24 March 2017

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිස් ගොඩනැගිල්ලට මාස 11ක කුළිය කෝටි 27යි



වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි සඳහා මෙතෙක් මාසයකට රුපියල් දසදහසක මුදල ගෙවාගැනීමට නොහැකි වූ ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබාගෙන මෙතෙක් භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට මාස 11ක් තුළ රුපියල් කෝටි 27ක මුදලක් කුලිය වශයෙන් ගෙවා ඇතිබව  (23) පාර්ලිමේන්තුවේදී අනාවරය විය.

එම ගොඩනැගිල්ල සඳහා එක් මාසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට එහිදි අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ලබා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.

රාජ්‍ය අමාත්‍යංශවල කාර්යාල පවත්වාගෙන යාමට මාසිකව රුපියල් කෝටි 150ක් පමණ වැය වන බවත් මේ වනවිට ඉන් රුපියල් කෝටි 100ක් පමණ අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

No comments:

Post a Comment