වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් විදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජීවිතේ’ නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ 2013 සැප්තැම්බර් 9 වනදා නිදහස ලැබුවේ ය.
අවස්ථා කිහිපයක් ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු ‘හිතුමතේ ජීවිතේ’ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේ ය.
මිනීමැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේ ය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසා ය.
1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරඟයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය ‘හිතුමතේ ජීවිතේ’ ඔවුන් සියල්ලන් ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේ ය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිව් වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේ ය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේ ය.
සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේ ය. එසේම මරුසිරා, පොඩි විජේ, යකඩයා, නවරියන්, චීනා, සමනලයා ආදී ලංකාවේ ප්‍රකට සිරකරුවෝ ‘හිතුමතේ ජීවිතේ’ ළඟින් ඇසුරු කළේ ය. ඔවුන් ඔහුගේ සමීප සගයෝ ය. මරුසිරා, පොඩි විජේ ආදීන් සමඟ ඔහු සිර ගෙදරින් පැන ගියේ ය.
17 වැනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58ක වියපත් මිනිසකුව සිටියේ ය.
2013 සැප්තැම්බර් 9 වැනිදා සවස 4.20ට වැලිකඩ මහ උළු ගෙදර දැවැන්ත යකඩ දොරෙහි පිවිසුම් ද්වාරය විවෘත වූයෙන්, ඔහු ජේලර්වරයකු සමඟ නිදහස් ලෝකයට පැමිණියේ ය. හිතුමතේ ජීවිතේ සුදු පැහැ සරමකින් සහ අත් කොට කමිසයකින් සැරසී සිටියේ ඔහුගේ සියලු භෞතික සම්පත් පොලිතින් බෑගයක දමා එල්ලාගෙන සිටියේ ය. වියපත් මිනිසකු වූ හෙතෙම කෙසඟ ය. අප්‍රමාණ දුක් කන්දරාවක් මුහුණෙහි සටහන්ව තිබුණේ ය. ගෙලෙහි ප්ලාස්ටරයක් අලවා තිබුණේ ‘නිදහස් කරන්න එසේ නැතිනම් මරාදමන්නැයි’ ඉල්ලා ඔහු බදුල්ල බන්ධනාගාරයේ වහලය මත දින 15ක් නිරාහාරව සිටිමින් කළ උපවාසයේදී ගලනාලය දියවී යෑම නිසා කෘතිම බටයක් දැමීම නිසා ය. තමා නිදහස් කරන බව දැන ගෙන ඇත්තේ, නිදහස්ව පිටවීමට පැයකට පෙර ය.
රෝහලට ගෙනයෑම සඳහා තමා කැඳවී යැයි විශ්වාස කළ ඔහුට තම නම ‘හිතුමතේ ජීවිතේ’ වශයෙන් දිගින් දිගටම ලියවිලි හා නඩු කඩදාසි ආදියේ සටහන්වූ බැවින් බී.ඩී. සුමතිපාල යන්න ඔහුගේ භාවිතාවෙන් ද මැකී ගොස් තිබුණේ ය.
‘හිතුමතේ දැන් ඔයා කොහේද යන්න හිතා ඉන්නේ?’ ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුර වූයේ, ‘ජනාධිපතිතුමා මාව හාමුදුරුවන් වහන්සේනමකට භාරදුන්නා. උන්වහන්සේගේ පන්සලට යනවා. දැන් ඉතින් මට කාත් කවුරුවත් නැහැ නොවැ’ යන්නයි.
මරණය අපේක්ෂාවෙන් ඔහු වසර 40ක් බලා සිට තිබේ. 1975 වසරේ දිනක විලියම් ගොපල්ලව එවකට සිටි ලංකා ආණ්ඩුකාරවරයා ඔහුගේ මරණ දඬුවම ලිහිල් කර ජීවිත සමාව ලබා දුන්නේ වසර 90ක සිරදඬුවමකට යටත් කරවමිනි.
එතැන් සිට ‘මරණය’ ඔහුට දිනාගත නොහැකි ඉලක්කයක්ව පැවැතියේ ය. මරණය අපේක්ෂා වෙන් එදා ඔහු කොපි පොතක ලියා තිබූ කවි මෙසේ ය.
