධීක්‌ෂණය යටතේ ප්‍රොaරා හෝටලය ඉදිකරන්නට නාසි හමුදාවෙන් 9000 ක පිරිසක් යොදාගැනිණ.
හිට්‌ලර්ට උවමනා වූ පරිදිම එය අති විශාල නිවාඩු නිකේතනයකි. එහි කාමර ගණන 10,000 කි. ඒ සියලු කාමර ප්‍රමාණයෙන් එක හා සමානය. අමුත්තන් විසි දාහකට පමණ මෙහි නවාතැන් ගත හැකිය. ප්‍රොaරා හෝටලය ගොඩනැඟීමේ එක් යහපත් අරමුණක්‌ද විය. ඒ සාමාන්‍ය සේවකයන්ට දැරිය හැකි මිලකට නිවාඩු ගතකිරීමේ පහසුකම් ලබා දෙන අරමුණින් මෙම හෝටලය ඉදිකිරීමයි.
කාමර දස දහසකින් යුතු මේ අතිවිශාල නිවාඩු නිකේතනය ගොඩනැඟිලි අටක් සහිතව කිලෝමීටර් 4.5 ක් දුරට විහිදී ගියේය. හෝටලය ඉදි වූයේ සුන්දර වෙරළ තීරයට මීටර් එකසිය පනහක දුරිනි. හෝටලයේ හැම කාමරයක්‌ම මුහුදු වෙරළට මුහුණ ලා පිහිටයි. කාමර වලට ඇතුළු වෙන්නට කොරිඩෝව ඇත්තේ ගොඩබිම පසට වෙන්නටය. කාමරවලට අමතරව මේ නිවාඩු නිකේතනයට සිනමා ශාලාවක්‌ද, අමුත්තන් සඳහා වන වරායක්‌ද විසි දහසකට එක වර රැස් විය හැකි ශාලාවක්‌ද ඉදි කෙරුණි.
1936 දී ඇරඹුණු මේ හෝටලයේ ඉදිකිරීම් එයින් වසර තුනකට පසු නවතින්නේ දෙවැනි ලෝක යුද්ධයේ ඇරඹුම හේතුවෙනි. යුද්ධය ඇරඹුමත් සමඟම මේ හෝටලයේ ඉදිකිරීම් කටයුතු කරමින් උන් සියලුම සේවකයින්ව හිට්‌ලර්ගේ යුධ කර්මාන්තශාලාවල සේවය සඳහා මාරු කර යෑවිණ. ඉන් පසුව මෙහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වූ අතර ලෝකයේ ලොකුම හෝටලයේ නවාතැන් ගන්නට කිසි දිනක එකම එක සංචාරකයෙකු හෝ පැමිණ නැත. දෙවැනි ලෝක යුද්ධ කාලය අතරතුර මේ හෝටලය හම්බර්ග් හා උතුරු ජර්මනියේ සිට පැමිණි සරණාගතයින්ට සෙවණ දෙන සරණාගත කඳවුරක් ලෙසින් භාවිත විය. 1945 දී රුසියානු හමුදාව විසින් මෙම දිවයිනේ පාලනය නතු කරගත් අතර ඔවුන් විසින් මෙය හමුදා මූලස්‌ථානයක් ලෙස භාවිත කරනු ලැබිණ. අවුරුදු පහක් තිස්‌සේ ඔවුන් ඒ දිවයිනේ රැඳී සිටි අතර හෝටලයේ ගොඩනැඟිලි අටෙන් පහක් ඔවුන් විසින් ප්‍රයෝජනයට ගන්නා ලදී. රුසියානුවන් සිටි කාලය තුලදී මේ ගොඩනැගිලි වල ප්‍රයෝජනයට ගත හැකි හැම අමුද්‍රව්‍යයක්‌ම ගලවාගෙන ගෙන ගියහ. ඉන් පසුව මේ ගොඩනැඟිල්ල පුපුරුවා දමන්නට රුසියානුවන් සැලසුම් කළද ඔවුන් සතුව ඊට සෑහෙන ඩයිනමයිට් නොතිබුණු බැවින් ඒ උත්සාහය ව්‍යර්ථව ගියේය.
1950 දී යළිත් නැගෙනහිර ජර්මානු හමුදාව පැමිණ රුසියානුවන් විසින් විනාශ කරනු ලැබූ හෝටල් ගොඩනැඟිලි නැවත ගොඩනඟන ලදී. එයින් පසුව ඔවුන් විසින් මේ හෝටල් ගොඩනැඟිලි විවිධ අරමුණු උදෙසා යොදාගත්හ. වරෙක හමුදා කාර්මික පාසලක්, තරුණ නේවාසිකාගාරයක්, සරණාගත කඳවුරක් ආදී ලෙසින් විවිධ දේ සඳහා යොදාගත් නමුදු සංචාරකයින්ට නවාතැන් දෙන නිවාඩු නිකේතනයක් ලෙසින් නම් එදා මෙදා තුර මෙය භාවිතා වූයේ නැත.
එහෙත් වර්තමානයේ මේ හිට්‌ලර්ගේ හෝටලය නැවතත් අති සුඛෝපභෝගී විශාලතම හෝටලයක් බවට පත්වෙමින් ඇත. ලෝකයේ විශාලතම නිවාඩු නිකේතනයට සංචාරකයෙකු පැමිණෙන්නේ එය ඉදිකොට වසර අසූවකට පසුවය.
| නිම්මි මුදිතා හේරත්
Labels:
Feature
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment