14 May 2017

වංචා නඩුවල රජයේ සාක්ෂිකරුවන් වෙන්න පසුගිය රජයේ ප්‍රබලයින් පෝලිමේ



මහාධිකරණයේ පවතින FCID නඩු විශේෂ නඩු කටයුතු ලෙස සලකා විභාග කිරීමට තීරණය කිරීමත් සමඟ රජයේ සාක්ෂිකරුවෝ වීමට පසුගිය රජයේ ප්‍රධාන පෙලේ කාර්යභාරයක් ඉටු කළ පිරිස් උත්සාහ ඉල්ලීම් සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තාවනවා.

දේශපාලන ආරංචි අනාවරණ කරන්නේ වංචා-දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ව්‍යාපාරිකයින් කිහිපදෙනකු  පසුගිය සතියේ ජනාධිපතිවරයාට වඩාත් සමීප ඇමැතිවරයකු මුණගැසී රහස් සාකච්ජාවක් පවත්වා ඇති බවයි.

රජයේ සාක්ෂිකරුවන් බවට පත් වී පසුගිය ආණ්ඩුවේ සියලු වංචා-දූෂණවලට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවට එම ව්‍යාපාරිකයින් මෙහිදී ප්‍රකාශ කළ බවයි වාර්තාවන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයකු ද පසුගිය සතියේ මෙසේ අදාළ ඇමැතිවරයා මුණගැසී රජයේ සාක්ෂිකරුවකු වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බවද විශ්වාසනීය වාර්තා අනාවරණ කරනවා. කෙසේ වෙතත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විට අදාළ නඩු පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ලිපිගොනු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් සකස් කර ඇති නිසා කිසිවක් කළ නොහැකි බව අමාත්‍යවරයා අදාල පුද්ගලයාට දැනුමදී ඇති බවයි.

No comments:

Post a Comment