09 April 2017

මාලිංග අද මහේල සමගින් පිටියට



ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී ලසිත් මාලිංග ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරගය අද (09දා) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි20 තරගාවලිය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගය මාලිංගට අහිමිවිය. අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙන මාලිංගට අද පැවැත්වෙන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් හිමිවෙනු ඇත.

අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතත් ඔහුට අද තරගයේදී ස්ථානයක් දිනා ගැනීමට පවතින්නේ අවම ඉඩකි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් වීම ඒ සඳහා හේතුවයි.

කෙසේ වෙතත් අසේල ගුණරත්නට පන්දුවෙන් යමක් කළ හැකි වීම ඔහුට කණ්ඩායමට එක්වීමට අමතර වාසියකි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි.

No comments:

Post a Comment