24 March 2017

ඉදිරි දෙසතිය තුල ජනපතිගෙන් දැඩි තීන්දු



ඉදිරි දෙසතිය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක සහ දැඩි තීන්දු කිහිපයක්‌ ගනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරත්වය ඇති කිරීමට දැඩි තීන්දු කිහිපයක්‌ ද එම කාලසීමාවේදී ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මෙම තීන්දු ඇතැමුන්ට තිත්ත විය හැකි බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණය පිළිබිඹු කරමින් දෙවසරක කාලයක්‌ යහපාලන රජයේ බොහෝ කටයුතුවලට ඉඩ දී සිටි බව පැවසූ ලක්‍ෂ්මන් යාපා මහතා ඉදිරි සිවු වසරක කාලය තුළ සියලු ක්‍ෂේත්‍රයන්හි ස්‌ථාවරත්වයක්‌ ඇති කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්‌ බවත් පැවසුවා.

රටේ මතුවී ඇති ඇතැම් ආර්ථික ගැටලුවලට මුදල් අමාත්‍යාංශය වගකිවයුතු බව පිළිගත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ ඉදිරි තීරණවලින් පසු ඒවා නිවැරැදි වනු ඇති බවටයි විශ්වාසය පල කළේ.

No comments:

Post a Comment