අදහස් කුහක මිතුරන්ගෙන් දුරුවේවා
නිදහස් බිමක මගෙ මරණය සිදුවේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටුපෑවා
අනුහස් එපා පෝරකයට ගොඩවෙනවා
බැහැ ඉවසන්න මරුවා මට වධදෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහිවෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා
ඔහුගේ පපුවෙහි ‘හිතු මතේ ජීවිතේ’ යනුවෙන් ටැටූස් නොහොත් පච්චා එකක් දකුණු බාහුවේ ‘කුසුම් ඇයි මා දමා ගියේ’ කියා තවත් පච්චයක් නැඟණිය වෙනුවෙන් බාහුවේ කොටා තිබේ. ඒවා සිය සමීප මිතුරකු වූ අනුරාධපුර සිරිපාල නොහොත් මරුසිරා විසින් වසර ගණනාවකට ඉහතදී මීගමුව බන්ධනාගාරයේදී කෙටූ බව ඔහු පැවැසුවේ ය.
නංගිගේ මිනීමරුවන් මරා දැමීමෙන් පසු ඔහුගේ ජීවත්වීමේ අරමුණ අවසන් වී තිබිණි. කළුතර ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයකු, කළුතර ප්‍රදේශයේ ම විදුහල්පතිවරයකු, කොච්චිකඩේ තානායම් හිමිකරුවෙක්, වෙන්නප්පුව මස්කඩ ව්‍යාපාරිකයකු ඇතුළු ඔහුගේ නැඟණිය පැහැරගෙනවිත් කොච්චිකඩේ ප්‍රදේශයේදී මරා පුලුස්සා දැමූ මිනීමරුවන් හඹා ගිය ගමන අවසන් වූයේ ඒ සියල්ලන් ම මරා දැමීමෙන් පසු ය. 1978 වන විට ඔහු තම අරමුණු සාක්ෂාත් කරගෙන හමාර විය.
‘හිතුමතේ’ගේ ජීවත්වීමේ අරමුණ ද එතෙනින් නිමා විය. මරණය තමා සොයා නොඑන කළ ඔහු මරණය ඉල්ලා සටන් කළේ ය. බන්ධනාගාර දිවිය වසර 35යි මාස 8ක් ගෙවුණු තැන ඔහු බදුල්ල බන්ධනාගාරයේ වහලය මත නැඟී මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය. දහවල ගිනි අව්වේ පිලිස්සෙමින් ද රාත්‍රියේ සීතලේ ගැහෙමින් ද ඔහු වතුර බිඳකුදු නොගෙන වහලය මත රැඳී සිටියේ ය. බන්ධනාගාර නිලධාරීන් ඔහු බිමට ගැනීමට වෑයම් කරද්දී එහි වූ යකඩයකට දෑතින් විලංගුවක් දමා ගත් ඔහු නොසෙල්වී සිටියේ ය. අඬුවක් රැගෙන ඉහළට නැඟුණු බන්ධනාගාර නිලධාරියකු ඔහුගේ දෙපා අල්ලා අඬුවේ ආධාරයෙන් දෙපාවල නිය එකින් එක ගැලවූයේ ය. ඔහු දත කාගෙන සිටියා මිස උපවාසය නවත්තන්නට අදහස් නොකළේ ය. ඔහුගේ දෙපාවල නියපොතු නොවී ය. තුවාල කල්ගතවී සුවවී ඇති බව හැකිළුණ ඇඟිලි අගිස්වලින් පැහැදිලි විය.
බදුලු බන්ධනාගාරයේ වහලය මත ‘හිතුමතේ ජීවිතේ’ මරණය ඉල්ලා මාරාන්තික උපවාසයක නිරතව සිටින බව එක්තරා රූපවාහිනි නාළිකාවක් මඟින් සිය ප්‍රවෘත්ති ප්‍රකාශයේ විකාශය කළේ ය. ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා එම ප්‍රවෘත්ති විකාශය නැරඹීම නිසා ‘හිතුමතේගේ ජීවිතය’ වෙනස් පැත්තකට කැරකුණේ ය.
ජනාධිපතිවරයා එහි ළඟාවන විට හිතුමතේ මාරාන්තික උපවාසය අරඹා දින 14 ඉක්මවා තිබිණි. හිතුමතේ නිසොල්මන්ව වැතිර සිටි අතර ඔහු සිහි විසඥව සිටියේ ය. ඔහු මියගොස් ඇතැයි ඇතැමෙක් පැවැසූහ. එහෙත් ජනපති නියෝගයෙන් ඔහු හෙලිකොප්ටර් යානයෙන් ම කොළඹ ජාතික රෝහලට ගෙනෙනු ලැබීය. 2012 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂන මහතාගේ 67වන උපන් දිනය නිමිත්තෙන් සාධාරණ කේන්තිය පදනම් කර ඉහත අපරාධ සිදු කළ බවත්, යහපත් කල්ක්‍රියාවත් සැලකිල්ලට ගෙන ‘හිතුමතේ’ නිදහස් කිරීමේ නියෝගයට ජනපතිවරයා අත්සන් තැබීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව බාරයේ මාස 9ක්, ජාතික රෝහල, කොළඹ, කරාපිටිය, මහරගම රෝහල්වල ප්‍රතිකාර ලැබූ ඔහු මෙසේ නිදහස ලැබී ය.
සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24වනදා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර ඔහුට 2014 පෙබරවාරි මස 4වනදා ජනාධිපතිතුමා විසින් තුන්රෝද රථයක් ද ප්‍රදානය කරනු ලැබී ය. ඒ සඳහා අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමට ද අවස්ථාව ලබා දී තිබුණි.
තම එකම සහෝදරිය දුෂණය කර මරාදැමූ මිනීමරුවන් සොයා ඔවුන් විනාශ කර දමන තුරාවට නොවරදින සැලසුම් මත පිහිටා හති නොවැටෙන හිතේ දිරි ඇතිව, නොපෙනෙන බලවේගයකින් දෙනු ලැබුවා වැනි ඉරණමක් අතැතිව ක්‍රියා කළ බී.ඩී. සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජීවිතේ’ගේ අතීත කථාව පහත දැක්වෙන ලෙසට ඔබ හමුවට එන්නමු.
ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කළ නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ.
පොලීසියේ ද පැමිණිලි කළ අතර පොලීසිය ද නිද්‍රාශීලී බවක් අනුගමනය කළේ ය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමඟ යමින් සිටියේ මෙම යෙහෙළියයි.
පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරඟයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී. මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. (මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඬව සිට ඇත).
පොලීසියට ගොස් අයි.පී. මහතා හමුවුව ද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී. මහතා ඉඩ නොදෙන බව ද පැහැදිළි ය.
කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළ ය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරු ද ඔහුගේ නිවෙස ද සොයා ගත්තේ ය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක් ද ගෙන එහි රැක සිටියේ ය.
රාත්‍රීයේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා බියගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේ ය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ බියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරී ය.
කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී. මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස්කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂණයට ලක් වූ බව ඔහු කීවේ ය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.
සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේ ය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.
අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේ ය. ඔහු අත තිබූ පන්මල්ලක අළුත් ම වක් පිහිය තිබුණි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා සිටියේ ය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේ ය. නමුත් මුළු රාත්‍රීයේ ම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේ ය.
පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේ ය. ටික වේලාවකින් ඉස්තෝප්පු දොර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කළ සුමතිපාල හිස පන්මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේ ය.
ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල්වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙත ය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන්මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේ ය.
‘මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ’ සුමතිපාල කීවේය.
පොලිස් අධිකාරිවරයාගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක් ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේ ය. පිහිය පොලිස් භාරයට ගැනුණු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී ය.
සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසඟවා හෙළි කළ ද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කළ විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේ ය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයි ද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි.
වයස 18 සම්පූර්ණ කර නොතිබුණත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකා ය. මහේස්ත්‍රාත්වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5කට පමණ පසුව ය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරු ද නිවැරදිකරුද යැයි නඩුකාරතැන ප්‍රශ්න කළ අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේ ය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේ ය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේ ය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුණේ ය.
1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කළහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේ ය.
උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17ක තැනැත්තකු වුව ද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඬුවමට යටත් කෙරෙන විට වයස 18ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.
බෝගම්බර සිරගෙදර එවකට මරණ දඬුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාල ය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරුසිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අය ද සිටියහ.
සුමතිපාල තුළ පෝරකය පිළිබද විශේෂ හැගීමක් තිබුණේ නැත. එහෙත් නැගණිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුල කැකෑරෙමින් නිබදව පීඩා දුන්නේ ය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේ ම පුද්ගලයකු වූ විදුහල්පතිවරයා ය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස්කඩ මුදලාලි ය. තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තා වූ මරා දැමූ අයි පී ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතුවිල්ලක පසුවූයේ ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය ගියා ය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තේ ය. අන්තිමට ඔහු ගෙල ද එක් වරක් කපා ගත්තේ ය.
මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවී ය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේ ය.
රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කළ බී.ඩී. සුමතිපාල නම් සිරකරුවා පෙ.ව. 8.05ට මරණ දණ්ඩනයට යොමුකළ යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා බාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේ ය.
තත්ත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල බාර වෛද්‍ය අධිකාරීවරයා ද එහි පැමිණියේ ය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සඳහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බව ය. ඒ අනුව රෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔව්හු තර්ක කළහ.
බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියේ ය.
මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුණේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බව ය.
ඔව්හු සියල්ලෝම වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කළ අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේ ය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේ ය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුණේ අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කළේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙස ය. ඒ සඳහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20ක් පමණි.
අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සඳහා මාස 3ක කාලයක් අවම වශයෙන් ගතවන බව ය. ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කළ නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවසීය.
වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔව්හු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කළහ. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේ ය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේ ය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේ ය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුණේ ය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.
බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේ ය. වෙලාව පෙ.ව. 8.02 සටහන්ව තිබුණේ ය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේ ය.
ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේ ය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයා ය. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවේ ය. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේ ය. ලිවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේ ය. හිතුමතේ, පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.
සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබී ය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සඳහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුව ය. එල්ලා මැරීම සඳහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේ ය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුණේ ය.
හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින් පළා යාමට සැලසුම් කළේ ය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6×4 කුඩා කාමරයේ තිබුණේ සීමිත ආම්පන්න සංඛ්‍යාවකි.
කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චිය, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එක ඒ අතර විය. එම වතුර භාජනය සිරගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සඳහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක් ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුණේ විශාල ගල්වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.
වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේ ය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේ ය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේ ය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කළ අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදු විය.
ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුණු පාන් බාගයේ මැද කොටස හොඳින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වා ම ඔහු වැඩ කළේ ය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.
පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුණේ ය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේ ය. එය බෙහෙවින්ම ශක්තිමත් ය.
රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකි ය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කළ සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේ ය.
සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රඳවා එදින වැඩ කටයුතු අවසන් කළේ ය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේ ය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකය ද ගෙන හැන්දෑවේ ගණන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේ ය. අවසන් ගණන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය.
රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30ක පමණ කාලයක් තුල අඩි 12ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේ ය.
නිසොල්මනේ තාප්පයට කිට්ටු කළ සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේ ය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලඟා විය. බැම්මට නැඟ බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුණේ ය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලඳු කැලෑවේ ය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේ ය.
නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුණා තිබුණේ ය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැඟ වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේ ය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක් ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේ ය.
කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඬුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නට ද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඬුවම් කළ යුතුම ය.
මිතුරාගෙන් පාපැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේ ය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක් ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේ ය.
බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සඳහා ද කටයුතු සැලසුම් කළේ ය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුණේ ය. ඔහු මිතුරා සමඟ හරි හරියට මහන්සි වී ළිද කැපුවේ ය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැඟ මීගමුවට ගියේ ය.
කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රඳවා ගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේ ය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවී ය.
අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමඟ කථාවට වැටුණු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුව ද කිසිවක් නොවූ බවත් ය. තමා හිස ගසා දැමූ අයි.පී.ගේ නංගි බැදපු මිනිසාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේ ය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේ ය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේ ය.
එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කළ ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේ ය. තරමක් පැරණි ගමන් බෑගයක් ද මුදලින් රුපියල් 600ක් ද මිතුරා සුමතිපාලට දුන්නේ ය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහනයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේ ය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු. 100කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේ ය.
සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේ ය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේ ය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ‘මහත්තයා, ඒක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ’ සේවකයා කීවේ ය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේ ය. දිවා ආහාරය ද තානායමෙන් ම ගෙන. ගමන් මල්ල එහි ම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුර ද රැගෙන ආලින්දයට පැමිණියේ ය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවී ය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට ගොඩවිය.
වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේ ම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ළඟ නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේ ය. තරමක් දිග මිටක් ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ළඟ ඔහුගේ දෙනෙත නතර විය.
එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක් ද නැරඹී ය. රාත්‍රී 9.30ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේ ය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැඳින ගත්තේ ය.
‘හිතුමතේ’ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැඳිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේ ය. නානකාමරයේ දොර මදක් විවර කළ විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේ ය. ‘හිතුමතේ’ ඔහුට ළං වන විට ඔහු ‘හොරෙක් හොරෙක්’ යැයි කෑ ගැසීය. සුමතිපාල හොඳින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී. මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේ ය.
‘යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල’ යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නඟා කීවේ ය.
ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේ ය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේ ය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමඟ මිදුලට පැන්නේ ය. ගේට්ටුවෙන් පාරට ද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුළ කොළඹ – පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේ ය.
ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසට ය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුණි. නමුත් කිලෝ මීටර් 7ක් පමණ මඟ ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මඟ දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුණි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිණි.
පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වතුර වත් කළේ ය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේ ය. මේ සිදුවීමෙන් පසු ‘හිතුමතේ’ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි.
ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්න ම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුළ තදබදය එන්න එන්න ම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්ත්වයක් තුළ සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයකි.

No comments:
Post a Comment