14 May 2017

ආර්කේඩ් උද්‍යානය හා තුරග තරග පිටිය පෞද්ගලීකරණයට යෝජනා

කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය/ කොළඹ පැරැණි තුරඟ තරග පිටිය සහ නුවරඑළිය ඉපැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යංශය රජය වෙත ඉදිරිපත් කර ඇතැයි තොරතුරු වාර්තාවනවා.

මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක  මහතා එම යෝජනාවට දැඩි විරෝධයක් පල කර ඇති බවයි එම වාර්තා හෙලිකරන්නේ.

පවත්නා තත්ත්වය තුල මත්තල ගුවන්තොටුපොළ සහ ඒ ආශ්‍රිතව ඇති ඉඩම් අක්කර 800කට අධික භූමිය තක්සේරුකර තක්සේරු වාර්තාවක් සපයන ලෙස මුදල් අමාත්‍යංශය රජයේ ප්‍රධාන තක්සේරුකරුට දැනුම් දී ඇතැයිද අදාළ වාර්තා අනාවරණ කළා.  ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය පෞද්ගලික ආයෝජකයකු විසින් අපේක්ෂා කර ඇති බවද  රජයේ ආර්ථික කමිටුවේදී සදහන් වී තිබෙනවා.

නුවරඑළිය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉදිකළ ඉපැරැණි වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රකට ඉන්දීය හෝටල් සමාගමකට පැවරිය යුතුය යන යෝජනාව ආර්ථික කවුන්සිලය හමුවේ සංවාදයට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම යෝජනා පිළිබද අවසන් එකගතාවයක් ඇති කර නොගෙන ඇති බවටයි වාර්තා අනාවරණ කරන්නේ.

No comments:

Post a Comment